Back
/ 52
Chapter 13

Chapter 13

දෑගිලි ✔( complete )✨

"යෝහ් කැල්වින් කෙලෙනියෝ...ඉක්මන්ට වරෙම් බේසාවෝ..ඕකේ පැලවෙලාද තෝ...."

"වරෙම් යකෝ..තො දැන් පැය දෙකක් තිස්සෙ ඕක ඇතුලේ..උබ රැවුල කපනවද..නැත්තම් රැවුල් ගස් හිටවනවද..ඇරපාම් මෙ දොර.."

"ආ දැන් උබ එන්නැද්ද..ආ එන්නැද්ද..හැබැයි පුතෝ උබ දැන් නාවොත් තෝ ගිය සතියෙ අලුතෙන් කැල්වින් ජොක්කු සෙට් එකක්ම ගත්තා කියලා උබේ කෙල්ලට කෝල් කරලා කියනවා මන් හොදේ..තව තප්පර දහයයී....නමයයී.....අටා..."

"වරෙම් වරෙම් උබ නම් දේව සාපයක් පොඩි පගයා.."

උදේ පාන්දරම තමාලයයි කැල්විනයයි හෝදගන්න වලී..සහෝදර ප්‍රේමේ ඔහොම තමා ඉතිම්..කැල්වින් අයියට ඉන්නෙ ජොක්කු හෙරක්..අයියා අලුතෙන් ජොක්කු සෙට් එකක් ගත්තොත් අනිවාරෙම් කෙල්ලට එකක් දෙන්න ඕනිලු..ඒක හින්දා කැල්විනයා ජොක්කු ගන්නෙ කෙල්ලට හොරෙන්..සූද්ද සින්හලෙන්ම කිව්වොත් මුන්ගෙත් හරි පකේ ලයිම් අප්පා...අපේ ගෙදර නම් ඔය නාන ප්‍රශ්න නැ..ටැංකිය හිදෙනකම්ම නාන්න පුලුවන්..එ වුනාට ඉතිම් මේවගේ පොඩි වලිත් හරි සුන්දරයි..මෙහෙ ආවම බලාගන්න පුලුවන් වුනාට මට විදින්න නම් පුලුවන් වෙලා නැ..සහෝදරයෙක් ඉදියනම් හොදයි කියලා හිතෙනවා..නැති අයට තමා කෝමත් අගය දැනෙන්නෙ..තමාලයනම් කියන්නෙම ඌ විතරක් ඉදියනම් එකක් කියලයි..ඉන්න උන්ට අගේ නැහැ එච්චරයි..

කැල්වින් අයියට ඉස්සර ඉදන්ම බාතෘම් එකට ගියහම පැය තුන හතර වෙනකම්ම හෝදන පුරුද්දක් තියෙනවා..පල්ලෙහා බාතෘම් එකට  කට්ටිය පෝලිමට යන්න බලාගෙන ඉන්නවා කියලා කැල්විනයා මේක අස්සට රින්ගුවා..මූ ගියේ හතට දැන් වෙලාව නමයයි කාලයි..ඉස්සර ඉදන්ම මුගෙ වැඩේ වතුර නාස්ති කර කර ඉන්න එක..දවසක් මූ මෙච්චර වෙලා බාතෲම් එකෙ මොන මගුලක් කරනවද කියලා බලන්නත් එක්ක තමාලයා බංකුවක් තියලා නැගලා බලන් ඉදියලූ..මු බැලින්නම් කැල්වින් අයියා මයිකල් ජැක්සන් ආරූඩ වෙලා වගේ ඩාන්ස් දානවලූ..එකපාරට අර ජැක්සන් දාන කෑල්ලක් තියෙන්නෙ "ආඌඌ" කියලා ආන් ඒ ඇක්ශන් පාර දාලා මූ නැටුම ඉවර කරාලු..ඉතිම් කෝමහරි අයියා නාගෙන ආවට පස්සෙ තමාලයා හැමෝම ඉස්සරහා අයියා දාපු ඇක්ශන් පාර දාලා පෙන්නුවම මෑන් ලැජ්ජාවට එතනිම් දිව්වලූ..එදා ඉදන් ටික කාලයක් යනකම්ම ඕක අල්ලන් තමාලයා මේයකාට විහිලූ කරා...

සිරන්තියා කොයිවෙලෙත් බනිනවා වතුර බිල වැඩිවෙන්නෙ කැල්වින් අයියා හින්දයි කියලා..පොර කැම්පස් යන්න ගත්තට පස්සෙ මාර විදියට බිල අඩු වුනාලූ..ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ..අදත් ඉතිම් වතුර නාස්තිකරනවා දාගෙන..

