Back
/ 31
Chapter 10

9.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

" අම්මෝ ඉතින් මෙයාගෙ චන්ඩිකම් නම් අද ඊයෙක පටන් ගත්ත ඒව ඇයි දූ "

" Right  , aunty do you remember he actually hit a boy because he hold my hand during pre school concert ?? That was soo funny අනේ. darling ඔයා දන්නෑ නෙහ් ඒ කතාව ? "

අයියෝ මේ මොන කුන්ඩවාලයක්ද අප්පා අපූ වෙලේ ඉදන් කියවන්වා. මටත් මේව බලන් ඉන්න වුනනේ,

" මොකද මං නොදන්නේ අර අපේ ලොකූ ගහකට ඉඳලා අක්කී princess ට හිටපු drama එකේදිනේ ඒ prince ට හිටපු boy ,ඔයාගේ අත ඇල්ලුවා කියලනේ stage එක මැද පෙරලම් ගහල තියෙන්නෙ"අම්මි ඔය කතාව කියල කියලා මට දැන් කට පාඩම්.

එව්ව් අපේ ලොකූ නම් චීත්ත හින්දා පැටලිලා තියෙන්නේ කටේ යන්තන් කිරි දත් එන කාලේ ඉදන්මයි.

මං දැන් ඔය කතාව දන්නෑ කීව නම් ශානි අක්කී තව පැයක් යනකන් වත් ඕක තව රස කර කර කියවන්වා , උදේ කාටත් නොකියා ආපු ශානි අක්කී තව වෙනකනුත් ගියේ නෑ මෙයගේ මේ කතා වලට අපිවත් ඇදල ගන්න නිසා මටත් තාම ගැලවිල්ලක් නෑ. සිහින නම් කාපු ගමන්ම ඔලුව රිදෙනවා කියලා එයාගේ කාමරේට ගියා, හරියට කෑම ටික වත් කෑවෙ නෑ එයා අනිවාර්යයෙන් දුකෙන් ඇත්තේ ඇයි ඉතින් අපූ වෙලේ ඉදන් අක්කී ලොකූගෙ ඇගේ එල්ලිලා එයාලගෙ ඉස්සර කාලෙ දේවල් කියව කියව ඉන්නවනේ. ඒ උනාට ලොකූ නම් හිටියේ ඒ කතා වෙන්නේ එයා ගැන නෙවෙයි වගේ වෙන කල්පනවක.

" By the way Aunty මම අද නිර්වාන් එක්ක dinner වලට එලියට යන්නද? අපේ තාත්තී බැන බැන ඉන්නේ මෙයාට නිකම් වත් එන්නේ නෑ කියලා ඒ නිසා අපේ ගෙදරත් ගිහින් එන්නම්"

" අහ් ඕක මගෙන් අහන්න් ඕනිද දුව, එක්ක යන්න, කොහොමත් මෙයා මට කියලා ගමන්  යන කෙනෙක් නෙවෙනේ "

" ඒ ඉස්සරනෙ Aunty දැන් එහෙම නටන්න බෑ මං ඉන්නවනේ "

" ම්ම් අපි කියන එක අහන් නැති කෙනා ඔයා කියන එක වත් ඇහුවොත් ලොකු දෙයක් "

අම්මෝ මෙයා යන්නද යන්නේ ඇති යන්තම්. එත් මෙයා මේ ලොකූගෙ අයිතිකාරයා වගේ හැසිරෙන් එක තමා අල්ලන් නැත්තේ මට. ඒත් ඉතින් මං කියලා මොනා කරන්නද ලොකූ දැන් ගන්න එපැයි ඒවා දැන් ඉස්සර වගේ නෙවේ එයාට සිහින ඉන්නවනේ. ඊලගට ඒ දෙන්න අතර බොරුවට ප්‍රශ්න අති වෙයි misunderstanding එකක් වුනොත්. දැන්ටමත් සිහිනට දුක හිතිලා ඉන්නේ ඔලුව රිදෙනවා කියලා ගියේම මේ විගඩන් බලම් ඉන්න බැරි නිසා වෙන්නැති. ඒ මදිවට දැන් ලොකූ ශානි අක්කී එක්ක ගියාම?

