Back
/ 36
Chapter 16

16 කොටස

🖤My Peony🖤

"ඒ ඔය හොටුත් ඇවිල්ලා බං පිහාගනිංකො"

"අනේ මේ අයියේ,තව්සෙ මට බැන්න නිසානෙ මේ ඔක්කොම"

"උබෙත් කට විතරනෙ බං තනිකරම පොඩි එකෙක් වගේ හයියෙන් හප් කිව්වත් අඩනවා."

"පොඩී තමා තව්සෙ වගේ නාකි නෑ"

"මෙහෙ එනවා සූරපප්පා බලන්න.කියවන්නෙ නැතුව බලහං මම assignment එක කරන්න ඕනෙ"

මම අඩලා අඩලා එපා වෙලා ඇතිවෙලාවක් එයා ලගට වෙලා ඉන්නකම් එයා හිටිය විදියටම හිටියා.දැන් ඉතිං ඇඩුවා ඇති අලුත් වැඩකට යමු යෙනෝන් පුතේ කියලා මයෙ පුම්චි හිත කිව්වා. ඒකයි දැන් මේ සූරපප්පා බලන්න යන්නේ.ඒ උනාට මම මෙහෙම නෑ දෙවියනේ.ඒ කාලෙ මම පට්ට ප්‍රොටෙක්ටිව් බෝයිපෙන් කෙනෙක්.මේ මනුස්සයා මාව තනිකරම අනිත් පැත්ත හරවලා තියෙන්නෙ.වට් එවර් දැන් මම සූරපප්පා බලන්න යන්නේ.... ටඩා..........

"අහ් කනවා.."

එරෝන් අයියා මට potato chips පැකට් එකක් ගෙනත් දුන්නා.පුදූ......ම සතුටක්නෙ දැනෙන්නෙ. මොකද මම ඒවාටත් පට්ට ආසයි🥲.දැන් ඉතිං සූරපප්පායි,potato chips එකයි එක්ක ජීවිතේ විඳිල්ලක් තමා තියෙන්නෙ පුම්චි පුතේ.

"හේ හේ තෑන්ක්ස් මෙයා"

"ම්ම්ම් කටවහන්න ඕන නිසා දුන්නෙ"

"ඔයා කටවහන්නෙ මෙහෙම නම් මම හැමවෙලේම කියවනවා අයියේ"

"හා හා ඕක බලහං"

ඔඤ්ඤ පප්පා ගමට අලුත් දවසක් උදාවෙලා......... හේ හේ මයෙ කාටුම පටා........න් ගත්තා....දැන් ඉතිං කොල්ලා ෆුල් නිහඩයි.මේක මරු අප්පා ඒ උනාට මට ජිම්පප්පා ගැන නිතරම දුක හිතෙනවා.ඇයි යකෝ ඒ මනුස්සයව හැමදාම කොං කරනවනෙ අරිස්ටෙ දෙද්දි.කොහොම දුක දරාගන්නවද දන්නෙ නෑ.මොනා උනත් මලක් වගේ පුම්චි හිතක්නෙ ඒක හුම්.

One day I'm gonna fly away

One day when heaven calls my name

I lay down I close my eyes at night

I can see morning light

One day I'm gonna fly away

One day I'll see your eyes again

I lay down I close my eyes at night

I can see morning light

"යෙනෝන් ඔයාට කෝල් එකක් නේද"

"......."

"ඒයී බූරු පැටියෝ"

"ආව් අයියේ පයින් ගහන්න එන්න එපා ඈ..මම අම්මට කියනවා."

"අම්මට පස්සෙ කියහං දැන් අර කෝල් එක ආන්සර් කරහංකො,රින්ග් වෙනවා ඉවරයක් නෑ"

"අම්මටහුඩු කෝල් එකක්ද? කාටුන් එකේ සිහියෙන්නෙ හිටියෙ හේ හේ"

කෝල් එක එනවා මට ඇහුනෙ නෑ ඉතිං කාටුන් බලන්නයි ෆෝන් එක ගැන හිතන්නයි දෙකක් බෑනෙ.අපේ අම්මා උනත් කියලා තියෙන්නෙ කරන වැඩේ හරියට කරන්න කියලා.

