Back
/ 47
Chapter 1

🌼 chapter 01 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

Shenul pov

11- E

මම ඩෙස් එකට ඔලුව ගහ ගත්තා. අපි දැන් එකොලහ වසරට ඇවිත් හරියටම දැන් සතියක් වගේ. තාම මුල් හන්දා උගන්නනවා අඩුයි. අනික ස්පෝට්ස් මීටුත් ලග හන්දා ලමයි පංතිවල නැති හන්දා කොහොමත් උගන්න බෑනෙ. අපේ පංති තිබුනෙ ස්කෝලෙ කෙලවරටම වෙන්න. තට්ටු තුනේ හෝල් එකේ අපි උන්නෙ උඩ තට්ටුවට වෙන්න. අලුතෙන් හදපු බිල්ඩින් එකක් හන්දා පහල තට්ටු දෙකම හිස්. අපේ නියමුවානන් අපිට කොච්චර ලව්ද කියලා කියනවනම් අපි වෙනුවෙන්ම ස්කෝලෙ කෙලවරම බිල්ඩින් එකක් හදලා අපිට පදිංචියට දුන්නා. එතනත් අපිට වෙනස්කම්

( ශෙනුල් විද්වාන් )

දැන් යන්නෙ ඉන්ටර්වල් එකට කලින් පීරියඩ් දෙක. ඒ දෙකම අහුවෙලා තිබුනෙ අපිට කාන්ඩ විශයන්. ඒ කියන්නෙ කොමස්. අපිට විතරක් නෙවෙයි අනිත් උන්ටත් උගන්නන්නෙ නැති හන්දා පන්තියෙ බාගයක්ම පුටු හිස්. පෙලක් එවුන් ආතක් පාතක් නැතුව ඔහේ රෝන්දෙ ගහනවා ඇති. තවත් එවුන් ඇත්තෙ කැන්ටිමේ තනි රකින ගමන්. අපරාදෙ කියන්න බෑ අපේ මුලු පෝලිමම පන්තියේ ඉන්නකොට මම පෝලිමේ උන්නු අනිත් උන් දිහා බැලුවා. කෙලවරටම වෙන්න උන්නෙ පසිදු...... ඊලගට යසිරු......... මලීෂ බිත්තිය අයිනෙ මම........ අපි උන්නෙ අන්තිම පෝලිමේ...... ඔය මුල මැද වගේ අපේ එවුන්ට සෙට් නෑනෙ උන්ට ඕන අන්තිම

ඇසුරු කරන්නෙ පාප මිතුරො නම් ඔහොම තමා

මගෙ එහා පැත්තෙ උන්නු මලීෂ නිදි. පසිදුවා පොතක් අරන් මොනවා හරි කුරුටු ගානවා. මම යසිරු දිහා බැලුවා... ඌ බෝඩ් එක දිහා බලන් මොනවා හරි කල්පනා කරනවා. ඒකගෙ ගත තියෙන්නෙ මෙතන උනත් හිත තියෙන්නෙ ගව්ගානක් ඈතින් කියලා මට තේරුන හන්දා මොනා උනත් මම කරදර කරන්න ගියෙ නෑ. ඊයෙ බලපු ඩ්‍රාමා එකේ කොල්ලො දෙන්නා සෙට් උනාද කියලාද දන්නෑ කල්පනා කරන්නෙ.... වයසට හරියන ඒවා නෙවෙයි බලන්නෙ

මට නිකන් අසහනේ වගේ. පුටුවෙ ඉදගෙන ඉන්න බෑ කඩියො කනවා වගේ. කම්මැලී.....එලියට යමු කිව්වොත් දැන් නම් මුං එකෙක්වත් මලාට එන්නෑ. අපාය සහයකයෙක් නැතුව තනියම ගියාට වැඩකුත් නෑ. ඩෙස් එකට ඔලුව ගහගෙන උන්නු මම ආයම විනාඩි පහක් යන්න කලින් ඔලුව ඉස්සුවා. මට මේ විදියට මුකුත් නොකර එක විදියකට ඉන්න බෑ

පස්සෙ මලීෂගෙ අතකට යට වෙලා තිබුන උගෙ ගනන් පොත ශේප් එකේ ගත්තු මම අන්තිම පිටුවෙන් පොඩි කොල කෑල්ලක් ඉරාගෙන නිල් පෑන අතට ගත්තා

