Back
/ 31
Chapter 22

21.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

Sihina's POV

" ඕකට ඉතින් ඔච්චර කේන්තී ගන්න ඕනිද? ඌට වැඩක් නෑනේ ඔයාගේ මූණ බලන් ඉන්න ක්ලාස් එන්න. "

" ඒ ළමයා ඇවිත් තියෙන්නෙ මගේ මූණ බලන්න නෙවෙයි හරිද, එයාගේ නංගිට පාඩම් කියලා දෙන්න ඕනි නිසාලු ආවේ "

" ඕකට නංගියෙක් ඇත්තෙත් නෑ "

ඔව් ඉතින් මෙයා දන්නවනේ මෙයාලගේ ඉස්කෝලේ ඔක්කෝගෙම උප්පැන්නේ ඉදන් විස්තර. මට නම් ඕන්නෑ කතා කරන්නවත්. මගේ එකොළහ වසර ක්ලාස් එකට ඊයෙ අලුතින් ආපු ළමයෙක් හිටි හැටියේ අයින් වෙලා නිසා හොයලා බැලුවමයි දැන ගත්තේ මේ මෝඩයා ඒ ළමයට තර්ජනේ කරලා අයින් වෙන්න කියලා. ඒ ළමයට කෝල් කරලා බැලුවම තමයි විස්තරේ කීවේ.මම කොච්චර අමාරුවෙන්ද ළමයි දහතුනක් හදා ගත්තේ ,

" අනික නංගියෙක් ඉන්නව නම් නංගිව එපැයි ක්ලාස් එකට දාන්න ඌ ඇවිත් හරියනවද? "

" එව්වා මං දන්නෑ, එක්කෝ ඔයා මට තව ළමයෙක් ගෙනත් දෙන්න නැත්තම් මගේ පාඩුව පියවන්න "

" එකට දෙන්නෙක් හදලා දෙන්නම්කෝ දැන් බොරුවට මූණ එල්ලන් ඉන්න එපා අරුන් ටික එනවත් ඇති "

" අනේ මේහ් ඔයා ළමයි හදද්දී ඉතින් මගේ කාලේ ගිහින් තියෙයි "

" එහෙම නෑ ඔයාගෙත් හොද කාලෙදී තමා හදන්නේ."

පෙනේද කීව කතාව. ළඟදි ඉදන් ඕනවට වැඩී හොදටම. දෙන්න තියෙන්නෙ ඔලුව හිල් වෙන්න එකක් කරන වැඩ වලට, ඉන්නේ ස්ටේශන් එකේ නිසා මං ඉවසන් ඉන්නේ නැත්තම් දන්නවා මං කරන වැඩේ. හිනාවෙන හැටි විතරක් මෝඩයා.

අපි මේ ගාල්ලේ යන්න හදන්නේ ශෙනාල්ගෙ යාලුවො එක්ක. උදේම එයා මාවත් එක්කන් කොටුව ස්ටේශන් එකට ආවේ 6.45 ට්‍රේන් එක ගන්න. අපි නම් හය වෙනකොට මෙතන ශේනාල්ගේ යලුවෝ ටික තාම නෑ. මම නම් හිටියේ එන්නෙත් නැතුව ඉන්න කරලා තියන ඕන්නැති වැඩේ නිසා ඒත් ඉතින් මාව බලෙන්ම ඇදන් ආවානෙ. මේ ආවට මට හුරු නෑ ඒ ඔක්කොම ශෙනාල්ගේ යලුවොනේ මං නිකම් පිටස්තරයි වගේ හිතෙනවා.

" අනේ සිහින අයියේ, ඔයා ආවා නේද එහෙනම් ? මට සහිරු කීවා ඔයත් එනවා කියලා මං නම් ඒ නිසාමයි ආවේ නැත්තම් මේ හෝතබු රැල එක්ක කවුද අනේ ට්‍රිප් යන්නේ "

මම ශෙනාල්ට රව රවා ඉන්නකොට කොහේදෝ ඉදන් ඇවිත් මගේ අතේ එල්ලුනේ විහගි නංගි. මට එයාව මීට කලින් හම්බ වෙලා තියනවා. මම හිනා වුණා මම තරහෙන් හිටියට මේ ළමයා පලි නෑනේ අනික් එක එයා ශේනලට හෝතබුවා කීව නිසා මම සතුටින්.

" ගුඩ් මෝර්නිං නංගී "

" මෝර්නිං මෝර්නිං දෙන්නටම "

" කෝ සහිරුයි ඉමල්කයි කට්ටියම එකට නේද එනවා කීවේ? තව විනාඩි පහලවෙන් ට්‍රේන් එක එනවා"

හෝත- නෑ මේ ශෙනාල් එහෙම අහනකොට විහගි නංගි උත්තර දෙන්න කලින් සහිරු මල්ලි ඈත් ඉදන්ම ශෙනාල්ට උඩ පැන් පැන අතවනාගෙන ආවත් ශෙනාල් ඒ එයාට නෙවේ වගේ අහක බලා ගත්තා.

" හම්මේ මේ කිබුලියෝ දෙන්නාව මොකටද බං මේවට එක්ක එන්නේ පුදුම කරුමයක්නේ එකෙක් හොයන් එද්දි අනිකා නෑ ඒකා හොයන් එද්දි අනිකා නෑ."

