Back
/ 1
Chapter 1

වස්සානේ වැහිබර දවසක (One shot)

වස්සානේ වැහිබර දවසක (One Shot)✅✅

හෙලෝ මැඩම්...

ඔව් වාසනා මිස් කියන්න.

අනේ මැඩම් ඉමර්ජන්සි එකක් ඇවිත් තියෙනවා.. ඒත් මේ වෙලාවෙ හොස්පිට්ල් එකේ ඉන්නෙ පොඩි සර් විතරයි මැඩම්... අනේ මැඩම්ට පුලුවන්ද එන්න.

මොකක්ද වෙලා තියෙන්නෙ මිස්

එයිට් මන්ත්ස් අම්මා කෙනෙක් බ්ලීඩින් කියලා එක්කන් ඇවිත් මැඩම්.

දෙයියනේ..! පොඩි සර්ට first aid ටික දෙන්න කියන්න මිස්.. මන් විනාඩි විස්සෙන් එනවා.

එහෙම කියලා කෝල් එක කට් කරපු මං රෑට කන්න ගත්ත කෑම එක අනපු පලවෙනි කටත් එක්ක එහෙම්ම කෑම කූඩෙන් වැහුවෙ වෙලාවත් බලන ගමන්.

එකොලහයි විසිපහයි! අදත් නින්දක් නැති වෙයි වගේ.

සුදු පාට ටයිට් ස්කර්ට් එකට තද නිල් පාට බ්ලව්ස් එක යට කරලා ඇන්ද මම අවුල් වුණු කොන්ඩෙ එකතු කරලා කට්ටක් ගහගත්තා. ෆෝන් එකයි කා කී එකයි අරන් එහෙම්ම දොරත් වහගෙන ඇවිත් මම කාර් එකට නගිද්දි යන්තන් එකොලහයි තිස් තුන විතර වෙලා තිබ්බා.

නෙතූ මුණසිංහ

වෘත්තීමය නාරි වෛද්‍යවරියක්. වයස තිස් හතරයි මේ අවුරුද්දට. දැන් පදින්චිය නිට්ටඹුවෙ.

පුලුවන් තරම් ඉක්මනින් මම හොස්පිට්ල් එකට ආවා. මාස්ක් එකයි උඩ සර්ජරි ගවුමයි උඩින් දා ගත්ත මං රූම් එක ඇතුලට ගියා.

අනේ එයා සුදුම සුදු බෝල අම්මා කෙනෙක්. දැක්කමත් හිතම පිරෙන ජාතියේ අහිංසක මූණක් තිබ්බා ඒ අම්මට. අද මං දිහා අසරණව බලන් හිටියත් වෙන දවස් වලට ඒ ඇස් දිලිසෙනවා ඇති කියලා මට නිකමට හිතුනා. බැලූ බැල්මට සිංහල නෙමෙයි වගේ පෙනුනා උනත් මං ඒක වැඩිය හෙව්වෙ නෑ.

අම්මට මොනවද දැනෙන්නෙ? බඩ එහෙම රිදෙනවද?

මං ප්‍රශ්න අහන ගමන් ට්‍රීට්මන්ට් පටන් ගත්තා.

ප්‍රෙෂර් එක හොඳටම වැඩි අම්මා. සමහර විට ඒ නිසා වෙන්න ඇති බ්ලීඩ් වෙන්න ඇත්තෙ. අම්මා මොනවා හරි දෙයක් නිසා දුක් වුණාද?

අනේ නෑ ඩොක්ටර්.

එහෙනම් බර මොනවා හරි ඉස්සුවද? නැත්තන් නිදාගන්නැතුව එක දිගට වැඩ මොනවා හරි කලාද?

මේ ටිකේම නිදාගද්දි නම් පරක්කු වුණා ඩොක්ටර්.

ආ ඒකනේ අම්මා... පරිස්සම් වෙන්න එපැයි මේ කාලේ... අම්මා කාගෙත් එක්කද ආවේ?

හස්බන්ඩ් එක්ක ඩොක්ටර්.

හොඳයි දැනට නම් ලොකූ ප්‍රශ්නයක් නෑ අම්මා.. පරිස්සම් වෙන්නකෝ මේ අන්තිම ටිකේ.. මං බෙහෙත් ටිකක් දෙන්නම්. දවස් තුනක් වගේ බොන්න. එතකොට ඕක හරියයි. හරිද...

හරි ඩොක්ටර්..

වාසනා මිස් මෙයාව කැබින් එකට එවන්න..

