Back
/ 31
Chapter 29

28.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

Sihina's POV

" එපා කියන්නේ එපා නිසා. කියන එක අහල ගෙදරට වෙලා ඉන්න "

" බෑ බෑ මට එන්නම ඕනි ඔයාට බැරි නම් කියන්නකෝ මං ටැක්සි එකක් අරන් එන්නම් මං ලෑස්ති වෙලත් ඉවරයි."

" හිතුවක්කාරකමනේ තියන. ඕන එකක් කර ගන්න "

" ඉතින් අනේ - "

අහ්හ් කට් කරා නේද ? මේක හරි වැඩක්නේ හහ් ඔහොම පුපුරලා කොහොමද? දෙයියනේ මං මල්ලි මල්ලි ගගා හුරතල් කරපු කොල්ලා නේද මේ දැන් මහ මුදලි වගේ මට පුප්පන්නේ ඉන්නකෝ අද ඉදන් ආයේ මල්ලි කියවන්වා එතකොට වත් මතක් වෙයිනේ මෙතන අයියා කවුද කියලා.

අද නිර්වාන්ගෙ එන්ගේජ්මන්ට එක, මම ඒකට යන්න ඕනි කීවා කියලනේ ඔය පුපුරන්නේ. මම දන්නවා ශෙනාල් මට යන්න එපා කියන්නෙ මගේ හිත රිදෙයි කියලා ඒත් එහෙම හිත රිදෙන්න මට නිර්වාන් ගැන පොඩි වත් හැගීමක් වත් දැන් නෑ. එයා එදා ඇවිත් අච්චර ලොකු නාට්ටියක් රගපාලා තිබුනෙත් මට ඉන්විටේශන් එක දීලා යන්නනේ. ඉතින් මං නොගිහින් කොහොමද ? මම දන්නවා නිර්වාන් ඒක දුන්නට මම එයි කියලා කීයටවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. මොන හේතුවක් නිසාද මම දන්නේ නැ ඒත් නිර්වාන් ඒ දේවල් කරේ මට රිද්දන්න. මම එයාට කරපු එකම වැරැද්ද ආදරේ කරපු එක විතරයි. දැන් අපහු හැරිලා බලනකොට අදරේ කියලා මම ඊට හුගක් මෙහායින් තියන මොකක් හරි හැගීමකට රැවටිලා කියලා හිතෙන්වා. ඒක මගේ මෝඩකම ඒත් දැන් ඒ වුණ කිසි දේකින් වැඩක් නෑ. මට දැන් පණ වගේ ආදරේ කරන කෙනෙක් මගේ ජීවිතේ ඉන්නවා.

මෙච්චර කාලකට මගේ ලගම ඉදන් මගේ ඇස් වලින් හැංගුලා මට තනියම ආදරේ කරපු එයාව මට දැන් හුස්මටත් වඩා වටිනවා. නිර්වාන් ඇත්තටම එදා ඒ කරපු දේ මොන අරමුණින් කරත් ඒ නිසා මට මගේ ආදරේ හම්බ වුණානේ. මගේ හිතේ නිර්වාන් ගැන තරහක් නෑ ඒත් එදා එයා කිව සමහර දේවල් එයා කීවේ ඇත්තටමද කියලා මට හිතුනේ මං ඊට කලින් කවදාවත් දැකලා නැති අසරණ කමක් ඒ ඇස් වල දැක්ක නිසා. ඒත් ඒ දේවල් වැඩක් නෑ මට ඕනි හැමදේම අමතක කරලා මගේ ආදරේ එක්ක ඉස්සරහට යන්න, ඉතින් නිර්වාන් උනත් ඒ විදියට කරයි කියලා මම හිතනවා.

අද එයාගේ එන්ගේජ්මන්ට එකට මම යන්න හිතුවෙත් ඒකයි. රිද්දන්න පලිගන්න සමච්චල් කරන්න නෙවෙයි වුණ හැමදේම මම අමතක කරා කියන්න එයා එක්ක තරහක් නෑ කියන්න එයාට සුභ පතන්න.

ඒත් කොහෙද අනේ අපේ මනුස්සයට මම ඒක පැහැදිලි කරන්න කලින් නැට්ට පුච්චන් ඉවරනේ. ගමේ අවුරුදු උත්සවේ විකටේ ඇදුම් තරගේ හනුමට යවනවා මං ඊලග අවුරුද්දේ ඉන්නකෝ. ඒත් එයා ඊලග අවුරුද්ද වෙනකල් ඉන්නේ නෑනේ, කවදද දන්නෑ යන්න හිතන් ඉන්නේ මේ වෙච්චි දේවල් නිසා ශෙනාල් යන එකත් මට අමතක වෙලා තිබුනේ.

එකපාරට ශෙනාල් යනවා නේද මතක් වෙලා මට දුක හිතුනා. ඒත් වැඩි වෙලා ඒ ගැන හිත හිත ඉන්න වුණේ නෑ ඒ එක්කම වගේ කෝල් එකක ආවා. ආ අපේ සිරි ලංකන් හනුමා කතා කරන්නේ...

" හෙලෝ.. "

" සහිරු එයි දැන් එයා එක්ක එන්න මට මෙතන වැඩ නිසා ගන්න එන්න විදියක් නෑ"

" අහ් සහිරු ම- "

සහිරු මල්ලිත් ඒකට එනවද අහන්න ගියත් මේ මනුස්සය ඊට කලින් ආයෙත් ෆෝන් එක කට් කරානේ. අහ්හ්හ්හ්හ් ශෙනාල් මින්සිත මං කනවා තව්සෙව හම්බුනාම.

ඒ ආපු තරහට අඩිත් පොලේ හප්ප හප්ප මම ගෙදරින් එලියට බැස්සා එතකොට වගේ කාර් එක්ක මිදුලට දැන්මා. සහිරු මල්ලි වෙන්න ඇති මම දොරත් ලොක් කරගෙන කාර් එක ළගට ගියාම ශටර් එක පාත් කරලා සහිරු මල්ලි මට නගින්න කීවා.