සහිරු මල්ලි එහම කියනකොට තමයි මම එයා පිටිපස්සෙන් ආව ඉමල්ක මල්ලි තව නංගිලා දෙන්නෙකුයි දැක්කේ මේ විහගි නංගිගේ යාලුවො දෙන්නා වෙන්නැති එයාලා නිවුන්නු කියලා මං දැනං හිටියේ නෑනේ.

" ගත්ත ස්නැක්ස් ටික මේසේ උඩ දාලා අවිත් මං ගියේ මොනා හරි අරන් එන්න මං කීවා මේයාට ඉමල්ක එනකල් ඉන්න කියලා කොහෙවත් නොයා "

" අනේ මං ලස්සන සුදු මල්ලී බබෙක් දැක්කා හලෝව් එයාට ගැලපෙන තව කොල්ලෙක් හොයා ගන්න ගිහින් මට ඉන්න තැන සුට්ටක් අමතක වුනා"

" ඒ මංදා උබත් "

" හරි හරි තව ටිකෙන් ට්‍රේන් එක එයි ගන්න තියන එව්වා ඔක්කොම ගත්තානේ මග යන ගමන් නම් අරක නෑ මේක නෑ කියන්න එපා ඕනදෙයක් ආයේ එහේ ගිහින් ගන්න."

" ආයේ මොනා ගන්නද අනේ මේ ඔක්කොම අරන් ආවේ "

" උඹලා ගාල්ලේ නවතින්නද යන්න අපි නම් හෙට රෑ වෙලා ආපහු එනවා "

ගෑනු ළමයි ටික ළඟ තිබ්බ බෑග් ගොඩ දැකලා සහිරු මල්ලි එහෙම ඇහුවා ඇත්තටම එතන සතියකට විතර බඩු තියෙයි කියලා හිතෙන බෑග් ගොඩක් තිබුනා. මං ශෙනාල්ගේ පිටිපස්සෙන් ඉදන් එයාලාගේ කතා අහන් හිටියා මං ඉතින් අදුනන්නේ නෑනේ මෙයාලව වැඩිය. ඒත් මට එහෙම ඉන්න වුණේ ටික වෙලාවයි අර කොල්ලො ජෝඩු කරන්න ගිය නංගි ශෙනාල්ගේ පැත්තකින් එබිලා මට හිනා වුණා.

" හායි ඔයා සිහින අයියා නේද? ".

ඒ නංගි මට කතා කරන නිසා ශෙනාල් අපි දෙන්න මැද්දෙන් අයින් වෙලා තඩි බෑග් එකක් උස්ස ගන්න බැරුව දගලන විහගි නංගි ගාවට ගිහින් තඩි ඒ බෑග් එක උදුරලා වගේ අරගත්තා.

" මෙහෙ දෙනවා ඕක මොනාවා උස්සන් එනවද දන්නෑ "

" පිස්සෝ! ඔහොම අදින්න එපා මගේ කැම් එක ඔය. පරිස්සමට ගන්නවා. තමුසෙ වැටුනත් කමක් නෑ ඕක වට්ටන් නැතුව "

" හලෝව් අයියේ??? "

ශෙනාල් දිහා බලන් හිටි මට ඉස්සර හිටි කිඹුල් නංගිව මගෑරුනා.

" හායි "

" හායි හායි ඔයා හරි කියුට් අනේ "

" සිහින අයියේ මේ ඔයාට අදුන්නලා දෙන්න බැරි වුනානේ මේ ඉන්නේ මගේ යලුවෝ දෙන්න "

අර නංගි කීව එකට රියැක්ට් කරන්න හිතා ගන්න බැරුව ඉදන් ශෙනාල්ට එයාගේ බෑග් එක දීපු විහගි නංගි අපි ගාව අවේ අනික් කිඹුල් නංගී එක්කමයි.

" හායි අයියා මම තිසාරි "

" මම සිතාරි "

සිතාරි තිසාරි දෙන්නම එක පාර එයාලගෙ නම් දෙක කියලා මගේ පැත්තට අත දික් කරනකොට එයාලගේ නම් දෙක කියව ගන්න ගිහින් මගේ දිව ටැපලුනා. ඒ දන්න නිකම් අර ගාෆීල්ඩ් එකේ සිංදුයි බිංදුයි වගේ , එකම වගේ එකම විදියට ඇදලා කටහඩත් එක වගේ.

" හායි මම සිහින "

" අනේව් ඔයා ශෝයි අනේ "

" අයියා ගනම් ගන්න එපා හොදේ මේ ඩබලට සුට්ටක් විටර පිස්සු.ඒත් හොදයි "

විහගි නංගි එහෙම කියද්දි ඒ දෙන්නා ගිහින් විහගි නංගිගේ අත් දෙක දෙපැත්තෙන් එල්ලුනා. ඒකත් එකම වෙලාවේ. දැන් ඒ දෙන්නගෙන සිතාරි කවුද තිසාරි කවුද කියලා හිත හිත ඉද්දී අපේ ට්‍රේන් එක එනවා කියලා අනව්ස්මන්ට් එක ඇහුනා.

" එහා පැත්තේ ෆ්ලැට්ෆෝම් එකට නේද එනවා කීවේ යමු බෑග් ටික ගන්න."

