Back
/ 36
Chapter 35

35 කොටස

🖤My Peony🖤

"බබා මොන මගුලක්ද කරන්නෙ ආපහු වොශ් රූම් එකට රිංගගත්තෙ මොකද එලියට එනවකෝ තව රෑ වෙලා යන්න බෑ..."

අපි සැට් එකම දැන් මේ එරෝන් අයියගෙ සපාසිස් ඩිනර් අව්ට් එකට යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ.වොශ් දාලත් ටික වෙලාවක් හිටිය නිසා ආපහු චුට්ටක්  දාඩිය දාලා.ඒ හින්දා මම වොශ් රූම් එකට ගියා සරීර කූඩුව චුට්ටක් තෙමාගන එන්න.ඒ ටිකට තමා අර බහු බූතයා ඔය බෙරිහන් දෙන්නේ.මෙයැයිටත් පුදූ.....ම හදිස්සියක්නෙ තියෙන්නෙ.වොශ්රූම් එක ඉස්සරහා ඉදන් බෙරිහන් දෙනවා.

"කෑ ගහන්න එපා අයියේ දාඩිය නිසානෙ ගියේ අනික තව අනිත් අය ලෑස්ති වෙනවනෙ"

මම වොශ් රූම් එකෙන් එලියට ඇවිල්ලා අයියා ලගට එන ගමන් කිව්වා.

"මම ආවත් හරි උබ කොයි වෙලාවෙද කියපන්කො එක තැනක එක විනාඩි පහක් හිටියේ බූරුවා"

ඒ පාර බූරුවත්ලු. යකෝ මම රූම් එකේ ඇදට වෙලා වාඩි වෙලාත් හිටියනෙ ටික වෙලාවක්.මේ මිනිහට මොකද වෙලා තියෙන්නෙ.

"ඇයි අනේ මම එක තැනක හිටියේ."

"හා යෙනෝන් එහෙනම් ආය ගිහිම් අරුන් එක්ක කියව කියව හිටපම්"

ආ.........හා..රි හා...රි දැන්නෙ තේරෙන්නෙ මෙයැයිට මහසොහොන් යස්සයා වැහිලා ඉන්නේ ඇයි කියලා.මම එකතැනක වාඩිවෙලා සෙට් එකම එක්ක කියව කියව හිටියට අයියා ලගට ගිහිම් අපි දෙන්නා තනියම කතා කරේ නෑනෙ.ඒ කියන්නෙ අපි දෙම්නා අතර පුම්චි ආතරනීය කතා බහක්වත් ඇති උනේ නෑනෙ එයා ආවත් හරි.

ඉතිං යකෝ ඒක කෙලින් කියපම්කො මිනිහෝ😒 අහ් බෑනෙ එතකොට ලොකුකමට හානියක්නෙ.වටෙන් වටෙන් ගිහිම් බනින බැනුම් වල වචන එකතු කරලා රිසර්ච් එකක් කරලා මම ම හොයා ගන්න ඕනෙ මෙයැයිට යකා නැග්ගෙ ඇයි කියලා.එතකම් ඉතිං බැන බැන ඉන්නවා.

අනේ මන්දා මයෙ මිනිහා.දැන් සේප් කරගන්නත් එපැයි.

"ඉතිං පැටියෝ චුට්ටක් තනියම ඉමු කිව්වා නම් ඉවරඤෙ අනේ ඔහොම බනින්නෙ නැතුව"

මම හෙන පැනි හිනාවක් දාගන තව චුට්ටක් එයා ලගට යන ගමන් කිව්වා.

"එහෙම ඕනෙ නෑ"

"මොනාද ඕනෙ නැත්තෙ අයියේ"

"තනියම ඉන්න"

"Are u sure"

එහෙම කියන ගමන් මම එයාගෙ ඉන වටේට අත් දෙක දාගන හග් කරගත්තා.

අපේ වොශ් රූම් එක තිබ්බේ රූම් එකෙන් එලියෙ.ඒකට යන්න පොඩි කොරිඩෝ එකක් තියනවා වෙනදට නම් ඒකෙත් ලයිට්ස් දාලා තියෙන්නෙ ඒ උනාට අද මට කලින් විහඟ වොශ් රූම් එකට ගියානෙ ඌ කොරිඩෝ එකේ ලයිට්ස් ඕෆ් කරලා මම ආපහු වොශ් රූම් එනවා කිව්ව නිසා වොශ් රූම් එකේ ලයිට් එක දාලා ඇවිල්ලා තියෙන්නෙ.වොශ් රූම් එකෙන් ලාවට ලයිට් එලියක් කොරිඩෝ එකට වැටෙන නිසා හොදටම කලුවරකුත් නෑ.