සෙනෙහෙලතා is calling...

ආ....... මේ යකාද මේ කාටුන් එකවත් බලන්න නොදී ආතල් දුන්න එකා.. සැක්

"හෙලෝ"

"යෙනෝන් කොහෙද බං උබ ඉන්නේ"

"ඇ-ඇයි චුට්ටක් එලියට ආවා"

මම මූට කිව්වෙ නෑනෙ එරෝන් අයියා හම්බෙන්න යනවා කියලා.කියන්නෙ කොහෙද ඉතිං මූ සිහියෙන් ඈ හිටියෙ.අනික එකපාරටමනෙ එන්න කියලා ගියේ ඉතිං වෙලාවක් තිබ්බෙ නැ කියන්න,ඊටපස්සෙ මම වැඩිය ෆෝන් එක ගත්තෙම නෑනෙ

"අහ් හරි මම කොටුවේ ඉන්නේ,උබටත් එක්ක කෑම එකක් ගෙනාවා"

"ආ...... හරි හරි මාත් දැන් බෝඩිමට යන්න හදන්නෙ"

"අහ් හරි එහෙනම් තියන්නම් ඈ"

"හරේ පරිස්සමින් වරෙන්"

එතකොටම එරෝන් අයියා මං දිහා බැලුවා.

"විහඟ ඇවිල්ලාද"

"හ්ම්ම්ම් කොටුවෙලු"

"ඒනම් දැන් යන්න ඕනෙනෙ,ඔය ටික පැත්තකින් තියලා බෑග් එක අරන් එන්න,මම බයික් එකේ ගිහිම් දාන්නම්"

අඩේ මේ මනුස්සයට බයික් එකක් තීනවද,එහෙනම් මොන එකටද යකෝව් අර පික්මී දාගන ආවෙ.අහ් එදා කැම්පස් ඉදලා එනගමන්නෙ හම්බුනේ.ඒ උනාට බයික් එකේ කැම්පස් යන්න තිබ්බානෙ.හෝව් හෝව් සුට්ටක් ඉන්න.කෝ මේ ගෙදර මිනිස්සු.මම මනුස්සයෙක්ව තියා බල්ලෙක්වවත් දැක්කෙ ඤෑනෙ.

"මේ ඒයි ඔයා විතරද මෙහෙ ඉන්නේ"

"ඔව්"

"ඈ එතකොට කෝ ගෙදර අනිත් අය"

"එයාලා අනිත් ගෙදර"

"ආ...... තව ගෙයක් තියනවද?"

"ම්ම්ම්ම්"

"ඇයි ඔයා තනියම මෙහෙ ඉන්නෙ"

"මම කැමති තනියම ඉන්න"

"අනිත් ගේ කොහෙද තියෙන්නෙ"

"නුවර"

"අම්මලා ඉන්නෙ එහෙද"

"හ්ම්ම්ම්"

"ආ........ හා....රි හා.......රි ඒ උනාට මට නම් එපා වෙනවා තනියම ඉන්න ගියාම."

