Chapter 9 of 41

නවවන කොටස

No more | Ongoing1,422 words~8 min read

"චූටි...!  තමුසෙට ක්ලාස් නේද ..යනව ගිහින් ලෑස්ති වෙනවා මගුලක් නොකර..."

කඩාගෙන බිදගෙන එන එක මේ අයියගෙයි නංගිගෙයි පුරුද්දක්ද කොහෙද.. චිත්‍ර උගන්නන්නම් කියද්දි  මාව බදාගත්තු කෙල්ල  මොකාද වගේ කඩන් පැනල කෑ ගහපු විනුද්කාරයගෙ සද්දෙත් එක්ක එහාට පැනපු පාර අල්ලගත්තෙ නැත්තන් ඇදෙන් බිම...

"මොකද තමුසෙ කෑ ගහන්නෙ...! වැඩිය සද්දෙ දාගෙන එන්නෙපා හරිත... ක්හ්ම්ම්...මං යන්නම් සුදු චූටි අයියේ... "

එහෙම කියල යන්න ගියපු කෙල්ල දොර ලගට ගිහින් ආපහු හැරුන .... හැබැයි මං දිහාට නෙවෙයි විනුද්කාරයා දිහාට... චූටි කෙල්ල කරන විකාර දිහා බලන් හිටපු මං ආපහු කෙල්ල හැරිලා විනුද් දිහා බලපු නිසා ඒ දිහාට ඇස් අරන් ගියා... එතකොටයි දැක්කෙ මං බලද්දිත් මේ මනුස්සය බලන් ඉදල තියෙන්නෙ මං දිහා කියලා... ඒත් ඒ මූනෙන් කියවුනේ මොකක්ද කියන්න මට තේරුම් ගන්න බැරි උනා වෙද්දි...

"ක්හ්ම් අපිවත් ඔනි වෙයිනෙ එදාට බලාගමු හරිද"

උගුර පාදල එහෙම කිව්ව කෙල්ල දඩස් ගාල දොරත් වහන් යන්න ගියා... මොකක්ද යකෝ ඒකිට උනේ මූටත් කට තියන් ඉන්න බැහැනෙ...

"ම්ම් තාම වොශ් දාල නැහැනෙ යමු මං උදව් කරන්නම් "

කෙල්ල යනවත් එක්කම මගේ මූනෙන් ඇස් අරන් වටේ බල බල කොල්ල කතා කරද්දි මට දැනුනෙ ලොකු වරදකාරී හැගීමක්

"ම් ...මේ විනු..ද්.... ම් මට ඇත්තටම සොරි විනුද්... මං එවෙලෙ ක..."

"දැන් මං මුකුත් කිව්වද... තියෙන මුරණ්ඩු කමනෙ..කෝ නැගිටින්න දැන් ඇගේ රස්නෙත් අඩුයිනෙ...අහ් ඉන්න මං උනු වතුර එක අරන් එන්නම්"

මං ගොත ගගහා සොරි කිව්වෙ දැනුන වරදාකාරී හැගීමෙන්ම වෙද්දි යැයි යැයි ගාල කියවලා මගේ නලලින් අතත් තියලා උනු වතුර එකක් ගේන්න කියල එලියට ගියා....

ඇත්තටම මට දැනුනෙ මාරම අපහසුවක්...කොහොමද එහෙම ගානක්වත් නැතුව ඉන්නෙ...ආර්ග්...හරි මං කතා කරනවා

එතකොට ම කොල්ලා කාමරේට උනු වතුර කේතලේකුත් උස්සගෙන ....මුකුත් ම නොකිය වොශ්රූම් එකට ගියා වෙද්දි ටැප් එක දාල වතුර වැටෙන සද්දෙත් ඇහෙද්දි ඇදෙ වාඩි වෙලා හිටපු මම නැගිට්ටා...

"විනුද්..."

"ම්ම් ...අහ් ආවද කෝ එන්න මෙතනින් වාඩි වෙන්නකෝ"

"මට තනියෙම පුලුවන්... අහ් ම්... අහන්නකෝ මේ ඔයා මාත් එක්ක තරහින් ඉන්නෙ කියල මං දන්නව මං ක්....."

"දැන් මං එකපාරකුත් කිව්වනෙ ත්..."

"නෑ..... හරි .....අපිට පුලුවන් නෙ යාලුවො වෙන්න ....හ ....හරියට චූටියි මායි වගේ අයියයි මල්ලියි විදිහට වඩා හොද යාලුවො විදිහට ඉන්න මං ආසයි අනික හැමතිස්සෙම රවාගෙන පුප්පනවට වඩාඒක හොදයි නෙ...."

