Back
/ 36
Chapter 21

21 කොටස

🖤My Peony🖤

"තමුසෙට කන්න මොනාහරි ඕනෙද"

එයා කාර් එක චුට්ටක් ස්ලෝ කරලා මං දිහා බලන්නෙ නැතුවම ඇහුවා.

"එපා"

මාත් හෙන ගැම්මෙන් එහෙම කියලා ආපහු ජනේලෙන් අහක බලාගත්තා.ඊටපස්සෙ එයා මෙච්චර වෙලා ආවටත් වඩා වේගෙන් ආපහු ඩ්‍රයිව් කරන්න ගත්තා.දැන් නම් මට නිදිමතයිත් වගේ ඒ නිසා මම සීට් එක උඩ තිබ්බ මගෙ බඩු දාලා තිබ්බ බෑග් එකෙන් ඔලුව තියාගත්තා.

"ඒ බහිනවා"

"ම්ම්ම්ම්ම්හ් මට අමාරුයි අනේ තව ටිකෙන් ඈ"

"යෙනෝන් අපි ගෙදර ආවා බැහැලා ගිහිම් වොශ් දාලා ඇදෙන් නිදාගන්නවා"

එතකොට තමා මම හරි සිහියට ආවේ.

"ආ- ආ... අයියෙ ඕනෙ නෑ මම මෙතන ඉන්නම් කාර් එක ඇතුල රස්නෙයිනෙ"

"තමුසෙව මෙතන දාලා මට යන්න බෑනෙ ඕයි"

"න්-නෑ අව්ලක් නෑ ඔයා යන්න,මම මෙතන ඉන්නම් පුලුවන් නම් ඔයා මට උනුවතුර ටිකක් ගෙනත් දෙන්නකො"

"යෙනෝන් මෙහෙ එනවා යන්න"

"ඕනෙ නෑ අයියේ,මම ඇතුලට ආවම ඔයාගෙ ප්‍රයිවසි එකටත් බාදාවක්නෙ.මට අව්ලක් නෑ මෙතන පට්ට"

"මොන හුත්තක්ද තොට වෙලා තියෙන්නෙ ආ..හ් සිංහලෙන් ගෙට වරෙන් කිව්වම උබට තේරෙන්නෙ නැද්ද.යකෝ අරූටත් යන්න කියලා මම උබව මෙහෙ එක්කම් ආවෙ මේක අස්සෙ දාලා යන්න නෙවේනෙ.මගෙ යකා අව්ස්සන්න එපා යෙනෝන්"

සන්තානම් මෑනියනේ ඒකට නම් මම එකසිය ගානට බය උනා උණත් බැස්සද කොහෙද.හේ හේ ඕක හෙමින් කිව්වා නම් මම යනවානෙ ඔච්චර කෑ ගහන්න දේකුත් නෑනෙ.හුම්.ඒ පාර මෙන්න ආය ඇඩීගන එන්නෙ මට මංගල්ලයක්ද මේ.උගුරත් එක්ක මොකක්ද වෙලා ඇඩෙන්න තව සුට්ටයි තියෙන්නෙ.

"හ-හරි යමු"

එරෝන් අයියා මගෙ අතින් අල්ලගන ගේ ඇතුලට එක්කම් ගිහිම් සෝෆා එකෙ වාඩි කෙරෙව්වා.

"ඔහොම හිටපන් මම උනුවතුර එකක් අරන් එන්නම්"

"ම්ම් හ-හරි අයි-යෙ"

එයා ගියා විතරයි මම ආය අඩන්න ගත්තා.දැන් උබලා හිතයි මම අඩන බබෙක් කියලා නෑ ඕයි මම එහෙම නෑ ඒ උනාට මේකා හිත රිද්දවනවානෙ ඉචිම් ඇඩෙනවා.ඒක මගෙ වැරැද්දක් නෙවේ.අඩ අඩම ආපහු ෆෝන් එක අරන් මම ආපහු ඒ status එක බැලුවා.

