Back
/ 36
Chapter 13

13 කොටස

🖤My Peony🖤

"අර ශොප් එකේ තියන ලයිට්ස් පට්ට ලස්සනයි නේද අයියේ.මම කවදාහරි දවසක මගේ ගෙදරට ඔය වගෙ ලොකු ලයිට් සෙට් එකක් දානවා."

"ම්ම්ම්ම්"

"ඔයා ආස නැද්ද ඒවට"

"විශේශයක් නෑ ඉතිං"

අපි දෙන්නා මේ නයිට් වෝක් එකක්.හේ හේ මේක මගෙ තිබ්බ හීනයක්.ගොඩක් අය එක්ක නැතුව,මගෙ වයිබ් එකට සෙට් වෙන එක්කෙනෙක් එක්ක, ඔහේ කියව කියව පොඩි පොඩි කඩවලින් හිතෙන හිතෙන කෑම කන ගමන් ඔහේ ඇවිදින එක.ඒක වෙනම ෆීලිං එකක්.

හෙට වෙනකම් ගෝල්ෆේස් එකේ ඉන්න එකට එරෝන් අයියා කැමති උනාට පස්සෙ මම එයාගෙන් ඇහුවා අපි දැන් මොකද කරන්නෙ,ඔයා මොකක්ද කැමති කියලා.

කියන්න සතුටුයි මිත්‍රවරුනි,මේ මනුස්ස ප්‍රානියා කිව්වා එයැයිට මේ ඉන්න තැනම වාඩිවෙලා මුහුද දිහා බලන් ඉන්න තිබ්බාම ඇති කියලා.ඒ උනාට ඒවා කොහෙද මාත් එක්ක.

මම දිගටම යුද්දය ප්‍රකාස කරලා,රවාගන ඉදලා,බැනලා,කියවලා දෙතුන් පාරක් මුහුදටත් පනින්න හදලා තමා මේ මනුස්සයාව නැගිට්ටවගන මේ නයිට් වෝක් එකට ආවෙ.

හැබැයි ඉතිං මම පාරවල් දන්නෙත් ඤෑ.ඒ  උනාට එරෝන් අයියා දන්නවනේ.ඉතිං මම කිව්වේ මට කොහෙහරි යන්න ඕනෙ කියලානෙ දැන් සෑහෙන වෙලාවක් තිස්සේ එයා මාව කොහෙහරි එක්කම් යනවා.මාත් ඉතිං වටපිටේ තියන එක එක ඒවා බල බල කියව කියව එයාගෙ පස්සෙන් යනවා.අහ් තව අපි යන පාරෙ තිබ්බ කඩවලින් පොඩි පොඩි කෑම ජාතිත් කෑවා. කොහොමහරි අන්තිමට අපි නැවතුනා පොඩි කඩයක් ලග.අපි දැන් මේ ඉන්නේ කොහෙදෝ මන්දා, ඒ උනාට හරි නිදහස් තැනක්.ඒකෙ එක එක කෑම වර්ග තිබ්බා.අනේ මම ආසාවෙන් හිටියා වගේම විනිවිද පේන පුංචි වීදුරු කෝප්පෙකට දාලා කිරි තේ දෙනවා,වඩේ,රොටී එහෙමත් තියනවා.

"අයියේ අපි වඩේයි,රොටියි ගමුද"

"දෙකම??"

"හුම්ම්,මට කන්න පුලුවන්"

"උබෙ බඩේ නම් ඉන්නේ හිගන්නෙක්"

"අනේ මේ පුංචි බඩේ කාටවත් ඉන්න බෑ හරිද,කන කෑම ටිකත් ඇතුලෙ ඉන්නවා ඇත්තෙ හරි අමාරුවෙන් හුම්.

"පිස්සු උබට"

එයා එහෙම කියන ගමන් ඕන කෑම ගන්න ඒ කඩේ කැශියර් එක වගේ තැනට  ගියා.කැශියර් එකක් කිව්වට එතන තමා කෑම දාන ශෝ කේස් එක තියෙන්නෙ ඒ ලග කඩේ අංකල් හිටගන හිටියේ.

