Back
/ 52
Chapter 42

Chapter 42

දෑගිලි ✔( complete )✨

උදේ ඉදන් තිබුන ඔලුව කැක්කුම අඩු වුනේ නැති හින්දාම ලීව් එකක් දාලා ගෙදර යන්න ආවා..එලියට ආවත් ගෙදර යන්නවත් මූඩ් එකක් නැති නිසා කොහෙ හරි යනවා කියලා හිතාගෙන එහෙම්ම බස් එකට  නැග්ගා..මෙ ඔලුවෙ කැක්කුමට  ඕනි වේදනා නාශක නෙමෙයී...මට ඕනි පොඩි නිදහසක්..ප්‍රශ්න වලට හිරවෙලා මගෙ ඇතුලාන්තය සම්පූර්නෙන්ම විකාරයක් බවට පත්වෙලා දැන් තියෙන්නෙ..මට ඔනි පොඩි මොහොතක්..මෙ හැමදෙයක්ම අමතක කරලා මං ගැන විතරක් හිතන්න පොඩි වෙලාවක්..

CCC එක පාර දිගේ ඇවිදපු මගෙ කකුල් පුරුද්දට වගේ නවම් මාවත පැත්තට හැරුනා..නවම් මාවතට ගිහිම් බංකුවක ඉඳගෙන බේරෙවැව දිහා ඔහේ බලාගෙන ඉදියා..වෙන්දා වගේ අද අඩන්නවත් කදුලු ඉතුරු වෙලා නෑ..ඇස් වලටත් මහන්සි ඇති එ තරම් කදුලූ උහුලලාම..

අපි අන්තිමට හම්බුන තැන..එදා හවස..මෙ මාවතෙ මෙ බංකුවක ඉදගෙන..අන්තිම වතාවට අපි කතා කරා..මං එදා කිව්වා අදින් පස්සෙ ගෙවෙන හැම අවුරුද්දකම සැප්තැම්බර් පලවෙන්දා ඔයා ආවත් නාවත් මන් මෙතැනට එනවා..ඇවිල්ලා අපි ගැන හිතලා සතුටු වෙනවා..අපි ගැනම හිතලා දුක් වෙනවා කියලා..මන් කිව්වා වගේම පහුගිය අවුරුදු දෙකේදිම අද වගේ දවසක මෙ මාවතේ මෙ බංකුව උඩ වාඩිවෙලා බේරෙවැව ඉස්සරහා ඉදගෙන මගෙ දුක කදුලු කරලා පිටකරා..ඔයා කිව්වට ඔයත් එන්නම් කියලා මන් ආපු කොයිම දවසකටවත් ඔයා පේන්න ඉදියෙ නෑ..

ආපු හැම වෙලාවෙම මන් අඩන්නැති..පිටින් නොපෙන්නුවත් මන් ඇතුලෙන් අඩන්නැති..හිතට දරාගන්න බැරිම වුනාම මන් දුවන් ආවෙම මෙතනට..ඇවිත් මගෙ දුක තුනීවෙනකම්ම කදුලු හලලා සැනසුනා..

එත් අද...මෙ ඇස් වලින් වැටෙන්න කදුලු ඉතුරු වෙලා නැහැ..සමහර විට මන් මෙතනට එන අන්තිම දවස අද වෙන්නත් පුලුවන්..

මෙ හිස් හැගීම් ඇතුලෙ ජිවත් වෙලා මට දැන් ඇති වෙලා..මට ඕනි ඉස්සරහට යන්න..එකතැන ලොප් වෙලා ඉන්නැතුව මෙ ඔක්කොම අතෑරලා මට ඉස්සරහට යන්න ඕනි..එත් එහෙම ඉස්සරහට යන්න නම් මට සිද්දවෙනවා අපේ හැම මතකයක්ම මගෙ මතකෙන් උදුරලා අයින් කරන්න...ඔයාව සදහටම මේ හිතෙන් ඈත්කරලා දාන්න..

එත් මට පුළුවන් වෙයිද..මට පුළුවන් වෙයිද ඔයාව එහෙම අමතක කරන්න..මගේ ජිවිතෙ සුන්දරම මතක තියෙන්නෙ ඔයත් එක්ක..මන් කොහොමද එ දේවල් අමතක කරලා දාන්නෙ..

