Back
/ 36
Chapter 12

12 කොටස

🖤My Peony🖤

"ඕවගෙන් පැන පැන ඇවිල්ලා හොම්බ කඩාගනිංකො ඈ"

"අනේ මේ පඩිපෙලකින් පැනලා හොම්බ කැඩෙන්නෑ එච්චරා.......යි"

අපි දෙන්නා හිටියේ කාලා ඉවරවෙලා පඩිපෙලෙන් බැහැලා තව ඉස්සරහට යන ගමන්.මට ඉතිං කවදාවත් පඩිපෙලවල් වලින් පිලිවලට බැහැලා පුරුදු නෑ.ඉතිම් මම පුරුදු විදියට පැන පැන යන්න ගිහිම් තමා හොම්බ කඩාගන්න එපා කියලා බැනුම් අහන්නෙ මේ.

"මේ තනකොල තියන හරියෙන් වාඩිවෙමුද,ඉස්සරහා වඩේ කඩ අරවා මෙව්වා තියන නිසා කලබලයි වගේ"

"ඕකේ......යි බොස්"

මම එහෙම කියාගන ගිහිං  හොඳ තැනක් බලලා කකුල් දෙක දිගඇරලා දඩබඩස් ගාලා වාඩිඋනා.එරොන් අයියා නම් තව වටපිට බල බල හෙමින් එනවා.ඊටපස්සෙ එයා ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි උනා.

එතකොට තමා මම නිකමට අපි දෙන්නගෙ ඇදුම් දිහා බැලුනේ.එයා තනි කලු.මම රෝස.සම්පූර්නෙන්ම වෙනස් පාටවල් දෙකක්.අපි කැමති අකමැති දේවල්  සම්පූර්නෙන් වෙනස් උනාට,මොකක්ද කියාගන්න බැරි ගැලපීමක් අපි දෙන්නා අතරේ තිබ්බා.ඒක මට කියන්න තේරෙන්නෙත් නෑ.

"මොකද ඕයි ඔය ගෙම්බා පොලවෙ ගහලා වගෙ ඉන්න හැටි."

පුම්චි මනෝපාරක් ගහගන ජීවිතේ විඳින්න හැදුවා විතරයි මෙන්න මෙයා කෑ ගහනවා ගෙම්බෙක් පොලවේ ගහලා වගේ කියලා.

"ජීවිතේ විදිනවා අනෙව් චුට්ටක් ඉන්නකෝ"

"හා හා එහෙනම් විදපන්කො"

"ඔයා හැමදාම වගේ ගෝල්ෆේස් එනවද අයියේ"

"ම්ම්ම්ම්"

"වීක් ඩේස් වලට වැඩිය කව්රුත් නෑ වගේ නේද මෙතන."

"හ්ම්ම්ම්ම් ඒකනෙ එහෙම දවස් බලලා එන්නේ"

"වැඩිය මිනිස්සු ඉන්න තැන්වලට කැමති නෑද ඔයා"

"ම්ම්ම්ම්..ලොකු crowd එකක් ඉන්න තැන් වලට ඒම මන් ආසම නෑ,එතකොට මට හරි uncomfortable feeling එකක් එනවා."

"එතකොට මම මෙතන ඉදන් කියවන එක එපා වෙන්නෙ නැද්ද"

"එපා වෙනවා"

යකෝ මූ නිකමට හරි කියහංකො නෑ එහෙම නෑ තමුසෙගෙ මිහිරි නාදයට මම කැමතියි කියලාවත්.නෑ එහෙම කියන්නෙ නෑ එයා ලොකු සීන්නෙ.ඇයි යකෝ මේක නම් යුද්ද ප්‍රකාශ කරන්නම වටින කතාවක්.වටින කතාවක් කිව්ව වටින කතාවක් නෙවෙ යකා නගින විදියට වටින කතාවක් ඇයි යකෝ.පිච්ච මලක් වගෙ ඉන්න මාවනෙ මේ එපා වෙනවා කියන්නෙ ඇයි යකෝ.