කන්න එන අයට වාඩි වෙන්න එතන එලියෙ පුංචි ප්ලාස්ටික් පුටු දෙක තුනකුයි,ස්ටූල් එකකුයි තිබ්බා.මම ඉතිං එක පුටුවකින් වාඩිවෙලා එරෝන් අයියා දිහා බලන් හිටියා.අම්මෝ මේ මනුස්සයාගෙ උස.

එච්චරයි හිතන්න පුලුවන් උනේ අප්පා, මොක්කුද මන්දා කොල්ලෝ තුන්දෙනෙක් ආවනෙ.උන් සෙට් එකම පට්ට කිව්ට්.ඒ උනාට ලුක් එක වගෙ නෙවෙ උන්ගෙ කටවල්.උන් ඇවිත් හිටගත්තේ මම වාඩිවෙලා හිටිය තැනට චුට්ටක් එහායින් නිසා උන් කියන එවා මට හොදට ඇහෙනවා.අයියට නම් ඇහෙන්නෙ නැතුව ඇති.එයා කෑම ඕඩර් කරනවනෙ.නිකමට මේ පැත්ත බලන්නෙවත් නෑ.

"අඩෝ අර බලහන්කො පට්ට ෆිගර් එක නෙහ්.ඕඔහ්හ්හ් ඩැඩීඊඊඊ........"

එතන හිටිය එකෙක් එරෝන් අයියා දිහා බලන් කිව්වා.ඇත්ත එරෝන් අයියාට පට්ට පර්ෆෙක්ට් බොඩි එකක් තියෙන්නෙ. ඒ උනාට ඉතිං එයාලා එහෙම කියන්න ඕනෙ නෑනෙ හුම්.

"උස බලහන්කො බං"

"ඔව් ඕයි තනිකරම ටොප් ටයිප් ඈ.මූන පේන්නෙ නෑනෙ ඉතිං හරියටම මොකුත් කියන්න"

"හිටහංකො ශේප් එකේ අර සයිඩ් එකට යං එතන්ට පෙනෙයි."

යකෝ මේ බේසික දරුකැල සීරියල් කිලර්ගෙ මූන බලන්න දගලන දැගලිල්ලක්.කිව්වා නම් ෆොටෝ එකක් පෙන්නනවානෙ රෙද්ද.යකා නගිනවා මටත් දැන්.ඒ පාර මගෙ දකුනු  පැත්තට වගෙ වෙන්න හිටිය සෙට් එක වම් පැත්තට එ කියන්නේ අනිත් පැත්තට ආවා.ඔව් එරෝන් අයියා පැත්තට හැරිලා කඩේ කෑම දාලා තියන ශෝ කේස් එකට අත් දෙකත් තියාගන හේත්තුවෙලා ඉන්න නිසා ඒ පැත්තට එයාගෙ මූන හොදට පේනවා.

"අඩෝ පට්ට සුදුයි හුත්තෝ....බලහංකො මූන, පට්ට හොට් ලුක් එකක් තියෙන්නෙ"

මුන්ගෙ ආච්චිට හාල් ගරන්න යකෝ මාර අමරුවක්නෙ තියෙන්නෙ.සූස් සූස් ගගා අර මනුස්සයාගෙ ශරීරය වර්නනා කරනවා.කොයි වෙලේ හරි හුස්ම  හිරවෙලා එකෙක් මැරෙනවා දැන්.

"මේ උබලට කන්න ඕනෙ මොනාද කියහංකො මට එයා ඉන්න තැනට යන්න ඕනෙ බං"

ස්පෙක්ස් දාපු මට වඩා චුට්ටක් විතර උස කෙට්ටු සුදු කොල්ලෙක් ඇහුවා.අනේ මන්දා අප්පා මුන්.යකා නගිනවා රෙද්ද.

"මූට නම් අමාරුව හොදටම තදවෙලා වගෙ"

අනිත් උන් දෙන්නාගෙන් එකෙක් අරූ දිහා බලලා කිව්වා.

