Back
/ 36
Chapter 23

23 කොටස

🖤My Peony🖤

ඉතිං කරන්න දෙයක් නැතිම තැන මම මගෙ ඔඩොක්කුවේ තිබ්බ කොට්ටේ හපා ගත්තා.ආ.....හ් මේ මනුස්සයා හැන්ඩ්සම් වැඩියි දෙවියනේ.

"මොකද බං ඔය මූනත් රතු කරගන කොට්ටෙ කන්නෙ, උන විකාරෙද?"

"න්-නෑ අනේ මට නි-නිදිමතයි.ගුන්නයිට් ඈ"

මම එහෙම කියලා අනිත් පැත්ත හැරිලා බෙඩ්ශීට් එකෙන් ඔලුවට යනකම්ම වහගත්තා.

"අනේ මන්දා බං උබේ ට්‍රැක හොදටම පැනලද කොහෙද"

"පුම්චි පුතා නිදි එච්චරයි ගුන බුස"

"හා හා ලොකු උදව්වක්"

නිදිමතක් නැතත් මම බොරුවට ඇස්දෙක පියාගන ගොඩක් වෙලා හිටියා.එයා ඩ්‍රාමා එකත් බලලා ඉවර වෙලාද කොහෙද ඇදෙන් නැගිටිනවා වගේ තේරුනා.ඊටපස්සෙ ආය ටිකකින් කාමරේට ඇවිත් ලයිට්ස් ඔක්කොම ඕෆ් කරලා එයා ආපහු ඇදට ආවා මට දැනුනා.ඊටපස්සෙ ටික වෙලාවක් යනකම් සද්දයක් තිබ්බෙ නෑ.පස්සෙ මට තේරුනා මම ඔලුවෙ ඉදන් පොරවගන ඉන්න බෙඩ් ශීට් එක ටික ටික පහලට වෙනවා.මම ඉතිං හොම්රගෙඩියා වගෙ ඇස් පියාගනම හිටියා.

ඊටපස්සෙ එයා මගෙ නලලට අත තියලා බලලා.නලලට වැටිලා තිබ්බ කොන්ඩ ටික උඩට කරලා කිස් එකක් දුන්නා.ඒකෙන් මට ආවෙ හරි ප්‍රොටෙක්ටිව් හැඟීමක්.මීට කලින් මගෙ නලල කිස් කරලා තියෙන්නෙ අම්මායි අම්මාම්මායි විතරයි.කොහොමත් මම අහලා තියනවා නලලට කිස් කරන එකෙන් මීන් කරන්නෙ caring කියලා.ඒක දැන හෝ නොදැන එයා ඒ දුන්න කිස් එකට මම හරි ආස උනා.මොකද මම හරි ආසයි මං වෙනුවෙන් කව්රුහරි ඉන්නවා කියලා දැනෙන ෆීලිං එකට.මොකද මම ගොඩක් අය වෙනුවෙන් හිටියට මං වෙනුවෙන් හිටියෙ හරිම ටික දෙනයි.

ඊටපස්සෙ එයා මගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා.දැන් ඉචිම් මගෙ පුම්චි හිත මිස්ටර් සීරියල් කිලර් ගැන ආදරෙන් පිරිලා තියෙඤ්ඤෙ.ඉතිම් මට දැන් එයාව හග් කරන්න ඕනේඒ.....මම නින්දෙන්ම වගෙ එයාගෙ පැත්තට හැරුනා.හැරිලා එයාගෙ ඇඟ උඩින් අතක් දාගත්තා.එයාට ඒකට ලාවට හිනා යනවා මම අහගන.ඊටපස්සෙ මට ඇත්තමට නින්ද යනකම්ම එයා මගෙ ඔලුව අතගෑවා මම හිතන්නේ.

