Back
/ 52
Chapter 39

Chapter 39

දෑගිලි ✔( complete )✨

රාත්‍රිය මනරම් කියා

සඳට තරුවට කවි ලියා

මාත් මගෙ හිත හදාගන්නම්

නුඹත් මා ළඟ නැති නිසා..

මගේ කවියක පද ගයා

දෑස් දෙකොනේ තෙත තියා

නුඹත් රෑ නිදි වරාගෙන ඇති

මාත් නුඹ ළඟ නැති නිසා

සුපුරුදු විදියටම අදත් වෙනදා අදෝනාවම හිතේ මැවෙන්නගත්තා..මෙ අවුරුදු පහටම මගේ ඇස් රතුනොවුන රාත්‍රියක් නැතුව ඇතී..මගෙ කදුලු ගනින්න පුලුවන් වුනානම් කොට්ටෙ කියයි ඒ කොච්චරක්ද කියලා...

ඔය සුසුම් පවන් වැදී

නෙතු පියන් තැලේ රිදී

ඔබ ගොළුයි හිතත් නිදී

ඔබව තාම මටද හිමී

මිරිගුවක්‌ සොයා ගොසින්

හිත ගිලන් උනා තමයි

හිමි නැතත් ඔයා ඉතින්

මම තවත් ඔබේ ලගයි

ඔය හිතින් පිදූ පෙමින්

ඇත දහස්‌ ගනන් පැතුම්

ඔබ ගියත් මගේ ලගින්

මගෙ හිතත් යන්න අරන්

මෙ කාමරේ අද එයා නැතුව පාලුවට ගිහිම්..වෙන්දට මෙ වෙද්දි එයා මගෙ එහාපැත්තෙ ඉදන් මා දිහා බලාගෙන ඉන්නවා..සමහර දාට එයා මටත් කලියෙන් නින්දට යනවා..තවත් දවස් වලට එයාට නින්ද යන වෙලාව මන්වත් දන්නෙ නැ..එ උනුහුමට හුරුවෙලා අද නින්දයන්නෙත් නැ..තාම දහයවත් වෙලා නෑ..සමහර විට එයා තාම නිදි නැතුවත් ඇති..වෙන්දට නම් pills වල සැරටම නින්ද යද්දි අද නින්ද අහලකවත් ගෑවිලා නෑ...

ටක්..ටක්...ටක්..

කවුද ඒ ගමන..අල්ලපු ගෙදර රත්නායකද දන්නැ..අපො එ මිනිහා නම් මලම වාතයක්..රත්නායක නෙමේ ඕකා ගූනායක...

"මැනිකෙ මම ආයෙ ගෙදර එනවා..

මට හරි කේන්ති යනවා..අඩො මෙ දොරෑපන් අඩෝ.."

ඒ වෙන කවුරුත් නෙමෙ මොන්ඩිසෝරි කාලෙ ඉදන් මගෙ නැට්ට වගේ ආපු වදකාරයා..

"මොකද බන් මෙ මහරෑ.."

"මොකද මොකද ගාන්නෙ..උබ නිදාගත්තේ නැතිද..වෙන්දට නමය වෙද්දි බුදිනේ..මොකො අද පැල් රකින්නද අදහස..අර කියන්නෙ..

රන්කද තාම පැල් රකිනවදෝ නිදිනැතුව..ආ උබ ඒමද.."

"අද නිදිමතක් ආවෙ නැ බන්.."

"ආ ආ එ මොකද..මොනාද අද කෑවෙ කියාපන්..ශුවර් ශොට් බත් කන්නැතුව ඇති..කියපන් ඉතිම්.."

"උයන්න කම්මැලි බන්..මැගී දෙකක් කෑවේ"

"ආ ඒක හරි පු'කක් වුනානෙ..අනෙ අම්මපා..මෙක හරියන වුට්ටක් නෙමෙ..එක්කො උබ එහෙ එන්නොනෙ නැත්තන් මන් මෙහෙ ඉන්නොනෙ..එහෙමත් නැත්තන් උබ අයියගේ ගෙදර යන්නොනේ..නැ ඉදපන් හෙට ඉදන් මන් මෙහෙ.."

" හරි ඒක හෙට බලාගමුකො..ඇතුලට වරෙන්..ආවෙ ඇයි කියලා කිව්වෙත් නෑනේ.."