අපි හොටෙල් එකට එනකොට ඒ වෙද්දිත් ෆන්ක්ශන් එක පටන් අරන් තිබුනේ. එන්ගේජ්මන්ට් කීවට වෙඩින් එකක් තරම් ලොකුවට ඇරේන්ජ්මන්ට් තිබුනා වගේම ලොකූ පිරිසකුත් හිටියා. මේ කට්ටිය අතරේ මං හෙව්වේ මහේ හනුමා කුමාරයව. ආව ගමන් කොල් එකක් ගන්න හිතුනත් මටත් තිබ්බ තරහට මං ගත්තේ නෑ. ඒ වුනාට අනේ එයාව බලන්න ඕනනේ ඊයේ දැක්කට පස්සේ දැක්කෙත් නෑ..

" ශෙනාල් මොකද්ද වැඩකට  ගියා කීවා අයියේ අපි ගිහින් ඉදගමු "

මම ඉස්සි ඉස්සි ශේනාල් හොයනවා දැක්ක සහිරු මල්ලි මාවත් එක්ක ගිහින් අයිනකට වෙන්න තිබුන ටේබල් එකකින් ඉද ගත්තා.

මෙච්චර වෙලා ශෙනාල් හොයපු ඇස් ඊලගට් නැවතුනේ හෝල් ඉස්සරහම ඉන්න දෙන්නා ළඟ ලා රෝස පාට දිග ගව්මක් ඇදලා හිටපු ශානි ඇත්තටම බෝනික්කෙක් වගේ ලස්සනයි, ශානිගේ ඉනට වටේ අත දගෙන ඒ ලගින්නම් හිටන් හිටි නිර්වාන් වෙනදට වඩා හුගක් පිලිවලට පෙනුනා. කොන්ඩෙත් අඩු කරලා හැමවෙලේම විප්ලව කරන්න වවන් හිටි රැව්ල ගානට ට්‍රිම් කරලා. ඇත්තටම ඒ දේන්නා හොදට ගැලපෙනව.

" ලොකු අයියා නම් සෑහෙන ලොකූ අමාරුවක වැටෙන්න යන්නෙ කියලා මට නම් ඉවෙන් වගේ තේරෙනවා "

මම වගේම කපල් එක දිහා බලන් හිටි සහිරු මල්ලි එහෙම කියද්දි මම එයාගේ පැත්තට හැරුනා.

" ඇයි මල්ලි එහෙම කියන්නේ? "

" අයියට පේන්නේ නැද්ද මේක මේ නිකම් එන්ගේජ්මන්ට එකක් නෙවෙයි තනිකරම බිස්නස් කන්ෆරන්ස් එකක්. අද ඕන්නම ශෙනාල්ලගේ පැත්තේ රිලේටිව්ස්ලා විස්සක් ඇති මෙතන අනික් සේරම දේවක අංකල්ගේ බිස්නස් පාට්නර්ස්ලා අපේ ෆැමිලි එකට වුනත් ඉන්විටේශන් ආවේ එයාල්ගේ පැත්තෙන් මොකද අපේ තත්තිත් දේවක අංකල් එක්ක බිස්නස් කරනවා. මං දන්න විදියට ශානි අක්කි බිස්නස් ගැන ලොකු ඉන්ටරෙස්ට් එකක් නෑ එයාල හදන්නේ ඒ ඔක්කොම ලොකු අයියගේ ඇගේ ගහන්න. "

" නිර්වාන් බිස්නස් කරන්න කැමැත්තෙන් හිටියේ "

" ම්ම් වෙන්නැති වෙන්නැති ඒත් ඉතින් ලොකු අයියට ඒයාගෙම දෙයක් පටන් ගන්න බැරි කමක් තිබ්බ කෙනෙක් නෙවෙයිනෙ. ඕකෙන් වෙන්නේ එයා නිකම්ම රූකඩයක් වෙන එක විතරයි. අපිට ඉතින් ඕවට කතා කරන්න බෑනේ අයියට හොද නිසානේ ඔයාවත් අත- අහ්හ් මම අයියට බොන්න මොනා හරි අරන් එන්නද? යකෝ ඇවිත් මෙච්චර වෙලා ගියා එකෙක් අවේ නෑනේ ඩ්‍රින්ක් එකක් සර්ව් කරන්න, මහලොකුවට කීවොත් ෆයිව් ස්ටර් ඉන්න අයියේ මම අරන් එන්නම් "

සහිරු මල්ලි දෙයක් කියන්න ගිහින් ඒක ගිලගෙන හොටෙල් එකටත් බැන බැන මට ඩ්‍රින්ක් එකක් අරං එන්නම් කිය්ලා එතනින් යන්න ගියා.

සහිරු මල්ලි ගියට පස්සේ මම වටපිට බැලුවේ සහිරු මල්ලි කීව දේවල් ගැන හිතන ගමන්. ඇත්තටම මෙතන වෙඩින් වයිබ් එකකට කියල තිබුනේ ඩෙකරේශන් ටිකයී ප්ලේ කරන බෑන්ඩ් එකයි කපල් එකයි විතරයි. මේ වගේ ෆන්ශන් එකක තියෙන්න ඕන හිනාව සතුට වගේ දේවල් වෙනුවට ඇවිත් ඉන්න හැමෝම තව කෙනෙක් එක්ක බොහොම බරපතළ දේවල් කතා කරන විදිය ඉදල හිටලා පිටට තට්ටුවක් දලා අතට අත දෙන විදිය සමහර ටේබල් උඩ තිබුන ෆයිල්? මේ හැමදෙයින්ම සහිරු මල්ලි කීව කතාව ඇත්ත කියලා මට හිතුනා.