මන් උදේ නැගිටිද්දි ඇදෙ ඉදියේ කොහොමද කියන්න නම් දන්නෙ නැ..තමාලයගෙන් ඇහුවත් ඌ කියන්නෙ දැක්කෙ නැහැ කියලයි..මට ලාවට වගෙ මතකයි ඒ වෙලාවෙ කවුරිහරි මාව ලගට ගත්තා කියලා නම්..කවුරු වුනත් ගෙදර කෙනෙක් වෙන්න ඕනි..නැත්තම් ඉතින් තමාලයගේ කාමරේට මාව ගෙනල්ලා වෙන කවුරු තියන්නද..පැය තුනක් වගෙයි නිදාගන්න හම්බුනෙත්..නිදිමතයි අප්පා..

කට්ටියම කාලෙකින් සෙට් වුන නිසා ඔක්කොමල්ලා එක්ක බෙල්ලන්විල පන්සල් යන්න දාගත්තා..රෑට පොඩි පාටියක් නිදා උදෙන්ම ගිහිල්ලා එන්නයි හදන්නෙ..මුන්ගේ පවුලේ මන් නැතුව සිද්දවුන එක වැඩක්වත් නැ..හැමදේකටම කොහෙන් හරි මාත් එකතුවුනා..නිදිමත හින්දා මන් ගෙදර ඉන්නම් කියද්දි හැමොම මට දුන්නෙ ඩෙවල් දාලා කන්න හදනවා වගේ ලුක් එකක්..ඉතිම් නොයාබෑනේ...

බෙල්ලන්විල පන්සලට එද්දි 11 ට ලංවෙලා..හැමොම තම තමන්ගේ වාහන වල ආවෙ..මායි තමාලයයි ආවෙ රොකී.අයියලගේ වාහනේ..ඒ අඩේහ් මේ යකාව කවුද එක්කන් ආවෙ..වාහනෙන් බහිද්දි තමා කලවැදි කුමාරයව දැක්කෙ..සාදූ සාදූ..පින්දහම් කරගන්න ඇවිල්ලා..

කට්ටිය හැමෝම තෙල් මල් අරන් ඇතුලට ගියා..අද සෙනගවැඩි දවසක්..සිල්ගන්න ආපු කට්ටිය තමා වැඩිහරියක්ම ඉන්නෙ..ශිරන්තියා එයා ගත්තු මල් ටික අරන් ඇවිත් තමාලයගෙයි මගෙයි අතට දුන්නා..විහාරෙ ඇතුලට ගිහිම් පුජාසනයෙන් මල් පූජකරලා වැන්දා..

පූජාසනයෙ මල් තියන්න ඉඩත් නැ සමහර මල් බිම වැටිලා..මිනිස්සු එවත් පාගගෙනම මල් පූජ කරන්නෙ..මන් හිමීට බිමට පහත්වෙලා වැටිලා තිබුන මල් ටික හිමිට එකතුකරන්න ගත්තා..සමහර මල් වල පෙති විතරයි..

අයිනට වෙන්න වගේ පොඩිවුන්නැති පිච්චමලක් තියෙනවා දැක්කා..මන් ඒකත් අරගන්න අත තියද්දිම වගේ තව අතක් ඇවිල්ලා මගෙ අතෙ ගෑවුනා..එයා මල වෙනුවට අල්ලගත්තෙ මගේ ඇගිල්ලක්..ඔලුව උස්සලා බලද්දි එතන ඉදියේ නේත්‍ර අයියා..එයාව දැක්කගමන් එකපාරට නැගිටින්න හදද්දි මගෙ ඔලුව පූජාසනේ ගැට්ටේ වැදුනා..නැ පූජාසනේ වැදුනේ නැහැ..ඒ වෙනුවට තිබුනේ අතක්..මන් නැගිටිනවත් එක්කම පූජාසනේ යට පැත්තට නේත්‍ර අයියා අත තිබ්බා..ඒක හින්දයි ඔලුව වැදෙන්නැතුව බේරුනේ..මේ මනුස්සයා හැමදෙයක් ගැනම අවදානෙන්නෙ..ඔලුවත් නවාගෙනම මන් ඉක්මන්ට එතනින් අයින්වුනා..

"මේ මල් ටිකත් ඩස්බින් එකට දාලා අත දෝවනේ කරගෙන ආයෙ එන්න..යන්න..."

මන් එතනින් යන්න හදද්දිම මගෙ වැලමිටෙන් අල්ලලා නවත්තගත්තු එයා එයාගෙ අතෙ තිබ්බ මල් ටිකත් මට දීලා දාලා එන්න කිව්වා..ආයෙ එන්න කිව්වා නේද..මොකටද දන්නැ..වදින්න වෙන්නැති..මොනාවුනත් අද එයා වෙන්දට වඩා ලස්සනට ඉන්නවා..එයා කොහොමත් හැන්ඩියා නම් තමා..එ වුනාට අද හරි පිංපාටයි..රවන්න අමතක වෙලා..නිවිලා ඉන්නෙ කොයිවෙලෙ පත්තුවෙයිද කියන්න දන්නෑ..සුදුපාටට එයා හුගක් කඩවසම්..අත් දිග ශර්ට් එකට සුදු ඩෙනිම ඇදලා ඉන්න එයා අද හරියට අහසින් වැටුන දිව්‍ය කුමාරයෙක් වගේ..

