Back
/ 36
Chapter 19

19 කොටස

🖤My Peony🖤

"අපි 3.30ට ලේක් එකට යමුද"

"ඈ ලේක් මෙහෙ කොහෙද ලේක් එකක් තියෙන්නෙ"

"තියනවා යමුකො මම එක්කම් යන්නම්"

අරූශ් මාවයි විහඟවයි ලේක් එකට එක්කම් යන්නම් කිව්වා.අපි නම් දන්නෙත් නෑ ඉතිං ලේක් එකක් ගැන මූ ඉතිං මෙහෙ එකානෙ ඌ ඕන තැනක් දන්නවා.අහ් අරූශ් කියන්නෙ අපි bed friend ගැන කියනවා ඇහිලා අපි එක්ක කතාවට ආව ඩයල් එක.අපි එක්ක කිව්වට විහඟ එක්කනෙ කතා කරේ.මම ඉතිං කතා කරන්න තරම් හොද මූඩ් එකක නෑනෙ.

දැන් අපි තුන්දෙනා ඉන්නෙ කැන්ටින් එකේ.උදේ පැයක විතර meeting එකකට පස්සෙ අපිව ලෙක්චර් හෝල් එකකට යව්වා.

ඊටපස්සෙ ලෙක්චර්ස්ලා ඇවිත් සබ්ජෙක්ට්ස් ගැන පොඩි පොඩි ඉන්ට්‍රොඩක්ශන් දුන්නා.ඊටපස්සෙ 1ට ඉන්ටවල් එකක් දුන්නා 2 වෙද්දි ආය ලෙක්චර් හෝල් එකට එන්න කියලා තමා කිව්වෙ.

"උබ බත් කන්නෙ නැද්ද යෙනෝන්"

"උබලා කාපන්කො මම කන්නම්"

අපි දෙන්නා එද්දි අරන් ආව කෑම එකයි,අරූශ් ගෙදරින් ගෙනත් තිබ්බ කෑම එකයි දෙකම තුන්දෙනා එකතුවෙලා කන්න තමා කැන්ටින් එකට ආවෙ.අරුන් දෙන්නා නම් කන්න ගත්තා. ඒ උනාට මට කන්න තරම් මෙව්වා එකක් නෑ අප්පා.මට තරහා ගිය වෙලාවට නම් හොදට කන්න පුලුවන් හැබැයි අව්ලෙන් ඉද්දි කන්න බෑ.

"කන්න බැරි නම් කට ඇරපන්කො කවන්නවත් පොඩි පගයා"

මම කන්නෙ නැති එකට යකා නැගලා විහඟයා බත් කටක් මගෙ කටට එබුවා.

"ඔහොම ඔබන්න එපා යකෝ හිරවෙයි ඕකාට"

ආරූශ් මං දිහායි විහඟ දිහායි බලලා හිනාවෙලා කිව්වා.

"අනේ මට තේරෙන්නෙ නෑ බබ්බු නලවන්න උබ පුලුවන් නම් කවහං මේකට"

ඊටපස්සෙ ආරුශ් බත් කටක් අරන් කැව්වා.ඒක නම් හරිම ආතරනීය විදියට කැව්වා කට වටේ ගෑවෙන්නෙ නැතිවෙන්න,බත් හැලෙන්නෙ නැතිවෙන්න ගානට.අඤේ අඤේ මගෙ හිච්චි අම්මියි,තාත්තියි.ඒ වෙලාව මට එහෙම කියන්න ඕනෙ උනාට මූඩ් එකක් තිබ්බෙ නෑ.ඒ නිසා උන් දෙන්නා දිහාවටම ආතරනීය ලුක් එකක් දාලා මම නිකම් හිටියා.බත් දෙකම ඉවර වෙනකම් අරුන් දෙන්නා කන ගමන් මටත් කැව්වා.

ඉන්ටවල් එකෙන් පස්සෙ  හවස අපිට පොඩි මෝටිවේසනල් මොකක් හරි එකක් තිබ්බා.මම බලාගන අරුන් දෙන්නා නම් ඒක හොදට අහන් හිටියා මට වචන ඇහුනට කිව්ව ඒවා තේරුම් ගන්න බැරි තරමටම වෙන ලෝකෙක හිටියෙ.සමාවෙඤ්ඤ මේ ටිරිසනාට ඒත් අද බෑ.බෑ කිව්වෙ ප්‍රෝග්‍රෑම් එකට අවදානෙ දෙන්න හරිත.