"ආවෙද...ආවෙ උබේ දෑවැද්ද දීලා යන්න..බලපන් ඒකාට දවසක් ඉන්න බැරි වුනා අපි එක්ක.."

"යොහ් 3D ලමයා ආවද..කො දෙයියනේ..අඩො එයා නැතුව පාලුවෙන් ඉදියේ..දැන් ටිකකට කලියෙනුත් මතක් වුනා..කො බන්.."

"අර උස්සම් එන්නෙ මගෙ හබියා..උට කන්න බොන්න රෙන්න දීලා ඔක්කොමත් කරලා නිදි කරවන්න තිබ්බා විතරයි කුන් කුන් ගාන්න ගත්තා..බැරිම තැන මන් අපෙ ඇදටත් අරන් මගෙ පපුව උඩ තියන් නිදිකෙරෙව්වා..කොහෙද ඒත් නෑ..අන්තිමට උස්සන් ආවා.."

"අනේ මගෙ දොන්ත පුතා..යොහ් තාත්තා පාලුවෙන් ඉදියෙ සත්තරනේ..දෙයියනේ මොකද්ද බල්ලො මෙ ලමයට අන්දලා තියෙන්නෙ ආ.."

"ආ උදෙ යන්න කලියෙන් මන් එයාට

රෑට අදින්න අරන් දුන්න ඇදුම ඒයි..හෙ හෙ බලන්න ඉතින් ලිලිපුට්ටා වගෙ ඉන්න ලස්සන.."

තමාලයා ආවා..හැබැයි තනියම නෙමෙයි..උදෙ නුරාග් අයියා එක්ක අර ගිය මගෙ දොන්ත පුතා 3D එක්ක..එයා විතරයි මටම කියලා මෙ ගෙදර ඉදියේ..එයාගෙ නම තිනෙත්‍ර ද්වීනාෂ් කෙටි කරලා 3D වුනා...

"එන්න අයියෙ ඇතුලට..තේ එකක් බොමුද.."

"තේ බොන්න නෙමෙ උබව කන්නයි මට දැන් ඕනි..බලපන් අයියා බබා මූ අදත් රෑට කාලා තින්නෙ කඩ්චොරුවක්.."

මන් නිරුත්තරයි ඉතිම්..දැන් ඉතිම් ඕක අල්ලන් මන් මෙතන බතක් උයනකම්ම කියවයි..

"උබ හොදටම දන්නවා අභිරුවො අර ලබ්බෙ සැර දරාගන්න උබ රෑට හොදට කන්න ඕනි කියලා..අනෙ අම්මපා..එක්කො හෙට මන් උබව අකි අයියාගෙ දිහා නවත්තලා දානවා.."

"ඒ හැටි දැන් සැරක් නැ බන්.."

"අනෙ උබ දන්න පක..ඩොකාම කිව්වනෙ හොදට කාපන් කියලා..මට මේවට තමයි නගින්නෙ..අයියා බබා ඔයත් මාව මාරයා කරගන්නැතුව කොහෙ හරි තූත්තුකුඩියකින් මේන් මේකාට බත් එකක් ගෙනල්ලා දෙන්න..මට උබ එක්ක හරි කේන්ති සප්තයෝ.."

"එ බන් දැන් ඕනි නැ පිස්සුද අයියේ දෑන් යන්න එපා..අකි අයියා කිව්වා මෙදා සැරෙ දුන්න ඒවායෙ සැර අඩුයි කියලා..ලබන සැරේ ඊටත් වෙයි..ඔනාවට වඩා හිතන්න එපා බන්.."

"උබ වුකන්නැතුව ඉදපන් වුට්ටිගෙ පුතෝ..අම්මපා මට දැන් මල පැනලා ඉන්නෙ..අයියෙ උබට යන්න බැරිනම් මන් යන්නද.."

"එපා බෙබි..මන් යන්නන්..බබි එක්ක දොරවල් වහන් ඉන්න.."

"අනෙ අයියේ ඕන්නැ කියන දෙ අහන්නකො.."

"කටවහපන් ගෙරි බෙසිකයා..තව වචනයක් කිව්වොත් හොම්බ සමතලා වෙන්න දෙනවා.."

