Back
/ 36
Chapter 32

32 කොටස

🖤My Peony🖤

"තොට එදාම මම කිව්වා මම මගේ දේවල් කාත් එක්කවත් බෙදාගන්න කැමති නෑ"

අපි දැන් මේ ඉන්නේ විහඟලා බඩසම කෙරුව රූම් එකට එහා පැත්තේ රූම් එකේ.බැනලා බැනලා මාව මේ රූම් එකට එලවලා අයියා තනියම අරක අස්කරලා දැන් ටිකකට කලින් තමා ආවේ.එතකොට මේ වෙද්දි  මම මේ කූඩැල්ලෙක් වගේ එයාගෙ ඇගේ එල්ලිලා යාලු කරගන්න දිවි හිමියෙන් කැපවෙන ගමන් ඉන්නේ.

විහඟ එක්ක චුට්ටක් flirt කෙරුව එකට තමා මේ මිනිහගේ යස්සයා අරූඩ වෙලා තියෙන්නෙ. බීලනේ ඉන්නේ ඒකයි අද ඔය වැඩි.දැන් ඉතිං බැනුම් අහපන්කොව්.

"ඉචිම් මම කාගෙවත් උනේ නෑනෙ අයියේ"

"අනේ යමන් යන්න මගුල මගෙ ඇගේ එල්ලෙන්න එන්න එපා යෙනෝන් මම කැමති නෑ"

එයා ඒක ටිකක් සැරෙන් කිව්වා.රෑ නිසා කිසිම සද්දයක් නැති හින්දාද කොහෙද එයාගෙ කටහඩ මට සද්දෙන් ඇහුනා.මම හිතන්නේ මම එකපාරට බය උන නිසා ඉබේම එයාගෙන් ඈත් උනා.

ඊටපස්සෙ සේප් එකෙ ඇදට ගිහිම්.එයාටත් නිදාගන්න ඇතිවෙන්න ඉඩතියලා,ඇඳේ කොනට වෙලා මම නිදාගත්තා.මට නිදාගද්දි,කකුල් දෙක අස්සෙන් දාගන්න කොට්ටයක් ඕනෙ.එහෙම නැත්නම් අත්දෙකවත් දාගන්නවා.(කැත විදියට හිතන්න එපා ඈ උබලා කොට්ට බදාගන නිදාගන්නවා වගේ මම එහෙම නිදාගන්නේ).

"මොනාද ඔය කකුල් දෙක අස්සේ අත්දෙක තියාගන කරන්නේ ම්ම්ම්ම්"

රස්නෙ හුස්ම පාරක් මගේ කම්මුල් වල වැදෙන ගමන් එයාගෙ කටහඩ ගැබුරු විදියට ඒත් රහසින් මගේ කන ලගින්ම ඇහුනා.

"අ-අයියේ බය කරන්න එපා අනේ"

"කියනවාකො මොනාද ඔය කරන්නේ කියලා ම්ම්ම්"

එයා මගෙ අතකට ගහන ගමන් ඇහුවා.

"මෙහෙම තමා අනේ මම නිදාගන්නේ,එක්කෝ කොට්ටයක් ඕනෙ නැත්නම් ඉතිං අත්දෙක,ඔයා හිතන දෙයක් කරන්නෙ නෑ,මේ....අත්දෙක නිකම් තියෙන්නෙ"

එයාට අත්දෙක පෙන්නන ගමන් මම කිව්වා.

"වෙනදට ඕම දැකලා නෑනෙ මම"

"වෙනදට ඉතිං ඔයාව බදාගන ඇග උඩින් කකුලක් දාගනනෙ නිදාගන්නේ එතකොට මෙහෙම ඕනෙ නෑ."

"කලින් කිව්වා නම් මගේ අත්දෙක දෙනවානෙ උබට ඔහොම තියාගන්න"

හරි ලස්සනයි වෙරි ගුඩ් ඉදලා ඉදලා කිව්ව වනචර කතාව.ආස ඇති හුම්.