හරි මැඩම්.

මම ග්ලවුස් දෙකත් ගලවන ගමන් එලියට ආවෙ පේශන්ට්ගෙ හස්බන්ට ටිකක් කතා කරන්න.

ඒත් මාව දැක්ක ගමන් නැගිටලා දුවගෙන ආපු කෙනා දැක්කම ඇඟම ලොක් වෙද්දි කටට කියාගන්න දෙයක් නැතිව ගොලු වුණා.

ඔය ඇඟ ඇදිලා ගිහින්ද මන්දා රත්තරන්.. මට හිතුනෙ එච්චරයි. මන් දන්නවා ඔය ඇස් වලට තාම මාව අඳුරගන්න බෑ. මං මාස්ක් එක නොගලවපු නිසා. කමක් නෑ අපි මේ ඉන්න විදිහ හොඳයි රත්තරන්.

අනේ ඩොක්ටර්.. මගෙ වයිෆ්ට කොහොමද?

ආහ්.. මේ හස්බන්ඩ්ද? එයාට ලොකු ප්‍රශ්නයක් නම් නෑ මිස්ටර්... මීට වඩා පරිස්සම් කරන්න වෙයි. මහන්සි වෙලා වැඩියි වගේ.

ඕහ් අල්ලා.... තැන්ක්ස් ඩොක්ටර්.. මං බලන්නද එයාව..

කොහොමත් තව ටිකකින් එයාව ඩිස්චාර්ජ් කරයි. එතකොට එක්කන්ම යන්න.

අනේ බොහෝම ස්තූති ඩොක්ටර්.

මං ඒ ඇස් වලින් මිදිලා කැබින් එකට ආවා.

At cabin...

ඩොක්ටර්? එයාට ලොකු ප්‍රශ්නයක් නෑ නේද?

මම රිපෝට්ස් චෙක් කරනකන් වාඩි වෙලා ඉන්න වයිෆ්ගෙ ඔලුව අතගාන ගමන් ඔයා මගෙන් අහනවා.

මමම විතරක් දන්න අමුතු හැඟීමක් මාව අමු අමුවෙ පුච්චනවා. කවදාවත් කැබින් එකේදි මාස්ක් එකක් නොදාපු මං අද මාස්ක් එකෙන් මගේම මූණ හංගන්න වෙර දරණවා. කවදාවත් නොහිතපු ප්‍රශ්නෙකට මම රහසින්ම උත්තර හොයනවා.

වෙනදට මගේ අත අල්ලන් උන්නු ඔයා අද එයාව සනසනවා. වෙන දවසක මගෙම විතරයි කිව්ව කටින් ඔයාගෙ එයා හොඳින් නේද අහනවා. දෛවය කවදත් මාත් එක්ක කලේ සෙල්ලමක්ම විතරයි රත්තරන්. ඉතින් මම අදත් ඒ සෙල්ලමේ ඉත්තෙක් වෙලා...

රිපෝට්ස් චෙක් කරලා බෙහෙත් ටික ලිව්ව මං ඔයා එක්කම එයාව අරන් කැබින් එකෙන් එලියට ආවා.

ගොඩක් ස්තූති ඩොක්ට!

මේ මගේ රස්සාව අම්මා!

හරි පරිස්සමට ඔයා ඒ අත අල්ලන් යන විදිහ මං බලාන උන්නා. අහම්බෙන් වගේ වතාවකට උඹ ආයෙම මගේ දිහා හැරිලා බලලා හිනා වෙද්දි මං දන්න නොදන්න හේතුවකට මගේ ඇස් වල කඳුලු පටලයක් බැඳුනා.

ටිකකින් ආපහු කැබින් එකට ආපු මං මේසෙ උඩ ඔලුව තියාගත්තා.

අද දවස ගොඩක්ම වෙහෙසකරයි. මං දන්නවා ඔය ඇසුත් ඒකට හේතුවක්. අවුරුදු දහයකට පස්සෙ ආයෙමත් මගේ ඉස්සරහට වෙනස්ම රූපෙකින් ආපු ඔයා නිසා මගේ හිත ඇතුලෙ සදහටම වල දාපු ඒ අතීතෙ ආයෙම පණ ගහන වග මට යන්තමින් නොතේරුනා නෙමෙයි.

අතීතයේ එක්තරා දවසක..

හිසාක්.... කොහෙද අනේ ඉන්නෙ? පරක්කුයි අදත්!

ඕහ්... සොරි සොරි බබා.. පොඩ්ඩක් ඉන්න මම මේ ලඟ ඉන්නෙ.

