Back
/ 41
Chapter 23

විසිදෙවෙනි කොටස

No more | Ongoing

උදේ පාන්දර හතරට හරියට ම එලාර්ම් එකට ඇහැරුනා උනත් රස්නෙ පපුවකින් පිටට දැනුන උනුහුමෙන් ගැලවෙන්න ආපු ලෝභකමටයි යි ඇග වටේ ගිහින් තිබුන බූවලු අඩු නිසයි බෙල්ල අස්සෙම තියෙන ඔලුවකින් කණත් එක්ක රත් වෙන හුස්මයි නිසා මාව ගල් කරල තිබුනා වෙද්දි නැගිටින්න ඕන උනත් මං එහෙම ම හිටියා...

ඊයෙ රෑ අරන් යන බෑග් එහෙම ඔක්කොම ලෑස්ති කරල ඉවරකරපු නිසා වොශ් එකක් දාන් ලෑස්‍ති වෙන්න විතරක් තිබුන එකේ යනව කිව්වෙත් පහට නිසා කෝකටත් කියල වේලාසනින් තියපු එලාර්ම් එකට පින් දිදී මං නිදහසේ මේ ලැබෙන උණුහුම විදගත්තා....

ඊයෙ රෑ එහෙමම ඇදෙන්ම හාන්සි උනාට මං හිතුවෙ රෑ මැදින් නැගිටල බිම මෙට්ටෙ ට යයි කියලා මොකද කලින් මෙහෙම ඉදල නැති නිසා ... ඒත් නෑ දවසක් හිටියත් එදත් නිදහසට හේතු තිබුන වෙද්දි එදා උන හැදුන දවසෙ නම් ලගට ගියේ මංනෙ

ඉතින් අද එහෙම හේතුවක් නැතුව විනුද්

ලං උන එක ගැන එයා සීමාව අමතක කරයිද කියන එක ගැන මොලේ අනතුරු ඇගෙව්වත් රිංදෙනවා නම් රිදෙන්න කියල .... බිදිල ගියපු කෑලි ලාවට අලවන් තියෙන ආත්මෙ ආපහු බිදිල ගියොත් විසිකරනව මිස අලවන්නෑ කියල හිතහදාගෙන මං තීරනේ කලා හිත ඉල්ලන දේ එකපාරක් නෑ අන්තිම පාරට කරල බලන්න .....

විනාඩි දහයක් විතර තවටිකක් ඒ පපුව අස්ස්සට පිට දීලා ගුලි වෙලා ඉදල මං හෙමීට බූවලු අඩු අස්සෙන් ඒ මූන දිහාට හැරුනා... වෙනදා සරමක් හරි කොට කලිසමක් එක්ක හරි විතරක් නිදාගන්න කෙනා අද ටී ශර්ට් එකත් ඇදන්මයි නිදන් ඉන්නෙ.....

හා පැටියෙක් වගේ අහිංසක මූනක්... තරහ ගියාම නහර ඉලිප්පිලා මහසෝන වගේ උනාට ඒ තරහ නිව්නම මේ අහිංසක කම පසුතැවීමක් එක්ක මං ඉස්සරහ ම වෙනස් වෙනව මං මතක් කලා... මං ලග දෙතුන්පාරකට වඩා ඇවිලිලා නැතත් ඒ ඇවිලුනු දෙතුන්පාරෙම වැරද්ද තිබුනෙ මගේ අතේ උනත් අන්තිමේ පසුතැවුනෙ එයාමයි.......

ආදරෙයි ද බං... මට කියන්නෙත් නැතුව මං ලගින් ඉන්න තරම් ආදරෙ කලාද විනුද් ....

මෙලී කිව්ව වගේ මං නිසා මේ ඇස් අඩන්නැතිද විනුද් .... ස්...සොරි... ම..මං හැමදාම කලේ ඔයාව රිද්දපු එක ... සමහර විට ඉස්සරහට ත් මං ඔයාව රිද්දයිද විනුද්...

මං හිතුව මං කවදාවත් කාටවත් ආදරේ කරන එකක් නෑ කියල.. මට කාවවත් කම්ෆටබල් වෙයි කියලත් මං හිතුවෙ නෑ... ඒත් දැකපු දවසෙම මං ඔයාට මාව අල්ලන්න දිල තිබුන වෙද්දි එදා මට දැනුන හැගීමවත් මතක නැති වෙන්න තරම් මං මොන සිහියෙ හිටියද කියන්නවත් මං දන්නෑ.....

එතකොට මේ පපුවට මේක නැතුව එදා යස අගේට නැන්දලත් ඉස්සරහ තුරුල් කරගත්තෙ ... දැන් මොකටද දන්නෑ ඇදන් ඉන්නෙ....බොරුවනෙ ඉතින් මුගෙත්....

ආයිශ් මොනාද අප්ප මං මේ හිතන්නෙ.... මං උඩට ඉස්සිලා යන්තම් ඒ නලලින් තොල් තද කලා

දැන් ඉතින් ලොකුයිලුනෙ ... විභාගෙත් ඉවරයි ලුනෙ.... කොහොමත් මුගේ වයස විතරයි පොඩියට තිබුනෙ කියලනම් මට තේරුනේ මූව දැක්ක දවසෙමයි.... හෙන කදයා වගේනෙ... හැබැයි එහෙම මහත නෑ ලෑලි බඩක්... මූ බර වැඩ කරල වගේ ජිම් ගිහින්ද කොහෙදෝ ඇග පුම්බන් ඒකයි මේ ...

