Back
/ 36
Chapter 27

27 කොටස

🖤My Peony🖤

"ඒ.....යෙනෝන් ඇහැරෙනවකො විහඟලා ඇවිල්ලද කොහෙද"

"ම්ම්ම්ම්ම්"

"දැන් ඇහැරෙන්නකො හොඳ ලමයා වගේ,දොර අරින්න යන්න ඕනෙ මම"

මම හිතන්නෙ අයියාගෙ ඔඩොක්කුවේම මට නින්ද ගිහිම්.මෙතන හරි සනීපයි අප්පා...ඇහැරෙන්න හිතෙන්නෙත් නෑ.ඒ නිසා මම නිදි වගේම තද කරලා ඇස් දෙක වහගන කතා නොකර හිටියා.

"යෙනෝන් නැගිටින්නකො,තමුසෙව උස්සගන මට දොර අරින්න ඉස්සරහට යන්න බෑනෙ"

"ම්ම්ම්හ්හ්හ්හ් කෑ ගහන්නෙ නැතුව ඉන්නකො බබා....."

"බ්-බ  මො-මොකක්"

"නිදාගන්න දෙන්නකො අයියේ"

හේ හේ මගෙ අතින් එයාට බබා කියඋනා.අතින් නෙවේ කටින් ඈ කිය උනේ.එයා කන්පියුස් උනාද කොහෙද.හැබැයි දැන් නම් ටිකවෙලාවකට මාව ඇහැරවන එකක් නෑ.ලෙස් ගෝ බැක් ටු ස්ලීප් පුම්චි යෙනෝන්. හොහ් හොහ් හෝ.....

එතකොටම එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

"හෙලෝ

අනේ මල්ලි දොර ලොක් කරලා නෑ,ඇරගන වරෙන්කො,

මේකා නිදි බං

නෑ නෑ අව්ලක් නෑ උබලා දෙන්නා වරෙන්"

එයා ඔන්න ඔහොම මොනාද කියනවා මට ඇහුනා.විහඟ වෙන්න ඇති කෝල් කරන්න ඇත්තේ.ඒ උනාට මට ඇහැ ඇරගන්න අමාරුයි අප්පා.ඒ නිසා මම හිටිය විදියටම හිටියා.

"යෝහෝ එරෝන් අයියා......හ් අපි ආවා සො-

ම්ම්ම්ම්ම් මේ මොකද මේ මූ"

"නිදි බං,තවම අමාරු ඇති මම හිතන්නෙ"

විහඟයාගෙ බෙලෙක් කටහඬ මට ඇහුනා.ඌට දැන් මම නිදාගන ඉන්න එකත් විසාල පස්නයක් බේසිකයා.ඒ අස්සේ මෙඤ්ඤ මෙච්චර වෙලා මට ඇහැරෙන්න කියලා වද දුන්න මනුස්සයා කියනවා තාම අමාරු ඇතිලු.හෝව් පොඩ්ඩක් ඉන්න.මට මොකක්ද තියන අමාරුව.

"මුට උන අඩු නැද්ද අයියේ"

"නෑ නෑ අඩුයි.මෙච්චර වෙලා කියව කියව හිටියේ.ඒත් තාම අමාරු ඇති."

අහ් පැය හතරක් වැස්සෙ තෙමිලා මට උන හැදුනානෙ හාරි හාරි හාරි.මේ වැඩත් එක්ක ලෙඩත් අමතක වෙනවා අප්පා...

"මූව ඇහැරවමු අයියේ දැන්"

"තව ටිකෙන් ඇහැරෙයිනෙ"

"අනේ අනේ ශුඩු බබාව ඇහැරවන්ට දුකයි නේත ලොකු බොස්"

"අනේ මේ හිටහං"

"උබට ලැජ්ජා හිතුනම එහෙම ඒක හංගන්න බෑ අයියේ,උබව හොදටම රතුවෙනවා.මේ දැනුත් උබ රතු පාටයි"

"හා හා මේ ඔහොමම පඩිපෙල නැගලා උඩ රූෆ් ටොප් එකට පලයන්කො.මම කන්න බොන්නයි මේ බූරු පැටියවයි එක්කම් එන්නම්"

"ම්ම්ම්ම් හා හා අපි යන්නම්කො ඈ....ඔවා එහෙනම් මාව එලෙව්වා එරෝන් ඈ....මෙතන රිදුනෙ ඒකට මෙතන...මේකට නම් අද බීලා පැයක් විතර කියවනවා එච්චරා...........යි"

විහඟයා ඩ්‍රාමා කින් වගේ රටේ නැති විකාර කතා කිය කිය උඩට ගියා,අරූශ්ගෙ නම් කටහඩක්වත් ඇහුනෙ නෑ.බය වෙන්න දෙයක් නෑ ඒ හඩටත් පන එයි තව ටිකෙන්.