"අයියේ තමුසෙ නම් මහ වනචරයි අනේ"

"මෙන්න මෙහෙ වරෙන් ඇඳේ කොනටම වෙලා මගුලක් කරන්නෙ නැතුව"

මෙච්චර වෙලා එයා එක්ක තරහාවෙලා ඇදේ කොනටම වෙලා හිටිය මාව එයා,කුනු වෙච්චි මාලු කෑල්ලක් වගේ උස්සලා ලගට ගත්තා.

"චුට්ටක් ආදරනීය විදියට ලගට ගන්නවකො මනුස්සයෝ"

"අනේ මේ නැලවෙන්නෙ නැතුව හිටපන්"

"මොනාද අයියේ,මට වෙන කාරුත් නෑනෙ නැලවෙන්න"

මම එහෙම කියලා රවන්න ඕනෙ නිසා එයා දිහා බලනකොටත් එයා මගේ දිහා බලාගන හිටියා.කටින් කිව්වේ චුට්ටක්වත් ආදරෙ නෑ කියලා උනාට ඒ ඇස් දෙක ආදරෙනුයි,තව මොකක්දෝ මන්දා මට කියන්න තේරෙන්නෙත් නැති හැබැයි මට දරාගන්නත් බැරි හැඟීමකින් පිරිලා තිබුනා.ඔව් ඔයා තමා ලියලා තියන භාශාවක් දන්නෙ නැති.ඒත් මම හැමදේටම වඩා කියවන්න කැමති මං වෙනුවෙන්ම ලියවෙච්ච පොත.ඉතිං ඒක කියවන්න මොන විදිහේ කට්ටක් කන්න උනත් කමක් නෑ මම ඒක හරි ආදරෙන් දරාගන්නවා.අනේ මන්දා මට කියන්න තේරෙන්නෙ නෑ එරෝන් කියන්නේ හැඟීම් ගොඩක්.හැබැයි ඒ  ඇස් වලින් විතරමයි ඒවා තේරුම් ගන්න පුලුවන්.මොකද එයාගේ හිත ඇතුලේ තියන ලස්සන දේවල් හංගන්න එයා හරි දක්ශයි.ඉතිං මට ඒ ඇස් දිහා කොච්චර බලාගන හිටියත් ඇතිවෙන්නේ නෑ.දෙවියනේ මට හරි ලෝබයි මේකා මගේ විතරමයි නේද.මම තමුසෙට පැලෙන්න ආදරෙයි මගේ පියෝනි මල.

"මොනාද බං ඔච්චර බලන් ඉන්නේ"

මගේ නහයට හෙමීට තට්ටුවක් දාන ගමන් එයා ඇහුවා.

"අයියේ"

"ම්ම්ම්ම්"

"මම ආදරෙයිනේ ඔයාට"

"මොකද මේ"

"මාව දාලා යන්නෙ නෑනේද ,යන්න හැදුවත් මම යන්න දෙන්නෙ නෑ තව්සෙට,

"කොහෙ යන්නද බං මම,මෙන්න මෙහෙ වරෙන්"

එහෙම කියන ගමන් එයා මාව උස්සලා එයාගෙ ඇග උඩට ගත්තා.හම්මෝ මේ මනුස්සයා ලග සුවඳ.කන්න හිතෙනව යකෝ ඒ පාර නම්.

මම ආයෙත් ටික වෙලාවක් එයාගෙ මූන දිහා බලන් ඉදලා එයාගෙ මූනේ මගේ දිව ගෑව්වා.

"බබා ඕක නවත්තන්නකෝ"

"අනේ අනේ හොරගෙඩියා කිචි නේත මේ goosebumps දාලා,චුට්ටක් දිව ගෑවත් ඉන්න බෑනෙ අනේ ඔයාට,ඔහොම නම් හරි යන්නෑ හරිතේ"

"හරි එහෙනම් කාපම්කො මාව"

"බෑ අනේ කෑවම ඔයාට රිදෙනවානෙ,මම ආස නෑ රිද්දන්න😌"

"මම නම් ආස උබට රිද්දන්න"

එහෙම කියන ගමන් එයා එයාගෙ අත මගේ පිටිපස්සට අරන් ගිහිම් කිති කැවෙන තරම් සොෆ්ට් විදියට අතගෑවා.

