Back
/ 36
Chapter 29

29 කොටස

🖤My Peony🖤

"ඔයා වොශ් එකක් දාලා ඇදට යන්නකො අයියේ,මම වොශ් දාලා ඉන්නේ"

"මට තනියම යන්න බෑ"

"මේ ප්ලේට්ස් ටික හෝදලා ඉක්මනට එන්නම් මම"

"උබ ඔහොම කියව කියව ඉදලා තව දවස් දෙකකින් විතර යයි.ඊටපස්සෙ මම එපැයි ඒවා මතක් කර කර මේක ඇතුලෙ ඉන්න.ඉතිං ඒ නිසා උබ ඉන්න වෙලාවේ මට උබ ලග ඉන්ඩ දීපන්."

කෑම එක කාලා ඉවර උනාට පස්සෙ මම ඉතුරුවෙලා තිබ්බ ප්ලේට්ස් ටික හෝදන්න ගත්තා.ඊටපස්සෙ එයා ඇවිල්ලා මම ඇදගන හිටිය ටී ශර්ට් එකෙන් අල්ලගන පොඩි එකා වගේ මම යන යන තැනට පස්සෙන් එනවා.ඒම විතරක් නම් කමක් නෑ දැන් මාව තුන් හතර පාරක්ම කෙනිත්තුවාත් එක්ක.වොශ් දාන්න යන්න කිව්වට යන්නෙත් නෑ.අනේ මන්දා බිව්වාම නම් මෙයා තනිකරම පොඩි එකෙක්.

"ඇයි මම නැති උනාම පාලු හිතෙනවද?"

"හ්ම්ම්"

ඉතිං තව හේතු මොකටද මට හම්බෙලා තියෙන්නෙ මේ ලෝකෙ ඉන්න ආදරනීයම මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් කියන්න.හංග හංග ආදරෙ මහ හුඟක් දෙන එයා තනිකරම මැජික් එකක්.මම ඔයාට හරි ආදරෙයි මගෙ පියෝනි මල.එහෙම හිතන ගමන් මම එයා දිහා බලලා හිනා උනා.

"උබ ඔහොම බලලා හිනාවෙද්දි අපේ අක්කා වගේමයි බං,එතකොට මට අක්කා ලග වගේ උබ ලගදිත් කෙයාරින් ෆීලිං එකක් එනවා"

"ඉතිං මම කැමති එහෙම වෙනවට"

"දැන් වැඩ ඉවරනේ...යමුකො බබා"

"ඇත්ත මනුස්සයාට වඩා,බිව්වම ඉන්න මනුස්සයා හරි රොමෑන්ටික් නේත ඒයි"

"ඇයි බිව්වම ඉන්නේ බොරු මනුස්සයෙක් කියලද උබ හිතන් ඉන්නේ"

"ඒම නෙවේ අඤේ තේරුම් ගන්නකොව්ව්"

"ම්ම්ම්ම්ම්ම්"

"අහ් එන්න දැන් යමු වොශ් දාලා නිදාගන්න"

"ම්ම්ම්ම්"

එයා තාමත් පොඩි එකා වගේ මාව අල්ලගන පස්සෙන් එනවා.යා........හ් ඔයා මෙහෙම හැසිරෙද්දි මට ඔයාව හපඤ්ඤ හිතෙනවා මගේ බ්ලැක් පැන්තර්.හැමවෙලේම රොමෑන්ටික් නොවෙන මිනිස්සු ඉදලා හිටලා ආදරනීය වෙන්න ගත්තම ඒ ආදරේට යටවෙන උන් හරි පව්.මොකද උන්ගෙ හිත්  ආදරෙ දරාගන්න බැරුව පිස්සු නටන්න පටන් ගන්නවා.හරියට මට දැන් වෙලා තියනවා වගේ.

"අයියේ ඔයා දැන් වොශ් දාගන එන්නකො"

"බබා"

එයා මාව තවත් බදාගන්න ගමන් කිව්වා.

"ම්ම්ම්ම් මොකෝ"

"වැඩ කෙරුව නිසාද කොහෙද ඔයාටත් චුට්ටක් දාඩිය දාලානේද මේ බලන්නකො"

මේ වැස්සේ සීතලේ චුට්ටක්වත් දාඩිය දාලා නැති මම දිහා බලාගන එයා කියනවා.මේ සීතලේ ආය වොශ් දාන්න බෑ යකෝ මට.