මං හෙමීට ලාවට දබර ඇගිල්ලෙන් ඒ ලෑලි බඩට ඇන්න විතරයි අල්ලගත්තෙ නැතෑ අතින්..

"බොරුවනෙ ඉතිං ... කෙලින්ම කිව්වනම් අල්ලන්න ආසයි කියල අල්ලන්න විතරක් නෙවෙයි හප්.."

" ව්..විනුද්!"

" ආ ආ මොකද බොරුවට කෑගහන්නෙ... ආශ් එක්කො අපරාදෙ මට නිදිවගේම ඉන්න තිබ්බෙ... හරි එහෙනම් මං නිදි හරිද ඔන්න ඔයා අල්ලගන්නකො මං දන්නෑ ඔන්න... ඕන් නිදි ඈ..."

මූට තියෙන්නෙ මහ වලත්ත නොසණ්ඩාල හිතක් .. කටත් එහෙමමයි...

මේ අහිංසක මුව පැටියෙක් වගේ ඉන්න මාව නිකන් රතු වෙනවා....

මගේ අත අල්ලගෙන බඩටම තද කරන් මූ කිඋඅවද්දි අත ඇදල ගන්න හැදුවත් මූ මං ඔලුව තියන් හිටපු අනිත් අතින් මාව තව ලගට ඇදල ගත්තා.. ඔලුව තියන් හිටපු කිව්වම මතක් උනේ දෙයියනේ අත...

"අ..අත අනේහ් සො....ස් සොරි විනුද් මට අමතක උනා රිදෙනවා ද"

" මං නිදි කිව්වනෙ ඔයාට පුලුවන් අර කලින් කරන්න ගියපු දේ කන්ටිනිව් කරන්න "

" අනේ උබ උක් කාපන් පොඩි පගයා "

මං ටග් ගාල ඔලුව උස්සල ඒ අත අයින් කරල සොරි කිව්වත් මූ අත එහෙම ම තියන් මගේ අනිත් අත අල්ලගෙන මගුලක් කියවන් ගිහින් ගොරවනවත් එක්ක...මං තව ටිකක් ඔලුවෙන් අතට බර දීලා ඇහෙන නෑහෙන ගානට මුමනලා නැගිටින්න ගියත් කොහෙද හැරෙන්නවත් පුලුවනෑ මේ මහ බූ වල්ල එක්ක...

"කිව්වොත් කිව්වනෙ වචන කඩන්න බෑනෙ ...එහෙනම් අප්පච්චිට අපි එන්නෑ කියමුනෙ... කොහොමත් පටන් ගත්තම ඉවර කරන්න හිතෙන එකකුත් නෑ"

නැගිටින්න හදපු මාව ආපහු ඇදල ගන්න ගමන් මූ කියද්දි මං ඇසුත් හීනි කරන් බැලුවෙ මොකක්ද ඒ කිව්වෙ කියල හිතාගන්න බැරි උන නිස..

"ඔහොම බලන්නෙ... සිරාවටම මං හිතුවෙ නෑනෙ මගෙ මැනික එච්චර ආසවෙන් හිටියා කියලා......."

" මොකටද "

"ඔය දැන් කියපු එක කන්න "

"මොන "

"උක් දඩුනෙ "

" ..........ව්...වි ....නුද්......මං කිව්ව කියල හිතාගනින් ... නවත්තන්න හිතෙන්නෑ ... අසහනේද"

"දීර්ඝකාලීනව තනිකඩව සිටීමේ ප්‍රතිඵල තමා ඉතින්.... වැරැද්...."

"සුදු අයියේ.... සුදු අයියේ... ඇහැරිලා නම් මේකාරිනවකො අප්පා.. මොන මගුලටද ඕයි මේක ලොක් කරන්නෙ හැමදාම  ලොකූවෝ "

"අහ් ච්චඃ ... මොන මගුලක්ද ක.......රන්නෙ"

හෙන සීරියස් පිට කියන් ගිය කතාවෙ අන්තිමට තොල්කුත් හපන් මහ කෑදර බැල්මකින් මූනටම එබිලා කියද්දි මගේ සිහිය ආගිය අතක් නැති තත්පර දෙක තුනකට පස්සෙ මං කෑගහුවත් ඊට පස්ස්ව් ආයෙත් මූ මගුලක් කියන් ගියත් ඒ එක්කම චූටි දොරට ගගහ කෑ ගහද්දි ඇදෙන් එකපාර නැගිටින්න ගියත් විනුද් මාව අල්ලගත්තා වෙද්දි ආපහු ඒ අත උඩටම වැටෙද්දි මං දැගලුව උනත් කියන්න ගිය දේ ඉවර කරන්නත් කලින් මූ මගේ නලලින් තොල් තද කලා...

"අදින් පස්සෙ තමුසෙගෙ ලොකුකමුයි ඔව' යන බහුබූතයි තමුසෙ ම තියාගන්නවා... මට අවසර හම්බෙලා ඉවරයි..."

......................................................................................................

....................................................................................................

ලියපු ටික නැති උනානෙ ආපහු ලියන්න හිතෙන්නෑ එහෙම උනාම ඉතින් චූටිම චූටි කොටසක් ❤️‍🩹😕

හෙමින් ගියාට අවුලක්නෑද !?

🌼🖤

Share This Chapter