කමෝන් හිසාක් ඔයාට ගෙදර ඉඳන් එන්නත් පරක්කු වෙනවද?

තරහා ගන්න එපා මැට්ටි වයසට යයි!

ඔව් මම වයසට ගියාම ඔහේට පුලුවන්නෙ වෙන ලස්සන කෙල්ලෙක් හොයාගෙන බඳින්න!

ඒයි.. ඒයි මම එහෙම එකක් කියන්න තියා හිතලවත් නෑ..

ඕක තියලා ඉක්මනින් එනවකෝ හලෝ... මට බඩගිනී....!!!!

හරි හරි බන් මං මේ ලඟ

වෙද සිසුවියක් වුණු නෙතූ හිසාක් හා තිබුණේ පරතෙරට විහිදුනු ආදරයක්.

අවන්කත්වය වගේම තේරුම් ගැනීම එමටයි.

මේ හිසාක්.. දවසක මං දාලා ගියොත් ඔයා මොකෝ කරන්නෙ?

මොන දීපන්කරේකට හරි ගිහින් උස්සන් එනවා මම.. එහෙම කොහොමද තමුසෙ මාව දාලා යන්නෙ!

ඒ වුණාට ඔයා මාව දාලා ගියොත් මන් නම් යන්න දෙනවා

ඒ මොකද?

හිසාක් ඇහුවෙ තවමත් තමන්ගෙ කෑම එක අතගාන නෙතූගෙන්.

මොකද බලෙන් ලබාගන්න කැමති නෑ මං

බලෙන් නෙමේනෙ බබා ඉතින් තමුසෙට ආදරේ නිසානෙ උස්සන් එන්නෙ

දන්නවා.. ඒ වුණාට මං දන්නවා ඔයා ගියොත් ආයෙ ඒමක් නෑ කියලා. ඉතින් බොරුවට මොකටද නේ?

අනේ මේ මගෙන් ගුටි නොකා ඔන්න ඕක කාපන් බං. පිස්සු කියවන්නෙ!

හිසාක්... මේකට ගෙදරින් අකමැති වුණොත් මොකද කරන්නෙ?

යන්තම් මලහිරු බැහගෙන යන හැන්දාවක මුහුදු වෙරලෙ බිඳෙන රැළි දෙස බලන් උන් ඇය ඔහුගෙන් ඇසුවා.

අකමැති වෙන්නෙ ඇයි ඉතින්?

හිසාක් ඔයා දන්නවා හේතුව..

ඒ වගේම මගේ උත්තරෙත් ඔයා දන්නවා බබා...!

ඒක ලේසි නෑ හිසාක්. ඒ ඔයාගෙ පවුල. හැමදේම අතාරින එක ලේසි වැඩක් නෙමෙයි!

ඒත් මට හැමදේටම වඩා මගෙ පුංචි නෙලුම් මල වටිනවා!

ඒ නෙලුම් මලම දවසක විල අතෑරියොත්?

නෙලුම් මල විල අතෑරියට නටුව ඒ මල අතාරින එකක් නෑ!

යන්තන් උරහිසින් තට්ටුවක් දැමූ හිසාක් කියද්දි නෙතූගෙ දෙකපුල් තව ටිකක් රතට හැරුනා.

මගේ පුංචි රෝස මල....

ගැඹුරු නමුත් සන්සුන් හඬින් ඔහු මිමිණුවා.

හිසාක් ඔයාගෙ අම්මා සේරම දැකලා!!

බය නොවී ඉන්න ඉස්සරහට වෙන දෙයක් පස්සෙ බලමු

ඉනික්බිතිව වැහි පොද ටික ටික වැටෙන මොහොතක පාලුවට ගිය පාර පුරා සිඟිති සිනා හඬකුත් දඟකාර ගැඹුරු කටහඬකුත් මතක මැව්වා.

අහසම කලුවරයි. මූසල සේයාවක් ගෙනත් අද පරිසරයම නිහඬයි.

අම්මලා කෙනෙක් හොයලා නෙතූ...

හි-හිසාක්?

එදා රෑ මම කසාදෙට බෑ කිවව වෙලාවෙ අම්මට ප්‍රෙෂර් වැඩි වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කලා. එයාලා කැමති නෑ මං ඔයාව බඳිනවා දකින්න!

ඔයාගෙ උත්තරේ මොකක්ද හිසාක්?

නෙතූ අම්ම-

මං ඇහුවෙ ඔයාගෙ උත්තරේ?