මේයකා එක්ක බැ..අයියව මෙ රෑම යැව්වනේ..ඔන්න ඉතිම් ආයෙ බනින්න කට හදාගත්තා..ඇති බන් දැන් බැන්නා..මගෙ දොන්ත පැටියත් සැටිය උඩට නැගලා මගෙ උකුල උඩින් හොම්බ තියන් අරු දිහා බලාගෙන ඉන්නවා..

"සප්තයා සප්තයා..මට උබෙ මූන දැන් ෂඩාස්‍රය වෙන්න දෙතැකි අම්මපා..උබෙ කිසි පරිස්සමක් නෑ ගෙරියා..උබ ගැන මන් වද වෙන තරන් වත් උබ වද වෙන්නෑ..මට කෙන්තියි දුකයි ඔයි..උබව දැන් ඉන්න තත්වෙට ගෙන්න මන් කොච්චර කට්ට කෑවද ආ..අර මගුලෙ අවුරුදු තුනක් ඉදලා එලියට එනකන් හොදට ඉදපු එකා එලියට ආවට පස්සෙ මාසයක් යන්නත් කලියෙන් ලෙඩෙක් ගානට වැටෙනව මෙ ඇස් වලින්ම මන් දැක්කා බන්..අඩො මන් විද්‍යාපීඨේ ඉද්දි හෙනට සතුටු වුනා බන් උබ හිත හයිය එකා කියලා..එත් මට වැරදුනා බන්..උබ පිටින් හොදින් ඉන්නවා කියලා අපිට පෙන්නන් ඉදලා ඇතුලින් ජීවත් වෙන එක අතෑරලා දාලා කියලා දැනගද්දි මට මැරෙන්න හිතුනා බන්..මන් එදා යාලුවෙක් විදියට අසාර්ථක වුනා බන්..උබ වෙන්දට වඩා නිහඩ වෙද්දි මන් හිතුවෙ උබ හිත හදාගන්න කාලෙ ගන්නවා කියලා..මට හිතන්න තිබ්බා බන් උබ එම කරන්නෙ උබෙන්ම හැන්ගෙන්න කියලා..මන් උබට අඩන්න ඉඩ දිලා බලාන ඉදියෙ සමහර තුවාල වලට කදුලත් බෙහෙතක් හින්දා බන්..එත් ඒකෙන් වෙලා තිබ්බෙ තුවාලෙ තවත් පෑරුන එක විතරයි..පීඨේ ඉද්දි සමහර දාට උබ එලිවෙනකම්ම නිදි නැතුව ඔහේ බලාන ඉදියෙ ඇයි කියන්න එ කාලෙ මට තෙරුන්නැ බන්..උබට අමාරුම වෙලා නහයෙන් කටෙන් ලේ පෙරාන ඉද්දිත් උබ ඉදියෙ හිනාවෙලා බන්..මාත් මනුස්සයෙක්නෙ ඕයි...උබව එදා මන් අරන් ගියේ කොමද කියන්න මන් වත් දන්නෑ..මෙ අත් දෙකෙන් උබට පලවෙනි පාර බෙහෙත් අවුරක් බොන්න දෙද්දි සත්තයි මගෙ අත් ගැහුනා බන්..පැන්ඩොල් පෙත්තක් බීගන්න අමාරු උබ එකපාර පෙති දහයකට වඩා කටේ එකපාරින්ම ඔබාගද්දි උබෙ වෙනස මටම දරාගන්න බැරිවුනා බන්..බෙහෙත් වල සැරට උබ ඇදිලා යද්දි..ලස්සනට පිරුලා තිබ්බ කම්මුල් ඇකිලෙද්දි..උබෙ කෙස් බාතෘම් එකේ බිම තීනවා දකිද්දි මන් පිච්චුනා බන්..උබ නාඩා ඉද්දි උබ වෙනුවෙන් මන් ඇඩුවා බන්..වාසනාවට උබට පත්වීම ඉක්මනින් හම්බෙද්දි ලමයි අස්සෙම ගැවසිලා උබ හිමීට හොදවේගෙන එනවා දැකලා මන් සතුටු වුන තරම උබට හිතාගන්න බැ බන්..උබ අද මේම හිටන් ඉන්නවා දකිද්දිත් මට අඩ අඩ උඩපනින්න හිතෙනවා බන්..උබට පිං බන් ආයෙම හොද වුනාට..මෙ අත් වලින් උබට වැදලා කියන්නෙ බන්..මට මගෙ සහෝදරයා නැති කරන්න එපා..ලෙ බැදීමක් ඕන්නැ වුට්ටො සහොදරයො වෙන්න..මෙ ජිවිතෙ උබට තරන් මන් කාටවත්ම ආදරෙ නෑ..දැනගනින් ඒක තිරිසනා..මන් අඩන්න නෙමෙ හිතාන ඉදියෙ එත් මට ඇඩෙනවා..පිස්සු පකයා මාව ඇඩෙව්වා.."

