Back
/ 36
Chapter 15

15 කොටස

🖤My Peony🖤

ඊටපස්සෙ ටික වෙලාවකින් එයත් ඇවිල්ලා එහා පැත්තෙන් නිදාගත්තද කොහෙද,තව වෙලා තියනවනෙ උදේ වෙන්නත්.හැබැයි ඒ පාර නම් මගෙ හාට් බීට් එක වැඩි උනා.කවදාවත් කව්රුත් එහා පැත්තෙන  නිදාගත්තා කියලා මෙහෙම වෙලා නෑ හත්තිලව්වේ..නිදිමත අස්සෙ පපුවට අකුනු ගහනවා වගේ වෙද්දිනෙ ඉතිං ඉවසන්න බැරි.මම ඇස් දෙක තද කරලා වහගන නිදාගන්න හැදුවා.එතකොටම මට තේරුනා එයා හෙමීට මගෙ ඔලුව අතගානවා,සුවර් එකට මම නිදි කියලා හිතන්න ඇත්තේ.ඇහැරිලා කියලා දන්නවා නම් කොරයි ඕවා.

ඔය ඔලුව අතාගනවා කියන එකනම් මගෙ වීක් පොයින්ට් එකක් පුතේ.නිදිමතක් නැතිවෙලාවක උනත් කව්රුහරි ඔලුව අතගෑවොත් මට නිදිමත හැදෙනවා.මම හිතන්නෙ දැන් නම් අකුනු ගැහිල්ල මැද්දෙන් හරි මට නින්ද යාගන එන්නෙ.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"ඒයී..යෙනෝන් ගිහිං වොශ් දාගන එන්න"

"ම්ම්ම්ම්ම්"

"යන්න යන්න"

"අනේ ඔයත් ඇවිල්ලා තව චුට්ටක් නිදාගන්නකෝ"

"ය-යන්න යෙනෝන්"

එහෙම කියන ගමන් එයා රූම් එකෙන්  ගියා.අම්මටහුඩු මොකක්ද යකෝ මම ඒ කිව්වේ.නිදිමතේනෙ ඉතිං කියඋනේ.එයාට ලැජ්ජා හිතුනද කොහෙද.මේ මනුස්සයත් නිකම් කෙල්ල වගේනෙ,හැමඑකටම ලැජ්ජා හිතෙනව.

මටත් නිදාගන්න දෙන්නෙ නැතුව කෑගන නිසානෙ එයාටත් නිදාගන්න කිව්වෙ ඉතිං.හේ හේ කිව්ව වචනෙ ආපහු ගන්න බෑනෙ බූරු පුතේ,දැන් සේපේ යමන් වොශ් රූම් එකට.

මම වොශ් දාලා ආවට පස්සෙ එයා එයාගෙ ටී ශර්ට් එකක් මට දුන්නා.කියන්න සන්තෝසයි මිත්‍රවරුනි ඒකත් කලු එකක්.මම මෙහෙම කලු විතරක්ම තියන ඇදුමක් ඇන්දේ හෙන කාලෙකින්.මොකද මම කැමති ටිකක් කලර්ෆුල් විදියට අදින්නනෙ.ටව්සර් එකයි අනිත් ඒවයි නම් ඉතිං ඇදන් හිටිය ඒවම තමා මොකද එරෝන් අයියාගෙ ඒවා මට හරි විසාලයි.විසාලයි කියන්නෙ මූ හෙන උසයිනෙ ඉතිං.

ඊටපස්සෙ එයා සැන්ඩ්විච් වගයක් එක්ක ටී එකක් රූම් එකට ගෙනවා. ඒක කාලා ආය  පික් මී එකක් දාගන අපි දෙන්නා වන් ගෝල්ෆේස් යන්න තමා හිතන් හිටියේ හැබැයි මිත්‍රවරුනි මම කෑවට පස්සෙ ආපහු ටුයින් ගාලා එරෝන් අයියගෙ ඇදට පැන්නා.පැන්නා කියන්නෙ නිදිමතටද කොහෙද වැටුනා.මොකද ඒ ඇද දිහා බලද්දි මට හිතුනෙම "එන්න මගෙ සප්තලම් ඇවිත් මාව බදාගන නිදාගන්න"කියලා ඇඳ මට කතා කරනවා වගේ.ඉතිං මම OGF යන අදහස අත් ඇරලා නිදාගත්තා.