මං හා කිව්වා!

එහෙනම් එච්චරයි. අම්මා හොඳින් නේද?

නෙතූ?!

අම්මා හොඳින්ද හිසාක්?

අම්මා.. අම්මව ඩිස්චාර්ජ් කරා.

හෙට පාලම ලඟට එන්න. කියන්න දේවල් වගේම දෙන්න දෙයක් තියෙනවා.

නෙතූ-

අන්තිම වතාවට!

නෙතූ මේ දේ මෙහෙම අතාරින්න බෑ. ඇයි රණ්ඩු නොකරන්නෙ? මට බැනපන්.. මට දෙන ඕන දඬුවමක් දීපන්කෝ මැණික ඔහොම තනියම විඳවන් නැතුව!

තවමත් යන්න බඩු ලෑස්ති කරන නෙතූව උරහිසින් අල්ලන් හොලවන ගමන් හිසාක් පැවසුවෙ වැටෙන පොරකන කඳුලු කැට හඟවා ගනිමින්.

මං දෙයක් කිව්වා මතකද හිසාක්? දවසක ඔයා යනව නම් මම වද නොදී පැත්තකට වෙනවා කියලා?

හිසාක්ගෙ දැස් දෙස බලමින් නෙතූ පවසන විට නෙතූගෙ උරහිස් මත තිබුණු හිසාක්ගෙ දරදඬු දෑත් පහලට කඩා වැටෙද්දි මෙතෙක් හිර කරගත් වේදනාව කඳුලු කැට ලෙස හිසාක්ගෙ කම්මුල් තෙමමින් පල්ලම් බැස්සා.

වේදනා දෙන හදවතටත් හිසාක්ටත් රහසින් ඉකිබිඳි නෙතූ එතනින් නික්මෙද්දි මුලු අහසම බර කරන් හුන් ඒ වැහි බිඳු එක දෙක කඩා හැලුනෙ සැබෑ ආදරවන්තයන් දෙදෙනෙකු වෙන් වුණු වියෝව දරාගත නොහැකිව වෙන්න ඇති.

එකම බංකුවක දෙපැත්තෙ වාඩි වෙලා හුන් ඒ බිඳුනු ආදරවන්තයින් තවමත් රතු වූ දෙනෙතින් ඉදිරියේ ගලන නදිය දෙස බලා හුන්නා.

හිසාක් මේක ඔයාට

වෙලුම් යෙදූ හදවතක සිත්තමක් ඇති කවරයේ වුණු තෑග්ගක් හිසාක් අතින් තබමින් ඒ ඇස් ආයෙම නිහඬ වුණා.

නමුත්....,

මාව මෙච්චර අසරණ කරන්න එපා මැණික!

රන් හා නිල් මැණිකකින් හැඩ වුණු මුදුව දෙස බලන් හිසාක් කීවේ වැටෙන කඳුලැලි නිදහස් අතින් පිස දමමින්.

දවසක ඔයාගෙම අතට දාන්නයි හිතන් හිටියෙ. ඒත් මෙහෙම දෙන්න වෙයි කියලා හිතුවෙ නෑ මං මගෙ හීනෙකවත්. කමක් නෑ. එයා එක්ක සතුටින් ඉන්න. මාව තරම්ම සතුටින් එයාව තියන්න. මට දුන්න මේ නිදහස එයාටත් විඳින්න දෙන්න. ඒ දේ විතරක් මට පොරොන්දු වෙන්න.

ඔච්චර පරාර්ථකාමී වෙන්න එපා මැණික. උඹ හොඳ වැඩී මේ සමාජෙට.

කමක් නෑ හිසාක්.. ඒ මගේ ලැබීම. මගේ දෛවය. ඉතින් මං ඒ දේ සද්ද නැතුව බාර ගන්නවා.

මට උඹ අමතක කරන්න බෑ මැණික!

අතේ ඇඟිලි පටලමින් හිසාක් පැවසුවේ හිස තවත් පහලට බර කර ගනිමිනුයි.

කමක් නෑ ටිකක් කල් යනකොට හරියයි හිසාක්.

ටිකක් කල් යද්දි අමතක වෙන්න උඹ සෙල්ලම් බඩුවකුත් නෙමෙයි මම පොඩි එකෙකුත් නෙමෙයි නෙතූ..!

ටිකක් ඉවසලා ඉන්න. හැමදේම හරියයි.

ටිකකින් පරිසරය පුරාම විහිදුනු නිහඬ බව පරයා නැවතත් නෙතූ හඬ අවදි කලාය.

