Chapter 3: 2🖤

The Horizon🖤 ( Completed ✅ )Words: 10969

එදා කොළඹට වැහිබර කාලගුණයක් තිබ්බ දවසක්. වෙනදට දහවල් වෙලාවේ තියෙන රස්නය වෙනුවට හරිම සීතල ගතියක් තිබුණා. අහසත් වැස්සක් දැන් දැන් කඩා හැලෙයි වගේ ස්වරූපයකින් අඳුරු වෙලා. වෙනදට කැබින් එකේ නොයිද අනිත් අවුට්ලට් වලට විසිටින් ගියද  එදානම් කාලගුනය නිසාමද මන්දා ඔහු කම්මැලි කමේ ඔහේ පුටුවට වෙලා ඉදගෙන හිටියා.

" යෙනු මොකද කියන්නේ අද දවසෙම තියෙන කම්මැලි කම යන්න ක්ලබ් එක පැත්තේ යන්ද?.. "

" බැහැ බන් වරු මට කම්මැලි.. "

" නැ.. නැ.. වරෙන්කො යන්න. ඕක ඇරිලා යයි ශොට් එකක් දාද්දි. "

වරුන් ගේ පෙරැත්තටම එදා බාර් එකට ගියත් ඔහු හිතුවෙ නැහැ ඔහුගේ ජිවිතේ එදායින් පස්සෙ වෙනස් වෙයි කියලා. මොකද ඔහු මෙතෙක් කාලෙකට දැක්ක ඔහුගේ හිතේ මැවිලා තිබුන රූපේ ඔහු එදා දැක්කා. හරියට ඔහුගේ  ඔළුවේ මැවිච්ච ඒ චිත්‍රය සටහනට පණ ඇවිත් වගේ. ඒ දිඟ නිල් දුඹුරු ඇස්. විශ්වාස කරන්න කවමදාකවත් එහෙම ඇස් තියෙන ප්‍රාණියෙක් මේ පොළොවෙ හුස්ම ගන්නවා ඇති කියලා ඔහු හිතුවෙ නැහැ.

ඔහු නවකතා රචකයෙක්. ඔහුට දැන් අවුරුදු 35ක් ඒ වගේම ප්‍රසිද්ද කන්ස්ට්‍රක්ශන් සමාඟමක CEO වුන යෙනුශ්කගේ තාත්තගේ හදිසි අභාවයෙන් පස්සේ ඔහුට මේ හැමදේම උරුම වුනා. ප්‍රොෆෙශනල් බිස්නස්මන් කෙනෙක් උනත්  තාමත් ඔහු  කලින් පුරුද්දට පොත් ලියන එක නම්  නැවෑත්තුවේ නැහැ. අවුරුද්දට වතාවක් ඔහුගේ නිර්මාණයක් එලි දක්වන්න ඔහු අමතක කරන්නෙත් නැහැ.

යෙනුශ්කට තිබ්බේ තද කලු ඇස් දෙකක් එයාගේ ඇස් දිහා කෙලින් බලන ඕනම කෙනෙක්ට ඒ ඇස් වලින් තමාවම කණ්ණාඩියකින් දකිනවා වගේ පරාවර්තනය වෙලා පේනවා. ඒ දිඟ ඇස් පිහාටු එකකට එකක් ඇලවිලා වගේ හරිම දිඟයි. වම් ඇහේ පල්ලෙහා ඇහි පිහාටුවල මැදට වෙන්න තියෙන උපන් ලපේ නිසාම කෙනෙක් ඔහුගේ දිහා බලන විට පලවෙනියෙන්ම පේන දේ ඒ ඇස් දෙක උනා. ඉතින් කලු ගැඹුරු ඇස් අස්සේ කෙනෙක් ගිලුනොත් එතනින් ගැලවෙන්න නම් ටිකක් අපහසුයි.

ඒ වගේම තරමක් කොටට කැපුව කොන්ඩේ නලලට රැලි දෙකක් දෙපෑත්තෙන් වැටෙන්න තියා ඉතුරු  සේරම පිටිපස්සට පීරලා තිබුනා. උස අඩි 6.1ක් විතර වුන ඔහුගේ ඇග ව්‍යායාම නිසාම කඩවසම් පෙනුමක් එකතු කරලා තිබුනේ ඒ රූපේ දිහා බලන ඕනම කෙනෙක් දෙපාරක් හැරිලා බලන විදිහට.

යෙනුශ්ක ක්ලබ් එකට ආව වෙලේ ඉදන් බලන් හිටියෙ එක රුවක් දිහා වෙනදට අවට සිදුවෙන කිසිම දේකට අවදානයක් නොදී ඩ්‍රින්කස් අරන් එතනින් පිටතට යන ඔහුගේ ඇස් අද නම් එක රුවක් ලඟ දැන් බොහෝ වෙලාවක් තිස්සේ නැවතිලා. ඒ වගේම ඔහු ඒ බලා  සිටින රුව අයිති පුද්ගලයාද ඔහු හා සමාන කාලයක් තිස්සේ ඔහුගේ දිහා බලාසිටිනවා. මුවින් වචනයකුදු පිට නොවුනත් ඒ ඇස් නම් සැහෙන්න ලොකු කතාවක.