ඉමල්ක මල්ලි එහෙම කියලා ඉස්සර වුණේ කිබුලි නංගිලා අරන් ඇවිත් තිබ්බ බෑග් වලි එකකුත් අරන් අනික සහිරු මල්ලිගේ ඇගේ ගහලා. කෙල්ලො තුන් දෙනා අත් වන වන යනකොට කොල්ලෝ ටික බෑග් උස්සන් ගියා. විහගි නංගිගේ කැම් බෑග් එකයි අනිකයි දෙකම ශෙනාල් ගාව. උදේ වෙනම බෑග් එකක් ගෙනියන බෑ කියලා එයාගේ ඇදුනුත් මගේ එකට ඔබපු මනුස්සය දැන් එකට දෙකක්ම උස්සන් යනවා කිසි ගානක් නැතුව. මට පුළුවන් නම් එයාගේ ඇදුම් ටික අරන් මෙතනම බිම දානවා අතේම අරං යන එකයි ඇත්තේ කියලා. මහ ලොකුවට ට්‍රිප් එක්කන් ආවට දැනටම මං කියල කෙනෙක් නෑ වගේ යනවා ඉස්සර වෙලා.

මං හිතුව එක ඇහුනා වගේ ශෙනාල් පිටි පස්ස හැරිලා මගේ පැත්තට අතක් දික් කලා හහ් හිතන් ඇති අත දික් කල පලියට මං ඇවිත් අල්ල ගනී කියලා, මට ඕන්නෑ කොහොමත් මං තරහා වෙලානෙ ඉන්නේ. මං එයාව ගනම් ගන්නේ නැතුව ඉමල්ක මල්ලි ලගට ගියා.

අපි ප්ලැට්ෆෝම් එකට එනකොටම වගේ ට්‍රේන් එකත් ආවා. මේයාලා කලින්ම සෙකන්ඩ් ක්ලාස් ටිකට් බුක් කරලා තිබුන නිසා අපි කිසි කලබලයක් නැතුව නැගලා අපේ කෝච්චි පෙට්ටිය හොයා ගත්තා.

" බෑග් එක දෙන්නකෝ උඩට දාමු "

දැන් තමයි මගේ බැග් එක මතක් වෙලා තියෙන්නෙ. එයා මොකටද මටත් පුළුවන් බෑග් එක උඩට දාන්න. එහෙම හිතලා මං ශෙනාල්ටත් රවලා බෑග් එක උඩට දන්න යනකොට කෝච්චිය ගැස්සිලා යන්න පටන් ගත්ත නිසා අත් දෙකම උඩට කරලා බෑග් එක දාන්න ගියපු මට බැලන්ස් එක නැති වෙලා වැටෙන්න ගියත් මගේ පිටිපස්සෙ හිටි ශෙනාල් මගේ ඉන වටේ අතක් යවලා මාව අල්ල ගත්තා.

" පණ්ඩිතයිනේ "

ශෙනාල් කොදුරලා වගේ එහෙම කියනකොට එයාගේ හුස්ම මගේ බෙල්ලේ වැදිලා ඇග පුරාම හිරියක් දුවනකොට මගේ අතින් බෑග් එක අතෑරුනා. මෙයාගේ මේ කනට කෙදිරිල්ල නම් ඉක්මනට මොකක් හරි කරලා නවත්තන්න වෙනවා.

" හු&# "

අ(වා)සනාවන්ත විදියට මගේ අතින් අතෑරුන බෑග් එක වැටිලා තිබුනේ එතන සීට් එකේ ඉදන් හිටි සහිරු මල්ලිගේ ඔලුවට, කොහොමත් මට එයාට එකක් ඇන ගන්න උවමනක් තිබ්බා මගේ අහිංසකයාට බොන්න දුන්න එකට. හොද වැඩේ.

" සොරි මල්ලී "

" ආහ් අව්ලක් නෑ අයියේ වැඩිය රිදුන්නෑ "

" ඔතන ඉදන් මගුල් නටන්නේ නැතුව මෙන්න මෙහෙම ඉද ගනින්කෝ "

සහිරු මල්ලී එහෙම කියනකොට මං ඉක්මනට ශෙනාල්ගේ අත අයින් කරලා ගිහින් ඉමල්ක මල්ලිගේ එහා පැත්තෙන් ඉද ගත්‍තා. ජ්නේලේ අයිනෙ පැත්තෙන් ඉඩ

තියලා ඒ දෙන්න එක සීට් එකක ඉන්නකොට අපිට ඉස්සරහ සීටි එකේ නංගිලා ටික ඉදන් හිටියා.

" එහාට යන්න "

මගේ බෑග් එක රැක් එකට දාලා ඇවිත් ශෙනාල් මට එහාට වෙන්න කීවේ ඇහි බැමත් රැලි කරලා අමුතු විදියට බලන ගමන්, ඇයි දන්නෑ එහෙම බලන්නේ. ඉමල්ක මල්ලි ලගින් ඉදන් හිටි මම ජනේලේ අයිනට යනකොට ශෙනාල් ඇවිත් මමයි ඉමල්ක මල්ලි මැද්දෙන් ඉද ගත්තා. එයා කීව නිසා නම් නෙවෙයි මං එහාට ගියේ ජනේලේ ළඟ ගියාම මුහුදු බලන්න පුළුවන් නිසා. මම මීට කලින් කවදාවත් ට්‍රේන් එකේ ගිහින් නෑ අපේ පැත්තේ ට්‍රේන් නෑනෙ ඉතින් යන්න.