" Why does donkeys eat grasses...?? Oops......... sorry It's your personal matter no "

කොල කෑල්ලෙ එහෙම ලියපු මම ඒක දෙකට තුනට නැවුවා. එහා පැත්තෙ නිදන් උන්නු මලීෂ දිහා බලලා එයාගෙ අතකට ඇන්නා. එක පාරක්......දෙපාරක්........නෑ තුන් හතර පාරක්ම ඇන්නා. ම්හු......මුගෙ සෙන්සටිව් සෙන්සර් වැඩ කරන්නෙ නැද්ද මංදා. බැරිම තැන ඒකගෙ කන පිටිපස්සට ඇගිල්ලෙන් තට්ටුවක් දැම්මා. තට්ටුවක් කියන්නෙ මෙහෙමයි ඉතින් කනට පොඩ්ඩක් ගැහුවා

" මොන තිරිසනෙක්ද බන් උබ........ පාඩුවෙ ඉදහන්කෝ "

එහෙම කියපු මලීෂ මල් පැනලා අනිත් පැත්ත හැරෙන ගමන් ආයම නිදා ගන්නකොට මගෙ කට ඇද වෙලා ගියා. හරි එහෙමයි කියලා මම සැලෙනවද... අපෝ නෑ...... පොඩ්ඩක්වත් නෑ..... ඊලගට මම හැරුනෙ යසිරු දිහාවට.... සමාවෙන්න ඔයාගෙ මනෝපාර කඩනවට. මම හිතෙන් උගෙන් ඇත්තටම සමාව ඉල්ලුවා

" මොකද ඕයි "

" ආ "

" පසිදු මේක උබට ශෙනුල් දෙන්නලු "

" ................. ?? "

යසිරුගෙ මනෝපාරට එක මොහොතකට බාදා කරපු මම අතේ තිබුන කොල කෑල්ල එයාට දෙනකොට මා එක්ක ෆයර් වෙලා උන්න ඌ ඒක එහෙම්මම පසිදුට දුන්නා. මෙහෙමයි අපි තුන් දෙනා වගේ නෙවේ පසිදු..... ඌ ටිකක් කේන්ති ගන්නවා. වැඩිය නෑ ටිකයි. අපි එක්ක ඇරුනහම වෙන අය එක්ක එච්චර කතාවට යන්නෑ...... ඒ එයාගෙ හැටි. යසිරු දුන්න කොල කෑල්ල අතට අරන් කියෝලා බලපු පසිදු ඒක ඒත් එක්කම වගේ පන්තියට ආපු දහතුනේ අයියා කෙනෙකුට ඒක දෙනකොට මාව දෙලෝ රත් උනා

" අයියෙ මේක ඔයාට අර කෙලවරේ ඉන්න ලමයා දෙන්න කිව්වා "

( රශේන් අනුත්තර)

යකෝ ඒ අපේ ස්කෝලෙ ගේම් කැප්ටන්.... පසිදු මං දිහා බලලා කට කොනින් හිනාවෙන ගමන් ඒක පන්තියට ආපු අයියාල කට්ටියගෙන් කෙනෙක්ට දෙනකොට මට පොලව පලා ගෙන යන්න හිතුනත් තව තට්ටු දෙකක්ම යටට වෙන්න තියන හන්දා මම ඒ අදහස හිතින් අත ඇර ගත්තා. මූ මරු එකාට ඒක දුන්නෙ.... අනිත් අයියලා තුන් දෙනාගෙන් එක්කෙනෙක්ට දුන්නනම් මට හිත හරි හදාගන්න තිබුනා. ඒත් මූට ඒක දෙන්නම ඕන උනේ එතන උන්නු නපුරුම එක්කෙනාට

