Back
/ 52
Chapter 15

Chapter 15

දෑගිලි ✔( complete )✨

තිනෙත්‍රගෙ දින සටහන්

එයාව හම්බවෙන්න කලියෙන් කවදාවත් ඩයරියක් නොලියපු මට හිතේ ඇතිවුන හැම හැගීමක්ම වචන වලට හරවලා ලියන්න පුලුවන් වුනා....

මන් හිතන්නෙ මේක පලමු බැල්මෙන් ඇති වුන ආදරයක්.love at first sight. අන්තිමේදි මගෙ අහංකාර දරදඬු හිතට කෙනෙක් රිංගුවා.එහෙනම් දිනපොත මේ

මගේ හුරතල් ලමයා මට හම්බුන කතාවයි..

ආෆ්ටර් ඕලෙවල් කාලෙ සෙට් වුන බිග් මැච් එක බලන්න මන් යනකොට ටිකක් පරක්කු වුනා.හුග කාලෙකට පස්සෙ මට වැඩක් කරන්න පරක්කු වුනාමයි මන් හිතන්නෙ.

පරක්කු වුන කේන්තියෙන් ග්‍රවුන්ඩ් එකට දුවද්දි මගේ ඇගෙ වැදුන මනුස්සයා නිසා මගේ ඉවසීමේ සීමා ගිලිහුනා.හොදවැයින් දෙක තුනක් කියන්න හැරෙද්දි ඒ ආමන්ඩ් හැඩැති ඇස් දෙක දැක්කම බනින්න මහා ලෝභකමක් දැනුනා.

එ හුරතල් මූනට එ ඇස් පර්ෆෙක්ට් වැඩියි.ඇගෙ වැදුන එයා ඔලුව පහත් කර කර සමාව ඉල්ලනකොට එ ඇස් බයෙන් කලබල වෙනවා මන් දැක්කා .මන් හිතන්නෙ ඒ තමයි මගෙ හිත හෙල්ලුන පලවෙනි වතාව.

ස්ටේඩියම් එකේ ඉදන් යශ් එක්ක මැච් එක බැලුවත් මගෙ ඇස් හොයන්නෙම කලින් හම්බුන රූපෙ.දුඹුරු පාටට හුරු ඇස්,දිග ඇහි පියාටු ,පිරුනු තොල් , අල්ලන්නත් ලෝභ හිතෙන තරමටම සියුමැලී කම්මුල්...තප්පර ගානකට දැක්කාත් ඒ රූපෙ මගෙ හිතේ ඇදිලා ඉවරයි තදින්ම.මන් හිතන්නැ එ රුපෙ හිතෙන් මකන්න පුලුවන් වෙයි කියලනම්.

යෂ් එයාගෙ පොඩි එකා සෙල්ලන් කරනවා ඇස් පිය නොහෙලා හුගක් සතුටෙන් බලාගෙන ඉන්නවා.දුර ඉදම් ආදරෙ කරන වේදනාවක් විදියට මට පෙනුනට යෂ්ට නම් ඒක සතුටක් වගේ දැනෙනවලු. අපි ඉද්දි එක පාරට අදීශ එක්ක මතුවුන මන් මෙච්චර වෙලා හොයපු එයා අපි දිහාවට හිනාවෙමින් ඇවිදන් ආව

මන් ගාවින් කෑගහගා ඉදපු යශ් එයාගෙ පැටියා බැට් කරන හින්දා ස්ටේඩියම් එකේ ඉස්සරහටම ගිහින් අපේ ස්කොලේ කොඩිය වන වන කෑගහන්න ගත්තා.මල්ලිව දැක්කම එයාට ඔක්කොම අමතකයි.මෙ පිස්සෙක් ගානට දගලන්නෙ අනාගතේ හෙඩ් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න ඉන්න මනුස්සයෙක්.

එයා කිස්තුරාජෙ ශර්ට් එකක් ඇදම් යෂ් වගෙම උඩ පැන පැන කට්ටියට චියර් කරනවා.එයත් චියර් කරන්නෙ තමාල්ට.අදීශයත් එයාගෙ ස්කෝලෙම හින්දා එයා ගැන විස්තර ටිකක් හිමීට අහගන්න පුලුවන් වුනා.

