Back
/ 36
Chapter 22

22 කොටස

🖤My Peony🖤

"ඇයි ඕයි උන තියාගනත් ඔහොම මෝඩයෙක් වගෙ දගලන්නෙ,අර ඇදට ගිහිං නිදාගනිම්කො"

මම මේ වොශ් දාන්න යන්න කලින් උන සීන් එක හරියට ප්‍රොසෙස් කරගන්න බැරුව එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියෙ.ඒකට තමා මේ යස්සයා මේ දගලනවා කියන්නෙ.එතකොට මේ මනුස්සයා මට ඇත්තමට ආදරෙයිද.ඒ උනාට ආදරෙ නෑ කියලනෙ කිව්වෙ.හැබැයි ආදරෙ නෑ කියලා උම්මා එකකුත් දුන්නා.ඊටපස්සෙ ඔඩොක්කුවටත් ගත්තා.සමහරවිට මෙයාගෙ vocabulary එකේ ආදරෙ නෑ කියන්නෙ ආදරෙයි කියන එකට වෙන්න ඇති.අන්තිමට මම එහෙම හිතාගත්තා.ඇයි යකෝ මේ පස්න වලට උත්තර මේ පුම්චි එකාම තනියම හොයන්න එපැයි.මට උන කියලා මේ බ්ලැක් පැන්තර් එනවා ඈ ඕවා හොයලා දෙන්න.

"අඤේ මේ, මම දැගලුවෙ නෑ ජීවිතේ ගැන කල්පනා කරේ"

"අහ් එහෙමද?දැන් උබට ජීවිතේ ගැන කල්පනා උනාද"

"ඔව් ඇයි ගේමත"

"පොඩි සයිස් බූරුවෝ මරන්නෙ  නැති නිසා උබ එක්ක ගේමට එන්න විදියක් නෑ"

"මට පොඩි සයිස් බූරුවා කිව්වා..........ඒ අපහාසය දරුනු වැඩි ඈ.කොහෙද බලනවා මගෙ පොඩි"

"හ-හරි උබ ලොකුයි දැන් ගිහිං නිදාගනින්කො,මම කන්න මොනාහරි ඕඩර් කරන්නම්."

මම මගෙ කොහෙද පොඩි ඇහුවට පස්සෙ.එයාට මගෙ උඩ ඉදන් යටටම බැලුනා.පුම්චි පුතා සෝටක් විතරයික් ඇදන් හිටිය නිසා අයියා බබාට ලැජ්ජා හිතිලා වගේ.....අනේ අනේ හොරගෙඩියා.

"ඔඩොක්කුවට එන්නම්ද ආය"

"යෙනෝන් ඇදට ගිහිම් නිදාගන්නවා"

"ඔවා මට නින්ද ගියාම මොනාහරි කරන්න නේද හදන්නෙ"

"ඔව් උබව කෑලි කරලා,අවයව ජාවාරම්කාරයෙක්ට විකුනනවා"

"අහෝ..... මගෙ හදවත කපද්දි හෙමින් කපන්න අයියා.....හ් ඒක ඇතුලෙ පුම්චි පුම්චි ක්‍රශ් දෙක තුනකුයි ඔයායි ඉන්නවා.එයාලට රිදෙයි"

"🤣🤣🤣🤣 මොනාද බං කියන්නෙ"

"ටික් ටොක් එකෙන් හොයාගත්ත වදන් පෙලක් සුට්ටක් මොඩිෆයි කරා.එච්චරා..................යි"

මම එහෙම කියනවත් එක්කම එයා මගෙ ලගට ඇවිල්ලා නලලට අත තියලා බැලුවා.

"ඔයාට උන යෙනෝන්,ඇඟ හොදටම රස්නෙයි.කෝ ගිහිම් ඇදට වෙලා ඉන්නකො.තාම වහිනවනෙ ඒ නිසා සීතලත් වැඩියි."