"ම්හ්හ්හ්හ්"

මට ඔතනින් එහාට මොකුත් කියාගන්න බෑ ඉතිං,මා නිරුත්තරයි ස්වාමීනී.ඒ පොඩි ටච් එකට මගේ ඇග හිරිවැටිලා සකබුම් වෙලා යනවා.මේ මනුස්සයා මැජික්කාරයෙක්ද මන්දා පොඩි ටච් එක්කින් මාව වෙනම ලෝකෙකට එක්කම් යනවා.ඒ උනාට වැඩක් නෑ තාම ලිප් කිස් එකක් දුන්නෙ නෑනෙ.මට එකපාරටම ඒක මතක් උනා.

"මම තරහයි මාව ඇදෙන් තියන්න"

එහෙම කියලා මම එයාගෙ පපුව අස්සෙ මූන හංගගත්තා.

"මොකද ඕයි එකපාරටම"

"මගෙ ලිප් කිස් එක තාම දුන්නෙ නෑ"

"ආදරෙන් ඉද්දි රන්ඩු වෙන්න හේතු මතක් නොකර ඉන්නවද යෙනෝන්"

"ඉතිං අයියේ ඒක වැරැද්දක් ඈ"

"හැමදේම වෙන්න ඕන වෙලාවට වෙයි,උබ පැහෙන්නැතුව හිටහං යෙනෝන්"

"ඔයාට ඕනෙ නම් කියඤ්ඤ මම  වෙලාව බලලා,නැකතක් හදලා දෙන්නම්"

"මේ උබ කියහංකො ඔය ඤං ඤං ගගා කතා කරන්න ගත්තෙ කොයි කාලෙද කියලා?පිස්සෙක් වගේ"

"ඒම හැමෝම එක්ක කතා කරන්නෙ නෑ අඤේ චුට්ටක් හුරතල් වෙන්න ඕනි උනාම වගේ තමා ඒම කතා කරන්නෙ"

"කී දෙනෙක් එක්ක ඒම හුරතල් උනාද දන්නෑ"

"අම්මා එක්කයි ඔයා එක්කයි විතරයි ඒයි"

"එතකොට ex?"

"ඒකි කෙල්ලෙක්නෙ එතකොට මට හුරතල් වෙන්න වෙලාවක් නෑ ඒයා හුරතල් වෙන්න ගත්තම,අනික අපේ ලව් එකේ ගොඩක් තිබ්බේ වලිනෙ"

"හා දැන් ඔය කතාව ඇති.මගුල,මම උබෙන් ඔච්චර හැල්ලක් ඇහුවෙ නෑනෙ"

"ඉතිං ඒයි ඔයානෙ ex ගැන ඇහුවෙ හුම්"

"යෙනෝන් අහන්නකො"

"මොකක්ද ඒයි"

මම දන්නවා දැන් මෙයා මේ කියන්න යන්නෙ හරි ලොකු කතාවක්.එයා මේ විදියට කතා කරන්න ගත්තම මට ස්පෙශල් විදියට දැනෙන්නෙ එයා ලේසියෙන් එහෙම කතා කරන්නෙ නැති නිසා.ඉතිං එයා මෙ විදියට කතා කතාවක් පටන් ගද්දි මම මොන සිටුවේශන් එකක හිටියත් එයාට අවදානෙ දෙනවා.මොකද සමහර වෙලාවට ඔය කියන්නෙ සෑහෙන දවසක් හිතේ තියන් ඉදලා ඉදලා කියන්නෙ කොහොමද කියලා කල්පනා කරලා අන්තිමට වචන කරගත්ත හැඟීම් ගොඩක්.ඉතිං ඒවා මට මොන දේටත් වඩා වටිනවා, සමහරවිට ඒක වචන දෙක තුනක් වෙන්න පුලුවන්, ඒ උනත් ඒ වචන අස්සේ එයා වචන නොකෙරුව ඒත් මම තේරුම් ගන්න ඕන හැඟීම් තියනවා.ඉතිං මගෙ මිනිහාට ආදරෙ කරනවා කියන්නේ එක අතකට හරි interesting වැඩක්.මට වෙලාවකට හිතෙනවා මෙයා කුතුහලය පිරුන puzzle එකක් කියලා.මොනා උනත් මම හරි ආදරෙයි එයාට.