තමාලයා එ වචන කරෙ පහුගිය අවුරුදු වල මන් විදපු කටුකත්වය ගැන..මුලදි මට බැනගෙන ආපු එකා අවසානෙදි නතර වුනේ හොටුත් බේරන් අඩලා..උ අඩද්දි මගෙත් ඇස් තෙමිලා ගියා..මන් අද මෙතන ඉන්නවනම් එ තමාලයා නිසා විතරමයි..මන් විදපු වේදනා මට වචන කරන්න අමාරුයි..මට මාවම ගිලිහුනේ මටත් නොදැනිමයි..පුලුවන් තරම් වැඩ එක්ක හිරවුනෙත් මට තනිවෙන්න ඕන වුන නිසාමයි..

අපෙ රිසාල්ට් ආව දවස..එදා තමයි අවසානෙට මන් අයියව හම්බවුනේ..එදයින් පස්සෙ මට මොකද්ද වුනේ කියන්න මටත් හරි තේරුමක් නෑ..මට කැම්පස් යන්න ලකුනු තිබ්බත් තමාලයා නූලෙන් අයින් වුන නිසා එකපාරට ආපු අදහසින් විද්‍යා පීඨෙට ඇප්ලයි කරමු කියද්දි නොහිතපු විදියට තමාලයත් කැමති වුන නිසා අපි දෙන්නම ඒකට තේරුනා..ඒක ඇතුලෙ අවුරුදු තුනක්..ඒක මගෙ ජීවිතෙට ආපු අනපේක්ෂිත මාර්ගයක්...අපි දෙන්නාගෙම..එක ඇතුලෙ හැමදේම වෙලාවට කලාවට කරන්න වුනා..වෙලාවට නාවොත් නඩුවක්..අවුරුදු තුනක් ඒක ඇතුලෙ ඉදලා එලියට ආපු මන් නිකම්ම නිකන් හිස් මනුස්සයෙක් වුනා..හැගීම් දැනීම් නැති හිස් මනුස්සයෙක්..එතනින් එහාට මට ගොඩ එන්න අත දුන්නෙ තමාලයයි මගෙ මානසික වෛද්‍යවරයා වෙච්චි අකිත් ආශිංසනයි..

තමාලයාගෙ කටෙ බලේටම ගෙනාපු බත් එකෙන් බාගයක් විතර කාලා දැම්මා..අන්තිමට උ හෙට ඉදන් මෙහෙ නවතින්න එනවැයි කියලා ලොකු දේශනයකුත් දිලා යන්න ගියා...බඩ පිරෙන්නම කාපු හින්දම නිදිමතත් වැලදිච්ච නිසා 3D වත් බදාගෙනම නින්දට වැටුනා.......

මන් ගල්කිස්ස ස්ටේශන් එකට අද කලියෙන්ම ආවෙ ස්කොලෙට උදෙන්ම යාගන්න ඕනි නිසයි..මන් කලින් ආවට ට්‍රේන් එක පරක්කු..අපි තොප්පි මහන්න ගත්තොත් ඊලගට ඉපදෙන එවුන් ඉපදෙන්නෙ ඔලු නැතුව..

මන් එතන බංකුවකට වෙලා වාඩිවෙලා වටේ බල බල ඉදියා..උදේට ඉතින් යුද්දෙ වගේනෙ..සුදු කොක්කු වගේ ලමයි..වැඩට යන්න දුවන ගෑනු පිරිමියි..එ අස්සෙන් ගමෙ යන්න බලාන ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් එහෙමත් ඉදියා..අද අහසෙ නිල් පාට අස්සෙන් වලාකුලු ලොකු කතාවක් මවලා තිබ්බා..මන් ඒක දිහා බලාගෙන එක එක දේවල් මවන්න ගත්තා..කොමෙන් හරි ආයෙම රේල් පාර දිහා බලද්දි අලුත්ගම ට්‍රේන් එක ඈතට ඈතට යන්න ගියා..කිරි අප්පට හෙනම වදින්න මන් මෙච්චර වෙලා අහසෙ මගුල් ඇදලනේ..