ශෙනාල් ශෙනාල් ශෙනාල් ඔයා මොකද ඒව ගැන ඔය තරම් හිතන්නේ ලොකූ එවා සිහින එක්ක බලාගනී, ඔයා පඩුවෙ ඉන්න. මගේ මොලේ මට එහෙම කියද්දි හිත නම් කීවේ වෙන කතාවක්

මං කැමති නෑනෙ සිහින දුකෙන් ඉන්නවා බලන්න.

තව ටිකක් වෙලා කියව කියවා ඉඳලා ශානි අක්කී ලොකූ එක්ක යන්න ගියා , මට නිකම් දැනුනේ කූඩුවෙන් නිදහස් කරපු කුරුල්ලෙක්ට දැනෙනවා වගේ නිදසක් ඒ නිසා ලොකූගෙ බයික් එක ගේට ඒකෙන් එලියට දාපු සැනින් මං ඉඩට දිව්වේ අම්මි මොනවද කීවත් ඒකත් ගනම් ගන්නේ නැතුව , කාමරේට යන්න කියලා ආවා වුනත් මහේ කකුල් ඉබේටම වගේ සිහිනගෙ කාමරේ ළඟ නතර වුනා මට එතකොට තමයි මතක් වුනේ සිහින ආපු දවසෙන් පස්සේ එක දවසක් වත් මං එයාගේ කාමරේ අතුලට ගිහින් නෑ නේද කියලා කොහෙවත් තිබ්බේ නැති චකිතයක් වගේ දෙයක් ඇවිත් මොලෙන් ගිහින් උබේ වැඩක් බලා ගනින් කියද්දි මගෙ හිත කීවෙම ගිහින් එයාව ටිකක් බලන්න කියලා, අවුරුද්දක් පුරාවට මොලේ කියන දේ අහපු මං අද හිතට ඉඩ දිලා එයාගෙ දොරට තට්ටු කලා

" සිහින මං එන්නද? "

ටික වෙලාවක් යනකල් සද්දයක් නෑ එයා නිදි ඇති කියලා අපහු යන්න හැරුනත් කාමරේ අතුලිම් එයාගෙ කට හඬ ඇහුනා

" දොර ලොක් කරලා නෑ මල්ලි එන්න. "

මං දොර ඇරන් කාමරේට යනකොට සිහින හිටියේ එයාගෙ බැල්කනි එකට වෙලා පාර දිහා බලාගෙන මාත් එයා ලගට ගිහින් වැටට හේත්තු වුනා. ටික වෙලාවක් යනකල් අපි අතර කතාවක් තිබුනේ නෑ , එයා තාමත් පාර දිහාම බලන් ඉන්නවා ඉර බැහැල යන්න ලං වෙලා නිසා තැඹිලි පාට අව් රැල්ලක් එයාගේ මූනේ පැත්තක වැදිලා එයාගේ මූනට අමුතුම පාටක් අරන් ඇවිත් තිබුනා තැඹිලිත් නොවෙන රත්තරන් පාටත් නොවෙන අමුතු පාටක්, ළඟ තිබුණු ඇට්ටේරියා ගහේ අතුත් හොල්ලගෙන ආපු හුලග එයාගේ මූනෙ වැදුණේ මෙච්චර වෙලා එයාගේ ඇස් මගෙන් හන්ගලා තිබුන කොණ්ඩ රැලි ටිකත් එහාට කරලා, මට දැන් නම් හුලග එක්කත් ඉරිසියයි.

ඇයි සිහින ඔයා මේ තරම් ලස්සන වුනේ? මට ඇස්පිල්ලම් ගහන්නත් ලෝබයි ඔයා ළඟ ඉන්නකොට.

" මල්ලි මම ඔයාගෙන ප්‍රශ්නයක් අහන්නද? "

මෙච්චර වෙලා අපි අතර තිබිණ නිහැඩියාව නැති වුනේ ඒයාගෙ කටහඩට, එයා කතා කරද්දී මට එක පාරට මතක් වුනේ බෝ මලුවක් , දැනිලා තියනවද බෝ මලුවක ඉදන් ඉන්නකොට බෝපත් හුලගට හෙලවෙන සද්දේ එතන නිහඩ බවක් නැතත් හරිම නිස්කලංකයි ඕන තරම් වෙලා ඉදන් ඒ බෝපත් හෙලවෙන සද්දේ අහන් ඉන්න පුළුවන් අහන් ඉන්න තරමට හිත නිවෙනවා මට මේ මොහොතෙ සිහිනගෙ කටහඩ දැනෙන්නෙත් ඒ වගේ.

