Back
/ 31
Chapter 30

අවසාන කොටස

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

Shenal's POV

I can't think of any time

I hoped my day would fall apart and break

Stuck in traffic for the day

I've always been the planning type

But today I just want all my plans to change

I don't wanna board that plane

Twenty more till we're at the airport

Oh extra time is all I'm hoping for

දකුණු පැත්තේ කනේ තියන ඉයර්ෆෝන් එකෙන් Haley ගේ Red lights ප්ලේ වෙනකොට වම් පැත්තේ මගේ උරහිසට බර වෙලා ඉන්න සිහිනගේ අත මම තව ටිකක් තද කරේ දැනටත් කිසිම හිඩසක් නැතුව අපේ ඇගිලි පැටලිලා තියෙද්දි.

අපි ආදරේ කරන අය එක්ක ගත කරන්න තියන තප්පරෙත් කොච්චර වටිනවද කියලා හිතෙන්නේ කාලේ හිමින් යන්න කියල හිතණ හැම වේලේම අපිට හිතා ගන්න බැරි වේගෙන් කාලේ ගෙවිලා යන නිසා.

අපි ඩේට් කරන්න පටන් අරන් මාස දෙකක් ගෙව්නේ ඇස් පිල්ලමක් ගහන තරම් වේගෙන්. තවත් මාස දෙකකට පස්සේ යන්න හිටපු ගමන් හද්සියේම ඉක්මන් උනේ අප්පච්චට එහේ වැඩ වගේකට මාව ඕනි වෙච්චි නිසා.

තාමත් මේ මොහොත වෙනකොටත් මට ඕනි මේ ගමන නොයා ඉන්න. තනියම ආදරේ කරනවා වගේ නෙවෙයි අපි ආදරේ කරන කෙනත් අපිට ආපිට ආදරේ කරනකොට දැනෙන හැගීම. ඒ හැගීම් දරා ගන්න බැරි තරම් ලස්සනයි. මේ මාස දෙක පුරාවට ව්දපු ඒ ලස්සන හැගීම , අපි ගත කරපු ලස්සන දවස් එකතු කර ගත්‍ත මතක. මේ හැමදේම දලා මම යන්න හිත හදා ගන්නෙ කොහොමද ?

Oh I want red lights

Someone getting a flat tire

Anything to keep me grounded

Anything so I can stay

Oh I want red lights

Red like all the wildfires

Like a stupid romance movie

Where we get one more day

Before it all flies away

සහිරු වාහනේ අරන් යන්නේ වෙනදටත් වඩා වේගෙන්ද කියලා මට හිතුනා. අපි දැන් හුගක් ලගයි එයාපෝට් එකට. වහානේට නැග්ග වෙලේ ඉදන් සිහින එක වචනයක් වත් කතා කරෙ නෑ. එයා කරේ මගේ අතේ එල්ලිලා මගේ උරහිසට ඔලුව තියන් හිටපු එක. මේ මාස දෙක පුරාවට එයා ආස කරපු මම ආස කරපු හැම විදියෙම් ඩේට් වලට අපි ගියේ ඉතුරු අවුරුදු ගාන ගෙවා ගන්න මතක හුගක් එකතු කරන්න හිතාගෙන. ඒ මතක වලින් විතරක් ඊලග අවුරුදු තුන හතර ගෙවා ගන්න හිතුවත් දැන් නම් ඒක විහිලුවක් වගෙත් දැනෙනවා. අවුරුදු හතරක් එක්ක බලනකොට අපි එකට ගත කරපු කාලේ කොච්චර පොඩීද? මේ මාස දෙකට මේ ගමන මම නොයා ඉන්නද කියලා මම සිය සැරේකට වඩා අහලා ඇති ඒත් ඒ හැම සැරේම සිහින කීවේ මම එයාට දුර ඉදන් ආදරේ කලා වගේ එයාටත් එහෙම ආදරේ කරන්න අවස්ථාවක් දීලා මගේ හීන වලට යන්න කියලා. මගේ හීනේ මෙහේ තනිකරලා හොයන් යන හීන වල තේරුම මොකද්ද කියලා මට හිතුනත් අපි දෙන්නගෙම අනාගතේ ගැන හිතලා මම මේ ගමන යන්න හිත හදා ගත්තේ. ඉතින් දැන් නොයා බෑ. එයා මගේ ළඟ ඉන්න එක තප්පරෙ හරි තව ටිකක් දික් වෙනවා නම් කියලා විතරයි මට දැන් හිතන්න තියෙන්නෙ.

මාත් එක්ක එයාපෝට් එකට යන්න ආවේ සහිරුයි ඉමල්කයි අම්මායි සිහිනයි විතරයි. විහගිත් තව මාස තුනකින් වගේ එහේ එනවා. ඒත් එයා ඇප්ලයි කරලා තිබුනේ වෙන ස්ටේට් එකක යුනිවසිටි එකකට. අද ලොකූට දේවක අන්කල්ගේ කම්පැනි එකේ මොකද්ද ඉම්පෝටන්ට් මීටින් එකක් නිසා අපි එක්ක එන්න බැරි වුණා. ඒත් උදේ මාව බදාගෙන හිටියා හුගක් වෙලා ඉදලා කීවේ පරිස්සමට ගිහින් වැඩ ට්ක කර ගනිම් කියලා. ඒ වචන කියනකොට මගේ ඇස් තෙත් වුණ මොන දේ වුණත් ඒ මගේ අයියනේ. එන්ගේජ්මන්ට එකෙන් පස්සේ ලොකූ හුගක් බිසී වුණා වෙනදා වගේ කැම්පස් එකේ යාලුවො එක්ක රස්තියාදුවේ යන්න වෙලාවක් නෑ. අම්මා කීව විදියට ශිෂ්‍ය සංගමේ සභාපති කමෙනුත් අයියා අයින් වුණාලු. ඉස්සරහ හිටපු සෙල්ලක්කර චරිතේ වෙනුවට මේ මාස දෙක ඇතුලත මහා බරක් ඔලුවේ තියන් ඇවිදින මනුස්සයෙක් ගානට ලොකූ වෙනස් වුණා. ඒත් ඒක එය කැමැතෙන් තෝර ගත්ත ජීවිතේ. ශානි අක්කිත් ගිහින් දැන් මාසයක් වගේ එයා අයේ එන්නේ වෙඩින් එක ගන බලාගෙන. මට නම් ඒ දෙන්නගේ වෙඩින් එකට එන්න වෙන එකක් නෑ.

Yeah I wish I was the kind

To forget my stuff so I can never leave

But that won't ever be me

I tell myself I'm gonna be okay

But the continents aren't even the same

So I know we're gonna change

ඒ කෑල්ල ප්ලේ වෙනවා එක්කම මම සිංදුව නතර කරලා දැන්මා. හිතේ පොඩි චකිතයක් නැතුව නෙවේ ඇත්තටම අපි වෙනස් වෙයිද ? දුරින් ඉදන් ආදරේ කරන එක හිතන තරම් සුංදර දෙයක් නෙවෙයි. අඩුම තරමේ කලින් මම සිහින පේන මානේ හරි හිටියා ඒත් දැන්? හෙට දවස වෙනකොට මගේ අතක් තුරුල් කරන් උරහිසට ඔලුව තියන් ඉන්න සිහින ලෝකේ මෙහා කෙලවරේ මම එහා කෙලවරෙ. මට මගේ ආදරේ ගැන විස්වාස නැතුව නෙවේ සිහිනත් මට ඇත්තටම ආදරේ කරනවා කියලා මම දන්න්වා. දන්නවාටත් වඩා මට ඒක දැනෙනවා ඒත් හිත කියන්නේ මහ මුරණ්ඩු දෙයක් ඕන නැති දේවල් හිතලා නැති දේවල් මවන්න හිතට පුළුවන්.

