Back
/ 41
Chapter 33

තිස් දෙවෙනි කොටස

No more | Ongoing

"නැගිටපාආආඅන් මනුස්සයෝ "

"ම්..හ්ම්"

"ආයූඌඌ"

"අ...හ්නෙහ් ඉන්න දීපාආම්කො මට බෑහ් "

අනේ මට බෑමයි... මේකි එක්ක බෑ අප්පා දැන් මේකි නිවාඩු ඇව්ත් මාස දෙකකටත් ලගයි... තාම ගෙදර ගියේ නෑ..... අන්කල් කෑ ගැහුවත් කණකට ගත්තෙත් නෑහ්... ඕන් දැන් ඉදල ඉදල අද යනව කියල ඊයෙ රෑ ඉදන් මැරෙන්න හදනවා...‍යනව නම් යන්නෙපැයි මට වදදෙන්නෙ..... මං ඔය ලංකාව පැත්ත පලාතෙක යන්නෙ නෑමයි කියල තනි තීරණේ ඉද්දි කවදාවත් නැතුව මේ මනුස්සයට තනිකම් දෝසයක් ඇවිත්නෙ මගුල....

ඇත්තමයි මට නම්.... තාත්තත් මේකිගෙ පැත්ත ගත්ත පාර මචච් යන්ඤ ඕඤෙ ගාපු හැටි...

දැන් ඉතින් පලයන්කො.... නිදාගන්නත් නැහ් මගුල... කොහොමත් ගියා කියල මං නම් කාමරෙන් එළියට අඩියක් තියන්නෑ ආයෙ මෙහේ එන ෆ්ලයිට් එකේ වෙලාව කියනකම්.....

"බැහ් නෙවෙයි නැගිටපං ආයු... මේ කිරි එක බීලා ලෑස්ති වෙනවාආඅ.....තව පැයකින් ෆ්ලයිට් එක මිනිහෝ"

මාත් ඉතිං නැගිට්ටා.... මේ රෑ පාන්දර මොන ෆ්ලයිට් ද යකෝ සීතලේ මැරෙන්න හදනවා.....

හොට් වෝටර් එකක් උනත් යන්තම් ඇගේ ගාගෙන වගේ දත් ඇදි දෙකෙත් එහෙන් මෙහෙන් දෙපාරක් බ්‍රශ් එක අතුල්ලලා ටක ටක ගගා වෙව්ලද්දිම ලෑස්ති වෙලා කැබ් එකට නැග්ගෙ තාරව වගේ හූඩි දෙකකුත් ඇදගෙන... තාත්ත ඉස්සරහ මායි මෙලීයි පිටිපස්සෙන් නැග්ග...

මං මේ දෙන්න එක්කම තරහ වෙලා ඉන්නෙ.... මගුල.....

" මෙලී බ්‍රෙක්ෆස්ට් අරන් යනවද නැත්තන් මොනව හරි පොඩි කෑමක් කකා යන්න අරන් දෙන්නද"

"........"

"එයාට එපාලුනෙ තාත්තා අපි දෙන්නට ඔය මොනා හරි පොඩි දෙයක් අරන් යං "

එදා හොස්පිට්ල් ඉදලා ආපු දවසෙ ඉදන්ම මෙලී තාත්තට කතා කලේ තාත්ත කියල වෙද්දි දැනට දහදහස් වතාවක් මෙලී ඔහොම කියල තිබුන උනත් ඒ හැමවතාවෙම වගේ මේ වතාවෙත් තාත්තගෙ ඇස් දිලිසෙනවා මං දැක්කා...

හහ් මෙයාට මගේ තමයි කිසි වටිනාකමක් නැත්තෙ...

මෙහෙමයි ඉතින් ඇත්තම කිව්වොත් මං තාත්තේ කියල එයාට තුරුල් වෙන හැම වතාවකම එයාගෙ ඇස් දිලිසුනේ කදුලු වාන් දාන ගමන් වෙද්දි කොහොමත් තාත්තට අවුරුදු ගානක ඉදන් මෙලී කියන්නෙ තමන්ගෙම ලේ නොවුනත් තමන්ගෙ කියන හැගීම දැනුන නිසා හරි එයා බලාපොරොත්තු තියන් ඉන්නැති..... එක වතාවකට හරි එයාගෙත් තාත්ත වෙන්න....කොහොමත් තාත්තල වැඩිපුරම ආදරේ දුවලටලුනෙ....

