Back
/ 52
Chapter 48

Chapter 48

දෑගිලි ✔( complete )✨

හැන්දෑවෙ අහස ලා රෝස පාටට හුරු තැඹිලි පාටකින් කැන්වස් එකක් උඩ ඇදපු ලස්සන සිතුවමක් වගෙ..සුදු වලාකුළු එලවන්න පැත්තෙන් කලු වලාකුලු එක දෙක ඇදීගෙන එනවා..ඉර අමුතුම පාටකට හැරිලා..වෙන්දාට තීන සැර අඩුවෙලා ඉරදිහා වුනත් බලාගෙන ඉන්න හිතෙනවා..කුරුලු රංචුත් ඉක්මනින් ඉක්මනින් උන්ගෙ කැදලි වලට යනවාද කොහෙ..වෙන්දාට හැන්දෑ අහසේ ගිලිලා තීන ගුප්ත බව වෙනුවට අද අමුතුම නැවුම් බවක් මන් හිතන්නෙ මගේ හිත වගේම අද මගෙ වටපිටාවත් සතුටින්..

පහුගිය අවුරුදු ටිකෙ මන් ඉදියෙ මහා නපුරු හීනෙක..ඔව් ඒක තමයි මගෙ ජීවිතෙ මන් දැකපු නරකම හීනේ..මනුස්සයෙක්ට වැටෙන්න පුලුවන් පහලම තැනට මන් වැටුනා..මන් හැමදේම දරාගත්තා..මන් විතරක් නෙමෙයි එයත් දරාගෙන..මට තමාල් හරි ඉදියා..එත් අයියාට..කාත් කවුරුවත් නැති රටක තනියෙම් එයා එ වේදනාවන් කොහොම දරාගන්න ඇතිද..

හරිනම් මන් එයාව පිලිනොගෙන එලවලා දාන්නයි ඕනි කියලා සමහරෙක්ට හිතෙන්න පුලුවන්...එත් ඒ මගෙ ආදරෙ..මන් මෙච්චර කල් ජීවත් වුනෙ ආයෙ එයා එයි කියන බලාපොරොත්තුවෙන්..එදා අපි වෙන්වෙද්දි එයා කටින් කොච්චර මාව එපා කිව්වත් එ ඇස් කිව්වෙම මන් හරි අසරනයි වස්තු කියලා..මන් විශ්වාස කරා වගේම මන් දිනුවා..එයා ආවා..ඒවගේම එ හිතේ අදටත් මන් ඉන්නවා..අපි දෙන්නාම වින්දෙ එකම වේදනාව..අපි දෙන්නාටම මෙතනදි වුනේ අසාදාරනයක්..ඒක අපි දෙන්නාම ගෙවපු ලොකු පවක්...

අන්තිමේදි එයා ආවා..මට එ ඇති...මගෙ ලගට ආපු එයාව ආයෙමත් මගෙන් උදුරගන්න මෙදාපාර මන් ඉඩතියන්නෑ..එන දේකට අපි දෙන්නාම මුහුන දෙමු..

"සුදු අයියේ.."

"අනෙ අම්මොහ්.."

එලියෙ බංකුවට වෙලා අහස දිහා බලාන ලොකු කල්පනා සයුරක කිමිදිලා ඉද්දි මෙ අවිනාෂයා කඩාගෙන පාත් වෙලා මාවත් බයකරා..තව ටිකෙන් මන් බිම..ඕම කනගාව කෑගහනවද මන් අහන්නෙ...

"කොල්ලෝ..ඇයි හත්තිලව්වෙ කන අස්සෙන් කෑගහන්නෙ.."

උඩගිය පාරට තාම පපුවත් ගැහෙනවා..මන් දන්නවා වැඩිකල් යන්න කලිම් මන් මැරෙන්නෙ මුගෙ මෙ වැඩ වලට හාට් එකේ ෆියුස් එක පොටපැනලා..

ඔය ඉතිම් ඒකා ගොලුරාස්සයා ආරූඩ කරගත්තා..පැත්තක ඉදපු මට සැනසීම නැතිකරලා මේකා අහස දිහා බලන් ඉන්නවා..

අම්මපා දෙන්ඩ හිතයි පිට පැලෙන්න..එව්ව්ව්

"ඌයි..ගහන්නෙ මොකද.."

ගහන්නෙ..ගහන්න නෙමෙ මන් උබව හම ගහන්නෙ..අනෙ මන්දා මේකාව දැක්කාම තලන්ඩමයි හිතෙන්නෙ..

"ගහන්නෙ..ගහන්නෙ මට ඕන නිසා ඇයි ඇයි මොකද.."

"පිස්සු.."

මොකක්..පිස්සු කිව්වා නෙද..අනෙ අම්මපා මට එක කේන්තියට මේකාව දෙකට නවලා කිහිල්ල අස්සෙ ගහගන්න හිතෙන්නෙ..

