Back
/ 31
Chapter 5

4.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

" සිහින මම ඇවිත් ඉන්නේ, වෝඩ් නම්බ එක මොකද්ද ? "

" විසි හය "

" හරි මං එන්නම් "

කලබලෙන් එහෙ මෙහෙ යන ඇටෙන්ඩන්ලා නස්ලා පහු කරන් මාත් ඉක්මනට ඉක්මනට ගියේ සිහින කියපු වෝඩ් එක හොයාගෙන, මං මේ ඉන්නෙ ජෙනරල් හොස්පිට්ල් එකේ, අපේ එකා තවත් වීරකමක් කරගෙන වාට්ටුගත වෙලා.

මං අද ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවිත් ෆෝන් එක බලනකොට සිහිනගෙන් මිස් කෝල් නවයකුයි තව මැසේජ් ගොඩකුයි ඇවිත් අද හවස පැයක් අපිට එස්ට්‍රා කෙම් ක්ලස් එකක් දාලා තිබ්බ නිසා මට එන්න පරක්කු වුනා මැසේජ් කියව කියව ඉන්නෙ නැතුව මං අනික් පැත්තට සිහිනට කෝල් එකල් ගත්තා , එයා මට කෝල් කරන්නෙ ගොඩක් අඩුවෙන්, නෑ එයා එහෙම කෝල් කරන්නෙනෙම නැති තරම්, සිහින අද ගෙදරින් ගියේ හරිම සතුටින් අද එයාලගෙ සෝශල් එක අදින් පස්සෙ රැග් නෑ කියලා එයා හිටියෙ දැන් සතියක විතර ඉදන් තමා කියව කියව හිටියේ අද දවස එනකල් ඉවසිල්ලක් නෑ කියලා, මං කෝල් බැක් කරාම දෙපාරක් රින් වෙන්න කලින් එයා අන්ස කලා, ඒත් ඒවෙලේ මං බලාපොරොත්තු වුනේ නැති විදියට සිහින අඬන්න ගත්තා පස්සෙ තමා දැන ගත්තෙ අපේකා රණ්ඩුවක පැටලිලා හොස්පිට්ල් එක්ක ගිහින් කියලා.

සිහින කීව වෝඩ් එකට යනකොට මං දැක්කා ලොකු අයිනෙම ඇදක් ඉන්නවා අතත් බැන්ඩේජ් කරගෙන , අපෙ ලොකුගෙ යාලුවා තේජාන් අයියයි තම මම දන්නෙ නැති අයියලා ටිකකුයි එතන වට වෙලා හිටියා, මේ දර්ශනේ මට නම් පුරුදු නැති එකක් නෙවේ , අපේ ලොකූගෙ මේ මදාවිකම් අදක් ඊයෙක පටන් ගත්ත ඒවා නෙවේ මේකා ඒලෙවල් කාලේ ඉදන් පෙරල ගත්තෙම අහක යන බාල්දි , ගොඩක් බරපතළ තුවාල වුන ඒවා ඇරෙන්න අපේ අම්මා නම් දන්නෙත් නෑ මං මේක නිසා ඉස්පිරිතාලෙ බඩගාලා තියන තරම් , හැබැයි වැඩේ කියන්නේ ඒ හැම වතාවකම ලොකූට මොකක් හරි සදාරන හේතුවක් තිබ්බ රණ්ඩුවට පැටලෙන්න, ඌ අතේ පයේ හිරි යවන්න කාටවත් අත උස්සන කෙනෙක් නෙවෙයි කියලා දන්න නිසා මාත් ඉතින් ඕවට මොකුත් කියන්න යන්නෙ නෑ. කොහෙන් ගියත් මාවා තමා අහු වෙන්නෙ මූට සාත්තු කරන්න,

' උඹ ඉතින් හිචිචි ඩොකානේ මේවා පුරුදු වෙන්න හොදයි , හොදේකා වගේ මේ බේත් ටිකා ගපම් අම්ම දැක්කොත් විසුමක් වෙන්නෑ ' ඕක තමා ඉතින් ගුටිකාල ආවම ඒකගෙ උදාන වක්‍ය.

මං ලගට යනකොට තමයි දැක්කේ බිත්තියට හෙත්තු වෙලා බුම්මන් ඉන්න සිහිනව , ලාවට තාම අඩනවද මංදා එත් ගුටි කෑවේ අයියා නම් ඇයි සිහින අඩන්නේ?

මං එනවා දැකලා සිහින කදුලු පිහදාගෙන මං ලගින් ඇවිත් හිටගත්ත.

" බලන්න මල්ලි මේ නිර්වාන් කරගන්න වැඩ " සිහින කීවේ මගේ අතේ එල්ලිලා අයියටත් රව රව.

