Back
/ 41
Chapter 25

විසිහතර වෙනි කොටස

No more | Ongoing

මං හිටියෙ වෙනම ලෝකෙක වෙද්දි ඒ ලෝකෙන්  හයේ පාරකට වැදුන පා පහරකින් වගේ මාව මේ ලෝකෙට ගෙනාවෙ දොරට ගගහ කතා කරපු ගෑනු ලමයෙක් ගෙ කටහඩක්... චූටි නෙවෙයි ....

මාව අත් දෙක අතරට තුරුල් කරන් හිටපු විනුද් ඒ කටහඩ නෑහුනා වගේ තව ටිකක් ඒ අත් තදට මං වටේ එතෙද්දි මෙච්චර වෙලා වෙන කොහෙදෝ ගිහින් තිබුන සිහියත් එකතු කරන් මං පුලුවන් උපරිමෙන් අත් දෙකෙන්ම විනුද් ව තල්ලු කලා....

ආර්ග්.... මූ ඉබි මස් කාලද කොහෙද...

"ව්...විනුද් එ.. එහාට වෙන්න අර ක්..කවුද ඇවිත් "

"ඉතින් "

"ඉතින් කියන්නෙ... ! එහාට වෙලා ගිහින් දොර අරිනවා"

" ම්ම්ම්....ම්හුම්..... මට පොරොන්දුවක් දෙනවනම්  සලකල බලන්න පුලුවන් "

"විනූ ඒයි කෝ අනේ ඔයාල නිදිද "

"විකාරද විනුද් එහාට වෙනව මොන යකෙක් වැහිලද ම්හ්ම්.... හ්.. හරි හරි ගිහින්   අරක අරි..න්නකො"

" මට හරි ලෝභයි බං...උබෙත් හරි බොරුවනෙ "

"යනවකො "

"හරි ඕන් ඈ පොරොන්දු උනා හරී "

"ඒයි ඔහොම ඉන්නව ම්ම්....මේක ඇදන් යනව "

මං  දොර අරින්න කිය කිය එයාව මගෙන් තල්ලු කලත් එයාට දැනෙන්නවත් නෑ වගේ මාව උකුලටම අරන් තව ටිකක් බූවලු අඩු මං වටේ ඔතා ගත්තා වෙද්දි බෙල්ල අස්සෙන් ඔලුව ගහන් පොරොන්දුවක් ඉල්ල ඉල්ල යන්තම් දැනෙන නොදැනෙන ගානට සිපුම් තියද්දි ඒ පහස දරාගන්න බැරිම තැන මං ඇබරුනා වෙද්දි ඒ එක්කම කෙදිරි ගෑවෙන්න එද්දි මං තොල් තදට හපා ගත්තා..

ආයෙත් අර කෙල්ල දොරට ගහල කතා කරද්දි මං ඉල්ලපු පොරොන්දුවකටත් හා කියන ගමන් දොර අරින්න කිව්වෙ බෙල්ල අස්සෙ දැනෙන් පහසට ඇග කිලිපොලද්දි...

ඒත් එක්ක මගේ බෙල්ල අස්සෙන් ඔලුව ගත්තු විනුද් මගේ නලලින් තොල් තද කරල ලෝභයි කිව්ව ... මගේ හරි බොරුවලු....

බොරුව කියන්නෙ ඉතින් කොහොමද ඕනෙ උනත් දෙන්න කියල ඉල්ලන්නෙ...මං ලගින්ම ඉන්න කියන්නෙ ... මොන අයිතියක් නිසාද... එයාට මොනව දෙන්න පුලුවන් කමකටද.... මට එයා වෙනුවෙන් දෙන්න මුකුත්ම නැති කොට .... මට පුදුම එයා මොකට මං වටේ කැරකි කැරකි මෙහෙම ඉන්නවාද කියල ....