ඒ හැමදේම එක්ක මගේ ඇස් ආපහු නැවතුනේ නිර්වාන් ළඟ. මම නිර්වාන් අවංකව හිනාවෙනවා දැකපු කෙනෙක් ඒත් මේ වෙලාවේ එයාගේ මූණේ තියන හිනාව ඇත්තටම සතුට නිසා ආපු එකක් නෙවෙයි කියලා මට හිතුනා. ආදරේ කරපු කෙනෙකුට රිද්දලා මේ එයාම ලං කරගත්ත ජීවිතයක්. කිසිම හැගීමක් නොගැවුන හිස් සුසුමක් මට පිට වුණේ ඉබේටමයි.

" අයියේ ශේනාල් ළගලු ඉන්නේ ඔයා එලියට යනවද නැත්තම් ඌට මෙතනට එන්න කියන්නද?"

" මම යන්නම්, ඔයා දන්නේ නෑනේ මල්ලි ඔයාගේ යලුවගෙත් මාර ගෑස් තියෙන්නෙ උදේ මට හෙන සද්දයක් දාලා ඉන්නේ මම එන්න ඕනි කිවා කියලා. අහු වුණාම මම හොදවයින් ටොක්කක් අනින්නන හිටියේ ඇයි අනේ මෙතන අයියා කවුද කියන්නකෝ? එහෙම ගෑස් පෙන්නන්න දෙන්න බෑනේ නැද්ද? මෙතන බෑනේ මට එයාට ගහන්න කොහොමත් මනමාලයාගේ මල්ලී ගුටි කනවා දැක්කොත් ලැජ්ජයිනේ "

" හරි හරි අයියා ගිහින් ප්‍රශ්න විසදන් එන්න. ඕන වුනොත් කියනකෝ රූම් එකක් බුක් කරලා දෙන්නම් "

සහිරු මල්ලිට ඉන්න කියලා මං ගියේ මගේ වානර කුමාරයව හොයා ගන්න.

මම එලියට යනකොටම මේන් එන්ට්‍රන්ස් එක ළඟ නතර කරල තුබුන එයගේ කාර් එක දැක්ක නිසා මම නතර වුණා. කාර් එකෙන් බැහැලා මොකද්ද බෑග් එකක් අතට ගත්ත ශෙනාල් කී එක වැලට් කෙනෙක් අතට දිලා මාගේ පැත්තට හැරෙනකොට මං උඩට ගත්ත හුස්ම පහල දන්නත් අමතක වුණා.

මම මේ ශෙනාල් ෆුල් කිට් එකෙන් දකින දෙවනි පාර ඒත් එදා එයා පාර්ටි එකට යන්න ඇදලා හිටි විදියටත් වඩා අද එයාව ගොඩක් සරාගී විදියට පෙනුනේ මම දැන් එයාට ආදරේ කරන නිසාද දන්නේ නෑ.

එයා ලගට එනකල්ම කටත් ඇරන් ඒ දිහා බලම් හිටපු මම හරි සිහියට ආවේ ශේනාල් ඇවිත් මගේ කම්මුලට කිස් එකක් දීපු නිසා.

" පිස්සුද මැට්ටෝ කවුරු හරි දැක්කා නම්?"

" ලස්සනයි "

මම කීව එක ගනම් නොගෙන එයා මගේ අනික් කම්මුලත් කිස් කරාම , මගේ කම්මුල් දෙකටම ලේ පිරිලා මාව රතු වෙලා ගියා. මේක අසාධාරණයි මම ආවේ මේයා එක්ක රණ්ඩු කරන්නනේ. රණ්ඩු කරන්න තියා මට දැන් කතා කරන්න වචනත් අමතකයි. "

" යං ඇතුලට "

මවත් අතින් අල්ලන් ඇතුලට ගිටපු ශෙනාල් මගේ අත අතාරින්න නැතුවම ගියේ නැන්දාව හොයාගෙන.

" ආහ් පැටියෝ ඔයා ආවද? මම දැක්කෙත් නෑ කෝ චූටි පුතා අරක ගෙනාවද?"

මගේ ඔලුව අතාගලා ආවද අහපු නැන්දා ඊලගට ශෙනාල්ගේ පැත්තට හැරුනම ශේනාල් එයා අතේ තිබ්බ බෑග් එක නැන්දා අතට දුන්නා.

" තියන කලබලේට මං හදවපු ජුවලරි ටික දාලා ඇවිත්නේ මං බයේ හිටියේ නැකත පහුවෙයි කියාලා. යමු යමු තව විනාඩි දහයයි තියෙන්නේ."

මෙච්චර වෙලා එක එක කතා වල හිටි අයගේ අවදානේ කපල් එක පැත්තට ගියේ රෙජිස්ට්‍රාර් එයාගේ වැඩ පටන් ගත්ත නිසා. ඒ වැඩ ඉවර කරලා මුදු මාරු කරලා ඊලගට කේක් එක කපලා ෆැමලි එකෙ අය හොය හොය කේක් කවන්න පටන් ගන්නකොට මගේ ළඟ හිටි ශෙනාල්ව මම ඉස්සරහට තල්ලු කලා.

" ඔයත් යන්න "

ශෙනාල් ගිහින් නිර්වාන් අතින් කේක් කාලා එයාටයි ශානිටයි විශ් කරලා ආපහු මගේ ලගට ඇවිත් හිට ගන්නකොට අද පලවෙනි වතාවට නිර්වාන්ගෙ මගේ දිහා බැලුවා. මම එයා එක්ක හිනා වුණත් ඒයගෙන හිනාවක් වෙනුවට හිස් බැල්මක් විතරක් මට ලැබුනා. මගේ ළග හිටන් හිටි ශෙනාල් එයාගේ අත මගේ ඉනවටේ දාල මාව තවත් එයාට ලං කර ගත්තේ නිර්වාන් බලාගෙන ඉද්දීමයි.

