Back
/ 36
Chapter 25

25 කොටස

🖤My Peony🖤

එයා කාමරෙන් ගියාට පස්සෙ මම කිරි එකත් බීලා එතන ඉතුරුවෙලා තිබ්බ දේවල් ටික අස් කරගන කුස්සියට ආවා. එතකොට එයාත් කුස්සියේ හිටියේ.ෆ්‍රිජ් එකත් ඇරගන.ඊටපස්සෙ මම ප්ලේට් දෙකයි කෝප්ප දෙකයි සින්ක් එකට දාලා එයා ලගට ගියා.ඊටපස්සෙ එයා ලොකු හුස්මක් අරගන ෆ්‍රිජ් එක වහලා දාලා එතනින් යන්න හදද්දිම මම එයාගෙ අතකින්  අල්ලගත්තා.

"ඇයි"

එයා මගෙ දිහාවත් බලන්නෙ නැතුව ෆෝන් එක දිහා බලාගන කිව්වා.

"අ-අනේ අයියේ"

"මොකද? මට බඩු වගයක් ගන්න යන්ඩ තියනවා"

"අනේ තරහද"

"නෑ ඕයි අත අතැරපන්කො"

"ඕම ඉන්න එපා අනේ,මම හිතලා කිව්වෙ නෑනෙ ඔයාට තරහා යන දෙයක්"

"මට තරහ ගිහිං නෑ උබ වැඩක් බලාගනිංකො"

"දැන් මට වැඩක් බලාගන්න කියලද කියන්නෙ"

"ඔව් බං මගුල ඔ--මොකද ඕයි ඔය කරන්නෙ"

මම එයාගෙ අතෙන් බලෙන්ම වගේ ඇදගන ගිහිම් සෝෆා එකෙන් වාඩිකෙරෙව්වා.ඊටපස්සෙ එයාගෙ ඔඩොක්කුවෙන් වාඩිවෙලා එයාව බදාගන,මූන දිහා බලන් හිටියා.

උදේ වෙලත් තාම වහින නිසා හොඳටම සීතලයි.මම ටී ශර්ට් එකක් ඇදලා හිටියෙත් නෑ.ඉතිං එයාගෙ ඇගේ රස්නෙට මම හොදට හේත්තු වෙලා හිටියා හරිම සනීපෙන්.

හැබැයි ඒ උනාට මේ වෙද්දි එයාගෙ සිටුවේසන් එක නම් මට වඩා වෙනස්.කන් දෙකේ ඉදන් මුලු මූනම රතුවෙලා.ඇස් දෙක හරි කලබලෙන් වගේ හැමතැනම දුවනවා,වෙලාවකට ශෝටෙන් වැහිලා නැති මගෙ කකුල දිහාවට,ආය මගෙ පපුව"" දිහාවට,ඊටපස්සෙ ආය වටපිට බලනවා.බැරිම තැනද කොහෙද එයා ටික වෙලාවකින් ජනේලෙන් එලියෙ පේන අඹ ගහක් දිහා බලාගන හිටියා.එයා කතා කරෙත් නැති නිසා මම නිකම්ම එයා දිහා බලන් හිටියා.ටික වෙලාවකින් වැස්සත් එක්ක ලොකු හුලගක් ආවා.ඇරලා තිබ්බ ජනේලෙන් ගේ ඇතුලට හුලඟ ආව  නිසා,මම තව ටිකක් එයාගෙ ඇඟට තද උනා.

"ම්-මොකද යෙනෝන් කරන්නේ"

"සීතලයිනෙ ඉචිම්"

"ද්-දැන් මොකටද මාව මෙතන්ට එක්කම් ආවේ"

"ඇයි ඔයා කිව්වෙ මගෙ වැඩක් බලාගන්ඩ කියලා,ඉතිං මම මේ වැඩක් බලාගන්නවා"

එහෙම කියලා මම එයාගෙ බෙල්ල අස්සෙන් මූන තියාගන හොද හුස්මක් ගත්තා.ඒ සුවඳ,ඒක මට ආවෙ එයා ලගින් විතරයි.හරියට අම්මා ලගට ගියාම කා ලගවත් නැති එයා ලග විතරක් තියන සුවඳක් එනවා වගේ.