හිසාක්?!

ම්..

මට පොරොන්දුවක් ඕන!

ආයෙම මොනවද බං. මට දෙන්න තරම් දේවල් නෑ!

මට පොරොන්දු වෙන්න හිසාක්.. දවසක අපි ආයෙම මුණ ගැහුණොත් මාව නොදන්න ගානට හැසිරෙනවා කියලා. මට පොරොන්දු වෙන්න අපි අපිට ආගන්තුකයො වෙනවා කියලා.

නෙතූ.. උඹ මගෙන් පණ ඉල්ලපන් මං දෙනවා. ඒත් ඔය පොරොන්දුව... ඒක මට කරන්න බැරි දෙයක් නෙතූ...!

ම්... කමක් නෑ. එහෙනම් මට කියන්න දවසක අපි හම්බුනොත් මට ලස්සන හිනාවක් දෙනවා කියලා.!

උඹ දිහා බැලුවම මට හිනා වෙන්න මතක් කරන්න ඕන නෑ බං. උඹ තමා මට හිනාවෙන්න ඉගැන්නුවෙම.

සැන්දෑ සමයේ අවසන සනිටුහන් කරමින් තරු එක දෙක දිලෙන්න ගන්නවිට මෙච්චර වෙලා බංකුවේ කොණකට වී හුන් ඇය නිහඬවම නැගිට්ටා.

හිසාක්? මං යනවා. ඔය හදවතින් වගේම ජීවිතේනුත්. අද ඉදන් ඒ තැන එයාට දෙන්න. එයාව පරිස්සම් කරන්න. සුභ පැතුම් හිසාක්...!

ම්.. මැණික?

ටිකක් දුර ඇවිද ගිය ඇය නැවත හැරී හිසාක් දෙස බැලුවේ කඳුලු පිරි දෙනෙතිනනුයි.

හිසාක්... අන්තිම වතාවට.. මගේ ජීවිතේ අන්තිම වතාවට... ඒ හාදුව.. මට මුලු ලෝකෙම ගෙනත් දෙන ඒ හාදුව මගේ නලලට හැම හැන්දෑවකම ලැබුණු ඒ ආදරේ විතරක්ම පිරුණු හාදුව දෙනවද? අන්තිම වතාවට.... ප්ලීස් හිසාක්....!

බෑග් කර පටිය කිටි කිටියේ මිරිකමින් නොසන්සුන් වූ හදවතින් ඈ වැලපෙද්දී හිසාක්ගේ දෑත් දෙපසට විහිදුනේ ඔහුගේ මුලු ලොවම ඒ අත් අතරට ගන්නා බලාපොරොත්තුවෙනුයි.

හැකි වේගෙකින් වෙව්ලන දෙපයින් දිව ආ ඇය ඒ දෑත් අතර උරහිසේ සැනසෙද්දී සීත වුණු රාත්‍රිය තවත් සීතල කරමින් වැහි බිඳු එකින් එක ඇද හැලුනා.

මං... මං උඹට නොසෑහෙන්න ආදරෙයි මගෙ පණ... මට සමාවෙයන් ඔය හිත දැන දැනම බින්ඳ එකට. මට සමාවෙයන් ඔය හිත පුරෝලා බලාපොරොත්තු දුන්න එකට. මට සමාවෙයන් මගේ රත්තරන්....!!!

නෙතූව තම දෑත් අතර තරයේ හොවා ගනිමින් හිසාක් ඇගෙන් සමාව අයදින විට තවදුරටත් ඔවුන්ට හීලෑ නොවූ කඳුලැලි වැහි බිඳු සමග ඔවුන්ගෙ දෙකපුල් තෙමුවා.

ස්තූති මගෙ ජීවිතේට ආවට. මට ආදරේ දුන්නට..ආව ජීවත් කරාට... මන් ආදරෙයි හිසාක්..! මගේ ජීවිතේ දෙවෙනියෙක් නෑ. හිටියෙත් මතුවට ඉන්නෙත් එක ආදරයයි. සුභ ගමන් හිසාක්...!

හිසාක්ගේ තුරුලෙන් මිදුණු ඇය එසේ පවසා නික්මෙද්දි එදා රෑ ආනෝරා වැහි මැද ආදරණීයන් දෙදෙනෙකු තම වේදනාව අනිකාට නොදැනීම විඳෙව්වා.

වර්තමානයේ සති කීපයකට පසු

(නෙතූ හිසාක් ආයෙමත් අවුරුදු දහයකට පස්සෙ දැකලා සති කීපෙකින්!)