ටික වෙලාවකින් කපල් එකට විශ් කරන්න ආපු අය ටික ටික අඩු වෙනකොට මාත් ඒ පැත්තට යන්න ගියත් ශෙනාල් මාව නතර කලා.

" කොහෙද යන්නේ?"

" නිර්වාන්ට කතා කරන්න "

" ඔයාට රිද්දයි. "

" ශෙනාල් මේ අහන්න මට දැන් ඕනි ඒ අතීතේ අමතක කරලා ඔයා එක්ක ඉස්සරහට යන්න. අනික් එක ඇයි මට රිදෙන්නේ ? මට දැන් නිර්වාන් ගැන තියෙන්නෙ නිකම්ම හිස් හැගීමක් විතරයි. එයා එදා ගෙදර ඇවිත් නටපු පිස්සුව මොකද්ද කියන්න මම දන්නේ නෑ ඒත් මම එයාට කරපු හැමදේටම සමාව දෙනවා.

අදින් පස්සේ මම එයාව දකින්නේ ඔයාගේ අයියා විදියට විතරයි. මම හිතනවා එයත් මම වගේම මාව ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් විදියට විතරක් දකී කියලා. අපි අතර වුණ දේවල් වලින් පස්සේ අපි හරියට එක සැරයක් වත් කතා කරලා නෑ. මම කැමති අපි අතර තාමත් මොනම හරි වැරදි වැටහීමක් තියනවා නම් ඒ සේරම අදම නැති කරලා දාන්න. එක සැරයක් මට නිර්වාන් එක්ක තනියම කතා කරන්න දෙන්න ඒ දේ කරන්න ඔයාට මාව විස්වාසයි නේද ? "

" ‍යමු මාත් එන්නම් "

ශෙනාල් එහෙම කීවේ එයා අල්ලන් හිටපු මගේ අත එයාගෙ තොල් වලට ලං කරලා සිපුමක් තිබ්බට පස්සේ.

අපි නිර්වාන්ලා ඉන්න තැනට යනකනුත් අපේ අත් එකට පැටලිලා තිබුනා.

" oh hiii Sihina. Didn't expect to see you here "

" Happy wedded life to both of you "

" Thank you darling "

අපි නිර්වාන්ලා ලගට යනකොට අපිව ඉස්සෙල්ලම දැක්කේ ශනි, එයා කතා කරනකොට අපේ දිහාට හැරුන නිර්වාන්ගෙ මූනේ පුදුම වෙච්චි සේයාවක් ඇදිලා මැකිලා ගියා. මම ආවත් එයාට කතා කරන්න එයි කියලා සමහර විට හිතන්න නැතුව ඇති. ඊලගට ඒ ඇස් නතර වුණේ පැටලිලා තියන අපේ අත් ළඟ .

" Btw what's going on with you two ah? අතුත් අල්ලගෙන "

නිර්වාන්ට අහන්න බැරි දේ ශානි එහෙම අහනකොට ඒ කටහඩේ සමච්චලයක් වගේ දෙයක් තිබුනා කියලා මට හිතුනා.

ඒත් ඒ කතා වලට මගේ අත අතාරිනවා වෙනුවට තව ටිකක තද කරලා අල්ල ගත්තු ශෙනාල් ශානිට උත්තර දුන්නා.

"We are dating akki. He is my boyfriend "

" Oh really ? Congratulations. බලන්කෝ නිර්වාන් අපේ පොඩ්ඩා ගොඩක් දියුණු වෙලානේ දැන් "

" ශානිට ප්‍රශ්නයක් නැත්තම් මට නිර්වාන් එක්ක ටිකක් තනියම කතා කරන්න පුළුවනද ? "

" of course of course no problem you guys shares a good history neh. එන්නකෝ baby ඔයා මගේ එක්ක මගේ කසින් කෙනෙක් ඔයා ගැන මගෙන් නිතරම අහනවා මං ඔයාව එයට introduce කරලා දෙන්නම් "

ශානි ඇවිත් ශෙනාල් මාව අල්ලන් හිටි අත අතෑරවලා එයාගේ අතේ එල්ලිලා එයාව පැත්තට ඇදගෙන ගියා.

ගලේ දෙයියන්ට ඔප්පු වෙන්න මේක හරි නාඩගමක්නේ ශෙනාල්ව ඇදගෙන ගිය හැටි ? ඒ මදිවට කූඩැල්ලෝ වගේ ඇගේම එල්ලෙනව එහෙම ඕනෙ නෑනෙ නිකම් යං කීව නම් එන්නේ නැතුව ඉන්නවද අනික බේබිලු හහ් මම වත් එහෙම කතා කරලා නෑ එයාට. කසාද මනුස්සය ළඟ ඉද්දි වෙන අයට එහෙම කියන්වද ? අනික එක්ක ගියෙත් කාටද අදුන්වලා දෙන්න කියලා එක්කෝ නිර්වාන්ට බම්බු ගහ ගන්න කියලා මාත් යනවා

" මොනවද කතා කරන්න තියෙන්නෙ ? "

ශානි ශෙනාල් ඇදන් ගිය හැටි දැකලා අපු වැඩෙත් අමතක වෙලා හිටි මම නිර්වාන් කතා කරපු නිසා හරි සිහියට ආවා. ඇහුබැමත් රැලි කරන් නිර්වාන් මං දිහා බලන් ඉන්නකොට මම එයා එක්ක හිනා වුණා කලින් වගේම මට මේ සැරෙත් එයාගෙන් හිස් බැල්මක් විතරක් ලැබුනා.