දැන් ඉතින් ඊලග ගාලුකුමාරියෙවත් නගිනවා...

"ඔබ මැව්වේ ඔබ හට නොවෙ..

අවී වෙනුවෙනි මේ භවේ..

අවී මැව්වේ අවීටනම් නොවේ

අවී හිමි සෑර්ටයි ලොවේ..

අනෙ සුදු සෑර්..

අවී සෑර්ගෙ වෙලා සෑර් අවීගෙ වෙලා

ඕගොල්ලො දැන් ඕගොල්ලොන්ගේනේ..."

මෙ mokathe මේ..මේන් බොලේ මුන් ටික කවදාවත් නැතුව උදෙන්ම ක්ලාස් එකේ..මුන්ට පාර වැරදිලාද..එක්කො නැගිට්ට පැත්තෙ වැරැද්දක්..

"යොහ් සුදාම්මි සෑර් කමින්..ගු.......ඩ් මෝ......ර් නින්...ග් සෑ........ර්"

"ගුඩ්මෝනින්ග් ලමයි..මොකද මෙ අද..පාර වැරදිලාද ක්ලාස් එකට ආවෙ.."

"ඔන්න ඔන්න ඉතිම් සෑර් අපිට කින්ඩිය දානවනෙ..අපි අද ඉදන් හොද ලමයි විදියට හැදෙන්න තීරනෙ කරා.."

"ආ මෙ මොකද මේ එකපාර..මොකො ඒ ගමන අර අනිද්දට grils එකේ තින පොල බලන්න යන්න ඕනි වෙලාද.."

"පි..ස්සුද සෑර්..ඇ අඩෙ මොකක්..පොලකුත් තියෙද..අනෙ අනෙ සෑර් එහෙම වුනොත් ඔයා අපිව එක්කන් යනෝද ඒයි..අඩො ටික්කො එ අනිද්දට අරකෙ පොලලු බන්.."

අම්මො මුන්ට ගර්ල්ස් එකෙ නම ඇහුනත් ඇති..

"කො අහකට වෙන්න ලමයෝ..අමතකද එදාට තමයි ඔයාලාගෙ මන්ත්ලි ටෙස්ට් එක..මේ බලපල්ලා ක්ලාස් එකෙ හැටි..යොවුන් කොස්සක් අරන් මෙක අතුගැවනම් ඇගෙන් කෑල්ලක් යනවද ආ.."

පන්තියෙ ඩෙස් පුටු සී සීකඩ..හැම තැනම කොල ගුලි..පේන විදියට මුන් ඊයෙත් කොලකෑලිවලින් ගහගෙනද කොහෙ..අනෙ ඇත්තමයි..මෙහෙමත් යක්කු රැලක්...

"අනෙව් අද නැ බැ හරිද..අර කවිශට කියන්න..අද හවස් වෙනකම් උන්ගෙ ගෙදර කාස්නේ..ඇදුම කිලිටි කරගන්න බෑ.."

පෙනේද මුන්ගෙ කම්මැලි කම..

"බල්ලට කිව්වම බූරුවට කරන්න කිව්වා වගේ තමා උබලත්..අනෙ මෙ වෙන්දටත් උබලා ආපු පිටින්ම ගෙදර යනවනෙ කිරිටොයියා වගේ...ආ අනික අද මට ක්ලාස් කරන්න බැරිවෙයි.."

"ඇයි එ??. ඇයි අද බැරි??..."

අනෙ අම්මො මේ යකා කොයිවෙලාවෙද ක්ලාස් එකට ආවෙ..එකපාරටම ඒකාගෙ රාස්ස කටහඩ එලියට ආපු නිසා බයත් වුනා..ක්ලාස් එකෙදිනම් ඉවරවෙන්නෙ කියටද කියලා අහලා මැරෙන්න හදනවා..මන් ඉදලා හිටලා නිවාඩුවක්.දැම්මම තමා මෙ දිගන්චියත් පයර් වෙන්නෙ..

"අද බැ..මට වැඩක් තීනවා.."

"මොකද්ද වැඩෙ.."

මේකා යකෝ..