බොලදයි. මං දන්නවා ඔයාට පරිණත ආදරයක් දෙන්න මං දන්නේ නෑ සිහින. ඒත් මං මෙච්චර බොලද වෙන්නේ ඔයා ගැන හිතද්දී විතරයි. එක දවසක වත් ඔයාට මේ  හැගීම් කියා ගන්න පුළුවන් වුනා නම්.

" ශෙනාල් "

මං පියවි සිහියට ආවේ එයා මගෙ නම කියනකොට , එයා ගැන හිතන්න ගිහින් මට උත්තර දෙන්න අමතක වෙලා

" අහන්න "

" ඔයා කාට හරි ආදරේ කරලා තියනවද? "

මෙච්චර වෙලා සිහින දිහා බලන් හිටි මම එයගෙන් ඇස් අහකට ගත්තේ එයා අහපු ප්‍රශ්නෙට මට ලාවට හිනා ගිය නිසා ඒ හිනාව මං මටම කර ගත්ත සමච්චලයක්.

" මං ආදරේ කරනවා "

එයා දිහා නොබලම මං උත්තර දුන්න, ඒ වචන ටික එයා දිහා බලම් කියන්න තරම් මගේ හිත හයිය නෑ.

ආපු වෙලාවෙ ඉදන් පාර දිහ නැවතිලා තිබුන එයාගෙ ඇස් මගේ පැත්තට හැරුණේ මගෙන් එහෙම් උත්තරයක් එයා බලාපොරොත්තු උනේ නැති නිසාද කියලා මට හිතුනා. ඒත් සිහින ලස්සනට හිනා වුනා.

" ඔයා දැන් ලොකුයි ආදරේ කරන්නත් පටන් අරන් "

සිහින ඒක කීවෙ හරියට එයා මාව පොඩිම.කාලේ ඉදන් දන්න කෙනෙක් වගේ.

" ඔයා මෙහෙ එනකොටත් මං ලොකුයි"  ඇහි බැමත් රැලි කරන් මං ඒ කීව විදියට සිහිනට හිනා ගියා.

" ඒවා නම් අපි දන්නෑ ඉතින්..

මං කීවේ මං එද්දි හිටපු කොලු පැටියා නෙවේ ඉන්නේ දැන් මං ඉස්සරහ යස ඉලන්දාරියෙක්නේ. "

ඒකට නම් මට පොඩි ආඩම්බරයක් ආවේ නෑ කීවොත් බොරුවක්, සිහින මාව පොඩි එකෙක් වගේ දකින් නැති එකම ලොකූ දෙයක් වගේ මට දැනිනේ.

" හැමදාම එක වගේ ඉන්න බෑනෙ ට්කක් වෙනස් වෙන්නත් ඕනි "

" ඇත්ත ඒත් සමහර දේවල් තියනවා කොච්චර උත්සහ කරත් වෙනස් කරන්න බැරි "

" වෙනස් කරන්න බැරි දේවල් ඒ විදියටම තියෙන්න අරින එක තමයි හොදම, වෙනස් කරන්න බෑ කියල දැන දැනම දේවල් වෙනස් කරන්න උත්සහ කරන එක මෝඩ වැඩක් "

සිහින ඒ කීවෙ මොනා ගැනද කියන්න මට අදහසක් තිබුනේ නෑ , ඒත් එයා ඒක කීවේ ලොකු හුස්මකුත් පිට කරන ගමන්, ඒත් එයා ඉන්නෙ මොකක් හරි ලොකු ප්‍රශ්නෙක කියලා නම් මට තේරුනා.

" මල්ලි එහෙමද හිතන්නේ ඒත් අපිට පොඩි කාලේ කීවේ Try and Try one day you can fly කියලනේ "

" ම්ම් එහෙමයි කියලා තටු තිබ්බ පලියට පෙන්ගුයින්ලා මුලු ජීවිත කාලෙම ඉගිලෙන්න උත්සහ කර කර හිටියා නම් එයාලට ඇවිදගෙන යන්න පුළුවන් දුර වත් යන්න බැරි තරමට හති වැටෙනවා "

" ඒත් තටු නැති ඉබ්බෙක්ටත් පුළුවන් උනානෙ අහසෙන් යන්න "