"මට එහෙම නෑ"

"හා හා ඔයා බයවෙන්න එපා මම එන්නම්කො ඉන්න ගමන් ඔයාව බලලා යන්න චොක්ලට් බිස්කට් එකක්වත් අරන්"

"ඕපදූප ටික හොයලා ඉවර නම් එනවා යන්න.තමුසෙව ගිහිම් දාන්න ඕනෙනෙ යාලුවා එන්න කලින්"

"අම්මටහුඩු යන්නත් ඕනෙනෙ තව චුට්ටෙන් අමතක වෙනවා..ඉන්න මම බෑග් එක අරන් එන්නම් ඈ"

"ම්ම්ම්ම්"

එයා බයික් එකේ කී එකත් අරන් රූම් එකෙන් එලියට ගියා.ඒ උනාට මට දුකයි වගේ අප්පා.නිකම් ලගම කෙනෙක්ව දාලා දුර ගමනක් යනවා වගේ ෆීලිං එකක් එන්නෙ.කොහෙදෝ තිබ්බ ගල් ගෙඩියක් ඔලුව උඩ තිබ්බා වගේ පට්ට දුකක් එක්ක අමුතු බරක් ඔලුවට දැනුනා.යන්න හිතෙන්නෙ නෑ අප්පා.මම කාමරේ දිහා ආපහු බැලුවා.හිටියෙ පැය ගානක් උනාට අව්රුදු ගානක් ඉදලා දාලා යනවා වගේ මට හිතෙන්නෙ.මම හෙමින් හෙමින් රූම් එකෙන් එලියට ආවා.

"ඔය දොර වහන් එන්නකො යෙනෝන්"

"හ්ම්ම්ම්ම්ම්"

බයික් එකේ ඉදන් එරෝන් අයියා කෑ ගහලා කිව්වා ඊටපස්සෙ මම ගෙදර දොරත් වහලා කී එකත් අරන් එයාට දීලා බයික් එකට නැග්ගා.

"ආ මේ හෙල්මට් එක දාගන්නවා"

"ම්ම්ම්ම්ම්ම්ම්"

"මොකද ඒ පාර ආය හ්ම්ම් හ්ම්ම් ගාන්නෙ"

"මොකුත් නෑ"

"ආ ඔක්කොටම කලින් හෙල්මට් එක දාගන්නවකො"

"හරි"

මම හෙල්මට් එක දාගත්තා.

"හ-හරි අයියේ යමු"

"මොකක්ද අව්ල කියනවකො"

බයික් එක start කරන ගමන් ඇහුවා.

"මට දුකයිනෙ"

"ඒ මොකද"

"මම දන්නෑ"

"දන්නෑ කියන්නේ"

"ඔයා එක්ක ගොඩක් වෙලා ඉදලා යන නිසා වෙන්න ඇති"

"උබ නම් පොඩි එකෙක්මයි බං"

"අනේ මේ"

"හරි හරි වැඩක් නැති වෙලාවක ආය එනවකො"

"වැඩක් නැත්නම් හැමදාම හරි එන්නම්ද"

"ඕන මගුලක්.මට දැන් බෝඩිමට යන පාර කියහංකො"

"අනේ මම පාර දන්නෙ නෑ බෝඩිම තියන පැත්තේ නම කියන්නම් එහෙට්ට එක්කම් යන්න"

"හා හා එහෙනම් වැටෙන්නෙ නැතුව අල්ලගන හරි හිටහංකො"

"ඇයි ඔයාට පැයට කිලෝමීටර් දාහක විතර--ආ....හ් අයියේ... තව ටිකෙන් වැටෙනවා"

එයා බයික් එක චුට්ටක් රේස් කරා විතරයි තව නූලයි තුන්කාලෙන් මම බිම.මේ මනුස්සයට මං ගැන අනුකම්පාවක් නැති හැටියක් සැක්.