වෙලාවකට හිතෙනො පාරෙ යන වාහනෙකට හැප්පිලා මගෙ මතකෙවත් නැතිවෙලා යනවනම් කියලා..ඔයාව අමතක කරන්න හුගක් අමාරුයි..ඒත් මට බැරිවෙන එකක් නෑ..මන් උත්සහා කරන්නම්..අදින් පස්සෙ ආයෙම මෙතනට මන් නෑවිදින් ඉන්නම්..මෙතනදි ඔයා කියපු හැමදෙයක්ම මන් අමතක කරන්න උත්සහා කරන්න..අපේ මතකයන් අමතක කරලා දාලා ඉස්සරහට යන්න මන් උත්සහා කරන්නම්..

හොදටම අදුර වැටෙනකම් ඉදපු මම යන්න හැදුවෙ දැන්ම නාවොත් තමාලයා මාව හොයාගෙන එනවා කියලා කරපු තර්ජන මැද්දෙයි..

ඉතින් අවසාන වතාවට මේ නවම් මාවතෙ බේරෙවැව ඉස්සරහා තීන මෙ බංකුවට මන් සමුදෙනවා..අදින් පස්සෙ මගෙ අදෝනා මේ බේරෙවැවට අහන්න සිද්ද නොවේවී..

නවම් මාවතෙන් පිටවෙලා ඇවිදගෙන යද්දි කලු හූඩියට කැප් එකක් දාලා මූනත් වහගෙන ආපු මනුස්සයෙක්ගෙ ඇගෙ මාව වැදිලා තව ටිකෙන් හොම්බෙන් යනවා..හොද සිහිය මගෙන් හුගක් ඈතට ගිහින්..

"සමාවෙන්න.."

මන් සමාවෙන්න කියලා කියපු එකවත් එ මනුස්සයට ඇහුනද දන්නෙ නෑ..හැප්පුනේ ඒකාව නෙමෙ වගේ එයා යන්න ගියේ..මෙ අවුරුදු පහ ඇතුලෙ මන් වෛරකරන්න ගත්ත හුගක් දේවල් තිබ්බා..ඒකෙන් වැඩිහරියක්ම එයාට සම්බන්ද වුන දේවල්..හරියට "වස්තු" කියල වචනේ වගේ..එ වගෙමයි මන් අදටත් පිච්ච මල් වල සුවදට වෛර කරනවා..මලක් දැකපු කාලයක් මතක නැතුව ඇති..මෙ දැනුත් අර මිනිහාගෙන් ආපු ඒ සුවද නිසා මට ආයෙම ඇතිවුනේ ලොකු කේන්තියක්..කලකිරීමක්...

"ආ මහත්තයෝ..ගැම්මැදි වටේ ගිහිම් ආවද..ඇයි ආවෙ ගිය තැනකම උබට ඉන්න තිබ්බනේ..මට කියාපිය බලන්න තෝ..තෝ දවල්ට කෑවද කියලා ආ..අනෙ අම්මපා උබ ඔහොම සිහියක් නැතුව වැඩකරද්දි මට මරුවා ආවේස වෙනවා ඕයි.."

"පලයම්..ඔහොම්ම ගිහින් වොශ් දාගනිම්..ඇදෙ එහෙම ඇලවෙනවා නෙමෙයි.."

"බලපම් කාමරෙ රෙදි පුටුව..තොට හෝදලා නමලා දුන්නා මදිවට අර බෙනේ අස්සට ඔබන්නත් ඕනිද ආ..මන් නිසාම හොදයි උබට..නැත්තම් කොරයි..දාගනිම් දැන්ම මෙ රෙදි ටික මන් ගිනිතියන්න කලියෙන්..ආවා මෙතන ගැම්මැදිහතේ ඇවිදලා ඇදට පැනලා නිදාගන්න.."

ගෙට ගොඩ වෙන්නත් කලියෙන්ම තමාලයා වගකීම් දරන භාර්යාවක් වගේ මගෙ ඇගට කඩාන පැන්නා..මූ වෙලාවකට අපෙ අම්මා වගේ හැසිරෙන්නේ..

අම්මා...එ නම මතක්වෙද්දිත් පපුව පිච්චිලා යනවා..නෑ මට ආයෙම ඕනි නෑ මාව අතෑරපු අය හින්දා දුක් වෙන්න..

නැවතිලා හිරවෙලා ඉදියා ඇති..මෙ ඔක්කොම අතෑරලා මට නිදහස් වෙන්නොනේ..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ට්‍රිරීං ට්‍රීරිං.........ට්‍රීරිං..ට්‍රීරිං...