"පිස්සු..ඇ කොල්ලො උබ මටද පිස්සුයි කිව්වෙ..ආ කියපම් බලන්න..ආයෙ කට වහගත්තා..ඔය ඔය කාගෙන් අහලද මෙ බංකුවෙ වාඩිවුනේ අඅ..නැගිටපම්..මට පිස්සා කියලා ලැජ්ජ නැතුව මෙතන වාඩිත් වෙනවා..නැගිටපම් ඉතිම්.."

"කට රිදෙන් නැද්ද අයියේ.."

"නැ රිදෙන්නෑ..කට මගේනේ මගෙ එව්වා කොමත් හුගක් හයියයි..එහෙම ලෙසියකට රිදෙන එව්වා නෙමෙ..මෙ කට හොදට වැඩ පේනවනේ..ඔය එක එකාගෙ කටවල් වගේ ලොක් වෙන්නෑ..දෙයියනේ කියලා වචන හැටහුටාමාරක් කියෝගන්න පුලුවන්..ඒකට සමහරුන්ට වචන දෙකක් ගාවගන්ඩ බෑ කට ලොක් වෙනො..අපෙ පැත්තෙ බල්ලෙකුත් ඉදියා ටාසන් කියලා ඔහොම කට ලොක් වෙන..උ කාව හරි කෑවම කට ඇතුලෙන් ලොක් වෙනවා.."

"කරච්චලයක්.."

ආ පෙනේද මේකා..එව්ව් එව්ව්ව් කාගෙ ගති ගිහිල්ලද මන්දා මේ ගෝනිබිල්ලාට..එව්ව්ව් ඇට පිටින් ගිල්ලන්නොනෙ මුට..

"ආ කොලු උබ කරච්චලෙ කියලද දැන් කිව්වෙ..මෙ මෙ උබ මෙතන ඉන්නවනම් කට පු.. මන් කිව්වෙ කට වගෙන හිටු..යකො මන් මෙතන සැනසිල්ලෙ ඉදියා විතරයි මේ රාස්සයා ඇවිත් මගෙ නිදහස කැඩුවා මදිවට මන් කන්කරච්චලේලූ..මගෙන් කන්න තමයි ඔය..පලැන්න මෙතනිම්..දුප් දුප්..නැගිටපිය මෙතනින්..කවුද තමුන්ට මෙතන වාඩිගන්න අවසර දුන්නෙ.."

මෙ යකා ඇහෙන්නැ වගේ ඉන්න ලස්සන..අර එ ගමන කනත් හාරනො..මුට මම..

"ආව්...සුදු අයියෙ ගහන්නෙපා..මන් යන්නැ මෙතනින්..මේක මගෙ ගෙදර මගෙ බංකුව.."

අප්පටසිරි..හික්ස්..ඇත්තනෙ..මේක මෙයකාගෙ ගෙදර නේන්නම්..සුදු අයියා ඇතුලට ගියා ගියාමයි තාම ආවෙ නැ..පුදුම අමාරුවකින් අරගෙදරට යාගන්නැතුව නවත්තගත්තේ..දැන් බෙරුනත් රෑට ජවුසමක් පටන් ගනී..

එව්ව් එව්ව් මේකා..අනෙ මට මේකාට තලන්ඩමයි හිත..ඒකාට ගහද්දි මට තව ආතල්..අනෙ මන්දා කාලෙකින් ලොකු සතුටක් හිතට දැනෙනවා..ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් හිතට සතුටුයි..මන් අරකාගෙ මිරිකගෙන අඹරපු අත අතෑරලා ඒ අතට ඔලුව හේත්තු කරගත්තා..මේකා අලි යෝදයෙක් වගේනේ..

"සුදු අයියා සතුටෙන්ද.."

විනාඩි ගානක් යනකම්ම අපි දෙන්නාගෙ නිහෑඩියාව වටේට පැතිරිලා යද්දි එක නැතිකරන්න අවියා කතා කරා..එයා අහනවා මන් සතුටින්ද කියලා..සතුට...ඔව් මන් සතුටින්..අවුරුදු ගානකට පස්සෙ මන් ආයෙමත් සතුටින්..මන් ඔලුව කෙලින් කරන් එයා දිහා බැලුවා..අනෙ මන්දා මේලෝකේ එකෙක්ට මෙකාව තේරුම් ගන්න නම් බැරිවේවී ..

"ඔයා දන්නවද පොඩ්ඩො..මෙ අවුරුගානටම මන් ජීවත් වුනේ මැරුන මනුස්සයෙක් ගානට..හිනාව කියන දේ රැදුනෙ ලමයි ගාවදියි මගෙ යාලුවො ගාවදි විතරයි..මන් අඩපු නැති දවසක් නැතුව ඇති..ඔයාගෙ බාප්පා යන්න ගියෙ මගෙ ජීවිතෙ සතුටත් අරගෙනයි..මගෙ සතුට මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් මන් දෙපාරක් නොහිතාම පෙන්නන්නෙ එයාව..ඉතිම් අවුරුදු ගානකට පස්සෙ එයා ආයෙත් මං ලග..ඉතිම් මන් සතුටින් නෙමෙයිද..එයා තමයි මගෙ comfortable zone එක..මාව නිවෙන එකම තැන එ උනුසුම..මං ඒ තුරුලේ උනුහුම ආයෙම වින්දා..ඉතිම් මන් සතුටු නොවී ඉන්නෙ කොහොමද.."