මම යසිරු දිහා බලනකොට ඌ මගෙ දිහා බැලුවා. දෑස පලාගෙන කදුලැලි එන්න දගලනකොට මම ඒක උබට දුන්නෙ අතින් අත යවන්නද රත්තරනේ කියලා අහන්න ඕනකම ඕනවට වඩා තිබුනත් මම කටවහන් උන්නා. ඒ මූනෙ තියන නපුරු පාට දැක්කහම මට නැති චූ බරකුත් එක පාරට ලෝඩ් උනා. ඇයි පසිදුට ඒක ඒ අයියටම දෙන්න ඕන උනේ..... මං අහන්නෙ වයි..... මට ඒ අස්සෙන් එකේක විකාරත් මැවිලා පෙනුනා. මූ මට බනියිද...... සමහරවිට නැතිවෙයි..... ඒත් ඒ මූනෙ මහ මරුමුස් පෙනුමක් තියෙන්නෙ

" ඔක්කොම මේක හොදට අහපල්ලා............ ස්පොට් මීට් එකට තරග කරන අය අද හවස ගෙදර යන්න කලින් ක්ලබ් එකට ඇවිත් නම් ටික දීලා යමන්ලා.......... මෙතන ඔක්කොම කට්ටිය නෑනෙ උබලගෙ යාලුවන්ටත් කියහන්.......... අද විතරයි අන්තිම දවස......... නෑ බෑ කියන්න බෑ තමන්ගෙ හවුස් එක වෙනුවෙන් අනිවාර්යයෙන්ම මොනවා හරි ස්පොට් එකක් කරන්න ඕන............ නැත්තම් බලෙන් දැම්මා කියලා අන්තිමට චුරු චුරු ගාන්න තියාගන්න එපා "

එතන හිටපු තව අයිය කෙනෙක් මුලු පන්තියට ඇහෙන්න කියනකොට රශේන් අයියා කලේ අතේ තිබුන කොල කෑල්ල දිහා බලලා මගෙ මූන දිහත් එක සැරයක් බලන ගමන් ඒක සාක්කුවේ දාගත්තු එක. ඒ දිහා බලපු මම එක සැරයක් දෙසරයක් තුන්සැරයක් ඇහි පිල්ලම් ගැහුවා. එහෙම වෙන්නෙ කොහොමද....... එයා මුකුත් කිව්වෙ නෑනෙ...... ලොකූ හෑල්ලක් කියපු අයියලා කට්ටිය පන්තියෙන් යනකොට එක සැරයක් ආයම මගෙ දිහා බලපු රශේන් අයියා යන්න ගියා....

ඒ ගොල්ලො ගියාට පස්සෙ මම කලේ ලොකු හුස්මක් උඩට ඇද්ද එක. ඔයින් ගියා මදැයි. ඒ උනත් මම නම් හිතුවෙ අඩුම මට බැනුමක්වත් අහන්න වෙයි කියලා. මලීෂ තාම නිදි. අරුන් දෙන්නා මගෙ දිහා බලනකොට මම කලේ උන් දෙන්නට රවලා අහක බලාගත්තු එක. මොනා උනත් කරපු වැඩේ කැතයි.... තරහ නැති උනාට තරහයි කියලා පෙන්නන්න ඕන..... නැත්තම් හරියන්නෑ..... මොනා උනත් කැන්ටිමේ නැන්දගෙ ඇස් වහලා හොරෙන් බනිස් ගෙඩිය පවා ඉස්සුවෙ අපි එකට..... එහෙව් කරපු මටනෙ මුං මෙහෙම කලේ

" ඒහ් ශෙනූ...ල් තරහද "

"................ "

" විහිලුවක්නෙ සුද්දා කලේ තරහ වෙන්න එපා...... තරහ නෑනේද....... නෑනෙ........ අපි දන්නවනෙ ඔයා තරහ වෙන්නෑ කියලා "

" බෙල්ල............බෙල්ල යකෝ බෙල්ල............ කැඩෙයි යසිරු........ හීමීට මිනිහො.......... තාම මේ අත පය හරියට හයි වෙලාවත් නෑ.......... ශිහ් පසිදු මූනෙ කෙල ගාන්න එපා ඕයි "

එක පාරටම යසිරුවා මගෙ කරවටේ අතදාලා ඒ පැත්තට ඇදලා ගන්නකොට මම බය උනේ ඒ ඇදපු පාර බෙල්ල ගැලවිලා උගෙ අතට යයි කියලා. ඒ අස්සෙන් පසිදු ඇගට පයින ගමන් කම්මූලකට හාදුවක් දෙනකොට නිදන් උන්නු මලීෂ උඩ ගිහින් ඇහැරුනා.... පව් අසරනයා..... මම මගෙ කම්මුල මලීෂගෙ ශර්ට් එකේ ඇතිල්ලුවෙ පසිදු කිස් කරන මුවාවෙන් මගෙ මූනෙ කෙලගාපු නිසා