" ඔයා සතුටින්ද ඉන්නේ අයියේ? "

මම එහෙම අහනකොට නිර්වාන්ගේ මූනේ හැගීම් වෙනස් වෙන විදිය මම හොදට දැක්කා. එයගෙන් උත්තරයක් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැරි නිස මම මට කියන්න ඕන දේවල් කීවා

" මම නම් හුගක් සතුටින් ඉන්නෙ. මම හිතනවා ඔයාටත් ඔයාගේ සතුට අද හම්බ වෙන්න ඇති කියලා. එදා ඔයා ඇවිත් කීව දේවල් ඇත්තද නැද්ද කියන්න මම දන්නේ නෑ ඒත් දැන් ඒ හැමදේම වෙලා ඉවරනේ මම ඒ හැමදේම අමතක කරා. අපි අතර වෙච්චි හැමදේම මං හිතනවා ඔයාත් එහෙම කරයි කියලා. ඔයාගේ මල්ලි ගොඩක් ආදරණීය කෙනෙක් මම ගොඩක් වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලබන්න. මම හිතනවා ඔයා අපිව පිළිගනී කියලා. අතීතෙ වෙච්චි සේරම අපි එහෙමම වලදාමු මට ඔයා එක්ක තරහක් වත් වෙච්චි දේවල් ගැන දුකක් වත් නෑ. හැමදේම වෙන්නෙ හොදට කියන්නේ කට කහනවට නෙවෙ කියලා මටත් මේ වෙච්චි දේවල් නිසා තේරුනා. ඉතින් ඔයා ශානි එක්ක සතුටින් ඉන්න මම හදවතින්නම සුභ පතනවා ඔයාලට "

නිර්වාන් මොකුත් කියයි කියලා බලාපොරොත්තු නොවුන මම. මට කියන්න තියන ටික කියලා එන්න හැරුනත් මම නතර වුණේ නිර්වාන් ඊලගට කියපු කතාව නිසා

" උඹ උගේ ජීවිතෙත් විනාස කරපන් තව. කොහොමත් දැන් ඒක වෙන්න පටන් අරන් ඉවරනේ උගේ හීනත් උඹ වෙනුවෙන් උගස් කරන තරමට් ඌ අන්ධ වෙලා. හෙට අනිද්දා රට යන්න හිටපු එකා දැන් මෙහේ මෙඩිකල් යනවාලු. උඹට නම් සතුටු ඇතිනේ? කොලුකාරයෙක් කියලා කැම්පස් එකේදී උඹ අහගත්ත කතා අමතක් නෑනේ ඌටත් ඒ ටික අස්සවපන් එතකොට උඹට සැනසීමෙන් නින්ද යයි"

ඇත්තටම නිර්වාන් ඒ කීව දේ නිසා මම පුදුම වුණා. ශෙනාල් මට එහෙම දෙයක් කීවේ නෑනේ. මීට ටික කාලෙකට කලින් නම් නිර්වාන් මට මේ විදියට කතා කරොත් දුක හිතෙන්න තිබුනා ඒත් මට වැදගත් වුණේ එයා ශෙනාල් ගැන කිව දේ විතරයි.

" මම නිසා ශෙනාල්ගේ හීන විනාශ වෙන්න මම ඉඩ තියන්නේ නෑ නිර්වාන් ඔයා ඒ ගැන බය වෙන්න එපා "

හිනාවෙලාම නිර්වාන්ට උත්තර දීපු මම එතනින් එන්න ආවේ ශෙනාල් හොයාගෙන. එක අතකට මටත් පිස්සුනේ සතුටුන් ඉන්න නිර්වාන් යැය් යැය් යැයි ගාන්න ගියා. පුළුවන් නම් ඒ කියපු වචන ටික එකතු කරලා අපහු කටේ ඔබා ගන්නවා. දැක්කේ නැද්ද මට කතා කරපු කැත. එහෙම හොද වෙලා මේ සමජේ ඉන්න බෑ අයියෝ.. කමක් නෑ කමක් නෑ මොනා වුණත් මගේ ෆියුච හස්බන්ඩ්ගෙ අයියනේ ඒ කමට ගරු කරලා ඉවසන්න ඕනි...

ශෙනාල් හොයාගෙන ඉස්සි ඉස්සි මම ඉස්සරහට යනකොට බාර් එක ළඟ මෙන්න ඉන්නවා ෆියුච හස්බන්ඩ් උඩටත් නැති පල්ලටත් නැති ගව්මක් ඇදගත්ත නැට්ටිච්චියෙක් ඇගේ එල්ලගෙන මේ අර ශානිගේ කසින් වෙන්නැති. ඇගේ එල්ලෙන කූඩලු ජාන එන්නේ පරාම්පරවෙන්ද කොහෙද ඇයි අනේ මේක හරි කෙලියක් වුණානේ. හිටපල්ලකෝ මං කරන්න හොද වැඩක්.

ශෙනාල්ට සිරික්කිය දාන් ඉන්න උඩැක්කිය එහා පැත්තට ගිය මම ඒ දෙන්න නොදැක්ක ගානට කවුන්ටර් එකේ තිබුන නම දන්නේ නැති ඩ්‍රින්ක් එකක් අතට ගත්තම ශෙනාල් ඇහි බැමකුත් උස්සන් මගේ දිහා බලන් හිටියත් මම නෙවෙයි එයාව ගනම් ගත්තේ. ඒ වෙනුවට ගත්ත ඩ්‍රින්ක් එකෙන් උගුරක් බීපු මම එහෙමම අනික් පැත්ත හැරුනේ හිතලම අර තේ උඩැච්චියගෙ ඇගේ හැප්පෙන ගමන්.

" the hell man ඇස් පේන්නේ නැද්ද ?"

ඇගේ හැප්පුන පාර මගේ අතේ තිබ්බ ඩ්‍රින්ක් එක උඩැක්කියගේ කකුලට හැලුනා. වැඩි හානියක් නෑ ශූ එක විතරයි තෙමුනේ. ඇදුමෙම හලන්න හිතුනත් එච්චර කුරිරු වෙන්න හොද නැති නිසා සපත්තුවට හැලුවේ. බලන්න මම කොච්චර හොදද කියලා.