මේ හැමදේම දිහා පැත්තකට වෙලා බලාගෙන හිටිය වරුන් ට නම් තවත් ඒ සංවාදේ ඉවර වෙනකම් ඉවසන් ඉන්න බැරි වුනා.

" යෙනු.. යෙනූ... යෙනුශ්ක..  "

" ආ.. ආ.. ආ.. "

ඒ ඇස් වලින් එක තප්පරයකට වත් ඈස් අහකට නොගත්තා ඔහු තමන්ට කතා කරන වරුන්ට උත්තර දුන්නත් බැරිම තැන යෙනුශ්කගේ උරහිස හොල්ලපු නිසාම අකමැත්තෙන් වුනත් ඒ ඇස් වලින් ඇස් අහකට කරන් ඔහු නොරිස්සුමෙන් වරුන් දිහා බැලුවා.

" මේ බලපන් ඇස් වලින් පැණි පෙරන්නේ නැතුව කතා කරපන්. "

" කවුරු හරි ඇති බම් ඌට. "

" ඉන්නවද නැද්ද කියලා මෙතන ඉදන් පේන බලන්නේ නැතුව ගිහින් අහපන් අපි දැන් ආපු වෙලේ ඉදන් ඌ තනියෙන් නේ හිටියේ කවුරු හරි එනවා නම් මෙලහකට ඇවිත් දැන්ම පැයකට වඩා ගිහින් නේ බන් අපි ඇවිත් ම.. "

" ඒත්. "

"ඇයි උඹට ඕන උඹේ ආසම මලට වෙන බඹරෙක් වහන කම් බලන් ඉන්නද. බලපන් වටපිට උඹ වගේ කීයක් පැනි  හලානවාද කියලා ඒත් ඌ උඹ දිහා විතරයි බැලුවේ. "

" මචන් උඹ. "

" ආ.. ආ.. මන් මගේ පාඩුවේ ඩ්‍රින්ක්ස් අරන් ගෙදර යන්නම්. උඹ මාලුවා බා ගනින්. ඌ උබේ අද.. safe driving මචන් ආ.. ඉක්මනට පලයන් අන්න එකෙක් නැඟිටලා ඌ ගාවට යන්න හදනවා. මිස් වුනොත් සොරිම තමයි. "

වරුන් කියන දේට ඇහුම්කන් දුන්න යෙනුශ්ක ටේබල් වලට සව් කරන්න හිටිය බොයි කෙනෙක්ට කතා කරලා ඔහු මෙතෙක් වෙලා බලා සිටිය ටේබල් එකේ පුද්ගලයාට තමාගෙන් ට්‍රිට් එකක් කියල කියන්න කියා මොහිටො එකක් ඕඩර් කරා.

වේටර් ද ඒ විදිහටම ඒ මොහිටො එක ඔහුට දුන්නම මෙතෙක් වෙලා ඉද සිටි තැනින් නැඟිටපු යෙනුශ්කගේ ඇස් වල  අවදානේ දිනාගත්ත ඒ රුව යෙනුශ්ක හා වරුන් හිටිය ටේබල් එක පැත්තට හැරුනා.

" අඩො අඩො අන්න අරු එනවා ගුඩ් ලක් ඈ.. ඌ අද උබේ. "

" ම්ම්.. මන් දැක්කා. "

තම දෙසට එන රුවෙන් එක තප්පරයකට වත් යෙනුශ්කගේ අවදානේ ගිලිහුණේ නැහැ. ඒ ඇස් දිහා කෙලින්ම බලන් කට කොනෙන් හිනාවුණ යෙනුශ්ක very easy huh like a peace of cake.

" ඇයි දන්නේ නෑ මිස්ටර් මටත් එක්ක මේක ඕඩර් කරේ. "

" අද හරිම කම්මැලි දවසක් මට පොඩ්ඩක් චිල් වෙන්න හිතුනා ඒකයි.. ඔයත් කැමති නම්.. "

ඒ රුව දිහා උඩ ඉදන් පල්ලෙහාට බලපු ඔහු එහෙම කිව්වේ කට කොනේ තිබුණ හිනාව තවමත් රදවගෙනමයි නමුත් එක පාරටම..

" bloody foul මන් මොකෙක් කියලද හිතුවේ. "

අතේ තිබ්බ මොහිටො එකෙන් යෙනුශ්කගේ මුණට හැලුව ඔහු වීදුරුව ඔවුන් හිටිය ටේබල් එක උඩින්ම තියලා කේන්තියෙන් එතනින් යන්න ගියා.

" ඒ මොකද්ද බන් උනේ.. "

සිද්ද වෙද්ද දේ තාමත් හිතා ගන්න බැරුව ඉන්න වරුන් වත් ඇදන් යෙනුශ්ක ක්ලබ් එකෙන් එලියට ආව.

" අර යන්නේ අරු මන් කාර් එක රේස් කරන් ගිහින් ඌ ගාව නවත්තන්නම් උඹ ඌව ඇදලා දාපන් වාහනේට මන් ඉතුරු ටික බලාගන්නම්.. අද ඌ මගේ. "

යෙනුශ්කා  evil හිනාවක් දැම්මේ වරුන් සුසුමක් හෙලද්දි.