ඉන්ටර්වල් එකට බෙල් එක ගහනකොට එකා දෙන්නා ආයම පන්තියට ආවා. ඉස්සර ඩෙස් පේලියේ උන්න එවුන් ටිකත් අපේ පැත්තට හැරෙනකොට ඔක්කොම ගෙනාපු කෑම මුල් ඩෙස් උඩින් තිබ්බා. මෙහෙමයි ස්කෝලෙ කන වෙලාවට මම දන්න තරමින් නම් අපි එක්කෙනෙක්වත් අත හෝදන්නෙ නම් නෑ... නෑ මං කියන්නෙ ඌරන්ට මොන සෞඛ්‍යද

" මුල් දෙකක් ලෙහමු.......අනිත්වත් ඒකටම දාමු පස්සෙ........ ඔක්කොම බත්ද ගෙනාවෙ අද "

" මගෙ එකේ ඉදි ආප්ප ඇති......බලහන් "

අපේ පේලියේ හතරයි.......ඉස්සරහ පේලියේ හතරයි...........ඔක්කොම අට දෙනයි.........බත් නම් කරන්නෙ ඔක්කොම ටික එකට දාගෙන කන එක........බත් නැතුව වෙන මොනවාහරි තිබ්බොත් ඉස්සල්ලාම ඒක කලා පස්සෙ අනිත්වා කනවා.......ඉස්සර පේලියේ සිතිජයා අද ඉදි ආප්ප ගෙනාවා කියනකොට ඌගෙ යාලුවා කෑම පෙට්ටිය ඇරියා........ඇත්ත......බලන්න විතරමයි පුලුවන් උනේ. පෙට්ටිය ඇරිය සනිකෙන් අත් අටම ඒකට වැටෙනකොට ඇහිපිය ගහන පමාවට කෑම පෙට්ටිය හිස් වෙලා ගියා...... ඊටපස්සෙ බත් මුල් දෙකක් මේසෙ උඩින් දිග ඇරෙනකොට ඉතුරු කෑම ටිකත් ඒකටම වැටුනා.... ඒ හැටි....එකින් එක එකින් එක ලෙහලා කන්නෙ නැතිව අපිනම් කරන්නෙ ඔක්කොම කෑම ටික එකට දාලා කන එක..... ඒක ඇවිත් වෙනම රහක්

" ඒහ් ඔයි යසිරුවො මටත් එකක් දීපන් බන්......... ඔක්කොම කනවනෙ උබ "

" මගෙ එකටම කෙලවන්න එන්නෙ ඇයි කියපන්කො.........උබත් කෑවා නේද............... අමාරුවෙන් මේකත් හොයාගත්තෙ......අහකට පල "

" ඒව්ව්ව්.......ඒව්ව්ව්.........තිරිසන්නු වගේ අප්පා "

කවුරුහරි කෙනෙක් සෝයාමීට් ගෙනල්ලා.... යසිරුයි මලීෂයි කන එක පැත්තකට දාලා සෝයා මීට් ඇටේකට රන්ඩු වෙනකොට මම ඔලුව දෙපැත්තෙම වැනුවා.... කම්මලේ ඉන්න බල්ලට අකුනු හඩත් හොදට හුරුයි වගේ කෑම කනකොට ඇතිවෙන මේ වගේ රන්ඩුත් ඇස් වලට දැකලයි කන් වලට අහලයි හුරු හන්දා හොදයි.... අපේ අයට සෝයාමීට් එතකොට බිත්තර කියන්නෙම රස නහර පිස්සු වට්ටන කෑම..... මට ඒකෙ අනිත් පැත්ත.... මම ආසම නැත්තෙත් සෝයාමීට් වලටයි බිත්තර වලටයි.... හැබැයි අම්මා ඕවා හැදුවොත් කෑම එකට දානවා මොකද මම නැතත් අනිත් අය කනවා කියලා දන්න නිසා

