Back
/ 52
Chapter 50

Chapter 50

දෑගිලි ✔( complete )✨

බීප්...බීප්..බීප්...

මැෂින් ගොඩක් මැද්දෙ නිදාගෙන ඉන්න මංචනායක සීයා දිහා සීයාපප්පා ICU රූම් එකේ දොරේ කවුලුවෙන් දැන් පැය ගානක් තිස්සෙ එක විදියටම බලාගෙන ඉන්නවා..එයා එතන ඉදන් හූල්ලනවා..ආයෙම කරේ තීන දර්ම චක්‍රේ අල්ල අල්ල මොනාදෝ මතුරනවා..

පවුල් දෙකම මෙතන..යන්න කිව්වත් ගියේ නෑ..භාගයක් කැන්ටින් එකට ගියා..ඉතුරු බාගෙ පේලියට වාඩිවෙලා ඉන්නවා සීයා නැගිටිනකම්..

ඩොක්ටර් ඇවිත් කියලා ගියේ එයාට panic attac එකක් ඇවිත් කියලා..සිහිය එනකම් මුකුත් කියන්න බැරිලු..

ඔය අතරේ අපෙ නැන්දා ගිහිම් අයියාගෙ ඇත්ත තාත්තාව බදාගෙන අඩනවා..රොශෙල්ගේ අම්මා එයාගෙ නන්ගිවෙලත් තාම වචනයක්වත් කතා කරෙ නැද්ද කොහෙ..මේක මහා අමුතු පවුලක්..

"වස්තූ..මොනාහරි බොනවද.."

"දැන් බැ අයියේ..ඔයාට ඕනිද.."

"මටත් එපා..කාර් එකට ගිහින් ඉන්න ඕනිද..තෙහෙට්ටු පාටයි..තමාල් එක්ක යන්න රත්තරන්.."

"බෑ අයියෙ..අපි තව ටිකක් බලමුකෝ.."

"ම්ම්..කො එන්න එහෙනම්..මගෙ ඇගට හේත්තුවෙලා ටිකක් නිදාගන්න.."

අයියා ඇවිත් මගෙ ඔලුව එ උරහිසේ තියාගෙන ටිකක් නිදාගන්න කිව්වා..ටිකක් මහන්සී නම් තමයි..එත් මෙයාලාව මෙහෙම දාලා යන්න හිත දෙන්නෑ..

අයියට හේත්තුවෙලා ඉද්දියි මන් අවිනාෂ්ව දැක්කේ..කොල්ලා බංකුවක වාඩිවෙලා ඔලුවත් බිත්තියට හේත්තු කරගෙන අපි දිහා බලන් ඉන්නවා..

එයාටත් දුක ඇති...මට ලොකු ඇදුරුම් කමක් නොතිබ්බත් ඒ කොල්ලාගෙ සීයා කෙනෙක්නේ..

එකපාරටම සීයාගෙ රූම් එකට නර්ස් කෙනෙක් දුවන් යද්දි හැමොම කලබල වුනා..එත් එක්කම ඩොක්ටත් ඇතුලට දිව්වා..

අපි හැමෝම දැන් බලන් ඉන්නෙ ඩොක්ටර් එලියට එනකම්..

විනාඩි පහකිම් වගෙ දොර ඇරුනා..

"ඩොක්ටර් එයාට.."

"කලබල වෙන්නෙපා..පේශන්ට සිහිය ආවා.."

අනෙ දෙවියන්ට ස්තූතිවෙන්න එයාට දැන් හොදයිලූ..සීයාපප්පාගෙ මූනෙ සතුට..බලන්න ආසාවෙ බෑ..

"ඩොක්ටර් අපිට එයාව බලන්න බැරිද.."

"පේශන්ට්ව මහන්සි කරවන්න එපා..දැනට එක්කෙනෙක් යන්න.."

"ගොඩක් පිං..තැන්කු යූ ඩොක්ටර් තැන්ක් යූ සෝ මච්.."

සියාපප්පා ඩොක්ටර්ගෙ අතේ එල්ලිගෙන එයාට පිං දෙනෝ..එක්කෙනෙක්ට විතරක් ඇතුලට යන්න කියද්දි අපි හැමෝම එයාව ඇතුලට යැව්වා..දැනුයි  ඇගට ලේ ටිකක් ඉනුවේ..

.

.

.

පහුවෙන්දා සීයා ward එකට දාපු නිසා   උදෙන්ම සීයා පප්පාට ඇදුම් අරන් මන් අයියාත් එක්ක ආපහු ගියා..අපි යද්දි සීයා පප්පා මංචනායක සීයාට සුප් එකක් පොවනවා..

මට ඇතුලට යන්න කියලා අයියා එලියෙන් නැවතුනාම සීයා පපා එයාටත් ඇතුලට අඩගැහුවා..ඇතුලට ගියාමයි දැක්කෙ අයියාගෙ ඇත්ත තාත්තත් එතන ඉන්නවා..

තාත්තා අයියා ගාවට ඇවිත් එයාගෙ ඔලුව අත ගාද්දි ඒ ඇස්වල අමුතු හැගීම් ගොන්නක් පිරිලා තිබුනා..එ ඇස් වලින් සතුටත් එක්කම දුකකුත් පේනවා..