ඇහිදන් ආපු මල් ටිකත් ඩස්බින් එකට දාලා අත් දෝවනය කරගෙන එන්න කිව්ව හින්දා ආයෙ විහාරගෙට ගියා..මන් යද්දි මල් ආසනේ ලගට වෙලා ඉන්න නේත්‍රව එහාකොනෙ ඉන්න කෙල්ලෙක් අනිත් කෙල්ලට ඇගිල්ලෙන් පෙන්නවා දැක්කා..මුන්ටත් කොල්ලෙක් පේන්න බෑනෙ..මේයකත් ඉන්නවනෙ සුදුවෙන්ම ඇදලා කිරිකොකා වගේ..අහසින් වැටිලා නැ මුට පයින් ගහලයි අහසින් විසිකරලා තීන්නෙ..අරකිගේ සිරික්කිය බලපල්ලකෝ..අද කාලෙ කොල්ලෙක්ටත් ඉන්න නැනෙ අනෙ අම්මපා...

"ආ ගන්න.."

එයා ගාවට ගියපු මට කැන්ද කොලේක තියෙන පිච්ච මල් ගොට්ටක් දික් කරා..

"මට ද.."

"නැහැ බුදුන්ට..අරන් පූජ කරන්න.."

"හා ඉතිම්.."

"මන් ඉස්සෙල්ලා හෙව්වා.."

"මාව ඒ මොකටද.."

ඔය ඉතිම් බෑනෙ කරන්න..මාව හෙව්වා කියලා කිව්වට ඇයි කියලා කිව්වෙ නැනෙ..පිස්සෙක් ඇත්තමයි..මල් ටික දීලා මුකුත්ම නොකිය එයත් එකෙන්ම අරන් පූජකරන්න ගත්තා..

"සුදු බබා ඔයා මෙතනනේ..ආ මෙ මලුත් පූජ කරන්න.."

අඩෙහ්..උදෙ පාන්දර හදිසි පේශන්ට් කෙනෙක් ආවා කියලා ගෙදරින් ගියපු මනුස්සයා මෙන්න පන්සල් ඇවිත්..නෙලුම් මල් මිටියක්ම ගෙනල්ලා..නැටි කඩලා මට දුන්නා..

"අකි අයියේ ඔයා දැන්ද ආවේ.."

"ම්ම් ඔව් සුදු මහිමයා කිව්වා එයාල පන්සල් යනවා කියලා..මන් ගෙදර යද්දි කවුරුත් නැහැ..එහෙන්ම ලෑස්තිවෙලා ආවා ඉතිම්.."

"අද වැඩ නැද්ද අයියේ.."

"නෑ බබෝ..උදෙ නොයාම බැරි හින්දයි ගියෙ..

මේ ඒක නෙමෙයි..ඇත්තටම ඔයා නෙලුම් මල් අතේ තියන් ඉද්දි නෙලුම් මල මොකද්ද කියලා හොයාගන්න අමාරුයි මට.."

ඔය ඉතිම්..ඉන්න බැරි කරනවනෙ මැට්ටා..ලගකදි ඉදම් මෙයාටත් මොන යකෙක් වැහිලද දන්නැ..ඉස්සර වගෙ නෙමෙයි දැන් ඔහේ කියවන් යනවා හැමදෙම..

"නේත්‍ර නේද මල්ලි නම.මෙ මලුත් අරගන්න.."

"කමක්නැ මල් තියෙනව.."

අනෙ මන්දා මෙ මනුස්සයා නම් මේ හොදින් ඉන්නවා මෙ රවාගන්නවා..අකිත් අයියා මල් ගන්න කියද්දි කමන්නැ මල් තියෙනවලූ..අනෙ උබෙත් මහා අමුතුම ලයින් බන්..

"අනේ අපිටත් මල් දෙන්න මාආඅල්ල්ල්..."

"යොහ් අකිත් අයියා..අපිටත් මල් නැතෙයි.."

"පන්සලේවත් දගලන්නැතුව ඉන්න පොඩ්ඩො..සුදුගෙන් ඉල්ලගන්න.."

"ඔන්න සප්තයෝ මේ මල් පූජා කරලා උබෙයි මගෙයි ග්‍රහ අපල දුරුවෙවා කියලා පාර්තනා කරන ගමන් ආදර ඵල ලැබේවා කියලත් පාර්තනාකරපම් හොදෙ.."

පන්සලේදිමත් මේ මොන්ගලයට මනුස්සයෙක් වගෙ හැසිරෙන්න බැහැනෙ..හම්බෙයි බොට ආදර ඵල කෙසෙවෙතත් දරු ඵල නම්..

"අකි අයියේ මේ අන්තිම මල ඔයා පූජ කරන්න එහෙනම්.."