තුන හමාර වෙද්දි ලෙක්චර්ස් අරවා මේවා ඔක්කොම ඉවර උනා.ඊටපස්සෙ අපි තුන්දෙනා අරූශ් කිව්ව ලේක් එක ලගට ගියා.

"මෙතන පට්ට අරූශ්,මට නම් යන්න හිතෙන්නෙ නැ"

ඇත්තටම එතන්ට ගියාම හිතට පට්ට නිදහසක් දැනුන නිසා මම අරූශ්ට කිව්වා.

"අහ් සද්ද නැතුව හිටියට මගෙ නමත් මතකයි නෙහ්🤣"

"ඔව් ඔව් යකෝ මොහොතකට මගේ පුම්චි හිත සැනසීමෙන් පිනා ගිහිම් ඉන්නේ"

"අහ් ඒනම් එච්චරයි "

එහෙම කියලා අරූශ් මගෙ කරට අත දාගත්තා.මම ඌ දිහා බලලා හිනා උනා.

"මෙතන ශොට් එකක් දාන ගමන් පාඩම් කරන්න එහෙම පට්ට තැන නේ බං"

යකෝ මේ බේසිකයා කිව්ව කතාව.මම මෙච්චර සැනසීමෙන් ජීවිතේ ගැන කල්පනා කරන්න හදද්දිම විහඟයා ඉතාමත් බුද්දිමත් කතාවක් කිව්වා.

"තොට පාඩම් කරන එකවත් ඔය සොට් එකෙන් ඈත්වෙලා කරන්න බැරිද"

"බෝතලේ තමා ජීවිතේ මල්ලි,නැද්ද අරූස්"

"අන්නේකයි"

"තොපි දෙන්නම එකයි ගැටපොලොස් කොට්ටෝරුවො දෙන්නා."

"මේ මම උබලට දෙයක් කියන්නද"

ටික වෙලාවක් ලේක් එක දිහා බලන් ඉදලා අරූශ් කිව්වා.

"කියහං බලන්න"

එහෙම කියන ගමන් විහඟත් ඇවිල්ලා අරූශ්ගෙයි මගෙයි එහා පැත්තෙන් වාඩි උනා.

මමත් කියන දේ අහන්න අරූශ් දිහාවට හැරුනා.

"මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා බං"

"අඩෝ සිරාවට,මරුනෙ ඉතිං කියහංකො තව"

"තව කියන්නෙ එච්චරයි එයා මල්ලි කෙනෙක් ඒ කියන්නෙ උබලා දෙන්නගෙ වයස"

"අම්මටහුඩු උබ අපිට වඩා වැඩිමල්ද මම දන්නෙත් දැන්"

"ඒවා කතා කරද්දි තෝ මෙලොව නෙවේනෙ හිටියෙ පොඩි පගයෝ.දැන් කටවහන් හිටපන්කො,අරූශ් කියහංකො ඉතිං"

"හරි අහිංසක කිව්ට් කොල්ලෙක් ඉතිං"

"අඩෝ අම්මපා කියහං ඒ කියන්නෙ උබ ටොප් කෙනෙක්ද"

විහඟයාට තිබ්බ ලොකුම පස්නෙ අරූගෙ ටොප් බොටම් බව වනචර බේසිකයා.

"හ්ම්ම්ම් ඔව් ඇයි එහෙම පේන්නෙ නැද්ද"

"පේනව යකෝ මාත් ගෞරවනීය ටොප් කෙනෙක්,කාලෙකට කලින් හිටියා මටත් පුම්චි මල්ලි බබෙක්"

"අනෙ උගෙ පුංචි"

මට ඉබේටම එහෙම කියඋනා මොකද විහඟ කෙල්ලො 94882828991919ක් විතර එක්ක එකපාර යාලුවෙන්න කලින් අපිට වඩා අව්රුද්දක් විතර බාල මල්ලි කෙනෙක් එක්ක affair එකක් තිබ්බා.ඌ පට්ටම ලස්සනයි.හරියට බෝනික්කෙක් වගේ.අපේ එකාත් ඌට සිරාම කරා.ඊටපස්සෙ ඒ පොඩි පගයා වටවන්දනාවේ යන්න පටන් ගත්තා.ඒ කියන්නෙ තව ඩැඩීලා දහයක් විතර මේ පොඩි පගයා හොයාගත්තා.ඉතිං විහඟයා ඒ affair එක නවත්තලාදාලා සිරා ලව් කරන අදහසත් අතැරලම  දැම්මා.මම දන්න විදියට දැන් ඌ සිරා ලව් කරන්නෙ උගෙ පව්ලෙ අයටයි මටයි විතරයි.