මන් ගෙනාපු ඇදුම් ටිකත් අරන් සියා පපා වොශ් රූම් එකට ගියාම මංචනායක සීයා අයියාට එයා ලගට එන්න කියලා ඇස් වලින් කතා කරා..අයියා එයා ගාවට ගිහිම් හිටගද්දි සීයා අයියාගෙ අතින් අල්ලම් කතා කරා..

"පුතේ තිනෙත්‍ර..මන්..මන් ඔයාලා දෙන්නාට කරේ ලොකූ අපරාදයක්..සමාව කියන වචනේ කියන්නත් මන් සුදුසු නෑ..පුතේ මගෙ කොල්ලාව ආපහු හොයන් ආවට පිං..මගේ මුනුබුරා මගේ ලග ඉදලත් මට අදුරගන්න බැරිවුනා..මන් ඔයාට සැලකුවේ පිට එකෙක් ගානට..මන් කොච්චර අවාසනාවන්තද..ඔයාලා දෙන්නාව වෙන් කරලා මන් කරේ ලොකූ පාපයක්..මට සමාව නොදුන්නත් කමක් නෑ..ඒත් මට සමාවෙයම් පුතේ.."

"සුදේෂ්..මගේ ලමයා..මන් උබව හොයපු නැති තැනක් නැ..මගෙ පුතා උබ..ඇයි අපිව දාලා ගියේ..

සුදේෂ් මට බැරිවුනා උබේ පුතාව සතුටින් තියන්න..මන් ඒ කොල්ලාට හුගක් දුක් දුන්නා පුතේ..මට..මට..ම්ම්"

"මංජූ..තමුන් ඉස්සර වගේම තාමත් මුරන්ඩුයි..මන් දැන් කීපාරක් කිව්වාද මහන්සි වෙන්නෙපා තමුන්ට හොද නෑ කියලා..ඊයේ රෑ ඉදන් ඇඩුවා මදිද ආ..අක්ඥාන අලගෙඩියා..තමුන්ගේ මුරන්ඩුව නිසායි මේ ඔක්කොම.."

මංචනායක සියා අයියාවයි සුදේෂ් අංකල්වයි බදාගෙන අඩද්දි එතනට ආපු සීයා පපා එයාගෙ මංජූ තාමත් ඉස්සර වගේමයි කියලා බැනගෙන ගියා..

"ගිය කාලෙ ඇත්තු ලව්වාවත් අද්දව ගන්න බෑ මංජු..තමුන්ගේ මෝඩ වැඩ නිසා මේ ලමයි විදපු දුක නැති කරන්නත් දැන් බෑනෙ..බොරුවට ඇඩුවා කියලා කිසිම දෙයක් හරිගස්සන්න බෑ..දැන්වත් මේ කොල්ලො දෙන්නාට පාඩුවෙ ඉන්න දෙනවා ඒක නිසා.."

"ආයූ- ආර්ය..දැන්වත්  මට කියන්න..ඔයා මේ දේවල් කරේ කොහොමද කියලා.."

"මුරන්ඩුයි..වැඩක් නෑ තමුන් ගැන කතා කරලා..මට අහම්බෙන් වගේ දැනගන්න ලැබුනා සුදේෂ් ජීවත් වෙනවා කියලා..ඒත් මට හරියටම  ඒ ගැන විශ්වාසයක් තිබුන්නෑ..මන්ම ගිහින් හොයන්න යද්දියි තමුන් මේ කොල්ලාව අල්ලන් විකාරයක් නටන්න හැදුවේ..හැදුවා නෙමෙ නැටුවා..ඉස්සර ඉදම්ම තමුන් හොද නැට්ටුවානෙ..මහා බඹා ආවත් තමුන්ගේ තීරනයක් එහෙම ලේසියෙන් වෙනස් කරන ජාතියේ මිනිහෙක් නෙමෙයිනේ..තමුන් තිනෙත්‍රව රට යවන්න කලින්ම මන් එයාට කතා කරා..එදා එයා ගියේ තමුන්ගේ කීමට වුනාට කොල්ලා ගියේ මගේ වැඩකට..සුදේෂ් නැතිවුනාම එයත් එක්කම බංකලොත් වුන කම්පැනි එක මන් තමුනත් හොරෙන්ම කොල්ලාට දුන්නා..එයා ඒක බලාගන්න ගමන් සුදේෂ්වත් හෙව්වා..කොල්ලා දැනන් ඉදියේ නැ එයා හොයන්නෙ ඒකාගෙම තාත්තාව කියලා..කොහොමහරි අපි හිතුවාට වඩා සුදේෂ්ව හොයාගන්න කල් ගියා..එ කාලෙ ඇතුලත මෙ කොල්ලෝ දෙන්නා හුගක් දුක් වින්දා..එ දෙන්නාව දකිද්දි මට තමුන්ව මරලා දාන්න තරම් කේන්තියක් ආවේ..කොහොමහරි අන්තිමෙදි සුදේෂ්ව අපිට හම්බුනා..එතකොට තමයි තිනෙත්‍ර දැනගත්තේ ඒ එයාගෙ තාත්තා කියලා..දෙපැත්තෙම වැඩ බලද්දි මට සප්තව මගෑරුනා..මන් හිතුවෙම නැ කොල්ලා එච්චර දුර්වල වෙයි කියලා..මන් එයාව ලගට ගත්තේ හුගක් පරක්කු වෙලා..ඒත් තිනෙත්‍රට මෙහෙ ඉන්න මගෝඩියෙක් මන් කියන්නත් කලින්ම ඒ ගැන කියලා..මටත් නොකියාමයි කොල්ලා මෙහාට ආවෙ.."