" ආ උඹ ආවද? අනේ මෙන්න මේකව එක්ක ගෙදර යමං බං ආපු වෙලේ ඉදන් ටැප් එක ඇරගත්තා වගේ අඩනවයි කෑගහනවයි ඉවරයක් නෑ වලි වලට යන එකත් එපා වෙනවා මූ නිසා "

" තමුසෙ කාගෙන්ද ගුටි කෑවේ මේ පාර"

" ඌ ගුටි කෑවෙ නෑ බං ගැහුවා පොඩ්ඩක් හැරුනා නම් ගුටි කාපු අය බලන්න තිබ්බා"

ඇස් දෙකෙන් මට පිටි පස්සෙ ඇඳක් පෙන්නන ගමන් එහෙම කීවේ සේජාන් අයිය එතකොට තමයි මම දැක්කේ එහා පැත්තෙ ඇදක ඉන්න ලොකූලගෙ වයසේ වගේ කොල්ලෙක් ලොකූගෙ අතකට විතරක් ඩැමේජ් වෙලා තියෙද්දි ඒ කොල්ලගේ ඔලුවත් බැන්ඩේජ් කරලා අත පය වලත් හැමතැනම තුවාල ඇහැ ලගත් පැන්ඩා වගේ නිල් වෙලා තිබුනා බෑලූ බැල්මෙන් කියන්න පුළුවන් හොදවයින් වැදිලා කියලා. ඒ කොල්ලා අපි ඉන්න පැත්ත බලලා රවලා අහක බලා ගත්තා , මං ඒ කොල්ලා දිහා බලලා ආයේ ලොකූ දිහා බලද්දී මෙන්න මූත් ඉන්නවා ඇහිබැමකිත් උස්සන් මං දිහා බලගෙන හරියට නිකම් කොහොමද මගෙ වැඩ කියලා අහන්න වගේ මට ලාවට හිනා ගියා ඒක දැකලා මං ඉතින් ලොකූට ඇහැක් ගැහුවා.

" ආ මල්ලී ඔයාත් ඒ පාර හිනා වෙන්න ගත්ද? හැදෙන්නකෝ ඒ සාම්පලේටම පුළුවන් නම් මං නැන්දට කියන්වා සේරම අනික් එක ගැමා අයියේ ඔයා... හිනාවෙන්න එන්න එපා හරිද ඔයාට වැඩක් නෑනෙ ගිහින් කේලම් කියන්න , දැන් බලන්නකෝ සතියක් පංති තහනම් කරානේ සෙල්ලමක්ද ඔයාලට මේක, ඕන්නැති ඒවට අත නොදා හිටියා නම් ඉවරයිනෙ "

මං හිනා වෙනවා දැකකා විතරයි සිහිනට යකා වැහිලා වටේටම බැනගෙන ගියා, සේජාන් අයියත් ඔලුව කස කස අහක බලා ගත්තා ,

" මං දැන් ඕන්නැති ඒවටද අත දැන්මේ? "

" ඔව් , ඔයා ඒවට පැටලෙන්න ඕනි නෑනෙ මං ඒවා බලා ගන්නවනෙ "

" බලා ගන්නව ප&# , කෙලින් කටින් ඉන්න කීවට අහන්නෑ දෙකට නැමෙන්න යනවා හැම එකාටම තොගෙ ඔය අහිංසක කම හින්දා තමා දවසක කෙලව ගන්නෙ මෙතන ඉඳලා මගෙන් තව කුනුහරප නාහා පලයං ගෙදර "

" කෑගන්න එපා බල්ලෝ මේක ඉස්පිරිතාලෙ "

සිහින එයාගැන බලාගන්නම් කීවා පාර ලොකූට මල පැනලා වෝඩ් එක දෙවනක් වෙන්න කෑගහන්න ගත්තා , සිහින බය වෙලා වගේ බලං ඉඳලා මගෙත් අත අතෑරලා ඇස් වල කදුලු පුරවන් එලියට දිව්වා ලොකූට තරහා ගියාම යකා වගේ බය වෙන එක සදාරනයි වටේම හිටපු අයත් කට ඇරන් මෙතන වෙන නටකේ බලං හිටියා කැම්පස් එක ඇතුළෙ මොනා උනාද මම දන්නේ නෑ ඒ උනාට එහෙම කෑගහන්න ඕනි නෑනෙ මෙතන තව කී දෙනක් ඉන්නවද ?

" තමුසෙට මාන්දමද බූරුවා ඔහොමත් කෑ ගහන්වද? අඩාගෙන ගියේ " ලොකූගෙ ඔලුවට රිදෙන්නම පාරක් ඇනලා මං කීවේ වෝඩ් එකෙන් එලියට දිව්ව සිහින ගිය පැත්ත පෙන්නලා,

" අනේ මගුල ඔහොම හැම එකටම කදුලු පෙරන් මේවගෙ ඉන්න බෑ ඔන්න ඕකවත් එක්කන් ගෙදර යමන් හවස මගෙ ටිකට් කපනවා කීවා මං අද සේජාන් ලගෙ දිහා ඉඳලා හෙට එන්නම් අම්මට කියපන් මං වැඩකට එහෙ යනවා කීවා කියලා "

මං සිහින ගිය දිහයි ලොකූ දිහායි මරුවෙන් මාරුවට බැලුවා මේකව මෙහෙම දාලා යන්න හිතෙන්නෙත් නෑ , ඒත් සිහින ගැන බලන්නත් ඕනි අනික අම්මා එන්න කලින් ගෙදර යන්න ඕනි නැත්තම් මායි සිහිනයි එකට ගෙදර ගියාම ඕවට උත්තර බදින්නත් එපැයි මං අනික තාම ඉන්නෙ යුනිෆෝම් පිටින්.

