Back
/ 47
Chapter 16

🌼 Chapter 16 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මොකක්ද දැන් උබලා කියන්නෙ කියහන්කො...."

" මේ.....මේ.....මේ බෝසිත මොකක්ද කියන්නෙ අහන්නෙ අපිද දැන් උබලා එක්ක වලියට ආවෙ ආ.......තොපිට පුදුම පුකේ අමාරුවක්නෙ තිබුනෙ අපි එක්ක ගේමටම එන්න......සැරේකුත් කිව්වනෙ අපේ උබලෑ පන්ති වලට එන්න ඕන සෙටිෆිකෙට් ගත්තෙ නෑ......ඉදිරිපත් උනා ඒ හන්දා හම්බුනා "

" තොගෙ කට වැඩියි සිතිජ.......පන්ති නායකයා හන්දද ඔච්චර උඩ පනින්නෙ.......කොහමත් දුප්පත් එවුන් මේවගෙ ස්කෝල වලට ආවාහම උඩ පනින්න ගන්නවා.......උන්ට ඉතින් පන්ති නායකකමත් ඇතිනෙ දෙන්න ගිය_"

" මොකක්ද හුත්තො තෝ කිව්වෙ......ආය කියපන් බලන්න......තොපේ එවුන් වගේ අපේ එකා උඩ පනින්නෑ ඒක මතක තියාගනින්.......උබලට තියන පැලියාව ඔය.....කොහමත් උබලට ඕන උනේ අපිට කියලා ඇරගන්නමනෙ නේහ් "

චටාස්.......

මම එක අණ්ඩකින් විතරක් එල්ලගෙන උන්නු බෑග් එක එහෙම්මම පැත්තකට දැම්මා.....ස්කෝලෙ ඇරිලා මං හිතන්නෙ දැන් පැය බාගයක් විතර ඇති.....ඒත් අපි තාමත් උන්නෙ ස්කෝලෙ පිටිපස්ස ගේට් එකෙන් ටිකක් දුර ආවහම හැරෙන තැනම වංගුවේ තියන ලොකු මාර ගහ ගාව....හිතුවා වගේම මග රැකන් උන්න ඒ එකේ වලි කාපර්ලා ටික අපෙන් ගේම ඉල්ලනකොට අපේ උනුත් කටගහගෙන ගියේ යුනිෆෝම් එක පිටින් රණ්ඩුවෙන්න තිබුන අකමැත්තට.....කොහමත් අපිට උන් එක්ක රණ්ඩුවෙන්න උවමනාවක් තිබුන්නෑ

ඒත් උන්ට ඒක එහෙම නොවෙනකොට මග රැකන් උන්නු ඒ එකේ සෙට් එක අපි එක්ක කියවගෙන ආවා.....හැම අවුරුද්දකම ශෙක්ෂන්වල හොදම ක්ලාස් එක තෝරනකොට මේ පාර ඒක හම්බුනේ අපිට.....ගිය අවුරුදු දෙකේම හම්බුනේ  ඒ එකේ අයට උනත් මේ පාර සෙටිෆිකෙට් ඔක්කෝම හම්බුනේ අපේ ක්ලාස් එකට.....කොහමත් විභාග වලදි උනත් ශෙක්ෂන් ෆර්ස්ට් ආවෙ අපේ පන්ති දෙකෙන් වෙනකොට උනුයි අපියි උන්නෙ කරට කර....ඉතින් අද මේ කට්ටිය මග රැකන් ඉදලා තරහ පිරිමහන්නෙ ඒකට උනත් ඇත්තම හේතුව ඒක නොවන වග අපි කවුරු උනත් දන්නවා.....ඒත් උන්ට ඕන උනේ අපි එක්ක වලි අදින්න පොටක් වෙනකොට අද අපේ පන්තියට දුන්න සෙටිෆිකෙට්ස් ඒකට හොදටම ඇති උනා

උන් එක්ක ගහගන්න යන්න තරම් අපිට අහේනියක් නැති උනාට මොකද සිතිජට කිව්ව දේ හන්දනම් අපේ එවුන්ට තද උනා....පැන්න ගමන් ප්‍රිෆෙක්ට් කෙනෙක් උන චමරු කට ගහගෙන ආපු ඒ එකේ උන්න බෝසිතගෙ කොලර් එකෙන් ඇදලා අරන්  මූනටම එකක් දීලා අදිනකොට අරුන් ටික කඩිගුල ඇවිස්සෙන වගේ උනා....අපිට කමක් නෑ වෙන මොකක්හරි ගැන කියලා ගහගත්තනම්.....ඒත් සිතිජ.....තිරිසන්නු.....සිතිජ අපේ ස්කෝලෙට ආවෙ ස්කොලර් ශිප් එකකින් බව ඇත්ත.....එයා පන්ති නායකයත් බල ඇත්ත.....සිතිජ තමා අපේ පන්තියේ උන්න බ්‍රයිට්ම ලමයා