බෙහෙත් සැරට මරලා දාලා වගෙ නින්ද ගිහින් ඇහැරෙද්දි නම් සසරම එපා වෙනවා..ඉස්සර නම් ජිවිතේ දිනන එක කෙසේවෙතත් උදෙන්ම නැගිටින එක මට ලොකු  අභියෝගයක් වෙලා තිබ්බෙ..කන ගාවම එලාර්ම් එක මරලතෝනි දෙනවා..ආහ්..නැගිටින්න හැදුවට නැගිටගන්න බැ..ඇයි මෙ ඇග බරයි වගේ දැනෙන්නෙ..නැගිට්ට ගමන් ඇස් ඇරගන්න අමාරු එක හැබෑව..එ වුනාට බ්ලොක් ගල් තිබ්බා ඇග  බර වෙන එක වෙන්න විදිහක් නැනෙ..ඉස්සර කියවපු කතාවක් තිබ්බා කාල් කියලා..එකෙත් මෙහෙම එකක් වුනා කොල්ලට..හත්තික්කෙ තනිකමේ වේදනාවෙන් ඉන්න නිසා මාව හොයාන බ්ලැක් ප්‍රින්ස් වත් ආවද දන්නෑ..හැබැයි මෙ ප්‍රින්ස්ව මට අල්ලන්න පුලුවන්..අත් කකුල් දෙකම මගෙ ඇග උඩ..අම්මො බරයි යකෝ..අහකට වෙයම්කො..ආ ඒකාගෙ අතේ බර..කාල් ඉබිමස් කාලද..අම්මො...

"ම්හුක් ඩැඩියේ ආයෙ කරමුකෝ අනේ.."

හෑ ඩැඩියා..කුමාරයා බොටමෙක්ද..අඩො මාත් බොටම්නේ..ඍන ඍන විකර්ශනයි අඩෝ..පොඩ්ඩක් ඉදහම්..මෙ කටහඩ මන් දන්නවා..අනෙ යකෝ මෙ මදන යකානේ...නැගිටපම් පරයා..

"ඔයි අයින් වෙයම් තිරිසනෝ.."

අප්පේ මේකාගෙ බර..අනෙ අයින් වෙයම් බල්ලො ලෑස්ති වෙන්න පරක්කු වෙනවා..

"බෑ බෑ තව ඕනිනේ..ඔයා දැන් මට ආලේ නෑ..අපි වෙන්වෙමූ මේක හරියන හුට්ටෙ පකක් නෙමේ.."

"බල්ලෝ නින්දෙනුත් කුනුහරුප පලන්නෙපා බන්..නැගිටපම් අඩෝ ගෙරියෝ.."

"බෑ බෑ මට ඉන්න දෙන්නකො..ආව් ආයියා..හුක්..නිදාගන්න දීපම් බල්ලො.."

"තො නිදාගනිම් පරයා මගෙ ඇගෙන් බැහැලා.."

"ම්හුක් බැ බෑ..උබ ගාව සනීපයි..කොට්ටයක් වගේ.."

කොට්ට බොට පෙන්නන්නම් මන්..මේකාගෙ බර..නුරාග් අයියට 33kdp..කෝලා බබා වගේ මාව බදන් ඉන්න ඒකාව බොහොම අමාරුවෙන් අයින් කරලා පස්සටත් පාරක් දීහා මන් ගියා කෑම ටික ලෑස්තිකරගන්න..හොදි දෙකක් එක්ක බතක් හදලා අපි දෙන්නටම පාර්සල් බැදලා අරකටත් කිරි එකක් හදලා දිලාම ලැස්ති වුනා..

අද ස්කෝලේ හතරෙ කට්ටුව තුන්පත් රෑන වෙලා..අවිනාශ් නෑ කියන්නෙ ඉතිම් අනිත් තුන් දෙනාගෙ රැස් බහිනවා කියන එක තමයි..තුන් දෙනාම අද හොද ලමයි වෙලා..පීරියඩ් හතරෙම ක්ලාස් එකෙ..එයාලාට කෑනොගහා මටත් පාලුයි වගේ..අද දවසම ඔහේ ගෙවිලා ගියා..අර සුට්ටං බට්ටිත්තවත් හම්බුනා..අනේ ඒකා හරි කෝලමක්..ඕඩිකලොන් සුවදේ බෑ..මන් වගේ කෙනෙක්..මට වැඩිපුරම වියදම් වෙන්නෙ ඕඩිකලොන් වලට..

තමාල්ගෙ ක්ලාස් එකට අද හවස ක්ලාස් කරන්න තීන නිසා මට තනියෙන් ගෙදර යන්න ආවා..ස්කොලෙ ගාව ඉදන් ස්ටෙශන් එකට වැඩිදුරක් යන්නත් කලින්ම මට හොදටෝම හතී..විසි පහක් වෙන්නත් කලිම් මෙහෙම නම්..පනහා පැන්නම හොම්බෙන් තමා යන්න වෙන්නෙ..