ඒව හිතෙද්දි ඇස් වලට කදුලු පිරෙන්න ආවත් මං ආයෙත් එයාට යන්න කියද්දි තප්පර ගානකටවත් ඈත් වෙන්න බැරි ලෝබ කමකටද කොහෙද එයා මාව ඇදේ මැද්දෙන්ම උස්සල  තියල දොර දිහාට යන්න ගියේ මගේ ඇස් අස්සෙම ගිලිල ඉදල තරහෙන්දෝ හිතුනා...

ඒත් යන්නෙ ටවල් එක පිටින් කියල දකිද්දි එලියෙ ඉන්නෙත් කෙල්ලෙක් කියල මතක් වෙද්දි ඇති වෙච්ච නොරිස්සුමටද මන්දා මං කෑ ගැහුවා....

ඒත් එක්ක හරි අමුතු බැල්මක් මට දීපු එයා ටීශර්ට් එකකුත් ඇගට දාන් දොරයන්තම් ඇරල ඔලුව විතරක් එලියට දැම්මා....

මේ ඔක්කොටම විනාඩි දෙකතුනක් යන්නැති... හැබැයි මට නම් පැය ගානක් වගේ...

"මේවෙලාවෙම මොකට ආවද මංද කවුරු උනත්.... මගුල"

මං මටම මුමුනන ගමන්ම ගිහින් ඇදුම් බෑග් එකෙන් ටීශර්ට් එකකුයු දිග කලිසමකුයු අරන් ඇදගත්තා... මෙහේ මාරම සීතල යි...

"අපි එන්නම් සුදූ යන්නකො "

"හරි විනූ... ඉක්මනට එන්න "

"කව්ද ඒ "

" මේ නැන්දගෙ දුව "

අහ් නෑනා

"හ්ම් හ්ම්"

"කාල එමු මහන්සිනේ "

"සුදු අයියේ "

හරියට දැක්කෙ නෑ කවුද කියන්න ඒත් කොන්ඩෙ දිග සුදු කෙල්ලෙක් කියල නම් දැක්ක....

මෙහේ නැන්දගෙ දුවලු... නෑන-මස්සිනා ... හුහ්...අනේහ් කවුරු උනාම මට මොකෝ...

කොන්ඩෙ දිග නැතුවට මොකෝ මාත් මේ සුදුවට ඉන්නෙ...

කාට නැතත් ඔය පේන්නැද්ද අනේ මගේ චූටි ... කෙල්ලට හරි මගේ සුද පේනවනෙ කටපුරාම සුදු අයියේ කියාගත්තු ගමන්මනෙ...

"ඕ චූටි"

"මේහ් මං ඔයා ලගට නිදාගන්න එන්නද අනේ "

" ඇයි චූ..."

"මට කියල කුණුහරුප අහගන්නැතුව පලයන් යන්න චූටි.... නිදාගන්න එන්න... එනව කන්න යන්න "

කෙල්ලගෙ මූනත් එක්ක බෙරිවෙලා...

මං ඇයි ඇහන්න ගියත් විනුද් ඔක්කොටම කලින් කඩන් පැනල ඇද ලගට ගියා...

මං හිටියෙ දොර ලග... මට දුකයි... විනුද් මෙච්චරටම චූටි මං ලග ඉන්නවට අකමැති මං නරක කෙනෙක් කියල හිතලද... එයා එහෙම හැසිරෙන වෙලාවට තොල් හපාගෙන නෝමල් උනත් මට ඒක නොසෑහෙන්න රිදුනා... චූටි මං ලග තනියෙම ඉන්නවට එයා වැඩිය කැමති නෑ කියල මට හොදට ම තේරුනා...

එයාව මට මගෙම නංගි වගේ කියල කොහොමද මං තේරුම් කරන්නෙ...