"හරි ඉන්නවකො මෙතන ඉදන් එක වචනයක්වත් කතා කරන්නෙ නෑ.එච්චරයි.."

මම එයා හිටිය තැනින් චුට්ටක් එහාට ගිහිං එයාගෙ බෑග් එකත් අපි දෙන්නා මැද්දෙන් තියලා අහක බලාගන හිටියා.ඒ උනාට මම දන්නවා ඉචිම් එහෙම කියන්නෙ ඇත්තමට නෙවේ කියලා.ඒත් ගැම්මෙන් රවාගන ඉන්ටෝනෙ ටික වෙලාවක් හරි. ඒ අස්සෙ හැදිච්චකම තියාගන්න ඕනෙ අපීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ කියන වොයිස් එක ඔලුව ඇතුලෙ ප්ලේ වෙන්න අරන්.මමයි විහඟයායි කා එක්ක හරි තරහා උනාම ඔහොම කියනවා ඒ නිසාද කොහෙද දැනුත් මේ ප්ලේ වෙන්නෙ.එ උනාට මෙතනට ඒක ගැලපෙන්නෙ නෑනෙ ගොටුකොල පැංචෝ.ඒ නිසා මගෙ ඔලුවෙන් පලයා.................න්.ඒ උනාට මෙහෙම එකදිගට තරහා වෙලාත් ඉන්න බෑනෙ කම්මැලියිනෙ අයියෝ.සේප් එකේ ඒ පැත්ත බලන්ටෝනෙ අවදානෙ ගන්න.යකෝ මාව ගනන් නොගන මුහුද දිහා බලන් ඉන්න හැටි විතරක්.ආය යාලු උනාම මේක ගැන කියලා ආය තරහාවෙන්ටෝනෙ.

"මහත්තයෝ බත් එකක් ගන්න සල්ලි කීයක් හරි දෙන්නකො"

යකෝ මාව උඩ ගිහිම් බිම වැටුනා රෙද්ද.එකපාරටම හෙන හයියෙන් පිටට ගහලා,ගහන්න වගෙ එහෙම කිව්වම බය හිතෙනවනෙ.අනික මම මේ අර මනුස්සයා එක්ක සාර්තකව තරහා වෙන ආකාරය ප්ලෑන් කර කර හිටියේ.මේ මිනිස්සු සල්ලි ඉල්ලන්නෙත් ගහන්න වගේ.අනේ මන්දා අප්පා.මගෙ ලග මාරු තිබ්බේ රුපියල් සීයක් විතරයි.ඒ ඇරුනම තිබ්බෙ පන්දාහෙ කොලයක්.ඒක එයාට දීලා බෑනෙ.ඉතිං මම රුපියල් 100 දුන්නා.

"රුපියල් සීයට බත් තියෙන්නෙ කොහෙද මහත්තයා.මේ  සල්ලි කෑලි මට ඕනෙ නෑ යකෝ."

අම්මටහුඩු මෙන්න මේ යකා කෑ ගහ ගහා බනිනවා.ඒ පාර නම් හොදටම බය උනා.ඇයි යකෝ අපේ පැත්තේ නම් මෙහෙම නැ කීයක් දුන්නත් පිං දීලා යනවා.දෙවියන්ගෙ නාමෙට මෙ මිනිහා බනින එක නවත්තන්නෙ නෑනෙ.දැන් මට දැනෙනවා ලැජ්ජාවටද කොහෙද මගෙ ඇගම රත්වෙනවා වගේ.

"අයියේ"

මම ඉතිම් මගෙ ගැලව්ම්කාරයාට කතා කරා.යකෝ ඒ මනුස්සයා එතන ඉදන් මට හිනාවෙනවා.හරි.......ලස්සනයි වෙරි ගුඩ්.මැදැයි ගැලව්ම්කාරයා කියලා එකෙක්ට කතා කරා.ඒ අස්සෙ මේ මනුස්සයා බනින එක නවත්තන්නෙත් නෑ යකෝ.සල්ලියක් දෙනකම් බනින්නද මන්දා හදන්නෙ.ඉතිං යකෝ මම පන්දාහා දෙකට ඉරලා දෙන්න ඈ.ඊටපස්සෙ මම කන්නෙ බොන්නෙ මොනාගෙන්ද.මේ මනුස්සයට ඕවා තේරෙනවා ඈ.අනේ අංකල් බැන්නා ඇති යන්නකෝ....කියලා යටි හිත කිව්වට මට හයියෙන් කියාගන්න බෑ.ඒ තරම් මාව කන්පියුස් වෙලා ඉන්නේ.