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

"ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්"

ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්දෙට මාව ඇහැරුනා.උදෙ අටයි වෙලාව.විහඟයා හෙන මැසේජ් ගොඩක් දාලා.ඒකයි මේ මගුල මෙච්චර වයිබ්‍රේට් වෙලා තියෙන්නෙ.උදේ පාන්දර ඇහැරීගන මූත් මොන මගුලක් කරනවදෝ මන්දා.අනික ඌ දාලා තිබ්බ එක මැසේජ් එකක්වත් මෙලෝ වැඩකට ඇති එව්වා නෙවේ.

සෙනෙහතා💗

"අඩෝ යෙනෝ.....න්

බේසිකයෝ තෝ මලේ නෑ නේදෝ?

මම එරෝන් අයියාගෙන් ඇහුවා මලවදේ තාම මරාගන්න බැරි උනා කියලා කිව්වා ඊයෙ රෑ.

මේ උබෙන් වැදගත් දෙයක් අහන්නද

puca සුදුද?"

යා......හ් මේ වල් වනචර පිසාචයාගෙන් මාර වදයක් තියෙන්නෙ සැක්.

"හිටාම්කො රෑ වෙලා ෆොටෝ එකක් එවන්නම් එතකොට උබම සුදුද බලහංකො"

ඌට එහෙම රිප්ලයි එකක් දාලා ෆෝන් එක පැත්තකින් තියලා මම ආය නිදාගන්න හැදුවා.ඒත් මට දැනෙනව මගෙ කකුල ඇගට සාපේක්ෂව උඩ තැනක තියෙන්නෙ කියලා.ඒ මදිවට නිදාගද්දි තිබ්බ වීව් එක නෙවෙනේ දැන් තියෙන්නෙ.ඈ.........හ් මොකක්ද යකෝව් මේ වෙලා තියෙඤ්ඤෙ.මම හෙමීට ඔලුව එහෙට මෙහෙට කරලා වටපිට බැලුවා.අම්මටහුඩු අර තියෙන්නෙ මම ඔලුව තියාගන නිදාගත්ත කොට්ටෙ.එතකොට මොකද මිස්ටර් එරෝන් මම නිදාගන ඉන්න පැත්තට නැතුව වෙනම පැත්තකට නිදාගන ඉඤ්ඤෙ.

ඊටපස්සෙ ටික වෙලාවකින් මගේ පුම්චි මොලේට පොසෙස් උනා මම නිදාගන ඉන්නෙ ඇඳේ හරහට කියලා.ඒ කියන්නෙ  මම තප්පර කට්ට වගේ ඇඳ පුරා හොද වටයක් ගිහිම්.ඒ මදිවට කකුල් දෙකම තිබ්බෙ එරෝන් අයියගෙ පපුව උඩ.තව එයාගෙ අතක් මගෙ කකුලක් උඩ තිබ්බා.අඩේ පව් යකෝ දාමගාතයෙක් උනත් ඉතිං මගේනෙ.

මම හෙමීට එයාගෙ පපුව උඩින් මගෙ කකුල් දෙක අරගත්තා.ඊටපස්සෙ ඇදෙන් නැගිටලා ගිහිම් වොශ් එකක් දාගත්තා.දැන් නම් ඇගට තිබ්බ අමාරු ගොඩක් අරුයි.මට මගෙ නලලෙන් මොනාහරි බාම් සුවදකුත් ආවා.ඒ කියන්නෙ මට නිදාගත්තාට පස්සේ එයා නලල දෙපැත්තෙ බාමුත් ගාලා වගේ.

ඊයෙ ෆෑන් එකත් දාන්නෙ නැතුව අමාරුවෙන් නිදාගන්න ඇත්තේ.එයා මට කියලා තියනවා එයාට චූටි කාලෙ ඉදම්ම කොච්චර සීතල උනත් ෆෑන් එක නැතුව නින්ද යන්නෙ නෑ කියලා.ඒ උනාට ඊයෙ මට හොද නැති නිසා ෆෑන් එක දාලත් නෑ.පව් අප්පා මගෙ අහිම්සකයා.මගෙන් මාර වදයක් තියෙන්නෙ මෙයාටත්.