"සුදු අයියේ... අනේ ඇයි මේ "

"අහ් ... න්... නෑ චූටි මේ ..ඇ... ඇයි පැටියෝ මං ලගට එන්නද ඇහුවෙ "

"ඔයා දුකින් ඉන්නෙ අර බූරුවා කියපුවටනම් ඒකගෙ ඉරිසියා ව ඔය ... ඔයාව මං උස්සන් යයි කියලද කොහෙද... හහ්...ඔයා කොහොමත් ඔය බූරුවට වඩා මට ආදරෙයි නෙ සුදූ අයියේ... අනික මටෝන්නම් මං උස්සන් යනව ඔයාව එකඑකාට කියකිය ඉන්නැහ්.."

" ඔව් ඒකනෙ... දැන් කියන්නකෝ ඇයි මේ කියල "

"අර ගෑනිව මට පේන්න බෑ අප්පා "

"මොන ගෑනිද චූටි "

"අර නිශාදි .. ඔයා දැක්කෙ නෑද .... මං පෙන්නනම්කො මහ එපා කරපු ගෑනියෙක් ඒ නැට්ටිච්චිගෙ වැඩේ අර බූරු පුතාගෙ ඇගේ එල්ලෙන්න හදන එක .... ඒත් මූ සුජූ හුජූ ගාන් කරේ තියන් ඉන්නවනෙ මට පේන්නම බෑ  හිතන් ඉන්නෙ හෙන නිලිය කියල අම්ම කියනව ඒ ගෑනිගෙ කාමරේ නිදියන්නලු... අනේ මට බෑ සුදු අයියේ"

"අහ් හරි එ..."

"මට දීපු කාමරේට යනව මං මේකෙ ඉන්නම් "

"අහ්...මට අමතක උනානෙ ඇත්තටම තැන්ක්‍යූ බූරු පුතේ "

" යං කන්න "

"මේ.... විනුද් "

"ම්ම්ම් ඇයි මේ මොනවද ඕන "

"අහ් නෑ මුකුත් නෙවෙයි මේ... ම්ම්...ඔයා  මං  චූටි ලග ඉන්නවට කැමති නැත්තෙ ම්..මං එයාට කර..දර කර...යි ක්..කියලද හ්... විනුද්  "

"ඇහ් "

"නෑ අහන්නකො ...ම්...මං එහෙම ක්...කෙනෙක් න්..නෙවෙයි අනේ ම්ම්..මට එයා මගේ...ම නංගි කෙනෙක් වගේ... පොඩි...ම වෙනසක් නෑ ... ඒ ව...වගේම යි මං හරි...ආදරෙයි විනුද් එයාට... මං මං එහෙම න.රක ක්..කෙනෙක් නෙවෙයි නෙ වි..නුද්... ම මගෙ නං...ගි මා..ව අතෑ..."

"ශ්.. ඇති ම්ම්... මට වැරදිලාවත් හිතෙන්නැති මගුලක් කියවල මෙහෙම අඩන්නෙ... මට රිද්දන්න හිතන්ද බං ....

චූටි විතරක් නෙවෙයි වෙන එකෙක්වත් අඩුම උබ ඔය හැමතිස්සෙම කියවන මෙලී වත් උබේ ඇගේ එල්ලෙන්නවට මං පොඩ්ඩක්වත් කැමති නෑ ... උබ අයිතිය මගේම නමට ලියවෙනකන් මං හරි බයයි බං ...වෙන එකෙක්ගෙ හුස්මක්වත් උබට වැදෙනවට ... මෙලීට කොහොමද මං එපා කියන්නෙ...මටත් වඩා ලොකු අයිතියක් උබම ඒකිට දීල තියෙද්දි... අනික චූටි උනත් උබේ අස්සෙ ඉද්දි මට හරි බයයි බං උබව මට නැති වෙයි කියල ... බැරි වෙලාවත් එහෙම උනොත්... චූටි... උබ....කොහොමද බං මං විරුද්ධ වෙන්නෙවත්... අනිත් එක උබව රිද්දන්න වැරදිලා හරි මොකුත් කියවුනා නම් මට ගහල බැනල නවතිනව හැර ඕම කදුලු පුරවන් ඉකිගහන්නෙපා බං... "