"කමන්නැ පොඩ්ඩො ඒක ඔයාම පූජකරන්නකෝ.."

"නේත්‍ර අයියේ ආ එහෙනම් ඔයාවත් පූජකරන්න.."

"හ්ම් දෙන්න"

" ආ නැ කෝ දෙන්න සුදු බබා මන් තියන්න.."

මල් මිටියෙන් ඉතුරුවුන අන්තිම මල දෙන්නද අහද්දි එපා කියපු අකිත් අයියා නේත්‍රට දුන්නා විතරයි ඕනේ ගාලා නහින්න හදනවා..අනෙ අනෙ..පොඩි උන් දෙන්නෙක් වගේ..

"මන් පූජකරන්නම්.."

"මගෙන්නෙ මුලින් ඇහුවෙ ඒක නිසා මට දෙන්න.."

"එවෙලෙ එපා කිව්වනෙ..දැන් මේක මගෙ.."

"එ වුනාට දැන් ඕනෙ..එක.නිසා දෙන්න මන් පූජකරන්නම්..

"අයියේ එහෙනම් දෙන්නම අල්ලල පූජ කරන්න..එතකොට හරිනෙ..මෙ මිනිස්සුත් බලාගෙන ඉන්නවා ඕක පූජකරන්න අනේ..කෝ දෙන්නම අල්ල ගන්න අත්දෙකෙන්ම..ආ දැන් පූජකරන්න.."

දෙන්නවම අල්ලලා පූජකරෙ නැත්තම් අද මල පොඩිවෙනකම්ම පොරකනවා..මුන් දෙන්නට දෙන්නා ට්‍රයිද මන්දා..නැත්තම් ඉතිම් මලකට මරාගන්න හදයිද..ඒ වුනාට දෙන්නාම නිකම් ටොප්ලා වගේනේ..ටොප්ල දෙන්නෙක් කපල් වුනොත් මොනාවෙයිද..යොහ් සැක් සප්තයෝ මේක පන්සලක්...

පන්සල් ගිහින් ඇවිල්ලා මන් කෙලින්ම ගියෙ ගෙදරට..අද අම්මත් ගෙදරනේ..හවසට ඔක්කෝටම සිරන්තියා එන්න කිව්වා..මන් රෝසපාටට හුරු හූඩියකට පැච් ශෝටක් ගහන් වේව්ස් දෙකත් දාන් යන්න ලෑස්තිවුනා..අනෙ කොට ශෝට තරම් වෙන මුකුත් සැප පහසු නෑ...

මන් එහෙට යද්දි අයියලා ටිකයි අන්කල්ලා ටිකයි තැන් දෙකක් හදාගෙන බෝතල් තියලා බාර්බකිව් දාන්න හදනවා..ම්ම්ම් අද බීමක් තමා එහෙනම්..වැඩිහිටි අය වෙනම පැත්තකට වෙලා බොන එක අපේ ඇගටත් හොදයි..මන් නම් ඉතිම් අමද්‍යප නෑනෙ..ඉදල හිටලා ටිකාක් බොනවා..

කලවැදි මහත්තයව අයියලා ටිකට අල්ලලා ගිහිම්..පොරත් ඇවිල්ලා රොකි අයියා එක්ක කයියක්..අකිත් අයියනම් පේන්න නෑ..ජොනි අයියා තමාලයව බදාගෙන මිරිකන් ඉන්නවා..එව්ව්ව් තිරිසන්නු වගේ..දිනුක අයියා වේටර් වගේ බෝතල් ටිකයි කෝප්ප ටිකයි තියනව හදනවා..ශෙහානයා බෆල් ටිකක් බදන්..

මහිම අයියා බාබකිව් දාන්න ලෑස්තිවෙනවා..

"අනෙව් මගේ පුතුකියා..පාලුවෙන් ඉදියේ අප්පා ඔයා නැතුව..බලන්නකො ඉතිම් අපෙව් කොල්ලො ටික කාලෙකින් සෙට් වෙලා..සතුට දෝරෙගලනවා අප්පා..බාල්දියක් අල්ලන් ඉන්න වෙයි දැන්නම්..ම්ම් මෙ ඒක නෙමෙ මට අලුතෙම් හොට්ම හොට් කොල්ලෙක් හම්බුනානේ.."

"මොකක් කොල්ලෙක්..එ කොහොමද සිරන්තියෝ..මාස දහයක්වත් ගියේ නෑනෙ..අනික හොට් වෙන්නෙ කෝමේ ඉපදුන ගමන්..."