මූත් එක්ක කතාකරන්න බෑ මූ කඩන් පනිනවනෙ...කවදාවත් කෙල්ලෙක්ට නම් වසන්න පුලුවන් වෙන එකක් නෑ උපරිම දවසක් ඉදී ඕන්නම්...

කොහොම හරි මට ඕනි උනේ හොද යාලුවො වෙන්න.. මට මාවම පාලනයක් නැතුව කියවගෙන ගියපුවට සමාව ගන්න ඕනි උනත් ඒක ගැන මේකා කතා නොකරන නිසා මං කෙලින්ම ඇහුව යාලුවෝ වෙමුද කියලා...

මං ඒකත් පටල පටල කියද්දි හිස් කේතලෙත් අතට අරන් මගේ දිහාම බලන් හිටපු කොල්ලගෙ මූනෙ හිනාවක් ඇදුනත් මට හිතුනෙම ඒක මවාගත්තු හිනාවක් කියල හරියට අඩන්න බැරි කමට හිනා උනා වගේ.. ඒත් මුගේ මූනෙන් හැගීම් කියවන්න පට්ටම අමාරුයි... කොහොම හරි කියල ඉවර කරපු මං අන්තිම ටික කිව්වෙ ඇහෙන නෑහෙන ගානට...

"ම්ම්ම්.....  එහෙනම් තනියෙම පුලුවන් නේද මාත් ගිහින් වොශ් එකක් දාන් එන්නම්...."

කියපු කොල්ලා මගේ කොණ්ඩෙත් යන්තම් අවුස්සලා යන්න හැරුනා

"මේ ....විනුද්"

"………"

"වොශ් දාල වැව දිහාට යමු.."

"ම්ම්ම්"

කිව්වා හැරුනා ගියා අනේ මන්ද බස්සෙක් වගේ..... ම්ම්ම් ගාන්නෙ  ම්හුක්

එහෙමම වොශ් රූම් එකේ දොර වහපු මං ඇදුම් ඔක්කොම ගලවල දාල කණ්ණාඩිය ඉස්සරහට ගියා.....

තදටම පිච්චිලා කැපිලා ගියපු පාරවල් ඇරුනම කලින් ඇගේ තිබුනු  මාර්ක්ස් ගොඩක් අඩු වෙලා තිබුනා.... ඒකත් මං නින්දෙන් හූරගෙන තූවාල කරන් කියල; එහෙම මේ මාර්ක්ස් හැදෙන්න විදිහක් නෑ කියල දැන දැනත් ගොතපු බොරුවක් කියලා විනුද් ගෙනත් දීපු ක්‍රීම් එක නිසා වෙද්දි ඉතුරු වෙලා තිබුන කැලැල් උඩින් මං මගේ අත අරන් ගියා.... පිටිපස්සෙත් මාර්ක්ස් තියෙයි... ඒවයෙ නම් ක්‍රීම් ගාන්න බැරි උනා මුල් දවස් ටිකෙන් පාස්සෙ මොකද ඒ දවස් ටිකේ මං විනුද් ට ගාන්න දුන්නනෙ .... දුන්නනමත් නෙවෙයි එයාම ගෑවා... ඒත් මං එදා කෑගැහුවට පස්සෙ එයා මගේ කාමරේට ආවෙ නිදාගන්න කියල විතරක් වෙද්දි..... කල්පනා කරකර ම වොශ් දාපු මම  වොශ් රූම් එකේ තිබුන ටවල් එකත් ඇදන් කාමරේට යද්දි දැක්කෙ ඇදේ තිබුන ඇදුම... තෝරල තියල ගිහින් ඒත් ඒ මගේ ඇදුම් නෙවෙයි..

මං ඇදුමත් ඇදගෙන හෙමිහිට ගියේ මගේ කාමරේට එහාපැත්තෙ තියෙන විනුද්ගෙ කාමරේ ඇතුලට.... ආවත් හරි මං මේ ඒකට යන පලවෙනි වතාව.. වහල තිබුන ඩෝ බෝල් එකට අත තිබ්බ ගමන් ඇරුන වෙද්දි මං හෙමීට දොර වහන් ඇතුලට ගියා...මං හිතුවට වඩා පිලිවෙලට ඉන්න එකෙක් වගේ කාමරේ හරි පිලිවෙලට ලස්සනට තිබුනා.... ඇදත් රෙද්ද එහෙම පිලිවෙලට හදල එක නැම්මක් නෑ කොහොමත් ඉතින් මූ රෑට ඉන්නෙ මගේ කාමරේනෙ

ඒත්.....

මේ ඒසී එකක් තියේනෙ....

එතකොට මූ මොකටද මේක රස්නෙයි ඉන්න බෑ කියල ෆෑන් එකක් විතරක් තියෙන මගේ කාමරේට රිංගන්නෙ........