චූටි කාමරෙන් ගියාට පස්සෙ කලිසමකුත් ඇදන් ආපු විනුද් කන්න යං කියද්දි... මං එයාව නවත්තන් හිතේ තිබුන දේ වචන කරද්දි ඒත් එක්ක ඉකි ගැහුනෙ කම්මුල් පෙගෙන්නම කදුලු එක දිගට බේරෙද්දි....ඒත් මගින් මාව නවත්තන් අත්දෙකෙන්ම මගේ මූන අල්ලන් කදුලුත් පිහිද පිහිද විනුද් කතා කරද්දි  ඒ වචන එක්ක මගේ ඇස් වල කදුලු අලුත් වෙද්දි ඒ හා සමානවම විනුද් ගෙ ඇස් වලත් කදුලු පිරුනා...

ඒ දරදඩු පෙනුමට කොහොමත් ම ගැලපෙන්නෙ නැති දෙයක් කදුලු කියන්නෙ... මගෙ කොල්ල... මං එයාව ඇඩෙව්වනෙ... මං ගැනම හිතන කෙනාව මං මවාගත්තු විකාරයක් කියවල මං අඩවලනෙ...

අන්‍තිම ට අඩල කරල ඉවරවෙලා අමතක උන විනුද් ගෙ තෙත කොන්ඩෙත් පිහල චූටි ආයෙත් ඇවිත් කන්න එන්න කියද්දි පරක්කු උනාට නැන්දගෙන් බැනුමුත් අහන් මෙහේ නැන්දයි මාමයි අපේ මාමයි නැන්දයි චූටියි වාඩි වෙලා හිටපු කෑම මේසෙන් ඉදගත්ත වෙද්දි විනුද් වාඩි උන පමාවට අර ගෑනිත් එහා පැත්තෙන්ම වාඩි උනේ මං විනුද් ට මේ පැත්තෙන් චූටි ට අනිත් පැත්තෙන් ඉදගත්තා....

මං හොරෙන් බලන් හිටියෙ ඒ  කෙල්ල දිහා...නිශාදි

චූටි කිව්ව තරම් අවුලක් මූනෙන් පෙනුනෙ නැතත් චූටි කියපු දේවල් නිසයි විනුද් ලගින්ම වාඩි උන එකයි ඇති කියද්දි විනුද් ටම මාලුපිනි බෙදපු එකටයි..එල්ලි එල්ලි මගෙ කොල්ල එක්කම කියවන එකටයි මට කොහොමත් මේ ගෑනිව පේන්න බැරිවෙලා තිබුනෙ ....

ඒකි කිය්වද්දි මූ කතා නොකලත් ඕනවට එපාවට හූමිටි තිය තිය මගේ ඕන එපාකම් බල බල එයාගෙ පිගානෙ තියෙන ඒවත් මට දිදී කන්න කිය කිය මටම අවධානෙ දුන්නත් කොහෙදෝ නැති නොරිස්සුමක් ඉරිසියාවක් මගේ වටේ කැරකෙද්දි 'බෑ බෑ එහෙම ඕනි නෑ කොහොමත් විනුද් ට මට හැමදාම ආදරේ කරන්න බෑ...මේක හරි තාවකාලික හැගීමක් ' කියන මගේ ම සිතුවිලි යටපත් කරගෙන මං ආදරෙයි නොකිව්වට අයිතියක් නොලිව්වට හරියට කිසිම වචනයක් නැතුව දෙපැත්තට වැනෙන මගේම හිත මේ මගේ කොල්ල කියන හැගීම හරි තදට පිලිඅරන්දෝ හිතුනා...

"මේ දෙන්න හරී...යට මගෑරිලා වගේනෙ "

"ඒකනෙ අක්කෙ "

"නෑන අයිති මස්සිනාට කියනවනෙ ඉතිං"

"මොනවද අම්මා "

"අනේ උබගෙ ලැජ්ජාව "

"බලන්නකො විනූ"

"......"

