Back
/ 36
Chapter 31

31 කොටස

🖤My Peony🖤

"අරූශ් අර මල්ලිලාගෙ ගෙදර යන්න ඕනෙ කියලා රන්ඩු කරනවා බං."

"මො-මොන මල්ලිද"

"අර පොඩි එකා බං උගේ කොල්ලා"

"ක්-කෝ දැන් අරූශ්"

"මම ඌගේ කනට එකක් ගහලා කාමරේ දොරත් ලොක් කරලා දාලා ආවෙ මේ"

ඒපාර මූ මේක කිව්ව විදියට මට හිනා යන්නත් ආවා.යකෝ අර වෙරිමරගාතේ ඉන්න එකාගෙ කනට ගහලා ලොක් කරලා ඇවිත්.කමක් නෑ එක්කෝ මූටත් වෙරිනේ.අද මේ යක්කු තුන්දෙනා බීලා තියෙන්නෙ හොදටම ට්‍රැක් පනින බ්‍රෑන්ඩ් එකක්ද කොහෙද.

"ඇයි ඒ ලමයට මොකක් හරි අව්ලක්ලුද?"

එරෝන් අයියා ඇහුවා.මම හිතන්නේ එයා ඒ ලමයා කියලා අදහස් කරේ අරූස්ගෙ මල්ලි බබාව වෙන්ටෝනෙ.අපේ එකාත් තාම ඒකට උත්තරයක් දුන්නේ නෑ.මම හිතන්නේ ඌත් මං වගේ කල්පනා කරනවද කොහෙද එරෝන් අයියා "ඒ ලමයා" කිව්වේ කාටද කියලා.

"ඒ ලමයා කිව්වේ අරූශ්ගේ මල්ලි බබාද අයියේ"

"ඔව් ඔව් බං"

"අහ් ඔව්නේ,ඌ මොකක්ද ක්ලාස් එකක් ඉවරවෙලා එද්දි වෙනදට වඩා පරක්කු වෙලා.ඊටපස්සෙ උගේ අයියා කොහෙද ගියේ කියලා අහලා ඌට හොඳටම ගහලා.

පස්සේ රූම් එකට ඇවිත් අපේ එකා පොඩි එකාට වීඩියො කෝල් එකක් ගත්තම ගැහුව තැන්වල නිල් වෙච්චි ඒවා දැකලා,ඊටපස්සෙ අරූට බැනලා බැනලා අහගන මොකද උනේ කියලා.කොල්ලා හොදටම අඩලා මූට තවත් අව්ල ගිහිම්.පස්සේ ඉතිං අපේ වීරයා මල්ලි බබාගෙ අයියාට ගහලා මල්ලි බබාව එක්ටැම් ගෙයින් උස්සන් එන්න තමා යන්න හදන්නේ."

"එතකොට මිස්ටර් විහඟ උබ හිතනවද අපි තුන්දෙනා මෙතන සාම සාකච්ඡා ඉවර කරනකම් ඒ සැබෑ පෙම්වතා කාමරේ ඇතුලේ හිරවෙලා ඉදයි කියලා."

මම විහගගෙන් ඇහුවා.මොකද මම දන්නවානෙ අරූස්ගෙත් හැටි.බිව්වම හොදටම ට්‍රැක්නෙ.

"අහ් ඒක අව්ලක් නෑ මම ඌව ඇඳෙත් බැදලා ආවේ"

"හුත්තෝ"

මූ කිව්ව එකට ලේසියෙන් කුනුහරප කියන්නෙ නැති මටත් කුනුහරප කියවෙනවා ඉතිං.අම්මටහුඩු එතකොට තමා මම දැක්කේ ලොකු බොස් මං දිහා භූතයෙක් දිහා බලනවා වගෙ බලන් ඉන්නවා.කමක් නෑ බනින එකක් නෑ කොලුකමට කිව්ව කුනුහරපයක්නෙ අඤේ.

"අඩෝ අව්ල්ද බං ඌව ගැට ගැහුව එක"

ඒපාර මූ අඩන්න වගේ මූන හදාගන අපි දිහා බලන් ඇහුවා.එතකොට තමා මට මතක් උනේ බිව්වම සෙනෙහෙලතා අඩනලතා වෙනවා කියලා.