ඩොක්ට...!

කැබින් එකට වෙලා කෝපි කෝප්පයක් තොල ගාන ගමන් මොහොතකට අතීතෙට ගිය මට ඇහුනෙ වාසනා මිස්ගෙ කටහඬ.

ඔහ් මිස්... මොකද හදිස්සියේ?

ඩොක්ට ඩිලිවරි එකක් ඇවිත්.!

ඉතින් ඩොක්ට වනිගසේකර නැද්ද?

වනිගසේකර සර්ගෙ බබාට සනීප නෑ කියලා අද හාෆ්ඩේ දාලා ගියා මැඩම්!

ම්... මං එන්නම් ඔක්කොම ලෑස්ති කරන්න.

කෝපි කෝප්පෙ පැත්තක තිබ්බ මං සර්ජරි ගවුමයි මාස්ක් එකයි දාගෙන ලේබරූම් එකට ගියා.

ලඟම පුටු පේලියෙ අදත් පුරුදු රූපයක් දකිනකොට මාව මොහොතකට ගල් වුණා.

ඒ පුංචා ඔයාගෙද මැණික?

මගේ අතින්ම මේ ලෝකෙට මං ගේන්න ඕනෙ උඹේම දරුවද මැණික?

දෛවය මේ තරම් දරුණුයිද මට මැණික?

ගැහෙන හදවත මොහොතකට ගල් වෙද්දි මම නිහඬවම රූම් එකට ගෑටුවා.

පැය එකක් දෙකක් නෑ පැය හතරකට පස්සෙ පුංචි පැටියෙක් මගේ අත් උඩ කෑ ගහද්දි කොහෙන්දෝ ආපු සිතුවිල්ලකට මං ඒ අතක් යන්තන් අල්ලන් ඒ කම්මුල එබෙන්නම සිප ගත්තා.

ඒ ඇස්.. ඒ පෙනුම ඒ විදිහටම තියෙන ඔය රූපෙම ගත්ත කාබන් කොපියක් මගේ අත උඩ තියන් මම මොහොතක් භාවනා කලා.

සතුටින් ඉන්න පැටියෝ...!

පොඩ්ඩව ආපහු ඔයාගෙ එයාට දීපු මම උඩ කිට් එක අයින් කරනකොට මං ඇහැකොනින් දැක්කා ඔය හදිස්සි කකුල් රූම් එකට දුවගෙන එන විදිහ.

දුකකුත් නොවෙන සතුටකුත් නොවෙන හැඟීමක් හිත පුරා දුවනකොට මම රූම් එකෙන් එලියට ආවා.

ඉරිසියා නෑ මට එයා ගැන. ඒත් මං දවසක් ප්‍රාර්ථනා කලා එයා මං වෙන්න කියලා. මොහොතකට මට ඕන වුණා ඔය තුරුලට වෙලා ඒ සතුට විඳින්න.!

දොර දිහා බලන් මුමුණපු මං ආපහු කැබින් එක දිහාවට ආවත්.....

මගෙ සුදු නෙළුම් මල?

මොහොතකට නැවතුන හදවත ආයෙම ගැහෙන්න ගද්දි.. පරණ මතක හිත පුරා හොල්මන් කරන්න ගද්දි මට දැනුනා ඒ බර හුස්ම මගේ බෙල්ල පුරාවට උණුහුම් කරන විදිහ.

මනඃකල්පිතයක් කියලා හිත මුමුණද්දි....

හැරෙන්නද එපාද කියන දේ මැද මං දෝලනය වුණා.

මං දන්නවා අමාරුවෙන් වුණත් හදාගත්ත හිත කෑලි කෑලි කරලා දාන්න ඒ ඇස් වල එක බැල්මකට පුලුවන්.

හරියටම මිනිත්තු දහයකට පස්සෙ අපි හිටියෙ හොස්පිට්ල් පාක් එකේ කෙලවරම තිබ්බ බංකුවේ වාඩි වෙලා එතන සෙල්ලම් කරන පොඩි උන් දිහා බලාගෙන.

ඉතින්... කාලෙකට පස්සෙ නේද?

නිහඬ බව බිඳිමින් හිසාක් කතා කලා.

ම්.. ගොඩක් දේවල් වෙනස් වෙලා නේද!

අද වුණ දේ හිතා මතා කරපු දෙයක් නම් නෙමෙයි. හාස්කමක් වගේ.. ඒත් මට සමාවෙන්න ඔයාව අපහසුතාවයට පත් වුණා නම්...

