Back
/ 31
Chapter 21

20.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

" මට සෙනසුරාදා ක්ලාස් එකක් තියනවනේ "

" අද සිකුරාදනේ. මේ සතියට විතරක් ක්ලාස් එක වෙනස් කරලා අද රෑට ඒක දාගන්නකෝ "

" මං නෝට්ස් හැදුවෙත් නෑ එක පාරට කොහොමද ඔක්කොම කරන්නේ මං ගෙදර ගිහින් උයන්න ගෙවල් අස් කරන්නත් එපැයි "

" උයන්න ඕන්නෑ ඉතින් මං අම්මාගෙන් ඉල්ලන් ඔයාට කෑම එකක් ගේන්නම් රෑට. ඔයා ගිහින් නෝට්ස් හදා ගන්න අද ලෙක්චස් කලින් ඉවරනේ මං ඇවිත් ගේ අස් කරලා දෙන්නම් "

මං එහෙම කීවේ ඉස්සිලා අම්මා නෑ කියල ශුවර් කරන් මේවා ඇහුනොත් මට ඉන්න හම්බෙන්නේ නෑ. මං මේ උදේ පංදර සිහිනව ගාල්ලේ යන්න කැමති කර ගන්න දගලන්නේ.

" කලින් කියන්නයි එක්කෝ. මං අහලා බලන්කෝ ළමයිගෙන් ශුවර් කරන්න එපා හරිද ? මං තියනවා බස් එකක් එනවා."

"අහලා මට කියන්නකෝ. පරිස්සමට යන්න එහෙනම් "

මං කෝල් එක් කට් කරනකොර අම්මා ලෑස්ති වෙලා කාමරෙන් එලියට ආවා.

" හරිද? "

" හරි හරි යං පරක්කු වුණ. "

" ඔයා ඉතින් කැරකි කැරකි ඉදල අන්තිම මොහොතෙනේ ලෑස්ති වෙන්න ගන්නේ ඒ කරලා පරක්කුයි ගානවා "

" ඔව් ඔව් උදේට මං කැරකි කැරකි කිරි කිරි බෝලේ කරන්වනේ මෙතන හට්ටි මුට්ටි තනියම තමා බත් උයා ගන්නේ. අර දරුවා ඉද්දී මට කොච්චර අත ලේසි කරාද එයා ගිය එකෙනුත් මට තමා පාඩුව. කොහෙද ගෙදර දෙන්නෙක් හිටියට ආසාවට වත් කුස්සියට අඩියක් තියන්වද?"

මටත් කට වහන් ඉන්න බෑනේ. දැන් ඔය අහ ගත්තේ.අම්මාට ඒත් තේරෙන් නෑනේ මාත් මේ දගලන්නේ එයාව අපහු අම්මා ගාවට ගෙනත් දෙන්න තමයි කියලා.

ආයේ මොකුත් කියලා අම්ම්ව තරහා කර ගන්න බැරි නිසා මං සද්ද නැතුව ඇවිත් කාර් එකට නැග්ගම අම්මත් තව මොනාද කිය කිය කුටු කුටු ගගා ඇවිත් කාර් එකට නැග්ගා. මෙලහකට මට බැන බැන එන්න ඇති.

මං ඒසී එකත් වැඩි කරලා අම්මව පොඩ්ඩ්ක් කුල් වෙන්න ඇරියේ හෙට ගමන් ගැන කියන්න ඕනි නිසා.

" අම්මා මං හෙට සහිරුලා එක්ක ගාල්ලේ යනවා "

" තාම ඉවර කර ගත්තේ නැන්ද ඔය රට වටේ ඇවිදිල්ල?"

අපරාදෙ උදේ අම්මාව අවුස්ස ගත්තේ. සිහිනව එක්ක යනවා කියලත් කියන්න එපැයි.