"ඒ ඉබ්බ නැවතුන තැන සිහින දන්නැද්ද? "

" ලීය අත අරින්නේ නැති තාක්කල් ප්‍රශ්නයක් වෙන එකක් නෑනෙ "

" කොක්කු දෙන්නත් ඒ විදියටම අල්ලම් ඉදී කියලා හොදටම විස්වාසද? "

" ලීය අත අරින්න බැරි තරම් ගොඩක් දුර ඇවිත් ඉවරයි මට දැන් තියෙන්නෙ කොක්කු දෙන්න ගැන විශ්වාස කරල ඉන්න එක විතරයි "

සිහින ඒ ටික කීවේ කොදුරලා වගේ ඒත් මට අහුනා අපි මේ වහෙන් ඔරේ කතා කරේ මොනා ගැනද කියන්න මං දන්නේ නෑ එත් සිහින නම් මොකක් හරි ලොකු දෙයක් නොකියා කීවෙ කියල මට හිතුනා.

" මොකක් හරි ප්‍රශ්නෙක ද ඉන්නෙ? "

" මං විකාර කියවනවා නේද ? ඔයාවත් විකාර කරනවා, ඒක නෙවේ දැන් රිසාල්ට් එන්න ලගයි නේද ? ආපු ගමන් ඔයා යනවද මල්ලී ? පහුගිය අවුරුද්දෙම ඔයා ගෙදර හිටියෙ නැති තරම්නේ නැන්දා හැම වෙලම ඔයා ගැනම මතක් කරන්නේ එයා දුකෙන් ඉන්නෙ ඔයා යන එකටත් මා එක්ක නිතරම කියනවා. මල්ලි ගියාම ගොඩක් පාලු හිතෙයි එයාට , නිර්වාන් හිටිය වුනත් ඒයාට වඩා නැන්දා ඔයාට චුට්ටක් වැඩියෙන් ආදරේද මන්දා ,මං ඕක නිර්වාන්ට කීවම එයා කියනවා අම්මා පොඩි කාලේ ඉදන් එහෙමලු එයාට වෙනස්කම් කරනවලු කාණුවෙන් ඇහිදන් ආපු පොඩි ඇටය ඇවිත් එයාගෙන් අම්මව උදුර ගත්තලු අප්පච්චි  නම් වැඩියෙන් ආදරේ එයාට කියලා තමා කීවේ ඔයාටත් එහෙම හිතිලා තියේද ? මට ඉතින් වෙන සහොදරයො නැති නිසා මං දන්නෙ නෑනෙ  ඔය කීවට අම්මලා තාත්තලා එහෙම ළමයින්ට අඩු වැඩි කරලා ආදරේ කරන් නෑනේ , නැන්දා මාමයි ඔය දෙන්නටම ආදරේයි එක වගේ ඔයා යන දුකට තමා කියවන්නේ ඔයා ගැනම. නිර්වාන් වුනත් දුකෙන් ඉන්නෙ ඔයා යන එක ගැන එයා කියනවා එයාට ඔයාව ගොඩක් මග ඇරුනා කියලා. මල්ලි ගියාම ආයෙ එන්නෙ නැද්ද ? "

" ගොඩක් කාලෙකින් "

" ඈ ගොඩක් කාලෙකට පස්සෙද එන්නේ? "

" නෑ ඔයාගෙ කියවිල්ලක් අහුවෙ ගොඩක් කාලෙකින් "

හැමදම වගේ එයාම ප්‍රශ්න අහලා එයාම උත්තරත් දීල රටේම නැති දේවල් කියවලා එයාට ඕනිම ප්‍රශ්නෙ අහල නවත්තන  අවුරුද්දක්ම මග ඇරුන සිහිනගෙ කියවිල. බෝපත් සැලෙන අස්සෙන ගාන්ටාරෙකුත් ගහනවා වගේ ඇහුන හැබැයි මේ පාර නම්.

සිහින මං කීව එකට මොකුත් නොකියා ලාවට හිනා වෙලා අහක බලා ගත්තා.

මං හිතුවට මට එයාව තෙරෙන් ගන්න පුළුවන් කියලා ඇත්තටම සමහර වෙලාවට එයාගේ හැසිරීම් තෙරෙන් ගන්න අමාරුයි.