" දැන් පැය තුනක්ම උඹලාගේ නරි මූණු දිහා බලං යන්න ඕනිද ? ඔයාට නෙවේ හොදේ අයියේ ඔයා ලස්සනයි "

සිංදුයි බිංදුයි දෙන්නගෙන් එක්කෙනෙක් එහෙම කීවම ශෙනාල්ලුයි ඉමල්ක මල්ලි නැත්ත සහිරු මල්ලි මූණ ඇද කර ගත්තා.මට නම් අදාල නෑ කොහෙමත් මං ලස්සනයි කීවනේ.

" මූණු බලන්න බැරි නම් අහක බලං යමං. මෙහෙම කතා අහ අහ උඹලව ට්‍රිප් එක්ක යන මට මඩු වලිගෙන තලන්න ඕනි "

" අනා සූටියට තරා ගියාද මං ඔයාට අල ගෙනත් දෙන්නද කොන්ඩේ වැවෙන්න? "

" අල එපා මඩු වලිගයක් ගෙනත් දෙමු "

" මගෙන් කුනුහරප අහ ගන්නැතුව ඉදහන් සිතාරි "

" සිතාරි නෙවේ මම තිසාරි "

" හරි හරි රණ්ඩු වෙන්න එපා ළමයිනෙ අපි මොනා හරි කරමු ඉතින් කම්මැලිකම යන්න "

විහගි නංගි සාම විනිසුරු වගේ මැද්දට පැනලා සහිරු මල්ලිගෙයි කිබුල් නංගිලා දෙන්නගෙයි රණ්ඩුව බේරුවා. ඉමල්ක මල්ලි ශෙනාලුයි මේ රණ්ඩු දිහා බලන් ඉන්නේ හැමදාම දැකලා පුරුදුයි වගේ. මේ හිටපු ටික වෙලාවට මට තේරුණා එයලා බොරුවට රණ්ඩු කරත් හුගක් එකතුයි කියලා. මට ස්කෝලෙදි මගේ එක්කම හිටි යාලුවා ඇරෙන්න මෙහෙම යාලුවෝ නෑනෙ. මම ගියේ මික්ස් ස්කූල් එකකට වෙලත් මට ගෑණු යාලුවෝ හිටියේ නෑ හිටියේ මං අදුනන අය විතරයි එයාලා ඇදිනුව පලියට යාලුවො වෙන්නේ නෑනේ ඉතින්.

" මොනාද කල්පනා කරන්නෙ ම්ම්? "

" මොකුත් නෑ "

අයියෝ අමතක වුනානේ තරහයි කියලා අයේ නම් කතා කරන්නේ නෑ. ශෙනාල් මගේ මූණට එබිලා යන්තම් හිනාවෙන ගමන් බලන් ඉන්නකොට මං එයාට රවලා එහාට කරා. එනවා මෙතන කෝලං කරන්න.

" අපි මොනාද ඉතින් කරන්නේ? "

" සිංදු කියමුද? "

" බෑ පිස්සුද මෙතන තව මිනිසුන් ඉන්නවා උඹලගේ කටහඩවල් අහල පුපට එකක් දිලා එලියට දායි "

" ඉමල්ක කියන්නකො අයියෝ මොකක් හරී "

" මං ඕවා දන්නෑ බං මට නම් දැන් ඕනි නිදා ගන්න "

" නිදා ගන්න එපා අනේ අපි ගැහැනු පිරිමි මල් පලතුරු කරමුද?"

" පිස්සුද ඒවා මේ පොඩි ලමයිගේ සෙල්ලම් නේ අනික මොනවගේ ලියන්නද?"

" මං ගාව පොතුයි පෑනුයි තියනවා මම අරං ආවේ "

සිංදුයි බිංදුයි දෙන්නගෙන් එක්කෙනෙක් එහෙම කියලා එයාගේ බෑග් එක අරන් පොතුයි පෑන් වගේකුයි එලියට ගත්තා. එක අතකට ඒ බැග් එච්චර ලොකු වෙච්චි එක අහන්න දෙයක් නෑ. නැති දෙයක් නැද්ද කොහෙද ඒකේ අර හමයිනිහගේ බෑග් එක වගේ.

" උඹ ඕකෙන් චීන මහා ප්‍රාකාරෙ එලියට ඇදලා ගත්තත් මං නම් පුදුම වෙන්නේ නෑ."