"ඒක මගෙ පුදගලික දෙයක්..දවසක නිවාඩුවක් දැම්මා කියලා උබලා ෆේල් වෙන්නෑ..බයවෙන්නෙපා මන් ඒකත් අල්ලලාම ඊලග සතියෙ කරන්නම්කෝ.."

"මන් ඇහුවෙ මොකද්ද වැඩෙ කියලා.."

"ඔව් ඔව් අවී ඒක තමා..මොකද්ද සෑර් වැඩේ.."

"මගෙ යාලුවා අපෙ ගෙදර නවතින්න එනවා ලමයි.."

"කවුද යාලුවා.."

මූ යකෝ විමර්ශන අංශෙන් වගේනෙ..අම්මපා දෙන්න හිතයි..

"යාලුවා..මන් බදින්න ඉන්නෙකා..දැන් වත් අහකට වෙයල්ලා.."

"සුදු අයියේ.."

"සුදාම්මියේ.."

"සුදුමාත්තයා.."

මේ මොකද යකො මේ..මුන් මේ නම් කියලා කෑගැහුවේ මටද..

"මොකක්..මොකද ලමයිනේ මේ..අවිනාශ් මේක ස්කොලේ..මෙක ඇතුලෙ මන් තමුන්ගේ සර් කියන එක මතක තියාගන්නවා..යොවුන් , කවිශ මට කියලා කට තලාගන්න ආසද ආ.."

දෙයියනේ..මුන් තුන්දෙනෙක් උදෙන්ම ඇවිල්ලා මට දෙන වදයක්..එක්කො නෑවිත්ම ඉදියනම් එකක්..කලින් ඇවිල්ලා අද පාඩමෙ සමරිය ගහලා ප්‍රශ්න ටිකක් හදන්නත් එක්ක ඉදියේ..

අද එකෝන් තීන්නෙ ඉන්ටවල් එකෙන් පස්සෙ නිසා උදේම ප්‍රයිමරියට ගියා පොඩි සෙට් එක අල්ලගන්න..තමාලත් උදෙන්ම එ පැත්තේ...හවසට යද්දි ඌ එක්කම ගියානම් හරි..බඩු අරන් නුරාග් අයියා එයිනේ..මන් යද්දි පොර අදත් නටනවා..යකො මු දවසෙම කරන්නෙ නටන එකද..මු මෙහෙම ඉදියම මගෙ ක්ලාස් එකට අල්ලපු එක බලන්නෙ මොකාද..දෙක වසරෙ පිච්ච පන්තියෙ මිස්ට බබා හම්බෙන්න ලග නිසා එ ක්ලාස් එකට පුරුදු කරන්න තමාලයා ඉල්ලගත්තෙ ඒකාගෙ ලමයි ටික නිසා..පොඩි උන් බැලුවා වගේම ලොකු යක්කු ටිකත් බලාගන්න එපැයි..

"තීත....තර්..."

මන් තුනේ ක්ලාස් එකට යන්න හදද්දිම පොඩිත්තෙක්ගෙ කටහඩක් නිසා නැවතිලා හැරිලා බැලුවා..අනෙ මෙ අර බට්ටානෙ..

"හලෝ ගුඩ්මෝනින්ග් පුතේ.."

"ගුඩුමෝනි තීත.."

"අනෙ ඉතිම් මොකද මෙ ඇවිදින්නෙ..ක්ලාස් එකෙ ටීච නැද්ද.."

"මාල් තර් නටනූනේ..මන් දුවන් ආවි උයාව දැකපූ නිතා.."

"පුතා මාව දැකලද දුවන් ආවෙ.."

"ඔව්නෙ දූන් ආවනෙ.."

"එවුනාට ආයෙ දුවන්න එපා හොදද..වැටෙන්න පුලුවන් නෙ පුතාව..ඔය මොනාද ඔය සාක්කුවෙ පුරවන් ඉන්නෙ.."

මෙ පොඩ්ඩට තම හරියට උච්චාරනෙත් අමාරුයි..හරි හුරතල්..මන් දැක්කා සාක්කුවෙ බරටම මොනාද පුරවන් ඉන්නවා..හිම්බිජ්ජා වගේ මන් ඒක පෙන්නලා අහද්දිම තොලුත් හපාගෙන ඇබරෙන්න ගත්තා..

"මොනාද දරුවො ඒ.."

"ආ මේක උයාට.."