" මල්ලි යන්න මං මේකව අපේ දිහා එක්ක යන්නම් මේ මූනේ ලාවට තැලිච්ච පාරවල තියන්වා තවා හෙට වෙද්දී හොද වෙයි දැන් ගියොත් ආන්ටිට උත්තර බඳින්න වෙයි, අතට නම් ඔය මොකක් හරි වුනා කියන්න බැරියැ."

තේජාන් අයියා මගේ පිටට තට්ටුවක් දාලා මට යන්න කීව නිසා මං එතන හිටි අනික් අයියටත් කියලා ලොකූට තව හොදවයින් ටොක්කකුත් එන්න ආවා. ඇයි යකෝ මෙකා නිසා අනික් වුන්ටත් වදේනෙ.

මං එලියට යනකොට සිහින එලියෙ බංකුවක ඉඳගෙන ඈත බලං ඉන්නවා, දැන් වෙලාව පහට කිට්ටු ඇති ටික ටික හොස්පිට්ල් එකට එන සෙනඟ වැඩිවෙන්වා තවත් මෙතන ඉන්න බැරි නිසා මං ගිහින් සිහිනට කතා කරේ එයාගෙ උරහිසට අතක් තියලා

" සිහින , එන්න අපි ගෙදර යමු " මං කතා කරාම සිහින ගැස්සිලා ගියා මං ඉක්මනට අත අර ගත්තා එයා බය උනාද? , මං කියලා දැක්කම සිහින හිනා වෙලා එතනින නැගිට්ටා. තාම එයගේ කම්මුල් වල යන්තම් වේලුන කදුලු පාරවල් ඒවා දැක්කම මට ලොකූ එක්කත් කේන්තී,

මං ඉස්සර වෙලා යන්න යද්දී සිහින ඇවිත් මගෙ අතින අල්ල ගත්තා , එයා කරන මේ වගේ පුංචි දේවල් වලට මගෙ හිත ගැස්සෙනවා මං ඒ හැඟීම් කොච්චර යට කරන් ඉන්න හැදුවා වුනත් වතුර යට හංගපු රබර් බොලයක වගේ සැරින් සැරේට ඒවා උඩට එනවා.

" මල්ලි කොහොමද ආවේ? "

ගෙදර වාහන දෙකම අම්මායි අයියයි ජන සතු කරන් නිසා ලයිසන් තිබ්බත් මං ඉතින් පොදු ප්‍රවාහනේ තමා පාවිච්චි කරන්නේ, ඒත් දැන් සිහින ඉන්න විදියත් එක්ක බස් වල යන්න බෑනෙ මං ෆෝන් එක එලියට අරන් පික්මී එකක් දැන්මා

" මං බස් එකේ ආවෙ, මං.පික් මී එකක් දැන්මා දැන් එයි "

" අපරාදෙනෙ අපිට බස් එකේ යන්න තිබ්බා " සිහින බිම බලාගෙන කීවා අඩලා නිසාද මංදා එයාගෙ කටහඬ වෙනස් වෙලා

" ලොකු ගානක් නෑ, දැන් එයි ඒක, " කියනකොටම වගේ අපේ වීල් එකක් ඇවිත් නැවැත්තුවා මං බලන් ඉද්දිම එකෙ හිටපු අයියා කෝල් එකක් ගත්තා මගෙ එකට මං ෆෝන් එක පෙන්නලා සිහිනත් එක්ක ගිහින් වීල් එකට නැග්ගම ඒ අයියා පාඩුවේ යන්න ගත්තා,

සිහින තාමත් හිටියේ මගෙ අතේ එල්ලිලා, එයා තව ටිකක් මගේ ලගට ඇවිත් මගේ උරහිසෙන් ඔලුව තියා ගත්තා,

" ඔලුව රිදෙනවා " නිදහසට කරුණක් වගේ එහෙම කියපු එයා මගෙ අතකුත් බදාගෙන උරහිසෙ ඔලුව හංගගෙන ආයෙත් හිමින් සැරේ ඉකිගහන්න ගත්තා, ලොකූ කීවා දේවල් නිසාද නැත්තම් ලෝකූට වෙච්චි දේ නිසාද? සිහින එහෙම ඉකිගහනකොට මගේ පපුවට දැනුනෙ ලොකු බරක් එයාව ඇදලා අරන බදාගන්න හිතුනත් මං අත මිට මොලවන් ඒ හැගීම් යට කරන් හිටියා, මට මේ තරම් බරක් දැනෙන්නේ එයා අඩන් නිසාද නැත්තම් එයා ලොකූ හින්දා අඩන නිසාද කියලා මට හිතා ගන්න බැරි වුනා,

මටත් දවසක මෙහෙම දෙයක් වුනොත් එදාටත් ඔයා මේ වගේ අඩනවද සිහින ? මට අහන්න හිතුනා.

..............................................................

හිචිචි එකක්🙂

Share This Chapter