" සහිරු මේ හදිස්සියේ යං කීවේ අම්මා උන්ගේ මාමලගේ හොටෙල් එකක් තියනවනේ මේ වීකෙන්ඩ් එකේ එකේ බුකිං ටිකක් අඩුයි කියලා ඇවිල්ල යනවා නම් එන්න කීවාලු ඉතින් ඒ නිසා ගිහින් එන්න හිතුවේ. අනිද්දා හවස එනවා හෙට ගිහින්"

" දැන් කවුරු කවුරුද යන්නේ? "

" මමයි සහිරුයි ඉමල්කයි විහගී තව එයාගේ යලුවො දෙන්නෙක් එනවා කියලා තිබ්බා මං හිතුවේ සිහිනවත් එක්කං යන්න කියලා එයත් ගෙදරට වෙලාමනේ ඉන්නේ "

මං ඇහැ කොනකින් බලල ශෙප් එකේ කියලා දැන්මම අම්මා බෙල්ල හරවලම මගේ මූනේ උඩ පහල බැලුවා.

" සිහිනව එක්ක ගියාට නම් කමක් නෑ හැබැයි හොදට බලා ගන්න ඔයාලාව විස්වාස නෑ මට යාලුවෝ එක්ක ගියාම සිහි නෑනෙ. අර සමනලී තාම හූල්ල හූල්ල ඉන්නේ ඒ දරුවා තනියම ඉන්නෙ එකටත් "

" සිහින පොඩි ළමයෙක් නෙවේනේ අම්මා ඔය ඉන්නේ හොදට "

" හ්ම්ම් ගේ එක්කම ආරක්ෂකයෙකුත් හම්බුන නිසා "

අම්මා අයේත් කුටු කුටු ගාලා මෝනාද කීවත් මට ඒක ඇහුණේ නෑ.

අම්මව ඉස්කෝලේන් දාලා මං ගෙදර එනකොට ලොකූ ශානි අක්කි එක්ක කොහෙද යන්න ලෑස්තිය මූ දැන් ලෙක්චස් යන්නෙම නැද්ද මංදා තව සති දෙකක් වගේ තියෙන්නෙ එයාලගේ එන්ගේජ්මන්ට එකට අම්මාත් මේ වීකෙන්ඩ් එකේ දේවක අංකල්ලගේ දිහා යනවා කීවා ඒ වැඩ කතා කර ගන්න එක අතකට හොද වෙලාවට මං ගාල්ලේ යන්න සෙට් වුනේ නැත්තම් මටත් යන්න වෙනවා. මං එනකොට ලොකූ එනක්ල් ෆෝන් එක ඔබ හිටි ශානි අක්කී ඒක පැත්තකට දාලා මං ගාවට ආවා.

" හායි baby කොහොමද ඔයාට ගොඩක් දවසකින් දැක්කේ. ඔයාලගේ සිහින කුමාරයා මෙහෙන් ගියාට පස්සේ ඔයාව අල්ල ගන්නත් අමාරුයිනේ. ඒක නෙවේ හෙට ඔයත් අපේ ගෙදර එනවා නේද ? තව two weeks වගෙනෙ බබා තියෙන්නෙ වැඩ ගොඩයි "

" මට නම් එන්න වෙන්නෑ අක්කී පොඩි ගමනක් යන්න යෙදුණා "

" oh is that so? කොහෙද ඉතින් යන්නෙ? "

" යාලුවෝ එක්ක ට්‍රිප් එකක් යනවා. මං යන්නද අක්කී එහෙන්ම් වැඩ ටිකක් තියන්වා "

" okay darling see ya "

එතන එයත් එක්ක කතා කර කර ඉන්න උවමනාවක් නැති නිසා මම උඩට එනකොට ලොකූ පඩිපෙළ බැහැන් එනවා.මම ඌව ගනම් ගන්නේ නැතුව එන්න ආවා.

හවස් වෙලා මං සිහිනට කෑම එකකුත් අරන් එහේ එනකොට සිහින පුරුදු විදියටම දොර ඇරලා දාල ගේ ඇතුලට වෙලා ඉදන් නොට්ස් වගයක් හදනවා  කොච්චර කීවත් අහන්නේ නෑ.