එහෙමයි කියලා එයාගෙ අර කිව්වා වගේ ලොකුකමක් ඇත්තෙ නෑ.....ඕන දෙයක් ඇහුවොත් දෙපාරක් නොහිතා කියා දෙනවා.....ඌ ගැන දන්නෙ අපි.....තමුසෙ දුප්පත්නෙ කියලා එකෙක් කියනකොට සිතිජ මුකුත්ම නොකියා බිම බලාගන්නකොට අපේ සීමාව උනත් පයින එක කොහෙත්ම අසාධාරණ නෑ...මොකද උන්ට රණ්ඩු කරන්න ඕන නම් ඕන තරම් හේතු සාධක තිබ්බා....ඒත් තවත් ලමෙක්ගෙ වීක්නස් එකක් අල්ලගෙන ඔහොම ඇගිල්ලෙන් අයින එක හරිද....අනික දැන් උනත් සිතිජ මැද්දට පැන්නෙ වෙන මොකවත් හන්දා නෙවෙයි මෙහෙම තැන තැන රණ්ඩු කරගන්න ඕන නැති නිසා.....සිතිජ කියන්නෙ ඇත්තටම හොද මොනිටර් කෙනෙක්....මොකද එයා හැම තැනකදිම අපි එක්ක උන්නා

කොහමත් අනිත් පන්ති වලට වඩා අපේ පන්තියේ ළමයිගෙ බොන්ඩ් එක වැඩී....ඒ හන්දමයි එකෙක් එහෙම කියනකොට ප්‍රිෆෙක්ට් කෙනෙක් උනත් චමරු දීලා ඇරියෙ.....මෙතන ළමයි දෙතුන් දෙනෙක් ඇරෙන්න මුලු පන්ති දෙකම ඉන්නකොට මම බලාගෙන කඩලයා එකෙක්ගෙ බෙල්ල වටේ අත තද කරනවා.....ඌ මහත හන්දා අරකට රිදෙනවා ඇති....හොද වැඩේ ඔහොම්මමයි වෙන්න ඕන

උක් කනවනෙ දාලා

මුගෙ ආච්චිට_ මගෙ පිටිපස්සෙන් ආපු එකෙක් පිට කොන්දට ගහනකොට එහෙම්මම දත්මිටි කාගෙන පිටිපස්ස හැරෙනගමන් මම බැලුවෙ ගැහුවෙ මොකේකින්ද කියලා....ඒ ලී පටියක්.....කොහෙන් හොයා ගත්තද දන්නෑ ඌ මට ගහලා තිබුනෙ ලී පටියකින්....යකෝ ඒකෙ ඇනේකුත් තියනවා....ඕක එහෙම ඇනුනනම් තමා මම බලාගන්නෙ....උබනම් කනවා පුතේ අද මගෙන් අම්මට උන ගැනෙන්නම.....මට ගහපු එකාගෙ පැත්තට දත්මිටි කාගෙන හැරුන මම අර ලීපටිය උගෙ අතින් ඇදලා අරන් පැත්තකට වීසි කලේ ඒකගෙ බෙල්ලෙන් අල්ලගෙන් කකුල නවලා යටි බඩට ගහන ගමන්.....දැන් සැපයිනෙ තොට

" ඒයි ඕක නවත්තපල්ලා.....නවත්තපල්ලා කිව්වහම අහලා.....දැන් මගෙන් කනවා තොපි ඔක්කෝම  "

" මල්ලි උබලට කිව්ව එක ඇහුනෙ නැද්ද.......ඔතනට එන්න කලින් ගහගන්න එක නවත්තපන් ඉතින් "

" ස්කෝලෙ ඇරිලා ගෙවල් වලට යන් නැතුව මෙහෙම තැන තැන පොරකන්නෙ පිස්සුද උබලට......පොඩී නම් ඒ විදියට හිටපල්ලා......බලපන් පාරෙ යන එවුනුත් බලනවා....ශිහ්......ඔක්කොම......ඔක්කොම වරෙන් ඔෆිස් එකට "

විනාඩි දහයක් යන්නත් කලින් ප්‍රිෆෙක්ට්ලා කට්ටිය අපේ වලිය මැදට ඇවිත් නැවැත්තුවේ අරුන් ඒත් ගිනි පිබිනකොට....ඒත් ඉතින් දැන් නැවැත්තුවා කියලා වැඩක් තියේද....ඔෆිස් එකට ගියත් අපිට බැනලා බැනලා සස්පෙන්ඩ් කරයි....ඒත් දැන් නැවතුනාට ආයම කොයි වෙලේක හරි මේක ඇවිලෙනවා කියලා අපි  නොදන්නවා නෙවෙයි....ඒ පන්තියේ සෙට් එක හරි අපි බලාගමුකො වගේ බැල්මක් දීලා යන්න යනකොට අපිත් උන්ගෙ පස්සෙන් ආවෙ ඔෆිස් එකට....ඒ යනකොටත් පිනා කෝට්ට අතේ තියාගෙන වන වන ඉන්නකොටනම් අරුන් ගිහින් ඉස්සරහින් හිටගත්තෙ අපි කට්ටිය පිටිපස්සෙන් හිටගන්නකොට