"නෑ නෑ අව්ලක් නෑ බං එච්චර හිතන්න එපා"

මම එහෙම කියන ගමන් විහගයාගෙ අතින් අල්ලගත්තා.

"හා හා දැන් යමන්කො මල්ලි අරකව ලෙහමු"

එරෝන් අයියා එහෙම  කිව්වා.එයැයිටත් අව්ල් යන්න ඇති කාමරේ එකෙක් බැදලා තියනවා කිව්වම🤣.අපේ එකාටත් හොදටම ට්‍රැක්නෙ ඉතිං.පව් අරූ.

අයියා එහෙම කිව්වා විතරයි විහඟයා මාවත් ඇදගන කාමරේ දිහාවට දිව්වා.

"හෙමින් දුවපන් පගෝර්"

මමත් කෑ ගහන ගමන් ඌගෙ පස්සෙන් ආවා.මම හිතන්නේ අයියාත් එනවා ඇති පිටිපස්සෙන්.කොහොමහරි කාමරේට ගිහිම් දොර ඇරියට පස්සේ මාව කන්පියුස් උන්ගා බුන්ගා උනා.දෙයියන්ගේ නාමෙට මේක අද දවල් මම කලින් දැක්ක කාමරේද කියලා සැක හිතෙන තරමටම මුන් දෙන්නා මේක හැඩි කරලා.ඒ අස්සේ අරූගේ අත් දෙක බෙඩ් ශීට් එකකින් ඇඳේ ගැටගහලා,ඌ දාගන ඒක හපනවා ලෙහා ගන්න වෙන්න ඇති.අනේ දෙවියනේ මගෙ අහිම්සක මිනිහගේ පුම්චි නිවසට මුන් දෙන්නා මොනාද මේ කරලා තියෙන්නෙ.

"විහඟ ඇත්ත කියහන් තොපි දෙන්නා බඩසමයක්වත් කරාද"

"ඔව් ඔව් කරා 🖕 මේක, ඇයි යකෝ මූ එක්ක දගලලාම මගෙ පන ගිහිම් තියෙන්නෙ හුත්ත"

"අනේ මන්දා බං මට තේරෙන්නෙ නෑ"

"තෝ තේරුම් ගන්න එපා ඤං ඤුං ගගා එරෝන් අයියා ලගට වෙලා හිටපන්කො ප්ලීස්.නැත්නම් උබත් මෙතන කියවන්න ගත්තොත් අම්මපා අරූගේ එහා පැත්තෙන් තෝවත් ගැටගහනවා"

අපි දෙන්නා කියව කියව ඉද්දි අයියා රූම් එකට ඇවිල්ලා අරූශ්ව ලිහුවා.ඇත්තට ඇයි මට ඒක කරන්න බැරි උනේ.කොහෙ කරනවද මේ කාමරෙ දැක්කම උතුර දකුන මාරු උනානෙ.ඒ උනාට අයියට නම් ගානක්වත් නෑ වගේ.යකෝ මේක මගෙ ගෙදරද මුගෙ ගෙදරද.මුන් ඔක්කොටම හොදටම ට්‍රැක් පැනලා තියෙන්නෙ මම දන්නෙ එච්චරා........යි.

"අ-අයියේ මගේ පොඩි එකා"

අයියා ගිහිං අරූශ්ව ලෙහුවට පස්සේ ඌ ආය කියව කියව අඩන්න ගත්තා.

"දැන් මොකුත් කරන්න බෑනෙ බං කියන දේ අහලා නිදාගනිං.ඊටපස්සෙ හෙට ගිහිම් ඌව එක්කම් එමු"

"එහෙනම් මට හෙට එයාව ගෙනත් දෙනවද අයියේ"

ඒ පාර මූ පොඩි එකෙක් තාත්තිගෙන් චොකෝ ඉල්ලනවා වගේ මගේ මනුස්පයාගෙන් උගේ මල්ලි බබාව ඉල්ලනවා.අනේ මන්දා බිව්වම මුනුත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

"හරි අනිවාරෙන් ගෙනත් දෙන්නම්,දැන් උබලා දෙන්නා වොශ් එකක් දාගන ගිහිම් මගේ කාමරෙන් නිදාගනිං"