මේ කොල්ලා ගාව මන් මෙච්චර open වුනාමයි..මන් කියපුවා තෙරුනාද දන්නෙත් නෑ..මෙච්චර වෙලා මන් කතාකරේ ගේ දිහා බලාගෙන..මන් බලද්දි අවිනාශ්ගෙ ඇස් රැදිලා තිබුනෙ මගෙ පැත්තට..මන් කිව්වේ ඇත්ත..මෙ ලෝකේ මනුස්සයෙක්ට මේ ලමයගෙ ඇස් වල හැගීම් තෙරුම් ගන්න බෑ..එයා මගෙ දිහා බලාගෙන ඉන්නවා..එ ඇස් වල දුකක්ද සතුටක්ද රැදිලා තීන්නෙ කියලා කියවගන්න අමාරුයි..හික්ස්..මේකා මොකට දුක් වෙන්නද..මටත් පිස්සු..

"වස්තු.."

හනෙව්..මෙ එන්නෙ පිස්සු කොල්ලා..කොහෙද මනුස්සයො ගිහින් ඉදියෙ..දැන් නම් විනාඩියක් නොදැක්කත් කල්පයක් වගේ දැනෙන්නෙ..

"සුදු අයියේ.."

සුදු අයියා අපෙ පැත්තට එද්දි මේන් මේයකා බංකුවෙන් නැගිටලා පැත්තකට වුනා..ම්ම් වැඩිහිටියන්ට තැන දෙන්න ඕනි කියලා දන්නවා එහෙනම්..ඇති යාන්තම් මේකා ඒකහරි දන්නවා..

අයියා මන් ගාවට ආවාම මන් එයාගෙ ඉන වටේට අතදාලා තුරුල් කරන් මගේ මූන එයාගෙ බඩේ ගහාගත්තා..හම්මෙ කුශුබූ...අලුත් ඇදුමක් ඇදලානෙ මෙයා..වොස් දාලා වෙන්නැති අම්මෙ සුවද..අයියා ගාවින් එන්නෙ chanel paris perfume එකෙ සුවද අප්පා..හම්මෙ ශල්ලි කද මගේ..

"වස්තු..ඇතුලට එන්න..මොනහරි කමු.."

හප්පා..දැනුයි මතක් වුනේ මුකුත් කන්නත් බැරිවුනා කියලා..අම්මෙ ඉතිම් අරගොල්ලො වටමේසේ සාකච්ඡාවෙ ඉන්නැද්දි හොදට දෙසාබාන්නැති..මන් විතරක් මෙතන බඩගින්නෙ..හෙට මොකද්දො පාටියකුත් තිනවා නේද යන්න..

"බලන්නකො සුදු ඉතිම්..මට කන්න ඔනි කියලා අමතක වුනානෙ.."

"ඔයා කවද්ද සුදු අයියෙ වෙලාවට කෑවේ.."

ආ..ආ.මේකා බලපම්කෝ..උබ මගෙ මහා එකාද..අම්මපා දෙන්ඩ හිතයි..මෙකා මට සුදු අයියා කියනවා..මන් අයියාට කියන්නෙත් සුදු අයියා කියල්ලා..දෙයියනේ මේකාට වෙන නමක් තිබ්බෙම නැද්ද මට කියන්න..

"අනෙ මෙ ලමයො..තමුන් කොහොමද කියන්නෙ මන් වෙලාවට කන්නැ කියලා.."

"සුදු අයියා වෙලාවට කන නිසා වෙන්නැති හැමදාම ස්කෝලෙ ඇවිත් ගෑස් කිය කිය බෙහෙත් බොන්නෙ.."

හෑ...මේකා කවද්ද ඒවා දැක්කෙ..

"හරි හරි ඉතිම්..ඒ කාලෙ යම් යම් සිදුවීම් වෙලා කෑම මගෑරුනා තමයි..අයියෙ මට බඩගිනි අපි කන්න යම්.."

මෙ පොඩි එකෙක් නිසා මට තීන වදයක්..අර අර පෙනේද ඒකාගෙ කට කොනේ තීන මරමුරුස් හිනාව..

සුදු අයියා මටත් එන්න කියාගෙන අර ගෝනිබිල්ලාගෙ කරට අත දාගෙන ඒකාවත් ඇදගෙන ඉස්සර වෙලා යන්න ගියා..