ඔලුවත් පුපුරන්න වගෙ රිදෙනවා.මට මේ කෙල්ල එක්ක පට්ට ඊරිසියායි.මම ආදරෙ කරන කෙනා එයාගෙ කරගන්න එයාට පුලුවන් උනානෙ.ඒ උනාට ඇයි එයාට මාව තෝරගන්න බැරි උනේ.මොකක්ද මගෙ වැරැද්ද.මම කොල්ලෙක් නිසාද,මට පුලුවන් නම් පලවෙනි වතාවට කොල්ලෙක්ට ආදරෙ කරන්න ඇයි එයාට බැරි.එයාගෙ ඇස් වලින් මම එයාව කියවන්න හදනවා වගෙ ඇයි මොකුත්ම හංගන්න දන්නෙ නැති මගෙ ඇස් වලින් එයා ආදරෙ දැක්කෙ නැත්තේ.එක්කො එයා දකින්න ඇති ඒත් එයාට ඒක ඕනෙ නැතුව ඇති.

"මොකද ඔය ආය අඩන්නෙ, මේ වතුර එක බොනවකො"

"මට ඕනෙ නෑ,මට වතුරත් එපා මට මොකුත් එපා, මම යනවා දැන් ආපහු,තෙමිලා මැරුනත් කමක් නෑ.එතකොට ඔක්කොටම සතුටුයිනෙ.මමනෙ මෙතන ඉන්න විශාල කරදරේ, මැරිලා ගියාම ඒකත් ඉවරයිනෙ නේ. නේද එරෝන් කියන්න.එතකොට ඔයාට ඔයාගෙ අර කව්ද මන්දා කෙල්ල එක්ක පාඩුවෙ ඉන්න පුලුවන්නෙ මම සැරින් සැරේ එක එක විදියට ඔයාට කරදර කරන්නෙ නෑනෙ"

"මොනාද යෙනෝන් මේ කියන්නෙ"

"නෑ මොකුත් නෑ මම කිව්ව මොකුත් හිතන්න එපා මට යන්න ඕනෙ එච්චරයි"

එහෙම කියලා මම යන්න නැගිට්ටා.

"යෙනෝන් මොකක්ද උනේ කියපං"

"මම කියන්නම ඕනෙද ආහ්,ඔයාට තේරෙන්නෙ නැද්ද,මගෙ ඇස් වලින්වත් මෙච්චර කාලෙකට තමුසෙ මොකුත් දැක්කෙ නැද්ද.මම යනවා අයියේ ඔයාට වද දෙන්න ඕනෙ නෑ මට"

මට තේරෙන්නෙ නෑ ඒ වෙලාවෙ මට මොන යකා වැහුනද කියලා ඒ උනාට මම එයාට හොදටම ඒවා මෙව්වා කිව්වා.මම හිතන්නෙ මම ඒ කියෙව්වෙ තරහට නෙවෙ දුකටයි එයා නැති වෙයි කියලා බයටයි.

"මෙතනින් වාඩිවෙයන් යෙනෝන් .මම අහන දේට උත්තර දීපන්, ඊටපස්සෙ ඕන මගුලක යමන්"

"තව මොනාටද මම උත්තර දෙන්න ඕනෙ ආහ්"

"උබට මොකද වෙලා තියෙන්නෙ.ඔච්චරටම මම මොනාද උබට කරේ"

"මට මොකුත් වෙලා නෑ, පිස්සු හැදිලා ඉන්නේ.ඔව් මට පිස්සු, තමුසෙට ආදරෙ කරන්න ගත්ත දවසෙ ඉදන් මට පිස්සු අයියේ"

"මො-මොකක්ද"

"ඇයි ඇහුනෙ නැද්ද එරෝන්, මම උබට ආදරෙයි.මට තේරෙන්නෙ නෑ රෙද්ද මේක මම හිතලා කරන්න ගත්ත මගුලක් නෙවෙ.ඒ උනාට මම ආදරෙයි.තමුසෙ-තමුසෙට කලින් කියන්න තිබ්බා අයියේ ලව් එකක් තියනවා කියලා.එහෙනම් මම මෙහෙම ආදරෙ කරන්න ගන්නෙ නෑ."

මම අඩ අඩාම එයාට කියෙව්වා. ඇත්තටම එයා කලින් කිව්වා නම් සමහරවිට මම මේ ආදරෙ කොහොම හරි හිතෙන වෙලාවදිම නැති කරලා දාගනියි.

ඒ පාර එයා ෆෝන් එක අරන් මොකක්ද කරන්න ගත්තා.යකෝ මම මෙච්චර මගුලක් කියද්දිත් මේ මනුස්සයා මොකක්ද මේ කරන්නෙ.

