Back
/ 36
Chapter 10

10 කොටස

🖤My Peony🖤

𝗘𝗿𝗼𝗻

"ඒයි හූ ඉන්නවදෝ"

"ම්ම්ම්ම්"

"මෙහෙ ආවා"

"ම්ම්ම්ම් බෝඩිමක් හම්බුනාද"

"ඔව් එකක් හම්බුනා  අව්ලක් නෑ සේප්"

"බෝඩිම තියන ලේන් එකේ නම මොකක්ද"

"සතුටු මාවතද කොහෙද මට හරියටම මීටර් නැ"

"ලේන් එකේ නම නම් උබට ගැලපෙනවා"

"අනේ මේ ඉන්නවකො"

"මට ලෙක්චර් එකක් පටන් ගන්න යන්නෙ"

"අහ් එහෙනම් යන්ඩෝ බායි"

ඊයෙ ආවට පස්සේ වැටන වැටෙන තැන හොදට නින්ද ගියා.අද උදේ ඇහැරෙද්දිත් දහයට විතර ඇති.ඊටපස්සෙ වොශ් දාලා කාලා එහෙම එරෝන් අයියට මැසේජ් එකක් දැම්මා මෙහෙ ආවා කියන්න.

අනේ මන්දා මට තේරෙන්නෙ නෑ. එයාව හම්බුන දවසෙ ඉදන් මගෙ ජීවිතේ වෙන හැම පුංචි දෙයක්ම මම එයා එක්ක කියනවා.දැන් නිකම් මට හිතෙන්නෙ ඒක මගෙ වගකීමක් වගේ.මේ හැඟීමට දෙන්න නමක් තාමත්  නෑ,එක්කෝ ඇති ඒත් තවම මට හොයාගන්න බැරුව ඇති.කොහොමහරි දැන්වත් එයාව හම්බෙන්න පුලුවන් උනොත්.

මගෙ කව්රුත් නොවෙන ඒත්,එයා මගෙ කව්රුම හරි කියලා හිත හැමවෙලේම කරදර කරන මේ මනුස්සයාව හම්බෙන්න තියන තරම් ආසාවක් ඒ කාලෙ මට ටීශාව මීට් වෙන්නවත් තියෙන්න නැතුව ඇති.අනේ මන්දා වෙලාවකට මං ගැනම මට තේරෙන්නෙ නෑ.

"මේ මගේ සප්තලම් පුතේ"

මේ පාර නම් විහඟයා එනපොට හොද නෑ වගේ.ඕකා ඔය විදියට මාව අමතන්නේ මොකාක් හරි අඤ්ඤකොරොස් වැඩක් කරන්න යද්දි.

"ඇයි උබ මොකක්ද කරන්න යන්නේ"

"අඩෝ ඔහොම පොල්ලෙන් ගහනවා වගේ අහන්න එපා ඉතිං,මා ඔබ ඇමතුවෙ මාගේ හදවතින් බුර බුරා නැගෙන ප්‍රේමය ප්‍රකාශ කරන්න.එච්චරයි එච්චරයි..."

"අනේ උබගෙ ගේ හදවත මම දන්නවා,කියහංකො"

"හරි හරි මෙහෙමයි හරිතේ...මම දැන් මීගමු යනවා"

"ඈ තොට පිස්සුද ඕයි"

"විස්තරේ කියන්න දීපා............න්"

"කියහංකො"

"අර මගෙ ඕලෙවල් කාලෙ යාලුවෙක් හිටියේ ඔමිඳු කියලා උබට මතකද"

"ඔව් අර මොන ඇමතියාගෙද මන්දා පුතානේ"

"අනේ අනේ හොරගෙඩියා හොදට මතකයි නේත ඒවා"

"මගුලක් කියන්නෙ නැතුව කියහංකො"

"ඌගෙ බර්ත්ඩේ පාටි එක අද රෑ.මට ඕක ඌ කලින් කිව්වා ඒ උනාට මෙහෙ එන වැඩත් එක්ක අමතක උනා.දැන් කෝල් කරලා එනවා නේද ඇහුවම තමා මතක් උනේ."