බත් කටක් අහනකොට මොකක්හරි අහු උනා වගේ දැනුන හන්දා අනන එක පැත්තකට දාපු මම බැලුවෙ ඇගිලි තුඩු වලට අහු උනේ මොකක්ද කියලා. දෙයියනේ..........දෙයියනේ........සෝයාමීට් එකක්.....මං හිතන්නෙ මේක අපේ එවුන්ට මිස් වෙලා......කනාට මැනික වටින්නෑ වගේ මටත් මේක වටින් නැතිකොට මම කලේ ඒක අනිත් උන්ට හොරාට පසිදුගෙ කටට දැම්ම එක. පසිදු මා එක්ක ලාවට හිනාවෙනකොට මාත් හිනා උනා

හොදම යාලුවො අතරෙත් අනියම් සබදතා තියනවා කියනවනෙ ඉතින් 👉👈

" අද අතුගාන්න ඉන්නෙ ශෙනුල් උබයි........... පසිදුවයි "

විනාඩි පහලවෙන් වගේ ගෙනාපු කෑම ටික කාලා ඉවර වෙනකොට අපි ටැප් එක ලගට ආවා... දැන් මෙතනත් වෙනම වෙලාවක් ඉන්න එපැයි. ස්කෝලෙ තැනින් තැන ටැප් තිබ්බට අපිට ලේසිම දහතුන සෙක්ශන් එකට යන තැනම තියන ටැප් පේලිය. දැනටමත් ලමයි සෑහෙන්න පිරිලා ඉන්නකොට පොර නොකා කට්ටිය අඩු වෙනකන් උන්නා. දැන් ඔතනින් රිංගලා අත හෝදන්න ගියොත් වෙන්නෙ ඉඳුල් ගෑවෙන එක. ඊට වඩා මෙතන ටිකක් වෙලා ඉදලා අත හෝදන එක සැපයි. ලමයි එකා දෙන්නා අඩුවෙනකොට මායි මලීෂයි හිස් වෙලා තිබුන ටැප් දෙකකට අත ඇල්ලුවා

" පසිදු අත අල්ලන්න "

මට පිටිපස්සෙ උන්නු පසිදුට මම එහෙම්මම ඉන්න ගමන් කියනකොට ඒකා නෙවෙයි මුකුත් කිව්වෙ. මම එයාට එන්න කියන්න පිටිපස්සට හැරුනත් මොකද හැරුන පමාවට මාව කාගෙ හරි පපුවක නවතිනකොට මම තප්පරයක් දෙකක් උන්නා... මේ නම් පසිදු වෙන්න බෑ

වැනිලා සුවදක්........

ඒක ඇවිත් ලක්සරි සුවදක්... කාගෙ උනත් හැප්පුන පපුවෙන් වහනය උනේ වැනිලා සුවදක් වෙනකොට උන දේ මොලේට ප්‍රොසෙස් කරගන්න මම එහෙම්මම හිටියා. මගෙ ඔලුව නැවතුනේ ඒ කෙනාගෙ පපුවෙ හන්දා මම තේරුම් ගත්තා හැප්පුනේ මට වඩා උස පපුවක කියලා. ඇස් මට්ටමට පේන්නෙ සුදු ශර්ට් එකේ සාක්කුවට අල්ලලා තියන බැජ් එක හන්දා මම හිමීට ඔලුව ඉස්සුවා.... මම හිතන්නෙ දෛවයත් මට කෝචෝක් කරනවද කොහෙද..........ඒ උන්නෙ වෙන කවුරුත් නෙවෙයි අපේ ඉස්කෝලෙ ගේම් කැප්ටන්........... රශේන් අයියා....... ඒ ලා අලු පාට ඇස් දැනටමත් නැවතිලා තිබුනෙ මගෙ මූන උඩ.......ඒවා ගැඹුරුයි...... මේ තප්පර ගානටම අහේතුවකට ලගින් දැක්ක මේ රූපෙ හැම බිම් අගලක්ම මගෙ මොලේ කොනක තැන්පත් උනේ මටත් හොරාට........මට දැනුනෙම මම නිහාරික වල්ගාතරු පාස් කරලා මන්දාගිනියක හිර උනා වගේ හැගීමක්