"හරි හරි ඉතිං යම්කිසි දෙයක් උනා තමයි"

අපේ එකා කොච්චර කුනුහරප කතා කිව්වත් කොච්චර තරහා ගියත් අර පොඩි එකාට බනින්න කැමති නෑ.මොනා උනත් උගෙ සිරා ලව් එක නිසා වෙන්න ඇති.උටත් එක්ක හරි යන්න මම බනිනවා. ඇයි යකෝ ඕකා ඒකාලෙ මටත් අයියා පැටියො,මගෙ මස්සිනා ගගා හිටියේ.බේසික පොඩි පුතු.

"උබේ ලව් එකට මොකද ඉතිං උනේ විහඟ"

අරූශ් විහඟගෙන් ඇහුවා.

"මොනා වෙන්නද බං ඒ පොඩි ගම්ස් බල්ලා වටේ ගියා"

විහඟයා ඉතාමත් සංවේදී ලෙස උත්තරයක් දෙන්න යද්දි මම කිව්වා.ඇයි යකෝ නැත්නම් මූ කියන්නෙ මගෙත් වැරදි ඇති බං,තව පොඩිනෙ බං බරපතලක් තේරෙන්නෙ නෑනෙ යැයි යැයි කියලා.

"ඇහුනනෙ අරූශ් මගෙ ලොකු අප්පා උත්තර දුන්නා,ආය මම කියන්න දෙයක් නැනෙ"

"එතකොට උබේ තත්වෙ කොහොමද යෙනෝන්"

ඒ පාර අරූශ් මගෙන් ඇහුවා.

"මගෙ තත්වෙ අව්ලක් ඤෑ කියලා හිතමුකො.මට ගර්ල්පෙන් කෙනෙක් හිටියා දැන් ඒක නෑ එච්චරයි."

"එතකොට උබ straightද"

"ඔව් straight ඒත් එක මනුස්සයෙක් ඉස්සරහා විතරක් මම ගේ වෙනවා.කෙටියෙන් කිව්වොත් ඔච්චරයි"

"ඉතිං එයා ඒක දන්නෙ නැද්ද"

"නෑ දන්නෙ නෑ.එයා දැනගන්න ඕනෙත් නෑ"

"ඇයි ඕයි එහෙම කියන්නෙ"

"මොකද මට බයයි එයාගෙ හිතේ එහෙම දෙයක් තිබිලා නැතුව,මම එයාට මේ ගැන කිව්වම මාව දාලා යයි කියලා,මම පට්ට බයයි බං එයාව නැති වෙනවට.හේතුව මම දන්නෙ නෑ,ඒක උබලට තේරුම් කරාට තේරෙන්නෙත් නෑ"

"උබ ට්‍රයි කරේ නැද්ද"

"නෑ බං මට බයයි රිස්ක් එකක් ගන්න"

"ඒ තරම් ඌට ආදරෙයිද උබ"

"මම හිතන්නෙ ඔව් බං"

"වයස කීයද අපිට වඩා බාලයිද,cuteද"

"🤣🤣🤣🤣🤣"

"මොකද බං විහඟ උබ හිනාවෙන්නෙ"

විහඟ ගොං වස්සා මහා.......තිරිසන් විදියට මං දිහා බල බල හයියෙන් හිනාවෙන්න ගත්තා.බේසිකයා.ඒක බලන් ඉන්න බැරිම තැන තමා කුතුහලයට වගේ අරූශ් විහඟගෙන් ඇයි කියලා ඇහුවෙ.

"උබ හිතන් ඉන්නෙ මූත් ටොප් කියලද🤣🤣"

"අම්මටහුඩු එහෙම නෙවෙද යකෝ"

"නෑ යකෝ මූ ෆකින් බේබි බෝයි කෙනෙක්"

"උබ දැකලා නෑනෙ එරෝන් අයියා ඉස්සරහදි මුගෙ මූන,නිකම් ඉස්සෙල්ලම හනිමූන් එකට ගිය කෙල්ලෙක් වගෙ,ලැජ්ජාවෙන් රතුවෙලා,බිම බලාගත්ත ගමන් ඉන්නෙ"

"මෙයාගෙ ඩැඩීගෙ නම එරෝන්ද එතකොට"