"ම්ම්ම්ම් ඉතිං"

"ඉතිං මම ටුයින් ගාලා මීගමුවට ගිහිම් ඌ ඉපදුන එක සතුට පලකරලා ටොයින් ගාලා ආපහු එන්න හිතුවේ උබත් එනවද"

"අනේ මට බෑ උබ පරිස්සමින් පලයන්කො"

"අහ් මට අමතක උනානෙ උබට ඌ එච්චර ප්‍රිය නෑ කියලා"

"අනේ මේ හිටහං"

ඇත්තටම මම ඔය ඔමිඳුට කැමති නෑ.ඌ මට සෙට් වෙන්නෙ නැති ජාතියේ ආත්මාර්තකාමි ඩයල් එකක්.විහඟයා නම් ඕන එකෙක් ඔට්ටුයි කියලා ඉන්න නිසා ඌට අව්ලක් නෑ.

"උබට මං නැතුව ඉන්න පුලුවන්ද රත්තරං"

"අනේ මෙ කටවහන් හිටු ඇයි උබ හිතුවද තෝ නැති උනාම මට මීමැසිමොරේ හැදෙනවා කියලා"

"රෝමාන්තික වෙයං හුත්තෝ"

"හා හා උබ නැතුව මගෙ අහාර ජීර්ණ පද්දතිය වැඩ කරන්නෙ නෑ..ඒ නිසා මට හරී.........ම වේදනාවයි.හරිද සතුටුද"

"අඤේ මම ඉක්මනට ගිහිම් එනකම් වේදනාව දරාගන හිටපන් පනහ්"

"කටවහන් දැන් යන්න ලෑස්ති වෙයන් පොඩි පගයා"

විහඟ ඌගෙ යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකට ගියා අනිවාරෙන් ඕකා එද්දි හෙට වෙයි.පාර්ටි එක තියෙන්නෙත් රෑනෙ.මම දන්නවානෙ ආයෙ අපේ එකා බොන්න ගත්තම.ඌට ඌ කව්ද කියලා අමතක වෙන තරමටම බොනවා.බීලා බීලා ඌගෙ පරන කෑලි වලට කෝල් කර කර සමාවෙන්න කියලා අඩනවා.ඇයි ඉතිං ඒ හැමඑකටම වගේ බූට් එක තිබ්බේ මූනෙ.

දවසක් මූ වැරදිලා අපේ අම්මාට අරන් අනේ මගෙ මැනිකෙ මට සමාවෙන්න,මම වැරදියි තමා මම මහා පව්කාරයෙක්,උබෙන් වැටුන හැමකඳුලකට මට සාප වෙයි ගගා හෑල්ලක් කියලා.මොකද මූ අපේ අම්මාගෙ නම්බර් එක සෙව් කරලා තියන්නේ Yenon's mom කියලා ලෝක බෝලෙකුයි හාට් එකකුයි එක්ක.මූ වෙරිමරගාතේ දැකලා තියෙන්නෙ ලෝක බෝලෙයි හාට් එකයි විතරයි.ඉතිං ex කෙනෙක් කියලා හිතලා කෝල් අරන් සමාව ඉල්ලලා.

වෙලාවට අපේ අම්මා දන්නවා මූගෙ සම්පූර්නෙන්ම ට්‍රැක් අව්ට් කියලා.ඒ නිසා එයාටත් ඕවා ගානක් නෑ, හා හා පුතේ අඩන්න එපා කියලා කට් කරලා.පස්සේ තමා අම්මා මට ඕක කිව්වෙ. එදා ඉදන් මාස දෙකතුනක් යනකම් මම ඌට ඔක්කොම එපාවෙනකම් චාටර් කරා.අදත් ගිහිං හාන්නෙ නැතුව ආවොත් හොදයි හරක් පැටියා.