මෙට්ලන්ඩ්ගෙ ඇස් වලට ලොවීනාව අහුවෙනකොටත් දැනෙන්න ඇත්තෙ මෙහෙම......ඒ අස්සෙන් මට එහෙමත් හිතුනා.....මම උන්නෙ තාමත් සින්ක් ගැට්ටට හේත්තු වෙලා. මම එහෙම්මම ඉන්නකොට චුට්ටක් විතර පහත් උන රශේන් අයියා ඇරලා තිබුන ටැප් එකෙන් අත හෝදනකොට ඒ ලක්සරි වැනිලා සුවද මගෙ නාස්කුහර වලට දැනෙද්දි මම කලේ උඩට ගත්තු හුස්ම පහලට නොදා හුස්ම හිර කරන් උන්නු එක.... පැත්තට පේන ඒ මූන මගෙ කම්මුල් වල එක දශෙමෙක පරතරෙන් ගෑවි නොගෑවි තියනකොට අත හෝදගත්තු එයා මගෙ දිහා බැලුවා

ඇහි පිල්ලම් වාර දෙකක්.......නැත්තම් තුනකට විතර පස්සෙ මගෙන් අහකට උන අයියා මුකුත් නොකියා එයාගෙ හෝල් එක පැත්තට යන්න යනකොට හුස්ම හිර කරන් උන්නු මම තාම උන්නෙ ඒ දිහා බලාගෙන......

" ඕයි ශෙනුල්.......යමං පන්තියට.......බෙල් එක ගහන්න කලින් කාපු තැන අස් කරන්න ඕන "

" ඔයා අත හේදුවද පසිදු "

" ඔව්......ඔයාගෙ පිටිපස්සෙ ඉන්නකොට රශේන් අයියලගෙ සෙට් එක ආව නිසා එයාලට ඉඩ දීලා මම පස්සට උනා.....පස්සෙ මලීෂ හෝදපු එකෙන් හේදුවා.........පංතියට යමු දැනටමත් අරුන් ගිහින් ඇති "

පසිදු එක්ක ආයම පන්තියට යනකොට ඉන්ටර්වල් එකට ඉවර වෙන්න තව විනාඩි පහක් වගේ තිබුනෙ. දොර පිටිපස්සෙ තිබුන කොස්ස අරන් මම අතුගාන්න ගත්තෙ පසිදු එහා පන්තියට යනකොට. උදේ අපේ කුනුත් එක්ක ගිහින් දාන්නම් කියලා උන් අරන් ගියපු අපේ ඩස්පින් එක තාම ගෙනත් දුන්නෑ.... මාර හොරු තමා ඉන්නෙ. තරහ කරගන්නෙ නැත්තෙ ඉතින් උදේට පාන තියන්න පාන්තිරේ හරි දෙන්නෙ ඒ පන්තියෙන් නිසා. ඉන්ටවල් එකේ කාපුවා අස්කරන්න අපි දෙන්නා දෙන්නා බෙදා ගන්නවා. නැත්තම් පස්සෙ පීරියඩ් එකේ එන මැඩම් හරි සර් හරි ඕක අල්ලගෙන හැමදාම බනිනවා....

අද වගේ හුගක්ම අහුවෙන්නෙ විද්‍යාව පීරියඩ් එක. චම්පිකා මැඩම් උගන්නන්නෙ..... අම්මෝ.........අම්මෝ.......... මතක් වෙනකොටත් මොකක්ද වගේ..... මං හිතන්නෙ අපේ උන් උනන්දුවෙන් ඉගෙන ගන්නෙ ඒ පීරියඩ් එකේ විතරමද කොහෙද... මැඩම් ටිකක් සැරයි... හැබැයි ලස්සනයි.... හතලිහ පැනලා උනත් ඒක එච්චර පේන්නෑ එයා අදින විදිය හන්දා. සාරියට ගැලපෙන ඔරලෝසුව............කොන්ඩෙට දාන බූල........කොටින්ම දාන සෙරෙප්පු දෙක පවා සාරියට ගැලපෙන විදියට..... කියන්න තරම් දෙයක් නෑ මැඩම් හොදට උගන්නනවා....හැබැයි එයාගෙ කට තමා අවුල..... පොඩ්ඩක් කතා කලත් බනිනවා..... හෝම් වර්ක් කලේ නැත්තම් අච්චු පොත එහෙම ගෙනාවෙ නැත්තම් කෙලින් පන්තියෙන් එලියෙ.... දහය වසරෙදි නම් මා ඇතුලුව මගෙ හිතවත් මිතුරු කැල අච්චු පොත් ගෙනාවෙ නැතුව කීප වරක්ම එලියෙ උන්නා මතකයි. මම නම් අච්චු පොත් ගේන්නෙ විද්‍යාවටයි එතනින් ගියහම ඉතිහාසය වලටයි විතරයි.... ඉතුරුවා විදේශ ආධාර තමා