හම්මෙ බලන්නෙපැයි බාප්පාගෙයි පුතාගෙයි ලස්සන..අර යකා තව ටිකක් උස ගිහිම් ඇග ටිකක් ආවනම් අයියා වගේමයි..ඒකතමයි ඉස්සර මේකාව දකිද්දි දැකලා හුරු හැගීමක් දැනුනේ..නම දෙකත් බලන්නෙපැයි ද්වීනාෂ් අවිනාෂ්.. ඉදපල්ලාකො..

"ද්විනාෂ්.."

හික්ස් අවිනාෂ් කියන්න ගියේ..කියවුනේ අනිත් එකනේ..හේ හෙ..

ආ හරි සෝක් මේන් බොලේ දෙන්නාම හැරිලා මගෙන් ඇයි කියලා අහනවා..මන් කතා කරෙ එක්කෙනෙක්ටනෙ..අම්මේ ඒකත් ආතල් අප්පා..

" ඇයි සුදු අයියේ.."

"ඇයි වස්තු.."

"ආ..අයියේ..හේ හේ..නිකම් අනෙ..මොකො පොඩි එකෝ..මන් කතා කරේ ද්වීනාෂ්ට නැතුව ඔහේට නෙමෙ.."

ආන් ආන් මල පැනලා..ගියා නේද ගස්සගෙන..හනෙ අම්මේ පුතේ උබට මොකක් නැතත් බාප්පාගෙ ගැස්සිල්ලනම් හොදට පිහිටලා..

"වස්තු..එන්නැද්ද.."

"එනො එනො යම් යම්..ඔන්න ආවා..යමු ඉතිම්.."

"යන්කො ඉතිම්.."

මේකා ඒ ගමන මොකද මෙ අමුතු විදියට මගෙ දිහා බලන්නෙ..

"අයියෙහ්.."

"ආර්හ්...ඔ යමු යමු.."

"මොන සිහියෙන්ද අනේ ඉන්නෙ.."

"මුකුත් නෑ..ඒක නෙමෙ නම කියලා කතා කරෙ කොල්ලාව අවුස්සන්න හිතාගෙන නේද.."

බෑනෙ කරන්න..මෙ මනුස්සයාට මගෙ හෙවනැල්ල වෙනස් වුනත් තේරෙනවනෙ..

"හී හී..නිකම් ඉතිම්..දෙන්නාටම එකම නමනෙ අයියේ..එ පැහිච්ච බට්ටාව ටිකක් ඇවිස්සුවම මොකො ඉතිම්.."

"ඔයා දන්නවද වස්තු..එයාට නම දැම්මෙ මන්..එයා පොඩිකාලෙ ඉදන්න වැඩිපුරම ඉදියෙ මන් එක්ක..අයියලා එක්ක ඉන්න කාලෙ මන් ඉදියෙම පොඩ්ඩා එක්ක..එයා කෑවෙ බිව්වෙ නිදාගත්තෙත් මන් එක්ක..මගෙ දෙවල් මන් සාමාන්‍යෙන් කා එක්කවත් බෙදාගන්න කැමති නැහැ..එත් පොඩ්ඩා හම්බුන දවසෙන් පස්සෙ ඒක වෙනස් වුනා..එයා මගෙන් ඉල්ලපු හැමදෙයක්ම මට ඕනි වුනේ කොමහරි එයාට ගෙනත් දෙන්න..එවගේම මන් දුන්නා..අපෙ පවුලෙන් මන් වැඩිපුරම ආදරෙ කාටද කියලා ඇහුවොත් මන් දෙපාරක් නොහිතාම පෙන්නන්නෙ එයාව..මන් ඒකාට ආදරෙ තරම ඒකාවත් හරියට දන්නෙ නැ තාම....ම්ම්ම් හරි හරි දැන් යම්.."

අර පොඩි ඇටයාට මෙ මනුස්සයා පන ඇරලානෙ..ඉල්ලපු හැමදේම දුන්නාලු..යැයි යැයි තමා..ආදරෙ කරන එකාව ඉල්ලුවොත් ඒකත් පරිත්‍යාග කරයිද දන්නැ..එව්ව් මලවිකාර...

රෑත් වුනා..සියාපප්පා අර ගෙදරින් කීයටද එලිබහින්නෙ කියලා බලාගෙන ඉද්දි කෝල් එකක් දාලා කිව්වා තව පැය භාගෙකින් අපි පිටත් වෙනවා ලෑස්තිවෙලා ඉන්න කියලා..

අනෙ..මයෙ මනුස්සයා දාලා යන්න බෑ අයියෝ..එයාව දෙකට තුනට නවලා සාක්කුවට දාගෙන සීයාට හොරෙන් ගෙදර අරන් යන්න බැරිවෙයිද අයියෝ..

