Back
/ 31
Chapter 8

7.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

ඉර බහින හවසක මුහුදු වෙරලක් කියන්නෙම ප්‍රශ්න කන්දක් ඔලුවෙ තියන් එන මිනිසුන්ට එක මොහොතකට හරි සැනසීමක් දෙන්න පුළුවන් මැජික් එකක් වගේ, පොඩි කාලෙ ඉඳලා අම්මා අප්පච්චි ලොකූ මැද්දෙ හැදුන මට මෙහෙමයි කියන්න තරම් ප්‍රශ්නෙ ඇවිත් නෑ මං හරි නිදහසේ ජිවත් වුන කෙනෙක් ඒත් දැන් තත්වේ ඊට ගොඩක් වෙනස් වචන කරන්න බැරි හැගීම් ගොඩක් නිසා මගෙ හිත බර වෙලා, ඉතින් ටිකක් හිත නිදහස් කර ගන්න කියලා බීච් එකට ආවත් වෙනදට අහසම පාට කරන් බැහැල යන ඉර වෙනුවට අද තිබුනේ අලු පාට වැහි වළාවක් , මං වැස්සට ආසයි ඒත් මේ වෙලාවෙ අකීකරු විදියට රැලි ගහන මුහුදුයි මේ වැහි වලාකුළු එකතු වෙලා හැදිලා තියන වටපිටාව මගෙ හිත නිදහස් කරනවා වෙනුවට හිතට තවත් බරක් එකතු කරනවා වගේ මට දැනුනේ. අපරාදෙ ක්ලස් කට් කරලා ආවේ.

" තොට දැන් සැපද , ආවා මෙතන එක් කොන් ප්‍රේම වන්තයා ඉර බහිනවා බලං මනෝ ගහන්න, තොගෙයි මගෙයි වාසනාව ලියවිලා තියන හැටියට ඉර වුනත් අපිට සාධාරණයක් කරයි කියලා නොහිතා ඉන්න තිබ්බා , කුඩයක් ගෙනාවෙත් නෑ බල්ලෝ උදේ අම්මා අච්චර කීවා කුඩේ අරන් පලයන් කියලා, අපේ අම්මට දිවැස් තියනවද කොහෙද නැත්තම් කොහොමද කියන්නෙ හවස වහී කියලා උදේ අච්චර ලස්සනට ඉර බැබලි බැබලි තියෙද්දි, ආ මේකවත් කාපම් දැන් උදේ නිව්ස් බලලා හවස වහිනවා කියන දවසක ආපහු එමු "

ටිං බෙලෙක්කයක් කියලා හිතුවද අපෝ නෑ මේ මගේ පැත්තට වඩේ මල්ලක් දික් කරන් ඉන්නේ මගේ ප්‍රාණ සම මිතුරා සහිරු , මගෙ දුකට සැපට හැම රෙද්දටම ඉන්නේ මූ තමයි ඉතින්. අදත් ක්ලස් කට් කරලා බීච් යමු කීවම පැනගෙන ආවෙ දැන් බොරුවට විලාප තිබ්බට.

සහිරුවා දික් කරන් හිටපු වඩේ මල්ලෙන් එකක් අරන් කටේ දාගෙන මං ආයෙත් ඈත මුහුද දිහා බලා ගත්තා. වැහි කලු කරාට දැන්ම වහින එකක් නැතිවෙයි තව ටිකක් ඉදලම යනවා. අද සෙනසුරාදානෙ සිහින අද දවසම ගෙදර අම්මට නම් හවස් වෙනකල් ක්ලස් එතකොට ලොකූ? ලොකුත් ගෙදර ඇති සිහින තනියම නිසා, ඉස්සර නම් වීකෙන්ඩ් වල මිනිහව ආසාවට වත් දකින්න නෑ ඒත් දැන් ලගදි ඉදන් ලොකූ ගෙදර ඉන්නවා සිහිනට පාඩම් කියලා දෙන්න. අයියා සිහිනට කෙසේ වෙතත් සිහින අයියට උගන්නනවා වගේ තමයි හැබැයි පිටට නම් පේන්නේ මොකද එයා තමයි වැඩිපුර කියවන්නේ ලොකූ ඉතින් කම්මුලකට අත තියන් බලන් ඉන්නවා, එයා කතුර වගේ කට උල් කර කර කියවන හැටි මතක් වෙලා මට ලාවට හිනාවක් ගියා.

