Back
/ 36
Chapter 28

28 කොටස

🖤My Peony🖤

මම යද්දි එයා සෝෆා එක උඩ වාඩිවෙලා කකුලත් අල්ලගන ඉන්නවා.

"මොකද අයියේ උනේ"

"මොකුත් නෑ උබ කාපන්කො"

එයා එහෙම කියද්දි මම එයා ලගට ගිහිම් එයා කකුලෙ අල්ලගන හිටිය තැන බැලුවා. චූටි ඇගිල්ල අල්ලන් ඉන්නෙ.ඊටපස්සෙ මම සේප් එකේ අත අයින් කරලා බැලුවා.අහ්හ්හ් චූටි ඇගිල්ල කොහෙහරි වද්දගන වගේ රතුම රතුපාට වෙලා.

"ඇගිල්ල වද්දගත්තා නේහ් "

"උබේ වැඩක් බලා ගනිං යෙනෝන්"

"කෝ ඔය අතගන්න කියවන්නෙ නැතුව"

එහෙම කියලා එයාගෙ අත අයින් කරලා,මම එයාගෙ ඇගිල්ල අතගෑවා.වෙනදට නම් පොඩි පොඩි දේවල් වලට මෙහෙම ඉන්නෙ නෑ එයා.අද චුට්ටක් වෙරිනෙ(චුට්ටක් නෙවේ හොදටම)ඒකයි මේ කෝලම් වැඩිවෙලා තියෙන්නෙ.

"ඇයි මම එන්න කිව්වම ආවෙ නැත්තේ උබ"

"අයියේ මම එතනින් නැගිට්ටේ තරහා ගිහිම්"

"ඇයි"

"ඇයි අරූගෙ නම ඇහුවම ඒකට මම උත්තර දුන්නා කියලා සැරෙන් කිව්වේ උබෙන් නෙවේනෙ ඇහුවෙ කියලා"

"අනේ මගෙ මෝඩ පැටියෝ...මම ඌගෙ නම ඇහුවෙ නම දැනගන්න ඕනවට නෙවේ,ඌ කතා කරන්නෙ නැතුව කල්පනාවක වගේ හිටිය නිසා ඌව කතාවට ගන්න.මට නම් පේන්නෙ ඌ උබලට නොකිව්වට අව්ලක ඉන්නේ,චුට්ටක් හොයලා බලහම් පව්නෙ"

අපොයි අපරාදෙ තරහා වෙලා ගස්සගන ආවෙ සැක්.මම දන්නෙ නෑනෙ මයෙ යස්ස පැටියා මෙච්චර හොදයි කියලා.දැන් ඉතිං වරද මගේ අතේ.මොකක් හරි මායමක් දාලා සේප් කරගන්ට තමා තියෙන්නෙ.

"කියඤ්ඤ එපැයි ඉචිම්"

මම එහෙම කියන ගමන් එයාගෙ ඔඩොක්කුවෙන් වාඩි උනා.ඒ උනාට අනිත් වෙලාවල් වල වගේ එයා මගේ ඉන දෙපැත්තෙන් අත දැම්මේ නෑ.තරහා වෙලා ඉන්න නිසා වෙන්න ඇති.

"අයියේ........."

"මොකද"

"අල්ලගන්නකො අනේ මාව"

ඒම කියන ගමන් මම එයාගෙ අත් දෙක මගෙ ඉන වටෙන් තියාගත්තා.මම හිතුවේ අත අයින් කර ගනියි කියලා.ඒ උනාට එයා එහෙම කරේ නෑ,අත්දෙක ඒ විදියටම තියාගන අහක බලන් හිටියා.

"අයියේ"

"......."

"බලන්නකො අනේ මං දිහා"

"......."

"අනේ බලන්නකො මගෙ මාශ්මෙලෝ එක,නැත්නම් තව රතුවෙන්න හපනවා හරිත."