මූට පිස්සුද නැත්තන් ......ම්ම්ම් මේ මොකක්ද ඇයි ඒක එහෙම තියලා..... මං හිතින් කල්පනා කර කරම කාමරේ රවුමක් කැරකෙද්දියි දැක්කෙ ඇදට එහා පැත්තෙන් තියල තිබුන කණ්ණාඩි මේසෙ පිටිපස්සෙ තිබුන  බෝඩ් එකක්... හරියට විශන් බෝඩ් එකක් වගේ ඒත් එක කලු රෙද්දකිනුත් වහලා පිටට පේන්නෙ නැති වෙන්න වගේ මං ඒක ඇදල එලියට ගන්න හැදුවෙ.... නෑ ඉතින් මටත් ඕන්නැති මගුලක් නෑනෙ

මං ඒකට අත කියනකොටම.....

"කවුරුත් කියල  නැද්ද අනුන්ගෙ දේවල් අදින එක හොද වැඩක් නෙවෙයි කියල ම්ම් ඒ වගේම අනුන්ගෙ කාමර වලට හොරෙන් එන එක අනික ඒ මනුස්සය නනා ඉද්දි.."

"අහ්....ම්...මං මේ ක මොකක්ද බලන්න විතරයි ගියේ මේ ඔයා දැන් මොකක්ද මේ කොහේ හරි මං කිව්වෙ වැ...වට යනවද ...."

නාන කාමරේ දොර ඇරෙනවවත් අහුනෙ නැතිවෙද්දි එකපාරටම කන ලගින්ම ආපු කටහඩ එක්ක මං ගැස්සිලා ගියා වෙද්දි ඒ එක්කම මං අනිත් පැත්ත හැරුනා.... 'එයා කඩවසම් .... වයසටත් වඩා මෝරපු පාටයි...'....ටව්ල් එක විතරක් ඇදන් කබඩ් එකෙන් ඇදුම් තෝරන මනුස්සය දිහා බලන් මගේ හිත කිව්ව...බෙල්ල දිගේ බේරෙන වතුර බිංදු කොන්ද දිගේ ගිහින් සුදු පාට ටවල් එක අස්සෙන් හැංගිලා යනව... ඇත්දල පාට ටිකක් තලෙලු හම එයා හරි ලස්සනයි අප්පා... එයා කතා කලේම මට පිටුපාල වෙද්දි අමාරුවෙන් උනත් වචන ගලපන් මං මොකක්ද කිව්වා...

වචන පැටලුනාට මං වැරැද්දක් කලේ නෑ හැමදේම ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන කියනවනෙ නැත්තන් මගෑරුනොත් අපරාදෙ කියල හිතෙන දේවල් තියෙය්ලුනෙ...

"ම්ම්ම්...... මොකද මේ බයවෙලා...."

".......ස්....සොරි මං මේ..."

"ඇදුම ගානට නේ ඔය මං පොඩි කාලෙ ඇදපු එකක්...එන්න කන්න යමු දැන්වත් උදේ ඉදන් මුකුත්ම නෑ බඩගිනියි ඉතින්... පස්සෙ වැවට යං"

"මුකුත් ම නෑ කියන්නෙ අද දවසෙම ප්‍රැක්ටිස් තිබුනා කිව්වනෙ"

"ඉතිං..."

"ඉතිං කියන්නෙ ලමයෝ  කන්නෙවත් නැතුවද් ප්‍රැක්ටිස් හිටියෙ.....!?"

"........"

"තමුසෙට පිස්සුද මනුස්සයෝ...... එනවා යන්න... මොකද ඔහොම බලන් ඉන්නෙ...අහ් ස්...සොරි මං..  "

ඇදුමත් ඇදන් මගේ ලගටම ඇවිත් මොකද බය වෙලා කියල මූනටම නැමිල අහපු කොල්ලා මගේ කොන්ඩෙ අවුස්සන ගමන් ඇදුම ගානට කියල ආයෙ කෙලින් වෙලා කන්න යමු තාමත් මුකුත් කාලා නෑ කියද්දි මට ආපු තරහටම මං ටිකක් හයියෙන් කතා කලා... කෑ ගැහුවෙ නෑ හරිත....කන්න යමු කියල මං ඒකගෙ අතින් අල්ලන් ඇදගෙන යන්න ගියත් අඩියක්ව්ත් හෙල්ලුන් නැති වෙද්දි මොකද අහගෙන හැරුනත් ඇසුත් ලොකු කරන් එයා එකේල්ලේම මං අල්ලන් හිටපු අත දිහා බලන් හිටියා වෙද්දි , මට වගේම ඒක එයාටත් කම්ෆටබල් නැතුවැති කියල හිතුන නිසා දැනුන අපහසුවත් එක්ක සොරි  කියපු මං ඒ අත එකපාරටම අතාරින්න ගියත්,

"ඇයි මෙහෙම කරන්නෙ මට...ම්ම්"

"අහ්..."