ඒකට කමක් නෑ මිස්ට අහ්මඩ්.. මට ඒක සතුටක්.

නෙතූ?

ඔව් කියන්න.

ඔයාට තවමත් පුලුවන් මට හිසාක් කියන්න.

නෑ මිස්ට අහ්මඩ්. ඔයා තවදුරටත් මගේ හිසාක් නෙමෙයි. දැන් මට ඔයා මිස්ට අහ්මඩ් විතරයි.

එහෙම කියන්න එපා බං. අමු අමුවෙ පිච්චෙනවා මාව!

ඉතින්.. එයා දන්නවද අපි මෙහෙම කතා කරන එක ගැන?

එයාටයි ඕන වුණේ මං ඔයා එක්ක කතා කරනවා දකින්න!

හිසාක් පැවසුවේ හිස බිමට බර කරගෙනයි.

ඒ දේට සිහින් හිනාවකින් විතරක් උත්තර දුන් ඇය නිහඬ වුණා.

එයාගෙ නම මොකක්ද?

සෆ්රින්

ලස්සන නමක්!

දන්නවද... මං උත්සහ කලා එයාට ආදරේ කරන්න. ඒත් අදටත් දෙමව්පියෝ වුණාට පස්සෙත්.. අපි හොඳ යාලුවො විතරයි නෙතූ... එයත් ඔයා වගේ.. හැමෝම ගැන හිතනවා තමන්ගැන නොහිතා.

එයා ආදරණීයයි මිස්ට අහ්මඩ්

ඔව් ඇත්ත.

ආයෙමත් නිහැඬියාවක්.

සුභ පැතුම් මිස්ට අහ්මඩ්. දරුවා ඔයා වගේමයි...

ම්.. ස්තූතියි!

එහෙනම් මම යන්නම් මිස්ට අහ්මඩ්.. ඔයාගෙ වයිෆ්ට මේ වෙලාවෙ ඔයාව ඕන. එයා ලඟට යන්න.

හිඳි බංකුවෙන් නැගිටිමින් ඇය කියයි.

මද දුරක් කෙටි අඩි තියමින් ගිය ඇය මොහොතකට හැරී බලද්දී හිසාක්ගේ ඇස් හා ඒ ඇස් බැඳුනා.

ඉතින් ඔවුන් තවමත් එකිනෙකාගේ හදගැස්ම පවා අඳුරනවා. නමුත් දෛවයේ සරදමින් අද ඔවුන් දෙපොලක.

නමුත් එදා මෙන් අදත් ඔවුන්ගේ හදවත් එක් කල ඒ ආදර අන්දරය එලෙසමයි.

වසර තිස් හතකට පසු

එකම ලඟ පිහිටි සොහොන් කොත් දෙකක් ලඟ දනගසාගෙන හුන් මැදිවිය ඉක්මවූ කාන්තාවක් තම පුතුගේ උදව්වෙන් නැගී සිටියා.

ඔන්න දැන් එයා ඔයාට බාරයි නෙතූ.. තව දුරටත් ඔයාලගෙ මැදට මමවත් පවුලවත් එන්නෙ නෑ. එයාවත් බලාගෙන දෙන්නත් එක්ක සතූටින් ඉන්න. මෙච්චර කාලයක් මැදට වෙලා ඔයාලව දුරස් කලාට මට සමාවෙන්න. එයාව බලා ගන්න!

ඇය හෙමින් හෙමින් ගමන් ඇරඹුවා. ඒත්...

මාම්.. එයා ඇත්තටම කවුද ?

කවුද?

ඩොක්ට නෙතූ!

ඔයා එයාව දන්නවා පුතා!

ඔව්. ඒ මාව ගත්ත ඩොක්ටනේ?

ඔව්. ඒත් ඔයා දන්න දේට එහා ගිය දේවල් තියෙනවා පුතා...

කාන්තාව එසේ පවසමින් ඇගේ පුතුගේ දෑත් තම දෑත් තුල හොවා ගත්තා.

හිසාක්.. ඒ කිව්වෙ ඔයාගෙ ඩැඩා.. එයාට තිබ්බෙ ලස්සන හදවතක්... ඒ වගේම ඒ හදවතට උරුම වුණු ලස්සන ආදර කතාවක් තිබ්බා. ඒත් අවාසනාවට ඒ මගේ ආදරේ නෙමෙයි පුතා. ඒ තමයි මේ නෙතූ. හිසාක්ගෙ හිතේ සදාකාලික ආදරේ වුණේ නෙතූ. නෙතූගෙ හිතෙත් එහෙම්මයි. මමයි ඒ දෙන්නා මැදට ආපු කෙනා. ලස්සන ආදර කතාවක තුන්වෙනියෙක් වෙලා පවු පුරවන්න වුණේ මට.