සීයා හදිස්සියෙමත් මයෙ මනුස්සයාව දැක්කොත් පපුවෙ අමාරුව හදාගනීද..නැ නැ ඔය මනුස්සයාගෙ නහර හයියයි අපිටත් වඩා..මට වඩා හතර ගුනයකින් වැඩිමල් වෙලත් පොර ඉන්නවා පාතාලෙ වසන්ත වගේ ෆිට් එකට..සීයාකාරයත් ලව් කොරලා තීන්නෙ පිරිමි පරානෙකටලුනේ..හපේ හප්පො ඉතිම් ඒකට මොකද මටයි අයියාටයි විරුද්දවුන කැත විතරක්..සමහර විට එකට ඉන්න කපල් දැක්කාම ගල් ගහලා වෙන් කරන්න ඕනි කියන ඉරිසියාකාර සිතුවිල්ල මනසට ආවේස වෙනවා ඇති..අනෙ මන්දා බනක් භාවනාවක් කරගෙන ඉන්නොන වයසෙ මෙ මිනිහා දේපල පස්සෙ නහින හැටියක්..එව්ව් හරිම අවිනීතයි...

"මොනාද ඔච්චරටම හිතන්නෙ ම්ම්.."

හික්ස්..දැන්නෙ මන් හරිසිහියට ආවෙ..මෙච්චර වෙලා අයියාගෙ පපුව උඩින් ඔලුව තියාගෙන කකුලකුත් එයාගෙ ඇගට දාගෙන මන් ඉදලා තීන්නෙ සීයාගෙ සිහියෙන්නෙ..හනෙ මට මෙ මනුස්සයාව දාලා ගෙදර යන්න බෑ අප්පා..

"අයියේ.."

"හ්ම්.."

"අනෙ මට ගෙදර යන්න බෑ වගේනේ.."

"හ්ම්ම්ම්.."

යොහ් බකමූනෝ...

"අනෙ අයියේ.."

"අදට විතරයි බබෝ..අවුරුදු ගානකට පස්සෙ මෙහෙම එකට ඉදලා ඉක්මනින් වෙන් වෙලා යද්දි මටත් අමාරුයි..එත් හෙටින් පස්සෙ මෙ හැමදේම ඉවරවුනාම අපිට පුලුවන් හැමදාටම එකට ඉන්න..ඒක නිසා මගෙ බබා දැන් යන්න සීයා ආවම.."

අනෙ මට බැ අප්පා..මන් තව ටිකක් තදට එයාව බදාගෙන එ බෙල්ල අස්සෙට මගේ මූන ඔබාගත්තා..යන්න බැ අයියෝ යන්න බෑ..

මන් කොච්චරවත් යන්න බෑ කිව්වට වැඩක් වුනෙ නෑ..සීයා ආවාම මටත් යන්න වුණා..හවස දැක්කට පස්සෙ අර ඇටකිච්චාව දැක්කෙත් නැ..ම්හුක්..අයියා නරකයි හාච්චියක්වත් දුන්නෙ නැ මට..තරහයි මන් ඕකා එක්ක..

අපි ගෙදරට එද්දි තමාලයා සැටිය උඩට වෙලා නිදි..ඒකාගෙ බඩ උඩ චිප්ස් බෑග් එකක්..ස්ටූල් එක උඩ හිස් කෑම පැකට් සීසීකඩ..අනෙ අම්මපා මෙ පිස්සානම්..

"ඕයි..අඩො..නැගිටපම්.."

"ම්හුක්..අනෙ අම්මෙ තව ටිකක් ඉන්නම්.."

"සිරන්තියා මෙහෙ නැ අඩො..නැගිටපම්..බල්ලො කො යමන් ඇදට..අනෙ මන්දා මේකාගෙ බර.."

හරිනම් මේකාව මෙහෙන්න නිදාගන්න තියන්නොනෙ..තව ටිකෙක් මේකා එක්කම මාත් පඩිපෙලින් රෝල් වෙලා වැටෙනවා..තලගොයි මස් කාලාද මන්දා මූ..අම්මො ඇති යාන්තම් ඇදට තල්ලුකරා..මාත් වොශ් එකක් දාගෙන එහෙම්ම ඇදෙන් ඇලවුනා...

Sudu ayya calling....

"ආ ඇයිද දන්නැ දැන් ගන්නෙ..මන් ආන්සර් කරන්නැමයි..වැඩක් නැ යන්න කලිම් කිස් එකක්වත් දුන්නෙ නැ..බොරු ආදරෙ මේකාගෙ..ඔන්නෑ ගන්නැමයි.."

කොල් එක දෙක රින්ග්ස් වෙලා කට් වෙලා යද්දි තුන්වෙනි පාර ගනිද්දි නම් හිතට බයක් දැනුනා..විහිලුවගෙ නෙමෙ..කරදරයක්ද දන්නෙත් නැ..අර මිනිස්සු අයියා ගැන දැනගෙනවත්ද..වෙන්නෙම ඔය වගෙ වැඩනෙ..මන් ඉක්මන්ට කොල් එක ආන්සර් කරා..

"හෙලො අයියේ.."

"වස්තු..බබා මෙ පල්ලෙහා ජනේලේ අරින්නකො.."

"මොකක්..අයියේ..මට කියන්නෙපා ඔයා.."