මුලූ රූම් එකම නිෂ්ශබ්දයි..ඉදිකටු තුඩුවක් වැටුනත් ඇහෙන විදියේ සංසුන් බවක්..සීයා පප්පා තරහා කාරයා වගේ ඉදගෙන ලොකූ ගේමක් ගහලා..සීයා තමයි හොදටම කරලා තීන්නෙ..

"දැන්වත් මංජු ඔයා..මන් කිව්වෙ මංචනායක..මේ කොල්ලො දෙන්නාට සැනසීමක් දෙන්න..මගේ නොනාගෙ අන්තිම ඉල්ලීම ඉෂ්ට කරන්න මට ඉඩදෙන්න..අනිත් මිනිස්සු ගැන මන් බලාගන්නම්..ඔයා තවත් මුරන්ඩු වෙන්නෙපා මෙතන..එහෙම වුනොත් මන් තරම් නරක මිනිහෙක් තවත් නැතිවෙයි.."

"අපේ අලි මෝඩයාව අල්ලගන්නොනී මුලින්ම..ඒකාට ලමයට වඩා මාන්නෙ ලොකුවුනා..ඕකා මගේ ලමයෙක්ද කියලත් මට සැකයි..අහ් මේ නෑ මන් කිව්වේ හොස්පිටල් එකේදි මාරු වුනාද දන්නෑ කියලයි.."

සීයාව දවස් දෙකකින් වගේ ඩිස්චාජ් කරා..අන්නපූර්නා නැන්දයි තාත්තායි ඒ ප්‍රශ්නේ ලොකූවට ඇදන් යන්න හදද්දි සියා පප්පා මැදිහත් වෙලා ඒ දෙන්නාව නැවැත්තුවා..

අනෙ මන්දා අපෙ තාත්තාට මොන යකෙක් වැහුනද කියන්න..මෙ පවුලෙ මිනිස්සු ආයෙම අපෙ ජිවිත වලට එන්න කලින් අපි කොච්චර සතුටින් ජීවත් වුනාද..ඉස්සර අම්මාගෙන් බැනුමක් අහපු නැති දවසක් නෑ..බැනුමක් නැත්තම් නින්දයන්නෙත් නෑ..තාත්තා නිහඩ චරිතයක් මවන් ඉදියත් තාත්තාගේ ආදරෙත් හිඩැසක් නැතුව දැනුනා..ඒත් අද..මගෙ ලග අම්මත් නෑ තාත්තත් නැ..ප්‍රශ්න සේරම විසදිගෙන එනව තේරුනත් තාමත් මගේ ජීවිතෙ හිඩැසක් තීනවා..

මනුස්සයෙක්ට එයාගෙ ජීවීතේදි තාත්තෙක්ගේ හයිය මාරම විදිහට වටිනවා..කසාද බදින කෙල්ලෙක්ට වුනත් තාත්තා ඉන්නවා කියන එක ලොකූ හයියක්..තාත්තෙක් නැ කියන්නෙ ඒ කෙල්ලගේ තාත්තා එයාගෙ ස්වාමියායි කියන එකයි..ඒත් හැම සැමියෙක්ම තාත්තා වගේ නෑ..කොල්ලෙක්ගේ ලෝකේ වීරයා තාත්තා..ඕනම ප්‍රශ්නේකදි මට තාත්තා ඉන්නවා කියන හැගීම මාර හයියක්..මැරෙන්න ඔන්න මෙන්න වුනත් තාත්තා ලග ඉන්නවා කියන්නෙ මරනෙටවත් බයවෙන්න ඕනි නෑ කියන එකයි..කතාවක් තියෙනවා..එක තාත්තෙකුයි පුතෙකුයි..දවසක් මෙ දෙන්නා කන්දක් නගින්න ගියාලූ..ඔහොම යද්දි එකතැනකදී මෙ දෙන්නාවම ලිස්සලා ගිහින් ප්‍රපාතෙකට වැටෙන්න ඔන්න මෙන්න තමයිලු ඉදියේ..වැටුන්නෑ මොකද තාත්තා එ ලග තිබ්බ ගහක් අතකින් අල්ලගත්තා..එයාගෙ අනිත් අතේන් පුතාව වැටෙන්න නොදී අල්ලගෙන ඉදියලූ..පුතා ප්‍රපාතෙන් වැටෙන්න ඔන්න මෙන්න..තාත්තා කිව්වලූ පුතේ මගෙ අත හයියෙන් අල්ලගන්න කියලා..එතකොට පුතා කිව්වලු නෑ තාත්තේ ඔයා මාව අල්ලගන්න..මොකද මගෙ අත ලිස්සලා අතෑරෙන්න පුලුවන්..හැබැයි කවදාවත් තාත්තාගෙ අතින් මාව අත්හැරෙන්නෑ කියලා මට විශ්වාසයි කියලා කිව්වාලු..අවසානෙදි ඒ තාත්තා කෝමහරි පුතාව බේරගත්තා..