"ඒ බූරු පැටියෝ නැගිටිනවා,තමුසෙගෙ යාලුවෝ දෙන්නම ආවා"

එයා මගෙ ඔලුව අතගාන ගමන් කිව්වා.

"ම්ම්ම්ම්හ් ඔහොම ඔලුව අතගාද්දි ඇහැ අරින්න හිතෙන්නෙ නෑනෙ ඉචිම්"

"🍑👋"

"ආ......ව් අයියේ පස්සට ගහන්න එපා අනේ.මේවා ප්ලාස්ටික් නෙවේ හම,මස්,ලේ නහර වලින් හැදිලා තියෙන්නෙ.රිදෙනවා ඕයි"

එයාට බනින ගමන් මම සෝෆා එකේ වාඩි උනා.

"දැන් වොශ් එකක් දාගන උඩට එන්න මම එහෙට යනවා"

එයා සෝෆා එකෙන් නැගිටලා කිචන් එක දිහාට යන ගමන් කිව්වා.මම හිතන්නෙ බයිට්ස් අරවා මේවා ටික ගන්න වෙන්න ඇති යන්න ඇත්තේ.මමත් වැනි වැනි තිබ්බ හැම දොරකම මේසෙකම පුටුවකම හැප්පි හැප්පි බාතෲම් එකට ගියා.

"යෝහෝ ගායිස් මම ආවා....."

මම වොශ් එකක් දාලා එහෙම උඩට ගියා.එතකොට ඒ තුන්දෙනා විසාල කතාවක.අහ් බොන්නත් පටන් අරන්ද යකෝ.මුන් මං එනකම් ඉවසලා නැද්ද.මම හිතාගන හිටියෙ පලවෙනි වතාවට අද බොනවා කියලා.

"ඔයාලා මම එනකම් හිටියෙ නැද්ද,මටත් බොන්න දීපියා.......ව්"

"අනේ තෝ මෙන්න මේ ඇපල් ටික කකා කොනකට වෙලා හිටහං.උනත් තියෙද්දි,උබට පලවෙනිවතාවට බොන්න දෙන්නත් බෑ"

විහඟයා කියවගන කියවගන ගියා.

"අපෝ ඕයි දැන් උන හොදයිනෙ"

"යෙනෝන් කටවහගන මෙතනින් වාඩිවෙලා තියන දෙයක කාලා හිටහං"

එරෝන් අයියා මගෙ දිහා බලලා ටිකක් සැරෙන් කිව්වා.මම සේප් එකේ එයා ලගින් වාඩිවෙලා ඇපල් කෑල්ලක් කටේ දාගත්තා.

"රවාගන ඉන්න එපා ඕයි....අසනීපෙනුත්නෙ ඉන්න උබ.අනික උබ කවදාවත් බීලත් නෑ ඒකයි කියන්නේ."

විහඟයා මාගේ කෝප සහගත මූන දැකලද කොහෙද කිව්වා.අර මනුස්සයාට නම් ඕවා ගනක් නෑ බොනවා.

"හා හා 😒"

"අපෝ ඕම ඉන්ඩ එපා ඕයි"

විහඟයාට දැන් චුට්ටක් විතර වෙරි.ඒ වෙලාවට ඌ උගෙ හදවතේ සැගවිලා තියන ප්‍රේමෙ එලියට දාන සංවේදී මනුස්සයෙක්.දැන් මෙකාගෙ සංවේදී බව අව්ස්සගත්තොත් විසාල කරදරයක් වෙන්නෙ.ඒ නිසා මම තරහා පැත්තකින් තියන්න තීරනකො කොරා.නැත්නම් මම රවාගන ඉන්නවා කියලා මූ අඩන්න පටන් ගන්නවා.

" මොකක්ද මේ මල්ලිගෙ නම"

එරෝන් අයියා ආරුශ්ව පෙන්නන ගමන් ඇහුවා..

"එයා ආරුශ්"

මම ඉතිං එයා ඇහුව ගමන්ම පන්ඩිතයා වගේ උත්තර දුන්නා.