"මොකද"

"ම්හ්ම් සොරී....මට දුක හිතුන නිසානෙ ඉචිම් තරහා උනේ."

මම එහෙම කියන ගමන් එයාගේ උරහිස උඩින් නිකට තියාගත්තා.ඊටපස්සෙ එයා ටික වෙලාවක් මගේ දිහා බලන් හිටියා.

"මොකද දැන් ඔහොම මූන හදාගන ඉන්නේ ම්ම්ම්ම්.මම බැන්නෙ නෑනෙ බබා"

බබා....ඕයේ එයා මට බබා කිව්වා.එයා හැමවෙලේම ඕනවට වඩා රොමෑන්ටික් වචන වලින් කතා කරන්නෙ නෑනෙ.හැබැයි ඉදලා හිටලා එහෙම කතා කරද්දිත් හරි ශෝක් අනේ.මගෙ හාට් එක පිනුම් ගහනවත කොහෙත.හිත ඒ තරම් සතුටින් උඩු යටිකුරු උනා එරෝන් අයියාගෙ ඒ වචනෙට.

"ඒ උනාට මාව ගනන් ගන්නෙ නෑනෙ ඔයා"

සතුට පැත්තක තියලා,එයාව තව තද කරලා බදාගන්න ගමන් මම කිව්වා.

"ඒම තමා, තරහා  ඇවිස්සුවාම ගනන් ගන්නෙ නෑ"

"සොරිනෙ ඉතිම්ම්ම්"

"හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් මගෙ මෝඩ සීනි බෝලේ"

අද වෙරි නිසා මිස්ටර් සීරියල් කිලර් සුට්ටක් වැඩිපුර රොමෑන්ටික්.මම හිතන්නෙ හිතේ තියන ඒවා හංගන්නෙ නැතුව කියනවද කොහෙද.

"ම්ම්ම්ම්ම් මම සීනිබෝලයක් නෙවේ හරිත"

"ඒ උනාට මට පේන්නෙ එහෙමනෙ"

එයා මගේ කම්මුල මිරිකන ගමන් කිව්වා.මම එයාගෙ ඇස් දිහා බැලුවා.ඒ ඇස් හොදටම මත්වෙලා තිබ්බේ.ඒ ඇස් වලට පුලුවන් සිහියෙන් ඉන්න මාවත් මත් කරන්න.මොකද ඒවා මත්වෙලා තිබ්බේ ඇල්කොහොල් වලට විතරක් නෙවේ ආදරෙටත් එක්කම නිසා.

"ඕම බලන්න එපා අයියේ"

එයාගෙ ඇස් දිහා බලන් ඉදලා ඉදලා,ඒවගේ පිරිලා තිබ්බ හැඟීම් හරි බරට මටත් දැනෙනකොට මම එයාට කිව්වා.

"ඇයි සීරියල් කිලර් කෙනෙක් වගේ පේනවද ම්ම්ම්"

"ම්හ්ම්"

මම එයාගෙ උරහිසට කිස් එකක් දීලා තව ටිකක් එයාගෙ ඇගට තද උනා.

"මොකෝ මේ ආ...."

"මට ඔයා එක්ක ඉන්න ඕනිනෙ මෙහෙම"

"මගේ මෝඩ සීනිබෝලේ"

එහෙම කියලා එයා මගේ කොන්ඩෙ අව්ල් කරා.

"අයියේ"

"ම්ම්ම්ම්"

"I wanna kiss"

"දවල් ගන්න බැරි උන කිස් එකද තාම ඔය ඉල්ලන්නෙ ම්ම්ම්"

"හ්ම්ම්ම්ම්🥺"

"තව ලගට එන්නකෝ"

"මම බිව්වට උබව මට වඩා මත්වෙලානෙ"

"ඔයාගෙ ඇස් දෙකේ තමා වැරැද්ද"

"මමත් සිහියෙන් ඉද්දි තරම් බිව්වම හොද නෑ හරිද ඒ හින්දා මාව අව්ස්සගන්නෙ නැතුව හිටහම්"

"Ohh I wanna see ur naughty side"

එහෙම කියන ගමන් මම එයාගෙ නලලේ ඉදන් පහලට මූන දිගේ මගේ ඇගිල්ලක් අරන් ගියා.