" ශෙනාල් ලගේජ් ටික අරන් මෙතනින් බහින්න කට්ටිය එක්ක. මම වෑන් එක පාක් කරලා එන්නම්. "

සීට් එකට බර වෙලා ඇස් පියන් හිටපු මම ඇස් ඇරියේ සහිරුගේ කට හඩට. ඒ ඇහෙනවත් එක්ක සිහින මගේ අත තවත් තද කරනවා මට දැනිනා.

" නැගිටින්නකෝ මැණික බහින්න ඕනි දැන් "

සිහිනට ඇහෙන ගානට විතරක් මුමුණපු මම එයාව මගෙන් එහාට කරේ එයාගේ ඔලුවට හාද්දක් තිබ්බට පස්සේ.

අපි දෙන්නට ඉස්සරහින් හිටි අම්මා බැහැලා ගියාම ඇස් දෙකත් ලොකු කරන් මගේ දිහා බලන් ඉන්න එයාගේ තොල් වලට හාදුවක් තියලා මම එයාට බහින්න කියලා ඉගි කලා.

ලගේජ් ටික එලියට අරගෙන සහිරු වහනේ පාක් කරලා එනකල් ඉන්න අතරේ ඉමල්ක ගිහින් ඇතුලට යන්න ටිකක් අරන් ආවා.

අම්මත් සැරින් සැරේ මගේ මූන අල්ලනව පොඩි වෙලාත් නැති ශර්ට් එකේ රැලි හදනව අහක බලාගෙම ඇස් දෙක පිහ ගන්නවා.

මම අමාරුවෙන් වුණත් කදුලු හංගන් හිටියේ මෙතන මම ඇඩුවෙත් අම්මා වත් සිහින වත් මේ ඉවසන තරමට වත් ඉවසන්නේ නෑ කියල දන්න නිසා.

සහිරුත් ආවම අපි හැමෝම ඇතුලට ගියේ ඇතුලේ වැඩ ටික කර ගන්න වෙලාව ඕනි නිසා. ෆ්ලයිට් එකට තව පැය දෙක හමාරක් වගේ තියනවා. අද උදේ නැගිට්ට වෙලේ ඉදන් කාලේ කොච්චර ඉක්මනට ගෙවුනද? ඒ තරම් ඉක්මනට මේ අවුරුදු ගානත් ගෙවිලා අයේත් මම මේ එයාපොට් එක දකින දවස එනවනම්..

" ශෙනාලයා දැන් ඇතුලට යන්න වෙයි. ලගේජ් ටික චෙක් කරා වේට් එක ගානට."

ඉමල්ක එහෙම කියනකොට එන්න එපා කියලා හිතපු ඒ වෙලාව ඇවිත් කියලා මට තේරුනා. අකමැත්තෙ වුනත් මම හුගක් ආදරේ කරන අයගෙන් වෙන් වෙලා යන්න.

මම මුලින්ම් හැරුනේ අම්මා දිහාවට එයගේ කම්මුල් වලින් කදුලු ගලනවා ඒත් එයා ඉන්නේ හිනා වෙලා. මම දණ ගහලා අම්මට වැන්දේ ඒ කදුලු පිහදුවට පස්සේ.

" තෙරුවන් සරණයි චූටි පුතා.. අප්පච්චි වගේ ලොකු දොස්තර මහත්තයෙක් වෙලා එන්න ඕනි මගේ වස්තුව "

" අම්මා පරිස්සමට ඉන්න අයියත් ගෙදර එනවා අඩුයිනේ ඕනම දෙයක් තියේ නම් සහිරුට හරි ඉමල්කට හරි කතා කරන්න "

" හරි අම්මා ගැන බය වෙන්න එපා අප්පච්චි තව මාස දෙකකින් එනවනේ මගේ පුතා පරිස්සමට ඉන්නකෝ "

අම්මා මාව බදාගෙන ඉදලා අයින් වුනාම ඊලගට මම හැරුනේ මගේ අති ජාත මිතුරෝ දෙන්න දිහාට.

අත් දෙකම විහදලා උන්දෙන්නවම එක සැරේ බදා ගත්තා.

" තෝ ගියාට කමක් නෑ කොල් කරපන් හරිද ? බූරු පුතා "

" පරිස්සමට ගිහින් වරෙන් "

" උඹලත් පරිස්සමට ඉදපන්. හොදට වැඩ ටික කර ගනිම් දෙන්නම. කැම්පස් ගිහින් අපේ ලොකූ වගේ විප්ලව කර කර ඉන්නේ නැතුව "

" පිස්සු කතා කරන්න එපා බොක්ක අපි යන්නේ ඒ ආතල් එක ගන්න කොහෙද ඉතින් උඹට ඒරොප්පේ යන්න ඕනි උනානේ"

" සිහින ගැන ටිකක් බලපන් "

" අපේ අම්මී නිතරම ගිහින් අයියා ගැන බලනවනේ බං උඹ බය වෙන්න එපා අපි දෙන්නත් ඉන්නවනේ අයියට කියපන් ඕනම දේකට කතා කරන්න කියලා "

ඉමල්කයි සහිරුයි දෙන්නම කොළඹ කැම්පස් ඇප්ලයි කරපු එක මගේ හිතට එක අතකට සැනසීමක් වුණේ ඕනම දේකට සිහින ළඟින් ඉන්න උන් දෙන්න හරි ඉන්න නිසා.

මම හැමොටම කතා කරලා ඉවර වෙල සිහින පැත්තට හැරෙනකොට සහිරු ඉමල්කයි අම්මත් එක්ක ටිකක එහාට ගියේ අපිට කතා කරන්න ඉඩ දීලා.

මම එයා දිහාට හැරෙනකොට මම ආසම එයාගේ කම්මුල් වල ගැහෙන හිනාව එක්ක එයා මගේ දිහා බලන් හිටියේ මණ්දාකිනියක් හංගලා වගේ ඒ ඇස් දිලිසෙද්දී , තරු කැට එක එක කඩන් වැටෙන්න පොර බැද්දත් මට තේරුණ එයා ඒවා ඇතුලෙම හංග ගන්න ලොකු උත්සහයක ඉන්නේ කියලා.

" මෙහාට එන්න "

මම සිහිනව අරන් මගෙ අත් අතර හිර කර ගත්තේ එයත් කිටි කිටියේ මගේ උණුසුමට තුරුල් වෙද්දී. ටික වෙලාවක් යනකල් කිසිම කතාවක් නැතුව අපි ඒ විදියටම හිටියේ තව හුගක කාලෙකට මග ඇරෙන ඒ උණුසුම පුළුවන් තරම් විදින ගමන්.

" ශෙනාල් "

" ම්ම්?"

" මම ඔයාට ගොඩක් ආදරේයි "

" මම දන්නවා "

" මට ඔයාව ආපහු ඉක්මනට ගෙනත් දෙන්න. "

කාලෙකට කලිම් එයා මේ විදියටම මගේ පපුවට තුරුල් වෙලා වෙන කෙනෙක්ගේ ආදරේ ඉල්ලපු හැටි මට මතක් වුණා. එදා මම කීයටවත් හිතුවේ නෑ මේ වගේ දවසක් එයි කියලා. මගේ පපුවට තුරුල් වෙලා මවම ඉල්ලන දවසක්. මගේ ඇස් වලට කදුලු ආවේ ඒ වෙලාවේ මුලු ලෝකෙම දින්නා වගේ හැගීමකින් මගේ හිත පිරුලා ගියපු නිසා.