මෙලී උනත් දන්නවා අම්ම එකම කෙනා උනත් මේ එයාගෙ තාත්තා නෙවෙයි කියන්න... ඒත් පොඩ්ඩක් ඉන්න ලේ දීපු සීන් එක මොකක්ද ..... මෙලී කිව්වෙ මේ එයාගෙ තාත්ත කියල නේද... ඒක නිසා බ්ලඩ් ගෲප් ගැලපුනා කියලනෙ....හ්

එතකොට....මං කොහේ හරි පටලවන්ද.... නැත්තන් එකම ලේ තිබිලද ... වෙන්න පුලුවන් ඒත් අනේ මන්දා.....නැත්තන් මෙලී ඇත්තටම හිතන්නෙ ඒ අපි දෙන්නගෙම තාත්ත කියලද......ආර්ග් මට පිස්සු වගේ මේව හිතද්දි...... එක්කො තාත්ත හිතන් ඉන්නෙ වැරදියට.. ලවන්‍යා වරදවා වටහාගෙනද අහ් අම්ම තමයි ඒත් එහෙම කියන්න ඕනි නෑනෙ.... ආහ්ම්....ඕන්නෑ දැන් ඕක හිතල ඔලුව අවුල් කරන්න ඕනි නෑ... එයාල සතුටින් ඒ ඇති...

අනික මෙලී උනත් මගේ තාත්තව එයාගෙම කරගෙන ඉන්න විදිහ එක්ක එයා එයාගෙ ම තාත්තටත් වඩා බොන්ඩ් එකක් අපේ තාත්ත එක්ක හදාගෙන කියන එක තේරෙනවනෙ... මුන් දෙන්නගෙ හැසිරීමෙන්ම.....

දැන් උනත් පේන්නෑ මං එයාගෙ කවුරුත් නෙවෙයි වගේනෙ හැසිරෙන්නෙ... මගෙන් ඇහුවෙ නෑ ඇස්වලින් මෙලීට පෙන්නනව මං බලාගෙන ඇස්කොනට....

" අහ් එහෙනම් එහෙම කරමු ඉන්නකො මං ගිහින් අරන් එනකම්.... හොට්ඩෝග් හොදයිනේ දරුවෝ "

" මෙහ් ආයු...."

" මොකද"

" තමුසෙගෙන් මං මේ නිකමට වගේ අහන්නෙ තවුසෙට මට නිකන්වත් කියන්න එහෙම මුකුත්ම නැද්ද... ඈ"

"......."

තාත්ත කැබ් එකෙන් බැහැලා ශොප් එකකට යද්දි තාමත් කලුවර වැටිලා තියෙන අහස දිහා බලන් හිටපු මං මෙලී කතා කරද්දි මොකද ඇහුවෙ ගහගන්න වගේ...... ඒත් මෙලී අහපු දෙයින් මට නිකන් හෙනම වරදකාරී හැගීමක් දැනුන වෙද්දි මං හෙමීට ඔලුව විතරක් හරවල මෙලීට ස්මයිල් ඉන් පේන් හිනාවක් දැම්ම....

මුකුත්ම නොදැන ඔහොම අහන්න හේතුවක් නෑනෙ...... මේකි එක්කො සීඅයිඩී එකේ නැත්තන් පේන කියන්න දන්නව....දිවැස් තියෙය් ද දන්නෑ සිරාවටම .. අනේ මන්දන්නෑ මෙලියෝ අමතක කරන්න හැදුවට.... කමක් නෑ කියල පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න හැදුවට මේ ගෙවුන අවුරුද්ද පුරාවටම මං හිතින් විදෙව්වා නෑ තාමත්..... පපුවෙ වම් පැත්ත ගලවන් යන්න තරම් රිදෙනවා ඒ මූන හිනාව මතක් වෙද්දි.... මගේ ළග කැරකි කැරකි හිටපු විදිහ මතක් වෙද්දි... අඩුම එකම එක කෝල් එකක්වත් දෙන්න නිකමට වත් හිතුනෙ නැතුව ඇතිද එයාට....