" ආව්ව් අනේහ් මොකද කරන්නේ "

මම ගෙනාපු කෑම එකත් මේසේ උඩින් තියලා එයාගේ කන මිරිකුවාම එයා මගේ අත ගසලා දැන්මා.

"දොර වහන් ඉන්න කීවට අහන්නෑ නේද? "

" ඔයා එන නිසානේ "

" මම එනවා කිවට එන වෙලාවක් කිවේ නෑනේ. අයේ එහෙම අහු වෙන්න එපා මට"

" ඇයි නැත්තම් මොනා කරන්නද? "

සිහින එහෙම අහුවම මං එයා ඉදගෙන හිටිය පුටුව දෙපැත්තෙන් අත් දෙක තියලා මගේ තොල් එයාගේ කනේ ගෑවෙන නොගෑවෙන ගන්නට එයාගේ කන ගාවට පහත් වුණා.

" ඊලග පාර ඇත්තටම හපලා ගිලිනවා "

මං කොදුරලා එහෙම කීවම එයාගේ කන් දෙක බලන් ඉදිදි රතු වුණා වගේම මං දැක්කා එයාගේ අත්වලට එයාගේ ටී ශර්ට් එකේ කොනක් පොඩි වෙනවා. එයා ලගින් එන කලෝන් සුවඳ මෙහෙම ඉන්නකොට ගොඩක් තදට දැනෙනවා. ඒක මගෙ හිත එක පාර නිවන්නත් අව්ලන්නත් පුළුවන් විදියේ සුවදක්.

" ශෙනාල් "

සිහින මගේ නම මිමිණුවත් රතු වෙලා තුබුන එයාගේ සිනිදු කන්පෙති චුට්ටක් දත් අතරට අරන් බලන්න ආසාවක් ආව නිසා මං හිටියේ ඒ සිහියෙන්.

" ම්ම්? "

" වළං හෝදන්න තියනවා "

අහ්හ් What did I even expect ? සිහිනගෙන් ඈත් වෙලා මං එයාගේ මූණ බැලුවම ඉන්නවා හොර පූසෙක් වගේ යට් තොලත් හපන් මං දිහා බලාගෙන.

එයාට ගේ අස් කරලා දෙන්න පොරොන්දු වෙලානේ ආවේ එයා කොහොම හරි ළමයි කැමති කරන් ක්ලාස් එක අද රෑට දාගෙන තිබුනා.  ගේ අස් කරන්නම් කීවට වළං හෝදන්න අදහසක් තිබ්බේ නෑ ඒත් දැන් ඉතින් බෑ කියන්නද? අනික ඒ මූණ දැක්කම කොහොමත් බෑ කියන්න බෑ මට.

" මම හෝදන්නම් "

සිහින ක්ලස් එකට ලෑස්ති වෙන අතරේ මං ගිහින් සින්ක් එකේ ගොඩ ගහලා තිබුන වලං ටික හෝදලා කිචන් එකත් අස් කරලා දැන්මා. මේවා කරද්දී තමා තේරෙන්නේ ගෙදර වැඩත් කොච්චර අමාරුද කියලා. මීට පස්සේ පුලුවන් විදියට අම්මාටත් උදව් වෙන්න ඕනි පව් එයා.

මං එතන වැඩ කරලා කොස්සක් හොයන් එනකොට සිහින ක්ලාස් එක පටන් අරන්. එයා ලිවින් එරියා එකේ තැනක වයිට් බෝඩ් එකක් තියාගෙන තමා ක්ලාස් එක කරන්නේ. මං එනවා දැකලා එයා ලැප් එක මියුට් කරලා මං ගාවට ආවා.