"අයියේ සොරී....මමත් විහිලුවටනෙ ඒවා කිව්වෙ,ඔයා දන්නවනෙ මම කියවන්න ගත්තම"

"ඒ උබටනෙ ඒක විහිලුව,මට එහෙම නෑ.උබව මගෙ ජීවිතේ වැදගත්ම බැඳීමක් කරගන්න ඕනෙ උනත් මම කලින් බය උනා මල්ලි.මොකද මම අහිමි වෙනවා කියන එකට පට්ට බයයි.ඒත් උබට ඕනෙ උනා එන්න.මටත් උබට ඕන දේම ඕන වෙලා තියෙන වෙලාවක උබ මාව ඕනෙ කිය කිය අඬද්දි,මටත් ජීවිතේට විශේශ මිනිස්ස්සුන්ව ලං කරගන්නෙ නෑ කියලා දාලා තිබ්බ සීමාව බිඳගන්න උනා.ඊටපස්සෙ ඒම ආව උබම මට ආය උබ නැති දවසක් ගැන මගුලක් කියනවා,ඒම කියන එක හරිද කියහංකො.ම්ම්ම්ම්"

අනේ අනේ මගෙ සීරියල් කිලර්.මේ පොඩි වචනෙකට දුක හිතිලානෙ ඉචිම් ඔය තරහා ගිහිම් වගේ බොරුවට මවාගන මේ කියවන්නෙ.මම හිතන්නෙ මම දැන් එයාව කියවන්න පටන් අරන්.එයා කියන්නෙ පිට කවරේ පාට ගොඩකින් වර්නවත් නැති,කිසිම බාහිර ආටෝපයක් නැති හැබැයි.ආදරෙන්ම විතරක් හෙම්බත් උන ගැබුරු වචන ගොඩක් තියන,චුට්ටක් තදින් ඇල්ලුවත් ඉක්මනට පොඩිවෙලා ඉරිලා යන්න පුලුවන් පිටු තියන පොතක්.ඉතිං මම අද දැනගත්තා පොත දිගඇරගන කියවන්න විතරක් නෙවේ.පොතට රිදෙන්නෙ නැතිවෙන්න පිටු පෙරලන්නත් ඉගෙනගන්න ඕනෙ කියලා.

ඊටපස්සෙ මම මගෙ අත් දෙකෙන් එයාගෙ මූන අල්ලගත්තා.අල්ලගන කම්මුල් දෙක උඩට ඉස්සුවා.ඒවාබ්මාශ්මෙලෝ දෙකක් වගේ රෝසපාට වෙලා.අනේ මන්දා අප්පා මේ ස්කින් එක හම්බෙන්න තිබ්බෙ මටනෙ සැක්.

"අඤේ මගේ පුම්චි මාශ්මෙලෝ එක මට සමාවෙන්න,ආයෙ ඒම කියන්නෙ නෑ"

එහෙම කියලා මම එයාගෙ කම්මුල් දෙකම කිස් කරලා,එක කම්මුලකින් මගෙ මුන තියාගන හිටියා.

"අයියේ"

"ම්ම්ම්ම්"

"ඇයි අනේ ඔයා මෙච්චර රතුවෙන්නෙ"

"කෝ"

"මේ රතුවෙලා තියෙන්නෙ.ඒකනෙ මම මාශ්මෙලෝ කිව්වේ හුම්"

"මන්දා බං"

"අපි දෙන්නා ස්කින් දෙක මාරුකරගමු ඒයි"

"ම්ම් ගනිංකො එහෙනම්"

"එක්කෝ එපා,එතකොට මට ඕන විදියට ලස්සන බලන්න බැරිවෙනවනෙ"

"උබට ඕන මගුලක් කරගනිංකො"

"හපඤ්ඤම්"

"අනේ මේ පලයන්"

"චුට්ටක්"

"යෙනෝන් මට ඉන්න දීපා....න්"

"මෙහෙම රතුපාට වෙද්දි ඉන්න දෙන්න හිතෙන්නෑනෙ ඒයි"

"ගහනවා දැන් උබට ඈ"

"ගහනවා.....මට ඔයා.... අඤේ මේ ඕවාට එන්න එපා හරිත,මම ආසත් නෑ"

"යෙනෝන් උබෙ වනචරකම නම් ඕනවටත් වඩා තියනවා"

"ඔයාට විතරනෙ ඉචිම්"

"කව්ද දන්නෙ ඕවා"

එහෙම කියන ගමන් එයා මගෙ වම් කම්මුල මිරිකුවා.මේ මනුස්සයාට මගෙ වම් කම්මුල එක්ක මාර සම්බන්දයක් තියෙන්නෙ අර ඩිම්පල් එකට පිං සිද්ද වෙන්න.තව කාලෙකින් මගෙ වම් කම්මුල ලෙප්ට්ම වෙලා යයි වගේ.