එදා තුරුල් කරන් හිටපු ෆොටෝ එක ඊට පස්සෙ දැකපුව ක්ලිනික් හොස්පිට්ල් එකක හිටපු විදිහ වෙඩින් ඉන්විටේශන් එක ඒ කෙල්ල එක්ක මැවිලා තිබුන ඒ හා දත් පේන හිනාව.... අනේ මට රිදෙනවනෙ විනුද්....

ම්හ්ම්..... ලොකු හුස්මක් පහල දාපු මං මෙලීගෙ උරහිසට ඔලුව තියාගත්තා.... නෑ මෙලී මගේ ඔලුව එයාගෙ උරහිසට උඩින් තියා ගත්තා....

කදුලු බේරිලා යන එක ඇත්තටම නවත්ත ගන්න බෑ......ඒත්

"උබ හිතන්නෙ උබේ මූඩ් එක මට අදුරගන්න බෑ කියල ද..... ම්ම් !?

බොරුවට හිනාවෙලා ඉන්න ඕනි නෑ විනුද්.... උබ හරිම දක්ශයි කියල ද හිතන් ඉන්නෙ .... ඔව් දක්ශ ඇති හැබැයි මං ඉස්සරහ  තාත්ත ඉස්සහ රගපාන්න තරම් උබ දක්ශ නෑ බං....උබ මාව පිට කෙනෙක් ගානටම දැම්මට ආයු.... මං මේ කාලෙ පුරාම බලන් හිටියා දැන් කියයි  දැන් කියයි කියල හහ්... මට උබව මරාගෙන මැරෙන්න තරහෙ හිටියෙ හොයාගෙන ඇවිල්ල.... උබ මං ලගටම ආවත් මං ඉස්සරහ ත් ලස්සන ට රගපෑවනෙ...ඉස්සර හැමදේම කියල දුක හිතුනම සතුටු හිතුනම මගේ අස්සෙ අඩපු හිනාවුන උබ ඔහොම වෙනස් උනේ කොහොමද බං... "

" මං වෙනස් උනේ නෑ මෙලී.... මට ඕන උනේ ටිකක් හරි ශක්තිමත් වෙන්න... අනික  තමයි එයාට හේතු ඇතිනෙ... උබ දැනගෙනනෙ අහන්නෙ නෙහ්.......

මගේ පැත්තෙන් විතරක් බලල මං හරි කියන්න ඕන නෑ මට  මගේ කො..ම්..ම්හ්ම්.......එයා කරන හැමදෙයක්ම කරන්නෙ හොදටම හිතලා....සමහර විට ඒක එයාගෙ හරිම තෝරාගැනීම වෙන්නැති....කොහොමත් මාව බදින්න කියල ඇයි.... එයා දැන් චුටි තාත්ත කෙනෙකුත් නෙ...... මට දුක හිතුනෙ මුලින්ම එයා තාම චූටි නිසා විතරයි... මෙහෙම යි ඉතිං  දුකයි තමයි ඒත් මට ඇත්තටම සතුටු වෙන්න පුලුවන් ....... එයා ගැන එයාගෙ පවුල ගැන හිතල විතරක් නෙවෙයි තාත්ත..ඔයා... මං...මගේ පවුල ගැන හිතලත්... ඒ හොදටම ඇති මගේ හුස්ම ජීවත් කරවන්න...ඉතිං මං මොකටද වෙන දේවල් ගැන හිතල දුක් වෙන්නෙ...ඒකයි ඒ ගැන කිව්වෙ නැත්තෙ...මං වෙනස් උන මගුලක් නෙවෙයි ....හහ්..."

"......"

