Back
/ 36
Chapter 34

34 කොටස

🖤My Peony🖤

"හායි අයිම් මන්දිව් දීමන්ත"

එහෙම කියලා ජිම් එකේ අයියා ඉස්සෙල්ලාම මාත් එක්ක hand shake කරා.

"හායි අයිම් යෙනෝන් තිනේත්‍ර"

"Oh it's an unique name"

"Heh thanks"

මම එහෙම කියලා මන්දිව් අයියා දිහා බලලා හිනා උනා.

ඊටපස්සෙ එයා විහඟයාටත් hand shake කරා

"අයිම් විහඟ මන්දිව්"

විහඟයා නිකම් හෙන ගේමෙන් වගේ මන්දිව් අයියට උගෙ නම කිව්වේ.මේකට යකා නැගලද කොහෙද උගෙ නමම ජිම් එකේ අයියටත් තියන නිසා.ඌ හිතන් හිටියෙ උගෙ නම මේ ග්‍රහලෝකේ කාටවත්ම නෑ කියලනෙ.හොද වැඩේ හිකනලාට🤣🤣

"ඔහ් තව මන්දිව් කෙනෙක්.මම හිතන් හිටියෙ මගෙ නම කාටවත්ම නෑ කියලා"

අම්මටහුඩු මූත් හිතන් ඉදලා තියෙන්නෙ එහෙමද🤣🤣 මරු ඩයල් දෙක හැබැයි.මැචින් ආ.අපරාදෙ අපේ එකා බොටමෙක් උනා නම් මුන් දෙන්නව සෙට් කරන්න තිබ්බා.මොකද මන්දිව් අයියා ඉතිං කොහොමත් ටොප් ටයිප්නෙ.සැක් අපරාදෙ😪

ඒ වෙලාවෙ ඉදන් මමයි අරූශුයි අමාරුවෙන් හිනා නොවී හිටියෙ.මොකද අපේ එකා ඉන්නෙම මන්දිව් අයියා එක්ක තරහින් වගේ උගෙ නම නිසා.මුටත් එක එක වෙලාවල් වලට එක එක යක්කු වැහෙන්නෙ.

"මන්දිව් අයියේ,එහෙනම් අපි යනවා"

වර්ක් අව්ට් කරලා ඉවර වෙලා අපි තුන්දෙනා ආපහු බෝඩිමට යන්න හදන්නේ.අරූශුත් අද අපේ බෝඩිමේ ඉදලා හෙට කැම්පස් යයි මම හිතන්නේ.

"හරි මල්ලි එහෙනම් පරිස්සමින් යමන්"

"හරි අයියා"

"මේ මල්ලි ඒක නෙවේ මගෙ ඩුප්ලිකේට් එක වැඩිය කතා බහ කරන්නැද්ද?"

"ඩුප්ලිකේට් එක කිව්වේ අපේ විහඟයාද?"

අරූශ් හිනාවෙන ගමන් විහඟ දිහා බලලා ඇහුවා.

"ඔව් ඔව් පුම්චි මන්දිව්"

"මූට කියපම් මම පුංචි නෑ කියලා"

ටහුඩු මෙන්න මුට තවත් යකා නැගලා.උගෙ නම මුට තිබ්බා කියලා ඌ මොනවා කරන්නද යකෝ..🤣🤣

"අම්මටහුඩු මේ කතා කරන්නේ"

" මුගෙ කට තාම අයියා හරියට අහලා නෑ චුට්ටක් ඉන්නකො හරියට සෙට් වෙලා කටට පන එනකම්"

මමත් ඉතිං හිනාවෙවී මන්දිව් අයියා දිහායි විහඟ දිහායි මාරුවෙන් මාරුවට බල බල හිටියා.

"තෝ මොකද හිනාවෙන්නෙ පලයන්කො බෝඩිමට අද"

විහඟයා හෙමීට මගෙ ලගට ඇවිල්ලා කොනිත්තන ගමන් කිව්වා.

"ආව් බල්ලෝ කොනිත්තන්නේ"

මම ඌට රවන ගමන්ම රහසින් කිව්වා.