"යමු අරහෙට"

එරෝන් අයියා ඇවිල්ලා. කරට අතකුත් දාගන මාව එහාට ඇදගන ගියා.අර මනුස්සය නම් තාම බනිනවා.

මම ලැජ්ජාවයි බයයි වගේ අමුතු ෆීලිං එකක් එක්ක හිටියේ.හේතුව මට මෙහෙ හුරුත් නෑ සැරෙන් සැරේ අම්මලා එක්ක හරි යාලුවො එක්ක හරි ආවට තනියම මෙහෙම දෙයක් වෙලාම නෑ.

"අයියේ"

ඒ වෙලාවෙ මම එයාට කතා කරේ මොකුත් කියන්න නෙවේ.ඒ උනාට මම එහෙම කතා කරලා එයාගෙ ඇස් දෙක දිහා බැලුවා.ඒ ඇස් ඇතුලෙ හරි කෙයාරිං ෆීලිං එකක් තිබ්බේ.ඉතිං මේ වෙලාවෙ හැටියට මට ඒ ඇස්වල ගිලිලා ඉන්න හිතුනා.

"මොකද මේ පන්ඩිතයා රතුවෙලා.ඔහොම තමා මෙහෙ හුරුවෙන්න ඕවට."

එහෙම කියලා එයා මගෙ ඔලුවට තට්ටුවක් දැම්මා.ඒක තමා අපි දෙන්නා හිතාමතා පිසිකලි ටච් උන පලවෙනි වතාව.ඒ උනාට කිසිම භෞතික ස්පර්ශයක් නැතුව එයා මගෙ හිත මීට මාස ගානකට කලින් හරි තදට ටච් කරලා තිබ්බා.අනේ මන්දා මෙ මනුස්සයා නම් මැජික් කාරයෙක්.

"කන්පියුස් උනා ඒයි"

"🤣🤣🤣"

"ඔය ඉතිං හිනාවෙනවනේ මම තරහයි අනේ"

"මෝඩ පැටියා බය උනාද"

"නෑ බය උනේ නෑ,ඒ උනාට ඊට ලගින් යන මොකක් හරි එකක් උනේ"

"එනවා මෙතනින් වාඩිවෙන්න"

අපි දෙන්නා හිටිය තැනට වඩා චුට්ටක් එහාට ගිහිම් ආය වාඩිඋනා.

"හිත පට්ට විදියට නිදහස් වෙනවා නේද අයියේ මෙහෙම ඉද්දි"

"හ්ම්ම්ම්ම්ම්"

"ඔයා අනිත් දවස් වලටත් කව්රු හරි එක්කද එන්නෙ"

"නෑ මම කැමති නෑ නිදහසෙ ඉන්න එද්දි කාවවත් එක්ක එන්න."

"එහෙනම් මට එන්න කිව්වෙ"

"ඒක මම දන්නෙ නෑ"

"ඔයාටත් මාත් එක්ක ඉද්දි කම්ෆටර්බල්ද"

"ඇයි තමුසෙට මා එක්ක ඉද්දි එහෙමද"

"හ්ම්ම්ම් ඔව් හරියට අම්මා එක්ක හරි අයියා එක්ක හරි ඉද්දි වගෙ පට්ට නිදහස් ෆීලිං එකක් ඒක"

"හම්බුනෙත් අදනෙ"

"ඇත්තමට හම්බුනේ අද උනාට මම ඔයාව කියවන්න අරන් ගොඩක් කල්"

"මොකක්"

"කියවන්න මම පොතක්ද"

"ඔයා ඇත්තමට පොතක් නෙවේ උනාට,මට තහනමක් නෑනෙ පොතක් විදියට ඔයාව කියවන්න නේද"

"අනේ මන්දා බං මට තේරෙන්නෙ නෑ.කියවන්න බැරි නම් මලවලා කාපන්කො"

"බස්සා මස් රසයිද ඒයි"

"ඈ ....."