"මොකෝ හිනාවෙන්නෙ "

මගේ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යවන ගමන් මෙලී කතා කලේ කින්ඩියට වගේත් වෙද්දි ඒ කටහඩ ඇතුලෙත් කේන්තියක් දුකක් කලකිරීමක් පිරිලදෝ හිතුනා.... ඇස් වලින් ගලන කදුලු අත් දෙකෙන්ම තද කරල පිහද ගත්තු මං ඔලුව කෙලින් කරන් සාක්කුවට අත දාල මගේ පෝන් එක අතට ගන්න ගමන් මං ඔහේ කියවන් ගියා.....කියවල ඉවර වෙලත් මෙලීගෙන් සද්දයක් නැති නිසා පෝන් එකේ තිබුන ඇස් මං මෙලී දිහාට හැරෙව්වා.... මෙලී කට කොනට අමුතු හිනාවක් අරන් මං දිහා බලන් හිටියෙ.... කාටද බං උබ බොරු කියන්නෙ වගේ බැල්මකින්.... මේකිට තද වෙලාද මන්දා....මං ඇහුව ඇයි හිනාවෙන්නෙ කියල ..... තාත්තත් තාම නෑනෙ හොට් ඩෝග් එකේ බනිස් පුච්චනවද දන්නෑ.......

" අඩන්න බැරි කමට..උබ ලොකු වෙලාද ආයු... මගේ අස්සෙ ඉදපු  චූටි කොල්ලව මගෙන් උදුර ගන්න එපා ආයු.... කවුරු කොහොම කිව්වත් හිත්වල ගැඹුරට ම දැනුන හැගීම් අමතක කරන්න පුලුවන් කමක් නෑ බං...මං උබව දන්නෙ පුංචි කාලෙ ඉදන් ආයු මෙච්චර කාලෙකට උබ ඔහොම එකම දෙයක් ගැන කියෙව්වමයි..උබේ හිනාව දැක්කෙ මමනෙ බං... ඉතිං උබට මාව හරකෙක් වගේ පේනවද...."

"නෑ එළදෙනක් වගේ "

"......."

මෙලී කියද්දි මට ආයෙත් පපුව බරවෙන ගතිය දැනුනා... එයා සීරියස් කතා කරද්දි ඒ වචන හරි බරයි... ඒ ඇස් අස්සටම එබිලා ඉදපු ඉද්දි මං දැක්ක ඒ ඇස් දිලිසෙනවා... සතුටක සේයාවක්වත් නැති දිලිසීමක්... ඒත් තොල් උඩට ඉස්සිලා හිනාවක සේයාවක්වත් නැතුව කිව්වත් වගේ අඩන්න බැරි කමට වෙන හිනාවක් ඒක....

ඒ තිබුනු සීරිසය් ගතිය එක්ක තවත් ඒ ඇස් අස්සෙ ගිලෙන්න අමාරු වෙද්දි පපුව හිර කරනව වගේ දැනුන ගතිය නිසාම මං කියද්දි....මේකි රවනවා... අර කදුලු දිලිසුන ඇස් හීනි කරන්... බුදුඅම්මෝ මේකි නම් වැරදිලා කෙල්ලෙක් උන එකියක්ද කොහෙද....

මේ මනුස්සය ට ආපිට රවල ගුටිකන්න බැරි නිසාම ඒත් එක්කම ආපු තාත්තට මං රැව්ව.... තව ටිකක් හිටියනම් තමයි මං බලාගන්නෙ.....

.

.

.

දෙයියනේ කියල ෆ්ලයිට් එකෙන් බැහැල ගෙදරට ඇවිත් ඇදට වැටුනා විතරයි මතක් මැරුනා වගේ නින්ද ගිහින්.....

මේ අවුරුද්දටම මං කලේ කනව් බොනව එපාර්ට්මන්ට් එක අස්පස් කරනව උයන්න උදව්කරනව නිදාගන්නවා... හරි ම කම්මැලි ජීවිතයක්..ඉස්කෝලෙ ට කතා කරලා ඒ වැඩත් පිලිවෙලක් කරගත්තු නිසා හිතේ සැනසීමෙන් හිටියට ඊලගට මොකක්ද කරන්නෙ කියල ලොකු අයිඩියා එකක් තිබ්බෙ නෑ මට.....