( මේක මන් අහල තීන විදිය ලමයි..සමහර විට ඔයාලා අහලා ඇත්තෙ වෙනස්  විදියකට වෙන්න පුලුවන්..දල අදහස ගන්නකෝ..)

ඇත්තටම ලමයෙක්ට එයාගෙ තාත්තාව හුගක් විශ්වාසයි..තමන්ට තමන් විශ්වාස නැතත් තාත්තාව විශ්වාසයි..එහෙම විශ්වාසෙ ඇතිවෙන විදිහේ තාත්තෙක් ඉන්න දරුවො ඇත්තටම වාසනාවන්තයි..

මේ ලෝකේ හැම මනුස්සයාම මොනවා නැතත් තාත්තෙක්ගේ ආදරෙ අනිවාරෙන් විදින්නම ඕනි..

ඇත්තටම මන් දුක් වෙලා වැඩක් නෑ..කාලයක් තිබුනා මාත් තාත්තාගෙ ආදරෙ විදපු..කමක් නෑ ඉතිම් ඉඩෝරෙ වගේම වසන්තේත් එනවා නම් වසන්තේ ඉවර වුනාම ආපිට ඉඩෝරෙට මුහුන දෙන්නත් එපැයි..

මන් ඉදියේ ගාර්ඩ්න් එකේ බංකුවක වාඩිවෙලා..මෙ හරියෙ පොකුනක් තීනවා..වටේම තීන ගස් වල මල් පිපිලා..මේ රඹුටන් කාලෙ..රඹුටන් ගහා රතු මනාලිට ඇදලා..මෙතන හරිම නිස්කලංකයි..මගේ සීනි නැති කෝපි එකත් මෙවෙලාවට කියාපුම දේ..ජිවිතේ තීන ප්‍රශ්න ගැන හිතන්නත් අපිට වෙලාවක් ඕනී..ඒකට අපේ වයිබ් එකට ගැලපෙන විදියෙ තැනක් හොයාගත්තානම් ඒක අපේ ප්‍රශ්නේ තේරුම් ගන්න තවත් රුකුලක් වෙනවා..ප්‍රශ්නේ තේරුම් ගත්තා කියන්නෙම ප්‍රශ්නෙන් භාගයක් විසද ගත්තායි කියන එකනේ..

මට සතුටුයි..ඉදල හිටලා මට නැති දේවල් ගැන හිතුවට මන් දැන් කලින්ට වැඩිය සැනසීමෙන් ජීවත් වෙනවා..මගේ බෙහෙත් පෙති තුනකට සීමා කරගන්න පුලුවන් වෙච්චි එක තමා මගෙ ලොකුම ජයග්‍රහනෙ වුනේ..පෙති අහුරු ගනම් බිව්ව මට මේක පෙති තුන බොන එක නම් ලොකූ අභියෝගයක්..

මට එයාලා උපදෙස් දුන්නෙම පොසිටිව් වෙන්න කියලා..ඒ විදිහට හිතන්න මොන දේ වුනත් ඒකෙ හොද පැත්තක් දකින්න..ලැබුන පුංචි දේටත් ස්තූති කරන්න..සතුටු වෙන්න..කොටින්ම අපි මේ ගන්න හුස්මටත් ස්තුතිවෙන්න ඕනී..මන් මෙ වෙලාවෙ නිදහසේ ගන්න හුස්ම තවත් කෙනෙක් මේ වෙලාවෙදිම ලෙඩ ඇදක ඉදන් අමාරුවෙන්  ගන්න දගලනවා වෙන්නත් පුලුවන්..එහෙම බැලුවොත් නම් අපිට සතුටු වෙන්න හේතූ ගොඩායි..දැන් මන් දවසෙන් හැමවෙලාවකම ලැබුන දේවල් ගැන හිතලා සතුටුවෙන ගමන් ඒවට ස්තූතිත් කරනවා..මන් කොච්චර දුක් වින්දත් මන් තවමත් ජීවත් වෙනවා..මන් කොච්චර දුක් වින්දා වුනත් දැන් සතුටින් ඉන්නවා..අයියා නැති කාලෙ මන් වේදනා වින්දා තමයි..එත් දැන් එයා මන් ගාව නිසා මන් හොදින් ඉන්නවා..

ඔය කොච්චර කරත් වෙලාවක් එනවා එවෙලෙදි මට හිතෙන්නෙම මන් ගාව නැති දේවල් ගැන..මට අහිමි වුන දේවල් ගැන..හරියට තාත්තා වගේ..

ඇත්ත මනුස්සයෙක් කොච්චර පොසිටීව් වුනත් එයාලටත් නෙගටිව් සිතුවිලි ඇතිවෙනවා..එහෙම වෙන්න ඕනි මොකද අපි පෘතග්ජන මිනිස්සු..

ඒත් අපි දැනගන්න ඕනි ඒ නෙගටිව් සිතුවිලි වල ආයුෂ කෙටිකරගන්න..හිතුනට කමක් නැ ඒක ඒතනින් ඉවර කරගන්න බලන්න..ඒකට තවත් වැඩෙන්න ඉඩ දෙන්න එපා..