මන් පරක්කු වෙලා එන හැමදාම ට්‍රේන් එක ගිහිම්..කලිම් ආවොත් ට්‍රේන් එක පරක්කුයි..ආ මෙව්වා දෛවයේ සරදම්..ස්ලොව් එකක් එනකම්ම බලාන ඉන්න වෙනවා දැන්..ස්ටේශන් එකෙ හැමතැනම බඩුවලින් පිරිලා..සමහර විට බඩු ගෙනියන කෝච්චිය එන්නැතී..මොකද්ද ඒකට කියන නම..මතක් වෙන්නෑ..බඩු කෝච්චිය කියලාම කියමුකෝ..මොරටුවෙ ලී බඩු වලට හොද ඉල්ලුමක් තීන නිසා වැඩිපුරම ගෙනියන්නෙ ලී රැක්, පුටු වගේ දෙවල්..

ස්ටේශන් එකෙ හැමතැනම හිච්චි කපල්..වැඩිවයසක් නැතුව ඇතී..දහ අටක්වත් ලබලා නැද්ද මන්දා..මෙ ලමයි ක්ලාස් යනවා කියලා ගෙවල් වලට බොරු කියලා ඇවිත් එහෙ මෙහෙ රස්තියාදු ගහලා විහිම් නාස්ති වෙන්නෙ..අපේ කාලෙ අපි ලව් කරා..හැබැයි ක්ලාස් කට් කරන් කොහෙවත් ගිහිල්ලා නැ ඉතිම්..

ට්‍රේන් එක එන්නත් තව තව වෙලා යන නිසා ෆෝන් එක අතට අරන් fb එකෙ උඩට පල්ලෙහාට ගියෙ බලන්නවත් දෙයක් නැති නිසා කම්මැලි කමටයි..සුදු අයියාගෙ account එකට ගිහිල්ලා සැරින් සැරෙ බැලුවත් එයා ගැන කිසි දෙයක් හම්බවුනේ නෑ..අන්තිමට අප්ලොඩ් කරපු පෝස්ට් එකත් මීට අවුරුදු පහකට කලින් දාපු එකක්..වට්සැප් එක ඕපන් කරා විතරයි අවිනාෂ්ගෙන් කෝල් එකක් ආවා..මෙ කොල්ලා මොකද මට ගන්නෙ..අද ආවෙත් නෑ ..

"හෙලො"

"ඇයි මොකද"

"මොකද්ද සුදු අයියේ..මනුස්සයෙක් කතා කරද්දි ඔහොම ගිරිය පුප්පන් කෑගහනවද ආ.."

"මන් මොක පිප්පුවත් බොට මොකද ආ..ලමයො මේ සීමාවෙ ඉන්නවා හරිද..ඔක්කොටම කලින් කියපම් මොකද තමුන් අද නාවෙ..ආ"

"පොඩි වැඩක් වැටුනා ඉතිම්.."

"ඔව් ඔව් උබලට හරීයට වැඩ..මොකො ගෑනිට බබා හම්බෙලාද..!

"නැ බබා සෙට් වෙන්න වැඩෙ දුන්නා.."

පෙනේද පෙනේද මේකා..අපූරුයි පුතෙ අපූරුයි..

"නොදෝකින් තමුන් එක්ක කතා කරන මට මඩුවලිගෙන් තලන්න ඕනි..ඇයි දැන් කතා කරෙ ආ..."

"දැන් කොහෙද ඉන්නෙ"

"ස්ටේශමෙ..ඇයි මොකද එන්නද අහන්නෙ.. අනෙ මෙ ලමයො මේ.."

"ආන් කොච්චිය එනවා නෙද "

හුටා කෝච්චිය..මන් ඉක්මන්ට ඒක ගාවට ගියෙ නැත්තම් ඕක අදත් මාව දාලා යයි..නවත්තන් නැතුව යයිද දන්නෑ..අත දැම්මනම් හරි..

"අම්මටසිරි ඔව් ඔව් මන් දුවලා ගිහින් මෙ අත දාන ගමන්.. නැ මොකක්..ඔහ් ශිට්"

"සිරාවටම අයියෙ..ඔයා නම් පිස්සු කෝච්චියක්.."

මට නම් ඩිප්ප්‍රෙශන් කෙසෙවෙතත් මොලේ යම් ව්‍යාකූල තත්වය තීනවා..නැත්තම් මොන හරකද දෙවියනේ කෝච්චියට අත දාන්නෙ..හික්කෙ ලැජ්ජාවෙන් බාල්දියයි..වැඩිය සෙනග නැති නිසා ඔයින් ගියා..