ඇද වටේම අත ගාල හෙඩ් බෝඩ් එකේ චාර්ජ් එකට දාල තිබ්බ පෝන් එක අරන් ස්ක්‍රීන් එක ට ඇස් හීන් කරන් වෙලාව බැලුවා....

යකෝ හයත් පහුවෙලා.... රෑත් වෙලානෙ...

මං එහෙම ම නැගිටලා ඇගත් සෝදන් පහලට ගියා..... කලින් අපායක්ම වෙලා තිබුන මගේ කාමරේ..... ඒ දවස් වල දැනුන මූසල හැගීම දැන් මේ කාමරෙන් මට දැනුන්නෑ....ඒ වෙනුවට පපුව පිරුන හිස් හැගීමක් මගේ වටේ වෙලිලදෝ හිතුනා....

" තාත්තා ....!! "

කෝ මෙයා

අහ් එයාත් නිදි......ගේ වටේම බලල තමයි මං ගිහින් එයාගෙ කාමරේට එබුනෙ... එයා නිදි... පොඩි එකෙක් වගේ ගුලිවෙලා

එහා මෙහා වෙලා තිබ්බ ශීට් එකත් පෙරවලා මං එතනින් ගිහින් වාඩි උනා... ඔයා මං ලග ඉන්න එකම මට සතුටින් ඉන්න මගේ හුස්ම ජීවත් කරවන්න හොදටම ඇතිනෙ තාත්තේ....

පිං සිද්ධ වෙයි මාව දාලනම් යන්නෙපා.... මට දැන් ඉන්නෙ ඔයා විතරයි... ඔයාට කලින් මට යන්න උනොත් ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නෑ නේද.... එතනදි මං ආත්මාර්තකාමී උනාට කමක් නෑ නේද.....

ඇස්වලට ආයෙ කදුලු එන්න ගද්දි මං තාත්තගෙ නලලෙන් හාදුවක් තිබ්බා....

එයාලග සුවදයි.. පුංචි ලමයි ලගින් වගේ බේබි කලෝන්ග් සුවදයි..... ඇගපතින් මට වඩා ලොකු උනාට එයා ඇත්තටම පුංචි ලමයෙක්ව හංගගත්ත අහිංසක දරුවෙක් වගේ.....

නැගිටලා එන්න හදද්දි මං දැක්කෙ මේසේ උඩ පෙරලලා තිබුන පොතක්.... ඒක ඩයරි එකක්...

තව කෙනෙක් ගෙ ඩයරි එකක් කියවන්න හොද නෑ තමයි ඒත් මං ඒක පෙරලුවා එයා ඒක ලියන ගමන් ඉදලදෝ පෑනක් දාල තිබුනා අන්තිමට ලියපු පිටුව අස්සෙන්....

පෑන විතරක් නෙවෙයි පොටෝ වගයකුත්.....

එකක් චූටි කොල්ලෙක් පොඩි කාලෙ පොටෝ එකක්... තව එකක පිරිමි ලමයි දෙන්නෙක් එක්කෙනෙක් අනිත් කෙනාගෙ කරවටේ අතක් දාගෙන අනිත් කෙනා තඩි මල් පොකුරක් අතේ තියන් ඇස් හීනි වෙන්නම දත් තිස්දෙකම විරිත්තන් හිනා වීගෙන

ඉන්න පොටෝ එකක්....

අනිත් එකේ පොඩි ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.... මොනාදෝ කටවටේම ගාගෙන කන ගමන් ඉන්න පොටෝ එකක්....

ඒවයෙ ඉන්න අයව අදුරගන්න එක දැක්ක ගමන්ම මට පුලුවන් උනා....

මං මෙලී අපි දෙන්නම චූටි කාලෙ එක වගේ....

එතකොට අර පිරිමි ලමයි දෙන්න.... එතනම තිබුන කණ්ණාඩියෙන් පේන මගේ ඡායාව දිහාවට මං හැරුනා.... ඒ මල් පොකුර අතේ තියන් ඉන්න කෙනාමයි..... මගේ පෙනුමත් ඔයා වගේමයි තාත්තා....පෙනුම විතරක් නෙවෙයි හැගීම් වලිනුත් අපි දෙන්නම එක වගේ... පුදුම හිතෙනම දේ තමයි ඒ දෙන්නම තාත්තයි පුතයි උන එකම....