"නෑ අනේ කෝ දාඩිය.මම වොශ් දැම්මානෙ"

"චුට්ටක් දාඩිය දාලා තියෙන්නෙ බබා ඒ උනාට"

එයා එහෙම කියන ගමන් මාව පිටිපස්සෙන් හග් කරගන ඉනේ දෙපැත්තෙන්  තදකරලා අල්ල ගත්තා.

"ම්ම්ම්ම්හ්ම් ඔච්චර තද කරලා අල්ලන්න එපා අනේ"

"ඇයි උබ රෝස මලක්ද ම්ම්ම්ම්"

දෙවියනේ එයාගෙ කටහඩ දැන් නම් ඒක මාර හොට් සෙස්සි වොයිස් එකක්.මට බෑ යකොව්ව්ව්ව්ව්!!! බොන්නෙත් නැතුව මගේ පියවි සිහිය ලෙප්ට් වේගන එන බවක් මට දැන් දැනීගන එනවා.

"ඔ-ඔව් ඒම පේන්නෙ නැද්ද"

"මෙහෙම බැලුවට පේන්නෙ නෑනෙ බබා"

"ම්ම්ම්ම්ම් අයියේ"

"මොකෝ මල්ලි බබෝ"

"ඔ-ඔයා ඇයි මෙ-මෙච්චර බිව්වේ අද"

"මගේ ගෙදර, මගේ මෝඩ පැටියා එක්කනෙ මම ඉන්නේ,ඉතිං කොච්චර බිව්වත් මොකද"

"මම විතරක්  ඈ ඉන්නේ විහඟයි ,අරූශුයිත් ඉන්නේ"

"ඉතිං මල්ලි බබාට බැරිද එයාලට ඇහෙන්නෙ නැතිවෙන්න කෑ ගහන්න ම්ම්ම්ම්ම්"

"මො-මොකක් මම කෑ ගැහුවේ නෑනෙ මේ දැනුත් රහසින් වගේ කතා කරන්නේ"

"උබ නම් බූරු පැටියෙක්ම තමා"

"හා හා ඔයා දැන් ගිහිම් වොශ් දාගන එන්නකො ඒයි මට චුට්ටක් නිදිත්මතයි"

"බෑ"

"ඈ ඒපාර මොකද"

"උබටත් දාඩිය දාලා තියෙන්නෙ වරෙන් යන්න වොශ් දාන්න"

"හයියෝ අයියේ මට දාඩිය නෑ ඕනෙ නම් අල්ලලා බලන්නකො"

එහෙම කියලා මගෙ ඉනේ තිබ්බ එයාගෙ අතක් අරන් බෙල්ලෙන් තිබ්බා.

"ශුවර්ද උබට දාඩිය නෑ කියලා ම්ම්ම්ම්"

බෙල්ල ලගින් තිබ්බ අත බෙල්ල දිගේ හරි හෙමීට මගේ ඇගම හිරිවැටිලා යන විදියට පපුව දිහාට අරන් යන ගමන් එයා ඇහුවා.

"අ-අයියේ"

"දෙන්නම ගිහිං එකට වොශ් කරමුකො බබා"

යා.......හ් ඔය විදියට අහද්දි දෙයියන්ගෙ නාමෙට කොහොමද යකෝ මම බෑ කියන්නේ.මේ මනුස්සයාගෙ වොයිස් එක මගෙ ට්‍රැක හොදටම පන්නනවා කඩව්ලේ මට බෑ...

"ම්ම්ම්ම්හ්හ්"

ඔන්න ඔච්චරයි මට කියාගන්න පුලුවන් උනේ.ඊටපස්සෙ මම එයාගෙ පැත්ත හැරිලා, බෙල්ල දෙපැත්තෙන් අත්දෙක දාගන්නවත් එක්කම එයා මාව වඩාගත්තා.දැන් නම් එයාටත් වඩා මට ඕනෙ වගේ එකට වොශ් දාන්න.ඒත් මේ මනුස්සයා වොශ් රූම් එකට එක්කම් යන්නෙ නෑ වඩාගන මං දිහා බලන් ඉන්නවානෙ"

"අයියේහ්"

"මොකෝ"

"ය-මුකෝ අනේ"

"කොහෙ"

"වොශ් දාන්න අනේ"

"දැන් බෑ කිව්වේ සීතලයි කිය-  බබා මොකද මේ කරන්නේ උබගේ ට්‍රැක් මාර විදියටනේ මාරුවෙන්නේ"

එයා කියන්න හැදුව එක කියන්න කලින් මම මගේ ටී ශර්ට් එක ගැලෙව්වා.

