Chapter 8 of 20

හයවන දිගහැරුම

සදහිරු pov:

මන් කුඹුරෙ ඉදන් වලව්වට එද්දි දැක්කෙ සුදු බේබී මන් දිහා බලන් ඉන්නවා.ඒත් මට බෑ සුදු බේබිට මුහුණ දෙන්න.තාමත් තරහින් ඇත්තෙ මා එක්ක.මන් දැක්කෙ නෑ වගේ යන්න හැදුවත් සුදු බේබි මන් ළගට එනවා දැක්කා.මට හිතාගන්න බෑ දෙයියනේ මොකද කරන්නෙ කියලා.මම එයාව ගනන් නොගෙන ගිහින් එද්දි ගෙනාව දර මිටිය ගිහින් තියන්න යන්න හැදුවෙ ඒත් ,

"මන් තමුසෙට ගහන්නෙ නෑනේ අර වගේ වැඩක් නොකළනම්"

මොකද්ද සුදු බේබී මේ කියන්නෙ.මන් දන්නවා මන් තමයි වැරදි කියලා ඒත් ආය ඇවිත් ඕක කියන්න ඕනේ නෑනේ.මන් ඇහුනෙ නෑ වගේ හිටියා.

"මන් මේ තමුන්ටයි කතා කරන්නෙ සදහිරු "

ස..සදහිරු . ඒ නම මට ආයම කියන්න එපා මගෙ සුදු බේබි. හිතේ තියන තුවාලේ පෑරෙනවා . මන් ආසයි ඒ නම මහත්තයා කියනවා අහන්න ඒත් වැඩකාර කොල්ලා කියන නම මහත්තයා මට කියනවටයි දැන් මන් කැමති.

"කෝ දෙනවා මෙන්න මෙහාට ඕක."

මන් කල්පනා කර කර ඉද්දි මගෙ අතේ තිබ්බ දර ටික සුදු බේබී අරන් ගිහින් දර ගොඩට දැම්මා.මේවා දැක්කොත් මට ලොකු හාමුගෙන් ගුටි කන්නයි වෙන්නෙ.

මාව අමතක වෙලා තියද්දිත් ඇයි මේ වගේ දේවල් කරන්නෙ සුදු බේබී. මම දන්න දේවරාජ පොඩිහාමු මෙහෙම කෙනෙක් නෙමෙයි.

___________________________________________

At 6.00 p.m in Abhisheek,s room

On call

"මන් අර කියපු දේවල් ටික හොයලා බැලුවද ?"

"ඔව් බොස් . බොස් කිව්ව විදිහටම ඒ හැම දෙයක්ම හරි."

"ම්ම් ok. මන් අනිද්දා අනිවාරෙන්ම කොල්ලගෙ blood එවන්නම් ටෙස්ට් කරන්න. අනික් හැම දේම ලෑස්තියි නේද?"

"ඔව් බොස්. එතකොට කා අතේද එවන්නෙ."

"ඒක මන් (...........) අතේ එවන්නම්."

"ඕකේ බොස්"

"කිව්ව විදිහටම වැඩේ වෙන්න ඕනේ. කිසිම වැරැද්දක් වෙන්න බෑ."

අභිශේක් pov:

මන් ඉක්මනටම හොයාගන්නවා කොහොමද මෙහෙම දෙයක් වුණේ කියලා අන්න එදාට

ඒකට වගකියන්න ඕනේ මේකට සම්බන්ධ වෙච්ච හැමෝම.මන් ඕකුන් එකෙක්ව්ත් ලේසියෙන් අතාරින්නෙ නෑ.

Waterlily-jeon ✍️

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!