අපිට වඩා අවුරුද්දකින් බාල වුනත් එයාගෙන් පේන්නෙ ඊට වඩා පොඩි පෙනුමක්.හුරතල් වැඩීකමට මට අල්ලලා පපුව අස්සෙ දාන් හංගගන්න හිතෙනවා.ලෝභයි මෙහෙම ඉද්දි.

එදා දවසෙම මැච් එකට වඩා මන් හරි ආසාවෙන් ඒ රූපෙ දිහා බලන් ඉදියා.එයාගෙ හැම පොඩි හැසිරීමක්ම මන් බලාන ඉදියා.

එයාගෙ නම සප්ත අභිරු මනමේකල ලු.එයා වගේම ලස්සන නමක්.මගේ මනමේකල.අද ඉදන් ඔයා මගෙ..........

දින මාස ගෙවිලා යද්දි මට එයාව දකින්න හම්බුනෙත් දවස් දෙකටත් වඩා අඩුවෙන්.ඒකත් එයාට වඩා ටිකක් දුර ඉදන්.මාස ගානක් ගෙවිලා යද්දි පවුලෙ ඇතිවුන පොඩි පොඩි ප්‍රශ්න හින්දා එයා ගැන හිතන්නවත් වෙලාවක් හදාගන්න බැරි තරමට හිත පිස්සු වැටුනා.

දහ අට පිරෙද්දිම බලාපොරොත්තු නොවුන වගකීම් මට පැවරෙන්නෙ මන් හිතුවෙවත් නැති විදියට..

විල්සන් සීයාගෙ අන්තිම කාලෙ කවුරුත් එයාලව බලාගන්න ඉදිරිපත් නොවෙද්දි මන් එයාල ලගට ගිහිම් කැමැත්තෙන්ම බලාගත්තේ කිසිදෙයක් බලාපොරොත්තුවෙන් නොවුනත් සීයා මැරෙද්දි එයාගෙ හැම දේපලක්ම මගෙ නමට ලියලා කියලා දැනගත්තයින් පස්සෙ අයිතිවාසිකම් කියන්න ආපු පවුලේ අයගෙ ප්‍රශ්නෙ හිතුවට වඩා ලොකු පෙශර් එකක් වුනා....

සීයටයි අත්තම්මටයි දුරින් නෑ වෙන මට එයාලගෙ බිස්නස් එකේ අයිතිකාරයා වෙන්න සුදුස්සෙක් නෙමෙයි කියන තර්ක මැද්දෙ අවසානෙ මන් තීරනේ කරා මගදි තෝරගන්න සිද්ද වුන පාරෙ ඉස්සරහටම යන්න.දේපල ප්‍රශ්නේ කෙලවරේ අත්තම්මා තනිවෙද්දි අවුරුද්දකට වඩා එහෙ ඉදපු මම තීරනේ කරා දිගටම එයා එක්කම ජීවත්වෙන්න.

මට වඩා business ගැන හොද දැනුමක් තියෙන ලොකු අයියට කම්පැනි එකෙ පාලනය ගෙනියන්න කියලා ඉල්ලුවෙ මන් තාම ඒකට හොදින් සූදානම් නැති හින්දයි. චූටි අයියත් එකතුවෙලා කම්පැනියත් බලාගන්න කැමතිවුන නිසා මට ඉගෙනීමට විතරක් අවදානෙ යොමුකරගන්න පුලුවන් වුනා.

ගෙදර ඉන්නවට වඩා නිදහසක් මෙහෙ ගෙදර තියෙනවා. පොඩි කාලෙ අපේ ආච්චි නැතිවුනත් හරි එදයින් පස්සෙ ආච්චි අම්මෙක්ගෙන් මට ඕන වෙලා තිබුන ආදරේ මේ ගෙදරට ආපු දවසෙ ඉදන් මට අත්තම්මගෙන් ලැබුනා.අත්තම්මා හිතන්නෙවත් නැතුව ඇති අන්තිම කාලෙ වෙද්දි මේ වගෙ තනිවෙන්න වෙයි කියලා එයාට.අපේ ජිවිතේ සිද්ද වෙන්නෙම අපි නොහිතන විදියේ දේවල්.මේ වෙන හැම දෙයක්ම වෙන්නෙ සිද්දවෙන්න තියෙන හින්දයි.