" එලියට ගිහින් එමුද මාත් එක්ක "

අවුරුද්දක්ම මග ඇරුන එයා එක්ක ගත වෙන මේ වගේ පුංචි වෙලාවන් ගැන මට ලෝබ හිතුනා තව කී දවසක් මෙහෙම එයා එක්ක ටික වෙලාවකට හරි තනි වෙන්න ලැබෙයිද කියලා මට වත් අදහස් තිබුනේ නෑ. ඉතින් මට ඕනි ලැබෙන පොඩි වෙලාවක් හරි එයා එක්ක ඉන්න , ලොකූට වැරැද්දක් කරන්නේ නෑ මම මට ඕනි එයා එක්ක පොඩි මතක ටිකක් ඇති කර ගන්න විතරයි.

" දැන්? "

" ම්ම් මහන්සිද? "

සිහින ගෙදර ආවේ අයියා එක්ක දවසම ඇවිදිලා කියලා මට මතක් වුනේ දැන්, සමහරවිට එයාට මහන්සි ඇති.

" නෑ යමු "

මං හිතුවේ නෑ සිහින කැමති වෙයි කියලා , ඒත් එයටත් මේ වෙලාවෙ තනි වෙන්න හිතෙන් නැතුව ඇති.

" ලෑස්ති වෙන්නකො එහෙනම් , මාත් ඉක්මනට එන්නම්. "

" කොහෙද යන්නෙ ? "

යන්න හැරුන මාව ඇඳන් හිටි ටොප් එකේ කොනකින් අල්ලලා සිහින ඇහුවේ ඇස් දෙකත් බෝල කරන්, එහෙම ඉන්නකොට පොඩි එකෙක් වගේමයි.

" බීච් එකට යමු. "

මං උත්තර දෙද්දී ඒ ඇස් දිලිසුනා හරියටම පොඩි ලමයෙකුට ආසම කෑමක් අරන් දෙනවා කියද්දි වගේ.

.

.

.

අම්මාගෙන කා එකේ කී එකත් අරන් අපි ගෙදරින් එන්න එලියට බැස්සේ රෑට කෑම අරන් එන්නත් පොරොන්දු වෙලා, සිහින අම්මාටත් එන්න කියලා කීවත් අම්මට පේපර් වගයක් බලන්න ඕනි කියලා ගෙදර නතර වුනා.

පැය බාගයක් වගේ ඩ්‍රයිව් කරලා අපි හය හමාර වගේ වෙනකොට බම්බලපිටිය බීච් එකට ආවා මෙතන මං ආසම තැනක් , රෑ වෙනකොට ළඟ ළගම වගේ තියන රෙස්ටුරනට් වල තැන තැන ඇදලා තියන කහ පාට  බල්බ් වැල් වලින් මුලු බීච් එකම වගේ එලිය වෙනවා , බැහැල ගියපු ඉරට සාක්කි දෙන්න වගේ ඉතුරු කරපු තැඹිලි පාට වලා තීරයක් තාමත් අහසේ මැකීයන ගමන් තිබුනා වගේම සිහිනගේ ඇසුත් හොරකම් කරගෙන තිබුනා. එයාට ඒ විදියටම ඉන්න ඇරලා මං ළඟ තිබුන රෙස්ටුරනට් එකකින් බියර් කෑන් දෙකක් අරන් ආවා.

මං එනකොට එයා ළඟ තුබුන බංකුවක ඉඳගෙන මුහුද දිහා බලන් ඉන්නවා, අද දවසේ දෙවනි වතාවටත් මට හුලග එක්ක ඉරිසියා හිතුණේ හිතුන හිතුන විදියට එයාගේ බෙල්ල ලගටම වැවිලා තියන කොන්ඩේ අව්සනවා මදිවට එයා ඇඳන් ඇවිත් තුබුනු සුදු පාට ඔවර් සයිස් ටී ශර්ට් එක ඇතුලටත් රිංගලා තියන විදිය දැක්කම.

ටික වෙලාවකට හරි හුලගට බදා කරන්න හිතන් මං එයා ඉස්සරහින් හිට ගත්තේ එක බියර් කෑන් එකක් එයගේ සිනිදු කම්මුලකට තද කරන ගමන්. ඈත මුහුදේ ඉදන්ම එයාගෙ දැවටෙන්න බලන් ආපු හුලං පාරක් මගේ පිටේ වැදිලා වෙන අතකට හැරිලා ගියා.