" ඕයි "

" මේ ශෙනාල් "

" කන ඇහෙන් නැද්ද ? "

" &#% "

" ඇයි බං ඇයි බෙරිහන් දෙන්නේ? "

සිහිනගෙ සිහියෙන් හිටි මං ආයේ මේ ලෝකෙට ආවේ සහිරුවාගෙ කෑ ගැහිල්ලට. අපරාදෙ මූව එකක්න් ආවේ.

" බෙරිහන් දෙන්නෙ කියන්නේ යකෝ මං බොට කීපාරක් කතා කරද? තෙට මං මෙතන ඉන්නවා කියලා මතක නැද්ද ? "

මං මොකුත් කියන්න ගියේ නෑ කොහොමත් මේකා කියන කියන එකට උත්තර දෙන්න ගියා නම් මූ එක්ක වසන්න හම්බෙන්නේ නෑ.

" හරි දැන් මට කියපන් උඹ මොකද්ද කරන්න හිතන් ඉන්නේ කියලා? ක්ලස් කට් කරලා මෙතන ඇවිත් මනෝ ගැහුවා කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑනෙ අනික විසදන්න තරම් ප්‍රශ්නයකුත් නෑනේ බං උඹ නිකම් හැසිරෙන්නේ අවුරුදු ගානක් ලව් කරලා බූටක් කෑව වගෙනේ, ඒ මංදා උඹත් පිටට තදයා වගේ හිටියට හෙන බොලදයි. සිරාවටම මං උඹෙන් මෙහෙම හැසිරීමක් බලපොරොත්තු වුනේ නෑ. "

මං හැසිරෙන්නේ ඒ වගේද? වෙන්නත් ඇති ඒත් මං කොහොමද ඒක නවත්තන ගන්නේ ? මට සිහින ගැන දැනෙන මීට කලින් කිසිම කෙනෙක් ගැන දැනුනෙ නැති මේ හැගීම. ඒක ආදරේ කියල තේරුම් ගන්න මං පරක්කු වුනා සිහින කියලා කියන්නේ ඕනම කෙනෙක්ට ආදරේ හිතෙන විදියෙ කෙනෙක් ඒ කම්මුල් වල ගැහෙන හිනාව ඒ කතා කරන ඇස් අතරක් නැති කියවිල්ල කාටද ඉතින් ආදරේ නොහිතෙන්නේ? එයා මාත් එක්ක ගත කරන පොඩි වෙලාවල මට මේ තරම් ආදරේ හිතෙනවා නම් හැම තිස්සෙම ලෝකූ වටේ කැරකි කැරකි ඉන්න එයා ගැන ලොකූට කොයි තරම් ආදරයක් එයා ගැන දැනෙනව ඇතිද? මේ පහුගිය දවස් වල මං දැකපු දේවල් එක්ක ඒ දෙන්නා අතරේ තියෙන්නේ කොයි වගේ බැදීමක්ද කියන්න මට වෙන සාක්ශි ඕන නෑ. ඉතින් මට කරන්න පුළුවන් එකම දේ එයාව අමතක කරන් එක නේද?

" මං දන්නෑ බං මටත් ඕනි අමතක කරන්න ඒත් කියන තරම් ලේසි නෑ "

" උඹට ඕනි නම් ටික දවසකට අපේ ගෙදර ඇවිත් නැවතියම්, උඹ දැන් ඔය කියන විදියට උඹේ අයියයි සිහිනවයි එකට දකින ගානට උඹ රිද්ද ගනී ටික දවසක් මගෑරල හිටහන් "

" මං එයාව මග අරින්න ගත්තේ එයා ලොකූට ආදරෙයි කියලා මාත් එක්ක කීව දවසේ ඉදන්මයි ඒක වෙලත් දැන් සති දෙකකට වැඩී කියලා උඹ දන්නවනේ. "

මීට සති දෙකකට විතර කලින් ඒ කියන්නේ ලොකූ අර රණ්ඩුවට පැටලිලා සේජාන් අයියලගේ දිහා ඉදන් ගෙදර ආපු දවසේ ලොකූ බලන්න කාමරේට ගිය වෙලේ මං දැක්කේ ඒ වෙලේ දකින්න බලාපොරොත්තු වෙච්චි දෙයක් නෙවේ. මගෙ හිත කොච්චර අනතුරු අගවලා තිබුනා වුනත් වෙන්න යන දේ ගැන මට ඕනි උනේ නෑ ඒක පිලිගන්න මං ඒ වෙනකොටත් හිටියේ මට සිහින ගැන දැනෙන දේවල් ගැන එයාට කියන්න ඉතින් එහෙම වෙලත් සිහින එදා මට කීව දේවල් එක්ක මගේ පපුව නතර උනේ නැති ටික විතරයි.