ඊටපස්සෙ මම කිචන් එකට ගිහිම් මොනාහරි හදන්න දෙයක් තියනවාද කියලා බැලුවා.ෆ්‍රිජ් එකෙන් බිත්තර තිබ්බා.ඒකෙන් දෙකක් අරන් ඔම්ලට් හැදුවා නම් හරි.

කෝ බලමු අවස්ස අනෙකුත් ද්‍රව්‍ය තීනවද කියලා.ලුනු කෝ......මිස්ටර් ලුනු තමුසෙ කොහෙදෝ.එහෙම කිය කිය මම කුස්සියේ තිබ්බ කබඩ් ටික ඇරලා බැලුවා.අහ් මේ තියෙන්නෙ කුඩා සයිස් එකේ ලුනු බෝතලයක්.හරි ඊටපස්සෙ ලූනු ඕනෙ.තවත් මොකක්ද මන්දා කබඩ් එකකින් මම ලූනු හොයා ගත්තා.ඒ එක එක ඒවා හොයන අස්සෙ මට පාන් පෙති එකක් හම්බුනා.

ඉස්සෙල්ලාම ඔම්ලට් එක හදලා ඉවර වෙලා ඊටපස්සෙ ඒක පාන් පෙති දෙකක් මැද්දෙන් තිබ්බා.මම හිතන්නෙ පුම්චි පුතා සැන්ඩ්විච් එකක් හැදුවා.ඒක හැදුවට පස්සෙ මගෙ හිතට පුංචි කික් එකක්  වගෙ එකක් ආවා.මම උයන එව්වා දන්නෙ නැති උනාට මම ආදරෙ කාටහරි පුලුවන් විදියට මොනාහරි හදලා දුන්නම මගේ පුම්චි හිත සතුටින් පිරෙනවා.මීට කලින් මම ඒ සතුට විදල තීනවා අම්මට තේ හදලා දීලා.වෙන මොකුත් ලොකුවට  හදන්න බෑනෙ ඉතිං මට.

අඤේ ඉතිං හිච්චි චෙෆ් ගැම්මක් තමාහ්. ටී දෙකකුත් හදාගන මම එරෝන් අයියගෙ රූම් එකට අරන් ගියා.

"අයියේ............මිස්ටර් එරෝන් කේන්‍ය ඇහැරෙන්ඩෝ.....හිච්චි චෙෆ් කෑමක් හැදුවෝ........."

"ම්ම්ම්ම්ම්"

"අනේ අයියෙ නැගිටිනවකො ඕයි මම සැන්ඩ්විච් වගේ දෙයක් හැදුවා.මේක හොදද බලනවාකො කිරි එකකුත් හැදුවා අනේ අයියේ ඇහැරිලා කාලා බලනවාකෝ..."

"ම්ම්ම්ම්ම්හ් ඉන්නවා මම වොශ් එකක් දාගන එන්නම්"

මගේ වදෙන් බේරෙන්න බැරුව වගෙ ඇහැරිලා වොශ් දාන්න ගියා.

"කොහොමද ඕවා හදන්න බඩු හොයාගත්තේ"

"ඔවාගෙ කිචන් එක චුට්ටක් විතර ඇද්දා එච්චරයි.මොනා උනත් කලබල වෙන්න එපා අයියෙ මම ගිනි තිබ්බේ නෑ පොමිස්."

එයා වොශ් එකක් දාගන ඇවිල්ලා එයාගෙ රූම් එකේ පැත්තකට වෙන්න තියලා තිබ්බ ස්ටූල් එක උඩින් සැන්ඩ්විච් එකයි කිරි දෙකයි තියලා මට පුටුවක් පෙන්නුවා.ඊටපස්සෙ මාත් ඒකෙන් වාඩි උනා.

"යෙනෝන් ඔය ඔතන එහා පැත්තේ බෑග් එක ඇතුලේ ඔරියෝ පැකට් එකක් ඇති ඒකත් ගන්න."