"හෙලෝ..හෙලො..කතා කරපිය මිනිහෝ.."

"ඇයි දැන් කියන්නෙපා කිව්වෙ.."

අනෙ මෙ මෝඩ මිනිහා නම්

"යා..මොඩයො..මොකටද මෙහෙට ආවෙ ආ..සීයා දැනගත්තොත් විනාසයි..ඔහොම ඉන්නවා මන් එනකම්.."

මගෙ ලේ පුච්චන වැඩමයි මේ බාප්පායි පුතයි කරන්නෙම..වයසෙ හැටියටද මේකාගෙ වැඩ..කොලු කම ඔලුවට ගහලා..අර වයසක මනුස්සයාට අහුවුනානම්..මන් අඩිදෙක තුනට පහලට දිව්වා..

පිටිපස්සෙ ගේට් එක පැත්තෙ තීන ජනෙලෙ ගාව මේකා හිටන් ඉන්නෝ..අනෙ අම්මෙ දැන් තමයි ඇගට ලෙ ටිකක් ඉනුවෙ..

"අයියේ..මොනාද දෙයියනෙ මෙ කරන වැඩ.."

"ඇතුලට ගිහින් කතා කරමු..කො මෙ ජනේලෙ ඇරපම් බබා.."

"අයියෝ අපි දෙන්නාම ගස් අයියේ..කො එන්න ඇතුලට..ආ අත බලාගෙන..මනුස්සයෙක්ට කරන්න පුලුවන් වැඩත් තීනො බැරිවැඩත් තීනෝ..අනෙ මන්දා අයියෙ ඔයානම්..මොකටද මෙ මහරෑ ආවෙ ආ.."

"සීයා හම්බෙන්න.."

මෙ මිනිහාට ඔල්මාදෙද..

"ඔව්.."

"ආ මොකාක්.."

"මුකුත් නැ උඩට යමු.."

"උඩට යන්න..ඔයා කොහොමද අයියෙ මන් උඩ ඉන්නවා කියලා දන්නෙ.."

"නිකම් කිව්වෙ යමු ලමයො අරයා නැගිටින්න කලිම්.."

හරි යමන්කො උඩට මන් තමුන්ව හමගහන්න..අනෙ අම්මපා මගෙ ලෙ පුච්චන තරමක්...

අයියාවත් ඇදගෙනම මන් උඩට ගිහින් කාමරේ දොර වහලා එයාට හොදවැයින් අමතන්න හැදුවා විතරයි..

මාව ඇදලා අර දොරට හේත්තු කරපු එයා ඉනෙන් අල්ලලා මාව උස්සන ගමන් මගෙ කකුල් ඉනවටේ පටලවගෙන තොල් වලට බරවුනා..තප්පර තුන් කාලක් ඇතුලත සිද්දවුන එ විපර්යාසෙ මොකද්ද කියල හිතාගන්න බැරුව මන් අන්දමන්ද වුනා..

එ තොල් මගෙ තොල් සීරුවට එහා මෙහා දගකරද්දි මගෙ ඇග ඇතුලෙ හැංගිලා තිබුන හැගීම් උඩට එන්න පටන් ගත්තා..අවුරුදු පහක් මෙ තොල් මට මගහැරුනා..ඇස් වහගෙන එයාට ඇතිවෙනකම් මගෙ තොල් අතර දගකරන්න ඉඩ දීලා මන් එ හැගීම වින්දා..එ තොල් හිමින් සීරුවෙ මගෙ බෙල්ල සිපගන්න ගමන් පහලට ඇදීගෙන යද්දි එයාට ඉඩදෙන්නම මගෙ බෙල්ලත් ඉබේටම ඇලවුනා..මගෙ ඉන එ අත් වලට හිරවෙවී මිරිකෙද්දි මගෙ මුලු සර්වාංගෙටම දැනුනෙ දියවෙවී වැක්කෙරනවා වගේ හැගීමක්..

එයා මාවත් උස්සගෙනම ඇදගාවට ගිහින් හිමීට තියන ගමන් මගෙ තොල් අතර ආයෙ පැටලුනා..මන් අත්වලින් එ බෙල්ල බදාගෙන එ හාදුවට එකතුවුනා..එයා මගෙ යටිතොල හැපුවේ මගෙ කටින් අමුතු හිරියක් පිටවෙද්දියි..මගෙ තොල් ඈත්වෙනවත් එක්කම එයාගෙ දිව මගෙ තොල් ඇතුලෙම් ඇතුල් කරලා රස බැලුවා..

"මන් ඔයාට ආදරෙයි වස්තු.."

"ආර්හ්..මාත් ආදරෙයි අයියේ.."

තොල් වලින් මෑත් වුන එයා මගෙ කන හිමීට සිපගන්න ගමන් මට ආදරෙයි කියද්දි ඇගඇතුලෙන් සුදුරුදු සීතලක් ගලාගෙන ගියා..එයා මගෙ නලලට හාදුවක් තියලා මාත් එක්කම ඇදෙන් ඇලවුනා..