" මං ඒත් බැලුවා කොහෙද අතුරුදහන් වුනේ කියලා, "

" මේවා ගෙන්න ගියා "

කම්මුල තද කරන් හිටි බියර් කෑන් එක එයගේ අතින් තියලා මං එයාට එහා පැත්තෙන් ඉද ගත්තා.

" ගෙනාවා වගේම ඔයාටම තමයි බොන්න වෙන්නෙ එහෙනම්  දෙකම "

" ඇයි සිහින බොන්නෙ නැද්ද ? "

" තිත්තයි "

" කලින් බීලා තියනවා ඒ කියන්නේ "

" ඔව් එක පාරක් ඒ ලෙවල් කාලේ ස්පොට් මීට් එක දවස් වල..."

සිහින ඒ ලෙවල් කාලේදී මුලින්ම යාලුවො එක්ක  බියර් එකක් බීලා ඒක ප්‍රින්සිපල්ට අහුවෙලා සමනලී නැන්ද ඒක දැනගෙන කෝටුවක් කැඩෙන්න ගුටි කාපු කතාව රහ කර කර කියන දිහා එක බියර් කෑන් එකක් ඉවර වෙනකල්ම බලන් හිටියා. එයා කියන වචනයක් ගානේ මගෙ කනට යනවටත් වඩා ඒ වචන ගානට හෙලවෙන රෝස පාට තොල් දෙකටම මගෙ ඇස් යන්වා කියලා තේරෙනකොට මං දෙවනි කෑන් එක කඩන්නේ නැතුව ඉන්න තීරනේ කලා.

"මල්ලි කොයි කාලේ ඉදන්ද ඕවා ගන්නේ?"

" වැඩි කාලයක් නෑ "

" ගෙදර එන්නෙ නැතුව ඉදන් ඕවා තමයි නේද කරේ, නිර්වාන්ගෙ තාලෙටම තමයි යන්න හදන්නේ නැන්දා දැන් දන්නවද? නිර්වාන්ට නම් කියලා කියලා අතෑරලනෙ ඉන්නේ ඔයාට නම් ලේසි වෙන්න නෑ හොදේ? මං කියන්නද නැන්දාට , චුට්ටක් බීවට කමක් නෑ ඉතින් කොල්ලොනෙ හැබැයි ඕවා පුරුද්දට ගන්න නම් එපා හොදද දැන් ඉතින් ඔයා ගියාම එහෙ නීති දන්නත් කවුරුත් නෑනේ? නැන්දා කීවා ඔයා ගියාම එහෙ ගෙදර ඔයාට බාර දීලා මාමත් ආපහු ලංකාවට එන්න ඉන්නේ කියලා, ඒකත් හොදයි නැත්තම් නැන්දාට පාලු හිතෙයි ඔයා ගියාම, "

" නැන්දට විතරද? "

" අහ්? "

" දැන් යමු අම්මා බලන් ඇති "

කොහෙන් කතාව පටන් ගත්තත් කැරකිලා මං යන එකටම එයා කතාව අරන් එනකොට මගෙ හිතට තරහක් ආවා, සිහින එක්ක නෙවේ එයාව දාලා යන්න හිත හදන් ඉන්න මං එක්කම, ඒත් දාලා යනවා කියලා හිතන්න වත් කෝ මට අයිතියක් ? මං යන එකට එයාට ටිකක් වත් දුකක් නැද්ද පොඩි පාලුවක් වත් දැනෙන නැති වෙයිද කියලා එයාගෙන අහන්න බැරි කමට මට මං ගැනම තරහක් දැනුනා.

මං යන්න හැරෙනකොට එයත් මොකුත් නාහම නැගිටලා ආවා, ඒ ළගම තිබුන රෙස්ටුරනට් එකකින් රෑට කෑමත් අරන් අපි කාර් එක ලගට එන්න ආව වුනත් මෙච්චර වෙලා සද්ද නැතුව මගෙ ඉස්සරහින් ගියපු සිහින නැවතිලා මොකක් හරි දිහා බලන් ඉන්නවා දැක්ක නිසා මාත් එයා ලගට ආපහු ගියේ එයා ගල් වෙලා වගේ බලන් ඉන්නේ මොකක් දිහාද කියලා බලන්න.