වට්ද...මේ මනුස්සයා මුන් දෙන්නව අපේ රූම් එකට යවලා මහ රෑම මේක අස් කරන්න නම් යන්නේ ඇත්තමයි මම වචනෙකවත් උදව්වක් දෙන්නෙ නෑ රෙද්ද මුන් එක්ක ඔට්ටුවෙලා මටත් මහන්සිනෙ😒

"එතකොට මේ ගස් ගදයෝ දෙන්නා නිදාගන්නේ අපේ රූම් එකේද අයියේ"

මම අරුන් දෙන්නව අව්ස්සන්නත් එක්ක අයියාගෙන් ඇහුවා.

"අපේ රූම් එක.......🤣 යකෝ එරෝන් අයියේ මේ බලහන්කො මූ.දවස් දෙක තුනට ඒක අපේ රූම් එකත් වෙලා.මැක්කෙක් ගිය උඩ කිව්වලු."

අම්මටහුඩු මම එහෙමද කිව්වේ.මට ඕනෙ උනේ ගස් ගදයෝ දෙන්නා  කියලා මුන් දෙන්නව අව්ස්සන්න අන්තිමට උනේ මේ අසරනයාටම කෙලවෙච්ච එක.වරදක් කලත් සිතකින් නොවේ....

"හ-හරි ඉතිං මම කිව්වේ උබලා ලග ගස් ගඳයිනේ"

"අනේ මේ පලයන් පොඩි එකා යන්න.අරූස්ටයි මටයි ඕනෙ නම් හෙටත් ඒ කාමරේ නිදාගන්නවා.මැරෙනකම්ම ඒකෙම ඉන්නවා නිකම් නෙවේ,එරෝන් අයියව මැද තියාග බදාගන උම්මා එකකුත් දීලා නිදාගන්නේ.ප්‍රශ්න තියනවද උබට ඈ ඈ."

"අනෙ මට මොකද"

ඒ උනාට මුන් දන්නෙ නෑනෙ මේ මිනිහට වෙන කව්රු හරි වැලදගන්න ආවම ඇලජික් කියලා.

"උබ කියන්නේ මට බෑ කියලද"

"නෑ නෑ උබට පුලුවන් දැන් දෙයියන්ගෙ නාමෙට ගිහිම් නිදාගනිම් දෙන්නා එක්ක අර කාමරෙත් බඩසම නොකර ඈ."

"මේ ඒක නෙවේ අරූස් උබ මා එක්ක තරහද බං,බේරන්නම බැරි තැන ඕයි ඇඳේ බැන්දේ.උබට මාර හයියක්නෙ තියෙන්නෙ."

විහඟයා එහෙම කියන ගමන් අරූශ් ලගට ගියා.ඌ පොඩි එකා වගේ විහඟ දිහා බලලා රවලා අහක බලාගත්තා.

"අනේ මේ තෝ තරහා උනාට මම තරහා නෑනෙ වරෙන් යන්න"

එහෙම කියන ගමන් විහඟ,අරූශ්ව බ්‍රයිඩ්ල් ස්ටයිල් එකට වඩා ගත්තා.අමෝර් අමෝර් ටොප්ලා හැසිරෙන විදියද මේ සැක් මටත් ලැජ්ජයි වගේ.බොටම් කෙනෙක් වෙලා මීට වඩා ගෞරවනීය විදියට මම ඉන්නවා හුම්.අරූශුත් ගානක්වත් නැතුව විහගගේ බෙල්ල වටෙන් අතදාලා ඔලුව පපුවට හේත්තු කරගත්තා.

"අමෝර් අමෝර් මේවනෙ යකෝ රොමෑන්ස්."

මම විහඟයාගෙ පම්සට පයින් එකක් ගහන ගමන් කිව්වා.

"අනේ මේ යෙනෝන් තොටවගේ වට්ටක්කයක් වගේ ලොකු පුකක් මට නෑනෙ තියන එකටත් ගහලා තලන්න එපා."

"ම්ම්ම්ම්ම්ම් කමක් නෑ පැටියෝ මම චුට්ටක් ගහන්නම්"

මම එහෙම කියන ගමන් විහඟව අරූශ් එක්කම බදාගන උගේ මූන දිහා බලලා ආකර්ෂණීය ලෙස ඇහිපිල්ලම් ගැහුවා.