"ඒ ඇහැරෙනවා,අද දවසෙ වැඩියෙන්ම මම කරේ උබව ඇහැරුව එකද කොහෙද"

"ම්ම්ම්ම්ම්"

"කෑම ඕඩර් කරා කන්න නැගිටිනවා"

"වෙලාව කීයද අයියේ"

"එකයි"

"ඈ.....බොරු නේද ඒයි"

"බොරු නම් බලහංකො වෙලාව"

"අඩෝ ෆක් එකයිනෙ වෙලාව"

"මොකක්ද කිව්වෙ"

"න්--නෑ අයියේ,මේ ඇද ගියාත්මෙ මගෙ ගර්ල්පෙන්ද කොහෙද,මට බදාගන දොයියන්නමනෙ හිතෙන්නෙ"

"උබ කියන කුනුහරප මට තේරෙන්නෙ නෑ වොශ් එකක් දාගන එනවා කන්න"

මම එතනින් සේපේ මාරුවෙලා ආයෙත් වැනි වැනි වොශ් රූම් එකට ගියා.

"රෝස පාට අලුත් ටූත් බ්‍රශ්  එකක් ඇති,ඒකෙන් දත් මදිනවා"

යකෝ මාව බේබි ගර්ල් කෙනෙක් වගේද දන්නෙ නෑ මේ යකාට පේන්නෙ,රෝසපාට ටූත් බ්‍රශ් එකක්ම දුන්නේ.හැබැයි මෙහෙමයි අනිත් උන් රෝසපාට කෙල්ලන්ගෙ පාටක් කියලා අයින් කරාට මම ඒ පාටට කැමතියි.

ඊටපස්සෙ මම දත් මැදලා වොශ් දාලා සෝසමල වගේ .පොඩ්ඩක් හෝව් එතකොට මම අර කලින් OGF යන්න කියලා යෙනෝන් අයියගෙ ඇදුමකුත් ඇදගන එහෙම ලෑස්ති උනේ දත් මදින්නෙත් නැතුවද.එතකොට සැන්ඩ්විච් කෑවෙත් දත් මදින්නෙ නැතුවද.යා.......හ් මේ මනුස්සයා එක්ක හිටියොත් නම් මගෙ ට්‍රැක පනිනවා පුතේ.සාමාන්‍යයෙන් මම උදේට කිරි එකවත් බොන්නෙ නෑ දත් මැදලා වොශ් දාන්නෙ නැතුව.ඒ උනාට අද මහ විසා.....ල පිස්සුවක් තමා කෙලලා තියෙන්නෙ.ඉස්මයිල් ඉන් පේන් ඉචිම්.කමක් නෑ මොනා උනත් ඌරන්ට මොන සෞඛ්‍යද අනේ....(එහෙමවත් හිත හදාගමු).

"උබ ඕකෙ නිදිද යෙනෝන්"

"ඉන්න අනේ මේ චාර්වක දත යන්නේ ඒක මැදලා එන්නම්"

"ඕන මගුලක් කරන් වරෙන්"

හේ හේ මම ඉතිං මනෝපාරවල් ගහන්න ගියාම වෙලාවල් තේරෙන්නෙ නෑනෙ.ලෝකෙ නැති දේවල් කල්පනා කර කර ඉන්නවානෙ.මම හිතන්නෙ සෑහෙන වෙලාවක් තිස්සෙ මම මේක අස්සේ.ඒ උනාට පරක්කු වෙන එකට හේතුව ඒක කියන්න බෑනෙ ඒකයි මම මගේ අහිම්සක චාර්වක දන්ත රාජයාව ඇල්ලුවේ.

කොහොමහරි මම ඉක්මනට දත් මැදලා වොශ් දාලා ආවා.ඊටපස්සෙ තමා හොදම හරිය,එයා ඕඩර් කරලා තිබ්බේ චිකන් බිරියානි.කඩව්ලේ මේ යෙනෝන් බිරියානි බැතිමතෙක්.අනික ඒකත් තිබ්බේ මම ආසම විදියට පොට් වල දාලා.දැන් නම් කෑමක් තමා තියෙන්නෙ පුතේඒඒඒ.

"කන්න"

මම එයාට ඒ වචනෙ කියන්න විතරයි ඉඩ තිබ්බේ බිරියානි පොට් දෙකෙන් එකක් අරගන ඒක ලෙහලා ග්‍රේවි එක දාගත්තා.ඊටපස්සෙ එක කටක් කෑවා.

"මේක පට්ට රසයි නේද අයියේ"

"🤣🤣"

"ඇ-ඇයි අනේ හිනාවෙන්නෙ"

"නෑ නෑ කාපන්,බඩගින්නෙද හිටියේ"

අනේ මේ එරෝන් ඕවට නම් එන්න එපා හරිද.අහිම්සකයා වගෙ කාටවත් කරදරයක් නැතුව කන්න යද්දිත් මේ මනුස්සයා හිනාවෙනවානෙ.මට තේරෙන්නෙ නැහැ අප්පා.......කියලා කියන්න හිතුනට කිව්වෙ නෑ ඒ වචන ඔක්කොම එකතු කරලා එයාට විරිත්තුවා. එච්චරයි..........