"Even the most positive people have negative thoughts, the secret is not to feed them"

කමක් නෑ වෙන්න තීන හොදම දේලුනෙ සිද්ද වෙන්නෙ..ඉතින් හැමදේම හොදින් සිද්ද වෙයි..හොදම දේවල් අනිවාරෙම් සිද්ද වෙනවා..අපිට දෙයක් මගහැරෙන්නෙ ඒක අපිට හොද නැති නිසයි..ඒවගෙම තමයි හොදම දේවල් අපිට කවදාවත් මගහැරෙන්නෙත් නෑ  සත්තයි❤️

"පුතේ.."

"ත්තාත්තේ.."

ඇත්ත හොදම දේ අනිවාරෙම් සිද්ද වෙනවා..තාත්තා මගෙ ලගට එනකම්ම එයාව මට පෙනුනෙ නෑ..කොච්චර කාලෙකින්ද එ හඩින් පුතේ කියලා අහගත්තේ..ඉතිම් මේ හොදටෝම ඇති..

"ඇයි මෙතන.."

"තාත්තේ මේ..නිකම්..හිතුනා එලියට වෙලා ඉන්න..මෙතන නිදහස්.."

"හ්ම්..මගෙ පුතාට කොහොමද.."

විශ්වාස කරන්න මෙ වචන තුන අහගන්න මන් අවුරුදු ගානක් පෙරුම් පිරුවා..මන් දන්නැ මගෙ ඇස් වල කදුලු..තාත්තේ දැන් නම් ඔයා මට ගැහුවත් සැපයි..

මටම දරාගන්න බැරි තැන මගෙ ඇස් වලින් කදුලු පැන්නා..මන් හිතන්නෙ ඒ ඇස් වලත් කදුලු..

"ඇ..යි තාත්තේ ඕක අහන්න මෙච්චර කල් පරක්කු වුනේ.."

මගෙ හිතේ හයිය කොහේ ගියාද කියන්න මන් දන්නෑ..ඒ වචන ටික ඇහුනත් හරි මන් ආයෙම අත දරුවෙක් වගේ දැනෙද්දි අඩාගෙනම ඒ පපුවෙ මූන ඔබා ගත්තා..අනේ මට මේ ඇති දෙවියනී..

මන් අඩනවා..ඔව් මේ අවුරුදු ගානට මගෙන් පිට නොවිච්චි කදුලු මේ..මන් කොච්චර ඇඩුවත් මගේ දුක නිවුන්නෑ..මන් හිතන්නෙ අදින් පස්සෙ මගෙ දුක නිවෙයි..

මේ පපුවේ උණුසුම..මේ සුවද..දෙවියනේ මන් දැන් මැරුනත් කමක් නෑ..කොල්ලෙක්ගෙ පලමු ආදරෙ අම්මා වුනාට මන් අම්මාටත් වැඩිය ආදරෙ කලේ තාත්තාට..තාත්තා නැතුව ගෙවපු මගේ ජීවිතේ තනිකරම කුනු ගොඩක්..මට දැනෙනවා මන් ජීවත් වෙනවා කියලා..දෙවියනේ මන් වාසනාවන්තයි..ආයෙම තාත්තේ කියලා කියාගන්න මට පුලුවන් වුනා..

මන් තරහා නෑ තාත්තේ..ඔයා මට කොච්චර නපුරු කම් කරත් මට බැ ඔයා එක්ක තරහා වෙන්න..ඔයානෙ මගේ තාත්තා..මට ඇඩෙනවා..හිතලා නෙමෙ මට ඇඩෙනවා..තාත්තත් මට අඩන්න එපාය කියලා කිව්වෙ නැති එක මට සහනයක්..මොකද මට ඕනි අඩන්න..මන් ඇඩුවෙම තනියෙන්..මන් වේදනා වින්දෙම තනියෙන්..අඩන හැමවෙලාවකම මන් බලාපොරොත්තු වුනේ කාගෙහරි තුරුලක්..මේ වගේ වැලද ගැනීමක්..ඉතිම් අද තමයි මන් අඩන හොදම දවස..මොකද මන් අඩන්නෙ මගේ තාත්තාගෙ තුරුලේ ඉදන්..අද මගෙ හයියට මන් ගාවින් ඉන්නෙ මගේ තාත්තා..එ වචන ටිකම ඇති මන් තනිවෙලා නෑ කියන්න..මෙ වැලදගැනීමම ඇති එයා මා එක්ක ඉන්නවා කියන්න..

"මට සමාවෙයන් පුතේ..මන්..මන් මහා ජරා තාත්තෙක්..මගේ එකම ලමයාට දුක් දුන්නා..මන් ඔයා ගැන හිතුවෙම නෑ පුතේ..මන් හොද තාත්තෙක් නෙමෙයි..මාන්නෙන් ඉදිමුන..උරුමෙට ලෝභ වුන තාත්තෙක්..මන් උබේ හැමදේම නැති කරා..අම්මාව උබේ ආදරෙ අර කොල්ලාව..මමම උබව අතැරියානෙ මගෙ පුතේ..මට සමාවෙයන්..මේ තාත්තාට සමාව උරුම නැ..මන් එක්ක තරහා වෙන්නෙපා මගෙ කොල්ලෝ..මට ඉන්නෙ උබ විතරයි මොන දේටත්.."

"නෑ තාත්තේ..මන් තරහා නෑ..මන් කෝමද තාත්තා එක්ක එහෙම තරහා වෙන්නේ..වෙච්චි දේවල් වෙලා ඉවරනේ..ඒවා අමතක කරමූ.."