" opz sorry didn't see you there මීට වඩා ටිකක් උස හීල් එකක් යූස් කරන්න නෙස්ට් ටයිම් "

මම එහෙම කීවම මටත් ගස්සගෙන කොට උඩැක්කිය එතනින් යන්න ගියාම මම මගේ අනාගත ස්වාමි පුරුසයා පැත්තට හැරුනා , එයා ඉන්නවා හිනා වෙවී. හිනා නෙවෙයි තව ඩ්‍රින්ක් එකක් අරන් හලනවා මම ඔලුවෙම.

" මොකද හිනා වෙන්නේ? එන්න එපා හරිද දැන් හිනා වෙන්න එක එක උඩැක්කි ඇගේ එල්ලන් ඉදලා "

" තරහා ගියාමත් ලස්සනයි "

ආහ්හ් බෑනේ බෑනේ ඉතින් කරන්න. මම කීව දේ ගනම් වත් නොගෙන තරහා ගියාම ලස්සනයි කීව එයා මගේ අතේ තිබුන ග්ලාස් එක අරන් ඒකේ ඉතුරු වෙලා තිබුන ලිකර් ටික එක උගුරට බීලා ග්ලාස් එක කව්න්ටර් එකෙන් තියල මාවත් ඇදගෙන එතනින් යන්න ගියේ මමත් මොකුත් නාහා එයා පස්සෙන් ඇදිලා යද්දී.

මාවත් එක්කගෙන සෙකන්ඩ් ෆ්ලෝ එකට ආපු ශෙනාල් සාක්කුවේ තිබුන කී කාඩ් එකක් එලියට අරගෙන 11 කියලා ගහලා තිබුන රූම් එක ඇරලා ඇතුලට කරපු එයා දොර ලොක් කරලා දාලා මාව ඒ දොරටම හිර කර ගත්තේ මාව පිස්සු වට්ටන එයගේ බාගෙට පිය වුණ ඇස් වලින් මං දිහා බලන ගමන්.

මම එන්න කලිනිත් එයා ඩ්‍රින්ක්ස් ගන්න ඇති කියලා මට හිතුණේ එයාගේ පෆියුම් සුවඳ එක්කම එකතු වෙලා තියන ඇල්කොහොල් සුවඳ දැනෙන තරමට එයා මට ලංවෙලා හිටපු නිසා. මමවත් එයාවත් ටික වෙලාවක් යනකල් මූණෙන් මූණ බලන් හිටියා මිසක් වචනයක් කතා කරේ නෑ ඒත් අපි අතරේ ඒ වෙනකොටත් බර හුස්ම වැටෙන ගමන් තිබුනා.

එක ස්පර්ශයක් වත් නැතුව ඒ බැල්මෙන් විතරක් මාව මේ විදියට පිස්සු වට්ටන්න පුළුවන් ශෙනාල්ටම විතරයි. තවත් ඉවසන් ඉන්න බැරි වුණ මම එයගේ කොලර් එකෙන් ඇදලා අරගෙන එයාව කිස් කරන්න ගත්තේ ශේනාල් වෙනුවෙන් පණ ගහන්න දගලන හැගීම පුදුම තරම් අමාරුවෙන් පාලනේ කරගෙන. ටික වෙලාවක් යනකල් මට කිස් එක ලීඩ් කරන්න දීපු ශෙනාල් නොහිතපු වෙලාවක මගේ යටි තොල හපනකොට කෙදිරිල්ලක් එක්කම මගේ තොල් ඈත් වුණා. මට මොකුත් හිතන්න ඉඩ නොතියම මගේ ඈත් වුණ තොල් පියන් අතරින් එයාගේ දිව මගේ දිවත් එක්ක පටල ගන්නකොට එයා කලින් රස බලපු ඇල්කොහොල් වල රස මගේ දිවට වෑස්සුනේ මට තවත් මගේ හැගීම් පාලනේ කර ගන්න බැරි කරලා.

" අහ්ම්ම්~ ශෙනාල් ඇතී.. "

අමාරුවෙන් ශෙනාල්ව මගේන් ඈත් කරත් මගේ තොල් වලින් ඇත් වුණ එයා මගේ බෙල්ල කිස් කරන්න පටන් ගත්තේ. සැරින් සැරේ එයාගේ දත් වලින් හපන ගමන් එකම තැනක් තෝරගෙන එයා ඒ දේම කරනකොට මේ මොකද්ද කරන්නෙ කියලා මට තේරුනා.

ටික වෙලාවක් ඒ විදියට හිටපු ශෙනාල් මගෙන් ඈත් වුණේ එයා හදපු හිකී එක මාපට ඇඟිල්ලෙන් පිහදලා තවත් එක කිස් එකක් එතනින් තිබ්බට පස්සෙ.

" දැන් තවත් ලස්සනයි "

අද කීවෙනි වතාවට මංදා එයා මට ලස්සනයි කීවාම මට තව රතු වෙන්න විදියක් තිබුනේ නෑ. මොකද්ද ඒ වෙද්දත් මම හිටියේ හොදටම රතු වෙලා. ශෙනාල්ගේ තියෙයි කියලා මම නොහිතපු විදියේ පොසෙසිව් සයිඩ් එකක් මේ දවස් දෙකට මම එයාගෙන් දැක්කා වගේම මම ඒකට ගොඩක් ආස කලා.

හැමවෙලේම කියවන මගේ කට මේ වගේ වෙලවට ඕන දෙයක් කියන්න වත් ඇරෙන්නෙ නැති නිසා මම කරේ ශේනාල්ට තුරුල් වෙලා ඇරිලා තිබුන බොත්තම වලින් එලියට මතු වෙලා තිබ්බ එයාගේ පපුවට හාදු තියපු එක.