"හෙලො..අයියේ.."

"ඇයි මොකද ඒගමන ආ.."

"දැන් ඔය ගෙදරද යන්නෙ.."

"නැ බදින්න යන්නෙ..ඇයි අත්සන් කරන්න එන්නද අහන්නෙ.."

"මනමාලයාට නම් හා ඉතිම්.."

"අම්මපා කොල්ලෝ..තියපිය ෆෝන් එක.."

"හරි මන් තියන්නම්..ඊට කලිම් කියන්නකො මාත් එන්නද.."

"මොකටද..කොහෙ යන්නද එන්න අහන්නෙ.."

"ඔයා එක්ක යන්න.."

"දැන් තමුන් දන්නවද මන් යන්නෙ කොහෙද කියලාවත් ආ.."

"ම්ම්ම් දන්නෙ නම් නෑ..එත්...ඔයා යන්න කතා කරන ඕන තැනකට මන්  යන්න එන්නම්.."

"පිස්සු නැත්තම් සෝක් පුතේ..මෙ මන් තියනෝ ට්‍රේන් එකට නගින්න ඕනි.."

"හරි ඉතිම් නගින්න..මන් අල්ලන් ඉදියෙ නෑ.."

"අනෙ අම්මපා..කියලා වැඩක් නෑ තමුන්ට.."

"හරි එහෙනම් පරිස්සමෙන් යන්න සුදු අයියේ..මට එන්න එපාලුනෙ ඉතිම්.."

"ඔන්න ඉතිම් ආයෙම විකාර කියෝනවා..කොල්ලො දැන් මන් හා කිව්වනම් උබ එනෝද යන්න.."

"ඔව් අනිවාරෙම්.."

"හා එහෙනම් එනවකෝ.."

"හරි අයියා ටිකක් පිටිපස්ස හැරිලා බලන්න.."

මොකක්..පිටිපස්ස බලන්නලු..දෙයියනේ මේකා...මෙච්චර වෙලා ඉදල තීන්නෙ මගෙ පිටිපස්සේනේ...

"අවිනාෂ්.."

"නැ ඔයාට අවී..අනිත් අයට අවිනාෂ්.."

"කොල්ලො මෙච්චර වෙලා මගෙ පිටි පස්සෙද ඉදියේ.."

"ම්ම් ඔව්..නගින්නැද්ද..එක්කො ඊලග එකේම යමුද.."

"නෑ නෑ මේකෙ යන්නොනෙ..ඔයා කොහෙද මේ යන්න එන්නෙ.."

මෙකා ඒගමන මාවත් තල්ලුකරගෙනම ට්‍රේන් එකට ගොඩවුනා..අපි දෙන්නම ඉදගත්තේ බීච් එක පැත්තෙ සීට් එකෙන්..

"ගෙදර.."

"ගෙදර..කාගෙද.."

"සුදු අයියාගෙ.."

"මොකක් කිව්වා..අමු කැවිලද කොල්ලො.."

"දැන් නම් ඒවගේ ටිකක්.."

"පිස්සු කෙලින්න ලැස්තිවෙන්නෙපා පොඩි එකෝ..අපෙ ගෙදර එන්නෙ මොකටද.."

"නිකම් ඉතිම්..මීට කලිනුත් මන් ඔහෙ ඇවිල්ලා තීනවනෙ.."

"ඔව් ඉතිම් එ  දවසයිනේ..ඒකත් ක්ලාස් එකක් තියපු නිසානෙ.."

"හ්ම්ම්.."

මේකා බස්සෙක්..එච්චරයි..

"හ්ම්ම් ගාන්නෙ.. දැන් ඔය මන් එක්ක යන්නද හදන්නේ.."

"හ්ම්.."

"අපෙ ගෙදර.."

"හ්ම්.."

මන් කිව්වේ මේකා බස්සෙක්..

"බස්සෙක්ද බන්.."

"ම්ම්ම්.."

"අම්මපා දෙන්න හිතයි.."

"කට  රිදෙන්නෙ නැද්ද සුදු අයියේ.."

"ඇයි ඇයි මොකද.."

"නැ මුකුත් නෑ.."

පෙනේද මේකා..අම්මපා දෙන්න හිතයි..සිරාවටම මෙකා මා එක්ක ගෙදරට යන්න එයිද. මේකා නම් පුදුම කරදරයක් වෙලා තීන්නෙ මට ..

මෙ කොල්ලා හරි අමුතු ලමයෙක්..හිතාගන්න අමාරුයි එයා ගැන..

"සුදු අයියෙ.."

"ඇයි.."

"මට අත දෙනවද.."