"අහ් මේක බලහංකො"

එයා මගෙ දිහාවට එයාගෙ ෆෝන් එක දික්කරා.ඒකෙ තිබ්බේ Sis🖤 කියලා සේව් කරලා තිබ්බ නම්බර් එකක්.

"අහ් දැන් ඕකෙ dp එක බලහන්කො"

දෙවියනේ මේ අර කෙල්ල නේද.

"එ- ඒ කියන්නෙ ඒ ඔයාගෙ අක්කා හරි නංගි හරිද"

"අක්කා"

"ඉතිං එහෙනම් ගර්ල්පෙන්ද ඇහුවම ඔව් කිව්වෙ"

"ඇයි උබට විතරද විහිලු කරන්න පුලුවන්. මාත් විහිලුවක් කරේ. උබ ඔච්චර පිස්සුවක් නටයි කියලා හිතුවෙ නෑ"

"එ-ඒ උනාට තමුසෙ කොහොමත් මට කැමති නෑනෙ නේද අයියේ"

"ඔව් මම උබට කැමති නෑ"

"ආදරෙත් නෑනෙ,යාලුවෙක් විදියටවත්"

මම එහෙම කියනවත් එක්කම එයා සෝෆා එකෙ මම ඉදන් හිටිය තැනට ආවා.දැන් එයා ඉන්නෙ මට ගොඩක් ලග. අපි දෙන්නා අතර ස්පේස් එකක් තිබ්බෙම නැති තරම්.ඊටපස්සෙ එයා මගෙ මූනෙන් අල්ලලා මගෙ ඇස් දෙක දිහා බලාගන හිටියා.හරි හෙමීට ඇගිලි වලින් මගෙ කම්මුල් අතගෑවා.

"හ්ම්ම්ම්ම් මම තමුසෙට ආදරෙ නෑ, චුට්ටක්වත් ආදරෙ  නෑ"

එයා ඒක කිව්වෙ හරි හෙමින්. නිකම් වෙනකාටවත් ඇහෙනවට අකමැති රහසක් කියනවා වගේ.ඒ විදියට එයාගෙ ගැබුරු කඩහඩින් කතා කරද්දි මගෙ ඇගම හිරිවැටිලා ගියා.ඊටපස්සෙ එයා මගෙ කම්මුලකට කිස් එකක් දුන්නා.ඒකත් හරි හෙමීට.නිකම් කම්මුලට රිදෙයි කියලා බයට වගේ. රස්නෙ හුස්ම මගෙ කම්මුලේ වැදෙන්න ගත්තාම නම් මාව රතු වේගන එනවා වගේ. බඩෙ අර සමනල්ලු පියාබනවා වගේ මෙව්වා එකත් දැනෙන්න ගත්තා.

"ආදරෙ නැත්නම් කිස් කරන්නෙ මොකද"

ටික වෙලාවක් එයා දිහා බලන් ඉදලා.එහෙම කියන ගමන් මම එයාගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා.

"කිස් කරන්නෙ ඉතිං ආදරෙ නැති නිසා"

එයා මගෙ කම්මුලක් මිරිකන ගමන් කිව්වා.

"එහෙනම් විහඟවත් කිස් කරන්නකො"

"අහ් විහඟව කිස් කරන්නෙ නෑ..මම ඌට ආදරෙයිනෙ.උබට විතරයි ආදරෙ නැත්තෙ"

"අනේ මම තරහ--හ...හ..හච්චිං"

"බලනවකො බොරුවට තෙමිලා දැන් හෙම්බිරිස්සාවනෙ තමුසෙට"

"ඔයා නිසානෙ ඉතිං තෙමුනෙ"

"ඇයි උබ හිතුවද උබ තෙමුනම,මට ලව් එකක් තිබ්බා නම් ඒක බ්‍රේකප් වෙයි කියලා"

"හරි ඉතිං මම වහියි කියලා හිතුවෙ නෑ.මට අඩන්න ඕනෙ උනෙ"

"මේ ඔය හොටු පෙර පෙර අඩන එක නවත්තනවා ඈ හැමඑකටම පොඩි එකා වගෙ අඩන්න ලෑස්ති වෙන්න එපා"

"අයියේ"

"ම්ම්ම්"

"මම හිතුවෙ මම ආදරෙයි කිව්වම ඔයා මට බනියි කියලා"

"මම ඕක දන්නවා බං කලින් ඉදන්ම"

"ඇ- ඈ මොකක් කිව්වා"

මාව ඉදන් හිටිය තැනිනුත් නැගිට්ටඋනා.ඊටපස්සෙ මම හිටගෙන සෝෆා එකේ ඉදන් හිටිය එයාගෙ මුනට එබුනා.

