Chapter 2: 🌸02🌸

හීලියොස් - Ἠέλιος (GL) ✓Words: 11498

ක්ලොඩියා මෙනවිය පැවසූ ලෙසටම, වැහි කෝඩයට මිලින වී ගිය හීලියෝට්‍රොප් මල් වැටිය දෙස නිහඬවම බලාගෙන සිටි එල්නෝරාගේ සිතැඟියාව හදිසියේම අතීතය තුළ අතරමං වී ගියා ය.

•

•

•

•

•

•

•

•

•

•

•

•

•

•

•

•

•

• මාස කිහිපයකට පෙර..(අතීතයේ එක් දවසක)

"අනේ හැබෑවටම....... පුදුමාකාර තදියමක්නේ බොල මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තිබෙනුයේ....! පාතරාසය නිමා වෙනකල් වත් මුන්ට ඉන්න බැරි හැටියක්.....! ආංං බලාපන්කෝ ඉඳින් ඔක්කොමත් පෙරලගෙන දුවන අපූරුව......!"

පූර්වාහ්න හතේ කණිසමත් සමඟම, සරසවි මාවත ඔස්සේ අසිහියෙන් යුතුව දුවන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙස බලාගෙන සිටි ලිඩියා මහත්මිය, අවන්හලේ තිර රෙදි දෙපසට මෑත් කරමින් නෝක්කාඩුවෙන් යුතුව පවසා සිටියා ය.

එතෙක් බීර වීදුරු පිස දමමින් සිටි එල්නෝරා,දීර්ඝ ඈනුමක් හරිමින් ලිඩියා මහත්මිය දෙසට හැරී සිට ගත්තා ය.

"ඕක ඉඳින් අද ඊයෙක වුන දෙයක්යැ ලිඩියා මහත්මිය....! ඇරත් ඉඳින්..... එහෙම තමයි බර්නාඩ් මහාචාර්යතුමා දේශන පවත්වන දවස් වලට....!"

අනතුරුව සිනාමුසුව පවසා සිටි එල්නෝරා දෙවුර සලමින් ඉවතට ගියා ය.

"ඒකෙන් කාරි නෑ....! උන්දෑ කොහොමත් කුකුළත් අතින් අරගෙනම දැන් මෙහෙට කඩා වදීවි....! ඒ නිසා...... ඔය ඉලව්ව අහවර කරලා ඉන්න එල්නෝරා....!"

සැබවින්ම, ලිඩියා මහත්මිය බලාපොරොත්තු වූ ලෙසටම මොහොතක් යෑමටත් මත්තෙන් පිවිසුම අසලින් මතු වූ බර්නාඩ් මහාචාර්‍යතුමා, සිය බොල්ලෑ දත් කුට්ටම පාමින් සිනාසුණේ ය.

"සුභ උදෑසනක් ලිඩියා මහත්මිය....! ඉඳින්.... මගේ කැරමල් කෝපි එක සූදානම් ද.....?"

"සුභම සුභ උදෑසනක් මහාචාර්‍යතුමා.....! ඔබතුමා අද වේලපහින්ම ඇවිත් නෙව...!"

ඒත් සමඟම කුළුපගව පවසා සිටි ලිඩියා මහත්මිය, අනතුරුව එල්නෝරා දෙසට හැරෙමින් හඬ නැගුවා ය.

"එල්නෝරා......!!! මහාචාර්‍යතුමාගේ කෝපි එක සූදානම් කරන්න....!!!!!"

නමුත්, අවන්හල හරහා යමින් සිටි එල්නෝරාගේ කුතුහලයෙන් පිරුණු බැල්ම, මහාචාර්‍යතුමා අසලින් මතු වූ අනෙකුත් ආධුනික රූමතිය වෙතට යොමු වී මොහොතකට නතර වූවා ය.

උණුසුම් ගිම්හානය පවා නොතකමින්, මුළු සියොලඟම වැසෙන සේ අඳුරු වෙල්වට් පැහැ ගත් දිගු කබායකින් සැරසී සිටි, අළු පැහැති නෙත් හිමි එම යුවතිය මහාචාර්යතුමා අසළින්ම හිඳ ගත්තා ය.

"ඕහෝ.....! මහාචාර්‍යතුමා අද ශිෂ්‍යාවකුත් කැඳවාගෙනම ඇවිත් නෙව..!"

"අපොයි හත්තිලව්වේ......! මේ, ආචාර්ය ක්ලෝඩියා මෙනවිය...! අප විශ්ව විද්‍යාලයේ නවතම කතිකාචාර්යතුමිය....! ඒ වගේම බොහෝම දක්ෂ කතුවරියක්....!"

"ඔහ් දෙවියනේ....! කරුණාකරලා මට සමාවෙන්න....! ආචාර්යතුමිය මොනවාද ඇනවුම් කරන්නේ.......?"

ඒත් සමඟම හිස නමා සිටි එල්නෝරා, තරමක අපහසුතාවයට පත්ව සිහින් හඬින් යුතුව විමසා සිටියා ය.

ඒ හේතුවෙන් එල්නෝරා දෙස නිහඬවම බලාගෙන සිටි ක්ලෝඩියා මෙනවිය,මඳ සිනාවක් මුවඟට නඟා ගනිමින් අත්පොත දෙස බැලුවා ය.