"අනේ මේ ඇත්තමට කියන්නෙ මම වෙන අය එක්ක මේවා කියන්නෙ නෑ"

"ම්ම්ම්ම්ම් ඇත්තමට කියනවා නම් පිලිගන්නම්කො🤣🤣"

එහෙම කියන ගමන් එයා මගෙ ඔලුව අතගාලා හිනා උනා.ඊටපස්සෙ තමා මට තේරුනේ මම වචනෙ අකුරු දෙක මාරුකරලා කියලා.ඒ උනාට කමක් නෑ ඔහෙ එයා ඒකට කැමති කිව්වනෙ.ඉතිම් මටත් මොකෝ හුම්.

"අයියේ"

"ම්ම්ම්ම්ම්"

"රහසක් කියන්නම්ද"

"ම්ම්ම්ම්"

"කාටවත් කියන්න එපා හාද"

"අනේ එහෙනම් නොකියා හිටහං"

"නෑ නෑ අහන්නකො"

"කියහංකො"

"මම මල් වලට ආසයි"

"ම-මල් කිව්වේ"

"ගංජා නෙවේ අනේ ගස්වල හැදෙන මල්,අපෝ ඔයා නම්"

"ඉතිං"

"ඉතිම් එච්චරයි"

"ඒකෙ රහස මොකක්ද,කාටවත් කියන්න එපා කියන්න තරම්"

"කොල්ලෙක් මල් වලට ආසයි කිව්වම,මිනුස්සු අමුතුවටනෙ බලන්නෙ.මට යාලුවෝ ඕන තරම් හිනාවෙලා චාටර් කරලා තියනවා ඕකට"

"උබෙ යාලුවන්ට පිස්සුනෙ,උබ හිටහං උබට ඕන විදියට"

"අයියේ"

"ම්ම්ම්ම්"

"ඔයත් ආස මොකක් හරි මලක් තියනවද"

"හ්ම්ම්ම්ම්"

"මොකක්ද"

"පියෝනි"

"ඈ මොකක්"

"පියෝනි බං"

"ඒම මලක් තීනවද"

"හ්ම්ම්ම්ම් ඒක චුට්ටක් විතර රෝසමල් වගේ.ඒ උනාට ටිකක් වෙනස්.මම රෝසමල් වලටත් කැමති හැබැයි ඒකට හැමෝම කැමති නිසා මම  ඒකට කැමතිවෙන එක නැවැත්තුවා"

"පුහ් මෙයාගෙ ලොකුසීන්"

"හැමෝම කැමති ඒවට කැමති  වෙන්න ආස නෑ මම එච්චරයි"

"ඒ නිසා නේත කව්රුත් කැමති නැති මං වගේ ට්‍රැක් ඩයල් එකක් ජීවිතේට ගත්තේ.අනේ අනේ හොරගෙඩියා කිව්වෙවත් නෑ"

"ඔව්ව්ව් ඔය තේරුනේ ගොනාට වගේ"

"ගොනෙක් නෙවේ හරිත,අපේ අයියා මට කියන්නෙත් බක පන්ඩිතයා කියලා"

"උබට ගැලපෙනවා හැබැයි ඈ"

"අනේ යන්න අනේ"

"යන්ඩ තමා හැදුවෙ,කොහෙද උබ මේ පුටුවකට තල්ලු කරානෙ"

"ඕනෙ නම් යන්න ඒනම් හුම්"

මම එහෙම කියන ගමන් එයාව තවටිකක් තද කරලා බදාගත්තා.

"ඕම අල්ලගන යන්න කිව්වම කොහොමද යන්නේ ම්ම්ම්?"