" ඉක්මනට එන්නම්. එතකල් පරිස්සමට ඉන්න ඕනි තේරුනාද? මට ඉන්නේ ඔයා විතරනෙ "

" මටත් ඉන්නේ ඔයා විතරයි. මම ගොඩක් ආදරේයි. ඔයත් පරිස්සමට ගිහින් වැඩ කර ගන්න මං ගැන බය වෙන්නෙ එපා. හැමදාම මම කතා කරන්නම්. "

සිහිනව මගෙන් ඈත් කරලා ඒයාගේ මූණම දෝතට අරගෙන මම එයාගේ නලලෙන් හාදුවක් තිබ්බ.

" මං ආදරේයි "

එයාගේ ඔලුව අත ගාලා ආදරේයි කියපු මම එයාත් එක්ක අම්මලා ඉන්න තැනට ගියේ මට ඇතුලට යන්න වෙලාව හරි නිසා.

සහිරු ළඟ තිබුන මගේ ට්‍රොලි එක අරන් ලයින් එකට යනක්ල්ම සිහින මගේ අතේ එල්ලිලා හිටියා. එයාට එන්න පුළුවන් තරම් දුරට මගේ අත අල්ලන් ආවා. එන්න එන්න අපේ අත් ඈත් වෙලා සුලැගිල්ලකින් විතරක් අපේ අත් පැටලිලා තියන තැනකට වෙනකනුත් එයා මාව අත ඇරියේ නෑ.

මෙච්චර වෙලා හිර කරන් හිටි කදුලු එයාගේ ඇස් වලින් එලියට එන්න ලොකු පොරයක් කරනවා, අනිතිමටයි ලගේජ් ටික ට්‍රැක් එකට දාන තැනට ලං වෙද්දී අපේ අත් අත ඇරිනා ඒ එක්කම එයා මෙච්චර වෙලා හිර කරන් හිටි කදුලුත් කඩා වැටෙන්න්න ගත්තම අම්මා ඇවිත් සිහිනව බදා ගන්න හැටි මම බලන් හිටියා.

" This way sir "

ස්ටාෆ් එකේ කෙනෙක් මට ඇතුලට යන්න කියලා කියනකොට අනිතිම වතාවට අම්මට තුරුල් වෙලා ඉකි ගහන සිහින දිහා බලපු මම බොද වෙච්චි ඇස් පිහදගෙන ඇතුලට ගියේ. ඉස්සරහට එයා ළඟ නැතුව ගෙවන්න වෙන අවුරුදු ගාන ජීවිතේ ඉක්මනට ගෙවෙන අවුරුදු හතර වෙන්න් කියලා ප්‍රාර්ථනා කරන ගමන්.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

වසර හතරකට පසු

" චූටි පුතා මමයි අප්පච්චි ඇවිත් ඉන්නේ ඔයා කොහෙද ඉන්නේ? "

" අම්මා ඔයාලා කෙලින්ම කොලේජ් එකේ ග්‍රවුන්ඩ් එකට එන්න. අපි හැමෝම එතන ඉන්නේ ෆොටෝස් ගන්නවා "

" ආහ් හරි අපි එන්නම් "

" okay අම්මා මම ඉස්සරහට එන්නම් "

" Hey Max my mom and dad's here I'll get ' em and be back soon "

කොලේජ් එකේ මට හම්බුන යාලුවා මැක්ස්. සහිරුටයි සිහිනටයි දෙන්නගෙම අවලාද වලට අහු වෙන අහිංසකයා. මම අම්මලව එක්ක එන්නම් කියලා කියාගෙන ගියාම Max මට tumbsup එකක් දුන්නා.

අද අපේ ග්‍රැජිවේශන් එක අවුරුදු හතරක නිදි මරපු රැය වල් වල මහන්සියේ ප්‍රතිඵල හම්බෙන දවස. අද මම oncologist කෙනෙක් විදියට ග්‍රැජුවේට් වෙනවා. ඒක තමයි හැමදාමත් මගේ හීනේ වුණේ. ඇත්තටම මට ඩොක්ට කෙනෙක් වෙන්න ඕනි වුණේ අප්පච්චි නිසා නෙවෙයි මගෙත් එක්ක පොඩි කාලෙ ඉදන් එකට හිටපු යාලුවෙක් කැන්ස එකක් නිසා නැති වෙච්චි නිසා. ඒ වෙලේ මගේ හිතට තදින්නම දැනුනා මගේ යාලුවට උදව් කරන්න බැරි වුණත් කවදා හරි මම ඒ වගේ හුගක් දෙකෙන්ගේ ජීවිත බේර ගන්න කෙනෙක් වෙනවා කියලා. ඉතින් ඇත්තටම අද හුගක් සතුටු දවසක්. මම කැනඩා ආවේ නැත්තම් මට මේ හීනෙට මෙච්චර ඉක්මනට යන්න පුළුවන් වෙන්නෙ නෑ කොහිමවත්. එදා අමාරුවෙන් උනත් මෙහේ එන්න ගත්ත තීරනේ වරදක් වුණේ නෑ. තව අවුරුද්දක් යනකොට මට මෙහේ සිටිසන් ඇප්ලයි කරන්නත් පුළුවන්.

දැන් ඇත්තටම මට ආයේ ලංකාවට යන්න අදහසක් නෑ. ඉක්මනට සිහිනවත් මෙහාට ගෙන්න ගන්න එක තමයි මගේ ඊලට පෑලෑන් එක. මෙහෙ අපි වගේ අයට ඕන තරම් නිදහස තියනවා. ආදරේ ආදරේ විතරක් විදියට දකින මිනිස්සු අතර ජීවත් වෙන එක ලේසි පාට කණ්ණාඩි දාගෙන ආදරේ දිහා බලන මිනිස්සු ඉන්න රකට ජීවත් වෙනවට වඩා. අපිට ජිවිතේ ගෙවන්න තියෙන්නෙ ටික කාලයයි ඉතින් ඒ ඉන්න ටික කාලේ බාහිර මිනිස්සුන්ගෙන් එන දේවල් ගැන හිත හිත දුක් වෙන්වට වඩා මේ වගේ නිදහස තියන තැනක අපේ අනාගතේ ගොඩ නගා ගන්න තීරණේ කරා.

අපේ ගෙවල් වලිනුත් ඒ වෙන්වෙන් ආශිර්වාද ලැබිලා ඉවරයි. මම කැනඩා ඇවිත් අවුරුද්දක් වගේ වෙනකොට සිහින අපි ගැන සමනලී නැන්දාටත් කියලා තිබුනා. මුලින් නැන්දා සිහින එක්ක මේ ගැන රණ්ඩු කරලා තිබුනා. සිහිනගෙ වත් මගේ වත් සතුටට අකුල් හෙළන්න නෙවෙයි ඒ හැමදේම වුණේ මේ දේවල් ගැන නැන්දාට තිබුන නොදැනුවත් කම නිසා. පාස්සේ අපේ අම්මයි අප්පච්චි කතා කරලා මේ ගැන කරුණු පහදලා දුන්නම අපිට නැන්දගෙත් ආශිර්වාදේ හම්බුනා. එදා සිහින හුගක් ඇඩුවා එයා බය වෙලා හිටියේ සමනලී නැන්දා එයාව තේරුම් ගන්න එකක් නෑ කියලා.