මාමට ඔයා එච්චරටම ආදරෙයි ද තාත්තෙ.....මෙච්චර අවුරුදු ගානකට පස්සෙත්.....මාම ගැන පුංචිම තරහක්වත් නැද්ද.... මට කොහොමත් බෑ ඒ මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් වැරැද්දක් කියන්න ... දැන දැනම හිත් රිද්දගත්තෙ අපි උනාම.....

ම්හ්ම්......

ඇයි තාත්තෙ ඒ.... එහෙම වෙන්නෙ....අපි ඒ තරම් පව් ගොඩක් කරන්නැති ද.....

ඔයාට රිදෙනවද තාත්තෙ.....

එතකොට මෙලී... එයත් ඔයා වගේමයිනෙ.... අනික බ්ලඩ් ගෲප් එකත් මැචින් නෙ.... සමහර විට ඔව් ලවන්‍යට වැරදිලා.... ඒත් ඔයාගෙම දරුව... ඒහෙම නෙවෙයි කියල හිතාගෙනත් ඔයා මෙලීව ඔයාගෙම කරගෙනනෙ.... ඒ පොටෝස් ඒතරම් පරණයි අල්ලලම පොඩි වෙලා අදුරු වෙලා...

.

.

.

.

.

.

"තමුසෙ නම් පුදුම කරදරයක් මෙලී"

"ඔය කොන්ඩෙ අවුල් කරන් ඉන්නෙපා තවුසෙව මෙතන ඉන්න උන්ගෙන් පරිස්සම් කරගන්න වෙනම ගේමක් දෙන්න වෙයි මට "

" කිව්ව කියල හිතාගනිම් මෙලී මට ගෙදර යන්න ඕන... ඔයා දන්නවනෙ මං මිනිස්සු ඉන්න තැන්වලට ආස නෑ කියල... අනික පා'ටිවලට ආසම නෑ"

"කටවහන් එනවකො ඇතුලට යන්න කලින් ටිකක් කතා කරන්න ඕනි මට බඩගිනිත් එක්ක... "

දෙයියනේ කියල නිදහසේ පාඩුවේ ඉන්න වත් නෑනෙ මේ මනුස්සය එක්ක... මොන මගුලක්ද මංදන්නෑ පා'ටියක් කියල මං බෑ කියද්දිම ඇදන් ආවනෙ...  හොටෙල් එකක් ඉස්සරහින් කැබ් එක නවත්තද්දි ඒකට නොයා ඊට එහා පැත්තෙ පොඩි  කොෆි ශොප් එකකට මාවත් ඇදන් ගිහින් එතනින් කැපචිනෝ දෙකකුයි තව සැන්ඩ්විච්තුය් අරන් ඒක ඇතුලෙන් වාඩි වෙන්නෙ නැතුව ආයෙ වටයක් ගහල ගහක් යට හදල තිබ්බ බෙන්ච් එකකින් වාඩි උනා.....

හැබැයි මෙතන නිදහ්ස්..... මං ආසම මෙහෙම ඉන්න.... මිනිස්සු කවුරුත් පේන්න නෑ... අහස පැහැදිලි නිසාම කොළඹ අහසත් නිදහස් කියල හිතුනා.... සමහර විට නිදහස කියන්නෙ හිස් බවට වෙන්නැති....

" ආයු"

"ම්ම්ම්"

".........."

කැපචිනෝ එක බොන ගමන් අහස දිහා බලන් ඉද්දි මෙලී කතා කලත් ආයෙ විනාඩි ගානක් සද්දයක් නැති වෙද්දි එයා ප්‍රශ්නෙකින්ද හිතුනා...