"ඔව් හුත්තෝ මෙහෙම එකෙක්ට නම් යට උනත් සැපයි"

වට් ද @#%&$# මොකක්ද යකෝ ඒ කිව්ව කතාව.දැන් නම් මට මරන්නම හිතයි මූව.හම්බෙයි උබලට යටවෙන්න,ඔය මනුස්සයා කා එක්කවත් හිනා වෙන්නෙවත් නෑ.

යෙනෝන් පුතේ කාම් ඩව්න් වෙන්න.වලියට නම් යන්න එපා මෙ රෑ.තව ටිකෙන් මිස්ටර් සීරියල් කිලර්  එයිනෙ.

අම්මටහුඩු අර ස්පෙක්ස් දාපු එකාත් කෑම ඕඩර් කරන්න එරෝන් අයියා හිටිය තැනට ගියා.ඌ ගිය වෙලේ ඉදන් අයියගෙ මූන දිහා බලනවා,ඇබරෙනවා,කැරකෙනවා,වටපිට බලනවා එක විකාරයයි.වෙලාවට  අයියා ෆෝන් එකේ මූන ඔබාගන මොනාහරි වැඩක්.යකෝ අරුගෙ ආච්චිට හාල්ගරන්න මූ ශෝ කේස් එක උඩ තියලා තිබ්බ එරෝන් අයියගෙ අත ගාවින්ම උගෙ අතත් තිබ්බා.දැන් අත් දෙක එකට වදිනවා.

ඕයේ දැට්ස් මා බෝයි.අත වැදුනා වගේ තේරුන ගමන් වෙන්න ඇති එරෝන් අයියා එයාගෙ අත එහාට ගත්තා.අරූ එතකොට අමුතු විදියකට හිනාවෙලා කඩේ හිටිය අංකල්ට මොනාද කිව්වා.මම හිතන්නෙ කෑම ඕඩර් කරන්න ඇති.

ඇයි යකෝ අපේ කෑම එක දෙන්න මෙච්චර වෙලා යන්නේ.අනේ අංකල් ඉක්මනට කෑම එක දීලා ඔය උස මනුස්සයාව මෙහාට එවපා........න් කියලා මගෙ යටිහිතේ ඉන්න මොකෙක්ද මන්දා එකෙක් කෑ ගහනවා.ඒක ඇහිලාදෝ මන්දා අංකල්  මොනාහරි කෑම ටිකක් අයියා හිටන් හිටිය තැන ඉස්සරාහින් තිබ්බා.ඊටපස්සෙ ආය තව මොනාහරි කඩේ අංකල්ට කියලා එයා මේ පැත්තට ආවා.ඇවිත් මෙතන ස්ටූල් එක උඩින් කෑම එක තිබ්බා.

"අයියෙ මේ--

"චුට්ටක් ඉන්න මම ටී දෙක අරන් එන්නම්"

යා.....හ් මම කියන දෙ අහන්නෙ නැතුව ආපහු දිව්වනෙ ඉතිම්.අරූටත් දැන් පට්ට සතුටු ඇති ආය ඌ ඉන්න දිහාට එන නිසා.

"මේ අරයගෙ කොල්ලද දන්නෑ නේද බං"

ඒ පාර මට චුට්ටක් එහා පැත්තෙ හිටිය අරූගෙ යාලුවෝ දෙන්නාගෙන්  එකෙක් කිව්වා මට ඇහුනා.මේ සුනක කැලට මාව දැන්ද කොහෙද මීටර් වෙලා තියෙන්නෙ.එහෙම වෙන්න ඇත්තෙත් අයියා මගෙ ලගට ආව නිසා.