"ලෙස් ගෝ ඉචිම්"

එයාගේ බෙල්ල බදාගන,මගේ කම්මුලක් එයාගෙ මූනට හේත්තු කරන ගමන් මම කිව්වා.

ඊටපස්සෙ එයා මාවත් වඩාගන වොශ්රූම් එකට ගියා.බීලත් ඉන්න නිසා පුදුමයි වැටෙන්නෙ නැතුව ගියා.ඒ උනාට මටත් ඉතිං එසේ මෙසේ අසහනයක් නෙවේනෙ තියෙන්නෙ ඒ නිසා ඒ වෙලාවෙ ඕවා මොකුත් ගානක් උනේ නෑ.

මාව බිමින් තියලා එයා එයාගෙ ශර්ට් එකත් ගැලෙව්වා.හේ හේ ෆීලිං ඕසම් ඉතිං.මගෙ වගේ නෙවේ එයැයිගෙ සිස් පැක් තියනවා.දැන් නම් හිත කියන්නෙ ඕක අල්ලලා බලපාන්න්න්න් කියලා.මම හිත මෙල්ල කරගන්න සෑහෙන ගේමක් දෙනගමන් හිටියේ.

"ඕනෙ නම් අල්ලන්න ඉතිං"

එයා  නිකටෙන් අල්ලලා මගේ මූන එයාගෙ පැත්තට හරවගන්න ගමන් කිව්වා.

"😳"

"මොකද යකෝ මේ රතුවෙලා.කට විතරයි උබේත්"

එහෙම කියන ගමන් එයා මගේ අතක් අරගන එයාගෙ පපුව උඩින් තිබ්බා.මම හෙමීට මගේ ඇගිල්ලක් පපුවේ ඉදන් පහලට අරන් ගියේ ඒකට ඇඩික්ට් වෙලා වගේ.අන්තිමට මගේ ඇඟිල්ල එයාගෙ ඉනේ ශෝට් එක තිබ්බ තැනින් නැවතුනා.ඊටපස්සෙ මම සේප් එකේ ඔලුව උස්සලා එයා දිහා බැලුවා.එයා එතකොටත් මගේ දිහා බලන් හිටියේ.

"මොනාද හොරා වගේ බලන්නෙ ආහ්"

එහෙම කියන ගමන් එයා තව ටික ටික මගෙ ලගට එන්න ගත්තා.ඊටපස්සෙ මම ටික ටික පස්සට ගිහිම් බිත්තියකට හේත්තු උනා.එතකොටම එයා ශවර් එක ඇරියා.

"ආ.....හ් අයියේ සීතලයි අනේ"

"ගොඩක් සීතලද ම්ම්ම්ම්"

එහෙම කියලා එයා මාව හග් කරා.දැන් අපි දෙන්නම ඉන්නෙ ශවර් එක යට.මොකුත්ම කතා නොකර අපි දෙන්නා ගොඩක්වෙලා හග් කරගන ශවර් එක යට හිටියා.

එරෝන් අයියා මගේ මූන දිහා බලන් හිටියා.එයාට තිබ්බේ ගැබුරු තද කලුපාට තියුනු ඇස් දෙකක්.ඒ නිසාමද කොහෙද ඒ බැල්ම මට දරාගන්න පට්ටම අමාරුයි.මම හිතන්නේ මගේ මූනෙ එක රේකාවක්වත් ඒ ඇස් වලට මිස් වෙන්න නැතුව ඇති.