"යෝහ් මගෙ නොදරුවා..එහෙම ලමයෙක් නෙමෙ කොල්ලො..අර අතන ඉන්නෙ අනේ..අපෙ පවුලට අලුතෙන් ආව හොට් කොල්ලා..බලන්නකො ඉතිම් සෙස්සියි නේ..මරු ටොප්..අපේ තමාලයට හරි සෙට් කරලා දෙන්න හිතයි අප්පා..ඒ වුනාට පුතුකියෝ මන් නම් කියන්නෙ එයාව සෙට් වෙන්නෙ ඔයා වගේ හුරතල් සුට්ටිත්තන් කොලු පැටියෙක්ට අනෙ..හිතලා බලන්න අප්පා..හොද අවස්තාවක්.."

"පටන් ගන්න කලින්ම බිව්වද සිරන්තියේ..මොනාද මෙ.කියවන්නෙ..එ පිස්සව මටනම් එපා හොදෙ..නිකම්.දුන්නත් එපා..

සිරන්ති...සිරන්ති..අම්මෙක් කියන කතාව මේවා..මන් යනවා යන්න.."

"ආ නරකෙට හිටී මන් කියන එව්වත්..බලන්නකො දවසක වෙන දෙ.."

"යැයි යැයි තමා..මේ ඔක්කොටම.වගකියන්න ඕන තමාලයා.."

සිරන්ති කියන කතා වලට මයිලුත් ස්ට්‍රේට් වෙනවා අප්පා...එව්ව්ව්ව්ව්...

"ඒයි සුදූ..මෙහෙ පැත්තේ මේ..මෙහෙට එන්ඩෝඕඕ..."

දැන් තමයි මුන්ට මාව පෙනිලා තීන්නෙ..හනේ හනේ..රොකි අයියා ලගට ගියා විතරයි මාව ඇදල අරන් ඔඩොක්කුවෙ තියන් බදාගත්තා මේකා..ඒ මදිවට දාගෙන මිරිකනවා..යකො මගෙ බොකු පනී මිනිහෝ..

"සුවද ගහගෙන කොහෙද මේ පාත්ත පැටියෙක් වගේ යන්නෙ ම්ම්.."

"අනේ යන්න අයියේ යන්න මන් පාත්තයෙක් වගේ නෙමෙ හරිද.."

"නෑ නෑ උබ හා පැංචෙක්..ඔය පේන්නැද්ද ඉනට අත් දෙක තියන් රවන් ඉද්දිනම් අර පුංචි ඇටයා ස්නොව්බෝල් වගේමයි.."

"මන් යනවා හොදේ යන්න.."

"රොකී පොඩ්ඩට ඉන්න දීපම්.."

"රවද්දිත් ලස්සනයි අප්පා..ආ නැද්ද නේත්‍ර මල්ලි මන් අහන්නෙ.."

මේකා ලගට ආවත් හරි දැන් තමා මට මතක් වුනෙත් මෙ කලවැද්දත් මෙතන නේද කියලා..රොක්කයියලා ගාවනම් මේ යකාට හොදට හිනාවෙන්න පුලුවන්..අපි එක්ක තමා හිනාවෙන්න බැරි හුම්..රොකි අයියාගෙ බයිලා වලට ඔලුව වන වන ඉන්න හැටි..ඔලුබක්කා..

යොහ් යසස් අයියා කොහෙද මේ මෙහෙ එන්නෙ..ඒ අඩෙහ්හ්..තමාලයවත් එන්න කිව්වද..මන් මෙ දකින්නෙ හවස් හීනයක්ද..

"යශ් මෙහෙ..එන්න එන්න..අයියේ මෙ තමයි මන් කිව්ව යාලුවා.."

"ඔහ් හරි හරි එන්න මල්ලි ඇවිත් වාඩිවෙන්න..නේත්‍ර මල්ලි කියෝ කියො ඉදියෙ ඔයා ගැන.."

දෙයියනේ දෙයියනේ..මම හිත යටින් බල්ටි ගහනවා බොලව්..අච්චෝ අච්චෝ අකිත් අයියත් එනවා..සුදාප්පච්චීත් ඉන්නවා සුදු මහත්තයත් ඉන්නවා..දෙලොවක් අතර මා තනිවුනා..යසස් අයියා දිහා බලන් ඉදල අවදානමක් ගන්න හොදනැහැ..එයා මෙතන නෑ කියල හිතන් හැසිරියන් සප්ත...

අංකල්ලා ටික ශේපෙට සොට් එක ගහන් ඉන්නවා..

ආන්ටිලා ටික වෙනම සෙට් වෙලා ෆෘට් ජුස් බිබී ගුලි කාලා වගේ හිනාවෙවී ඉන්නැද්දී අපෙ තමාලයනම් ඇත්තටම ගුලිකාලා..

"ඔබ දේ දුන්න ආකාසයේ.."

"දේදුන්න වාගේ පායන්න ආයෙ පායන්න ආයෙ කිව්වුආආආආආආආආආඅ"

"සිත් අහසේ දේදුන්නයීඊඊඊඊඉ ආදරෙව්ව්ව්ව්ව්ව්..."

"දේදුන්නේ පාට පාටිම් ආදරේ රැන්දූඌඌඌඌඌඌඋ..."