මොකක් කිව්වා..මේකා සාත්තරයක්වත් බලන්න හදනවද..සාත්තරෙ බලන මුවාවෙන් මේ තාර පාර මේ බොරලු පාර මේ බස් යන පාර මේ කම්මුල් පාර කියලා මට සොට් එක දෙයිද..අඩො දැන් නම් සැකයි ආ...

"අ.අත..අර මක්කටද.."

"මක්ක??..එකිව්වෙ.."

ආයිශ්..මෙකා එක්ක බැ...

"මක්ක කිව්වෙ මොකටද කියලා බන් අනේ මන්දා..භාශා දැනුම බිංදුවයි.."

එ ගමන මොකද කට වැහිලා..

"ඇයි දැන් පුම්බන් ඉන්නෙ ආ...මොකද්ද කියන්නෙ ගියේ..අත මොකටෙ සාත්තර බලන්නද.."

ඒ ගමන ඒකා ලොකු හුස්මක් පිට කරලා ඔලුව වැනුවේ මේකාට නම් කියලා වැඩක් නෑ කියලා කියන්නත් වගේ ටිකක්..

"අත දෙන්න.."

"මොකටේ.."

"අල්ලන් යන්න.."

"ඇයි අල්ලන් යන්නෙ.."

"......"

"ආ ලමයො..ඇයි අල්ලන් යන්නෙ.."

"ඇයි කියනවකෝ.."

"කතා කරපම්කො කොල්ලෝ.."

මන් කිව්වෙ මේකා මහා අමුතු හිපාටුවෙක් කියලා..බස්සා..නිකම් බස්සෙක් නෙමෙ මේකා මුකලන් බස්සෙක්..

එතනිම් එහාට අපි බහින තැනට එනකම් ඒකාගෙවත් මගෙවත් කතා බහක් සිද්දවුණේ නෑ..අපි බහින්න හදද්දිම එයා මගෙ අතින් අල්ලන් ට්‍රේන් එකෙන් බස්සවලා ආයෙම අත අතෑරියා..එයාගෙ අත් හරි ගොරෝසුයි..මේකා කුලි වැඩක්වත් කරනොද  දන්නෑ පාර්ට් ටයිම් වලට..

දැන් ඉතිම් මේකා එක්ක ගාටන්නෙපැයි මන් ගෙදරටම..මේකා නිකම් මගෙ මහා අප්පච්චි වගෙනෙ හැසිරෙන්නෙ..පාරෙ යද්දි මාව අයිනෙ පැත්තට දාලා මෙකා මහ උන්දා වගෙ වාහන එන පැත්තෙම් යනවා..යකො මන්නෙ මෙතන ලොකු එකා..හරි ඉතිම් ඇගෙන් පොඩි උනාට මන්නෙ වැඩිමල්..ඔය ඉතිම් මන් මඩේ වැටෙන්නැ කොල්ලො..වලක් දැක්කා විතරයි මේකා මගෙ කරෙන් අල්ලලා  මාව පැත්තකට කරා...

හිනාවෙන හැටි විතරක්..දෙන්න හිතයි හොම්බ බැබුන් පස්ස වගෙ වෙන්න..මේ යකා  එක්ක පයින් ගාටන් එද්දිම සීයාගෙ වාහනෙ මිදුලෙ නවත්තලා තියෙනවා දැකපු නිසා ඉස්සරහට තියන්න ගිය අඩියත් ඉබේම ආපස්සට තියවුනා...

මෙයා ඇයි ආයෙම..අනෙ...මට බයයි..එයා නිසයි මෙ හැමදේම..මන් දන්නවා ඔයා එදා අයියට මොනාම හරි කිව්වා..මන් කැමති නෑ ඔයාට..මට බෑ ඔය මූන ආයෙම දකින්න..ඇයි දෙවියනෙ මෙ මිනිස්සු මට පාඩුවෙ ඉන්න නොදෙන්නෙ..මට දැනෙන්නෙ මෙ ලෝකෙම මට එරෙහිවෙලා මට විරුද්දව කෑගහනවා කියලයි..මගෙ වටේම අදුරුවෙලා..මෙ මිනිස්සු මාව හිරකරන් මට වදදෙනවා..මගෙ ඇතුලාන්තේ හඩාවැලපෙනවා..මට ඉන්න දෙන්න..අනෙ මාව අතාරින්න..මට යන්න දෙන්න..මෙහෙම කරන්න එපා..මට බැ මට මෙතනින් පැනලා යන්න ඕනි..