"තෝ නම් මටත් වඩා වනචරයි බබා"

එයා මගෙ කනට ලංවෙලා රහසින් වගේ කිව්වා.එයා එක පාරක්වත් යෙනෝන් කිව්වෙම නැද්ද මන්දා,සීනිබෝලෙයි,බබායි ඕවානෙ කිව්වෙ.

"ඔයානෙ මාව එහෙම කරවන්නේ"

"මම කරේ මේ මූන දිහා බැලුව එක විතරයි"

එයා හරි හෙමීට මගෙ මූන අතගාන ගමන් කිව්වා.

"අයියේ"

"ම්ම්ම්ම්"

"ඔයා මට කැමති නැද්ද"

"මොනාද මේ අහන්නේ ම්ම්ම්ම්ම්"

එයා ඒ විදියට රහසින් වගේ කතා කරද්දි,වොයිස් එක මට තව ගැබුරුයි වගේ දැනුනා.ම්ම්ම්ම්ම් දෙවියනේ ඒක නම් පිස්සුවා.......ක්.

"ඒකනෙ කිස් කරන්න කිව්වම මග අරින්නෙ"

"ඇයි බබා විකාර කියවන්නේ"

"මට මගෙ උම්මා එක දෙන්න එහෙනම්"

එයා ආපහු මගේ මූනෙන් අල්ලගත්තා.ඇස් දෙකත් හොදටම රතුවෙලා,ඒ උනාට  ඒ ඇස්වල ආදරෙ පිරිලා තිබුනා.

"සීනීබෝලේ"

"ම්ම්ම්ම්ම් මොකෝ"

"චුට්ටක් හිනාවෙනවකො ඕයි"

එයා එහෙම කියනගමන් මගෙ වම් පැත්තෙ කම්මුලේ ඩිම්පල් එක හැදෙන තැනින් ඇඟිල්ල තියාගත්තා.

"ඔයා ඒකට ආසද"

"ම්ම්ම්ම්ම්ම්"

ඊටපස්සෙ මම හිනාවෙන ගමන් එයාගෙ ඇගිල්ල අරගන ඩිම්පල් එක උඩ ඇගිල්ල අරන් ගියා.ඊටපස්සෙ එහෙමම මම එයාගෙ ඇගිල්ල මගේ බෙල්ලට අරන් ආවා.

"උබ අතගනිම් මගෙ එකාව අල්ලන්නෙ මට ඕන විදියට මම තනියම"

එයා එහෙම කියන ගමන් මගේ අත අයින් කරා.

"ඔයාගෙ එකාව එයාටම අල්ලගන්නත් තහනම්ද ඉතිම්"

"ඔව් මම ආස නෑ මගේ දේවල් කාත් එක්කවත් බෙදාගන්න"

"අම්මෝ ඔයාගෙ ඒවා ඔයාගෙ විතරයි.තියගඤ්ඤ ආ.."

එහෙම කියන ගමන් මම මගේ ඔලුව එයාගෙ පපුව උඩින් තිබ්බා.

"බබා"

"මොකෝ"

"බත් කකා නේද හිටියේ"

"ඔව්නෙ"

"ඉතිං කාලා ඉවර කරාද"

"තව තීනවනේ...ඔයා කෑ ගැහුව නිසා දුවන් ආවෙ"

"ම්ම්ම්ම්ම් එහෙනම් යමු කන්න"

එහෙම කියලා එයා  මම එයාගෙ ඔඩොක්කුවේ වාඩිවෙලා හිටිය විදියටම මාවත් උස්සගන කිචන් එකට ආවා.

