Chapter 2 of 20

හැදින්වීම

අභිශේක් ශෂික ශ්‍රී දේවනාරායන

පෙනුමෙන් අවුරුදු 20 ක තරුණයෙක් ලෙස පෙනුණත් , අවුරුදු 30 ක් වයසැති අභිශේක් අහංකාර මෙන්ම ඉතාමත් තද ගති පැවතුම් ඇති පුද්ගලයෙක්,කිසිම කෙනෙක් ඉදිරියේ ඔහුගෙ හදවත උණු වුණේ නෑ. නමුත් තමන්ගෙ පවුල අම්මා, අප්පච්චි ඉදිරියේ ඔහු තවමත් ඔවුන්ගෙ පුංචි පුතා.අභිශේක්ගෙ උපන් ගම නුවර. ගමේ උදවියට ඔහු දේවරාජ පොඩි හාමු වෙද්දි, පවුලෙ අයට සුදුබේබී වුණා.

උපන් දවසෙ ඉදන්ම දේවරාජ වලව්වෙ මාන්නක්කාර ගතියට හැදුනවැඩුන අභිශේක් තනිකරම ඔහුගෙ පියා දේවරාජ ලොකු හාමුගෙ ගති පැවතුම් එකක් නෑර අරන් ඇවිත් තියනවා කියලයි හැමෝම කිව්වෙ. ඒත් ඔහුගෙ වැඩිමහල් සහෝදරයා ඔහුට හාත්පසින්ම වෙනස් කෙනෙක් වගේම ඔහු තනිකරම වලව්වෙ ලොකු හාමිනේගෙ ගතිගුණ අරන් තිබුණා. අභිශේක් දැනටමත් වයස අවුරුදු එකාහමාරක් වයසැති පුංචි බිලිදෙක්ට පියෙක්. ඔහුගෙ මුලු ජීවිතේම ඒ පුංචි පැටියා. අතීතයේ සිදුවීමක් නිසා ඔහු හැම කෙනෙක්ටම රළු චරිතයක් වුණා, ඔහුගෙ පුංචිත්තට ඇරෙන්න. අභිශේක් කියන්නෙ හොද පියෙක්. ඔහු විවාහක වුවත්, පුංචි පැටියගෙ අයිතිය නම් විවාහ වූ බිරිදට හිමිවුණේ නෑ. මොකද පුංචිත්ත ඇය එක්ක ඉන්න ඩිංගක්වත් කැමති වුණේ නෑ.වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදුකර ඇති අභිශේක් ව්‍යාපාරිකයෙක් මෙන්ම අවුරුදු දහයක සේවයෙන් නිළලත් ඉහල යුධ හමුදා මේජර්වරයෙක්. වැඩි කාලයක් සිය රාජකාරි සදහා වෙන් කරන නිසා ඔහු නිවාඩු දිගු දින වල පමණක් උපන් ගමට පැමිණියා. ගම්මානයේ විශාල පිලිගැනීමක් ඔහුට පැවතුනා.

සදහිරු තේව්ජන නානායක්කාර

පෙනුමෙන් වගේම හිතෙනුත් අහිංසක සදහිරු. දේවනාරායන වලව්වේ වැඩකාර කොල්ලා කියලා තමයි හැමෝම දන්නෙ.ඒත් ඔහුට සැගවිලා ගිය අතීතයක් තියනව කියලා දන්නෙ ඔහුයි ඒකට හේතුවෙච්ච කෙනයි, වලව්වෙ හාමුල දෙන්නයි විතරයි. පිටින් සතුටින් ජීවත් වුණත් හිත ඇතුලෙ ලොකු වේදනාවක් හංගන් ජීවත් වෙන කෙනෙක්.අම්මයි තාත්තයි ජීවතුන් අතර නෑ.වයස අවුරුදු 25 ක් වයස සදහිරු අදටත් ඔප්පු කරගන්න බ‍රි වුණ හේතුවක් නිසා මේ විදිහට තනි වෙලා ඉන්නවා.

Waterlily-jeon ✍️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!