"වෙන්නත් පුලුවන් හැබැයි,ඒ උනාට තෝ දන්නවනෙ අපේ එකාගෙ හැටි මොනා උනත් කමක් නෑ ඌට ඕනෙ නම් ඉන්න ටික වෙලාවට හරි අරූව දැලේ දාගන්න මායම් ඔක්කොම දායි"

යකෝඕඕඕඕඕඕ........මුන් මාර යක්කු ටිකක්නෙ. අම්මපා දෙන්න හිතෙනවා හොම්බ ලෙෆ්ට් වෙන්න.දැන් නම් එකපාරක් රවලා බලන්න වෙනවා රෙද්ද. එහෙම හිතලා මම උන් දෙන්නා දිහා බලලා රැව්වා.

"අඩෝ අන්න රැව්වා.....ඔහොම රවන්න එපා සූටි බබෝ ඔයාගෙ අයියා බබාව අපිට නෙවෙ ඕනෙ අර එයාගෙ එහා පැත්තෙ ඉන්න එක්කෙනාට."

යකෝ සූටි බබාලු.පෙන්නනවා දැන් මුට මම සූටි.ගහප් පයින් බේසිකයා.යටි හිතින් එහෙම හිතන ගමන් මම අහක බලාගත්තා.

ඊටපස්සෙ මම ආය එරෝන් අයියා දිහා බැලුවා.අහ් හරි ටී දෙකත් දුන්නා දැන් එයිනෙ.එතකොටම අයියට එහා පැත්තෙ හිටිය අර බේසික දරුවා දන්නෙ නෑ වගේ ටී එකෙ අත වැද්දුවා.වෙලාවට ඒක තාම ශෝ කේස් එක උඩ තිබබ නිසා හැලුනෙ නෑ.චුට්ටක් හෙලවිලා වගෙ නැවතුනා.

ඒ පාර මෙන්න මූ අත දනවා වගේ අත ගස ගස අයියා දිහා බල බල දගලනවා.ඊටපස්සෙ අයියා ඌට එහා පැත්තෙ තිබ්බ ටැප් එක පෙන්නලා මම ඉන්න පැත්තට ආවා.

අමෝර් අමෝර් හොද වැඩේ මෝඩයාට.හිතන් ඉන්න ඇති අනේ බබෝ සිදුනද කියලා අහලා අතගායි කියලා.එහෙම දෙයක් ඔය එරෝන්ගෙන් ඔයා වගේ කෙනෙක්ට බලාපොරොත්තු වෙන්න බෑ දරුවෝ.හූ හොද වැඩේ බේසික දරුවා.

"කෑවෙ නැද්ද"

"අහ්- නෑනෙ කෑවෙ නෑ"

"ඇයි"

"ඔවා එනකං හිටියා ඉතිං"

"මම දැක්කා වටේට ඔලුව හරව හරව රව රව ඉන්නවා🤣🤣"

"අනේ මේ මම කාටවත් රැව්වෙ නෑ හරිද"

"හා හා කනවකො ඕක"

අඩේ  මෙයා වඩේයි රොටීයි දෙකම අරන්.ඒකනෙ පරක්කු වෙලා තියෙන්නෙ.

"මොකද අයියේ අතන උනේ"

මම නිකම් මොකුත් දැක්කෙ නැති එකා වගේ එයාගෙන් ඇහුවා.

"කොහෙද කෑම ඕඩර් කරන්න ගිය තැනදිද"

"හ්ම්ම්ම් හ්ම්ම්ම් එතන තමා"

"අහ්හ් ඒ කොල්ලාගෙ අත ටී එකේ වැදිලා සූස් සූස් ගගා හිටියේ"

"ඉතිම්"

"ඉතිං මම ටැප් එක පෙන්නලා ආවා"

"සොරිවත් කියන්න තිබ්බනෙ"

"ඒ මොකටද?මගෙ අතේ තිබිලා නෙවේනෙ වැදුනේ.ඌ දගලන්න ගිහිම් වෙන්න ඇති ශෝ කේස් එක උඩ තිබ්බ එකේ අත වදින්න ඇත්තෙ,ඒකට මම මොනා කරන්නද"

"හා හා හරි හරි ඉචිම්"

"දැන්වත් කාපන් ඕක,ඕපදුප හොය හොය ඉන්නෙ නැතුව"

"හා හා අනේ බනින්න එපා"

ඒ උනාට මට දැන් ලොකු ප්‍රස්නයක්.ඉස්සෙල්ලාම කන්නේ රොටීද වඩේද.