"ඔව් යකෝ එදා මම මෙහෙ ඉදන් බෝඩිමට ගෙනත් දැම්ම දවසෙ රෑ.උබ මැසෙජ් එකක්වත් දැම්මෙ නැති නිසා අරූගෙන් ඇහුවා කෝ කියලා ඊටපස්සෙ තමා විස්තරේම මට කිව්වෙ."

විහඟ බේසිකයා.හරීම සෝක් රහස රැකලා තියන විදිය.ඒ කියන්නෙ මම මේ මනුස්සයට ආදරෙයි කියලා හරියට කන්ෆොම් කරගත්ත දවසෙ ඉදන්ම මේ යකාත් ඒක දැනගන ඉදලා තියෙන්නෙ.මොන නවනිංගිරාවක්ද දෙවියනේ මේ උනේ.විහඟ මම තෝව කනවා යකෝ.

"එ-එහෙමද"

"ඉතිං ඇයි ඔය තාම අඩනවනෙ තමුසෙ"

"අඩලා ඉවරයි අඤේ ඒ කදුලු සුට්ටක් ඉතුරු වෙලා තිබ්බා ඒ ටිකනෙ."

"උබෙත් මල කෝලම් තියෙන්නෙ"

එහෙම කියන ගමන් එයා මාව එයාගෙ ඔඩොක්කුවට ඇදලා ගත්තා.එයා ලග මට ඕනෙ තරම් ඉඩ තිබ්බා.එයාගෙ ලග ඉද්දි මට මාව හරි පුංචියට දැනුනා.මට කවදාවත් ඕන විදියට තාත්තාගෙ ආදරෙ හම්බුනේ නෑ.ඉතිං මට පුංචි කාල විදින්න බැරි උන ආදරෙ එරෝන් අයියා ලගඳි හරි රස්නෙට හම්බෙනවා මට.ඒ නිසාමද කොහෙදෝ එයා ඉස්සරහදි මම හරිම හුරතල් පොඩි දේටත් අඩන පොඩි එකෙක් වගෙ වෙන්නෙ.

මම එයාගෙ මූන දිහා බැලුවා එයා එතකොටත් මගෙ මූන දිහා බලාගන හිටියෙ.මේ නපුරු පාට ඇස් අස්සෙ මෙච්චර  ලොකු ආදරයක් තියනවා කියලා මිනිස්සු දන්නවා නම්,අනිවාරෙන් මගෙන් එයාව උදුරගන අරන් යයි.ඉතිං එයාගෙ ආතරනීය බව කාරුත් ඕනවට වඩා දැනගන්න ඕනෙ ඤෑ හුම්.ඒක නෙවේ මෙයාගෙ මූන ඇයි අප්පා මෙච්චර පැහැදිලි.ලප කැලැල් ඇත්තෙම ඤෑ.පෙයාර් ඇන්ඩ් ලව්ලි ගානවත් දන්නෑ.මට නෙවෙ මෙයාට තමා බොටමා වෙන්න තිබ්බෙ.සුදුම සුදුපාටයි,ලප කැලැල් නැති පැහැදිලි සමයි.

හෝව්ව් හෝව්ව් මිස්ටර් යෙනෝන් එතකොට මම දැන් බොටම්ද.අරූ කිව්වා වගේ ෆකින් බේබි බෝයි කෙනෙක්ද.අඤේ දෙවියනේ.......මට නිකමට එයාගෙ ඇගිලි දිහා බැලුනා.ඉව්ව්ව්ව් වනචර යෙනෝන් තෝ මොනාද මේ එරෝන් අයියගෙ ඔඩොක්කුවෙ ඉදන්ම හිතන්නෙ.බූරුවෙක් වෙන්න හදන්න එපා.තාම මේ ආදරෙ කිව්වා විතරයි.අඩෙ මේ මනුස්සයා මට ආදරෙයි කිව්වෙ නෑනෙ.තව්සෙව පේන්න  බෑ මම තමුසෙට ආදරෙ නෑ කියලානෙ කිව්වෙ.