"ඔයාටත් එක්ක මේකටම බෙදාගන මම කවන්නම්ද"

"ම්ම්ම්ම්ම්"

ඊටපස්සෙ මම එයාගෙ ඔඩොක්කුවේම පැත්තට වගේ වාඩිවෙලා.මමත් කන ගමන් එයාටත් කවන්න ගත්තා.

"සීනීබෝලේ"

"ඕ....."

"උබ දන්නවද මම මේ අව්රුදු ගානකට පස්සේ කාටහරි කියලා බත් කවාගන්නේ"

"ඈ.....බොරුනේ"

"ඇත්ත බං,මට අන්තිමට කැව්වෙත් උන හැදුන වෙලාවක අක්කා"

"ඇයි ඒ"

"මම ආස නෑ කව්රුත් මට කවනවට තියා මම කනවෙලාවට මගෙ කෑම එකට අත දාන්න එනවටවත්"

"එ-එතෝට ඔයා මේ කන්නේ කැමැත්තෙන් නෙවේද ඒයි"

"ඒම කැමති නැත්නම් මට කන්න බෑ කියනවානේ මම"

"ඒ කියඤ්ඤෙ ඔයාට මාව අව්ලක් නැද්ද ඒම"

"උබවයි අක්කාවයි අව්ලක් නෑ ඉතිං"

"අම්මායි තාත්තායි එතකොට"

"මම එයාලා එක්ක එච්චර ලග නෑනෙ බබා"

"මේ ඒයි"

"ම්ම්ම්ම්ම්"

"ඔයාලගෙ අක්කා මොනවගේද"

"ඇයි උබ දැකලා,මගෙ කෙල්ල කියලා හිතලා වනගත වෙන්නත් හැදුවේ"

"නෑ අනේ මම අහන්නේ ගතිගුන"

"අහ් ඒක නම් කෙටියෙන්ම  කිව්වොත්,උබේ ෆී මේල් වර්ශන් එක,තනිකරම උබ වගේම තමයි.උස,කියවිල්ල,කන්න කැමති කෑම,සීනි බෝල පාට ඇඳුම්,බොරු හුරතලේ.ඔය හැමදේම"

"අඩේ ඒමද ඒයි.ඒකද ඔයා මට කැමති උඤේ"

"ඒකත් හේතුවක් වෙන්න ඇති"

"උම්ම්ම්ම්ම්ම්මාහ්"

මම එයාගෙ කම්මුලට කිස් එකක් දුන්නා.

"මේ මොකෝ මේ ආ...."

"ආදරෙයිනෙ ඉචිම් මම"

"කෝ ඉක්මනට කමුකෝ ඕක,ඊටපස්සෙ යමු වොශ් දාලා නිදාගන්න"

"ම්ම්ම්ම්ම්ම් නිදාගන්න විතරමද ඇදට යමු කියන්නෙ ඒයි"

"නෑ උබව කෑලි කරලා පරන බඩු කාරයෙක්ට විකුනන්න හදන්නේ"

"අඤේ මේ මම පරන බඩුවක් නෙවේ හරිත,අලුත් ෆ්‍රෙශ්,බ්‍රෑන්ඩ් නිව් එකක් හරිත"

"උබ බඩුවක්ද ඉතිම් ම්ම්ම්ම්ම්ම්"

එහෙම කියන ගමන් එයා මගෙ කන හැපුවා.ඒක මට රිදුනෙ නෑ,ඒ උනාට ඇඟ හිරිවැටිලා යනවා වගේ එකක් උනා.දෙවියනේ ඇයි එයාගෙ හැම දේම මට මෙච්චර දැනෙන්නේ.

ඊලග කොටසින් හම්බෙමු

ආදරෙයි මං වෙනුවෙන් බලන් ඉන්න මගේ චොක්ලට් බිස්කට් ටිකට💗

🌼Daisy flower🌼

Share This Chapter