" සිහින "

මං එයාට කතා කරනවත් එක්කම මගේ පැත්තට හැරුන එයා මාවත් පහු කරන් ආපහු අපි ආපු දිහාටම දුවන් ගියේ , මං කියලා කෙනෙක් එතන හිටියෙ නැති ගානට. වුනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව  එයා බලං හිටිය පැත්ත බලනකොට දැක්ක දේ නිසා මටත් උන් හිටි තැන් අමතක වුනා.

මං හිටිය තැන් ඉඳලා මීටර් දහයක් විතර ඈතින් නවත්තල තිබුනේ ලොකූගේ බයික් එක වෙනකොට , බයික් එකට හේත්තු වෙලා හිටපු දෙන්නා ඒයාලගෙම ලෝකෙක තනි වෙලා හිටියා , ඒයාලගේ අත් පැටලිලා තියන විදිය දැක්කම කවුරුත් නැති වෙරළ අයිනක ඒ දෙන්නා කරන්නේ මොකද්ද කියන එක පැහැදිලි වුනත් මං දකින දේ විස්වාස කරන්න බැරි කමට මං තවත් ඒ දිහා බලන් හිටියා, ගත වෙච්චි තප්පර ගානකට පස්සෙ අත් වගෙම එකට පැටලිලා තිබුන තොල් වලින් ඈත් වුන ඒ දෙන්නා බයික් එකට නැග්ගා වගෙම වටේ තිබුන අඩ අදුරත් නැති කරන් බයික් එකෙ හෙඩ් ලයිට් එක පත්තු වෙනකොට මෙච්චර වෙලා ඒ ඉන්නේ ලොකුයි ශානි අක්කී කියලා පිළි ගන්න  අකමැති වෙච්චි හිතත් අසරණ කරලා ඒ දෙන්න එතනින් යන්න යනකල්ම මට හිටපු තැනින් හෙල්ලෙන්න අමතක වුනා.

බයික් එක නොපෙනී යනක්ල්ම බලන් හිටිය මං පියවි සිහියට ආවේ මාවත් පහු කරන් ආපහු මුහුද පැත්තට දිව්ව සිහිනව මතක් වෙලා,

" සිහින please මෝඩ වැඩක් නම් කරගන්න එපා "

එක පාරට හිතට දැනුන බය නිසා මං එයාව හොයාගෙන දීවාත් වැඩි දුරක් නොයා වැල්ලේ දන ගහගෙන අත් දෙකෙනම ඔලුව බදාගෙන ඉකි ගහන සිහිනව මට හොයා ගන්න පුළුවන් වුනා.

වචනයක් වත් නොකියා එයාව මගෙ ලගට ඇදලා ගත්තම එයාත් ඇදිලා ඇවිත් මගේ පලුවට තුරුල් වුනා,

" මල්ලී අනේ ඒ එයා නෙවෙයි නේද ? මට වැරදිලා නේද ?"

තාමත් කදුලු කඩන් වැටෙන ඇස් වලින් මගෙ දිහා බලාගෙන එයා අහනකොට කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව  ගොලු වුනා, ඒ අයියා නෙවෙයි කියලා එයගේ හිත හදන්නද? නැත්තම් ඇත්ත කියලා ඒ ඇස් වලට තව කදුලු දෙන්නද? හිත හදන්න විදියක් හිතා ගන්න බැරුව ඇති තරම් එයාට අඬන්න දීලා මං ඔහේ හිටියා. එයාගෙන් පිට වෙන කඳුළක් ගානේ මගේ ෂර්ට් එක තෙත් වෙනකොට ඒ කදුලු මගේ පපුව අතුලටත් කාන්දු වෙන ගානට  මගේ හිතත් බර කරා.

ලොකු තමුසේ කොහොමද එක මොහොතකට හරි මේ ඇස් අඩවන්න හිත හදා ගත්තේ ?

මෙතනින් එහාට මොම මොම දේවල් වෙයිද  තව කීපාරක් සිහිනගෙ ඇස් මේ විඩියට බොද වෙයිද කියලා හිතන ගමන්

එයාගෙන් පිටවෙන ඉකියක් ගානට රිදෙන පපුවට මම එයාව තව ටිකක් තද කර ගත්ත.

' මොන දේ වුනත් මං ඔයා එක්ක ඉන්නවා සිහින, ඔයාට තනියම අඬන්න ඉඩ තියන්නෙ නෑ මම '

Share This Chapter