දවල් දොලහට විතර විහඟ ගියා.දැන් ඉතිං පාලුයි.එපා වෙනවා අෆ්ෆා.එරෝන් පුතා මොකද දන්නේ නෑ කරඤ්ඤේ.ලෙක්චර්ස් ඉවරද දන්නෙ නෑ.

"අයියේ.............පාලුයි අනේ මට"

එහෙම හයියෙන් කියලා මම එයාට වොයිස් එකක් යැව්වා.කියන්න සතුටුයි මට අමතක උනා මේ බෝඩිම කියලා.අපේ රූම් එකේ ඉන්න අනිත් එකා බය උනාද කොහෙද මගෙ මිහිරි නාදෙට.එක අතකට කමක් නෑ ඌත් මගෙ මිහිරි හඬ ඇහුවට වරදක් වෙන්නෙ නෑ.

"යකෝ කැම්පස් එකේ ඉන්නේ ඔච්චර හයියෙන් කෑ ගහලා වොයිස් එවන්න එපා ලෙක්චර් එක මැද්දෙ ප්ලේ උනේ"

හේ හේ ඉස්මයිල් ඉන් පේන් එරෝන් අයියා අතින් මගෙ වොයිස් මැසේජ් එක ලෙක්චර් එක මැද්දෙ ප්ලේ වෙලා.මට කරන්න දෙයක් නෑ ඉතිං උගන්නන වෙලාවෙ ෆෝන් යූස් කරන්න හොද නෑනෙ හුම්.එයාගෙ තමා වැරැද්ද.

"හේ හේ සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්"

"සමාවෙන්න තමා,එහාපැත්තේ හිටිය එකා මගෙන් ඇහුවා මල්ලි බබාට අයියා නැතුව පාලුයි වගේ නේද කියලා"

"හේ හේ ඉතිං ඔයා කියන්න එපැයි ඔව් පාලුයිලු,දැන් චොකෝ එකක්වත් අරන් බලන්න යන්න ඕනෙ කියලා"

"උබට ඉතිං කට නම් තියනවා මෝඩ පොඩි එකා"

"සීරියස් කිව්වෙ,මම එහෙම නම් කියනවා"

"ඒ උබනේ"

"අහ් බස්සෝ එච්චර වචන පාවිච්චි කරන්නෙ නෑනෙ මට අමතක උනා"

"හ්ම්ම්ම්ම් ඇයි දැන් පාලු.කෝ විහඟ මල්ලි"

"ඌ මීගමු ගියා අප්පා යාලුවෙක්ගෙ බර්ත්ඩේ පාර්ටි එකකට.මම ගියෙ නෑ මම ඒකාට එච්චර කැමති නෑ.ඇයි දන්නවද උගේ හෙනම ලයින් එක ඈ.ඌ හිතන්නෙ ඌ විතරයි පොර කියලා.ඉතිං ගිහිම් ඕකාගෙ පොර ටෝක් අහන් ඉන්න මම කැමති නෑ අප්පා.අනික විහඟයාගෙ ලග යාලුවෙක් උනාට මම එච්චර ෆිට් නෑ ඌ එක්ක."

මම ඉතිං අහපු අහපු නැති ප්‍රස්න ඔක්කොටම උත්තර දීලා හෙන හෑල්ලක් කිව්වා.මටත් මොනා වෙලාද මන්දා මේ මනුස්සයා එක්ක කියවන්න ගත්තම කියවිල්ල නවත්තන්න හිතෙන්නෙත් නෑ.කියන දෙවල් වල ලිමිට් එකකුත් නෑ.හිතට එන්නෙ මොකක්ද කියලා දානවා.ඒ උනාට මම ඉස්සර මෙහෙම නෑ අප්පා....යෙනෝන් පුතේ උබට මොකක් හරි ලෙඩක්වත් හැදීගනද මන්දා එන්නෙ.