"තව්සෙ බස්සෙක්නෙ,එතකොට මලවලා කනවා නම් මට කන්න වෙන්නෙ බස්සා මස්නෙ"

"🤣🤣🤣"

මෙහෙම කතා කියද්දි සාමාන්‍යයෙන් නම් තරහා යනවානෙ.විශේශයෙන් ඉක්මනට තරහා යන කෙනෙක්ට.ඒත් ඇයි මෙයාට තරහා යන්නෙ නැත්තේ.මම මොන ගොං කතාව කිව්වත් හරි උවමනාවෙන් ඒ ගැන තව ප්‍රශ්න අහ අහා එයා මාව අහන් ඉන්නවා.එහෙම නැත්නම් ඕන දෙයක් කියහං මම අහන් ඉන්නේ උබව වගෙ මූඩ් එකකින් මං දිහා බලන් ඉන්නවා.දෙවියනේ මම මේ මනුස්සයාට හරි ලෝබයි.දැන් නම් පිටුවෙන් පිටුව එයාව කියවන්නත් මට හරි ලෝබයි මොකද හැම පරිච්ඡේදයකම ආදරෙ පිරුන හරි වෙනස් ලස්සන කතාවක් තියනවා.

"අයියේ"

"ම්ම්ම්ම්ම්"

"ඔයා ආය කවදාහරි කෙල්ලෙක් එක්ක යාලුවෙනවද"

මට තේරෙන්නෙ නෑ මම ඒ ප්‍රශ්නෙ ඇයි ඇහුවෙ කියලා.එයා කවදාහරි affair එකක් පටන් ගන්න ඕනෙ. ඒත් ඇයි එයා ඒකට මොකක් හරි උත්තරයක් දෙනකම් මගෙ හාට් එක මෙච්චර පිස්සු නටන්නෙ.හාට් එක ගැලවිලා එන්න තරම් වේගෙන් බීට් වෙනවා.යා............හ් මුහුද දිහා බලන් ඉන්නෙ නැතුව ඉක්මනට උත්තර දීපන් අයියේ.......කියලා ඒ අස්සේ මගෙ යටිහිත බෙරිහන් දෙනවා.

"කෙල්ලො එපා බං"

"එතකොට කොල්ලෙක්"

"මම බැඳීම් වලට කැමති නෑ"

ඒකට නම් මගෙ ඔලුවට අකුනක් ගැහුවා වගේ උනා.ඉතිං එතකොට මම කව්ද,මමත් ඔයාගෙ ජීවිතේ මොකක් හරි බැඳීමක් නෙවේද?ඒ කියන්නෙ එයාගෙ ලයිෆ් එකේ මම කොහෙවත්ම නැද්ද.මට එයා එක්ක ඉද්දි මේ දැනෙන නමක් නැති අමුතු දේවල් එයාට දැනෙන්නෙ නැද්ද.අනේ මගෙ හිත හරි බරයි.එක පැත්තකින් මේ නමක් නැති හැඟීම් ගොඩ අනිත් පැත්තෙන් දැන් එයා දැන් කිව්ව දේ.

"ඔයා බැදීම් වලට කැමති නැත්නම් අපි තෙල් දැමීමක් කරමුද"

හිත ඇතුලෙන් කොච්චර අව්ල් වෙලා තිබ්බත් එයාට ඒක නොදැනෙන්න මම සුපුරුදු ගොං කතාවක් කිව්වා.