"ගොඩ දවසකින්නෙ ආවෙ... බලන්නකො  නංගියෙ අපේ කෙල්ලට අපිව මතකත් නෑ ...එනව කියපු දවසෙ ඉද්න්ම  මග බලන් හිටියෙ ... "

"ඇත්තද සුදූ "

" අනේ නැන්දේ ඔය අම්ම කියනේව අහන්නෙපා.."

"තව කල් තියෙය් නෙ බලන්න  බැරියැ එතකොට ..."

"ඒවට තව කල් තියෙයි නෙ මැනිකෙ... මේ දරුවන්ටත් මහන්සි එකේ කාල වේලාසනින් නිදාගන්න එක හොදයි  "

දිගම දිග කොන්ඩෙ කලු ඇස් සුදු පාට හම එක්ක ඒ කෙල්ල බෝනික්කෙක් වගේ ලස්සනයි ....  නැන්දල කතා කරද්දි මෙහේ මාම අන්තිම නිවේදනේ වගේ කිව්වෙ නැන්දල වගේම මෙච්චර වෙලා විනුද් එක්ක කියවපු අර කෙල්ලත් මීක් නැතිවෙද්දි .... එතන හෙන අපහසුතාවයක් දැනුනත් මං ඉවසන් හිටිය උනත් කන්නවත් පිරියක් නැතුව අත ගගා ඉදපු මං පපුව ගැහෙනවේගෙත් නොසන්සුන් වේගෙන එද්දි මට ඇති කියල මේසෙන් නැගිට්ටෙ චූටි එක්කමයි ....

ඒ එක්කම විනුද්තුත් නැගිටින්න ගියත් මං ඇස් වලින් ඔහොම ඉන්න කිව්වත් ගනන් නොගෙන අත හෝදගත්තු කොල්ල මං එක්ක එන්න ආවත් ඒ පස්සෙ න්ම නැගිටපු කෙල්ල එක්ක මට නිකමට ඒ දෙන්න දිහා ම බැලුනා.. ඇත්තටම ලස්සන ගැලපීමක්...

යට ගහන්න බැරි හේතුවකට මගේ ඇස් බොදවෙලා ගියා... කවදහරි එහෙම වෙන්න එපැයි...

"සුදු අයියේ... ඔයා හොදින්ද.."

"හහ් "

"මෙහේ ඔයාට හරි නෑ වගේද... මට අමතක උනා අර නිශාදි ගෑනිටත් එක්සෑම් ඉවරයි කියන්න ඒකි හිටියෙ හොස්ටල්නෙ... මතක් උනානම් මං එන්නෙ ම නෑ...ඔයාටයි අයියටයි එන්න දෙන්නෙත් නෑ.. "

"කමක් නෑ චූටි දානෙකටනෙ ආවෙ අපි

එයා ගැන හිතන්නැතුව ඉමු...අනික .

මං හොදින් නොවෙන්නෙ කොහොමද මගේ චූටි මං ලග ඉන්නකන්... "

"ම්ම් ඒකනෙ දානෙ ඉවර උන ගමන් අපි දෙන්න යමු අර බූරු පුතාට ඕන මගුලක් කරගන්න කියල ... කිව්වත් වගේ ඔයාට මං ඉන්නව මට ඔයා ඉන්නවනෙ අපි දෙන්න හෙට මේ පැත්තෙ ඇවිදින්න යමු හොදේ... "

"හරි චූටි..ගුඩ් නයිට් ම්ම් "

"ගුඩ් නයිට් සුදු අයියේ"

කාමරේ ලගටම ඇවිත් මගේ හිත හදපු චූටි මට හග් එකකුත් දීලා නිදාගන්න ගියේ මං තනිවෙලා නෑ කියල මතක් කරන ගමන්...