එයා ඒක කිව්වෙ ටිකක් රහසින් වගේ.ඒක මගෙ පපුවෙ ඇතුලෙම කොහෙහරි තැනකට දැනුනා.කොහොමත් එයාට තිබ්බෙ කන හරහා හාට් එකට වදින තරම් ඩීප් වොයිස් එකක්නෙ.ඇත්තට මම එයාගෙ කඩහඬට පවා ඇඩික්ට් වෙන්න පටන් අරන්. ඔයා නම් මැජික් එකක් මිස්ටර් එරෝන්.

"ඉතිං මේම ඉන්න,මේ වැස්සෙ යන්න එපා කොහෙවත්"

මම පොඩි එකෙක් තාත්තා ලගට ගිහිම් කොහෙවත් යන්න එපා කියනවා වගේ තව තව එයාගෙ අස්සට තුරුල් වෙන ගමන් යන්න එපා කිව්වා.

"ම්ම්ම්ම්ම්ම් පිස්සු හෝන්තුව හුරතල් වෙන්නත් දන්නවා නෙහ්"

"හ්ම්ම්ම්"

මට දැන් ඕනෙ එයාව.එහෙම නැත්නම් එයාගෙ caring.එයාගෙ රස්නෙ.එයාගෙ ආදරෙ මේ හැමදේම එකට.

"මල්ලි"

"මොකෝ"

"උබ ඔහොම ඉද්දි හරි cute බං,තොගෙ ඔය වැඩ නිසා තමා මට මේ feelings හංගන්න මෙච්චර අමාරු😒"

"ම්ම්ම්ම්ම්ම් මොකද ඉචිම් හංගන්නෙ,පෙන්නන්නකො"

මටම දැන් තේරෙනවා මගෙ වොයිස් එක දැන් ටික ටික කෙඳිරියක් වගේ වෙලා කියලා.

"මොකද මේ කෙඳිරි  ගාන්-- ආව් හපන්න එපා බං"

"ම්ම්ම්ම්ම් තරායිනෙ මම"

"ඇ-ඇයි මම මොකද කරේ,ඔහොම කතා කරන්න එපා බං සාමාන්‍ය විදියට කතා කරපන්කො"

"හැමවෙලේම බං කියන්නෙ මම යාලුවෙක්ද ම්ම්ම්"

"මල්ලි කොහෙද ඔය හපන්නේ,එහාට වෙන්නකො ඉතිං"

මම එයාගෙ පපුවෙ උඩ හරිය චුට්ටක් හැපුව නිසාද කොහෙද එයා එහෙම කිව්වා.

"මල්ලි කියන්නැතුව බබා කියන්නකො"

"මො-මොකද යෙනෝන් මේ උනේ එක පාරට"

"ඌප්ස් අඤෙ මයෙ මාශ්මෙලෝව හොදටම සතුවෙලා,මොකඩ මේ ලැජ්ජා හිතිලා.මම දූසනය කරන්නෙ නෑ ලමයෝ"

ඊටපස්සෙ මම සාමාන්‍ය විදියට කතා කරාම එයා හොඳ හුස්මක් අරන් පහලට දැම්මා.මම එයාව අව්ස්සන්න එහෙම කරේ වගේ එයාට පෙන්නුවටමම කෙරුව දෙවල් හිතලා නෙවෙ මම කරේ.ඇත්තටම මාව සීතල නිසාම එයාගෙ රස්නෙට මත්වෙලා වගෙ හිටියේ.ඒ උනාට මගෙ මොලේ බෙරිහන් දීලා දීලා මාව චුට්ටක් විතර හරි ට්‍රැක් එකකට ගත්තා.

"ආව් අයියෙ ගහන්න එපා අනේ"

එයාට මාශ්මෙලෝ එක කියලා හිනා වෙන්න ගත්තට පස්සෙ එයා මගෙ පශ්චාත් බාගයට පහර දීගන දීගන කියා.කමඤ්ඤෑ ඔහෙ මා පුතාත් චුට්ටක් ඇවිස්සෙන්න ඇති.

ඊලග කොටසින් හම්බෙමූ.....💗💗

ආතරෙයි මගෙ චොක්ලට් බිස්කට් ටිකට🍪

🌼Daisy flower🌼

Share This Chapter