"උබේ මූනට ඔය විදිය තමා ගැලපෙන්නෙ හැබැයි"

"අනේ මම තරහයි"

අනේ මන්දා අප්පා මගෙත් හරී.......කෝලම් තමා තියෙන්නෙ මේ මනුස්සයා එක්ක ඉද්දි.විහඟ එක්ක ඉද්දි මේවා කරන්නෙ නෑ අපේ හාමුදුරුවනේ.එයා එක්ක ඉද්දි මම නිකම්ම පොඩි එකෙක් වගේ වෙනව.හරියට අම්මා ලග ඉද්දි වගේ.ඒම ඉද්දි හරි නිදහස් මගෙ හිතට.කිසිම දේක බරපතලක් දැනෙන්නෙ නෑ.ඔහේ ඉන්නවා.එරෝන් අයියා නිසා කාලෙකින් මට ප්‍රශ්න කියලා දෙයක් තියනවාද කියලත් අමතකවෙන තරමට මම හරි නිදහස් පුංචි ලමයෙක් වගෙ උනා.ඒ හැඟීමට මම හරි ආසයි.

"තව චිකන් ඕනේද"

"ඕනෙ උනාට නෑනෙ ඉතිං"

හුම් මගෙ චිකන් කෑල්ල ඉවරයි කියලා දැක දැකම හිත රිදෙන කතා අහනවානෙ අප්පා මෙයා.

"අහ් කනවා"

හේ හේ මයෙ සප්තලම් සීරියල් කිලර් එයාගෙ චිකන් කෑල්ලත් මට පරිත්‍යාග කරා.

"ඔයාට නෑනෙ"

"මම ගොඩක් චිකන් කන්නෙ නෑ අනික මේ තව පොඩි කෑල්ලක් තියනවානෙ මට, තමුසෙ ඕක කනවකො"

"අඤේ අහිම්සකයාට චිකන් කෑල්ලක් පරිත්‍යාග කරාට බොහොම ඉස්තූතියි මිස්ටර් එරෝන්"

"හා හා කියවන්නෙ නැතුව කාපං"

"මේ ඒක නෙවේ අහන්නකො"

එයා ලොකූඌඌ හුස්මක් අරන් පිටකරා.මම කියන දේ අහන එකෙක් නෙවේ කියලා තේරිලා වගේ.

"කියහංකො"

"දැන් අපි මොකද කරන්නේ"

"උබට කොහෙවත් යන්න ඕනෙ නෑලුනෙ,මට assignment එකක් තියනවා මම ඒක කරනවා,උබට කාටුන් එකක්වත් දාලා දෙන්නම් බලන්න"

"යෝහෝ.......දැට්ස් මා බෝයි.....සූරපප්පා ඈ"

"ඕන පප්පෙක් බලහං"

"ඉතිං දැන්මම දාලා දෙ න්නකො අයියේ"

"හිටහං කාලා ඉවර වෙලා දාලා දෙන්නම්"

"අඤේ කනවා නේත සමාවෙන්න ඔබ මට දස දහස් වාරයක්.ඔයා හෙමින් කන්න පැටියෝ මට හදිස්සියක් ඤෑ"

"මොකා"

"පැ- අහ් මම මේ කිව්වේ එරෝන් අයියේ කියලා.ඇයි ඔයාට වෙන මොකක් හරිද ඇහුනෙ,ඇත්ත කියන්නකො ඉතිං"

"නෑ නෑ"

"නෑ නෑ කියන්නකො ඔයාට ඇහුනෙ මම වෙන එකක් කියනවා වගේ නේත"

"නෑ"

"අඤේ අඤේ හොර ගෙඩියා ඔයා cute නිසානෙ මම පැටියො කිව්වෙ"

"මම මේ පොට් එක උබේ මූනට එවන්න කලිං කටවහන් කාපන් යෙනෝන්"

අඩේ මට බැන්නා......ඒක නම් ඇත්තටම බැන්නේ.අනේ අම්මේ මූ මට බැන්නා.මට ඇත්තටම දුක හිතුනා.දුක හිතෙන්න තරම් දෙයක් කිව්වෙ නෑ තමා.ඒ උනාට ඉතිං මට දුක හිතිලානෙ මම මොනා කරන්නද.ඉතිං මම සද්ද නැතුව කන්න ගත්තා.මගේනෙ ඉතිං වැරැද්ද එයාට කන්න දෙන්නෙ නැතුව විකාර කියවන්න ගියානෙ.ඒ උනාට ඉතිං එච්චර හයියෙන් බනින්න ඕනෙ නෑනෙ.ඒ උනාට මම මීට වඩා විහඟයා එක්ක මරාහන තියනවානෙ.කවදාවත් මෙහෙම දුක හිතිලා නෑනෙ.ආ.......හ් මට තේරෙන්නෙ නෑ මට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා.