"එයා මගෙ ඩැඩී නෙවෙ.නිකම්ම එරෝන් අයියා.හුම්"

"හා හා ඩැඩීද අයියද වෙන මොකක් හරිද කියලා අපිට දැනගන්න හම්බෙයිනෙ දවසක කාමරේ දොරට කන තියං හිටියම,නැද්ද අරූශ්"

"අන්නේකයි බං ඈ"

අම්මපා මුන්ගෙ වනචරකම ලේ බිඳුවක් බිඳුවක් ගානෙ දුවනවද කොහෙද.මම මේ පට්ට වේදනාවෙන් ඉන්නවා කරන්න දෙයක් හිතාගන්න බැරුව.ඇයි යකෝ.

"හා හා දැන් කටවහන් හිටපියව් වල් සත්තු දෙන්නා"

"අපි නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකම්.නේත අරූස් මල්ලියේ"

එහෙම කියන ගමන් විහඟ මගෙයි අරූශ්ගෙයි මැද්දට ඇවිල්ලා දෙන්නාගෙම කරෙන් අත දාගත්තා.ඊටපස්සෙ විහඟ කිව්ව එකට අරූශ් හිනාවෙලා ඔලුව වැනුවා.

"අරූස් අරූස් ගාන්න එපා බං මුට අරූශ් කියහංකො.ඇරූස් කියද්දි නිකං බුරූස් වගේනෙ"

"එහෙනම් අපි මුට අරූස් නොකියා බුරූස් කියලම කියමු"

"ට්‍රැක්ද බං උබට"

"අරූස් මා මිතුර මා නුබට බුරූස් කිව්වට ඔබ අමනාප වෙන්නෙ නෑ නේත"

" නෑ නෑ ඕන මගුලක කියහං"

"අනේ මම ආතරෙයි මගෙ බුරූස් පැටියෝ"

එහෙම කියන ගමන් විහඟ බුරූස්ව අහ් නෑ මම කිව්වෙ අරූස්ව වෙලා ගත්තා.

"ඉව් ඉව් මහ ලොකු ටොප්ලා නේත මොනාද ඔය කරඤ්ඤැ ඈ"

"අපි සම්මතෙන් පිට පැනලා ඒ පිට පැනපු එකේ තියන සම්මතේනුත් පිට පැනලා,ටොප් ටොප් එපෙයා එකක් පටන් ගන්න යන්නෙ,උබටත් ඕනෙ නම් වරෙන් එතකොට ත්‍රීසම් වෙලා තවත් පිට පනින්න පුලුවන්.වගකීමෙන් කියන්නෙ මම"

"තොපි එක්ක ඉදලා පිට නෙවෙ මගෙ ට්‍රැක පනින්නෙ බේසිකයො දෙන්නා"

මගෙ දෙපැත්තෙ හිටිය විහඟටයි අරූශ්ටයි රවන ගමන් මම කිව්වා.

"අඩෝ හයත් වෙලා අපි යමුද"

එකපාරටම වෙලාව බැලුව අරූස් එහෙම නැත්නම් විහඟයාගෙ බුරූස් කිව්වා.

"ඈ යකො හය උනාම ගෙදර දුවන්නෙ උබ කෙල්ලෙක් ඈ"

"විහඟයා හරකෙක් දිහා බලනවා වගෙ බුරූස් දිහා බලලා කිව්ව.

"නෑ බං අද හතට මල්ලි එනවා කිව්වා අපෙ ගෙදර මැත්ස් පේපර්ස් වගයක් කරන්න ඒකයි"

"ඌව්ව්ව්ව් බලහන්කො මුගෙ පැනි පාට"

මම අරූශ්ට හිනාවෙන ගමන් කිව්වා"

"ඔව් ඔව් මතක තියාගනින් යෙනූ හෙට මූ උගැන්නුව මැත්ස් වල මාර්ක් එහෙම බෙල්ල දිහා තියනවද බලන්න"

"හා හා දැන් කටවහගන වරෙන් යමු'

කුලප්පු වෙච්ච කුලු මීමා වගේ අරූශ් අපි දෙන්නවත් ඇදගන එලියට ආවා.

සොරී චුට්ටක් පරක්කු උනාට🤭

ඊලග කොටසින් හම්බෙමු එහෙනම් ඈ💗

ආදරෙයි මගෙ චොකෝ බිස්කට් ටිකට😘🍪

Share This Chapter