" අපහාස එපා! උඹලා අරව නැද්ද මේවා නැද්ද කියලා අහං එනවනේ ඔය කීවට "

ටික වෙලාවකින් ගැහැනු පිරිමි මල් පලතුරු පොඩි ළමයින්ගෙ වැඩක්නේ කියලා කීව අයම අනික් අයටත් වඩා කෑ ගහ ගහ සෙල්ලම් කරන්න ගත්තා එතකොට තමයි හිතුණේ සිංදු කීවා නම් ඊට  නම්බුයි කියලා. ඒ නිසා ශෙනාල්ටයි  ඉමල්කටයි  සැරින් සැරේ අපිට මතක් කරන්න වුණා අපි ඉන්නේ කොහෙද කියලා. කිඹුල් නංගිලා දෙන්නාව අදුනන්නේ නැති නිසා වැහිලා තිබ්බ මගේ කටත් සෙල්ලම් කරන්න ගිහින් අපූරුවට ඇරුනා. ඒ ළමයි දෙන්නා හරි ශෝක් දැන් මට සිංදුයි බිංදුයි වෙන් කරලා අදුන ගන්නත් පුළුවන්. සිතාරි වමත් තිසාරි දකුණත්.

" විහා දැන් ඔයා අකුරක් කියන්න "

" ම්ම්ම් මියන්න "

ඉස්සරහ නම් මම අපේ නෑදෑ වෙන නංගිලා මල්ලිලා එක්ක මේ සෙල්ලම් කරනකොට ගැහැනු පිරිමි මල් පලතුරු සතෙක් ගමක් දාලා තමා කරන්නේ ඒත් මේ. ගෙනත් තිබ්බ පොඩි පොත් වල ඉඩ මදි නිසා අපි සතෙක් ගමක් අයින් කරලා තමා සෙල්ලම කරේ.

" හරි හරි මං ඉවරයි 1 , 2, 3, 4 ,5 ,6 ,7 ,8 ,9,10  හරී දැන් නවත්තන්න ලියන එක "

මේ ළමයින්ට වඩා ඉතින් මට මොලේ තියන නිසා හැම රවුන්ඩ් එකේම් ඉස්සෙල්ලාම ඉවර කරන්න පුළුවන් වුණා. අනික දැනටම වැඩිම ලකුණුත් මට.

" හරි කියන්න ගෑණු ළමයෙක්ගේ නම මොකද්ද ?"

" මිහිරි " " මිතුනි" .....

ගෑණු ළමයින්ගේ නම් නම් හැමොම ලියලා තිබුනේ වෙනස් ඒවා. ඒ නිසා හැමෝටම දහය ගානේ හම්බුනා

" හරි දැන් පිරිමි ළමයිගේ නම් කිය්නන "

" මිහිර " " මිතුන් " " මිගාර" " මිස්සක "        " මිලාන්"

" මින්සිත "

" මාත් මින්සිත කියලා ලීවේ "

කිබුලියෝ දෙන්නයි සහිරු මල්ලි ඉමල්ක මල්ලි ශෙනාලුයි එක එක නම් ලියලා තියනකොට මම ලීවේ ශෙනාල්ගේ නමේ ඉතුරු කෑල්ල ඒත් විහගි නංගිත් ලීවේ ඒකලු දැන් ඉතින් ලකුණු කැපෙන්වනේ. එයාට වෙන එකක් ලියන්න තිබුනේ.

" මල මොකද්ද "

" මිහිරි මල් "

" ඒ මොන මලක්ද බං බොරු ලියන්න ඔට්ටු නෑ උඹ ඉස්සෙලත් හොරාට ලකුණු දාගත්තා "

" එහෙම මලක් තියන්වා "

"කොහෙද තියෙන්නෙ පෙන්නපං බලන්න "

" සිහින අයියලාගේ ගමේ තියෙන්නෙ නේද සිහින අයියේ තියනවා නේද ? "

" ඔව් දම් පාටයි වැව් ළඟ හැදෙන්නේ "

මං එහෙම කීවම සිතාරි මට අහැක් ගැහුවා. අපි දෙන්න මේම තමයි වැඩිම ලකුණු මේන්ටේන් කරන් ආවේ. ඒත් ඉස්සෙල්ලා මින්සිත කියලා ලියලා මට ලකුණු අඩු වුණ නිසා දැන් නම් මේක ඇති මට. එතනින් පස්සේ හැමෝටම ඒක එපා වුණ නිසා අපි ඒ වැඩේ නතර කරලා දැන්මා. ශෙනාලුයි ඉමල්කයි නම්.සෑහෙන ලොකු හුස්මක් පිට කරා දැන් ඇතී කීවම.පව් තව සෙල්ලම් කරන්න ඕනි වෙලාද කොහෙද

සෙල්ලම් කරන අතරේ මගදි කන්න කියලා ගෙනාපු ඒවත් සේරම ඉවර වුණ නිසා. හැමෝගෙම කටවල් වැහිලා නින්ද යන ගමන් තිබුනා. ට්‍රේන් එකට එන්න නිසා උදේම ඇහැරුනානේ ඒ නිසා කම්මැලියෝ ටිකට නිදි මත ඇති මම නම්.කොහොමත් උදේම ඇහැරලා පුරුදු නිසා ලොකු නිදිමතක් තිබුනේ නෑ තව පැය එක හමාරක් වගේ තියන්වා ගාල්ලට යන්න මම ජනේලෙන් එහා පැත්තේ සැරින් සැරේ මතු වෙලා නැති වෙලා යන මුහුද දිහා බලං හිටියේ ඇරලා තියන ජනේලෙන් එන මුහුදු හුලගත් විදින ගමන්.