අල්ලපු ගෙදර ඉන්නෙ යෂ්ගෙ පොඩි පැටියා.සතියට දවසක් අත්තම්මා බලන්න කියලා යෂ් මෙහෙ එන්නෙ තමාල් මල්ලිව බලාගන්න.දවසට සැරයක් හරි තමාල් මල්ලිගේ අම්මා ඇවිල්ලා කතා කරලා යනවා.මුලදි ඇන්ටිව එච්චර ෆිට් නොවුනත් පස්සෙ පස්සෙ එයාට හුරුවෙන්න පුලුවන් වුනා.ඇන්ටි කියනකම්ම මන් දන්නෙ නැහැ මගේ මනමේකලත් ඉන්නෙ මේ ගමේමයි කියලා.තව හැම සිකුරාදාවකම වගේ මගෙ අල්ලපු ගෙදරට එයා එනවා කියලත්...

ශිරන්ති නැන්දා කිව්ව විදියට විභාගෙ පාස් වෙලා එයාව ඒලෙවල් වලට තේරුනේ අපෙ ස්කොලේටලු.එ කියන්නෙ ලබන සතියෙ ඉදන් එයා එයි.කාලෙකින් යටගිහිම් තිබුන හැගීමක් ආයෙ උඩට මතුවුනා.

*******************

නුබේ ඇස් මා දැකලා

නුබ ලගටම ආවෙ....

ආදරයේ අර්ථෙද මේ

නුබ දැක මටමයි හැගුනෙ.......

සමහර සින්දු තියනවා ඒවා අපෙ ජිවිතේ සිදුවීම් වලටම ලියවුනා වගේ..

අලුතෙන් ආපු ලමයි එක්ක එන එයාව දකිද්දි පලවෙනි පාරට දැකපු හැගීම ආයෙම දැනෙන්නගත්තා..

අලුත් ස්කෝලෙකට පලවෙනි පාර ආවම දැනෙන බය හැම ලමයෙක්ගෙම මූනෙ ඇදිලා තිබුනට එයානම් ඉදියේ හරි සැහැල්ලුවකින් තමාල් මල්ලි එක්ක හිනාවෙවී.එත් එයා යෂ්ට දෙන බැල්ම නම් මගෙ හිතට හොද හැගීමක් එක්කරන්නෙ නැහැ..

මගෙ ඇස් මායිමෙ ඉන්න එයාව පුලුවන් හැමවෙලාවකම වගේ පරිස්සම් කරගන්න මට පුලුවන් වුනා.

මන් නැති තැන්වලත් වෙන දේවල් තමාල් මල්ලිගෙන් අහගත්තා.හුරතල් ඇට්ටරයෙක් තනිකරම එයා.කරගන්නෙම අන්ඩපාලි වැඩ.

වෙලාවකට කේන්ති මෙ කොල්ලා එක්ක.

මන් සතුටු වෙනවා මගෙ හැගීම් මුහුනෙන් පෙන්නන්නෙ නැතුව පාලනේ කරන් ඉන්න පුලුවන් වීම ගැන.

එයා හැරෙද්දි කරන්න යන්නෙ මොකද්ද කියලා හිතාගන්න පුලුවන් තරමටම මන් එයාට බැදිලා ඉවරයි.එත් එ ඇස් මට කලිම් වෙන කෙනෙක්ට බැදෙන්න අරන් කියලා දැනෙද්දි මන් පරක්කු වැඩී කියලා තේරුනා..