"දේදුන්න පායාවි හෙටත් පාලම උඩිම්.."

"යොහ් සප්තයෝ..මට දේදුනු පෙනවනේ..වෙන උන්ටනම් බිව්වම ගොක්කොල නේද..යොහ් පේන්නෙ...දේදුන්නයි ආදරේ........"

ම්ම් සුමිහිරි පානෙ පදම වැඩිවෙලා මේකාට..සින්දු මොනවද කවි මොනවද කියලවත් තේරුමක් නැතුව ඔහේ කියවනව..එ අස්සෙම් මෙදාපාර සින්හල පොතේ තියෙන පරාක්‍රම කොඩිතුවක්කුගේ කවියකුත් කියවනවා...ඌ මටත් වැඩිය පොඩ්ඩක් ගැහුවට මටත් කලියෙන් උට බඩු වැදිලා..අයියලා ටිකටත් පදම සෙට් වෙලා..ම්ම්ම්ම්..

මන් මෙ කල්පනා කරන්නෙ බොන්න කලිම් අකිත් අයියා කලවැද්දා ගැන අහපු එක ගැන..

"සුදු බබා..මේ නේත්‍ර මල්ලි ඔයාගෙ හොදම යාලුවෙක්ද.."

"එහෙම ලොකු යාලුවෙක් නෙමෙ අයියේ..අපි ලොකුවට කතාබහ කරලා නම් නෑ..එක ස්කෝලෙනෙ වැඩ කරද්දි හම්බෙනවා..අපි මෙහෙ එද්දිත් හම්බෙනවනෙ ඉතිම්..ඇයි අයියේ.

"ආ නෑ නැ නිකම් ඉතිම්..දැනගන්නයි ඇහුවෙ.."

හොදට ඉදපු අකිත් අයියටත් මදනයකා වැහිලා..මන් හිතන්නෙ කලවැද්දා නෙමෙ මෙයා තමයි පස්සෙම් යන්නෙ..ලැජ්ජ නැද්ද අකිත් අයියේ කොල්ලො පස්සෙ යන්න..ම්ම් දැන්නම් මටත් වැදීගෙනයි එන්න්නෙ තාත්තේ..

"යොහ් සප්තයෝ මටත් රාද්‍ය අයියෙක් ඕනේ ඒයි.."

"අයුක අයියා කේන්තිගන්නෙපා වත්සල් කියනවා ඇහෙනවා ඇහෙනවා වගේ අප්පා..."

"යොහ් මටත් ඒම කතාකරන කොල්ලෙක් ගෙනල්ලා දිපල්ලා...

"කෑගහන්නෙපා වු"ටෝ..ඌප්ස් සොරී..කූහප්ප කියන්න හොදම නෑ.."

"අහපම්කො තමාලයෝ බොට කියන්න බන් i found my randya..He is my whiskey ..I want my whiskey.. kqnsuwnqoqmakamwma....

තමාලයා රාද්‍ය අයියෙක් ඕනේ කියලා කෑගහද්දි..මෙච්චර වෙලා කටවහන් ඉදපු මාත් ෆෝම් වෙලා ආවා..විස්කි විදුරුව අතට අරන් මගේ රාද්‍යත් හම්බුනා එයා තමයි මගෙ විස්කිය ගගා මොනාද මන්දා කියොගෙන ගියා මට හරියට තේරුන්නෑ..

අශෙන් අයියයි දිනුක අයියයි කපල් ඩාන්ස් දාද්දි කැල්වින් අයිය එ දෙන්නා වගෙ කොපර කොපර පිපිඤ්ඤා ඩාන්ස් දානවා..කිරිකොරහා නටනවා වගේත් ටිකක්..තමාලයාගෙ බ්‍රේක් නැති කට ඔහේ කියවන් යද්දි මම  එක පේලියට වාඩිවෙලා ඉන්න අකිත් අයියයි කලවැද්දයි තමාල් අයියයි දිහා බල බල වීදුරුව තොලගාන්න ගත්තා..දෙවියො ලස්සන අය මවද්දි පෝලිමට මවන් යනවා කියන්නෙ මේක තමයි..ඒ තුන්දෙනාගෙන් ලස්සනම කෙනා කවුද කියලා මන් දැන් පැයබාගයක් තිස්සෙ බලාගෙන ඉන්නවා..තුන්දෙනාම එකවගේනෙ තාත්තෙ..

"අනේ තාත්තේ.............."

"මොකද මොකද සත්තරනේ උම්බ කෑගහන්නෙ..ආ මොකද්ද වෙන්නොනේ..මන් මෙතන ඉද්දි උබ කෑගහන්නෙ මොකද..කෝ ආ කියහම් මේ චිකන් කෑල්ල දාන්න..ආඅ ආආඅ...දැන් මොකද්ද වෙන්නොනේ..උබට කියන්න මට වෙරි නැ පුතේ පොඩ්ඩක්වත් හරිද..මන් හොදට දැක්කා උබ අර කොල්ලො තුන් දෙනා දිහා බලන් අනිමිස කරනවා..දැන් කාවද උබට ඕනෙ ආ..කාවද කියපම්ම්ම්ක්ක්ස්ක්ව්ක්ව්ක්ව් අට්තැරපම්න්න්ම්ම් උට්ටෝඕඕඔ බ්ල්ජ්ද්ජ්ද්ජ් කට අතැරාම්.."