"මගෙ පුතා..නාඩා ඉදින් රත්තරනේ..මෙච්චර කල් උබ ඇඩුවා මදිද..මන් උබව ඇඩෙව්වා සෑහෙන්න..තවත් අඩන්නෙපා පුතේ.."

"නෑ තාත්තේ මන් අඩන්නැ..මට..මට ඇඩෙනවා..දුකක් නෙමෙයි මේ සතුට..මෙ සතුටු කදුලු තාත්තේ..තාත්තේ මෙච්චර කල් මන් අඩද්දි කවුරුත්ම ඉදියෙ නෑ මට අඩන්න එපා කියලා කියන්න..කවුරුත් ඉදියේ නැ මාව මෙහෙම සනසන්න..මට සතුටුයි අද මන් අඩද්දි තාත්තා ඉන්නවා මාව නවත්තන්න..තාත්තා ඉන්නවා මාව සනසන්න..ඉතිම් තාත්තේ මන් ආයේ අඩන එකක් නෑ..මොකද තාත්තා දෙයක් කිව්වොත් ඒක කරන්නම ඕනිනේ.."

ඕනම නරක මනුස්සයෙක්ගේ පොඩි හරි හොදක් තියෙනවා..ඒකයි ඇත්ත..අපිට පුලුවන් නම් ඒ පොඩි හොද දේ ගැන හිතන්න..හිතලා එ මිනිස්සු එක්ක හොදින් ඉන්න..එහෙම ජිවත් වෙන්න පුලුවන් කියන්නෙ මේ ජීවිතේදි අපි සාර්ථකයි..

මන් හිතන්නෙ මන් පැයක් වගේ තාත්තාව බදාගෙන ඇඩුවා..අඩලා දැන් නම් මූනත් එක්කම ඉදිමිලා කියලා මට දැනෙනවා..මගේ ඇස් වල කදුලු පිහිදාප්‍ය් තාත්තා අදත් කිසිම කැතක් නැතුව මගෙ නහයෙම් බේරුන හොටුත් හූරලා දැම්මා..මට ඇත්තටම දැනුනේ මන් ආයෙත් පොඩිවුනා කියලයි..පොඩිකාලෙ අපි කොච්චර නම් සතුටින් ජීවත් වුනාද..

මන් දැක්කා අපිට ටිකක් එහායින් ඉන්න  සීයා පප්පාවයි අයියාවයි..මන් ඒ දිහ බලනවා දැක්ක තාත්තා අයියාට ලගට එන්න කියලා කතා කරා..

"පුතේ..මෙච්චර කල් මන් ඔයාට දුන්නෙ දුක් විතරයි..මන් අද ඔයාට ඔයාගෙ ජීවිතේ සතුට භාර දෙනවා..මගෙ පුතාව පරිස්සමෙන් බලාගනිම් කොල්ලෝ.."

ලගට ආපු අයියාගෙ අත මගෙ අත උඩින් තියපු තාත්තා එහෙම කියද්දි මට ආයෙමත් ඇඩුනා..over sensitive හදවතක් තියෙනවා කියන්නෙම මහා එපා කරපු දෙයක්..ඇයි ඉතිම් හැම මගුලටම ඇඩෙන්න ගන්නවානෙ..නෑ මේක අඩන්න ඕනි අවස්තාවක් තමයි..උඩ පැන පැන අඩන්න ඕනි අවස්තාවක්..

.

.

.

.

අපි දෙන්නාට තාත්තාගෙ වගේම මංචනායක සීයාගෙත් කැමැත්ත හම්බුනා..අයියාව නුරාග් අයියාගෙ තාත්තාට හම්බෙලා තීන්නෙ එදා එගොල්ලො ඇක්සිඩන්ට් වෙල හොස්පිටල් එකෙ ඉද්දිලු..අයියාගෙ අම්මා  කියලා තීන විදියට කවුරුම හරි ඒ ඇක්සිඩන්ට් එක ඕන කමින් කරලා තිබ්බේ..ඒ වෙනකොට අයියාගෙ තාත්තට හතුරො ගොඩක් ඉදියලූ..කොහොමෙන් හරි අයියාගෙ අම්මා පොරොන්දු කරගත්තා එයාගෙ පුතාව බලාගන්න කියලා..එ වෙද්දි අයියාගෙ අම්මා හිතලා තීන්නෙ සුදේෂ් අංකලුත් නැතිවෙලා කියලාලු..එක නිසා අම්මා පොරොන්දුවක් අරන් අයියා ජිවත් වෙන එක රහසක් විදියට තියාගන්න කියලා..එදා එ දෙන්නා ඇක්සිඩන්ට් වෙලා තීන්නෙ සුදේෂ් අංකල්ගෙ බොඩි එක හම්බුනා ඒක බලන්න එන්න කියලා කෝල් එකක් ආපු නිසාලු..කොහොමෙන් හරි ඒ අනතුර මර්ඩර් එකක් කියලා තමා කට්ටිය කියන්නෙ..