ඊටපස්සෙ මම වඩේ,රොටී,වඩේ,රොටී,වඩේ,රොටී කියලා ඇගිලි දහයෙන් එක එක මාරුවෙන් මාරුවට නවලා අන්තිම ඇගිල්ල නවද්දි කියවෙන කෑම එක කන්න තීරන කරා.

හරී.......රොටී ආවෙ ඉස්සෙල්ලාම රොටී කන්ඩෝනෙ එහෙනම්.

"හරිද අන්තිමට ආවෙ වඩේද රොටීද?"

හත්තික්කේ මේ මනුස්සයා මම ගනන් කරනවා බලන් ඉදලාද.වෙන එකෙක් නම් මොනාද ඕයි ඔය කන්නෙ නැතුව ගනන් කරන්නෙ කියලානෙ අහන්නේ.මෙයා මොකුත් නොකියා මම කරන දේ දිහා බලන් ඉදලා.මෙහෙම වෙන්න ඇති මෙයා මාව මේ තරම් තේරුම් ගන්නවා ඇත්තේ.එයාගෙ මේ වගෙ අනිත් අයගෙන් වෙනස් උන පුංචි පුංචි දේවල් වලට මම හරි කැමතියි.එයා බලෙන් වෙනස් විදියට හිතන මනුස්සයෙක් වෙන්න ට්‍රයි කරන්නෙ නෑ.ඒ උනාට එයා හරි වෙනස් විදියට හිතන ලස්සන මනුස්සයෙක්.

"හේ හේ රොටීනෙ ආවේ.ඔයා ඒකත් බලන් හිටියද"

"ම්ම්ම්ම් කන්න"

"ලුනුමිරිස් වැඩි එක මම ගන්නවා ඈ"

"ගොඩක් ලුනුමිරිස් එකපාර කන්න එපා මේ කඩේ ලුනුමිරිස් සැරයි"

"අනේ මට ඕන සැරක් ඔට්ටුයි"

මම ලුනු මිරිස් ගොඩක් ගාලා තියන එක අරන්,මදි උනොත් තව දාගන්න කියලා තව ලුනුමිරිස් දාලා ගෙනත් තිබ්බ ප්ලේට් එකේ තිබ්බ හැන්ද අරන් රොටී එකේ හැම තැනම ලුනුමිරිස් ගාගන කෑවා.ඒ ලුනුමිරිස් එක පට්ට රසයි යකෝ.ඒ නිසා අර ප්ලේට් එකෙන් තව ලුනුමිරිස් ටිකක් දාගත්තා.

"ආ.....හ්  අයියේ.....".

අම්මටහුඩු ඒ පාරනම් කට දන්න ගත්තා.කඳුලුත් පනිනවා දැන් නම්.ඒ අස්සේ කද්දි ලුනු මිරිස් නහයෙත් ගෑවිලාද කොහෙද නහය උඩත් දනවා.මුලු ඇගම රත්වේගන එනවා වගෙ පුතේ දැන් නම්.

"අහ් මේක බොනවකො"

එයා ටී එක දුන්නා.

"මේ---ක ගො- ගොඩක් රස්නෙයිනෙ ස්ස්ස්ස්ස්ස්ස් මම කිරි බොන්නේ නිවිලා"

"රස්නෙන් බිව්වම හරියනවා,කියන එක කරනවකො"

ඒ පාර මම කිරි එක බීගන බීගන ගියා.ඇත්තනෙ යකෝ රස්නෙ තේරුනෙ නෑ එච්චර.කට දැවිල්ලත්  අඩු උනා.ඒ උනාට තාම නහය උඩ දනවානෙ.