සාක්කුවෙ තිබ්බෙ kit kat පැකට් එකක්..ඒක මෙ ඇටයා මට දික් කරා..

"ආ මේක මටද..ම්ම් හරි එහෙනම් මන් කෑල්ලක් කන්නම්කෝ..පුතා මේක දෙන්නමනෙ දුවාගෙන ආවෙත්.."

"ඔවූඌඌඋ දුවන් ආවනී.."

"ඒකනී..ඔන්න මන් අරන් කෑවා..ම්ම් ඒක රසයිනේ..කවුද පුතාට ඒක දුන්නෙ.."

"තාත්තිනෙ දුන්නෙ..තර්...තර්..."

"ඕ පුතෙ කියන්න.."

"තර් ඒනම් මාව බදිනූ නේ.."

හැ මොකක් කිව්වා..මොනාද මෙ බට්ටා මෙ කියවන්නෙ

"බදින්න..මොකද්ද පුතේ ඔයා කියන්නෙ.."

"තර් මගෙ චොකො එක කාපු නිතා මාව දැන් මැරි කුරනූ නේත.."

"හෑ මැරිකරන්න.."

"ඔවූ..අපෙ නතාලි කිව්වනේ එයා මට මේ චොකො එකෙන් කැල්ලක් දුන්නොත් මාව මැරි කල්නො කීලා..ඉටිම් මන් ඒක අරන් දූලා ආවෙ තර්ට දෙන්න..තර් මාව මැරි කරුනෝ නේද.."

"යොහ්..හරි එහෙනම්..මන් ඔයාව මැරිකරන්නම්කෝ..හැබැයි ඉතිම් ඒකට පුතාට ඉක්මන්ට ලොකු ලමයෙක් වෙලා එන්න වෙනවා හරිද.."

"ආම්..මන් ලුකු වෙලා එන්නම්ත.."

"ඔව් පුතා ලොකුවෙලා එන්නකෝ..එතකම් මෙක අපි දෙන්නාගෙ රහසක් විදියට තියාගමු හරිද.."

"යේහ්හ්හ් හලි හලී.."

අනෙ මෙ කෝලම..මන් හා කිව්වා විතරයි අත්පුඩි ගගහා උඩ පැන්නා..

"පුතා දැන් ක්ලාස් එකට යන්න හොදෙ.."

"හලී..ආයියා..ඌව් ඌව් අනෙ ලුකු අයියේ අතාලින්න අතාලින්න.."

මන් අයෙම ක්ලාස් එයට යන්න හැරුනා විතරයි අර පොඩි ලමයා කෑගහපු නිසා එයා ගාවට ගියා..මෙ දිගංචියා මොකද මෙ ලමයව වඩාගෙන කරන්න..අර පොඩ්ඩා අඩන්න හදනවා..

"අවිනාෂ් ඔය බබාව තියනවා බිමින්..මොකද කරන්නෙ අඅ.."

"තර්..අනෙ ලුකු අයියෙ..අපානෙ ..මන් තලායිනේ..අම්මිට කීනො මන්..උයා මට ගුඩක් ආදලේ නැ....ගුඩක් ආදලෙ නෑ.."

අම්මි...ලොකු අයියා..මොකක්..මෙ බට්ටා මෙ අලියගේ මල්ලිවත්ද..

"අවිනාශ් මේ ඔයාගෙ මල්ලිද.."

"ම්ම්ම්.."

"හරි ඒකට කමක් නෑ.ඔය ලමයව අඩවන්නැතුව බිමින් තියනවා.."

"ලුකු අයියෙ ගුඩක් ආදලී නෑ.."

"මන් ආදරෙයිනේ මගෙ වස්තුවට.."

නැ එපා..මට එ නම අහන්න ඕන නෑ..වස්තුව...වස්තුව..වස්තුව...මන් ආදරෙයි වස්තු..නැ නැ නෑ..එපා..මට ආයෙම ඒක අහන්න ඕනි නෑ..එපා.......

"එපා..ආව්හ්..එපා.."

"සර්...සර්..සුදු අයියේ..මොකද මේ.."

"තර්..නැගිටින්නකූ..ඉහි ඉහි තර්..."

___________

හෙ හෙ ලමයි👉👈😽

ඔම්න බෝනස් එකක් දුන්නා..

එම්නාම්❤️‍🔥

_Gojo_

Share This Chapter