"උබ කව්ද බං🥺"

"ම්ම්ම්ම්"

"කොහෙන්ද මන්දා එකපාරටම ඇවිත් කොහොමද උබ මට මෙච්චර ලං උනේ.මම දන්නවා උබට ඕනෙ විදියට මගෙන් ආදරෙවත් හම්බෙන්නෙ නැතුව ඇති.මොකද මම එච්චර රොමෑන්ටික් වෙන්න දන්න මනුස්සයෙක් නෙවේ.මට අනිත් උන්ට වගේ හැඟීම් වචන කරන්න තේරෙන්නෙ නෑ.අනික මම හරි නපුරුයි.උබ කොහොමද මේ දේවල් දරාගන,ලෝකෙ ඉන්න හොදම මනුස්සයා මම කියලා හිතාගන මට ආදරෙ කරන්නෙ.මට තේරෙන්නෙ නෑ බං උබව"

"ඔයා රොමෑන්ටික් වෙලා කියලා වචනෙන් නොකිව්වට මේ ඇස් තියනවා නේද,ඒවගෙන් ආදරෙ මට ඕනවටත් වැඩිය පේනවා.ඉතිං මට ඔයාව තේරුම් ගන්න ඔයාගෙ වචන ඕනෙ නෑ,මේ ඇස් දෙක ඇති.පුලුවන් නම් හැමදාම ඔය විදියට මං දිහා විතරක්ම බලන්න අයියේ.මම හරි ලෝබයි මේ ආදරෙ පිරුන බැල්ම කාත් එක්කවත් බෙදාගන්න.ඒම වෙන්නෙ නෑ නේද.කවදාහරි දවසක මට ඔයාව නැති උනොත් පිස්සු හැදෙයි.එ තරම් ආදරෙයි මම ඔයාගෙ හැමදේකටම."

"බබා ඇයි ඉතිං මේ අඩන්නේ"

එයා එහෙම කිව්වම තමා මම දන්නෙ මටත් හොරෙන්ම කඳුලුත් ඇවිත්.මම සාමාන්‍යයෙන් මෙච්චර බොලඳ මනුස්සයෙක් නෙවෙ.ඒ උනාට එයා ලගදි මම පොඩි එකෙක් වගේ වෙනවා.

"මම දන්නෙ නෑ"

ඇයි අඩන්නෙ කියලා එයා ඇහුව එකට,රහසින් වගේ එහෙම උත්තර දීලා මම එයාගෙ පපුව අස්සේ මූන හංගගත්තා.සමහර වෙලාවට මට එයාගෙන්ම හැංගෙන්න ඕනෙ උනත් මම එන්නේ මෙතනට.මගේ හිතට එතන හරි සේෆ්.

"හ්ම්ම්ම් දැන් නිදාගමු.මගෙ මෝඩ පොඩි එකා"

"ම්ම්ම්ම් මම ඔයාගෙද"

මම හෙමීට උස්සලා එයාගෙ ඇස් දිහා බලලා ඇහුවා.

එයා ලස්සනට මගේ දිහා බලලා ඔලුව අතගාලා මාව ආපහු එයාගෙ පපුවට තද කරගත්තා.

"කෝ දැන් නිදාගන්නකො ම්ම්ම්"

"හ්ම්ම්ම් මම එහෙමම ඇස් දෙක වහගත්තා"

ඊලග කොටසින් හම්බෙමු 💗💗

🌼Daisy flower🌼

Share This Chapter