ඉතිම් තව පැය කිහිපයකින් මායි අයියයි බලාපොරොත්තු වුන ඒ මොහොත උදාවෙනවා..ඔව් අද අපෙ වෙඩින්ග් එක..මනමාලයා මන් වුනාට මට වැඩිය වැඩ තිබුනේ තමාලයට..එදා සිදුවීමෙන් පස්සෙ මාස ගානක් ගෙවුනා..තමාලයානම් මන් බදින්න මාසෙකට කලිම් බැන්දා..අපි දෙන්නාම ඉදියෙ එකට බදින්න තමයි..එත් නුරාග් අයියාට රට යන්න සිද්ද වුන නිසා එ දෙන්නා කලින්ම බැන්දා..දැන් ඒකා ඉන්නෙ රට..වෙඩින් එක නිසා සති දෙකක් කලින් ඇවිත් හැමදේම භාර අරන්  කරා..නුරාග් අයියා නම් ආවෙ ඊයේ..

"යොහ් සප්තයා..මොකද්ද ඒයි මේ කරන්නෙ..දගලන්නෙපා අප්පා..බලන්න ඇදුමත් පොඩි කරගෙනනේ..මේ බලන්න මේ කොන නැවිලා බලපම් ඉතිම් උබටත් පුදුම රුදාවනේ..ඉදපම් ඉවසගෙන අද රෑට මදි නොකියන්න ඔය කුලප්පුව බස්සගන්න පුලුවන් වෙයිනේ..ම්ම් ම්ම් මේ මන් එනවා හොදේ..මන් පැත්තකට වෙලා පොතක් බල බල ඉන්නම් ඔයාලා දෙන්නා කරන්න හාද.."

"පලයම් සුනකයා යන්න.."

"ආ ආ මෙ මෙ..එව්වා බෑ හරිත..උබ මාව ඇතුලය නොගත්තොත් දොරේ සිදුරෙන් හරි බලන් ඉන්න එක බලන් ඉන්නවාමයි..කෝ එන්න අනේ දාඩියත් දාලා මේ නලලට කෝ මේ මේකප් කරන එකා..අයියෝ අරහෙන් වෙඩින් හෝල් එක බලන්නොනේ..මෙහෙන් මේකාව බලන්නොනේ..දිවියා මොනාකරගෙනද දන්නෑ..ඔක්කොම මන්ම බලන්නෙපැයි අනේ..බලපම් ලේසි පහසු වගකීමක්ද මගෙ කර උඩ තීන්නෙ කියනේ..මේ ටිකේම මන් ඇවිදින්නෙ කුදුවට.."

හැමදාම වගේ මේකාගෙ කට නම් කියලා වැඩක් නෑ..ඇත්තටම තමාල් මගේ ජිවීතෙ වැදගත් කොටසක් ..හැම මනුස්සයෙක්ටම හම්බෙන්න ඕනි තමාල් වගේ යාලුවෙක්..සැපේදි වගේම අමාරුකාලවදි කඩන් වැටෙන වැලට රුකුලක් වගේ ඉන්න මහා වෘක්ශයක් වගේ හොද යාලුවෙක්..අපි හැමෝටම ඉන්න ඕනී..උගේ ජීවිතෙත් ප්‍රශ්න තිබුනා..ඌත් ඇඩුවා..ඒත් කවදාවත් මට ඒවට මැදිහත්වෙලා විසදුම් හොයන්න දුන්නෙ නෑ..ඌ හැමදේම තනියෙන් දරාගත්තා..පුදුම කොල්ලෙක්..ඌතරම් හිත හයිය කොල්ලෙක් මන් මගේ ජිවිතෙටම දැක්කෙ නෑ..නුරාග් අයියා හුගක් වාසනාවන්තයි..අනිත් මිනිස්සුන්ව හිනස්සන්න වක්කඩයක් වගේ කට තියන් ඉදියට තමාල් කියන්නෙම පිටතින් මැනලා කිසිම කෙනෙක්ට මෙයා මෙහෙමයි කියලා හරියටම කියාගන්න බැරි කොල්ලෙක්..මේකා තරම් මීටරයක් තවත් නැතුව ඇති..මේකා තරම් ඕවර් තින්කින්ග් කරන කොල්ලෙක් තවත් නැතුව ඇති..මෙකා තරම් මිනිස්සුන්ව තේරුම් ගන්න කොල්ලෙක් තවත් නැතුව ඇති..මේකාගෙ ගුන මේ තරම්‍ය කියලා කියා නිමකරන්න බැරිතරම්..මේකා මැනිකක්..මැනික් ආකරයක්..

ටක්..ටක්..ටක්..

"ඇතුලට එන්න අනේ.."

"ඔහ් මේ සීයා පප්පානෙ..එන්න එන්න ඩාලින්ග් බලන්න අනේ මේ කොල්ලා එක විදියකට ඉන්නෙම නෑනේ මේ මේකොලර් එකෙ කොන නවාගෙන..යොහ් සීයාපප්පේ කො අනේ මන් මෙතන ගහපු මල..හලාගත්තා නේද ආ..අනේ අම්මපා දෙන්ඩ හිතයි..සිහිය කෝ අනේ සිහිය..මෙ ඔක්කොම මටම බලන්න වෙලානේ..ඕම ඉන්න අනේ මලක් ගේනකම්..දැන් ඉතිම් මල් කඩන්න තමා වෙන්නෙ..අපෙ මනුස්සයත් මොන ලෝකෙ ගියාද දන්නෑ..ඊලගට ඕකා කලිසම හලාගෙන ඉදිද කියන්න බැරි නෑ..පප්පේ මෙ මන් ගිහින් එනකම් සපාව බලාගන්න ඕනෙ හරිද..හානෙ..ඔයත් දගලන්නැතුව ඉන්නෝනෙ හොදේ..පිස්සු කොල්ලා අද හැන්ඩි අනේ..මංජුවා කලන්තේ දානවා සුවර්..ආ අආ ඉතිම් රවන්ඩොන්නෑ..මන් දන්නවා මට පානිය දැම්මට ඔයැයි අරයට කැහිපිත්තෙන්ම ලව් කියලා හුම්ම්..අපිනම් තෙමෙයි වැස්සට.."