පාන්දර වෙනකම්ම එයා එක්ක විකාර කියවලා අවසානෙ මට නින්ද ගියේ කීයටද කියන්නවත් මන් දන්නෙ නැ..මන් ඇහැරෙද්දි මගෙ එහාපැත්තෙ ඉදපු එයාව දැක්කාම මට කවදාවත් නැති සතුටක් දැනුනා..මෙ අවුරුදු ගානටම මන් ඇහැරුනෙ තනියෙන්..එත් අද එයා ආයෙත් මන් ලඟ...

මන් හිතන්නෙ මගෙ වසන්තෙ ආයෙත් ඇවිදින්.....

සියා නැගිටින්න කලිම් කොහොමහරි අයියාව යවාගන්න පුලුවන් වුනා..වෙලාවට තමාල් ඉදියෙත් නිදාගෙන..ඕකා දැක්කානම් අයියාට මොනාකරයිද දන්නෙ නෑ..

අද ආයෙම අර මිනිස්සුන්ගෙ මූනවල් දකින්න යන්න ඕනෙ කියලා මතක්වෙද්දිත් දත්මිටිකැවෙනෝ..උදෙ කෑම මේසෙන් මායි සීයයි වාඩිවෙලා ඉන්නෙ තමාලයා එනකම්..මේකා තාම නැ..

"හෙලොව්..ගුඩ්මෝනින් සියා අංකල්..ම්ම් සුවදේ බෑ අනෙ..මන් පරක්කු නෑනෙද.."

"මදාවියාට වෙලාව කියන දේ තේරෙන්නෙ නැද්ද.."

"හේ හේ සමාවෙන්ඩොනෙ ඉතිම් දන්නැද්ද සුට්ටක්..උදේපාන්දර නැගිට්ටාම අමාරුයිනෙ ඒයි..මෝනින්ග් සික්නස් එකනේ.."

"හ්ම්ම්..දැන් කන්න.."

තමාලයට කියලා වැඩක් නෑ කියලා දන්න නිසාමද කොහෙ සීයා කටවහගත්තා..උදේ පාන්දරම බත් ගිලිනවා කියන්නෙ එපාවෙන වැඩක්..ඒකත් කිරිබත්..අද දවසෙම නිදිමතේ තමා එහෙනම්..

"කැහ්ම්..මේ සියා පපේ...ඔයා මෙ අර ඊයෙ කිව්වෙ මටත් යන්න ලෑස්ති වෙම්න කියලා..ඈ ඒයි මාත් එන්නම් නේද..තමාල් කොල්ලත් එනවා එහෙනම් හොදේ..හානේ..."

"හ්ම්..නමය වෙද්දි දෙන්නාම ලෑස්තිවෙලා ඉන්න..නමය කියන්නෙ නමයට මිසක් නමයයි දහය නෙමෙයි.."

"ආහ්..හරි සීයා පපේ බිය නොවන්න..වෙලාවට වැඩකරන හැටි මන් පෙන්වන්නම්..ඔකෙහ්.."

සීයා පපා කාලා යන්න ගියා.. වෙලාව අටත් වෙලා..දැන් පැයෙන් මූව ලෑස්තිකරගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි......

9වෙද්දි අපි දෙන්නාම ලෑස්තිවෙලා පහලට බැස්සා.

මන් black outfit එකකින් එලිබහිද්දි තමාලයා මලෙන් උපන් කුමාරයා කියලා පෙන්නන්නද කොහෙද මල් තීන kit එකක්ම ඇදලා

ඒක ඩිසයින් කරෙත් ඒකා..මගෙ එකත් ඌම තමයි...

සීයත් ගාන්ට වෙලාවට එලියට ආවා..හප්පා බලන්නෙපැයි එයාගෙ හැන්ඩි..යකො අපි දෙන්නා පරාදයිනේ..

අපි තුන්දෙනාම අවියාගෙ ගෙට ඉස්සරහා ගෙදරට තමයි අදත් ආවෙ..ඊයෙ ආවට ඇතුලට අඩියක්වත් තිබ්බෙ නැනේ..මන් යද්දි ලොකු පිරිසක් ඉදියා ඇතුලෙන්..තමාලයා මගෙ අතින් ඇදලා පෙන්නුවා ඈතින් ඉන්න තාත්තාව..හුඟකාලෙකිම් මන් අම්මාව දැක්කෙ..එයත් මාව දැකලා මෙ පැත්තට එන්න හදද්දි මන් තමාලයවත් ඇදන් එලියට පැන්නා..

ඇත්තටම පෙරහැර ගියාට පස්සෙ එයාලා දැන් ඇවිල්ලා වැඩක් තීනවද..මට ඔනි වුනෙ නැ එයාට මුහුන දෙන්න..වැඩිදෙයක් වෙන්නෑ..අම්මා එයි ඇවිල්ලා මාව බදාගෙන ඉබගෙන අඩ අඩ කියවයි..පස්සෙ තාත්තා එයි ඇවිත් අපි දෙන්නාටම බැනලා අම්මාව එක්කන් යයි..මන් දන්නැද්ද එයාගැන..