ලොකූ ගැන කියනව නම්, එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ අවුරුද්දකින් වගේ ශානි අක්කී ආපහු ආව ගමන් ඒ දෙන්නගේ වෙඩින් එක ගත්තා. මට වෙඩින් එකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ විඩියොක් කොල් එකකින් විතරයි. මැරි කරාට පස්සේ ශානි අක්කී ලොකුයි අපේ ගෙදර නතර වුණා. දේවක අංකල්ලගේ බිස්නස් සීයට අසූවකට වඩා ලොකූගේ වගකීමක් වුණා. එයාට ඒවට තියන අයිතිය කොයි වගේද කියලා නම් මම දන්නේ නෑ.ම ඒ දේවල් හොයන්න ගියෙත් නෑ.. මොකද මේ හැමදේකටම පස්සේ දවසින් දවස ලොකූ හුගක් වෙන්ස් වුණා ඉස්සරහ තිබ්බ සෙල්ලක්කර කම නිතරම.කට කැඩිච්ච කතා කියලා හිනා වෙන හැසිරීම නැත්ත්ට්ගටම නැති වෙලා ගිහින් තිබුනා. ලොකූ හරියට ගිනි කන්දක් ඔලුවේ තියන් ඉන්න මනුස්සයෙක් ගානයි කියලා අම්මා නිතරම ඒ ගැන කිය කිය දුක් වුණා. ශානි අක්කී මැරි කරලා ගෙදර ආවට ලේලියෙක් අතින් තියා බිරිඳක් අතින් වෙන්න ඔනි කිසිම යුතුකමක් එයා අතින් වෙන්නෙ නෑ ඒ වෙනුවට එයා වෙනදටත් වඩා සැහැලු ජීවිතයක් ගෙනියන ගමන් හිටියේ මහ පන්දර දෙක තුන වෙද්දිත් ගෙදර දොර යතුරු දන්න බැරි කරලා. පංසලක් වහේ තිබුන අපේ ගෙදර උඩ තට්ටුවේ නිතර නිතර බහින් බස් වීම් ඇහෙන්න ගත්තම අම්මත් අප්පච්චිත් ඒ දේවල් වලට කතා කරන්න බැරුව අසරණ වුණා. එන්න එන්නම ඒ දෙන්නගේ අඩ දබර වැඩි වෙනකොට එක දවසක් ඒ ගැන් කතා කරන්න ගියපු අම්මාටත් ශානි අක්කි හිත රිදෙන විදියට කතා කරපු එකෙන් අප්පච්චි ඒ දෙන්නට වෙනම ජීවත් වෙන්න කියල අවවාද කරලා තිබුනේ අම්මාගේ අකමැත්තත් නොතකා. අඩුම ලොකූ කැවද නැත්ද වත් බලන්න අම්මාට බැරි වෙන එක ගැන අම්මා දුක් වුණා. ඒත් අප්පච්චි කීවේ කසාදයක් කර ගත්තම ඒ දෙන්නගේ දේවල් තනියම බලා ගන්න පුළුවන් වෙන්න ඔනි කියලා.

ලොකුයි ශානි අක්කී වෙන ගෙදරකට ගියාට පස්සේ අම්මා කරපු පලවෙනි දේ සිහිනව ආපහු අපේ ගෙදර ගෙන්න ගත්ත එක. කවදාවත් ලොකූටවත් මට වත් නොපෙන්නපු ලෙන්ගතු කමක් අප්පච්චි වුනත් සිහිනට පෙන්නන්න පටන් ගත්තා. කට පුරා මගේ පුතා කියලා සිහින කතා කරන කොට සිහින අම්මා එක්කටත් වඩා අප්පච්චි එක්ක හුරතල් වෙන්න ගත්තේ පොඩි කාලෙ ඉදන් එයාට අහිමි වෙච්චි අප්පච්චි කෙනෙක්ගේ ආදරේ ආපහු විදින ගමන්.

ගිය අවුරුද්දේ සිහිනත් ග්‍රැජුවේට් වුණා. මාස හයක් කම්පැනි එකක ඉන්ටර්න් කෙනෙක් විදියට වැඩ කරපු එයා ඊට පස්සේ ආපහු ක්ලස් පටන් ගත්තේ එක එක්කෙනා යටතේ වැඩ කරනවට වඩා ළමයෙකුට දෙයක් කියලා දෙන එකෙන් එයා ලොකු සතුටක් ලබනවා කියලා. එයා තාමත් කරන්නෙ ඕලෙවල් ක්ලාස් දැන් නම් එයාට ළමයි තුන්සීයක් වගේ ඉන්නවා එක ක්ලාස් එකක. මේ වෙනකොට එයාගේ විඩියෝස් දෙක තුනක් සෝශල් මීඩියාවල වයිරල් වෙලා තියනවා. එකක තියෙන්නෙ සිහින ඉනට අත් දෙකත් තියාගෙන ගෙදර වැඩ කරන් ආපු නැති කොල්ලෙකුට කෝච්චිය වගේ බනින එකක්. එකේ බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකට

ගුරුතුමනි මගේ සොඳුරූ

සිප් සතර නිබඳ වැපිරූ

අස්වැන්න අපට පැවරූ

ගුරුතුමනී...

පුද දෙන්නෙ කොහොම ගුරු පඬුරූ

කියලා ඒ අනිතිම කෑල්ල යනකොට අර කොල්ලා බාගෙට ඇඩිලා වගේ කැම් එක දිහා බලනකොටම අර දුක හිතෙන විදියේ මියිසික් එකකට මාරු වෙලා විඩියෝ එක බ්ලැක් ඇන්ඩ් වයිට් වෙන එඩිට් එකක්.

ඒ විඩියෝ එක හැම තැනක ශෙයා වෙලා තිබුනේ ඇත්තටම ඒකට හිනා යනවා ඕකට හිනා වුණා කියලා සිහින මාත් එක්ක තරහා වෙලත් හිටියා මම ඉවසුවට හැමෝටම එයාගේ කියවිල්ල ඉවසන්න් බෑ කීව කියල.

ඔය වගේ තව විඩියෝ දෙක තුනක්ම වයිරල් වුණා. ඒවගේ සමහර කමෙන්ට් දැක්කම නම් මට ඒ වෙලෙම ලංකාවට ගිහින් මගේ කොල්ලව මෙහේ අරන් හිතෙනවා. මට මතක් වෙන්නේ දවසක් අපේ වෙලිබෝල් ටීම් එකේ පොරක් සිහින ලස්සන නිසා එයාගේ ක්ලාස් එකට ජොයින් වුණ හැටි. ඒදා නම් ඌට සද්දයක් දාලා පන්න ගත්තට දැන් එහෙම කරන්න බෑ කී දෙනෙක් කියලා සිහිනගේ මූණ බලන්න්න විතරක් ක්ලාස් එනවද? එනවා විතරක් නෙවේ උන් බය නැතුව සිහිනගේ එකවුන්ට් එකේ විඩියෝ වලම ඒ ගැන කියලා කමෙන්ට් දානව. එක එකාට බනින්න බැරි වුනත් එහෙම ඒවා රිපෝට් කරලා ඒ එකවුන්ට් වලටත් ගිහින් රිපෝට් කරන්න නම් මම අමතක කරන්නෙ නෑ.