"අයියේ මගෙ නහය උඩ දනවනෙ"

"🤣🤣🤣🤣🤣🤣"

"හිනාවෙන්න එපා මනුස්සයෝ නහය උඩ ගිනි තියලා වගේ ෆීලිං එකක් එන්නේ"

"ටිශූ තියනවද "

"ඕ වෙට් ටිශූ  පැකට් එකක් ඇති බෑග් එකේ"

ඊටපස්සෙ එයා මගෙ බෑග් එකෙන් වෙට් ටිශූ පැකට් එක අරන් මගෙ නහය උඩ පිහුවා.දෙවියනේ මට දැවිල්ලත් අමතක උනා.

එයාගෙ ඇස් දෙකයි මගෙ ඇස් දෙකයි පලවෙනි වතාවට එකට හම්බුනේ ඒ වෙලාවෙදි.මෙච්චර වෙලා කතා කරාට ඉතිම් එහෙම ඇස් දිහා බලන් හිටියෙ නෑනෙ.මේ පාර නම් දරුනුවටම ලගටම අපේ ඇස් මීට් උනා.එයාගෙ ඇස් තද කලුයි.අනික ඒවා හරි තියුනු ඇස්.ඒවාට අහු උනොත් කිසිම කෙනෙක්ට ඇස් අහකට ගන්න හිතෙන්නෙ එකක් නෑ.මේ වෙලාවෙ මට වෙලා තියෙන්නෙත් ඒක.ඇස් අහකට ගන්න ඕනෙ උනත් එයා බලන් ඉන්න විදියට ගන්න හිතෙන්නෙ නෑ.ආ.......හ් මොකද මනුස්සයො ඔය ඇස් දෙක දිහා බලන් ඉන්නෙ.අහක බලන්නකොව්ව්ව්ව්.මගෙ හාට් බීට් එක පිස්සු කෙලිනවා.කියලා මගේ හිත කෑ ගහද්දි,යටි හිතේ ඉන්න මොකෙක්ද එකෙක් කෑ ගහනවා අනේ තව වෙලා බලන් ඉන්න කියලා.

"ආ-- ම්ම් දැන් හ-රි ගිහිං අර ටැප් එකෙන් මූන සෝදගන එන්න"

ඒපාර එයා මේ ලෝකෙට ආවා වගෙ සීන් එකක් වෙලා මට මූන හෝදගන්න යන්න කිව්වා.මේ මනුස්සයාවත් හොදටම රතුවෙලා.මමත් සින් ගාලා එතනින් නැගිටලා සොනික් වගෙ ටැප් එක ලගට දිව්වා.ඊටපස්සෙ මූනම හොදට හෝදගන ආපහු එන්න හැරෙද්දි තමා දැක්කෙ අර බේසික දරුකැල අපි හිටිය තැනට ගිහිං අයියා එක්ක මොනාහරි කතා කරනවා.

මේ කඩේ පොඩි කඩයක් නිසා එකම ස්ටූල් එකක් වටේ ප්ලාස්ටික් පුටු තුන හතරක් තමා තියලා තිබ්බේ.ඉතිං අර තුන්දෙනාත් අපි හිටිය තැනින්ම වාඩිවෙනවා මම දැක්කා.මමත් හෙමින් හෙමින් එතන්ට ගියා.

එරෝන් අයියගෙ එහා පැත්තෙන් මම හිටිය තැන අර ස්පෙක්ස් දාපු  කොල්ලා වාඩිවෙලා.මම ඉතිං කව්රුත් නැති පුටුවක් බලලා වාඩි උනා.එයාලත්  එයාලගෙ කැම ස්ටූල් එක උඩින් තියලා.ඒ නිසාද කොහෙද ඉතුරු වෙලා තිබ්බ මගෙ වඩේ එක තිබ්බ ප්ලේට් එක එරෝන් අයියාගෙ ඔඩොක්කුවේ තිබ්බා. කිරි එක එයාගෙ අතේ තිබ්බා.අර කට්ටියත් මොන මොනවද කතා කර කර කෑම කනවා.