" දැන් ගෙදර යන්න. මම සහිරුට කියන්නම් ඔයාව ඩ්‍රොප් කරන්න කියලා ම්ම්? "

" හ්ම්ම්. ඔයා එනවා නේද එහෙ? "

" ඔව් මෙතන වැඩ ඉවර කරලා මං රෑ වෙල එන්නම්. යද්දී කෑම එකක් අරන් යන්න "

" හා "

එයා කියන හැම එකටම හා හූ ගෑවත් එයාව අතාරින්න මට ඕනි වුණේ නෑ. ඒ නිසා මම ඒ විදියටම හිටියා.

" මොකද මේ ම්ම්? දැන් යමු පහලට අම්ම මාව හොයනවත් ඇති "

" තව චුට්ටක් "

තව ටික වෙලාවක් ඒ විදියට හිටපු අපි පොඩි වෙලා තිබුන ඇදුම් හදාගෙන ආපහු පහලට ආවා. බුෆේ එකේ ඩෙසර්ට් එකක් බදාගෙන හිටපු සහිරු මල්ලිව ඇදගෙන් ඇවිත් මාව ගෙදර දාල එන්න කියලා එයාට බාර දීපු ශෙනාල් ආපහු නැන්දාව හොයන් ගියේ මං ගියා කියල ඒයා නැන්දට කියන්නම්.කියලා.

" මූට ලව් එකක් නැති කොටත් මට වදේ තියෙද්දීත් මට වදේ. යං අයියේ අපි. මල්සාරටම පෙනියං මේවා "

නොක්කාඩු කිය කියම මාව ගෙදරින් ගෙනත් දාපු සහිරු මල්ලි ආපහු හොටෙල් එකට යන්න ගියා.

සේරම වැඩ ඉවර වෙලා ශෙනාල් ආපහු එනකොට දහයටත් ලං වෙලා තිබුනා. එයා එනකොට පරක්කු නිසා මට කන්න කියලා එයා කියලා තිබුනත් අපි දෙන්නටම ඇති වෙන්න බත් එකක් බෙදලා කුස්සියත් අස් කරලා එයා එනකල් බලන් හිටියා.

ශෙනාල් ඇවිත් තිබුනේ ගෙදර ගිහින් වොශ් එකක් එහෙම දගෙන. ආපු ගමන් එය පුටුව උඩට කඩන් වැටුණේ මහන්සි කියලා.

එයගේ එහා පැත්තෙන් ඉද ගත්ත මම එයාගේ ඔලුව අත්ගාන්න ගත්තේ සනිපෙට එයාගේ ඇස් පියවෙනකොට.

" හුගක් මහන්සිද? එක්කෝ ඔයාට අද එන්නේ නැතුව ඉන්න තිබ්බේ. "

" ඇත්තට? මං යන්නද එහෙනම්? "

එයාව මහන්සි පිට ගෙන්න ගත්ත එකට මට දුක හිතුන නිසා එහෙම කීවම එහෙනම් මං යන්නද කියලා නැගිටින්න ගියපු එයාව මම නවත්ත ගත්‍තා.

" දැන් ඇවිත් ඉවරනේ අද මෙහෙ ඉන්න බැරිද ? මම නැන්දාගෙන් අහන්නම් ? "

" අද ඉන්න තමයි ආවේ. අපේ ගෙදර නෑයෝ ගොඩයි "

ශෙනාල් එහෙම කීවම මට ලොකු හිනාවක් ආවේ එයා එක්ක ගොඩක් වෙලා ඉන්න පුළුවන් කියලා හිතුන නිසා.

" ඉන්න මම බත් එක අරන් එන්නම් "

" ඉව්වද? "

" ඔව්ව් ඔහොම ඉන්නකෝ "

වතුර එකක් එක්කම වහලා තිබ්බ බත් එක අරන් ආපු මම එයාට කවන්න පටන් ගත්තෙ මමත් ඒකෙන්ම කන ගමන්, එයත් මං කවන කවන කට කෑවා බොරු හුරතලේ දාන ගමන්. දවල් මාව කාලා දැන් බත් කනවා බබා වගේ.

කාල බීලා අපි දෙන්න නිදාගන්න ඇදට ආවට පස්සේ අද දවසෙම මං අහන්න හිතන් හිටපු දේ මම ඇහුවේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙල හිටපු එයාගේ අත් අතරට ඇවිත් මගේ පිට එයාගේ පපුවට හේත්තු වෙන විදියට ඉදගත්තට පස්සෙ. මම එහෙම ඉද ගත්තම එයත් එයගේ අත් මගේ වටේ යවලා මාව තව ටිකක එයා ලගට ඇදලා අරගෙන මගේ ඔලුවට හාද්දක් තිබ්බා.

" ශෙනාල් ?"

" ම්ම්?"

" ඔයා යන්නෙ කවදද? "

" ..... "

" කියන්නකෝ. සෙප්ටෙම්බර් ඉන්ටේක් දාන්න නම් දැන්ම ඇප්ලයි කරන්න ඕන නෙද? ගොඩක් වැඩ තියනවනේ."

" මම හිතුවේ මෙහෙ මෙඩිකල් කොලේජ් යන්න "

" ඒ ඇයි? ඔයා කොච්චර ආසාවෙන්ද හිටියේ කැනඩා යන්න ඇයි එක පාරට නොයා ඉන්න හදන්නේ? "

" ඔයා දන්නෙ නැත්ද ඇයි කියලා? "

" නෑ. ඇයි යන්නේ නැත්තේ? "

" මට ඔයාව දාල යන්න බෑ සිහින. දැන් නම් කොහොමත් බෑ, අවුරුද්දකට වඩා ඔයාගේ උණුසුමට වෙලා ඉන්න මං කොච්චර ආසා කරාද අන්තිමට ඒක ලැබුන ගමන් මම දාලා යන්නේ කොහොමද ? "