"උබේ නහය උඩ මේ ලපයක්ද බං තියෙන්නෙ"

"ඔව් අනේ අද ද ඕක දැක්කේ"

එහෙම අහන ගමන් මම තව තද කරලා එයාව බදාගත්තා.මම හොදටම රොමෑන්ටික් වෙලා ඉන්නේ.කෙටියෙන්ම කිව්වොත් මම දැන් මගේ පාලනේ යටතේ නෙවේ ඉන්නේ.අව්ට් ඔෆ් කන්ට්‍රෝල්.බීලා හිටියත් එයාටම තමා ඕනෙ නම් මාව කන්ට්‍රෝල් කරන්න වෙන්නෙ.බැරිවෙලාවත් එයා එහෙම කරේ නැත්නම්....ඉතිං මට මොකද හුම්.

"ඒක ලස්සනයි"

"කෝක?"

එහෙම අහන ගමන් මම එයාගෙ පපුවට කිස් එකක් දීලා එයා දිහා බලාගන හිටියා.

"ඔ-ඔහොම බලන්නෙ ඇයි කියහංකො"

"ඇයි"

එහෙම කියලා මම එයාගෙ පපුවේ ඉදන් ශෝට් එක පටන් ගන්න තැනට යනකම් හෙමීට ඇගිල්ල අරන් ආවා.

"මමද බිව්වේ උබද ආහ්"

"ඔයා බිව්වට මත්වෙලා තියෙන්නෙ මම.ඉතිං අනිත් දවසේ බොද්දි චුට්ටක් පරිස්සමින් බොන්න ම්ම්ම්ම්"

මම ඒම කිව්වට පස්සේ එයා ටික වෙලාවක් මගේ මූන දිහා බලාගන හිටියා.

"මේ වොශ් දැම්මා ඇති වරෙන් යන්න නිදාගන්න"

එහෙම කියලා ශවර් එකත් ඕෆ් කරලා එහා පැත්තේ තිබ්බ ටවල් එකක් අරන් මට දීලා, එයාත් ටවල් එකක් අරගන බාතෲම් එකෙන් එලියට ගියා.ඒ උනාට මට තව එයාව ඕනෙ තව ගොඩක් වෙලා එහෙම ඉන්න ඕනෙ.එයා අඩුම තරමේ මට කිස් එකක්වත් දුන්නේ නෑ.පුම්චි හිත හොදටම රිදිලා තියෙන්නෙ ඇයි යකොව්.දාම ගාතකයා මම තව්සෙ එක්ක තරහයි.මම මේ ඔක්කොම නවත්තලා වනගත වෙනවා.එකෙක්වත් එපා මට ඇයි අප්පා මොන වස්තරයක්ද මේක.

මම ටවල් එක පැත්තකින් තියලා ආයෙත් ශවර් එක ඇරලා ඔහේ හිටගන හිටියා.මගුල එයාමයි බලෙන්ම වොශ් දාන්න එක්කම් ආවෙ.දැන් මාව මේක අස්සේ දාලා ගියා.මටෝන්නෑ තව්සෙව මෝඩ යස්ස දාම ගාතකයා.මගෙ හිත් අහිම්සක වැඩියි ඇයි යකොව්.තිබ්බ තරහටත් එක්ක මම මගේ දබර ඇඟිල්ලේ තිබ්බ නියපොත්තක් හපාගන හපාගන ගියා.

"ඒ සීනීබෝලේ තමුසෙ ඕක ඇතුලේ පීනනවද,එලියට එනවා"

එයා එලියේ ඉදන් කෑ ගහනවා මට ඇහුනා.ඒත් මම ඇහුනේ නෑ වගෙ තවත් තදට නියපොත්ත කාගන කගන යන ගමන් සද්ද නැතුව හිටියා.මේ අද දවසට මේ මනුස්සයා මගෙ යකා ඇවිස්සුව දෙවනිපාර.හිතුනොත් යන්නෙම නෑ එලියට.මේක ඇතුලෙම නිදියනවා.

හායි මගේ චොකො බිස්කට් ටික,අනේ පරක්කු උන එකට  සමාව බාජනයකට දාලා දෙන්න හරිත.long weekend එකට ගෙදර ආවනෙ, ඉතිං ගෙදර මිනිස්සුන්ගෙන් බේරිලා හිත එකතැනකට අරන් කතාව ලියන්න සෑහෙන ගේමක් දෙඤ්ඤ උනා.

ඒ මොනා උනත් සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ😪

ඊලගපාර නම් ඉක්මනට එන්න පොමිස් වෙනවා.ආතරෙයි උම්මහ්.බා.....යි

🌼Daisy flower🌼

Share This Chapter