මන් නම් හිතුවෙම තමාලයා සීයා පප්පාගෙන් හොද කියුමක් අහගනී කියලා..කොහෙද මේකා සීයාවත් අල්ලගෙනනේ..හරිම අගෙයි බෙසිකයා..

"පොඩිමෑන්.."

"සීයේ.."

"ඉතින් ලැස්තිද..අද ඉදන් තමුන්ගේ වගකීම තවත් වැඩිවෙනවා..ම්ම් ම්ම් කොල්ලා අද ලස්සනයි..උබ නම් මංජුගෙ කපාපු පලුවක් කොල්ලෝ..ලෝභයි..ඉස්සර මංජුත් ඔය විදියමයි..හරි හරි..දෙන්නත් එක්කලා සතුටින් ඉන්නයි තියෙන්නෙ..මේ නාකි මන් එක්ක ඉන්නයි කිව්වට උබලටත් ඕනි තනිවෙන්නනේ..මගේ ගෙදර කාමරත් සවුන්ඩ් පෘෆ් පුතේ.."

"අනෙ සීයේ.."

"හහ් හා..විහිලුවක් කරේ..ම්ම් හරි එහෙනම් තාත්තා නැකත් වෙලාවෙදි එයි..එයා එක්ක එන්නකෝ.."

සියාපප්පා..මට එයා ගැන කියාගන්න තේරෙන්නෑ..එක විදිහක කෙනෙක් එයා..ටිකක් දරදඩුයි..හැගීම් පෙන්වනවා හොරයි..ලේසියෙන් ඒ කටින් හොදක් අහගන්න බෑ..එයත් ආදරෙ නොපෙන්වා ආරක්ශා කරන කෙනෙක්..මන් නම් හිතුවෙම එයා මංජු සියාව බදී කියලා..එත්..ඒක සමාජෙට පවුලෙ නමට ගැලපෙන්නැති නිසා වෙන්නැති එයා එහෙම දෙයක් ගැන හිතුවෙ නැත්තේ..හැබැයි දෙන්නා දැන් කිරියි පැණියි වගේ..

"පුතේ ඔයා ලෑස්තිද.."

"ඔව් තාත්තේ.."

ඉතිම්  සප්ත අභිරු කේෂව මනමේකල වන මම තිනෙත්‍ර ද්වීනාෂ් ඓශ්වර්ය සමග විවාහ දිවියට එලබෙන්නයි මේ සූදානම..

______________

ලමයි..කිව්වා වගේම පාන්දර ආවා🌝❤️

ඉතිම් ඔන්න සප්තයි ද්වී කොල්ලයි බදින්නයි යන්නෙ❤️❤️❤️

ඇත්තටම ලමයි..මෙ දෑගිලි සත්‍යකතාවක් ඇසුරෙනුයි මන් ලියන්න ගත්තේ..සප්ත ද්වීනාෂ් වගේ ආදරෙ කරපු එ දෙන්නා අවසානෙදි වෙන්වුනේ මේවගේම පවුල් ප්‍රශ්නයක් නිසා..එයාලට හේතු වුනෙත් මේ නෑදෑකම..අදටත් එයාලා තැන් දෙකක..තනියම ජිවත් වෙනවා..

දෑගිලි එකට ඒ අවසානෙ දෙන්න හිතහදාගන්න බැරිවුනා..මුලදි හිතුවත් පස්සෙ සප්තට එහෙම කරන්න මට බැරිවුනා..සප්ත දුක් වින්දා..ද්වින්ෂුත් දුක් වින්දා..එත් එයාලගේ ඉඩෝරෙ අවසන් වෙලා වසන්තෙත් උදාවුනා..

ඉතිම් අවසන් කොටසත් අරන් ඉක්මනින් හමුවෙන්නම්.

( ඉක්මනින් කිව්වට 🙂 ලියන්න ලෝභයි වගේ සීන් එකකුත් තීනවා..)

ස්තූතියි මාත් එක්ක මේතාක් වෙනකම් ආපු සියලුම දෙනාට❤️

මට දුන්න කමෙන්ට්ස් වෝට්ස් වලට හුගක් ස්තුතී❤️

හිතුවෙ නෑ මෙච්චර පිරිසක් මට එකතුවෙයි කියලා ❤️

හැමොටම ස්තුතී..

004zyla මගෙ පිස්සී..හුගක් ස්තූතී❤️උබ මට ලොකු සප් එකක් දුන්නා..මගේ  ජිවීතේ ඉන්න තමාල්..❤️ ආදරෙයි..

ආදරෙයි හැමෝටම..

එන්නම්❤️

_Gojo_

Share This Chapter