මං දිව්වා..යන්නෙ කොහෙද කියලාවත් සිහියක් නැතුව මන් ඔහේ දිව්වා..මගෙ මනසෙ තියෙන්නෙ එක දෙයයි..එ අර මිනිහගෙන් පැනලා යන්න කියල  විතරයි..මගෙ පස්සෙන් එන්න එපා..මට යන්න දෙන්න..බැ මට බැ එයාලට අහුවෙන්න..මන් තව හයියෙන් දුවන්නොනේ..අනෙ කවුරුත්ම නැද්ද මට....

මන් කොච්චර වේගෙන් දිව්වත් පිටිපස්සෙන් ආපු එක්කෙනාගෙන් බේරෙන්න බැරිවුනා..අනෙ මෙයාලා මට මොනාකරයිද..මට යන්න දෙන්න මන් අහිංසකයිනේ..

"එපා...මාව...එපා මාව අල්ලන්න එපා..යන්න දෙන්න..මට යන්න දෙන්න..."

"අනෙ වදින්නම්....අනෙ මෙහෙම...එපා යන්න දෙන්න..අනේ.."

එයාලා මාව අල්ලගත්තා..එයාලා හැමොම මාව වටකරන් හිටන් ඉන්නවා..යන්න දෙන්න අනේ එපා..මෙහෙම කරන්න එපා..

"සුදු අයියේ...දගලන්න එපා සුදු අයියේ..."

"අයියේ..හරි සිහියට එන්න..අයියේ.."

එපා මට යන්න දෙන්න...අවී..අනෙ අවී මාව බේරගන්න එයාලට මාව දෙන්න එපා..ලමයෝ...අනේ..මන් පිස්සුවෙන් වගේ දගලනවත් එක්කම මගෙ කම්මුල හරහා වැදුන පාරෙන් මන් ආයෙම හරි සිහියට ආවා..

"සුදු අයියේ...මාව ඇහෙනවද..අයියේ.."

"අ..අවී...අනෙ ලමයෝ.."

"අයියේ..ඔයාට දැන් කොහොමද.."

"මට...මට....ආ මන් හොදින්..මේ...මන් මේ.."

"හරි එන්න අපි යමු.."

"බැ බෑ..යන්න බෑ..මෙ දැන්ම යන්න බැ..අපි වෙන කොහෙට හරි යමුද.."

"ගෙදර යම්.."

"බැ...මට බැ..මෙ ඔය ලමයා දැන් ගෙදර යන්න..මට වැඩක් මතක් වුනා..මාත් එහෙනම් යනවා.."

එයාගෙන් ගැලවිල්ලක් නැතිම පාර කටට ආපු බොරුවක් කියලා එතනින් ඉක්මන්ටම මාරුවෙලා ආවා..ලොකු අඩි තියලා මන් ඉක්මනින් ඇවිද්දා..එත් වැඩිදුර යන්න හම්බුනෙ නෑ..එයා ඇවිදින් මාව පිටි පස්සෙන් බදාගෙන හිරකරගත්ත නිසා මට එතන නවතින්න සිද්දවුනා...

"හැමදාම ප්‍රශ්න වලින් පැනලා යන්න බැ සුදු අයියේ.."

"ඔයා ශක්තිමත්...එක නිසා ඔයාට පුලුවන්...අපි යමූකො.."

"ඔයා තනි නෑ..ඔයා ලගින්ම මන් ඉන්නවනෙ අයියේ..ඕනි දේකට මන් ඉන්නවා.."

අවි හරි...මන් අද මෙ ප්‍රශ්නෙන් පැනලා ගියත් හෙට ආයෙම මුහුන දෙන්න වෙයි..එත් මට එ මනුස්සයාව දකීන්න උවමනාවක් නෑ..එ මනුස්සයා මට වචනෙකින්වත් තරවටු කරලා නැති බව ඇත්ත..එත් මට පේන්නෙ එයා තමයි මෙ හැමදේකටම හේතුවුනෙ කියලා..

හරි අද මන් මෙ ප්‍රශ්නෙට මුහුන දෙන්නම්..මන් මෙ හැමදේම අතෑරලා ඉස්සරහට යනවා කියලා මටම පොරොන්දු වුනානෙ..ඉතිම් මට මේක කරන්නම වෙනවා..හිත හයිය නැති වුනත් මන් යන්නම්..