මං ගිහින් ඇදේ තිබ්බ ඇදුම් බෑග් දෙක හෙට උදේම අස් කරන්න හිතන් පුටුවකින් තියලා ඇදේ බිත්තිය කොනටම වෙන්න දිගා උනේ බෙඩ් ශීට් එකකුත් ඔලුවෙ ඉදන් පොරවන්... තාම ගොඩක් රෑවෙලත් නෑ.. මට නිදිමතත් නෑ.... මං පෝන් එක අරන් ඩවුන්ලෝඩ් කරගත්තු නවල් එකක් කියවන්න ගත්ත බෙඩ් ශීට් එක අස්සෙම ඉදන් පෝන් එකත් ඒක අස්සට අරන්...

ටිකකින් අඩවන් කරපු දොර ඇරිලා ලොක් එක වැටෙන සද්දෙයි හෙමින් හෙමින් අඩිය තිය තිය එහෙට මෙහෙට ගිහින් මොකක් හරි කරන සද්දෙයි එක්ක ටිකකින් ඇද බර වෙද්දි හයිය අතක් මං වටේ ගියා... මං පෝන් එක එහෙම ම කට් කරල ඇස් පියා ගත්තා...

" නිදිද ඉතිං "

"......."

"සුවදයිනෙ බබෝ "

"......."

"ඔහොම ඉද්දි මට හරී ලෝභයිනෙ.. නිදි නෑ නම් අහන්නකෝ... උබ වචනෙන් නොකිව්වත් උබ අයිති මට වගේම තමයි වචනෙනුත් මගේ සම්පූර්ණ අයිතියම  අයිති උබට... වෙන එකෙක්ටවත් නෙවෙයි  "

"........"

"මං දන්නව දැන් ඔය අවුල් ගිහින් ඉන්නෙ අම්මල නැන්දල කියපුවටනෙ... උබට මාව ටිකක් හරි විශ්වාස යි නම් මං දිහාට හැරෙනවකො.... මාවී...කෝ ඉතින් බොරුවටනෙ ඉන්නෙ..."

"........."

"කෝ ඉතිං "

කොන්ඩෙ අස්සෙ තොල් තිය තිය කියවපු විනුද් එයාව ටිකක් හරි විශ්වාසයිනම් හැරෙන්නලු... ටිකක් වෙලා එහෙම ම ඉදල ඔලුවෙන් බෙඩ්ශීට් එක අයින් කරල මං ඇස් විතරක් හරවල මගේ මූන ලගම තිබුන මූන දිහා බැලුවා......

" මේ ඉන්නෙ මගෙ හොරගෙඩියා.... බොරුවට නැට්ට පාගගන්නව... එනවකො.. බඩගින්නෙනෙ ඉන්නෙ කෑවෙත් නෑනෙ හරියට ... මං කෑම එකක් ගෙනාව.. කෝ ඔහොම ඉන්නකො "

මගේ නහයට තට්ටුවක් දාල පනුව වගේ එතිල ඉදපු ශීට් එක පිටින්ම මාව බදන් නලලට තොල් තද කලා... ඒ පහස .. හරියට මට හැමතිස්සෙම ඕන උන විදිහමයි...

මං මුලින්ම මේක බලාපොරොත්තු උනේ තාත්තගෙන් උනත් මට එක තත්පරේකටවත් ඒ පහස හම්බුනේ නෑ එතකොට දැන් ඒක ඕනවටත් වඩා හම්බෙද්දි විහිලුවටවත් එපා කියන්න මට හිතුන්නෑ...

ආයෙ ඇදෙන් නැගිටලා ලයිට් එක ඔන් කරල ජනේලෙ ඇරල වතුර වීදුරුවකින් අතත් හෝදන් කණ්ණාඩි මේසෙ උඩ තිබුන කොත ගහපු බත් එකකුත් අරන් ඇදෙන් වාඩි උනා...

මාත් ඇදේ විට්ටමට හේත්තු උනා...

"ආ....කියන්න "

" කවල පුරුදුයි වගේ හොදට "

"උබට කවලම තමයි "

" පලයන් යන්න බොරු කියන්නැතුව මට කැව්වෙ කවද්ද ....."

.............................................................................................

............................................................................................

🖤🌼

Share This Chapter