"අයියේ"

"ම්ම්ම්ම්ම්"

"තව්සෙ මට ආදරෙයි කිව්වෙ නැනෙ"

"මම තමුසෙට ආදරෙ නෑ ඉතිං,එතකොට කොහොමද කියහංකො ආදරෙයි කියන්නෙ."

"ඉචිම් අනේ.මේ ඔඩොක්කුවෙත් ඉන්නෙ මම"

එහෙම කියන ගමන් මම එයාගෙ බෙල්ල අස්සෙන් මූන තියාගත්තා.අම්මෝ මේ මනුස්සයා ලග සුවඳ.මම හොද හුස්මක් අරන් පහලට දැම්මා.

"ආදරේ නැති නිසා තමා මෙහෙම තියන් ඉන්නෙ"

එයා මගෙ ඔලුව අතගාන ගමන් කිව්වා.

"තරහයි අඤේ මම"

"මේ කටවහන් වරෙන් යන්න වොශ් එකක් දාලා කන්න"

එහෙම කියන ගමන් එයා නැගිටින්න හැදුවා.

"මට බෑ"

මම හිටිය විදියටම එයාගෙ බෙල්ල අස්සෙ මූන හංගගන කිව්වා.

"අහ් බැරිද දැන් උබට"

"බෑ  බෑ බෑ බෑ බෑ බෑ බෑ ආ----යි අයියෙ කොන්ද"

අන්තිම බෑ එක කියද්දිම එයා මාව උස්සලා සෝෆා එකට අතැරියා.දැන් නම් මට හිතෙනවා මේ මිනිහා මට ආදරෙ ඤෑ කියලා.ඇයි යකොව්.මේ ලෙඩා දුකාව එහෙමත් උස්සලා පොලවේ ගහනවද,මේවා මානවහිමිකම් යන්න පුලුවන් වැරදි ඇයි යකො.ආදරෙයි කියලා ලගට ගෙන්න ගන උස්සලා පොලවේ ගැහුවා කියලා මම ඇන්ට්‍රියක් දානවා ඇයි යකෝ.හැබැයි මේ යකා මට ආදරෙයි කිව්වෙත් නෑනෙ ටිරිසනා මම තරහයි ඇයි යකොව්.

"ගිහිං වොශ් දාගන වරෙන් මට රව රව ඉන්නෙ නැතුව"

"මටෝන්නම් මම යනවා,හිතුනොත් වොශ් දාලා මම මෙහෙනුත් යනවා"

"ඇයි වොශ් දාලා යන්නෙ දැන්මම යමන්කො"

සන්තානම් මෑනියනේ....පෙනේද මේකා කිව්ව තිරිසන් කතාව.අඩනකම් විතරයි හිටපම් කියලා හරි කිව්වෙ දැන් කෙලින්ම පලයන්ලු.ඉතිං සහෝදරවරුනි මම සැලෙනවද නෑ යකෝ මම සැලෙන්නෑ.

"මම යන්නෑ වගකීමෙන් කියන්නෙ මම යන්නෙම නෑ.මම කවදාහරි මැරිලත් මෙහෙම ඉන්නවා යන්නෙම නෑ.ඇයි ඔවා මාව යවන්නද ආහ්"

"කටවහලා වොශ් දාන් වරෙන්කො යවන්න"

"මම තව්සෙට බය නෑ අයියේ ඒක මතක තියාගන්නවා හරිද"

"හා හා"

මම ටවල් එකත් අරන් එයාගෙ වොශ් රූම් එකට ගියා.

"මේ මතකයිනෙ මම ඔයාට බය නෑ"

ඇතුලට ගිහිම් ආපහු බාතෲම් එකෙන් එලියට බෙල්ල දාලා මම කිව්වා. බැරිවෙලාවත් මේක ඇතුලට ගිහිම් එන ටිකට එයාට අමතක වෙලා තිබ්බොත් එහෙම.කෝකටත් මැසේජ් එකකුත් දාලා තියන්න ඕනෙ මම තමුසෙට බය නැ කියලා.

ඊලග කොටසින් හම්බෙමු💗💗

ආදරෙයි මගෙ චොකෝ බිස්කට් ටිකට🍪

🌼Daisy flower🌼

Share This Chapter