"ඉචිම් මට නිදිමත නෑනෙ"

පට්ට ගේමක් දීලා බෙල්ල කඩාගන එයාගෙ ඇස් දෙක දිහා බලාගන මම කිව්වා.ඇයි යකො මාර උසක්නෙ තියෙන්නෙ මේකාගෙ.ඊටපස්සෙ ටික වෙලාවක් මං දිහා බලන් හිටිය එයා,

"මේ ඩිම්පල් එකට මම කැමතියි"

එයා එහෙම කියද්දි මම එයාගෙ ඇගිල්ලක් අරගන,මගෙ ඩිම්පල් එක උඩින් තිබ්බා.එයා හරි හෙමීට ඩිම්පල් එක තියන වම් පැත්තෙ කම්මුල අතගෑවා.එයාගෙ අත රස්නෙයි.ඉතිං සනීපෙටම වගේ මම ඇස් දෙකත් වහගත්තා.

"යෙනෝන්"

"ම්ම්ම්ම්"

වෙනදට ම්ම්ම් ම්ම්ම් කියන්නෙ එයා උනාට මේ වෙලාවෙ නම් ම්ම්ම් කිව්වෙ මම.මොකද මම ඒ වෙලාවෙ හිටියෙ වෙනම ලෝකෙක.හැමවෙලේම කියවන යෙනෝන්ව එයාගෙ ආදරෙ නිසා ගොලුවෙලා.ඒක ලොකු සැනසීමක් එක්ක එන ලස්සන ෆීලිං එකක්.ඉතිං මම ඇස් දෙක වහගනම ඒක  උපරිම විඳින්න ට්‍රයි කරා.මම හිතන්නෙ මම දන්නෙත් නැතුව ටික ටික එයාගෙ ලගට  ගිහිං.මට ඒක තේරුනේ මගෙ කකුල එයාගෙ කකුලෙ වදිද්දි.ඊටපස්සෙ එහෙමම මම  ඉන දෙපැත්තෙන් අත් දෙක දාලා එයාව බදාගත්තා.දැන් නම් ඉතිං මීට වඩා සැනසීමක් නෑ මට.

" හිටගනම නිදිද ආහ්"

"ම්ම්ම්හ්ම්ම්ම්ම් නිදි ඤෑ අනේ,මොකක්ද කියන්න ගියේ"

"උබ දන්නවද දෙයක්"

"මොකක්ද"

"මෙහෙම මූනෙ වලවල්  හැදෙන්නෙ ගියාත්මෙ අනුන්ට වල කැපුව අයගෙලු"

කෑ.....වා කාලාම දැම්මා මගෙ හීන ලෝකෙ.මදැයි ආසම මනුස්සයා ලගට වෙලා ජීවිතේ විදින්න හිතුවා.affair එකක් වගෙ එකක් පටන් ගත්ත දවසෙම ඔහොම ඕනෙ නැති කතා කියනවද මං අහන්නෙ.සැක් මම හිතුවෙ ඩිම්පල් තියන අය වාසනාවන්තයි වගේ දෙයක් යනවා කියලා.විනාසයි ඉතිං මගෙ හීන ලෝකෙම ලෙප්ට්නෙ.මුල ඉදන්ම මේ මනුස්සයාට රොමෑන්ස් උගන්නන්න වෙනවා.නැත්නම් හරියන්නෙ නෑ.

"හා😒"

එහෙම කියන ගමන් මම එයාටත් රවාගන සාලෙ ඉදන් එයාගෙ රූම් එකට එන්න ආවා.

"🤣🤣🤣🤣🤣🤣🤣"

මාව විහිලුවට අරන් තව්සෙ සතුටින් හිටාම්කො අයියෙ.නෑ මම සතුටින් ඉඤ්ඤ දෙන්නෙ නෑ.කනවා යකෝ මම.තමුසෙව මාශ්මෙලෝ එකක් කරලා හපලා හපලා කාලා දානවා මම.එතකොට බලමුකො.

යටි හිතෙන් හොදටම එයාට බනින ගමන් මම ඇදට ආවා.ඇදට ඇවිල්ලත් මම මේ එයාට විරුද්දව සටන් ව්‍යාපාරයක් පටන් ගන්න ප්ලෑන් එකක් හදනවා.අන්තිමට මට මතකයි මම රන්කෙවිට අරන් එයාව මාශ්මෙලෝ එකක් කරන තැනට වෙනකම් ප්ලෑන් කරා.ඊටපස්සෙ නින්ද ගියා මම හිතන්නෙ.