යෂ්..උබ මගෙ හොදම යාලුවා.එයා බලන්නෙ ඔයා දිහා විතරයි.මට සැකයක් නැහැ යෂ් කොහොමත් කැමති තමාල් මල්ලිට විතරයි.එත් මට කැමතිවෙන්න ඕන ඇස් වෙන කෙනෙක්ව අයිතිකරගන්න බලාන ඉද්දි දැනෙන වේදනාව මට දරාගන්න හරි අමාරුයි.

හිමිවෙන්නම ඕනිද අහනවා ආදරෙ කරන්න.එත් හිමිවීමක් නැති තැන කොහෙන්ද සැනසීමක්.මට ඕන එයාව අයිතිකරන් ඒ ආදරෙ විදින්න දෙන්න.

මන් මගෙ උපරිමයෙන් උත්සහ කරනවා.බැරිම වුනොත් සදහටම ඒකපාර්ශ්විකව ආදරෙ කරන් ඉන්නවා.

මොකද මෙතනිම් එහාට මේ හිතේ මනමේකලට ඇරෙන්න වෙන ඉඩක් නැතිවේවි..

හැමදාම උදේට එයා එනකම් ජනෙල් කවුලුව ගාවට වෙලා බලාන ඉන්නෙ හුගක් බලාපොරොත්තු හිතේ තියාගෙනයි.ගේට්ටුවෙන් ඇතුල් වෙලා හිනාවීගෙන ඇවිත් බුදු මැදුරට වැදලා යාලුවො එක්ක කියව කියව බිල්ඩින් එකෙ පඩිපෙල් නැගලා උඩට එනකම්ම මගෙ ඇස් එයාගෙ හැම ඉරියව්වක්ම දිහාම ආසාවෙන් බලාන ඉන්නවා.

හැමදාම වෙන්නෙ මාව පේන්නැ වගෙ යෂ්ට විතරක් කතාකරලා හිනාවෙලා යන එකයි.ඒකත් ඇති එක අතකට හිමිනොවුනත් දැකගන්න පුලුවන් වුනානෙ.යෂ්ට දෙන හිනාවෙන් පොඩ්ඩක් හරිත් මට දෙනවා ඇති කියලා හිතල හිත හදාගන්න එක විතරයි මට කරන්න තියෙන්නෙ. එත් එයා මට මෙච්චර බය මොකද කියලා නම් දන්නෙ නැහැ. මාව දැක්කම ඔලුව බිමට හරවන් යන්නෙත්..

මේ කොල්ලා කරන්නෙම මගෙ ලේ රත් කරවන වැඩ.කිසි පරිස්සමක් නැ.ස්කොලේ ඇරුන ගමන් පන කඩාගෙන දුවනවා.දෙන්න හිතයි පස්සට හොදවැයින් දෙකක්.දිමියෙක්ගේ වගෙ ලොකු පස්සක් තියාගෙන.දික් කරන් දුවනවා මදිවට පාරෙ යන වාහන ගැනවත් බලන්නෙ නැ. මගෙ දිමිපස්සා..

වෑන් එකක වැදෙන්න ගිහිම් ඔන්න මෙන්න ඉද්දි අයින් වුනාම මගේ සිහිය විකල් වුනේ නැති ටික විතරයි.මෙ ලමයා මාව පිස්සෙක් කරවලයි නතර වෙන්නෙ.කරගන්න වැඩවකට ඉවසීමෙ සීමාත් පැනලා හිතුවෙ වත් නැති විදියට මන් එයාට බැනගෙන ගියත් බැනපු මමමයි තවත් දුක් වුනේ.මගේ බෑග් එකත් තුරුල් කරන් ඇස් වල කදුලු පුරවන් ඉද්දි මට දැනුනෙ මන් ගැනම කේන්තියක්.එ අහිංසක ඇස් රතුවුනෙ මගෙ වැරැද්දෙන්නෙ.එත් බැන්නෙ එයාටෙම හොදටනෙ..එයාට තියෙන ආදරෙටනේ....

එ දවසින් පස්සෙ මන් එයා දිහා බලන් ඉන්න හැම වෙලාවකම එයත් මට ඔරවන්න ගත්තා..සමහර විට මන් බලද්දි ඔරවනවා වගේ පෙනවා වෙන්නත් පුලුවන්..එත් කලින්ට වැඩියෙ පොඩි හරි අවදානයක් දැන් මට එයාගෙන් ලැබෙන නිසා මට සතුටුයි..