"ම්ම්ම්ම්"

අම්මටහුඩු එරෝන් අයියා උගුරපාදන සද්දෙන් තමා මට මතක් උනේ මගේ ඇත්තම මිනිහාත් මෙතන ඉන්නවා කියලා.සැක් මගේ නම්බුව ලෙප්ට්නෙ ඉතිං.

"එහෙනම් අයියේ මායි මූයි නිදාගන්නම්,මේ ඒක නෙවේ එතකොට උබලා දෙන්නා කොහෙද නිදාගන්නේ"

බිම තිබ්බ බඩු අස්කරන ගමන් හිටිය එරෝන් අයියා දිහා බලලා විහඟ කිව්වා.ඒ වෙලාවෙම මාත් සේප් එකේ උන් දෙන්නාගෙන් එහාට උනා.ඇයි දෙවියනේ දෙපැත්තක් බැලන්ස් කරන්නත් ඕනෙනෙ.

"තව රූම් තියෙන්නෙ බං අපි නිදාගන්නම් උබලා යමන්"

"ඕකේ එහෙනම් කෝල්ලෝ අපි ගියා දෙන්නටම ගුඩ් නයිට් ඇන්ඩ් හැපි හනිමූන් ඈ"

යකෝ මූ ඇගට නොදැනී කිව්ව කතාව.බේසිකයා කනවා තෝව මම හෙට උදේට.මම විහඟට රවන ගමන් හිතුවා.

"හරි දැන් උන් දෙන්නා ගියානෙ උබත් ඕනෙ නම් යමන්"

අයියා මගේ දිහා බලන්නෙවත් නැතුව කිව්වා.යකෝ මේ මනුස්සයාට යකා නැගලවත්ද.මම මොනාද කරේ දෙවියනේ.මේ අහිම්සකයාමයි හැමෝගෙන්ම තැලෙන්නේ.

"මාත් උදව් කරන්නද අස් කරන්න"

"අනේ නෑ එපා උබ උබේ වැඩක් බලාගනිංකෝ"

"ඇයි අනේ බනින්නේ"

"මම දැන් බැන්නද උබට ආහ්, වැඩක් බලාගනිං කියලා කිව්වේ"

"ඒ උනාට ඔයා තරහින්නෙ ඉන්නේ"

"මගෙ යකා තවත් අව්ස්සන්නෙ නැතුව අර එහා පැත්තේ රූම් එකට ගිහිම් නිදාගන්නවද"

"ඔ-ඔයත් එනවද"

"නෑ මම මේකේ නිදාගන්නේ දැන් යමන්"

එයා මගේ දිහා බලන්නෙත් නැතුව හැබැයි සැරෙන් කිව්වා.අනේ මන්දා බිව්වම මේ මිනිස්සුන්ට මොනා වෙනවද කියලා.ඒ උනාට මගෙ හිතටත් හරි නෑ වගේ.මොනා උනත් මමත් වැරදි වැඩේනෙ කරේ.මට ගානක් උනේ නෑ මගෙ මිනිහා ජෙලි බකට් එකක් කියලා.

ඊලග කොටසින් හම්බෙමූ..

බායි මගේ චොකෝ බිස්කට් ටික ආතරෙයි😘🍪💗

පමාවට සමාවෙන්න දරුවනේ.ඔයාලගෙ මෝඩ ඕතර්ට වැඩ ගොඩ ගැහිලා හැමදේම මිස් උනා.ජීවිතේට ගොඩක්ම වටින දේවලුත්🌙🖤.

දැන් මම මේ ආය ටික ටික ඒවා හදාගන්න ගමන් ඉන්නේ.මට තේරෙන්නෙ නෑ අප්පා සමහර වෙලාවට හේතුවක් නැතුවම පට්ට මහන්සියි.ඒ වෙලාවට මොකුත්ම කරන්න හිතෙන්නෙ නෑ.Anyway ඊලග එපිසෝඩ් එක අරන් මම ඉක්මනට එනවා එතකම් පරිස්සමින් ඉන්න ආතරෙයි💗

🌼Daisy flower🌼

Share This Chapter