"හරි අයියේ එහෙනම් අපි ගිහිම් එන්නම්කො හෙට උදේ ලෙක්චර්ස් යන්නත් ඕනෙ"

"හා මල්ලි පරිස්සමින් යමන් අද මුන් දෙන්නට අමාරුත් ඇති පලවෙනි දවසනෙ"

අමාරුත් ඇති නෙවේ යකෝ පුදූ....ම අමාරුවකින් මේ ඉන්නේ අතපය හොල්ලන්න බෑ මට.දැන් ගිය ගමන් වොශ් දාලා ඇදට වැටෙන්න ඕනේ😪.

"දැන් නම් බෝඩිමට පයින් යන්න බෑ පුතේ ටුක් එකක්වත් හොයපියා...ව්"

ඔන්න ජිම් එක එහෙම නැත්නම් මන්දිව් අයියගෙ අඩවියෙන් එලියට ආව ගමන් විහඟයාගෙ කට ඇරිලා.

"ඔව් බං අරූශ් පුදුම අමාරුවක් ඕයි තියෙන්නෙ"

එහෙම කියන ගමන් මම අරූශ්ගෙ කරට අතක් දාලා මගේ සරීරයේ සියලුම බර උගෙ ඇගට දීලා ඇඟේ එල්ලුනා.ඒත් එක්කම විහඟත් ඇවිල්ලා ඒ විදියටම අරූශ්ගෙ කරේ එල්ලුනා.

"අඩෝ උබලා දෙන්නම දෙපැත්තෙන් එල්ලුනාම අමාරුයි යකෝ පලයව්කෝ..."

"අනේ මේ උබට උබේ අර මල්ලි බබාව වඩාගන කරකව කරකව ඉන්න පුලුවන්,චුට්ටක් විඩාවට පත් උන යාලුවො දෙන්නව වාරු කරගන්න බෑ.උබලගෙත් තනිකරම මරිසිය තියෙන්නෙ"

ඒ පාර විහඟයා අරූශ්ට බැනගන බැනගන ගියා.මුගෙ කතාව නිකම් ඌ අරූශ් උගෙ බෝයිපෙන්ව වඩාගන කරකව කරකව ඉන්නවා දැක්කා වගේනෙ.

"ඒනම් දෙන්නා දෙපැත්තෙන් වරෙන්කො වඩාගන්න මගුල තොපි දෙන්නත් බබාලා වගේ"

අරූශ් අයිම් සෝ ඩන් වගේ මූනක් හදාගන අපි දෙන්නා දිහා බලලා කිව්වා.

"අනෙහ් සංකුට්ටෝ එච්චර ආදරේද"

එහෙම කියන ගමන් විහඟයා අරූශ්ගෙ ඇගේ තව ටිකක් එල්ලුනා.ජිම් එකේ ඉදලා ආවට පස්සේ මුට මොන යකෙක් වැහිලද මන්දා.

one day I'm gonna fly away

One day when heaven calls my name

I lay down I close my eyes at night

I can see morning light.

"ඔන්න උබෙ අටමගල ring වෙනවා නේ ආන්සර් කරපන්"

විහඟයා මගෙ ඔලුවට තට්ටුවක් දාන ගමන් කිව්වා.

"My peony🖤" is calling .....

අඤෙහ් මයෙ සප්තලම් බිත්තරේනේ හදිස්සියක්ද දඤ්ඤෑ.

"හෙල්ලෝව්ව්ව්ව්"

"කොහෙද බං මගුල තෝ ඉන්නේ මැසේජ් කීයක් දැම්මද තොට"

"ඉතිං මම කිව්වේ ජිම් යනවා කියලා"

"උබ 8.30ට මැසේජ් එකක් දාලා තිබ්බේ දැන් බෝඩිමට යන්න යන්නේ කියලා දැන් වෙලාව බලපං"

මම වර්ක් අව්ට් කරලා ඉවර උන ගමන් අයියට මැසේජ් එකක් දැම්මා දැන් ගෙදර යන්න යන්නේ කියලා.ඒ උනාට ඉතිං අපි ඉවර වෙලා අපි තුන්දෙනත් ඔහෙ කතාඅ කර කර ඉදලා මන්දිව් අයියා එක්කත් එක එක එව්වා කියව කියව ඉදලානෙ පාරට ආවෙ දැන් මෙතනත් විනාඩි 10ක් විතර හිටියනෙ රන්ඩු වෙවී.