" මම පස්සේ අතු ගා ගන්නම් ඕක තියන්නකෝ "

" කමක් නෑ ඔයා වැඩේ කරන්න මං අතු ගාන්නම් "

" එයාලට ගානක් හදන්න දුන්නා මං ඉක්මනට ඔයාට තේකක් හදන් එන්නම් "

සිහින එහෙම කියලා තේ හදන්න ගිය නිසා මාත් අතු ගන්න ගත්තා. ඒ ගමන් නිකමට වගේ එයාගේ ලැප් එකට එබිලා බැලුවේ දැන් ළමයි කීයක් ඉන්නවද බලන්න. මමත් අපේ ස්කූල් එකේ ගෲප් වල ශෙයා කරලා දුන්න නිසා එයාට ළමයි ටිකක් හැදිලා තිබුනා මේ සති දෙකට.

මම හිටගෙන පැත්තකින් එබිලා බැලුව නිසා කැම් එකට මාව අහු වෙන්නේ නෑ. පාට්සිපන්ට්ලා දහතුනයි. මම බලනකොට කට්ටිය විඩියෝ ඔන් කරන් ගානක් හදනවා ඒ සෙට් එක අතර ඒකෙක් විතරක් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා දැකලා මං ටිකක් උනන්දුවෙන් බැලුවේ දැකලා පුරුදු වගේ නිසා.

හොදට බැලුවමයි දැක්කේ අපේ ඉස්කෝලේ දොලහා වසර ඩයල් එකක් මූ මාත් එක්ක වොලිබෝල් ටීම් එකේ හිටපු නිසා මං අදුරනවා ඒත් මූ මොකද මේ ඕලෙවල් ක්ලාස් එකක් අස්සේ රිංගං කරන්නේ? මං දන්න විදියට පොර මැත්ස් කරන්නේ.

කොස්ස පැත්තක දාලා මං අපේ ටීම් එකේ ගෲප් එකෙන් පොරගේ නම්බර් එක හොයාගෙන මැසේජ් එකක් දැන්මේ ලැප් එකේ ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් එක්කමයි.

" උඹ මොකද්ද මේ O/L කොමස් clz එකක් අස්සේ රිංගං කරන්නේ ?🤨 "

දාපු ගමන්ම මැසේජ් එක සීන් වුණා පොර ෆෝන් එක කොට කොටනෙ හිටියේ  හිටියේ.

" හම්මට අයියේ උඹත් ඉන්නවද?🤩 "

" උඹ මැත්ස් නේද කරන්නෙ? "

"ඔව් බං "

" එහෙනම් මගුලක්ද මේකේ ඉදන් කරන්නේ? "

" අපේ කොල්ලෙක් ශෙයා කරලා තියන්වා දැකලා සර් ලස්සන නිසා බං ජොයින් වුණේ. "

යකෝ! මේක හරි මගුලක් වුණානේ.

" තොට සල්ලි වැඩි වෙලාද සර්ලා දිහා බලං ඉන්න ක්ලාස් එන්නේ? "

" රුපියල් 1500 දීලා සතියට පැය දෙකක් ඒ මූණ බලං හිටියට පාඩු නෑ බොසා. ඉන්න ගමන් හිමීට ලයින් කර ගන්න පුළුවන්ද කියලා බැලුවේ. "

" සර්ව ලයින් කරන්න ? මේ මගෙන් කුනුහරප අහ ගන්නේ නැතුව අයින් වෙයන්. "

" උඹට ඇයි ඩෝං ගිහින්. අපිට අමතර විශයක් ඉගන ගන්න බැයිද හරි උට්ටක්නෙ යකෝ "

" උඹව හොයන් ඇවිත් අමතර විශේ පෙන්නන්න කලින් අයින් වෙයන්."

" අනික උඹට ලයින් කරන්න දෙයක් නෑ එයා මගේ! "

"සිරාවටද උඹ කියන්නේ? "

ඌ එහෙම ඇහුවම මම සිහිනගේ ලැප් එකයි වයිට් බෝඩ් එකයි පේන විදියට ෆොටෝ එකක ගහලා යැව්වා.