ටික වෙලාවක් යනකොට මගේ උරහිස බර වෙනවා වගේ දැනුන නිසා බලනකොට ශේනාල්ට නින්ද ගිහින් මගේ උරහිසට බර වෙලා. එයා මට වඩා ටිකක් උස නිසා මම සීට් එකේ පස්සට වෙලා එයාගේ ඔලුව හරියට හදාලා තියාගත්තේ ඒ ඉන්න විදියට එයාගේ බෙල්ල රිදෙයි කියලා හිතුන නිසා.

කෝච්චිය ගැස්සෙන එක වත් ගානක් නැතුව හැමෝටම නින්ද ගිහින්. සහිරු මල්ලි නම් කටත් ඇරන් නිදි ඉමල්ක මල්ලි එයාගේ බෙල්ල අස්සේ මූණ ඔබාගෙන නිදි. සිංදුයි බිංදුයි විහගි නංගිගේ උරහිසට බර වෙලා නිදි.විහගිත් සීට් එකට හේත්තු  දාගෙන නිදි. පුදුම නිදි කුම්බරයෝ ටිකක් එක්ක තමයි මමත් ට්‍රිප් ඇවිත් තියෙන්නෙ.

අනික් අය ගැන කවර කතාද මාව එක්ක ආපු මනුස්සයත් නිදිනේ. කූද්දලා ඇහැරවන්නත් හිතෙනවා ඒත් ඒ මූණ දැක්කම එහෙම කරන්නත් බෑ. තරහා වෙලා ඉන්නවා කීවට මට එහෙම ඉන්නත් බෑනෙ. මීට කලින් කා ගැනවත් දැනුන නැති විදියේ හරි හුරු පුරුදු හැගීමක් මට ශෙනාල් ගැන දැනෙන්න පටන් අරං. එයා සමහර දවසට ඇවිත්  මුලු දවසම මා එක්ක ඉදලා ගියාම මට කියන්න බැරි තරම් පාලුවක් දැනෙනවා ඉතින් ඒ වගේ වෙලාවට මොකක් හරි බොරු හේතුවක් හදාගෙන මම එයාට කෝල් කරාම එයා මට නින්ද යනකල්ම මම කියවන විකාර අහන ඉන්නවා. ශේනාල් නිසායි මට මම තනි වෙලා නෑ කියලා හිතෙන්නේ. එයා  හැම වෙලාවෙම වගේ මං ළඟ හිටියා වැඩියෙන්ම මගේ අමාරුම කාලෙදි. ශෙනාල් ගැන මට දැන් මහා ලෝබ කමක් දැනෙන්න පටන් අරන්

" සිහින ~ "

" ම්? "

" නින්ද ගියේ නැද්ද ?"

" ම්හු "

" ඔයා ළඟ සුවඳයි. මම තව ටිකක් මෙහෙම ඉන්නද? "

පැයක් විතර වෙනකල් මගේ උරහිසේ ඔලුව තියන් හිටි ශෙනාල්ට ඇහැරිලා තිබුනත් එයා මිමිනුවේ නිදිමත් බේරෙනෙ කටහඩකින්, එයා එහෙම කතා කරනකොට එයාගේ හුස්ම ඇවිත් මගේ බෙල්ලේ වැදිලා මුලු ඇගම හිරි වැටිලා යන නිසා මම නම් හිටියේ වචන පිට කර ගන්නත් අමාරුවෙන්. ඒ කරලා එයා ඊලගට කරපු දේ නිසා නම් මගේ හාට් එකත් පිස්සු නටන්න ගත්තා. මං ළඟ සුවදයි කියපු ශෙනාල් එයාගේ තොල් මගේ බෙල්ලේ ගෑවෙන නොගෑවෙන තරමට තවත් මූණ බෙල්ල අස්සෙම ඔබාගෙන ලොකු හුස්මක් ගත්තා. මං හිතන්නේ එයා තාමත් ඉන්නේ අඩ නින්දෙද කොහෙද ?

" ශෙනාල් "

" ම්ම්? "

" නැගිටින්නකෝ මගේ උරහිස රිදෙනවනේ"

තවත් මගේ බෙල්ලට වදින එයාගේ හුස්ම රැලි දරා ගන්න බැරි වුණ තැන මම පොඩි බොරුවක් කියලා එයාව නැගිට්ටනකොට එයා ඉද්ද ගැහුවා වගේ මගෙන් ඈත් වෙලා හරියට ඉද ගත්තා. පව් කියලත් හිතුන ඒ කලබල වුන විදියට.

" සොරි සිහින මට නින්ද ගියා. ඇයි මෙච්චර වෙලා හිටුයේ ඇහැරවන්න තිබුනනේ. ගොඩක් රිදෙනවාද? "

මම නෑ කියන්න ඔලුව වැනුවම එයා අමුතු විදියට මං දිහා බලන් ඉන්නවා දැකලා මට දුකත් හිතුනා. ඒත් ඇත්ත හේතුව කියන්න බෑනේ එයා මොනා හිතයිද ?

" අපි දැන් බහින්න ලගයි නේද ? "

කතාව වෙනස් කරන්න ඕනිවට මං එහෙම අහුවම එයා ෆෝන් එක අරං වෙලාව බැලුවා.. අනික් නිදි කුම්බරයෝ ටිකත් ඇහෙරෙන් ගමන් හිටියේ

"ගුඩ් මෝර්නිං මම මේ කොහෙද ඉන්නේ? "

සහිරු මල්ලි නැගිටලා මෝඩ ප්‍රශ්නයක් ඇහුවත් කවුරුත් එයාව ගනම් ගත්තෙ නෑ පව් අනේ.