"මට... අඩු සීනී යෙදූ කළු කෝපි එකක්....! "

ඇයගේ එම ඉල්ලීමත් සමඟම හිස ඔසවා බැලූ එල්නෝරා, තම දෙබැම රැළි කර ගත්තා ය.

"එපමණක් ද.........?"

"ඔව්... දැනට එපමණයි.....!"

•

•

•

•

•

•

•

•

•

•

•

•

•

කෙසේ වුවත්, අනේකවිධ කෝපි වට්ටෝරු හමුවේ වුවද, අඩු සීනී යෙදූ කළු කෝපී පමණක් පානය කරන ආචාර්ය ක්ලෝඩියා මෙනවිය දෙස හොරැහින් බලාගෙන සිටි එල්නෝරා, අයකැමි තරුණයාගේ සිහින් උඟුර පෑදීමත් සමඟම තිගැස්සී ගොස් ඔහු දෙස බැලුවා ය.

"හැබෑවටම එල්නෝරා.....! කවුද ඒ ලස්සන ලිලැක් මල....?"

ඇල්ටන්ගේ එම පැනයත් සමඟම ඔහු දෙස රවා බැලූ එල්නෝරා, හඬ නඟමින් බීර වීදුරුව මේසය මතින් තැබුවා ය.

ඒ හේතුවෙන් ඇසුණු තියුණු හඬත් සමඟම එල්නෝරා දෙසට තම දෙනෙත් සිමින් යොමු කළ ක්ලෝඩියා මෙනවිය, තම පොකට්ටුවෙහි වූ පැන්ස කිහිපයක් ඉවතට ගනිමින්, එය සන්තෝසමක් වශයෙන් තසිම මතින් තබමින් නැඟී සිටියා ය.

"එසේනම් මහාචාර්යතුමා මා දැන් යා යුතුයි කුලපතිතුමා මුණ ගැසීමට.....!"

අනතුරුව සිය සම් ඔරලෝසුව දෙස බලමින් හදිසියේම පවසා සිටි ඇය, එතෙක් කවුන්ටරය අසල රැඳී සිටි එල්නෝරා දෙසට හැරෙමින් සිය කබාය සකසා ගත්තා ය.

"ඔබේ ප්‍රණීත කළු කෝපී එකට බෙහෙවින්ම ස්තූතියි.....! හැකියාවක් ලැබුනොත් මා නැවත පැමිණෙන්නම් එය රස විඳින්න....!"

ඒ අනුව පිවිසුම හරහා පිටව යන ආචාර්ය ක්ලෝඩියා මෙනවිය දෙස එතෙක් නිරුත්තර වී බලාගෙන සිටි එල්නෝරා, පසුව මේසය මත පැවති තසිම දෝතට ගනිමින්, එහි වූ පැන්ස කිහිපය ගණනය කර බැලුවා ය.

නමුත්, පැන්ස අතර පොඩි වී පැවති දම් පැහැ ගත් ආධුනික කුඩා මල දෙස විමතියෙන් බැලූ එල්නෝරා, එය තම අත්ලට ගනිමින් කුතුහලයෙන් යුතුව ආඝ්‍රාණය කර බැලුවා ය.

සැබවින්ම එල්නෝරා විසින් මින් පෙර කිසිදාක දැක නොතිබූ එම

දම් පැහැති කුඩා මල, සියුම් වැනිලා මිශ්‍ර ආමන්ඩ් සුවඳකින් යුක්ත විය.

ඔව්.....!

නැවුම් මතකයන් ඇති කරමින්,

උණුසුම් හැඟීම් අවදි කරන...

අලංකාරය හා මෘදු බවේ සංකේතය වන ආමන්ඩ් සුවඳ....

හරිම අහඹු විදියට,

සංශුද්ධතාවයේ සහ කාමුකත්වයේ සංකේතය වන වැනිලා සුවඳ සමඟින්....

හරි අපූරුවට මුහුවී තිබුණා ය....!

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

°

මතු සම්බන්ධයි..!

___________________________________________

හෙහ්... මං ටිකක් විතර පරක්කු වුනා නේද ළමයි......? 👀

එහෙම තමයි බොල ඉතින්...

ඔය පොඩ්ඩක් ඉදලා හිටලා මල හත්තිල්ලව්වට ගහපු කලාබරේ වගේ මේ ඕතරීගේ ට්‍රැක පනිනවා.....🤚😌

මේවා ඉතින් ඔයාලාට අමුතු අත්දැකීම් නෙවෙයිනේ සහෝදරවරුනී......🧘

Anyway.......

අනිද්දා ඉදලා මට ආයෙත් කැම්පස් එකට යන්න වෙන නිසා, updates ගෙනෙද්දී ටිකක් විතර පරක්කු වෙයි ළමයිනේ.....

කමක් නෑ නේද .....?😪👉👈

ඒත් මං පුලුවන් තරම් ඉක්මනට updates ගේන්න උත්සහ කරන්නම්කෝ....❤️

එහෙනම් ඉතින් ඉක්මනටම 3 වෙනි කොටසින් නැවත හමුවෙමු....

ආදරෙයිනේ ඉතිම් මං ඔයාලට කෝපි ඇටයක් තරමටම.....❤️🧘