එයා හරි දගකාර ලමයෙක් . දවසින් දවස එයාට මන් තව තවත් බැඳෙන්න ගන්නවා.හිතුවෙ නැති වෙලාවක මගෙ ඇගෙ හැප්පුන එයා කෙලින්ම නැවතුනේ මගෙ පපුව අස්සෙ.ඒ තොල් තිබ්බෙ මගේ බැජ් එක උඩ. එවෙලෙ ඒ බැජ් එක මගෙ ඇගේ තිබ්බෙ අපරාදෙ කියලා හිතෙනවා.එහෙනම් එ තොල් කෙලින්ම නවතින්නෙ මගෙ හදවත උඩින්.මගෙ ඇම්බැට්ටා.තනිකරම කෝලමක් එයා.නලලට හිමිට දාපු තට්ටුවට හයියෙන් කැගහන් අතගාන්නෙ ගත්තේ.ආපහු හැරුනේ ගහපු එකාට හොදවැයින් අමතන්න වුනත් එයා හිතුවෙ එතන ඉදියෙ යෂ් කියලා වෙන්න ඕන.යෂ්ව දැක්කා විතරයි මූන රතු කරන් එතනිම් යන්න ගියා.හැම තැනදීම එයා අවදානෙ දුන්නෙ යශ්ට විතරයි.ඒකට කමක් නැහැ..

පුදුම දාංගලයක් මේක.එක විදියට ඉන්නම බැහැ.රැස්වීමෙදි අනිත් අය ඇස් වහන් භාවනා කරද්දි මන් භාවනා කරන්නෙ එයා දිහා බලාගෙන.භාවනාව වත් හරියට කරන්නැහැ එක ඇහැක් හිමීට උස්සලා බලනවා හිම්බිජ්ජා වගේ.මෙයාගෙ මේ වැඩ වලට තවත් ආසා හිතෙනවා.

******************

කේක් කැල්ලකුත් උස්සම් තමාල් මල්ලි එක්ක ගේ පැත්තට එනවා බැල්කනි එකෙ ඉද්දි මන් දැක්කා.මාව දැක්කම ප්‍රශ්න පත්තරයක්ම තියෙවි එයාට දැන්.

කිව්වත් වගේ මාව දැකලා ඇස් ලොකු කරන් ඉදපු එයා මටත් ගස්සගෙනම ගේ ඇතුලට යන්න ගියා.

එයාලා යනකම්ම කාමරෙට වෙලා ඉදපු මන් එලියට ඇවිත් එ දෙන්නා කරන දේවල් බලාගෙන ඉදියා.තමාල් මල්ලිගෙ කාමරෙ අපෙ බැල්කනි එකට හොදට පේන හින්දා දෙන්නා නටන විකාර හොදට පේනවා.

මිට් එකේ එයාව වැටුනේ යෂ් ඉන්න හවුස් එකට.ඇත්තමයි දැන් නම් මට යෂ් එක්කත් කේන්ති.තමාල් මල්ලි ඉන්නව කියල හිතාගෙන මාව මේකට දාලා අනිත් එකට පැනගත්ත පුත්තලම් බූරුවා බැලින්නම් තමාල් මල්ලි ඉන්නෙ මන් දැන් ඉන්න හවුස් එකෙ.

මීට් එකේ ස්පෝර්ට්ස් වැඩ වලින් එයාටත් ටිකක් භාරදුන්න හින්දා හුගක් වෙලා එයා එක්ක ඉදන් වැඩ කරගන්න පුලුවන් වුනා.මට පේන මානෙක එයා ඉදියත් සැනසීමක්.