"ආ.... කන්න ලුනුමිරිස් දාගන්න එපා ඈ"

එහෙම කියලා එරෝන් අයියා මට උලුදු වඩේ තිබ්බ ප්ලේට් එක දුන්නා.එතකොටම අරුන් ටික සයිලන්ට් වෙලා අපි දෙන්නා දිහා බැලුවා.

"ඇයි එයා සැර කන්නෙ නැද්ද"

ස්පෙක්ස් දාගන හිටිය එකා එරෝන් අයියාගෙන් ඇහුවා.ඊටපස්සෙ එයා පැත්තට වගේ ටිකක් හිනාවෙලා ඌ දිහා නොබලාම ඔව් කියන්න වගේ ඔලුව වැනුවා.

"ඔයාලා මෙහෙමද අයියේ"

එහෙම අහන ගමන් අරූ එරෝන් අයියාගෙ කකුල  උඩින් අත තිබ්බා.

"ඔව්"

ඕනවට එපාවට වගේ එහෙම කියන ගමන් එරෝන් අයියා එයාගෙ එක කකුලක් උඩින් අරූ අත තිබ්බ කකුල  දාගත්තා.ඒ දාගත්ත වේගෙට අරූගෙ අත එරෝන් අයියාගෙ කකුලෙන් අයින් උනා.උන් තුන්දෙනාම හෙන කෙට්ටුයි මගෙ වයසට වගේ ඇති. එරෝන් අයියාට පුලුවන් ඕනෙ නම් තුන්දෙනාවම එකට තියලා නවන්න.එරෝන් අයියට නෙවෙ මටත් පුලුවන් වගේ ඒක නම්.

"ඔයාලත් නයිට් වෝක් එකක් ආවද"

"ම්ම්ම්ම්ම්"

"ඔයා පට්ට හැන්ඩ්සම් ඈ"

යකෝ මූ මාර එකෙක්නෙ.මාර පුරුද්දක් තියනවා වගේ මේ දේවල් සම්බන්ධව.නැත්නම් ඔච්චර ඔහොම කියයි ඈ හුම්.

ඒ කිව්ව එකට ඌගෙ මූන දිහා බලලා හිනාවෙලා එයා ෆෝන් එක අතට අරන් මොනා හරි වැඩක් කරන්න ගත්තා.

"ඔයා මෙයාගෙ මල්ලිද"

ඒ පාර මගෙන් අහනවා මම මල්ලිද කියලා

"න්--නෑ අපි යාලුවෝ"

"ඔයාත් මේ ලගද"

"නෑ මම මෙහෙ නෙවෙයි"

මම එහෙම කියලා ඌ දිහා බලලා හිනාවෙලා එහෙමම එරෝන් අයියා දිහා බැලුවා.එයා අමුතු විදියට මං දිහා බලන් හිටියෙ.හරියට නිකම් මොනාහරි හිතනවා වගේ.

"එහෙනම් කොහෙ---"

"යෙනෝන්,ඔතනට කරුවලයි  නේද ඔය පුටුව අරන් මෙතන්ට එන්න"

අරූ තව මොනාහරි කියන්න යද්දිම එරෝන් අයියා හයියෙන් එහෙම කිව්වා.ඒ පාර නම් මම බයත් උනා ඇයි යකෝව් අර ගැබුරු කටහඩින් හයියෙන් එහෙම කියද්දි බයවෙනවානෙ. අනික එයා මීට කලින් මට කවදාවත් නමින් කතා කරලා නෑ.තමුසෙ,ඕයි,මලහෝන්තුව,පොඩිඑකා,ඔහොම නම් වලින්නෙ මට කතා කරන්නෙ.

"අහ් - හ-රි"

මම එහෙමම පුටුව උස්සන් එතනට ගියා.ඊටපස්සෙ එරෝන් අයියා එයාගෙ පුටුව එහාට කරලා අර කොල්ලායි එයාගෙයි මැද්දෙන් මගෙ පුටුව තියාගන්න ඉඩ දුන්නා.

ඊලග කොටසින් හම්බෙමූ💗

🌼Daisy flower🌼

Share This Chapter