"උබෙන් නෙවේනෙ ඇහුවෙ"

හරි ලස්සනයි වෙරි ගුඩ් ඉතිං.ආය නම් වචනයක්වත් කතා කරන්නෙ නෑ ඇයි යකෝ.හොදම යාලුවෝ දෙන්නා ඉස්සරහා උනත් එයා ඒ විදියට මාව චාටර් කරන්න ඕනෙ නෑනෙ එයා ඇයි යකෝව්.මට ඒකට නම් හොදටම තරහා ගියා.

"විහඟ,මට බඩගිනියි වගේ ඕයි මම මොනාහරි බඩපිරෙන දෙයක් කාලා එන්නම්."

විහඟට එහෙම කියලා අරූශ්ගෙ පිටටත් තට්ටුවක් දාන ගමන් මම යන්න නැගිට්ටා.විහඟයා හිටියේ මේ උන දේට මට අව්ල් ගියා කියලා තේරුම් ගන්න පුලුවන් තරම් සිහියකින් නෙවේ උටත් දැන් හොදටම වෙරි.

"යෙනෝන් මේ අහපංකෝ  බං,උබ ඇයි යන්න හදන්නෙ,මම මේ උබට වැදගත් කතාවක් කියන්න හැදුවා විතරයි"

ඒපාර අරූශ් කියවන්න ගත්තා.ඌටත් හොදටම වැදිලා ඉන්නේ.

"ම්ම්ම් කියහංකො"

මම හිටගනම  ඌට කිව්වා..

"දැන් මේ අපි හතරදෙනා මේ ඉන්න විදිය තියනවානෙ,අන්න ඒ විදියට ඉන්න දවසක මගේ එකාවත් මට එක්කම් එන්න ඕනෙ බං,උබලා වගේ උන්ව ඌට අඳුනවලා දීලා,මගෙ පොඩි එකාට මම තේරුම් කරන්න ඕනෙ මේ ලෝකෙ හොද උනුත් තුන් හතර දෙනෙක් ඉන්නවා කියලා.ඌ හරි අහිංසකයි බං,මම ඌව මෙහෙ එක්කම් ආවොත් උබලා ඌවත් තමන්ගෙම එකෙක් වගේ පිලිගන්නවා නේද බං,ඌගෙ ජීවිතේ ඕන විදියට ආදරෙ කරන්නයි ඌව තේරුම් ගන්නයි ඔක්කොටම උට මම විතරයි බං ඉන්නේ.මගෙ එකාට උබලා තමන්ගෙ එකෙක්ට වගේ සලකනවා නේද බං"

මෙන්න මිනිස්සු..යකෝ කොච්චර ආදරනීයද.ඒකටත් එක්ක මගෙ යකා.කතා කරලා වැඩක් නෑ ඉතිං ඕවා.

"ඔව් යකෝ අපි ඔක්කොම සහෝදරයෝ වගේනෙ.ආය දවසක අපි කට්ටියම සෙට් වෙමුකො."

එහෙම කියලා අරූශ්ගෙ ඔලුව අතගාන ගමන් මම කිචන් එක පැත්තට යන්න ගියා.

"යෙනෝන් මෙහෙ එන්න"

සන්තානම් මෑනියනේ!!ඒ සද්දෙට නම් මාව සකබුම් වෙලා ගියා.මොකද ඒ කතා කරේ මගේ මිස්ටර් සීරියල් කිලර්.හේ හේ ලොකු බොසාටත් දැන් හොදටම වෙරි වgayy.අනික ඒ කතා කෙරුවෙත් එච්චර ආදරෙන් නෙවේ.ඒ කියන්නෙ මම මේ මනුස්සයාව උදහසට ලක් කරලා වගේ.අහ් හෝව්ව් හෝව්ව් මටත් තරහා ගිහිම්නෙ ඉන්නේ අර වෙලාවෙ මට කිව්ව කතාවට.ඒ නිසා මාත් ගනන් ගන්නෙ නෑ.පුහ් අපි නම් තෙමෙයි වැස්සට.

"මොකටද"

මමත් හෙට සැරෙන් උත්තර දුන්නා.

"එන්න කිව්වම එන්න යෙනෝන්"

"අනේ අයියේ මේ මට බඩගිනියි,මොන මගුලක්ද"

එහෙම කියන ගමන් මම කිචන් එක තියන දිහාට ගියා.මටත් ඒ වෙලාවෙ හොදටම තරහා ගිහිම් හිටියේ එයා අර වෙලාවෙ කතා කෙරුව විදියට.ඒක විහිලුවට වගේ කිව්වා නම් මාත් හිනාවෙලා නිකම් ඉන්නවා.ඒ උනාට එයා ඒක කිව්වෙ හෙන සැරෙන්.