කොහොම හරි අපි දෙන්නා හිටියේ අඩ අදුරේ.එයාව බදාගත්තට පස්සෙ ලාවට කලුවරේ උනත් මට එයාව හරි ලස්සනට පෙනුනා.අනේ මගෙ ලම්සන ලමයා.

"Yep"

"Your eyes never lied to me babe"

"So?"

"They said,need you Yenon please come to me"

"......."

"Am I correct?"

"Shhhh"

මගෙ ලිප්ස් උඩි ඇගිල්ල තියලා කතා කරන්න එපා කියලා,එයාත් මාව හග් කරා.

ඒ විදියට කතාවක් නැතුව හග් කරගන විනාඩි පහක් විතර අපි දෙන්නා හිටියා.

"ඔයාට මාව මිස් උනාද "

ඒ තිබ්බ නිහඩ බව බිදින්න අකමැති නිසා රහසින් එයාගෙ ඇස් දිහා බලාගන මම ඇහුවා.

"ම්ම්ම්"

"ම්ම්ම් කියන්නෙ ඔව් කියන්නකො අයියේ"

"බෑ"

"තරහයි'

එහෙම කියන ගමන් මම එයාගෙ පපුව හැපුවා.පපුව කිව්වට ඉතිං එයාගෙ ටී ශර්ට් එක තමා වැඩිපුර හැපුනේ.

"ලේන් පැටියෙක් වගේ"

"මමද"

"නෑ මෙන්න මේ දත් දෙක"

එහෙම කියලා එයා මගෙ කම්මුල දෙපැත්තෙන් අල්ලලා මිරිකුවා.

"යෙනෝන් අඩෝ කෝ උබ තාම වොශ් රූම් එකේද"

එකපාරට රූම් එකේ ඉදන් විහඟයා ඌගෙ මෝඩ බෙලෙක් හඩෙන් කෑ ගැහුවා.හයියෝ  සැක් කෑවනෙ ඉතිං මූ.හැමදාම ඕමයි කැතයා.

"ඉවරයි ඉවරයි මේ එනවා....."

කියලා කෑ ගහලා මම අයියා දිහා බැලුවා.ඊටපස්සෙ යමු කියන්න වගේ මං දිහා බලලා එයා ඔලුව වැනුවා.ඊටපස්සෙ අපි දෙන්න ටින් ටුන් ගාලා රූම් එකට ගියා.

"අයියත් වොශ් දැම්මද"

අපි රූම් එකට ගියාම විහඟ එරෝන් අයියාගෙන් ඇහුවා.

"නෑ මල්ලි"

"එහෙනම් ඔය ටී ශර්ට් එකේ ඉස්සරහා වතුර තියෙන්නෙ"

හත්වලාමේ මම අතපය හෝදගන ඇවිල්ලා වතුර පිටින්නෙ අයියව හග් කරේ ඉතිං ඒ වතුර පාරවල් එයාගෙ ටී ශර්ට් එකෙයි ට්‍රව්සර් එකෙයි වැදිලා.දැන් ඉතිං මොක හරි බලු කතාවක් කියයි විහඟයා.

"අහ් වොශ් දැම්ම එකෙක් ඇගේ නගින්න ඇවිත් ඇති බව තමයි මට දැන් පෙනී යන්නේ"

මං දිහා අමුතු ලුක් එකකින් බලන ගමන් විහග කිව්වා.

"ඇගෙ නැග නැග මුට වද දෙන්න එපා බං ක්ශය වෙලා යයි මේකව්"

ඒ පාර මෙන්න මූ මට බනිනවා.

"එහෙම නැග්ගෙ නෑ බං"

මම ඉතිං ටිකක් ලැම්ජාවෙන් වගේ කිව්වා ඇයි යකෝ මූ විතරක් නම් කමක් නෑ මෙතන සැට් එකම ඉන්නවනෙ.

"නගින්නැතුව ඔහොම නම් නැග්ගම මොනාවෙයිද නේද බං"

එහෙම කියන ගමන් විහඟයා අරූශ් දිහාත් බලලා උන් සෙට් එකම හෙන හයියෙන් හිනා උනා.

"හා හා යමු යමු යකෝ තවත් රෑ වෙනව"

අරූශ් එහෙම කියන ගමන් මල්ලිවත් ඇදගන රූම් එකෙන් එලියට ගියා.ඊටපස්සෙ  අපිත් රූම් එකෙන් එලියට ඇවිල්ලා අයියගෙ කාර් එකට නැග්ගා.මම ඉස්සරහා ඩ්‍රයිවින් සීට් එකට එහා පැත්තේ.අරූශුයි උගෙ මල්ලි බබායි විහඟයායි පිටිපස්සේ.ඩ්‍රයිව් කරන්නෙ ඉචිම් මයෙ කුඩු තාත්ති තමා.