ඕනාවට වඩා බුරුලක් දෙන්නත් හොද නැහැ.මන් කතා කරද්දි රවලා බලනකොට පොඩි එකෙක් වගේ.අම්මා ආස දෙයක් අරන් දෙන්න බෑ කිව්වාම රවලා පුප්පනෝ වගේ මේ කොල්ලත් මට පුප්පනවා.අනෙ මැනිකෙ දිගටම ඔහොම පුප්පන්න ගිහින් මගේ ඉවසීම පන්නගන්නෙපා බන්.පුදුම ඉවසිමකින් උබ ලග මන් ඉන්නෙ.ඔය බෝල කම්මුල් අල්ලලා මිරිකලා ඔය තොල් කාගන්න බැරුව මන් හරි සංයමයකින් ඉන්නෙ මේ ටිකේම.එකපාරටම මට කෙල්ලෙක් ඉන්නවද කියලා අහපු එක මට හරි ප්‍රශ්නයක්.තමාල් මල්ලිගෙන් ඇහුවත් දන්නෙ නැහැ කිව්වා..

එක්කො මේක මගෙ කරුමේ වෙන්න ඇති.දන්නවද දිනපොත ඔයාට කියන්න එයාට ඕන වුනෙ යෂ් මැරතන් එක දිනනවා දකින්නයි කියලා ඇහුන වෙලාවෙ මගෙ පපුව ඉරිතලලා ගියා.

"හැමපාරම එයා දින්නනෙ ඉතින් මෙදාපාර යසස් අයියේ ඔයා පලවෙනියා වෙන්න ඕනි හොදද" තාමත් ඇහෙනවා කන් ඇතුලේ දෝන්කාර දිදී..

මැරතන් එක දිව්වත් මන් දිව්වෙ මූඩ් එකකින් නම් නෙමෙයි.හිතේ කිසි සතුටක් තිබුනේ නෑ ඊයෙ දවල් ඉදන්.

හිතේ තිබුන ආවේගෙටම මන් දිව්වා. ඇගෙ අමාරුවක් නොදැනුනත් හිතේ අමාරුව හුගක් බරයි.පලවෙනියටම දුවන් ආව මගෙ පස්සෙන් යෂ් එනවා දැක්කා.හැමපාරම මන් එක වෙද්දි ඌ දෙක වුනා.මෙදාපාරත් මන් එක වුනොත් එයාට අවුල් යයිද. මන් එක නොවී යෂ් එක වුනොත් එයාට හුගක් සතුටු හිතෙයිද කියලා හිතුනා.

යෂ් ලගට එද්දිම වගෙ ස්පීඩ් එක අඩු කරන් උට දුවන්න ඉඩ දෙද්දි එයාගෙ සිහියෙන් දුවන් ආව නිසා ඉස්සරහා තිබුන වල පේන්නෙ නැතුව ගිහින් වලේ වැදිලා මන් ඇදන් වැටුනා.කෙලින්ම තියවුනේ දනිස් දෙක. වේදනාවෙ හැටියට නම් පැලිලා ගියාවගේ දැනුනෙ. එත් ඉස්සරහින් දුවන් යන යෂ්ව දැකලා හිනාවක් එක්කම ඇස් වලින් කදුලක් බේරුනා. දැන් එයා සතුටු වෙයි...

තිනෙත්‍ර ද්වීනාශ් ඓශ්වර්ය 👉👈

කලවැදි බැල්ම

ම්හුක් සෙස්සියා.....

_____________

හායි ලමායී😌👉👈

ඔන්න ටිකක් කලියෙන්ම ආවා😌❤️

අපෙ කලවැදි අයියගේ පැත්තෙන් කතාව දැනගන්න ලැබුන එකට සතුටුයි නේත 😌👉👈 හැන්ඩියා අපේ 🌝

ද්වීනාශ් පව් හැබැයි🥺

තව එක කොටසක් ඇති එයාගෙ දින සටහනෙන්......

ආයෙ එන්නෙ සප්ත හරිත 🌝

අස්සෙම් කලවැදි අයියත් එයි 👉👈 මන් හිතනවා ඔයාලා කතාවට කැමති ඇති කියලා..

ඊලග එකෙන් එනකම් ඉන්ට 💜

ආතරෙයි

_Gojo_

Share This Chapter