කාලෙකට පස්සෙ සීයාපප්පා ආයෙම ආවෙ මාව එක්කන් යන්න වෙන්නැති..මට තේරෙන්නැ එ මනුස්සයා ගැන..අවිත් එක්කම මන් ආපහු ගෙදරට එන්න ආවා..ගේට් එක ඇටගෙන ඇතුලට එද්දිම ගාර්ඩ්නියා මල් වල සුවද මගෙ නාස් පුඩු ඇතුලෙ හිරවෙද්දි මන් ගෙ ගාවට ගියා..වෙන වෙලාවක නම් මන් ගෙට යන්නත් කලියෙන් වත්තෙ ඇවිදලා බලලායි යන්නෙ..එත් අද ඒකට සුදුසු මානසිකත්වයක් නැ..

මන් යද්දිම සීයා එයාගෙ ගාඩ් එක්ක පොඩි ස්තොප්පු කෑල්ලෙ වාඩිවෙලා ඉන්නවා..මන් එයාව ගනම් නොගෙන දොර ඇරලා අවීට ඇතුලට එන්න කියලා ඇස් වලින් කතා කරලා සීයා ගාවට ගියා

එයා ගාවට ආවත් හරි මන් මොනා කියලා කියන්නද..

"කොල්ලො..හොදින් ඉදියද.."

ඉදියා ඉදියා හුගාක් හොදින් ඉදියා..

මන් කිව්වෙ නැ හිතෙන් බැන්නා..

"හොදින් ඉන්නවා සීයෙ..ඇයි මෙ.."

"මන් ආවෙ ඔය ලමයව බලලා යන්න..ඇයි එක හොද නැද්ද...ආ  මේ ලමයානේද..."

"ආ එයා මගෙ ගෝලයෙක්..අවි ඔයා ඇතුලෙන් ඉන්න..සියා කාලෙකිම්නේ ඒකයි ඇහුවෙ..ඇතුලට එන්න සීයේ.."

"නැ මෙහෙම හොදයි..මන් ආවෙ වැදගත් කාරනාවක් කියන්නත් එක්ක"

"සීයේ??.."

"දැන් ඔයා තනියෙන් ඉදියා ඇති කියලා තමා මට හිතෙන්නෙ..මන් ඔයාට ඉඩ දුන්නානෙ තනියෙන් ඉන්න..දැන් කාලෙ ඇවිත් තීන්නෙ මෙ හැමදෙයකම හරි තීරනේය එන්න.."

"මොකක්..මට බෑ..සියේ..මට ආයෙම ඔය ගෙදරට එන්න ඕන්නෑ..මන්..මට එ අයව ඕනි නෑ..ඔයාලා කවුරුත්..මගෙ පැත්තට ඉදියෙ නෑ..සීයේ..එක නිසා බැ මට බෑ..මන් එන්නෑ.."

" ආර්ය්‍ය මීගස්තැන්න පවුලෙ හරි උරුමක්කාරටයට එ හැමදේම දෙන එකයි මගෙ වගකීම ඒක නිසා-.."

"මට එපා..මට ඔය පවුලෙන් වැලි ඇටයක්වත් එපා..මට පාඩුවෙ ඉන්න දෙන්න සීයේ..ඔයාලා හැමොම කරේ මාව රිද්දපු එක..ඔයාලා හැමොම මාව විනාශ කරා..ඇයි මට මෙහෙම කරන්නෙ සීයේ..මට ඔය කිසි දෙයක් එපා..කිසිම දෙයක්.."

එ පවුලම මට හතුරො වගේ පෙනෙද්දි මන් කොහොමද ආයෙත් ඒක ඇතුලෙ හිරවෙලා ජීවත් වෙන්නෙ..

"ඔය ලමයට එන්නම වෙනවා..එක තමයි මගෙ අන්තිම තිරනේ..තව දවස් දෙකකින් ඔයා එහෙට එනවා.."

"සීයේ..මන් සැරයක් කිව්වනෙ බෑ කියලා..මගේ තීරනෙ වෙනස් වෙන්නෙත් නෑ..මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න ඇයි මට මෙහෙම කරන්නෙ..ඔයාලා හැමොම මගෙ සතුට නැති කරා.. එයාව මගෙන් ඈත් කරා..ඔයාලා හැමොම මාව-.."

"මන් එ ලමයව ආයෙ ගෙන්නුවොත්..කැමති වෙනවද.."

"සියේ!!!!.."

"මට පුලුවන් එ ලමයට ආයෙ මෙහෙ නොඑන තත්වෙට පත්කරන්නත්..ඕනිමනම් ආයෙ ගෙන්නන්නත්...කැමතිද...."

________________________________

හෙලො ලමයී😽❤️‍🔥

මන් ආවා 😌

අද එක කෝමද 😌

සීයා කාරයා මොනා කරයිද දන්නැ නෙහ් ☹️

ආයෙම එන්නම්😽

ආදරෙයි😽

_Gojo_

Share This Chapter