ඊටපස්සෙ මම එයා පෙන්නුව බෑග් එක අරන් ඔරියෝ පැකට් එකක් හොයන්න ගත්තා.

"අනෙ නෑනෙ අප්පා"

"කෝ මෙන්න මෙහෙ දෙනවා."

එහෙම කියලා එයා බෑග් එකට අරන් ඔරියෝ එක හොයන්න ගත්තා.

"බෑග් එකේ බලහන් කිව්වම එක පොකට් එකක නෙවෙ මුලු බෑග් එක පුරාම හොයපන්"

"අනේ මේ ඇත්තටම නෑ අප්පා මම බැලුවානෙ"

මට බනින ගමන් එයා බෑග් එකේ බිස්කට් එක හොයනවා.මම එයා දිහා  බලන් හිටියා.හෙන නපුරු පාටයි අප්පා ඇස් දෙක.ඒ උනාට ඔය ඇස් අස්සෙ අති විසාල ආදරයක් තීනවා කියලා ඩන්නෙ මම විතරනෙ.

හරි දැන් ඇස් දිහා බලලා ඉවරයි දැන් බලන්න ඕනෙ මූන දිහා,ඒ උනාට මගෙ වනචර ඇහැ යන්නෙම එයාගෙ කකුලටනෙ අප්පා.එයා ඇදන් හිටියෙ ශෝටක්.ඉතිං දනහිසෙන් උඩ පේනවා.යා.......හ් මූනටත් වඩා ඒ හරිය සුදුයි අප්පා.හැපුවොත් ඒම රතු පාටට හිටියි නෙහ්.කවදාහරි දවසක හපලා බලඤ්ඤ ඕනෙ.අව්ලකුත් නෑනෙ හැපුවට මගෙනෙ ඉති. මට හපන්න නෙවේ,කාලාම දාන්න අයිතියක් තියනවා එච්චරයි.

ඔන්න ඊටපස්සෙ මම එයාගෙ අත්දෙක දිහා බැලුවා.මෙයැයි ජිම් යනවත කොහෙද.මොකද එයාට තිබ්බේ හෙන හයිය පාට නහර පිරුන අත් දෙකක්.

අඩේ මෙ-මෙයාගෙ දකුනු අතෙ වැලමිටෙන් උඩ ටික නිල්පාට වෙලානෙ.ඒ මොනා වෙලාද ඒ.මොකකින් හරි ගහලා වගෙ.ඒ පාර මොකක් උනත් ටිකක් තදට වැදිලා තියනවා.මොකක්ද යකෝ ඒ වැදිලා තියෙන්නෙ. ඒක දැක්කම දුකත් හිතෙනවා.මේම එකක් මම ඊයෙ දැක්කෙ නෑනෙ

"අයියේ ඔයාගෙ-"

මම එයාගෙන් අතට මොකද උනේ කියලා අහන්න යද්දිම එයා මගේ දිහාවට ඔරියෝ එක දික් කරා.

"මේ ඒක නෙවේ අද රෑට නම් මම නිදාගන්නෙ උබව ඇඳෙ බැදලා,ඇයි යකෝ මාර පයින් ගැහිල්ලක්නෙ ගහන්නේ"

"අඩේ මම දැගලුවද අයියේ"

"ඔව් ඕයි මේ අත දිහාට වැදුනා සුපිරි ශොට් එකක්,උබ කරාටිවත් කරාද"

හේ හේ දැන් තමා මට තේරුනේ අත නිල්පාට වෙලා තියෙන්නෙ කොහොමද කියලා.එයා ගොඩක් සුදු නිසා හොදට ඒක පෙනවා.මට පට්ට අව්ල්.දෙවියනේ මම හිතලා නෙවෙනෙ කරේ.

ඊලග කොටසින් හම්බෙමූ💗

ආදරෙයි මගෙ චොකෝ බිස්කට් ටිකට🍪

🌼Daisy flower🌼

Share This Chapter