මුලින්ම මෙහේ එනකොට මට හිතේ පුංචි බයක් තිබුනා අපි වෙනස් වෙයිද කියලා. ඒත් ඇත්තටම අපි ගතින් ඈත් වුණත් හිතින් හිටියටත් වඩා ලං වුණා. මටත් වඩා අපි වෙනුවෙන් හුගක් කැපකරිම් කලේ සිහින. සමහර දවසට එයා මුලු රැයක් නිදි නැතුව ඇහැරන් ඉන්නවා මං වෙනුවෙන්. කැම්පස් එකේ වැඩ පාර්ට් ටයිම් ජොබ් එකේ වැඩ පාඩම් කරන ඒවා මේ හැමදෙම එක්ක පැය එකොලහ මාරක වෙනසත් නිසා මට සිහින වෙනුවෙන් වෙන් කරන්න තියන කාලේ හිගක් සීමිත වෙනකොට කොච්චර වැඩ තිබුනත් එයාගේ වෙලාවෙන් එයා හැමදාම මම වෙනුවෙන් කාලේ හොයා ගත්තා. කෑම වේල් කීපයක් එක දිගට මග ඇරිලා මට ගෑස්ටික් හැදුනා කියලා දැන ගත්තම මම උදේට කනක්ල්ම එයා විඩියෝ කෝල් එකේ ඉන්න පටන් ගත්‍තා. ලගම නොහිටියත් මෙගේ පොඩිම දෙවල් ගැන පවා හොයලා බැලුවා කොටිනම මගේ දවසේ ශෙඩුයුල් පවා මට වඩා හොදට එයා දැනන් හිටියා. ඉතින් අද මම මේ ඉන්න තැනට එන්න එයත් ලොකූ හේතුවක්.

මම හිතන් ඉන්නේ ග්‍රැජිවේශන් එකෙන් පස්සේ ලංකාවට ගිහින් එයාවත් එක්කගෙනම ආපහු එන්න. මේ වෙනකොටත් එයා මෙහෙ ඇප්ලයි කරන්න ඩොකියුමන්ට් රෙඩී කරන් ගමන් ඉන්නේ. මේ සතියේ එයාට Ielts exam තියනවා කීවා. ඒ නිසා අම්මයි අප්පච්චි විතරයි මගේ ග්‍රැජිවේශන් එකට එන්න පුළුවන් වුනේ. අද උදේ තාමයි එයාලා ලෑන්ඩ් කලේ ඉතින් ඒ ගමන්ම එයාල කෙලින්ම් ආවෙ කොලේජ් එකට.

මම ග්‍රවුන්ඩ් එකෙන් එලියට එනකොටම අම්මයි අප්පච්චි එතනට ඇවිත් තිබුනා.

" චූටි පුතා~ "

" අම්මා "

අම්මාව දැකපු ගමන් මම දුවලා ගිහින් අම්මව බදා ගත්තා. හිටියට වඩා අම්මා වයසට් ගිහින්ද කියලා මට හිතුණේ කවදාවත් නොදාපු කන්නාඩි දෙකක් එයාගේ ඇස් වල තිබුන නිසා.

" මගේ කොල්ලා දැන් ලොකුයිනේ. අම්මට ගොඩක් ආඩම්බරයි පුතේ "

අම්මගෙන් වැටෙන කදුලු පිහිදලා මම ඊලගට අප්පච්චි දිහාවට හැරුනේ අප්පච්චි මාව ඇදලා අරන් බදාගෙන පිටට තඩි බද්දී.

" ඇති එකෙක් හරි ඔඩ්ඩිගෙ පුතෙක් නොවී තත්තගෙ පාරේ ගියා "

මම හිනා වුනා එත් මගේ ඔලුවේ ඒ වෙලේ වැඩ කරේ වෙන දෙයක්. අප්පච්චව බදා ගන්නකොට මට දැනුන පුරුදු සුවඳ , එ සුවද එන්නේ කා ලගින්ද කියලා අවුරුදු ගානක් ගියත් මට මතකයි. ඒත් මට මටක් වුණේ එයා කොහොමත් ඉන්නේ අපේ ගෙදරනෙ අප්පච්චි එයාගේ සෙන්ට් එක් උස්සන්න ඇති කියලා.

" යමු අරහෙට. තව ටිකකින් සෙරමනි එක පටන් ගන්නවා "

අම්මලා එක්ක ගිහින් මගේ යලුවෝන්ටත් අදුන්වලා දුන්නට පස්සේ එයාටලට ඇතුලට යන්න තියන තැන පෙන්නලා මත් ඇතුලට ආවා අප්පච්චි යාලුවෙක් හම්බෙන්න කියලා ආපහු එලියට ගියේ අම්මව ඉන්දුවට පස්සේ.

අද ග්‍රැජුවේට් වෙන අය අතරේ මගේ නම කියවෙනකොට මම ස්ටේජ් එකට නැගලා අම්මලාව හෙව්ව්වත් ඒ පොඩි වෙලාවෙ සෙනඟ ගොඩක් මැද්දේ මට එයාලා හොයා ගන්න බැරි වුණා.

අන්තිමට සෙරමනි එක ඉවර වෙලා ඇති වෙනකල් ෆොටෝස් අරන් අපිට යන්න වෙලාව ඇවිත් තිබුනා.

" චූටි පුතා මායි අම්මයි අද නවතින්න හොටෙල් එකක් බුක් කලා අපි දැන් කෙලින්ම ඒකට යනවා "

අප්පච්චි එහෙම කියද්දි මම පුදුම වුණේ ඒ දෙන්න කලින් එහෙම දෙයක් කියලා තිබුනේ නැති නිසා.

" හරි අප්පච්චි ඔයාල කවද්ද එන්නේ මම ඔයාගේ රූම් එකත් ඇරේන්ජ් කරලා තිබුනෙ. "

" අපි අනිද්දා දිහාට එන්නම් ටිකක් ඇවිදලා එහෙම "

මම ආසාවෙන් බලන් හිටියේ අද අම්මා එක්ක ඉන්න අවුරුදු ගානක් තනියම ඉදලා මට අම්මගේ උණුසුම හිගක් මිස් වෙලා තිබ්බේ ඉතින් අම්මාලා දවස් දෙකක් විතර නෑ කීවම මට පොඩි දුකක් නොදැනුනා නෙවෙයි. ඒත් ඒ දෙන්නත් මෙහෙම රටකට එකට ආවේ හුගක් කාලෙකින් නිසා එන්ජෝයි කරන්න ඕනි ඇති.

" හරි අප්පච්චි ඔයාල යන්න එහෙනම් මාත් මෙහෙමම යනවා. "

" ආහ් චූටි පුතා "

" ඔව් අප්පච්චි ?"

" සිහින ඔයාට තෑග්ගක් එව්වා ඒක අපි ගෙදරන් දාලා ආවේ ගිහින් බලන්නකෝ "

අප්පච්චි මට ඇහැකුත් ගහලා එහෙම කීවම මම බලාගෙන අම්මා අප්පච්චිව කොනිත්තනවා. කාර් එකට නැග්ග ගමන් මම කරේ සිහිනට කෝල් එකක් ගත්ත එක. අද උදේ ඉදන් එයාගෙන් එක මැසේජ් එකක් වත් තිබ්බේ නෑ. කොලේජ් එකේදිත් මම එයාට කෝල් එකක් ගත්තත් එයා ආන්ස කලේ නෑ. දැනුත් ෆෝන් එක රින්ග් නොවී කට් වෙලා ගියේ මම හොද හුස්මක් අරන් සීට් එකට හේත්තු වෙද්දි.

දැන් එහාට පාංදර දෙකට ළඟයි සමහරවිට එයාට නින්ද යන්න ඇති මේ ටිකේම හුගක් මහන්සි වෙනවනේ.

කාර් එකේ රෙඩියෝ එකත් ඔන් කරලා මම වාහනේ ස්ටාට් කර ගත්තේ අප්පච්චි කීව සිහින එව්ව තෑග්ග මොකද්ද කියලා බලන්න තියන හදිස්සියට. අප්පච්චිට කලින්ම ඒක ගෙදර ගිහින් දාලා එන්න වුනා කියන්නේ ඒක ළඟ තියා ගන්න බැරි ලොකු දෙයක් වෙන්න ඇති.