ගෙදරින් කතා කරපු ප්‍රොපෝසල් එකට කැමති වුණත් මං දන්නෙ නෑ ඒ ආදර කතාව ගැන. හිසාක්ටත් ගෙදර බලපෑමට මාව බඳින්න වුණත් එයා හිටියෙ හොඳටම හිතින් වැටිලා. එකම එක දවසක් මහ රෑ උණ විකාරෙන් එයාගෙ නෙතූ ගැන කියද්දියි මං දන්නෙ ඒ දේවල් ගැන. ඒත් ඒ වෙද්දි මං පරක්කුයි. ඔයා මං ලඟට ඇවිත් සතියයි. තනිකරම ඒක ගෙදර අයගෙ බලපෑමෙන් බේරෙන්න වුණ දෙයක්. පස්සෙ එයා මට හැමදේම කිව්වා. මං එයාවත් එයා මාවත් තේරුම් ගත්තා. අපි හොඳ යාලුවෝ වුණා. පස්සෙ අපේ වෙලාවට වගේ මාව චෙක් කරපු ඩොක්ට වුණෙත් නෙතූ... එතනදියි එයාලා අවුරුදු ගානකට පස්සෙ ආයෙම මුණගැහුනෙ. ඒත් ඒ දෙන්නම වගකීම් සහගතව වැඩ කලා. ලෝකෙට මූණ දෙන්න බැරි දේවල් කලේ නෑ. හිසාක් හැමදාටම හොඳ තාත්තෙක් හොඳ යාලුවෙක් වුණා. නෙතූ මට වචනෙකින්වත් රිද්දුවෙ නෑ. ඔයාව බලන්න එයා ගොඩක් දවස්වලට ආවා ගියා. හිසාක් ලෙඩ වුණාමත් එයා මට උදව් කලා. අන්තිම වෙනකම්ම. එහෙමයි එයාලගෙ ආදරේ. මං දන්නෑ.. මං දැකලත් නෑ.. ලබන්න තරම් මට ඇති වරමකුත් නෑ ඒ වගේ ආදරයක්.... ඒක හරි පුදුම ආදරයක් පුතා.. අදහන්න වටිනවා..

කාන්තාව ඇගේ කඳුලැලි පිස දැම්මා.

මාම්ට ඉරිසියා හිතිලම නැද්ද?

ඇය යන්තමින් හිනා වුණා.

මට ඉරිසියා හිතෙන්නෙ ඒ ආදරේ මගේ නොවුණ නිසා විතරමයි පුතා.!

නමින් සෆ්රීන් වුණු ඇය අහස දිහා බලන් මිමිණුවා.

වසර ගානක් ගෙවී ගිහින්. නමුත් ඔවුන්ගේ ආත්මය පවා ඔවුන්ගේ හදගැස්ම හඳුනනවා. එය නොවේද ඔවුන් මැවූ... ඔවුන් ගෙත්තම් කල ආදර සිත්තම.

ඒ ආදර සිත්තම නොමැකී පවතීවි තවත් ආත්මයක යලි ඔවුන් මුණගැසෙන තෙක්.

ඉතින් අපි පතමු.. හිසාක්ටත් නෙතුටත් ඔවුන්ටම වෙන් වුණු ආත්මයක සදාකාලික ආදරේ විඳින්නට ලැබේවා කියලා.

:

:

:

:

:

:

:

:

:

:

:

:

:

:

:

:

නිමි

පිස්සු ඕතරී ඊස් බැක් ෆෝ අ වයිල් ගායිස්.....

මේමයි ඉතින්... අවුරුදු දෙක්කට එන්නෑ කිව්වා තමා... එහෙමයි කියලා අත තියන් ඉන්නත් බෑ කහනවා කහනවා වගේ... ඒකමයි මේක ලියන්න හිතුවෙ. මං දන්නවා වැරදි කන්දක් ඇති. මොකද කාලෙකට පස්සෙ නෙ...

කමක් නෑ එව්වා අමතක කරලා හිතට දැනෙන දේ කියන් යන්න ඒයිලා....

ආතරෙයි...

කවී...♡

12/04/2024

First
Last

Share This Chapter