"දැන් කොහෙද මේ යන්නෙ"

මම එරෝන් අයියාගෙන් ඇහුවා.

"කොහෙද යන්න ඕනෙ"

එයා ආදරෙ හිතෙන විදියට මගෙ දිහා බලලා කිව්වා.අනෙව් මයෙ කොල්ලා මූව කනවා මම කොයි වෙලේ හරි අල්ලගන.

"මොනාහරි කාලා යන තැනක යමුකො අයියේ බඩගිනී......"

අයියා දිහා බලාගන මනෝපාරක් ගහගන හිටිය මාව පියවි ලෝකෙට ආවෙ විගඟයාගෙ සාගිනි අදෝනාවට.

"ඔව් අප්පා අද දවසටම හරියට කෑවෙ නෑ"

අරූශ් එහෙම කිව්ව ගමන් මමයි විහඟයි දෙන්නම එකට ඌ දිහා බැලුවා.මොකද අද දවල් අපි සැට් එක බත් මුල් දහයකට වගකියලා කැන්ටින් එකෙනුත් කාලා හිටියේ"

"ඔහොම බලන්ඩ එපා යකෝ ඉතිං ඒ දවල්ටනෙ ඒ හින්දා දැන් බඩගිනි"

"මේ ඒක නෙවේ මේ පුම්චි පැම්චා කතා කරන්නෙ නැද්ද"

අපි කරන ඒවාට හිනාවෙවී අරූශ්ගෙ අතකිනුත් අල්ලගන හිටිය උගෙ මල්ලි බබා දිහා බලලා මම කිව්වා.

ඊටපස්සෙ එයා අරූශ් දිහා බලලා ඊටපස්සෙ අපි හැමෝම දිහා බලලා ලස්සනට හිනා උනා.අඤේ ඉචිම් අරූස්ගෙ කටුසු පැටියා..කටුසු පැටියා කිව්වට ඌ කැත නෑ හෙන cute ඕනෙ නම් මටත් පුලුවන් ඌට ටොප් වෙන්න.

"එයාගෙ කටත් ඇරෙයි උබලා එක්ක තව සෙට් උනාම"

අරූශ් මල්ලි බබා දිහා බලලා කිව්වා.

"විහඟ මල්ලි කොහෙටද යන්න ඕනෙ කන්න"

අයියා විහඟගෙන් ඇහුවා.

"ඔයා එක්කම් යන ඕන තැනකට මම එනවා සප්තලම්"

විහඟයා හිනාවෙන ගමන් අයියට කිව්වා.

"උබලා ඔක්කොමව එක්කම් අංගොඩ යන්න හිතෙනවා මට"

එරෝන් අයියා අයිම් සෝ ඩන් වගේ මූනක් හදාගන ඩ්‍රයිව් කරන ගමන් කිව්වා.ඊටපස්සෙ ටික වෙලාවකින් restaurant එකකට ගිහිම් කෑම කාලා මගෙයි එරෝන් අයියගෙයි කතාවෙ ගොඩක් දේවල් පටන් ගත්ත තැනට ආවා.ඔව් මම එයාව ඉස්සෙල්ලම දැක්ක තැන.එයාගෙ තද කලුපාට ඇස් දිහා එයාටත් හොරෙන් ගොඩක් වෙලා බලාගන හිටිය තැන.(මෙහෙම කියලත් උබලට තේරෙන්නෙ නැත්නම් අපි මේ ආවෙ කොහෙටද කියලා දෙන්නෙ පම්ස රත් වෙන්න😒)

"මේ වෙලාවට නේද ගෝල්ෆේස් එක ලස්සන"

අරූශ් එලියට බැහැලා ලොකූ හුස්මක් ගන්න ගමන් එයා මල්ලි බබාගෙ කර වටේට අතකුත් දාගන කිව්වා.මම බලාගන ඒ පුම්චි එකාත් හුරතල් විදියට හිනා වෙන ගමන් අරූශ්ගෙ පපුවට හේත්තු උනා.

එතකොට කෝ මේ විහඟයා.කාර් එකෙන් බැස්සෙ මායි අරූශ්ලයි එරෝන් අයියයි විතරක් නිසා මම වටපිට බලලා ආය කාර් එක ඇතුල බැලුවා.

මූට පිස්සු ද මේ මෙතනට ඇවිල්ලත් කාර් එක ඇතුලෙ ඉදන් ෆෝන් එක ඔබ ඔබ ඉන්නේ.

"ඕයී තෝ මොකද කරන්නෙ ඇතුලෙ"

ඊලග කොටසින් හම්බෙමු මයෙ චොකෝ බිම්ස්කට් ටික😚💗

Share This Chapter