" ඔයා හොදින්ද"

" මං දෙයක් අහන්නද "

" වෙනද ඇහුවෙත් මගෙන් අහලද අහනවකො "

" මං ඔයාගෙ අක්ක කියල හිතුනම මොකක්ද හිතුනෙ "

මං හොදින්ද අහපු එක මගෑරල එයා එකක් අහද්දි මං ඒ අහන දේට උත්තර දුන්නෙ එයාට කතා කරන්න මං අහන් ඉන්න ඕන කියල තේරුන නිසා....

" ම්ම්ම්  සතුටු හිතුනා"

"ම්හ්ම්ම්..."

"ඇයි ඔයාට එහෙම හිතුනෙ නැද්ද"

" හිතුනා ඒත් ඊට වඩා දුකත් හිතුනා... තාත්ත තාම හිතන්නෙ මං එයාගෙ නෙවෙයි කියල "

" අහ්"

" මං එයාගෙම තමයි මං ඩී එන් ඒ ටෙස්‍ට් කලා "

"......."

මොනව කියන්නද මටත් හිතුනා කියන්නද...... ලවන්‍යාගෙ වැරදි කියන්නද.....

" ඔයා ඇහුව මතක ද දවසක් මං කාටහරිම ආදරේ කලාද කියල "

" ......."

හුස්මක් උඩට අරන් එයාම ආයෙ ටිකකින් කතා කලා.... මෙලී අමුතුයි එයාගෙ ඇස් තියෙන්නෙ කෙලින්ම බලාගෙන හැබැයි එකතැනක් දෙයක් දිහා නෙවෙයි.....ඒක හිස් බැල්මක්...එයා මෙහෙම නෑ වෙනදට... ඒකමයි මටත් අමුතුවට දැනෙන්නෙ....

" මං කෙනෙක්ට පට්ටම ආදරෙයි ආයු....ඒත් තවත් මට එහෙම හිතන්නවත් අයිතියක්වත්-... ආයු!"

" ව්...විනුද්... ම්...මෙලී එ එයා"

" ආයු..! "

මෙලී කියාගෙන යද්දි ඇස් කොනට දැකපු දේකුත් එක්ක  ඒ එක්කම හැරිල ඒ පැත්ත බලද්දි දැක්කෙ කා එකකින් ඇවිත් බැහැපු කෙනාව... ම්..මගේ කොල්ලා... එ... එයා... කොච්චර දැක්ක උනත් මනුස්සයෙක්ගෙ මූනක්වත් මතක තියාගන්න බැරි උනත් ලොකු දුරක් තියාගෙනම ඒ මගේ කොල්ල කියල අදුර ගන්න එයාගෙ ඡායාව දකිද්දිත් මට පුලුවන් උනා.....

එයා තව ලස්සන වෙලා

ඇයි ඒ නැන්දලත්...චූටිත් ඇවිත්නෙ....

අද දවස කවද්ද.. එවෙලෙම මං පෝන් එකෙන් දවස බැලුවමයු මට මතක් උනේ....

ආයිශ්.....ඔලුව.....මං අත්දෙකෙන්ම ඔලුව අල්ලගද්දි මට දැනුනෙ ලෝකෙම කලුවර උනා වගේ වෙද්දි ඇගම කඩන් වැටෙනව වගේ දැනුනත් මට විශ්වාසයි මං බිමටම වැටුන්නෑ කියන්න.....

මං දැනන් හිටියෙ නෑ මිනිස්සු ඔය තරම් ආදරේ කියන හැගීමට යටත් වෙන්නෙ ඇයි කියන්න... රිදෙනව කියල දැන දැනම ඉදිකට්ටෙන්  සියදිවි නහ ගන්න මිනිස්සු මෙච්චර පොර බදන්නෙ ඇයි කියන්න මං දැනන් හිටියෙ නෑ...

ඒත් මං දැන් දන්නව...

ඔය කියන හැගීම ම මට උබෙන් දැනුන දවසෙ ඉදන්

ඉදිකට්ටෙන් උනත් සියදිවිනහගන්න ; මං රිදෙනව කියන එකත් අමතක කරපු වෙලාවෙ ඉදන්...

මං දැනගත්තා ඒ හැගීම කොච්චරක් නම් ආත්මාර්තකාමී ද කියන්න ......

🤍

_____________________°________________________________

____________________________________________________________

Share This Chapter