"එන්න යමු "

මං අතාරිනවත් එක්කම විනුද් තද කරල මගේ අතේ මැනික් කටුව ලගින් අල්ලගත්ත වෙද්දි ඇහෙන නෑහෙන ගාණට උනත් එයා මුමුනපු දේත් එක්ක පහත දාපු ලොකු හුස්ම  මහ බරට පිටවෙද්දි...මගේ ඇස් දෙක දිහාම මාරුවෙන් මාරුවට බලන් ඉදපු තත්පර ගානකට පස්සෙ තොල් තද කරගෙන යමු කියපු කොල්ලා ඇස් මගෑරන් ඉස්සර උනේ මගේ අත අතෑරලා දාල වෙද්දි..... ඇයි දන්නෑ ඒත් මට ඕනි උනේ අතාරින්න එපා කියන්න ..... ආයෙත් අල්ලගන්න කියන්න ....ඒත් මොකටද...;

.

.

.

.

කෑමත් කාල  මාමත් එක්කත් කතා කරල අද ඉස්කෝලෙ යන්න බැරි උන එක ගැන හිතන්නෙපා කියල මාම හරියට ම හිත කියෙව්ව වගේ මං අවුලෙන් හිටපු එක ගැන දැනගෙන වගේම කියපු දේ නිසා පුංචි ම දෙයක් උනත් මහ ලොකුවට හිතට ගන්න මගේ හිතට දැනුන සැහැල්ලුවත් එක්ක කලින් කිව්ව වගේම විනුද් එක්ක වැව ඉවුරෙ තියෙන මේ ගෙවුන දවස් ගානට මං ආසම තැන්ක් වුන ලොකු කුඹුක් ගහ යට හෙවනෙන් තන කොල උඩ ඉදගත්තු මං ඒ තනකොල වල පිපිල තිබුන දම් පාට චුටි උදුපියලිය මල් එකතුකලා....

කන්න කියල කාමරෙන් එලියට ගිය වෙලේ ඉදන් දැන් වෙනකන්ම විනුද් හිටියෙ ලොකු කල්පනාවක නිසාදෝ මගේ දිහා බලන්න තියා වචනයක් වත් තාම කතා කලේ නෑ.....

නැත්තන් ආයෙත් මූ මං එක්ක තරහ වෙලාද යකෝ මූ කාලගුනේ වගේනෙ....!

" ඔයාට කොහොමද අයුල්"

"ඈ"

මං හෙමීට මල් කඩල එකතු කරද්දි විනුද් හිටියෙත් මං ලගින්ම වාඩි වෙලා වෙද්දි  කොහේදෝ දුරක වැවටත් උඩින් ඇස්තියාගෙන හිටපු විනුද් එකපාරටම ඔයාට කොහොමද අහද්දි මං බැලුවෙ මූට මොකද උනේ කියලා...

"ඔයා ඇහුවා අපිට යාලුවො වෙන්න පුලුවන් ද කියල "

".. ඔව් ඉතිං අප්...."

"එහෙම උනොත් හැමදාම ඉන්නවද.... කොහෙවත් යන්නෙ නැතුව හැංගෙන්නෙත් නැතුව මං ලගින් ඉන්නවද අයුල්....අඩුම මට පේන මානෙන්වත්....... මට ඒ අයිතිය දෙන්න පුලුවන් ද අයුල්... "

------------------------------------------------------------

------------------------------------------------------------

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

"බිදුන මිනිස්සු ආපහු  බිදෙනව දැකල තියෙයිද....

ඒ බිදෙන සද්දෙ අහල තියෙය්ද.....

ඒක  වීදුරු බිදෙනව වගේ නම් නෙවෙයි විනුද්.....

එදා උබ ඉල්ලපු අයිතිය ඕනවටත් වඩා මට ඕන උනා වෙද්දි.... ඒ අයිතිය ඉල්ලුවටත් වඩා ඕන උන විදිහට මං දුන්නැද්ද විනුද්....

ඒ නිසාද මෙහෙම කලේ..... ම්ම්ම්ම්හ්

මං තාමත් හුස්ම ගන්නව විනුද්....

ඒත් හිතනවටත් වඩා ඒක හරි අමාරුයි දැන් ....

මොකද ඒ .....මං එච්චර ටම ලං උනාද විනුද්... උබ එච්චරටම මාව රිද්දුවද ... ඒක මෙච්චර දැනෙන්න තරම් මං උබට ලං වුනාද විනුද්....."

------------------------------------------------------------

------------------------------------------------------------

------------------------------------------------------------අඩුපාඩු තියෙය් නම් කියන්නෝ 🦋

🌼🖤

Contents
Contents