"ඒක තමා උබට කිව්වෙ සිංහලෙන්"

"මට සිංහල තේරෙන්නෙ ඤෑ"

"යෙනෝන් ආපහු අඩනවද නැත්නම් කියන දේ අහනවාද"

"හා හා අල්ලගන්නම් අනේ කෑ ගහන්නෙ නැතුව යමු"

"තමුසෙට කන්න මොනාහරි අරන් ඕනෙද රෑට"

"අනේ ඔවා සුගර් ඩැඩීද,සල්ලි වියදම් නොකර ඉන්න"

"මම ඇහුවෙ උබට කන්න ඕනෙද නැද්ද කියලා විතරයි යෙනෝන් සල්ලි ගැන නෙවේ"

එයා ඒක චුට්ටක් සැරෙන් කිව්වෙ.හේ හේ මගෙත් ඉතිං කියවිල්ල වැඩියිනේ.ඒ උනාට ඉචිම් එයාගෙම හොදටනෙ මම කිව්වේ.හම්බුන වෙලේ ඉදම් මට කන්න අරන් දෙනවා. ඒ මදිවට සෝස පාට ටූත් බ්‍රශ් එකකුත් දුන්නා.චුට්ටක් ගේම ඉල්ලන්න ඕනෙ සැරෙන් කතා කරාට හුම්.

"බනින්නෙ ඉතිං"

"බැනුම් අහන වැඩ කරන්නේ ඔයානෙ යෙනෝන්"

"ඉතිං විහඟ එද්දි මටත් එක්ක කෑම එකක් ගේන්නම් කිව්වනෙ"

"ම්ම්ම්ම්ම් බලමුකො"

"ඕකේ බොසා"

"මොකක්"

එයාට බයික් එකේ යන නිසා මම හෙමින් කියන ඒවා ඇහෙන්න නැද්ද කොහෙද ඒකයි ඔය ආපහු මොකක්ද කියලා ඇහුවේ.

"ඕකේ බොසා කියලා කිව්වේ"

මම එහෙම කියලා හෙන හයියෙන් කෑ ගැහුවා.හේ හේ ඒ පාර නම් කන ලෙප්ට් උනාද දඤ්ඤෑ.

"හෙමින් කතා කරපන්කො බං"

"මම හෙමින් කතා කරාම ඔයාට ඇහෙන්නෙ නැතෝ"

කියලා මම කෑ ගහද්දිම එයා බයික් එක නැවැත්තුවා.හත්තික්කේ සද්දෙ වැඩියි කියලා බයික් එකෙන් බස්සන්නවත්ද යන්නෙ.අනේ මේ මහ නගරය මේ අහිම්සකයාට තාම නුහුරුයි අයියන්ඩිඊ....පීස් ඩෝන්ට් ලීව් මී පී......ස් කියලා මගෙ යටිහිත බෙරිහන් දෙන්න ගත්තා.

එයා බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගැලෙව්වා.අම්මටහුඩු මට බයික් එක අරන් තනියම පලයන් කියන්නත යන්නෙ.අඤේ අයියේ පුම්චි එකාට ලයිසන්වත් නෑනෙ තව.පොලිස් මාමාලා උස්සගන ගියොත් ඒම අම්මත් ඤෑ.

මම එහෙම හිත හිත ඉද්දි එයා කොහෙටද ගියා.ඊටපස්සෙ මම සේප් එකේ එයා ගිය දිහාවට ඔලුව හරවලා බැලුවා.

අඤේ අඤේ හොරගෙඩියා බර්ගර් කින් එක ලගනෙ නවත්තලා තියෙන්නෙ.කලින් කියන්න තිබ්බනෙ මාව කලබල නොකර හුම්.ඊටපස්සෙ මම බයික් එක ලගට වෙලා එයා එනකම් බලන් හිටියා.

"අහ් දෙකක් තියනවා විහඟටත් දීලා කන්න"

"කරදරයි නේද අයියේ මං නිසා"

"උබම විසාල කරදරයක් වෙලා තියෙද්දි,කන්න දෙයක් අරන් දෙන එක එච්චර දෙයක් නෙවේ"

"අනේ මේ ඔයාගෙ ඔය අපහාස තමා මට දිරවන්නෙ නැත්තෙ හරිත"

"හා හා කටවහන් නැගපන් බයික් එකට"

ඊලග කොටසින් හම්බෙමූ💗💗

🌼Daisy flower🌼

Share This Chapter