"යෙනෝන් ඇහැරෙන්නකො අපි කාලා ඉමු"

"ම්හ්හ්හ් සීතල-යිනෙ"

"ඇහැරෙන්නකො කාලා බෙහෙත් බීලා ආය නිදාගන්න පුලුවන්නෙ"

"ඇඟ රිදෙනවනෙ අයියේ"

"කෝ හොද ලමයා වගේ නැගිටින්නකො මේක කන්න, ඊටපස්සෙ බෙහෙත් බොමු"

එරෝන් අයියා කෑම කන්න මාව ඇහැරුවාට පස්සෙ නම් මට පට්ට අමාරුවක් තිබ්බේ.සීතලයි,ඇග රිදෙනවයි ඔක්කොම.ඒ අස්සෙත් නහයත් හිරවෙලා වගෙ හුස්ම ගන්න බෑ.

"අනේ මට කන්න බෑ"

"එහෙම බෑ යෙනෝන් ඔයා කන්න ඕනෙ නැතුව බෙහෙත් බිව්වත් වැඩක් නෑ"

"ම්ම්ම්ම්"

"චිකන් ඩෙවල් එකක් වෙනම ඕඩර් කරා තමුසෙ ආස නිසා"

"හරි අලේ කල්ලම්"

"කල්ලම් නෙවෙ කාපං"

"මම එහෙමම ඉදගන කෑම එක ගන්න යද්දිම එයා ඉදන් හිටිය තැනින් නැගිටලා ගියා.ඊටපස්සෙ අතත් හෝදගන කෝප්පෙකට වතුරත් අරගන ආය ආවා.

"පන්ඩිත නොවී හිටහං යෙනෝන් උබට තනියම කන්න බෑනෙ"

එහෙම කියලා එයා වතුර වීදුරුව මගෙ අතට දීලා කෑම එක අතට  ගත්තා.

"බඩපිරෙන්න කාපන් ඈ විහඟ කිව්වා දවල්ට කෑවෙත් නෑ කියල"

මූ යකෝ මගෙ ඔත්තු බලන්න පත්කෙරුව එකෙක් වගේනේ.හැම මගුලම අයියා එක්ක කියලා.හරී........ම සෝක් මගෙ විස්වාසනීය මිතුරා.

කෑම එක කවලා ඉවර වෙලා නින්ද යනකම් බලන්න කියලා එයා මට කාටුමක් දාලා දුන්නා.ඒක බලන්න තරම්වත් මෙව්වා එකක් නෑ අප්පා හරිම අමාරුයි මට.අනික ඔය කාටුන් එකේ ඔය එපිසෝඩ් එක මම බලලා තියනවා.

"වෙන එකක් දාල්ලකො අප්පා මේක බලලා තීනවානෙ"

"නිදිමත නැද්ද"

"නෑනෙ අපි ෆිල්ම් එකක්වත් බලමුකොව්.ඔයාත් එන්න.මම ආස නෑ තනියම ෆිල්ම් බලන්න"

"අහ් චුට්ටක් ඉන්නවා එහෙනම් මේ assignment එක submit කරලා එන්නම් ඉක්මනට."

යකෝ මේ ඔක්කොම අස්සෙ මේ මනුස්සයා assignment එකකුත් submit කරනවද.දේවාරූඩයෙන්ද දඤ්ඤෑ මෙච්චර ඉක්මනට වැඩ කරන්නෙ.ම්ම්ම්ම්...cuddah මීටරයක් වගේ.කාටද ඉචිම් ආඩම්බර හුම්.මම ඇඳේ හෙඩ් බෝඩ් එකට ඔලුව තියාගන එයා දිහා බලන් හිටියා.

"යෙනොන්"

"ඕඕඕ"

"ඔය ඔතන ටේබල් ලෑම්ප් එක එක ලඟ තියන ෆ්ලාස්ක් එකේ උනුවතුර තියෙන්නෙ,ඕන උනාම බොන්න."

"මම උනුවතුර වලට ආස ලෑ"

"ආස ලෑ උනාට කමක් නෑ,කියන දේ කරනවා"

"අනේ මේ මම ලෑ කියලා නෙවෙ කිව්වෙ ලෑ කියලා"

"🤣🤣🤣🤣🤣"

"මොකද"

"ඔව් ඉතිං මට ඇහෙන්නෙ උබ ලෑ කියනවා වගෙ තමා"

"ලෙඩෙක්ට ඔහොම අපාස කරල්ල එන්න එපා හරිද"

"හා හා🤣🤣"

මම එයා දිහා බලන් ඉන්න එක නවත්තලා බිත්තියේ පෙම් කෙලින හූනු කපල් එකක් දිහා බලන් හිටියා.අනේ හරී.....ම රොමෑන්ටික් උන් දෙන්නා.මේ යස්ස කිබුලාගෙ අපහාසයට ලක් වෙවී ඉන්නවට වඩා හොදයි අහිම්සක හූනු යුවලකගෙ පෙම් කතාවට සාක්ෂි කාරයෙක් වෙන එක.