" බෑග්ස් ලගට ගන්න අපි බහින්න ඕනි ඊලග ස්ටේශන් එකෙන් "

ශෙනාල් එහෙම කීවම කට්ටියම ඇගමැලි කඩලා නැගිටලා බෑග්ස් ලගට අරන් බහින්න ලෑස්ති වුණා. අපි බහිනකොට අපීව ගන්න හොටෙල් එකෙන් වෙහිකල් එකක් ඇවිත් තිබුණා.ඒකෙ නැගලා අපි හොටෙල් එකට එද්දි උදේ දහයයි කාලයි.

මම හිතුවට වඩා හොටෙල් එක ලොකුයි එත් ඇතුලේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ ෆොරිනස්ලා කීප දෙනෙක් ලොබි එරියා එකෙන් එහාට මෙහාට ගියා. සහිරු මල්ලි නම් කීවේ දැන් ඔෆ් සීසන් නිසා ක්‍රවුඩ් අඩුයි කියලා නැත්තම් ආසාවට වාත් රූම් එකක් ගන්න බැරිලු.

සහිරු මල්ලි ශෙනාලුයි රිසෙප්ශන් එකට ගියපු නිසා අපි ටික ලොබි එකේ ඉදන් හිටියා. සිංදුයි බිංදුයි නම් විහගි නංගි එක්ක එකතු වෙලා ආපු වෙලේ ඉදන් වටේ කැරකි කැරකි සෙල්ෆි ගහනවා.

" සිහින අයියේ එන්නකෝ "

ඒ දෙන්නා ඇවිත් මාවත් ඇදගෙන ගියපු නිසා ඉමල්ක මල්ලිට වුණා අපේ ඔෆොඉශියල් ෆොටෝගැපර් වෙන්න.

" මේ උඹලා දන්නවද එක දවසක සෙල්ෆි දහයකට වඩා ගන්නවා කියන්නේ මානසික ලෙඩක් කියලා."

අපි ෆොටෝ අරන් එනකොට වෙල්කම් ඩ්‍රින්ක් එක සව් කරල තිබුන. රූම් කී අරන් එතනට ආපු සහිරු මල්ලි කීවේ වෙල්කම් ඩ්‍රින්ක් එක අතේ තියන් සෙල්ෆි එකක් ගන්න විහගිට.

" මම මීට කලින් කිරල බීලා නෑ ඒකයි ෆොටෝ එකක් ගත්තේ අනික කෙල්ලො කරන හැම දේම ඇදයක් පේන එකත් මානසික ලෙඩක්. "

" හරි හරි මේ මාමා රිසව් කරලා තියෙන්නෙ ඩබල් රුම් එකයි ටුවින් රූම් එකයි ත්‍රිපල් එකකුයි මොකද කරන්නේ? මට නම් බෑ ඇද බෙදා ගන්න මං රෑට හිනෙන් පයින් ගහනවා. ටුයින් එකේ බෙඩ් දෙකක් තියන නිසා මං ඒකට යනවා  "

" අපි තුන්දෙනා ට්‍රිපල් එකට යන්නම් "

විහගි නංගි එහෙම කීවම ශෙනාල් මං දිහා බැලුවේ මං මොකද කරන්නේ අහන්න වගේ. තව ඉතුරු ඉතින් ඩබල් රූම් එකයි ටුයින් එකේ ඇදකුයින්නේ. මට බෑනේ සහිරු මල්ලි එක්ක ඉන්න. ඒකේ වෙනම ඇදක් තිබුණා වුණත් ඩබල් එකට ගියොත් තව එක්කෙනෙක් එක්ක ඇද බෙදා ගන්න එපැයි. ඉමල්ක මල්ලි නම් උඩ බිම බල බල හිටියේ එයාට ඕන එකක් වගේ. මම සහිරු මල්ලිගේ රූම් එකට ගියොත් ශෙනාලුයි ඉමල්ක මල්ලි එක ඇදේ නිදා ගනීද?

" සිහින ඔයා ඩබල් එකට යන්න. ඉමල්ක සහිරුගේ එකට යන්න මං අහලා බලන්නම් තව සිංගල් එකක් බුක් කරන්න පුළුවන්ද කියල "

මගෙන් සද්දයක් නැති නිසාද කොහෙද ශෙනාල් එහෙම කියලා යන්න හැරෙනකොට මං එයාව නතර කරා. එහෙම තව රූම් එකක් ඕනි නෑනෙ අනික මේ හොටෙල් එකේ හැටියට කියන්න පුළුවන් ගානත් එසෙ මෙසේ නෙවෙ කියල.

" ඔයත් මාත් එක්ක ඉමු. ආයේ බොරුවට වෙන රූම් එකක් ගන්න එපා "

"ඒකනේ උඹ අයියා එක්ක හිටපන් අනික මේකේ වෙන රූම් නෑ අනික් ඒවා ඔක්කොම බුක්ලු "

ශෙනාල් වෙන රූම් එකක් ගන්න හදනකොට මුමුණ මුමුණ ශෙනාල්ට මොනවද කිය කිය හිටි සහිරු මල්ලි පැනලා එහෙම කීවා.