සුද්දා බය වෙන එක සාදාරනයි මොකද දැන් වෙලාව 10.30යි.ඒ උනාට ඒ තරම් පරක්කු වෙලා නෑ වගේ හැසිරෙන්න ඕනෙ.

"අහ් යාන්තමට 10.30 වෙලා විතරඤෙ අයියේ"

"තෝ මගෙන් කුනුහරප අහගන්නෙ නැතුව බෝඩිමට පලයන් යෙනෝන් ඇවිල්ල මාසයක්වත් නෑ නටන්න ලෑස්ති වෙන්න එපා රෑ තිස්සෙ හරිද"

"බනින්නෙ ඉතිං මේ ටුක් එකක් එනකම් ඉන්නේ,අනික මේ මහ රෑ පාරෙ නටන්නත් බෑ අද ඇගත් රිදෙනවා"

"ඕන මගුලක් කරගනිං බූරුවා"

එහෙම කියලා එයා දඩස් ගාලා ෆෝන් එක කට් කරා.අඤෙහ් කුඩු මහත්තයා සැරටම බය වෙලා වගේ.ඒත් ඕකට ඔච්චර නැට්ට පාගගන්න දෙයක් නෑනෙ.

"මොකද සුදු තාත්ති පයර් වෙලාද"

"ඔව් ඕයි කෝල් එකක් අරන් බැනගන බැනගන ගියේ"

"අඩෝ වෙලාව බලපම් ඉක්මනට ඉක්මනට"

ඒ පාර විහඟයා බූරුවෙක් වගේ තප්පුලන්න පටන් ගත්තා.

"10.30යි ඕයි"

"විනාසයි විනාසයි ඔක්කෝ.....ම විනාසයි.මේ අරූශ් උබෙ ඩේටා ඔන්ද?"

"නෑ ඕයි මගෙ එකේ බැට්‍රි නෑ මම චාර්ජ් එකට ගහලා බෝඩිමේ දාලා ආවෙ"

"මල්ලිට කිව්වද"

"නෑ යකෝ අද උගෙ ගෲප් ක්ලාස් එක ඉවර වෙද්දි 11 වෙනවා ඊට කලින් බෝඩිමට යන නිසා උට කිව්වෙ නෑ"

"හරිම අgayy තොපි ඔක්කොම මාව කාපියව් බූරුවො ටික"

ඒ පාර මූ නිකම් භූමිතෙල් ගැහුව මොකෙක්ද මන්දා එකෙක් වගේ මෙතන දගලනවා.මොකද යකෝ මේ ඔක්කොම නැටි පාගගන නටන්නේ.

අරූශයයි මායි දෙන්නම හිටියෙ තනිකරම කන්පියුස් උන්ගා බුන්ගා සීන් එකේ ඇයි යකෝ මෙලෝ හත්වලාමක් තේරෙන්නෙ නෑනෙ.එහෙන් අපේ මිනිහා යකා නටනවා ඒක ඇහුව වෙලේ ඉදන් මේ ගොටුකොල හිකනලා මෙතන බ්‍රේක් ඩාන්ස් දානවා,මොන මගුලක්ද යකෝ මේ.

"මොකද බූරුවෝ උනේ පැහැදිලිව කියපන්කො"

බැරිම තැන අරූශ් විහඟයාගෙන් ඇහුවා.

"දැන් පැහැදිලි කරන්න වෙලාවක් නෑ පයින් හරි යමන්කො බෝඩිමට."

ඇග රිදෙනවා ගගා අරූශ්ගෙ ඇගේ නැගගන හිටිය එකාට එකපාරටම යෝද බල යෝද ශක්තිය ලැබිලා අපි දෙන්නව ඇදන් දුවනවා මේන්.