ඩෙස් අස්සෙ වැටිලා තිබුන බත් ඇට එහෙම ඔක්කොම පන්තියෙ මැදට එකතු කරනකොට පසිදු ඩස්පින් එකත් අරගෙන ආවා. ඒත් එක්කම වගේ බෙල් එක ගැහුව හන්දා කුනු ටික ඩස්පින් එකට දාලා කොස්සත් එක්කම දොර මුල්ලට දාලා දොරෙන් කවර් කලේ චම්පිකා මැඩම්ට අහු උනොත් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නැති හන්දා

" ජීවි පටක වල සත්තව පටක පෙරලගන්න ලමයි....... මේ දිගටි හැඩේට තියෙන්නෙ සිනිදු පේශි පේශියක්......එතකොට මේ සිලින්ඩරාකාරව මේ විදියට තියෙන්නෙ කංකාල පේශියක්......... ඒයි ඔය ජනේලෙ අයිනෙ ඉන්න කොල්ලා........මේකට තාම ඇහෙන්නෑනෙ මම කියන එක....... මේ පැත්ත බලනවා එහෙ බලන් නැතිව...............ඕලෙවල් කරයි ඔහොම ගියහම......... ලකුනු අඩු වෙන්න බෑ මේ පාර ආ............... මම නොකිව්වයි කියන්න එපා ඔන්න මේ පාර කෙලින්ම එන්නම්කො මම අම්මලාව හම්බෙන්න රැස්වීමෙදි "

" මේ පාර කියන්නෙ එයා හැම පාරම ඇවිත් අම්මලාට අපේ වැරදි කියලා යනවනෙ බං......... ඕක අමුතුවෙන් කියන්න ඕනද ඉතින් "

" කට වහන් අහන්න ඉදපන් යසිරු.........නැත්තම් ඊලගට උබටයි මටයි නැගිටන් ඉන්න වෙනවා "

" ඒ පාර ඔතන වෙනම කතාවක්ද........ නැගිටිනවා දෙන්නම "

හරිනෙ අමාරුව.......හොද වැඩේ.... දැන් ඉතින් කන පිරෙන්නම හොදට අහගන්න තියෙන්නෙ.... පෙර වැරදිත් ලිස්ට් එකේ තියන හන්දා ගෞරවයෙන් බුදු සරනයි..................!!!

🌼 ගෞරවයෙන් බුදු සරණයි......!!! කාවද මැඩම් නැගිට්ටන්න ඇත්තෙ..... කොහමද ඉතින් අලුත් කතාව....අදහසක් කියන්න යන්ඩ........ කැමති අය ඇඩ් කරලා තියාගන්න.......ඉතින් ගැඹුරු අලුපාට ඇස් දෙකක් ඇතුලෙ අතරමංවෙන ගමන් අපිට පුලුවන් වින්ටේජ් හාදුවක රස මොන වගේද බලන්න............ ඇයි චෙරි පාට කම්මුල් තියන කැමේලියා මල් ඇස් දෙකක අනන්තයටම යන්න............ වල්ගාතරු නිහාරික පහු කරලා ගිහින් කෝපි පාට අහසක තාරකා මන්දාගිනියකම අතරමං වෙන්න........... ඉතින් ගැබුරු ඇස් තියන ලස්සන පිරිමි ලමයො ඔයා දන්නෑනෙ මං ආදරේ කරන තරම.....!!!

🌼 ස්තුතියි ඔයාලගෙන් ලැබෙන ආදරණීය වෝට් එකකට..........කමෙන්ට් එකකට..........💚❤️

First
Next

Share This Chapter