මේ යකා මගේ සායම හෝදන්න හදන්නෙ..අනේ පුතේ ගිහින් නිදිය ගනිම් බන්..මූ තව ඉදියොත් නම් කබරයා දානවා ශුවර්..බෝතලෙත් බදන් ඒ ගමන උම්මා දෙනවා..එව්ව් එව්ව්..

"ජොනී අයියේ තමාලයව එක්කම් ගියානම් හරිනේද.."

"ක්කවුද යකො මාව එලවන්න හදන්නෙ..අතෑරපාම්..ජොනී අයියෙ උබ මට අතවැර කොරනව කියලා මන් කෑගහනවා..බේරගනියො.."

"කෑගහන්නෙපා චුටියො..අනෙ මන්දා උබ බිව්වම චාටර් බන්.."

"උබ කවුද යකො මන් බිව්වම චාටර් කියන්න..තෑන් තෑන් ගාලා දෙනවා හරිද එනවා මෙතන චාටර් ගාන්න..ටසිරි ජොනී අයියා නේද..ජොනී අයියේ අපි බදිමුද ඒයි හානේද..සප්තයෝ අපි එහෙනම් බැන්දා..මෙතනින් එහාට මට උබව එක්කන් යන්න බෑ මොකද අපි යන්න හදන්නෙ අපේ මදුසමයට..එහෙනම් කොල්ලො අපි ගියා..යන් ජොනි අයියෙ..."

"මදු චන්ද්‍ර යා මේ මොදුවේ

උන්මාදනීය රාත්‍රියේ.........."

තමාලයට හොදටම ට්‍රැක පැනලා..අරන් යන්න බැරිම තැන ජොනී අයියා ඌව උස්සම් ගියා..තමාලයත් ගියා දැන් උබ යන්නෙ කෝමද පුතෙ..තාත්තේ මාව ගෙනියන්න එන්නකො තාත්තේ..කට්ටියම උන්ගේ ලෝක වල..යසස් අයියයි කලවැද්දයි උකුලු මුකුලු දානවා..රොකි අයියා යසස් අයියව කන්න වගේ බලාන ඉන්නවා..යම් දෙයක් සිදුවෙනවා වගේ..කො කො මේ අකිත් අයියා..පොර මෙ ඉදියා මේ නැනෙ..අනෙ උබලා එකෙක්ටවත් මන් මෙතන ඉන්නවා කියලා පේන්නැති හැටියක්..මන් යනවා යන්න..කොල්ලො මහා චපලයි...

"හද තනියෙන්න් මා.....

හඩන්නෙ නැ මා......

මා දමා...

ඔබ ගියා...ගියා....මා දමා...."

"කවුද අඩො පඩිපෙලෙ ලයිට් නිව්ව පරයා.."

උඩතට්ටුවට යන්නත් ඕනේ යන්න බෑත් වගේ..කලුවරයි..ම්හුක්..පඩි කෑලි දෙකක්ම නගින්න එපැයි අප්පා..එකක් නැග්ගට පස්සෙ අනිත් එකට යන්න හැරෙන තැන කට්ට කරුවලයි අප්පා..

කෙලින් යන්නත් බැ වගේ වැනෙනවනෙ තාත්තෙ..චූත් බරයි අප්පා..ආ කකුල් රිදෙනවා..නගින්න බැරියෝ..තව එකායි ආහ්.....

අනිත් පඩියට හැරෙද්දිම කවුරු හරි මාව ඇදල අරන් බිත්තියට හේත්තු කරා..දෙවියන්ටම ඔප්පුවෙච්චාවෙ කවුද යකෝ මේ කලුවරෙ වද දෙන එකා..වෙරිමතයි නිදිමතයි එක්ක ලෝඩ් වුන චූ බරත් දරන් බොහොම අමාරුවෙන් ඉන්න මට ආතල් දෙන්න හදනවනේ..මන් එතනින් යන්න හද්දි ආයෙත් බිත්තියට හේත්තු කරාලා එ මදිවට එක අතකින් මගෙ අත් දෙකත් උඩට උස්සලා හිරකරලා අල්ලගෙන මන් ගාවට ලංවුනා..ඔන්න දැන් තමයි මට බයක් දැනෙන්න ගත්තේ..