"උබට රඟපාන්න තේරෙන්නෙ නෑ බං"

"ඈ"

"උබේ කටින් කියවෙන්නෙ ගොං කතා විතරක් උනාට,මෙන්න මේවා තව කතා ගොඩක් කියනවා"

එහෙම කියලා එයා මගෙ ඇස් දෙක පෙන්නුවා.සන්තානම් මෑනියනේ ඒකට නම් ලැජ්ජා හිතුනා සැරටම ඈ.අඤේ මේකා එක්ක බෑ අප්පා....මට නම් දැන් මොංගල් වගේ.තව්සෙ නම් පිස්සෙක් අයියේ.බැඳීම් එපා කියලා ඊලඟ තප්පරේ මගෙ ඇස් කියවනවා.ඉතිං ඇස් කියවන්නෙ බැඳීමක් තියන නිසා නෙවේද.

"අනේ මේ මම තරහයි"

එහෙම කියලා සේප් එකේ මම අහක බලාගත්තා.

"උබ දවසට කීපාරක් ඕක කියනවද බං"

"අනූ නමදාස් නමසිය විසිපන්දාස්  හැත්තෑ අටයි දශම අටයි දෙකයි එකයි තුනයි පහයි අට සැරයක් කියනවා.ඇයි ඔවා ගේමද"

"අනේ මේ බටු ඇට එක්ක රන්ඩු වෙලා මට පුරුදු නෑ කටවහන් හිටු"

"මේ අහනවකො අයියේ"

"ම්ම්ම්ම්ම්"

"තව ටිකෙන් මම යන්න ඕනෙද"

"කොහෙද"

"ආපහු බෝඩිමට"

"ඔව් ඉතිං නැත්නම් "

"ම්ම්ම්ම්"

"දැන් උබ මොකද ඔය බස්සෙක් වගේ ම්ම්ම්  ම්ම්ම්ම් ගාන්නෙ"

"එහෙම තමා"

"ඇයි දැන්"

"පාලුයිනෙ විහඟත් නෑ"

"ඇයි තව දෙන්නෙක් ඉන්නවා කිව්වේ රූම් එකේ"

"ඒ උනාට මම එයාලව අඳුරන්නෙ නෑනෙ"

"අඳුරගන්නවා එහෙනම්,තව ගොඩක් කල් ඉන්න වෙනවනෙ උන් එක්ක"

"මට බෑ"

"මේ මාත් එක්ක කියවනවා වගේ කියෙව්වා නම් අදුරගන්න පුලුවන්නෙ"

"එහෙම කියවන්නෙ ඤෑ හැමෝම එක්ක අනේ"

"අහ් ඤැද්ද හා හා🤣🤣"

"ඔයාට හෙට ලෙක්චර්ස්ද"

"හෙට නෑ ඇයි"

"එහෙනම් බඩ්ඩක් අහන්නද"

"අහපං බං උබෙත් මල කෝලං තියෙන්නෙ"

"අපි හෙට උදේ වෙනකම් මෙතන ඉමු"

"ඈ"

"ඔව් කඩේකට ගිහිං කාලා වන් ගෝල්ෆේස් එකටත් ගිහිං ආය ඇවිත් එලිවෙනකම් මුහුද දිහා බලන් ඉමු රෑ උනාම මිනිස්සුත් අඩුවෙයි"

"තමුසෙ මුහුදට ආසද"

"මෙච්චර කාලයක් ඒක ගැන ලොකු මෙව්වා එකක් තිබ්බෙ නෑ. ඒ උනාට දැන් මෙතනට ආව වෙලාවෙ ඉදන් මගෙ හිත හරි නිදහස්.මෙච්චර හිතට නිදහසක් දැනුන දවසක් මට මතකවත් නෑ.ඉතිං ඒ නිදහස තව චුට්ටක් දික් කරගන්න ඕනෙ මට"

"ම්ම්ම්ම් එහෙනම් කැමැත්තක් කරමු"

"අඩේ අයියේ ඇත්තටම හාද,අනේ හා කියලද ඒ කිව්වේ.ඈ අයියේ කියන්නකො ඒ කියන්නෙ අපි හෙට උදෙ වෙනකම් ඉන්නවද.ඈ ඈ ඈ කියන්නකො"

"ඔව් බං ඔව්ව්ව් පිස්සු නටන්නෙ නැතුව හිටහං"

ඊලග කොටසින් හම්බෙමු💗

🌼Daisy flower🌼

Share This Chapter