"ම්ම්ම්ම්"

"ම්ම්ම්ම්ම් කියන්නේ ඇයි යකෝ ඊට වඩා ගනන් ගන්නවකො ඕයි"

"හරි එහෙනම් ඊට වඩා ගනන් ගත්තා"

"අනේ තව්සෙ එක්ක බෑ අයියෙ"

"මොනාද දැන් මාත් එක්ක බැරි"

"මොකුත් බෑ"

"අහ් එහෙමද එහෙනම් මම තනියම යනවා අදත්"

"ඈ....... ඒ කියන්නෙ කොහෙද

ඒ හූ අයියේ...............

කියනවකෝ"

එක කියලා එයා මැසේජ් කරන එකත් නැවැත්තුවා.යකෝ මෙයාගෙ ලොකුකම බලන්නකො.මම ඉචිම් අරහෙම කිව්වෙ කටට ආවටනේ චුට්ටක් තේරුම් ගන්න බැරිද මේ දාම ගාතක මිනිසාට.

"අයියේ......

මිස්ටර් එරෝ.......න්"

සැක්  ඩේටාත් ඕෆ් කරලනෙ.දැන් නම් මට ඇඩෙන්න වගෙ දුකයි.ඇයි යකෝ ආසාවෙන් බලන් හම්බෙන්න බලන් ඉදලා මගේ කට හින්දා ඒක මිස් උනාම.දැන් නම් මට මාවම හපාගන්න තරම් තරහයි.ඒ උනාට ඉතිං එහෙම හිතනවා විතරයි හපාගන්නෙ නෑ.ඒ උනාට ඒ පොඩි වචනෙට එයා ඔහොම ගිය එක වැරදි.මනුස්සයෙක් උනාම ඔයිට වඩා ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ.මගෙ පුම්චි හිත හත්කඩකට කඩලා දුස්ට දාමගාතයා ඕෆ්ලයින් ගියේ.

"මම හවස 3ට විතර ගෝල්ෆේස් එකට එනවා.තමුසෙත් එනවා නම් එනවා"

අම්මටහුඩු මෙන්න මැසේජ් කරා.මම මෙයැයිට හොදටම බැන බැන තරහා වෙන්න ක්‍රමයක් හිත හිත හිටියේ.මට පේන්නෙ මම හිතුව තරම් දෙයක් වෙලා නෑ වගේ.එයා මොකක් හරි වැඩකට ඕෆ්ලයින් යඤ්ඤ ඇත්තේ"

"හරි හරි මම එන්නම්.බස් එකට නැගලා ගෝල්ෆේස් එකෙන් බස්සන්න කිව්වම හරිනෙ නෙහ්"

"නෑ පිස්සන් කොටුවෙන් නවත්තන්න කියහං,උබට ගැලපෙන්නෙ එතන"

"පිස්සු නෑ හරිද,මගෙ දැනුම වැඩියි.ඒකයි ඔයාට මාව පිම්සෙක් වගේ හිතෙන්නෙ"

"හා හා"

"ඔන්න එහෙනම් මම එනවා ඈ"

"හා හා වරෙන්"

"ආදරෙන් කියනවකො ඕයි"

"මගේ ගොං පැටියෝ වරෙන්"

"අඤේ මම ඔයාගෙත ඉතිං"

"කටවහන් වැඩක් කරගනින් මට තව ටිකෙන් ආට ලෙක්චර් එකක්"

"හා හා බායි.මම එනවා එහෙනම් ඈ"

"😑"

මේ ඉමොජිය එක දාලා එයා ඕෆ්ලයින් ගියා.අඤේ අඤේ කොහොමහරි අන්තිමට මම සීරියල් කිලර්ව බලඤ්ඤයි යන්නේ............. හිතට අමුතුම කික් එකක් දැනෙනවා අප්පා දැන්.

ඊලග කොටසින් හම්බෙමූ

🌼Daisy flower🌼

Share This Chapter