එයා කීවා එයා ලොකූට ආදරේ කරනවා කියලා ඒත් ලොකූ තවම දන්නේ නැතිලු, එයා කොච්චර ඒ විදියට හිතෙන එක වැරදි කියලා එයාවම නවත්තන ගන්න හැදුවා උනත් එයාට නවත්තන්න බැරි තරමට එයාට ලොකූව දැනෙනවලු, ඒ නිසා මං දැක්ක දේ නිසා එයා ගැන වැරදිවට හිතන්න එපා කියලා කීවා. ඒ කීව හැම වචනයක් ගානෙම සිහිනගෙ ඇස් කදුලු වලින් තෙත් වෙලා තිබුනා එයා බය වෙලා හිටියෙ කොල්ලෙක්ට ආදරේ කරන එකට මං එයාව පිලිකුල් කරයි කියලා ඒකත් ඒ කොල්ලා මගෙ අයියා වුන එකට මං තරහා ගනී කියලා. මං මොනවා කියන්නද? එයාගෙ වචනයක් ගානේ මට පිහි තුඩු වලින් පපුව හාරනව වගේ රිදෙනකොට මං මූනෙන් හැගීම් නොපෙන්නා ඉන්න දුන්නේ එසේ මෙසේ ට්‍රයි එකක් නෙවේ මං දන්නේ නෑ ඒවෙලේ මං කොච්චර සාර්ථක වුණාද කියන්න, සිහින කීව දේවල් අහලා මට එයාට කියා ගන්න පුළුවන් වුනේ මං එයා එක්ක තරහ නෑ කියලා විතරයි.

" එක්කෝ උඹට එදා තිබුනා එයාට කියන්න උඹට එයා ගැන දැනෙන දේවල් ගැන "

" එච්චර සෙල්ෆිශ් වෙලා එයාව අසරණ කරන්න බෑ බං මට "

මං ඒ වෙලේ ඒක කීවා නම් සිහින ගොඩක් අසරණ වෙන්න තිබුනා එහෙන් එයා ලොකූට අදරේ කරද්දී එයා මල්ලි වගේ කියල හිතන් ඉන්න මං එයාට ආදරේයි කියලා දැන ගත්තම කරන්න මොකද්ද හිතා ගන්න බැරුව එයා ඒව ගැන හිත හිතම දුක් වෙයි, ගෙදරින් ඈත් වෙලා නොදන්න පළාතක ඉන්න එයාට ඉන්නේ අපි විතරයි, අපි තුන් දෙනා එක්ක සැහැලුවෙන් හිනා වෙලා ඉන්න එයාගෙ සැනසීම නැති කරන්නේ කොහොමද මං?

" අනේ මංදා බං උඹත්, දෝතිං බදං අදාරේ වෙනකෙනෙක්ට පුදලා දැන් හූල්ල හූල්ල ඉන්නවා, මට තාම හිතා ගන්න බැරි උඹ උගේ මොනවටද ඔච්චර ආදරේ කරන්නෙ කියලා හරි මං පිලිගන්නවා සිහින අයියා ලස්සනයි මටත් එදා ඌ මුලින්ම මාත් එක්ක හිනා වෙච්චි වෙලේ නිකම් උගේ වටේට මල් පිපිලා මගේ වටෙට අනංගයෝ කැරකෙනවා වහේ ෆීලින් එකක් ආවා තමයි ඒ වුණාට මං කි ~~ ආ ආ යකෝ රවන්න එපා බය හිතෙන්වා තෝ රවද්දී "

" උඹ ආයේ සිහින ඉන්න දවස් වල අපේ ගෙදර එන්න එපා "

" ආ එක හරි වැඩක්නේ මට ඕන්නම් මං එනවා. ඒක නෙවේ මං මේ කියන්න ගියේ ලස්සන නම් ඉතින් අර විහගිත් ඉන්නේ ඒකිත් ලස්සනයිනෙ ඒකි දැන් අවුරුද්දක් වෙලේ ඉදන් උඹව දාගන්න ට්‍රයි කරන්නේ අද උදෙත් උඹට දෙන්න කියලා චොක්ලට් එකක් දිලා ගියේ තාම බෑග් එකේ තියෙනව ඒ වෙලේ කන්න බැරි නිසා මං ගෙදර ගිහින් කන්න තියා ගත්ත "

මුගේ මේ වැඩ නිසා තමා මටත් වස් වැදෙන්නෙ හැමදාම කියනවා කෙල්ලොන්ට බොරු බලාපොරොත්තු දෙන්න එපා කියලා ඔය වැඩ කරලා, කියන එකක් අහන එකෙක් ඇයි ඉතින්.