එයාගෙ හුස්ම මට හුගක් ලගින් දැනෙනවා..මගෙ නිකටින් අල්ලා මූන උඩට උස්සපු එයා එයාගෙ සීතලම සීතල තොල් මගෙ තොල් උඩින් තිබ්බා..හැමදේම වුනේ එක තප්පරේකින්..ඒ තොල් වල හීතල මගෙ මුළු ඇගේම කරන්ට් එකක් වගෙ ඇදුනා..තප්පර ගානක් මගෙ තොල් උඩ ඒ තොල් තියන් ඉදපු එයා හිමින් සැරෙ මගෙ තොල් උඩ දගලන්න ගත්තා..යටිතොලේ ඉදන් උඩ තොලට අල්ලගත්ත එයා හුගක් වෙලා උඩුතොල අල්ලන් ඉදියා..ආයෙත් හිමීට යටිතොල අල්ලන් ඉදපු එයා යටිතොල දත්වලින් හිමීට හැපුවා..හිමීත එත් තදට.. ඒ හැපුව පාර කෑගැස්සෙන්න ඇරුන මගෙ තොල් ඉක්මනින් අල්ලගෙන එයාගෙ දිවෙන් මගෙ දිව අල්ලන් සිපගන්න ගමන් උඩට කරලා අල්ලන් ඉදපු අත අත්හරිනවා මට දැනුනා..පුදුම හදිස්සියක්නේ මේක..ඒ සිපගැනීමට මගෙ ඇග එයා දිහාවට තවත් ඇදිලා ගියා..මේක හරි අමුතු වින්දනයක්..මට මාව අමතක කරවන වින්දනයක්..ඒ වින්දනය දරාගන්න බැරිම තැන ගිලිහුන මගෙ අත් වලිම් එයාගේ ශර්ට් එකෙ ඉනදෙපැත්ත අල්ලම් පොඩිකරන්න ගත්තා..මගේ බඩ ඇතුලේ විප්ලවයක්..කියාගන්න තේරෙන්නැ..මුලු ඇගම වෙව්ලුම් කනවා.. ඒත් මට තව ඕනෙ වගේ හැගීමක් දැනෙනවා..මේ මදි තව ඕනෙ..එයා තාම මාව සිපගන්නවා..මට කරන්න කිසිදෙයක් තිබුනේ නැ..මීට කලින් මන් සිපගෙනත් නැහැනේ..මේක මගේ ෆස්ට් කිස් එක..

"තොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න.."

මෙ වගේ සීරියස් අවස්තාවක බැක්ග්‍රව්න්ඩ් එකෙන් මහා ගොන් සින්දුත් ඇහෙනවා අප්පා..හුස්මගන්න ඕනි කියන කාරනාව මෙ විනාඩි ගානට මට වගේම එයාටත් අමතකම වෙලා වගේ..හුස්ම හිරවෙන හන්දා බැරිම තැන සිපගන්න එක ටිකක් නැවැත්තුව එයා යටිතොල දත් වලින් ඇදලා අතෑරියා..එත් මගෙ තොල් වලින් ඒ තොල් අතෑරියෙම නැහැ..

එයාට හතී..ඒ වගේම මටත්..එයා හයියෙන් හුස්ම ගන්න සද්දෙ මට ඇහෙනවා..විස්කි වලට බාගෙට මත්වෙලා ඉදපු මන් මෙ තොල් වලින් සම්පූර්නෙන්ම මත්වුනා..සිපගැනීම දරාගන්න බැරිම තැන පියවුන මගෙ ඇස් තාමත් වැහිලා..ඇරගන්නවත් මට පනක් නැ වගෙ..එයා ඒ තොල් මගෙ තොල් වල එහාට මෙහාට ගෑවෙව්වා..මට ආයෙත් කරන්ට් එක වැදුනා වගේ..එ තොල් මගෙන් ඈත්වෙනවා කියලා දැනෙද්දි මට මහා ලෝබකමක් දැනෙන්න ගත්තා..මෙහෙම දැනෙන්නෙ මන් මත්වෙලා ඉන්න හින්දද කියන්න තේරෙන්නෙ නැහැ..තොල් වලින් ඈත් වුන එයා මගේ නිකට සිපගත්තා..කම්මුල දිගේ ඒ තොල් වද්දගෙන වගේ ගිහිම් කන ගාවින් නතර වුන එයා හිමීට කන සිපගන්න පටන්ගත්තා..එයාගේ උණුසුම් සුසුම් මගේ කනගාව දැනෙද්දි එයා කන ලග මොනාද මුමුනනවා දැනුනා...

" I'm not the whiskey you want..

I'm the water you need.."

___________

හායි යාලුවනේ

🙈

කෝමතේ.....

කිත් එකක් දුන්නා නේත කවුරු වෙන්න පුලුවන් ද ඒ 👉👈

පාන්දර වෙනකම් ටයිප් කරා අප්පා..දැන් තමා ඕන් අප්ලෝඩ් කරේ

මහන්සී.............

ලයික් කරන්න කොමෙන්ට් දාන්න...

ආතරෙයී🙈💜

_Gojo_

Share This Chapter