"ඈ බොල..සප්තයො ඔයි ඔයි මේ අර බලපම්..එ මගෙ මාමන්ඩියා නේද බන් ඈ බන් අර මගෙ මුනියාගෙ අප්පොත්තියා නේද..ඒකා මොනාද මෙහෙ කරන්නෙ.."

"හ්ම්.."

"ආන් ආන්...අර ඇටකිචි බෙයිබී චිකිලක බෙයිබෙයි අවි කුමාරයා නේද අර.."

"හ්ම්.."

"ඒ බන් අර අර ඒකාගෙ එහාපැත්තෙන් ඉන්න මෑන් මගෙ මුනියාගෙ කපාපු පලුව වගේ නෙ..හැබැයි පොරනම් ටිකක් වයසයි වයේ..ආන් බොලේ අර ඇටයා ඒකාට ඩෑඩ් කිව්වා.."

"හ්ම්.."

"උබ මොකද පකලන්දයො හැම ලබ්බෙටම හූම් ගාන්නෙ ආ-..යාහ්..සූකිරියා ටවුසෙ කොයිවෙලේද මෙතනට ආවෙ ආ.."

තමාලයා අයියාගෙ අම්මයි තාත්තයි දැකලා එ පැත්තටම අවදානෙ දීගෙන මීකතුරා වගෙ කියවන් යද්දි නුරාග් අයියත් ඒකාට නොදැනෙන්න පිටිපස්සෙන් ඇවිත් හිටගෙන අරකා අහන ඔක්කෝටම හූමිටි තියන්න ගත්තා..

ඔන්න තමාලයා සප්‍රයිස් වෙන්නයි යන්නෙ...

"බේබී.."

"යොහ් සුදුමාත්තයා මන් ඔයා නැතුව පාලුවෙන්නෙ උන්නෙ ඒයි..ම්හුක් පාලුයිනේ.."

"මගෙ බබාට පාලු හිතුනද.."

"ම්හුක් ඔව්නෙ ඒයි ප්ප්ප්ප්ප්ප්ප් ද්ද්ද්ද්ද්වීනාෂ්.....යා යා කලවැද්දා..සප්තයෝ..මට මේ පේන්නෙ ස්වප්නයක්ද ඇත්තක්ද කියාපම්..අයියෙ මාව කොනිත්තපම් අඩෝ..අර ඉන්නෙ ද්වීයාද...ආව් ඇයි මිනිහෝ කෙනිත්තුවෙ..උබ දැන් මට ආදරෙ නෑ.. අර අනිත් එකා..කවුද උබට මෙහෙට එන්න පාර කියලා දුන්නෙ ආ..යා සප්තයා කලවැද්දාගෙන් ඈත්වෙයම්..ඕකා ඕනි නෑ..උබව මට වැඩි නෑ..අයින් වෙයම් අඩෝ..ඇයි උම්බ ආයෙ ආවෙ..මගෙ එකාට කොච්චර දුක් දුන්නාද උබ..පලයම් ඩෝ..පලයම් දුප් දුප්..මගෙ එකාව ඇඩෙව්වා උබ...මාව අල්ලගනිම් අයියේ..අතෑරපම් ඩෝ මේකාගෙ කන පලන්නොනෙ මට අතෑරපම්..අම්ටැර්ම්ප්ප්ම්ම්ම්ම්මෙව්ම්ම්ම්..."

"ශ්ශ්..බේබි කෑගහන්නෙපා..කො කො මෙ මොකද මෙ කදුලුත් බේරගෙන හිකෙයියා..කො ඉතිම් කේන්තිගන්නෙපා ලමයෝ.."

සුදු අයියාව දැක්කා විතරයි දොන්ත තමාලයට සාතන් වැහෙන්න ආවා..නුරාග් අයියා අල්ලගෙන ඉදිය නිසා ඔයින් බේරුනා..නැත්තම් මේකා ඒ ආපු ඒමට අයියාටත් ගහලා මටත් ගහලයි නතරවෙන්නෙ...

____________________

හෙලොව් සමයි...😫❤️

හුග කාලෙකිම් නේත..

ඔන්න ඉතිම් මන් මාසෙ මැද එපියක් අරන් ආවා හරිත..ආයෙ එන්නෙ 29 න් පස්සෙ හාද..

කතාව ලිව්ව මටම කතාව අමතක වුනාම කන්න හොද මොනාද ලමයි😫...

හනෙව්ව්..🥺 21k ..Thank you guyzzzzz❤️😫මට මෙ දෙන සප් එකට ❤️🥺..ආදරෙයි...❤️

ආයෙත් එනකම් පරිස්සමෙන් ඉන්නොනේ පුචාලා...

ආතරෙයි...😌❤️

_Gojo_

Share This Chapter