මම කිචන් එකට ගිහිම් ගෙනත් තිබ්බ ෆ්‍රයිඩ් රයිස් එකෙන් ටිකක් ප්ලේට් එකකට දාලා,අර තුන් දෙනාට කන්න ප්ලේට් තුනකුත් හෝදලා මේසේ උඩින් තියලා කන්න හැදුවේ.මට දුක හිතුන වෙලාවට කන්න බැරි උනාට තරහා ගියාම හොදට කන්න පුලුවන්.මම දැන් මේ කරන්න හදන්නේ ඒක.

"ශුඩු බබාහ් මම නිදාගන්න යනවා ඈ"

එතකොටම විහඟයා කිචන් එකට ඇවිත්,මගෙ පිටට හේත්තුවෙලා කිව්වා.

"ඇයි බත් කන්නෙ  නැද්ද"

"කන්න බෑ ඕයි මම බයිට්ස් ගොඩා...ක් කෑවා මේ බලහංකො බඩ"

ඌ එහෙම කියන ගමන් ශර්ට් එක උස්සලා බඩපෙන්නුවා.

"ම්ම්ම්ම් කෝ ආරුශ්. ඌ කන්නෙත් නැද්ද"

"ඌ නම් මලක් කඩ කඩම නිදිද කොහෙද."

"ම්ම්ම් එහෙනම් උබත් නිදාගනිම්කො,මොනාහරි ඕනෙ නම් මට කතා කරහං ඈ"

"හා.......රි හා.......රි එහෙනම් ඔන්න ඔයාගෙ සුදු මහත්තයා කැපුනා පැට්ටෝ"

යා.......හ් බිව්වම නම් මුට හොදටම ට්‍රැක් පනිනවා.කොහොමහරි මායම් 9789999292928ක් විතර දාලා ඊටපස්සෙ ඌ නිදාගන්න ගියා. මම ආපහු බෙදාගත්ත කෑම එක් කන්න ගත්තා.එතකොටම සින්ක් එකර මොකක් හරි වැටෙන සද්දයක් ඇහුන නිසා මම කෑම මේසේ ඉදන් පිටිපස්ස හැරිලා කිචන් එක දිහා බැලුවා.එරෝන් අයියා ප්ලේට් අරවා මේවා බාජන ටික අරන් ඇවිත් හෝදනවා.මම ආපහු හැරිලා දැක්කෙ නෑ වගේ කෑම එක කන්න ගත්තා.

ඊටපස්සේ ටික වෙලාවකින් කිචන් එකේ සද්ද අඩු වෙලා නැත්තටම නැති උනා.එයත් මාත් එක්ක තරහින් වගේ ඉන්නෙ.මොකද මමත් කියවගන ගියානේ එයා එක්ක.

"යෙනෝන්"

එයා කෑම මේසේ ලගට ඇවිල්ලද කොහෙද,මට එයාව පෙනුනෙ නෑ,එයා මම වාඩිවෙලා හිටිය තැනට පිටිපස්සෙද කොහෙද හිටගන හිටියේ.එයා මට කතා කරත් ඇහුනේ නෑ වගේ මම කන්න ගත්තා.

"උබට මම කතා කරද්දි තමා බලන්ඩවත් බැරිනෙහ්"

"අයියේ මම කනවා කියලා පේනවනෙ ඔයා නිදාගන්න"

"ඇයි මම කන්ඩ එපාද එතකොට"

"අහ් කනවා නම් කන්න"

"අනේ හු#% මට කන්ඩ ඕනෙ නෑ,උබ කා ගනිං මම යනවා නිදාගන්ඩ"

එයාට හොදටම තරහා ගියා.අනික එයාට වෙරිත්නෙ.අතේ තිබ්බ ටිශූ බොක්ස් එකත් මේසේ උඩම දමලා ගහලා එයා යන්න ගියා.

"ආහ්හ්"

"අයියේ මොකද උනේ"

එයා කෑ ගහන සද්දෙට මම බයවෙලා කෑම එකත් පැත්තක දාලා බෙඩ් රූම් එක පැත්තට ගියා.

ඊලග කොටසින් හම්බෙමූ💗

ආතරෙයි මගෙ චොක්ලට් බිස්කට් ටිකට🍪

🌼Daisy flower🌼

Share This Chapter