Watching the video that you sent me

The one where you're showering with wet hair dripping

You know that I'm obsessed with your body

But it's the way you smile that does it for me

" ahh fuck not now "

රේඩියෝ එකේ cigarettes after sex ලගේ sweet ප්ලේ වෙනකොට මට නිකම්ම කියවුනේ මේ සිංදුව අහන ගානට මට ඒයාව මතක් වෙන නිසා. ඒ හැමදේටම වඩා මම මේ සිංදුවවට කැමති කීවම මේ සිංදුව බැක්ග්‍රවුන්ඩ් එකට දාලා සිහින මට එව්ව එයාගේ විඩියෝ එක මතක් වෙද්දී මගේ අතින් තව ටිකක් තදට ඇක්සිලේටර් එක පෑගුනේ ඒ විඩියෝ එකෙන් මං සෑහෙන්න වැඩ ගත්ත හැටි මතක් වෙලා. ඉක්මනට ගෙදර යන්න ඕනි.

It's so sweet, knowing that you love me

Though we don't need to say it to each other, sweet

Knowing that I love you, and running my fingers through your hair

It's so sweet

හුගක් අමාරුවෙන් එයා වෙනුවෙන් පණ ගහන හැගීම් හිර කරන් හිටියත් සමහර වෙලාවල් තිබුනා දරා ගන්නම බැරි වෙච්චි. මේත් ඒ වගේ වෙලාවක්.

Watching the video where you're lying

In your red lingerie ten times nightly

You know I think your skin's the perfect color

But it's always your eyes that pull me under

මම රේඩියො එක ඔෆ් කරලා දැන්මේ තව දුරටත් ඒක අහගෙන සිහිනව මවා ගන්නේ නැතුව ඉන්න බැරි නිසා. මට දැන් එයාව බලන්න ඔනි.

ගෙදරට ආපු ගමන් මම කාර් එක ලොක් කරලා ගේ ඇතුලට ගියේ ෆෝන් එකත් කනේ ගහගෙන.එහෙමම සෝෆ එකට වැටුණ මම ඇදන් හිට් ශර්ට් එකේ බොත්තම් දෙක තුනකම ගලවලා දැන්මේ එලියේ කොච්චර සීතල උනත් ඊට වඩා ද ගුනේකින් මාව රත් වෙලා තිබුන නිසා.

ප්ලීස් සිහින ආන්ස කරන්න.

" හෙලෝ "

" බබා~ I want you"

" විඩියෝ ඔන් කරන්න "

සිහින විඩියෝ ඔන් කරන්න කීව පමාවට මම විඩියෝ ඔන් කරම දැක්ක දේ නිසා ශර්ට් එක විතරක් නෙවෙයි බෙල්ට් එක ගලවලා දාලා කලිසමත් ලිහිල් කරන්න වුණා.

රතු පාට සිල්ක් ශර්ට් එකක් විතරක් ඇදගෙන තැන් තැන් රෝස පෙති ඉහිරුන සුදු පාට බෙඩ්ශීට් එකක දණ ගහගෙන හිටපු එයා මට ඒයාව හොදට පේන විදියට ෆෝන් එක තව ටිකක් ඈත් කලා. ඒත් ඉන්න එයා ෆෝන් එක ඈත් කරනවත් එක්ක මගේ ඇස් වලට අහු වුණේ මට හොදට පුරුදු දෙයක්. මම ලංකාවෙන් එන්න ඉස්සරහ අපි ගියපු අන්තිම ඩේට් එක වෙලාවේ ගහපු ෆොටෝ එක. මම මෙහේ ආවට පස්සේ ඒක ෆ්‍රේම් කරලා මගේ ඇද ළඟ තියා ගත්තේ හැමදාම නැගිට්ටම මුළින්ම මම දකින දේ ඒ ෆොටෝ එක වෙන්න ඕනි නිසා. ඒත් ඒක කොහොමද ?

" සිහින ? "

" ඔයාගේ තෑග්ග ගන්න එන්න "

" No f**king way "

ඉදන් හිටපු සෝෆා එකෙන් නැගිටපු මම කෙලින්ම දිව්වේ මගේ රූම් එකට. මෙච්චර වෙලා ෆෝන් එකෙන් දැකපු දේ මගේ ඇස් ඉස්සරහම තියනකොට ෆෝන් එකත් පැත්තකට විසික් කරපු මම එයා ලගට ගියේ මම දකින්නේ හීනයක්ද කියලා හිතා ගන්න බැරුව. රෝස පෙති අතුරපු සුදු ඇද ඇතිරිල්ලේ ඉදගෙන මම ආසම හිනාවෙන් මගේ දිහා බලන් හිටපු සිහින දැක්කම මට මාවත් අමතක වුණා.

මම ලගට යනකොට එයාගේ අත් දෙකම විහිදලා සිහින මට ලගට කතා කලාම දෙපාරක් නොහිතා මම එයාව එහෙමම උස්සලා අරගත්තේ එයාගේ අත් මගේ බෙල්ල වටේ වගේම් එයාගේ නිරුවත් කකුල් මගේ ඉන වටේ එතෙද්දී.

" මම දකින්නේ හීනයක්ද? "

මගේ ඇගට කාවදින තරම් ළඟින් එයාගේ උණුසුම දැනුනත් ඒ දිලිසෙන ඇස්වලට එබිලා මම ඇහුවේ තාමත් මට ඒයා ඉන්නවා කියලා විස්වාස නැති නිසා.

" ම්ම් හීනයක් නම් තමයි. හැබැයි ඇහැරලා ඉන්නකොට පේන හීනයක්. ඔයාට විතරක් පේනන කැමති හීනයක්. ඒත් ඔයාට විස්වාස නැත්තම්... "

එහෙම කියලා මගේ කම්මුලක් හපපු සිහින් ඒ හපපු තැනට ආයෙම හාදුවක් දීලා හිනා වුනේ මගේ ඇස් හරිම අකීකරු විදියට එයාගේ මූණ පුරා යනකොට.

මගේ වගේම එයාගේ ඇසුත් නොසන්සුන් කමින් පිරිලා තියනකොට තවත් ඉවස ගන්න  බැරි වුණ තැන අවුරුදු හතරක් පුරාවට මග ඇරුන එයාගේ සිනිදු තොල් මගේ තොල් අතරට ගත්තේ මේ වෙලාවේ මට වචනෙන් කියා ගන්න බැරි හැගීම් ඔක්කොම ඒ දෙතොල් හාදුවට දිය කරලා. අපි දෙන්නම නොදැනි දෙන්නගෙම ඇස් වලින් කදුලු වෑස්සුනේ අපේ හදුවට කදුලු වල රසත් එකතු කරලා.

" ශෙනාල්~ "

" මැණික "

" මට ඔයාව හුගක් මතක් වුණා. අයේ නම් ඔයගෙන් ඈත් වෙන්න බෑ මට. මාව ඔයා ගාවම තියා ගන්න. "

සිහින මගේ බෙල්ල අස්සේ මූණ හංගගෙන එහෙම මුමුණනකොට මම එයාව අරන් ගිහින් රෝස පෙති විහිදිලා තිබ්බ ඇදෙන් දිගා කරෙව්වම මට එයාව පෙනුනේ ඒ රොස පෙති වලටත් වඩා සිනිදු පෙති විහිදන්න බලන් ඉන්න ලස්සන මානෙල් මලක් වගේ. ගොඩක් ලෝබ හිතෙනවා මම පොඩ්ඩක් හරි රළු වුනොත් ඒ පෙති තැලිලා රිදෙයිද හිතෙනවා ඒත් එයා මේ විදියට දකිනකොට දැනටමත් පණ ගහල තියන හැගීම් නොසලකා ඉන්නේ කොහිමද?