" හම්මට උඹ සර්ගේ ගෙදරද ඉන්නේ? කලින් කියන්නෙ එපැයි බං "

" දැන් කීවනේ. ඔකේන් අයින් වෙලා වට්සැප් ගෲප් එකෙනුත් ලෙෆ්ට් වෙලා ss එකක් එවපන්. "

" උඹලා නම් මහා කරුම බං.ඉස්කෝලේන් ගියාට පස්සේ වත් සැනසීමක් නෑනෙ "

" 🖕"

පොර ක්ලාස් එකෙන් ලීව් වෙලා ගෲප් එකෙනුත් අයින් වෙලා මට ස්ක්‍රීන්ශොට් එකක් දාලා තිබ්බා.මුන්ගේ වයසටද වැඩ ආවා මෙතන සර්ලා ලයින් කරන්න.

" ආහ් මේක බොන්න "

සිහින ඇවිත් මගේ අතේ තේක තියලා අයේ ක්ලාස් එක පටන් ගත්තා.දැන් මටම කියලා මග් එකක් තියනවා මෙහේ.

" කෝ ඔයාලා ගාන හදලා ඉවරද? හැමෝම වට්සැප් එකට ෆොටෝ ගහලා දාන්න නමත් එක්ක. මම බලලා දෙන්නම් කව්ද මේ ලීව් වෙලා තියෙන්නෙ ?  "

සිහින ළමයිගෙන ඒ ගැන අහනකොට ළමයි මොනාදා කීවත් ඒවා අහන්න යන්නේ නැතුව මම පාඩුවේ තේ එක බොන්න ගත්තා. ඒ ගමනුත් මං කල්පනා කරේ තව කීදෙනෙක් මෙතන සිහිනගේ මූණ බලන්න උවමනාවට ඉන්නවා ඇතිද කියලා. සිහිනට මේ ක්ලාස් කිරිල්ල කරන්න ඕනිමද දන්නෑ. අපරාදෙ අපේ ඉස්කෝලේ බේසාවොන්ගේ හැටි දැන දැන මාත් ගොනා වගේ පොස්ටර් එක ශෙයා කරේ. ඒකේ එයාගේ ෆොටෝ එක අයින් කරන්න කීවා නම් හරි.

මම ඕවා හිත හිත එයා දිහා බලන් ඉන්නකොට උගන්නන ගමන් එයා මගේ පැත්ත බැලුව නිසා මම එයාට ඇහැක් ගැහුවා. ටිකක් වෙලා ගල් ගැහිලා වගේ මං දිහා බලං හිටි සිහින 'පිස්සුද ' කියලා මුමුනලා වෙන පැත්තක් බලා ගත්තත් ඒ වෙලාවේ එයාගේ මූණට ආපු හිනාව නම් මගෙන් හංගන්න බැරි වුණා.

' අයිතියක් නැතුවත් ඔයාට අයිතිය කියන තැනට මං පත් වෙලා ඉන්නේ සිහින. වෙන කවුරුත් ඔයාව අයිති කර ගන්නවාට තියා වෙන කෙනෙක් එහෙම අදහසින් ඔයා දිහා බලනවටත් මම අකමැති වෙලා ඒ නිසා මේ සැරේ නම් ඔයාව මගේ කරන් මිසක් මම නවතින්නේ නෑ. '

.........................................................................

අද නම් මොන විකාරයක් ලීවද මංදා.

මේක ෆිලර් එකක් කියලා හිතන්නකෝ.

ඒක නෙවේ ඔය ගෙවල් වල මෙලෝ වැඩක් නොකර හුරතල් වෙන කොල්ලෝ ඔක්කොම කවදා හරි දවසට තමන් බදින කෙනාට හරි ආදරේ කරන කෙනාට හරි දාස කම් කරන්වාමයි. අත්දැකීමෙන් කියන්නේ🤓

" වළං ටික හෝදලා?"

සුද්ද වගේ ගෙදර වැඩක් පලක් නොකර හිටපු ශෙනාල්ව කුස්සියට යවපු ඒ බැල්ම.

Share This Chapter