"හිටු හිටු මේ මෙතනින් ටුක් එකක් ගමු"

තාමත් උන දේවල් ප්‍රොසෙස් කරගන්න බැරුව මම විහඟයා දිහා බලන් ඉද්දි අරූශ් කිව්වා.

"එහෙනම් ඉක්මනට ඕකට නැගපාම්ම්"

විහඟයාට වැහුනෙ මොන යකාද කියලා හිතන ගමන් අපි දෙන්නා ටුක් එකට නැග්ගා.ඊටපස්සෙ බෝඩිම ලගින් බැහැලා ටුක් එකේ සල්ලිත් දීලා බෝඩිමට යද්දි,

"සන්තානම් මෑනියනෙ මේ මහ රෑ ලොකු බොස්ගෙ වාහනේ මොකද මෙතන"

බෝඩිම ඉස්සරහා තිබ්බ එරෝන් අයියගෙ කාර් එක දැකලා මට ඉබේම කියව්නා.අද ලෝකෙ අනිත් පැත්තටවත් කැරකෙන්න අරන්ද.මට තේරෙන්නෙ නෑ මේ දේවල්.

"එරෝන් අයියගෙ කාර් එක නේද බං උබට එනවා කියලවත් කිව්වද"

කන්පියුස් වෙලා මගෙ දිහා බලලා අරූශ් ඇහුවා.

"නෑ ඕයි මම දන්නෙත් නැ"

"තොපි දන්නැති උනාට මම දන්නවා යකෝ වරෙව් යන්න උඩට"

ඒ පාර විහඟයා ආයෙත් මෝඩයෙක් වගේ බෙරිහන් දෙන්න ගත්තා.දන්නවා නම් කියන්න එපැයිනෙ මුට පිස්සුද මේ කුලප්පු වෙච්ච ඇතින්නක් වගෙ දගලන්නෙ.

"ඔව් මල්ලි මමත් මෙ ලග තමා"

"අයියට තේ එකක්වත් දෙන්නද"

"එපා මල්ලි අරයලා දැන් එනවා ඇති"

බෝඩිමේ උඩ තට්ටුවට නගිද්දිම තියන අපේ රූම් එකට එහා පැත්තේ රූම් එක හරියෙන් මට එරෝන් අයියගෙ වොයිස් එකයි.ඒ කාමරේ එකාගෙ වොයිස් එකයි ඇහුනා.

"අහ් මේ ආවේ උබලා කොහෙද බං ගියේ මේ අයියාලා ගොඩක් වෙලා හිටියා ඇවිල්ලා"

අපිව දැක්කට පස්සේ එහා පැත්තේ රූම් එකේ එකා කියාගන ගියා.wait what

අයිය"ලා" අපේ මිනිහා විතරක් නෙවේද ඇවිල්ලා ඉන්නේ.ඈ මේ කෞද මේ පුම්චි සරීරයක් සහිත හිච්චි එකා යකෝ මයෙ සප්තලම්ගෙ අතිනුත් අල්ලගන.මොකෙක්ද මේකා.....මාව යකෙක් වෙන්න යන්නෙ දෙවියනේ.

"දුශේන් ඔයා කොහෙද මෙහෙ"

ඒ පාර අරූශ් මොනාද මේ කියන්නෙ.ඊටපස්සෙ අර පොඩි එකා සින් ගාලා ගිහිම් අරූශ්ගෙ එහා පැත්තෙන් හිටගත්තා.මොන මගුලක්ද මේ වෙන්නෙ.

"එරෝන් අයියලා අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා අපේ තාත්තිගෙ පරනම යාලුවෙක් එයාගෙ තාත්ති ඒත් එයා ඔයාගෙ යාලුවගෙ bf කියලා මම දැනන් හිටියෙ නෑනෙ"

ඒ පාර අර පොඩි එකා එහා රූම් එකේ උන් එහාට මෙහාට යනකම් ඉදලා අරූශ්ට රහසින් වගෙ කිව්වා.මූ අරූශ්ගෙ මල්ලි බබාද එතකොට. ඒ උනාට මේ විස්තරයක් මෙච්චර කාලෙකට අපේ මිනිහා මට කිව්වෙ නෑනෙ.