" මේ අහන්න ළමයෝ මමත් ආසයි හැමදාම උනත් ඔයාට තුරුල් වෙලා මේ විදියට ඉන්න ඒත් ජීවිතේ අපි කරන්න ඕනි ආදරේ කරන එකම විතරක් නෙවෙයි නේද ? මට ඕනි ඔයාගේ හීන වලට යන්න හයියක් වෙන්න මිසක් ඒවා මං නිසා නැති වෙලා යනවා බලන්න නෙවෙයි. අනික් එක මාමා ඔයා එහෙ එනකල් බලගෙන නේද හිටියේ එහේ දේවල් ඔයාට බාර දීලා අපහු ලංකාවට එන්න. නැන්දා ඒ ගැන නිතරම මාත් එක්ක කියලා තියනවා මමා දැන් අවුරුදු ගානක් ඔයාලා නැතුව එහේ තනි වෙලානේ එයත් ආස ඇති මෙහෙ ඇවිත් නැන්දා එක්ක ඉන්න ඔයා මාත් එක්ක ඉන්න කැමති වගේම. ඉතින් අපි අපි ගැන විතරක් හිතලා තීරණ ගන්න එක වැරදීනෙ. ඔයා මං වෙනුවෙන් හුගක් කාලයක් තනියම බලන් හිටියනේ දැන් මගේ වරේ අවුරුදු තුන හතරක් ඔයා එනකල් බලන් ඉන්න මට බැරි නෑ. ඔයාට මාව විස්වාසයි නේද කවදා හරි ඔයා එනක්ල් මට පුළුවන් ඔයා වෙනුවෙන් බලන් ඉන්න. "

" මට ඔයාව විස්වාසයි සිහින ප්‍රශ්නෙ ඒක නෙවෙයි ඔයා දන්නවද ටයිම් ඩිෆරන්ස් එක කොච්චරද කියලා? පැය එකොලහ මාරක්. මම ගියොත් අපි දෙන්නගෙම වැඩත් එක්ක සමහර දවසට අපිට කතා කරන්න වත් බැරිවෙයි. ඔයාට පුළුවන්ද එහෙම ඉන්න ම්ම්?"

" ඉතින් මොකද එක දවසක් කතා කරන්න බැරි වුනාට ඔයාට පුළුවන් වෙලාවට ඔයා මැසේජ් කරන්න මට පුළුවන් වෙලාවට මම රිප්ලයි කරන්නම් අපි දෙන්නටම පුළුවන් වෙලාවට කෝල් කරමු.කොච්චර ඩිෆරන්ස් එකක් වුණත් පැය විසි හතරම අපි බිසී වෙන්නේ නෑනෙ. හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ. අනික හිතලා බලන්නකෝ බබා අපි කවදා හරි මැරි කරනවා නම් මෙහේ ඉදලා අපිට ඒක කරන්න බෑනෙ ඔයා එහෙ ගියොත් මේ හැමදේම අපිට හොද විදියට විසද ගන්න පුළුවන් වෙයි ඔයා හිතලා බලන්නකෝ මං කියන දේ හරිද- ඔය ඉතින් කියන එක අහන් ඉන්නකෝ අප්පා එහෙන් මෙහෙන් හපන්නේ නැතුව. "

" ඔයා මට බබා කීවා "

" දැන් මං මෙච්චර දේවල් කියලා ඒක විතරද ඇහුනේ? අනික ඇයි මට කියන්න හොද නැද්ද එහෙම ? අර ශානිත් බේබි බේබි ගන්නේ ඔයාට එයා ජාතියේ කිරි මවද හැමෝටම බේබි කියන්නේ? අහ් අනික අර කොට උඩැක්කිය එයත් බේබි කීවද ඈ? උසේ හැටියට එපැයි කොල්ලෝ හොයා ගන්න ආවා මෙතන ඇගේ එල්ලෙන්න "

" ඔච්චර හුරතල් වෙන්න එපා මට හපලා කන්නම හිතෙනවා "

" අනෙ මේහ් දවල් කෑව මදිද විහිලු නෙවෙයි දැන් මං කීව ඒවා තේරුණාද?"

" තේරුනා තේරුනා මං යන්නම්කෝ බලමුකෝ ගියාම ඔය පණිඩිතකම් කියපු කට එහෙමම තියේයිද කියලා "

" කට තියනව තමා නැතුව කට ගැලවෙන්නයෑ ඒක නෙවේ ඒක ඇත්තට නේද කීවේ? යනවනේ? "

මම එහෙම ඇහුවම මෙච්චර වෙලා මාව බැක් හග් කරන් හිටි ශෙනාල් මාව එහෙමම ඇදේ පෙරලගෙන් මගේ ඇග උඩට ආවේ. එයා මේ හිටපු ගමන් කරන වැඩ නිසා මගේ ඇසුත් ලොකු වෙද්දී,

" යනවනේ?? මොකද මාව යවා ගන්න ඔච්චර දගලන්නේ ම්ම්?"

" එ- එහෙම නෑ "

ශෙනාල් එයාගේ අඩවන් වුණ ඇස් වලින් මගේ දිහා බලාගෙන එහෙම අහනකොට, මට වචනත් පැටලුනේ ඇත්තටම ඒ ඇස්වල බැල්ම මට ධාරා ගන්න බැරි නිසා. ටික වෙලාවක් එහෙම මගේ දිහා බාලන් හිටි ශෙනාල් මගේ තොල් මග ඇරල නිකටට හාදුවක් තියලා, කිසි කරබලයක් නැතුව මගේ බෙල්ලට ඒ හාදු අරන් ගියේ ඒ පහස දරා ගන්න බැරුව මගේ ඇස් පියවිලා යද්දී ..

" ශෙනාල්~ "

" ෂ්ෂ්... චූටි සර් ආස නැද්ද දවල් නතර කරපු තැනින් පටන් ගන්න ම්ම් "

.........................................................................

දැන් ශෙනාල්ටයි සිහිනටයි යන්න දෙන්න කාලේ ඇවිත් ළමයි.

අවසාන කොටසෙන් හමුවෙමු.🙂❤

👉👈 සෙනාල්

සිහින 🤗

Share This Chapter