" ඔයාට ඔයාගේ තෑග්ග එපාද? "

මොකුත්ම නොකර මම සිහින දිහා බලාගෙන ඉන්නකොට , මම මොකුත්ම නොකරත් ඇවිස්සිලා හිටපු සිහින එහෙම ඇහුවේ ළඟ ළඟ වැටෙන එයාගේ බර හුස්ම රැලි අතරින් කෙදිරිල්ලක් වගේ. තවත් බලන් ඉන්න එපා මොනවා හරි කරන්න කියල ඒ ඇස් නොකියා කීවා. මට තරමටම ඒයාටත් මාව ඕනි කියලා දැනෙනකොට මගේ කට අගට හිනාවක් ආවේ මොකුත්ම නොකරත්  ඒයාව මේ තරම් අව්ලන්න පුළුවන් වුණ එක ගැන ආපු ආඩම්බරයත් එක්ක.

Sihina's POV

අවුරුදු හතරකට කලින් හිටපු ශෙනාල්ට වඩා අත් වලින් ඇදට වාරු වෙලා මාව ඒ අත් අතර තියන කට කොනින හිනා වෙන ගමන් මගේ මූන දිහාම බලන් ඉන්න මේ කොල්ලා මාව පිස්සු වට්ටනවා. ඉස්සරහ තිබුන අහිංසක මුනට පරිණත කමක් එකතු වෙලා තියෙනකොට ඒ පෙනම කවදාටත් වඩා සරාගි වුණා. කලින් හිටියට වඩා දෙගුණයක් තරම් ඇග පතිනුත් එය වෙනස් වෙලා තියනකොට ඒයාගේ අත් අතර හිරපූ මාව මට හුගක් පොඩිවට දැනුනා.

ඇරිලා තියන බොත්තම් අතරින් පේන එයාගේ පපුවෙන් මම ආසම එයාගේ සුවඳ දැනෙනකොට ඇවිස්සෙන්න පුළුවන් උපරීමෙටම ඇවිස්සිලා හිටිපු මට තවත් ඉවස ගන්න බැරි වුණා. එයාගේ බෙල්ල වටේ අත දාලා මම එයාව ලගට ඇදල ගන්න ගියත් මගදි මාව නතර කරපු එයා මගේ අත් දෙකම එක අතකින් අල්ලගෙන් මගේ ඔලුවට උඩින් ඇදට හිර කලේ එයා එක පාරක කරපු දේ මට හිතා ගන්න බැරි කරලා.

" කෑමක වුණත් නියම රස දැනෙන්න නම් මුලින් ඇස් වලින් විදලා ඉන්න ඕනි. "

වෙනද අහල නැති විදියේ අමුතු කටහඩකින් එහෙම් කියපු ශෙනාල් එයාගෙ නිදහස් අතින් මගේ ශර්ට් එකේ බොත්තම් එකින් එක ගලවල ශර්ට් එක දෙපැත්තට කලේ ඊලගට එයාගේ ඇගලි මගේ බෙල්ලෙන් පටන් අරන් පපුව හරි මැදින් පහලට අරන් ගියේ ඒ පුංචි ස්පර්ශයත් දරා ගන්න බැරුව මගෙන් කෙදිරීලි පිට වෙද්දි.

මම ඇදගෙන හිටි ශෝට් එකේ දාරෙ ළඟ ඇගිලි එහෙ මෙහේ අරන් ගිටපු එයා මගේ ඇස් වලට එබුනේ අවසර ඉල්ලන්න වගේ. මගේ ඇස් වලින්ම මම එයාට අවසර දුන්නම ඒ පමාවට ශෝට් එක ගලවලා කාමරේ කොහෙද කෙලවරකට විසි කරපු ශෙනාල් ආපහු මගෙන් ටිකක් ඈත් වෙලා මගේ දිහා බලන්න ගත්තම මෙච්චර වෙලා නොතිබුණු ලැජ්ජාවක් ඇවිත් මම එයාගෙන් හැංගෙන්න හැදුවත් එයා මාව නතර කලා.

" මගේනේ. හැංගෙන්න එපා "

එහෙම කියපු ශෙනාල් නිරාවරණය වෙලා තියන මගෙ පපුවේ හැම අගලකම හාදු තවරන්න ගත්තේ මට දරා ගන්න බැරි තැන කෙදිරිලි වලට වඩා හයියෙන් මගෙ කටින් සද්ද පිට වෙනකොට. අප්පච්චි අම්මයි අද මෙහේ නාව එක ගැන මම සිය වතාවකට වඩා ස්තූති වුණා.

" ඔයාට විස්වාසද මැණික මේක තමයි මට දෙන තෑග්ග කියලා? මම හිතන් හිටියේ කවදා හරි නීතියෙන් ඔයා මගේ වුණ දවසට මේ දේ ඉතුරු කර ගන්න "

" බෑ මට තවත් ඉවසන්න බෑ ශෙනාල් මට ඔයාව ඕනි ප්ලීස් මාව ඔයාගෙ විතරක් කර ගන්න. "

ඒ ටික කියනකොට මගේ ඇස් වලට කදුලු ආවේ ඇයි කියන්න මම දන්නෙ නෑ. ශෙනාල් මගේ ඇස් වලට උනපු කදුලු පිහිදලා ඇස් වලින් හාදුවක් තියලා මගෙන් ටිකක් ඈත් වෙලා බෙඩ් ඩ්‍රෝවර් එකෙන් මොනා හරි එලියට ගත්තා.

" ඔයා ප්ලිස් කියන්න ඕනි නෑ මැණික ඔයාට මාව ඕනිවටත් වඩා මට ඔයාව ඕනි. මෙතනින් එහාට නැවතීමක් නෑ කොහොම හරි දරා ගන්න මගේ ඉවසීම නැති වුණේ ඔයා මේ ඇදුම ඇදගෙන මගේ ඇස් ඉස්සරහට ආපු වෙලාවෙමයි. "

ශෙනාල් එහෙම කියනකොට කලින්ටත් වඩා වේගෙන් මගේ හිත ගැහෙන්න පටන් ගත්තා. මාව ඉනෙන් උස්සලා එතනට කොට්ටයක් තියපු ශෙනාල් එයා ඇදන් හිටපු ඇදුම් එකින් එක මගේ ඇස් දිහා බලාගෙනම ගලවලා දැන්මේ ඒ ඇස් වලින් මාව තව තවත් අවුලලා.

එතනින් එහාට තවත් විනාඩි ගානක් ගෙවුනේ මගේ කෙදිරිලි මැද්දෙන් එයාට ඕනි විදියට මාව prepare කරන්න.

ඒ හැමදෙටම පස්සේ මගේ අත් දෙකම එයාගේ අත් වල පටලගෙන ඇදට හිර කරපු ශෙනාල් මගේ ඇස් දිහාම බලගෙන ඒයාගේ පණ ගහපු හැගීම් මගේ ඇග ඇතුලට ඇතුල් කලේ ඒ එක්කම මොකක් හරි සිතල දෙයක් මගේ වම් අතේ වෙදගිල්ලේන් පහලට යද්දී

" Will you be my only one for the rest of my life? "

" Ahh~ yess "

මම එහෙම කීවේ මට ඒ වෙලෙ දැනුන වේදනාව මුසු වෙච්චි වින්දනයටද නැත්තම් ශෙනාල් අහපු දේටද කියලා මටත් හිතා ගන්න බැරි වෙනකොට, මගේ අතට අලුතින් එකතු වුණ රෝස් ගෝලඩ් රින්ග් එක දිහා බලලා එයා හිනා වුණේ එතනින් එහාට අපේ හුස්ම වැටෙන සද්දෙත් කෙදිරිලි වාල සද්දෙත් එක්ක කාමරේ පිරිල යද්දී.