අපේ රූම් තිබුනේ තර්ඩ් ෆ්ලෝ එකේ. අනික් දෙකම සෙකන්ඩ් ෆ්ලෝ. ඇත්තටම ඒ හොටෙල් එකේ ඉන්ටීරියය එක ගොඩක් ලස්සනයි මං පලවෙනි වතාවට තමා මේ වගේ තැනකට ආවේ. ඇතුල හදලා තිබුනේ ලී වලනි ඒ වගේම් ඉන්ඩෝ ප්ලන්ට් තියලා ලස්සනට ඩෙකරේට් කරලා තිබුනා. ශේනාල් අපේ  බෑග්ස් ටිකත් අරන් ඇවිත් රූම් එක ඇරියම මම වටේ පිටේ ඇවිදලා බැලුවා. බැල්කනි එකේ දෙර ඇරපු ගමන් පෙන්නේ හොටෙල් එකේ ගාඩ්න් එකයි ඒ එක්කම වගේ ඉස්සරහින් තියන මුහුදුයි.සන් සෙට් එක ලස්සනට පේනවා ඇති. බැල්කනි එකෙව් වැටට හේත්තු වෙලා ඈත බලන ගමන් මං කල්පනා කරේ හෙට ආපහු යන්න ඕනි නේද කියලා.ඇවිල්ලා තාම පැයක් වත් නැති වුණත් ආපහු හෙට මේ වීව් එක දාලා යන්න ඕනි කියලා මතක් වුණාම මට දුක හිතුනා.

" මොනාද කල්පනා කරන්නෙ?"

මට එහා පැත්තෙන් ඇවිත් වැටට බර වෙලා ශෙනාල් ඇහුවේ මුහුදු හුලග නිසා මගේ මූණට වැටිලා තිබුන කෙස් රැල්ලක් පැත්තකට කරන ගමන්. සමහර වෙලාවට ශෙනාල් කරන මේ වගේ වැඩ නිසා මට මං එයාට වඩා වැඩිමල් කියන එකත් අමතක වෙනවා. එයා වෙලාවකට මට සලකන්නේ පොඩි ළමයෙකුට වගේ.

" මොකුත් නෑ මෙහෙ ලස්සනයි නේද? "

" ඔව් ඔයා කැමතිද? "

" ඕ "

" ම්ම් දැන් ගිහින් වොශ් එකක් දාන් එන්නකෝ අපි කාලා යමු සර්ෆ් කරන්න "

" සර්ෆින් කරන්න? අර බෝඩ් එකක් උඩ නැගලා රැල්ල උඩ වැටි වැටි යන්න? "

" එහෙම වැටෙන්නෙ නෑ. එතන ට්‍රේනින් එකක් දෙනවා "

" මට පීනන්නත් බෑ අනික අපෙ අම්මා මාව කියලාම එව්වේ වතුරට බහින්න එපා කියලා මට වතුරෙන් අපලයිලු "

" එහෙනම් අපි දෙන්නා වෙන කොහෙ හරි යමුද ? කැස්බෑවෝ බලන්න එක්ක  යන්නම්?"

" එහෙම එපා ඒකට හෙට යමු ඔයා කැමතිනේ ඕවගේ වැඩ වලට මං බලං ඉන්නම් අනික මට රැල්ල පාගන්නත් පුළුවනනේ "

" හා එහෙනම් එන්නකෝ ලෑස්ති වෙලා සර්ෆ් කරලා හවස ෆෝට් එකට යමු ඉර බහින වෙලාවට "

" හා "

මම අහලා තියනවා ඉර බහින වෙලාවට ගාලු කොටුව ගොඩක් ලස්සනයි කියලා ඉස්සරහ ඉදන්නම මට ආසාවෙන් තිබුනා ඒ වෙලාවට එහෙ යන්න.ඉතින් ඒ ආසාව ඉශ්ට වෙන  සතුටට මම ඉක්මනට වොශ් දන්න දිවවේ ආපු සතුටට ශෙනාල්ගේ නහයත් මිරිකලා.

මම ඇතුලට  දුවනකොට එයා වැටෙට හේත්තු වෙලා ඇස් දෙකත් ලොකු කරන් මං දිහා බලන් ඉන්න එයාගේ රූපෙ රූම් එකේ තිබුන මිරර් එකෙන් පෙනුනම මටත් නොදැනිම මගේ මූණෙත් හිනාවක් ඇදුනා.

හුග කාලෙකින් ආයෙත් හිතට ලොකු සැනසීමක් දැනෙන්න අරං. හැමදාම මේ සැනසීම තියනවා නම්..

........................................................................

මෙයාලගේ ට්‍රිප් එක එක චැප්ටර් එකකින් ලියලා ඉවර කරන්න හිටියේ කතවා දික් ගැස්සෙන නිසා ඒත් ලියන් යද්දි චුයින්ගම් වගේ වෙනවනේ ඒකට mk?

( මේක මං දවස් ගානක් එක එක මූඩ් වල ඉන්න ගමන් ටික් ටික් ලිවේ අවුල්සහගත නම් sorry වෙන්නෝනෙ.)

Share This Chapter