"මොකක්ද දැන් බලන්න ඕන ෆිල්ම් එක"

"රොමෑන්ටික් එකක් ඈ"

"මම ආස නෑ"

"අනේ මේ බෙලිකපාගන්න ඒවා උන හැදිලා ඉද්දි බලන්න බෑ.එච්චරා...........යි"

"ම්ම්ම්ම් එහෙනම් වරෙන් අර අලුත් bl එකේ අද එපිසෝඩ් එක බලලා නිදාගමු"

"ම්ම්ම්ම්ම්ම් මෙච්චර වෙලාත් මම නිදාගත්තානෙ"

"ඒ උබනෙ,මට නිදිමතයි."

ඊටපස්සෙ අපි දෙන්නා එයා බලන මොකක්ද මන්දා අලුත් bl එකක අලුත් එපිසෝඩ් එක බැලුවා.මම ඒක බලලා නෑ ඉතිං මේක තමා මේ ඉස්සෙල්ලාම බලන්නෙ.මේ bl වල ටොප්ලා කොච්චර රොමෑන්ටික්ද බලඤ්ඤ.මේ යකාට තමා ඕවා බැරි. ඉස්සෙල්ලම අයි ලව් යූ කිව්වෙත් නෑනෙ හුම්.අහ් නෑ ඉස්සෙල්ලාම නෙවේ තාම ආදරෙයි කිව්වෙත් නෑනෙ.

මම ඉතිං එයාගෙ ෆෝන් එකට හොම්බ දාගන එයා බලන ඩ්‍රාමා එක දිහා බලන් හිටියා.බලලා නැති උනාට කමක් නෑ ඔන්න ඔහෙ කියලා හිතගදාගන.ඒ අස්සෙ ආයෙත් වැස්ස වැඩි උනා.ඩ්‍රාමා එකේ උන් දෙන්නත් හොද අඩව්වක් අල්ලන්න වගේ යන්නේ.මේ හැමදෙයින්ම අන්තිමට වෙන්නෙ මගෙ පුංචි මනස මෙව්වා වෙන එක විතරයි.අප්පා.ඒ කතාවෙ ටොප් පට්ට හැන්ඩ්සම්.එයාගෙ ලිප්ස් වල අමුතු ලස්සනක් තිබ්බා.

මට එහෙමම නිකමට වගෙ අයියාගෙ ලිප්ස් දිහා බැලුනා.වගකීමෙන් කියන්නෙ මිත්‍රවරුනි හිතාමතා නෙවේ බැලුවේ.බැලුවා නෙවෙ මට හොරැහින් බැලුනා ඉබේටම.එච්චරා......යි.

එයාගෙ ලිප්ස් මගෙ ඒවට වඩා චුට්ටක් රෝස පාටයි.ඩ්‍රාමා එකේ සිහියෙන් ඉන්න නිසාද කොහෙද ඉබේම  pout එකක් හැදිලා තිබ්බා.ඒ නිසා ලිප්ස් ටිකක් පිම්බිලා වගේ පෙනුනා.

ආ............හ් කොහොමද මේවා බලන්න දෙවියනේ.එයා ඒ විදියට ඉද්දි මට කඤ්ඤ හිතෙනවා යකෝව්ව්ව්ව්ව්ව්ව්....කන්ට්‍රෝල් යුවර්සෙල්ෆ් යෙනෝන් ප්ලීස්.මම මටම දහපාරක් විතර කියාගත්තා.ඒ උනාට මේ මගුල් හිත ඒක අහන්නෙ නෑනෙ.

ආ....ආ...මොනා වෙනකම්ද ඔය දරුවො බලන් ඉන්නෙ😁

ඊලග කොටසින් හම්බෙමු ඈ💗

ආදරෙයි මගෙ චොකො බිස්කට් ටිකට🍪

🌼Daisy flower🌼

Share This Chapter