Shenal ' POV

පැයකට ලංවෙන්න මගේ අතින් හෙම්බත් වුණ සිහිනගේ නලලට හාදුවක් තියපු මම එයාගෙන් ඈත් වුණේ කවදාවත් නොදැනුන තරම ආදරණීය හැගීම් වලින් මගේ හිත පිරිලා යද්දී. දැන් සති දෙකක්ට උඩදී සිහිනට ප්‍රපෝස් කරන්න කියලා හදවපුප්‍රොමිසින් රින්ග් එක එයගේ දිග ඇගිලි අතරින් දිලිසෙනකොට ඒ අත අරගෙන මම හාදුවක් තිබ්බේ එයා හිනා වෙලා මගෙ දිහා බලන් ඉද්දී.

" මම හුගක් ආදරෙයි මගේ ඩැන්ඩලයන් මලට "

" ඩැන්ඩලයන් මල? ඔයා කලින් එහෙම කියල නෑ මට "

" ම්ම් මම අද විතරයි ඔයාට ඒක කියන්නෙ. ඩැන්ඩලයන් මලක් වෙන්න එපා"

" ඇයි ඒ? "

" ඩැන්ඩලයන් මල් හරි සියුම් වැරදි විදියට ඇල්ලුවත් ඇති ඒ මල් පොඩි වෙලා විසිරිලා යන්න "

" ම්ම් ඇත්ත තමයි. මාත් ඒ වගේ එක සැරයක් වැරදි අතකින් පොඩි වෙලා ගියා ඒත් දැන් මම ඉන්නේ ඔයා ලගනේ ශෙනාල්. ඔයා අතින් මගේ එක පෙත්තකට වත් වරදක් වෙන්නේ නෑ  කියන්න මම දන්නවා. ඉතින් ඔයා එක්ක ඉද්දී ඩැන්ඩලයන් මලක්  වෙන්න මම බය නෑ.

" ඩැන්ඩලයන් අයිති කාගෙවත් අතකට නෙවෙයි එවා අයිති හුලගට විතරයි. "

" ඉතින් මම ඔයාගේ ඩැන්ඩලයන් මල වෙන්නම් ඔයා මට යන්න ඕනි පාර පෙන්නන හැමදාම මගේ ලගම දැවටි දැවටි ඉන්න හුලග වෙන්න. "

පලවෙනි වතාවට සිහින මගේ නලලට හාදුවක් දීලා එහෙම කියනකොට මගේ හිතම එයගේ ආදරේන් පිරිල යනවා වගේ මට දැනුනා.

" මම හුගක් ආදරේයි මගේ මහත්තයාට. හැමදාම මගේ හුලග වෙලා ළඟින් ඉන්න "

" මමත් හුගක් ආදරේයි මගේ ඩැන්ඩලයන් මල "

....................... නිමි................................

💮🌼" You hand the delicate dandelion to the wrong person and they will tear the dandelion apart piece by fragile piece but hand it to the right person and they will make a wish scattering it's seeds to the blowing wind. Be careful who you hand the dandelion "

💮🌼

ඉතින් එය එසේ නිමාවිය.😭

මුලින්ම තියෙන්නෙ සමාව ගන්න,

එන්න පරක්කු වුනාට සමාවෙන්න. මේ දෙන්නට යන්න දෙන්න හිත හදා ගන්න බැරි වුණා.

දෙවෙනියට  මගේ අසාර්ථක SMUT එක ගැන සමාව ඉල්ලනවා. සිංහල තියා මගේ ENGLISH ෆික්ශන් වල වත් මම SMUT එකක් ලියලා නෑ. පුළුවන් විඩියට ලීවේ ඉතින් අනික මේක SMUT එකකුත් නෙවෙයිනේ ඒ දෙන්නගේ ආදරේ ස්වර උච්ච වුණ තැනක් අනික ශෙනාල් සිහිනට ප්‍රපෝස් කරන්න හිටියේ මෙහෙම නෙවෙයි ඒත් කොහෙද ඉතින් මේ සිහිනගේ වැඩ නිසා කොල්ලගේ ඉවසීම ලෙෆ්ට් වුණා.

ඊලගට කතාව ගැන කියනව නම්. මේ කතාව පටන් ගන්නකොට ශෙනාල් කියලා කියන්නෙ ඒක පාර්ශ්වික ආදරවන්තයෙක්. අපි කියවල බලලා තියන කතා වල ඒ වගේ අයට අයිති වෙන්නේ කොයි වගේ ඉරණමක්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕනි නැනේ.

ඉතින් මගේ කතාවක් ඇතුලේ මට ඕනි වුණා ඒ වගේ ඒක පාර්ශ්වික ආදරවන්තයෙකුට සාධාරණයක් කරන්න. මම කොයි තරම් හොදට ඒක කාරාද කියලා මම දන්නේ නෑ. මොකද මේක තමයි මම සිංහලෙන් ලියපු පලවෙනි කතාව.

කතාව පටන් ගන්නකොට සිංගල කතා කියවන අය මගේ එකවුන්ට් එකේ හිටියේ දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි. ඉතින් මම ඇත්තටම මේ තරම් වත් මේ කතාවට වෝට් රීඩ්ස් එයි කියලා හිතුවේ නෑ.

කොහොම හරි නෝට් පෑඩ් එකේ වේලි වේලි තිබ්බ මේ කතාව මට දිගටම ලියන්න කියලා කීවේ yumi_lv_97 Jeoniegirl මෙන්න මේ ගැටිස්සියෝ දෙන්නා. ඉතින් මුලින්ම ඒ දෙන්නට තෑන්ක් කරන්න ඕනි.

ඒ වගේම කතාව කියවපු වෝට් කරපු කමෙන්ට් කරපු රීඩින් ලිස්ට් වලට ඇඩ් කර ගත්තු සහ විශේෂයෙනම කතාව ඉක්මනට ඉවර කරන්න එපා කියපු හැමෝටම ස්තූති..ඔයාල එහෙම කියන්න ඇත්තේ කතාවට කැමති නිසා කියලා මම හිතන්වා.

ඒත් මම මේක පටන් ගත්තේ කොටස් විස්සකින් වගේ ඉවර කරන්න හිතාගෙන ඒත් ඒක කොටස් විසි නමයකට තරම් ඇදුනා. මම හිතනවා ඔයාල කම්මැලි නැතුව කියවන්න ඇති කියල.

තව දෙයක් කියන්න ඕනි මේ කතාවේ නිර්වාන්ගෙ චරිතෙ ඉන්ස්පය වුනේ එක දවසක අපි ෆිල්ම් එකේ විමුක්ති කියන චරිතෙන්. ඉතින් මට කියන්න ඕනි ශෙනාල් වගේ ආදරණීය අය වගේම විමුක්ති නිර්වාන් වගේ අයත් මේ සමාජේ ඕන තරම් ඉන්නවා සමහර විට අපි තුළම ජීවත් වෙනවා. ඉතින් මේ කතාව කියවපු ඔය ගෑණු දරුවෝ/ පිරිමි දරුවෝ හැමොම පරිස්සමට මිනිස්සු ආශ්‍රේ කරන්න.

ඉතින් මෙච්චර දවසක් කතාවට ආදරේ කරපු ඔයාලා හැමෝටම හුගක් ස්තූති.

කතාව ගැන ඔයාලගේ අදහසුත් කියාගෙන යන්න අමතක කරන්න එපා.

ගිහින් එන්නම්❤

මේ මම ඊලගට ලියන කතාව. ටිකක් වෙනස් කතාවක් කැමති අය කියවන්න.

Share This Chapter