" උඹ අන්න ඒකිව වත් දාගනිම් ඕවා අමතක වෙලා යන්න. "

" උඹට හාල්ද , කොහෙවත් ඉන්න අහිංසක කෙල්ලො මේවට ගාවගෙන හැගීම් එක්ක සෙල්ලම් කරලා පව් පුරව ගන්න මට බෑ ආයේ ඒකි මොන හරි කීවොත් උඹ කියපන් මං කැමති නෑ කියලා"

" අම්මො අම්මෝ සුද්දවන්තයා, හරි එතකොට උඹ හදන්නේ දිගටම සිහිනට හිතෙන් ලව් කරන්නද? උඹ ඔය කියන විදියට සිහින කියන්නෙ කවද හරි උඹේ මස්සිනා, මස්සිනාට ලව් කරන්න මේක වලගම්බා රජ සමය නෙවෙයි &&%"

" මං මේ ඉන්න විදියට මග ඇරලා ඉන්නවා බං කොහොමත් ඉස්සරහට තව ක්ලාස් වැටුනම මීට වඩා බිසී වෙයිනේ, උඹලගේ ගෙදරට අර group ක්ලාස් ටිකත් සෙට් කර ගමු උඹ ඒක කතා කර ගනිම්කෝ."

" හ්ම්ම් ඇති යංතම් මං එත් බය වෙලා හිටියෙ උඹ මේ විභාගෙට මාස ගනක් තියන් පිස්සු කෙලින්න ගත්තම, කොහොමත් ඒලෙවල් වලින් පස්සෙ වැඩි කාලයක් උඹ මෙහෙ ඉන්නේ නෑනෙ , කැනඩා ගියාම සුපිරි කෑල්ලක් සෙට් කර ගනිම් සිහිනට හික් ගෑවෙන්න දැන් යමං තව හිටියොත් සබන් නැතුවම නාගන්න පුළුවන් "

සහිරු එහෙම කීවෙ මගෙ කර වටේ අතකුත් දාගෙන, කොච්චර පිස්සු කෙලියත් මූ මං ගැන වද වෙනවා කියන්න මං දන්නවා, ආදරේ කියලා මට හැමදාම මෙහෙම ඉන්න බෑ. කවදා හරි දවසක හිත හදා ගන්නම වෙනවනේ සහිරු කීවා වගේ ඒලෙවල් ඉවර වෙලා වැඩි කාලයක් මෙහෙ ඉන්නේ නෑ මං, මං මගේ ගමන යනවා සිහිනත් එයාගෙම පාරක යයි ලොකූ එක්ක. කොච්චර පිළිගන්න අකමැති වුනත් මටත් හිතෙනවා මට වඩා සිහින ගැලපෙන්නේ අයියට කියලා. ඉතින් එයාල සතුටින් ඉදී .

අන්තිම පාරට මුහුදු දිහා බලන් ඉඳලා මං දිග සුසුමක් පිට කරා, මේ දැනෙන හැගීම් සේරම මේ හමං යන හුලගේ පා කරලා යවන්න පුළුවන් වුනා නම්, මෙතනින් නැගිටලා ගිහින් ගෙදර ගියාම ඒ මූන දකින එක මීට වඩා ගොඩක් ලේසි වෙන්න තිබුනා.

එදා ඔයාව දැකපු මුල්ම වෙලේ ඔයා ගැන මෙහෙම ආදරයක් ඇති වෙයි කියලා හිතුනා නම් අභී කීවා වගේ මටත් තිබුනා ඔයගෙ ඇස් මග ඇරල ඉන්න ඒත් ඒ වෙනකොටත් මං පරක්කු වැඩි ඇති මොකද මට ඔයා ගැන ආදරයක් හිතුණේ ඔයාව ඒ දැක්ක වෙලාවෙමයි. කමක් නෑ සිහින, අයිති වෙන්න ඕනිම නෑනෙ ආදරේ කරන්න. වෙන වත්තක වුනත් ඔයා ලස්සනට පිපෙනවා බලන්න විතරයි මට ඕනි. මට පුළුවන් ඈත් ඉදන් විදින්න බලෙන් නෙලාගෙන ඇවිත් ඔයා පරවෙලා යනවා බලන්න බෑ මට.

...................................................................

හරියටම මෙතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නේ.🙂

Share This Chapter