"හා හා ඔක්කොම යමුකො දැන් රූම් එකට ඊටපස්සෙ ගැට ටික ලිහාගමු"

විහඟයා හෙන පන්ඩිතයා වගේ එහෙම කියන ගමන් අපේ රූම් එක තියන දිහාට ඇවිදගන යද්දි අපිත් උගෙ පස්සෙන් ආවා.

"හරි දැන් කියන්නකො මෙතන මොකද උනේ කියලා"

රූම් එකට ආව ගමන් අරූශ් ඇහුවා.මොකද ඌත් මං තරම්ම නැති උනත් ලාවට හරි කන්පියුස් වෙලා ඉඤ්ඤෙ.

"ඔන්න අහපන් සීන් එක හරිත"

විහඟයා පන්ඩිතයා වගේ කියන ගමන් ඇදෙන් වාඩි උනේ.මූත් දැන් පැහිලා වැඩි🤣

"මේ ඉන්න පුම්චි එකා තමා අපේ අරූගෙ මල්ලි බබා හරිතේ.එතකොට මේ ලොකු එකා යෙනෝන්ගෙ අයියා බබා හරිතේ"

පොඩි එකාව හදුන්වා දුන්න එක නම් හරි කියමුකො මුට ට්‍රැක්ද මේ හැමෝම දන්න අපේ මිනිහවත් හදුන්වා දෙන්නෙ😒

"එරෝන් අයියට ඕනෙ උනා දවස් ගානකින් අපේ එකාව හම්බුනේ නැති නිසා ඌව සපාසිස් කරන්න කොහෙ හරි එක්කම් යන්න, ඊටපස්සෙ එයා මගෙන් ඇහුවා අරූශ්ගෙ මල්ලි බබා ගැන විස්තර ඊටපස්සෙ මම අරූශ් මට කියලා තියන විස්තර ටික කියලා එදා අත්තම්මගෙ දානෙ ගෙදර දවසෙ අරූශ් මට දීලා තිබ්බ මල්ලිගෙ නම්බර් එකට මැසෙජ් එකකුත් දැම්මා..ඊටපස්සෙ අපිතුන් දෙනාව දාලා හිච්චි ගෲප් එකක් හදලා අපි උබලා දෙන්නව සපාසිස් ඩිනර් අව්ට් එකක් එක්කම් යන්න ප්ලෑන් කරා.ඊටපස්සෙ අපි මල්ලිව රෑ ගෙදරින් එලියට යන්න විදියක් කතා කර කර ඉද්දි.මල්ලි එයාලගෙ ගෙවල් වලට යන පාර කිව්වම එරෝන් අයියා කිව්ව එයත් අදුරන කට්ටියක් ඒ පැත්තෙ ඉන්නවා කියල.ඊටපස්සෙ විස්තර අහගන යද්දි තමා දැනගත්තේ එරෝන් අයියා කිව්ව මල්ලිලාගෙ පැත්තෙ ඉන්න අදුරන කට්ටිය මල්ලිලාමයි කියලා.මල්ලිලාගෙ ඩැඩා එරෝන් අයියාට හෙන ආදරෙයිලු එයාගෙ චූටි කාලෙ ඉදම් යාලුවාගෙ පුතා නිසා ඉතිං එරෝන් අයියට ලේසියෙන්ම මල්ලි එක්ක ඩිනර් අව්ට් එකක් යන්නම් කියලා අන්කල්ට ඇත්තම කියලා ඌව එලියට ගන්න පුලුවන් උනා."

"අම්මටහුඩු යකෝ අරූශ් මෙච්චර හරියක් වෙනකම් උබයි මායි පොල් ගෑවද කියහම්කො"

මුන්ගෙ මාස්ටර් ප්ලෑන් එක අහන් ඉදලා මට ඉබේටම කියව්නා.

ඊලග කොටසින් හම්බෙමු මයෙ චොම්කලට් බිස්කට් ටික❤️

ආතරෙයි 😘❤️

Share This Chapter