"මොකද ඔය ම්ම්ම්"

"ඇ-ඇයි අයියේ"

එයා කාලා ඉවරවෙලා අතත් හෝදගන ඇවිත් මගෙ ලගින් වාඩිවෙලා ඇහුවා.මම ඉතිං හෙන අමාරුවෙන් එයා දිහා බලලා හිනා උනා.

"බොරුවට හිනා උනාට ඇස් දෙකේ කඳුලුනෙ ඕයි"

"ම්ම්-මේක සැර නිසා වෙන්න ඇති නේත"

මම බැක් ටු නෝමල් වෙන්න පට්ට ට්‍රයි එකක් දුන්නා.ඒත් අද නම් රංගනය අසාර්තක වෙයිදෝ මන්දා.

"ම්ම්ම් කාලා ඉවරද"

"ඔ-ඔව් අයියේ"

"එහෙනම් අත් සෝදගන එන්නකො"

මම නැගිටලා ගිහිම් අතහෝදගන ආවා.මම දැන් දරුනු විදියට දුක හිර කරන් ඉන්නේ.ඔලුව පුපුරන්න වගේ රිදෙනවා.

"මෙතනින් වාඩිවෙනවකො"

එයා ඒ පාර පට්ට නිව්න විදියට කතා කරා.ඕම කතා කරන්න එපා අයියේ.මට ඇඩෙයි.ඒ අස්සෙ මගෙ යටිහිත එහෙම කෑ ගහනවා.මම හෙමීට ගිහිම් එයාගෙ එහා පැත්තෙන් වාඩි උනා.

"අඩන්න ඕනෙ නේද ම්ම්ම්ම්"

"....."

මම එයාගෙ මූන දිහා බැලුවා.මම දන්නවා තව නම් මට ඇඩිල්ල හිර කරගන ඉන්න බෑ.අඩන්න ඔන්න මෙන්න ඉද්දි ඔච්චර ආදරෙන් කතා කරාම ඇඩෙනවා දෙවියනේ.

"ඔච්චර අව්ල් වෙන්න දෙයක් කිව්වෙ-"

එයාට එච්චරයි කියන්න පුලුවන් උනේ මට ඇඩුනා.අඩේ මම හොදටම අඩනවා.මම හිතුවෙ නෑ මම මෙච්චර අඩයි කියලා මේ පොඩි දේට ඒ උනාට මම අඩනවා.

එයා මගෙ ඔලුව අතගෑවා.එතකොටම මම එයාව බදාගත්තා මට ඕනෙ හොදටම අඩන්න ඉතිං මම ඇතිවෙනකම් ඇඩුවා.එයා බැන්න දුකට එයාවම බදාගන අඩානවා අනේ මන්දා අප්පා මාත්.ඒත් මට දුකයිනෙ හුම්.මම එයාගෙ පපුවට හේත්තුවෙලා හිටියේ.ඒක හරි හයියෙන් ගැහෙනවා ඇහුනා මට.මම ගොඩක් වෙලා එහෙම ඇඩුවා.

පස්සෙ පස්සෙ මට ඕනෙ උනේ අඩනවාට වඩා මේ ඉන්න විදියට එයා ලග ඉන්න. ඉතිං මම එහෙමම හිටියා.එයා තාම මගෙ ඔලුව අතගානවා.

"ඉවරද අඩලා ම්ම්ම්ම්"

"නෑ"

එහෙම කියන ගමන් මම එයාව තව ටිකක් බදාගත්තා.යා...... මොකක්ද යෙනෝන් තව්සෙ ඔය කරන්නේ.චූටි බබෙක් තාත්තාව බදාගන අඩලා අඩලා ඊටපස්සෙ හුරතල් වෙන්න ඕනවට තවත් බදාගන එයා ලගම ඉන්නවා වගේ මාත් තාම ඒ විදියටම ඉන්නවා.මොකක්ද මම මේ කරන්නේ.මට මේ කරන දේ නවත්තන්න ඕනෙ.ඒත් මම ලෝබයි මේ අමුතු සැනසීමෙන් ඈත්වෙන්න.ඉතිං මම මොනා කරන්නද?

ඊලග කොටසින් හම්බෙමූ💗

🌼Daisy flower🌼

Share This Chapter