ආය මොකටෑ ඉස්සරහට යන්නෙ....අපි නෙවෙයිනෙ පටන් ගත්තෙ.....ඇත්තටම එහෙම බැලුවහම අපේ වැරැද්දක් ඇත්තෙම නෑ....මුං තමා ඉල්ලගෙන කෑවෙ....කට්ටියම ඉස්සරහින් යනකොට මායි පසිදුයි යසිරුයි ගියෙ පිටිපස්සෙන්.....මලීෂ අද ඇවිත් නෑ...එයාට කලාප චිත්‍ර තරග....අපරාදෙ එයත් ඉන්න තිබ්බෙ....මොනා උනත් අපි තුන්දෙනාට මලීශ නැතුව එහෙම ගුටිකන්න බෑනෙ....අපායට ගියත් එකට....ඒකයි තියරිය

" නෙත්සර "

" විකාරද......ඔය අතගන්න අහකට.....පසන් අයියෙ ආය කියන්නෑ මං "

" මොකටද රණ්ඩු වෙන්න ගියේ කියනවා.....බලනවා හැටි විතරක්.....ආසාවටද ගහගත්තෙ.....ඔෆිස් එකට ගියහම එතනිනුත් කන්න වෙනවා තමුසෙලාට "

" ඉතින් ඔයාට මොකද.....කමක් නෑ......ඇරත් ආසාවට ගහගන්න වැඩේමනෙ "

" ආය ඔහොම උනොත් අපි කාටහරි කියන්න "

" ඇයි බේරන්නද "

අපරාදෙ අපිටත් අරුන් එක්ක ඉස්සරහින් යන්න තිබුනා....පසන් අයියා පසිදුගෙ අත අල්ලන්න ගියත් මොකද පසිදු කලේ ඒ අත ගසලාදාපු එක වෙනකොට ඒක තබේකට ගනන් ගත්තෙ නැති පසන් අයියා ඇයි ගහගත්තෙ කියලා අහනකොට පසිදු ඇගට ගොඩවෙනවා මම බලාගෙන.....පිටිපස්සෙ තව වලියක්....වලියක් කියන්නෙ පසිදු තමා බනින්නේ.....යකෝ මූ ඔය බයින්නෙ අපේ DHP ට නේද කියලවත් ගානක් නෑ....ඒ දෙන්නට කාගන්න දීපු මම යසිරුගෙ අතිනුත් ඇදගෙන මැද්දට රිංගුවා

අපි යනකොටත් අපේ මැඩනුයි ශෙක්ෂන් හෙඩ් දිලීප් සරුයි උන්නා....මුංගෙ ඔච්චරටම ලොකුකම එයාලගෙ පන්තිභාර දිලීප් සර් ශෙක්ෂන් හෙඩ් හන්දා....අපරාදෙ මෙවුන්ට ගැහුවා මට නම් මදි.....කොහෙද ඉතින් ප්‍රිෆෙක්ට්ලා කඩා පැන්නනෙ....උන්ටත් ඕන්නැති මගුලක් නෑ....නැත්තම් මදි නොකියන්න කන්න දෙන්න තිබ්බා

" තොපිට ලැජ්ජ නැද්ද තැන් තැන්වල ගහගන්න මී හරක් වගේ......විනයක් කියලා එකක් නැද්ද එකෙකුටවත්.....පන්තිවල ප්‍රිෆෙක්ට්ලට බැජ් දීලා තියෙන්නෙ ලස්සනට නෙවෙයි.....කොහෙද උන් ඊට එහා.....බලනවලා තමුසෙලා කරන වැඩ හන්දා උබලගෙ පන්තිභාර ටිචලත් අසරණවෙනවා.....ගහගන්න සාධාරණ හේතුවක් තිබුනොත් හොදයි "

" සර් ඒ පන්තියේ ළමයි තමයි මුලින්ම රණ්ඩුවට ආවෙ.....අපිට දුන්න සෙටිෆිකෙට් එයාලට එන්න ඕන ඒවලු......අනික එයාලා අපේ පන්තියේ ලමෙක්ට දුප්පත් ගගා අනං මනං කියන්න ගත්තා "

" ඇත්තද මේ කියන්නෙ "

ප්‍රින්සිපල් කෝට්ටත් වන වන අරුන් පැත්තට හැරිලා අහනකොට උන් නෙවේ මුකුත් කිව්වෙ....මොකද දන්නෑ කටවහන් ඉන්නෙ....අපි එක්ක ගහගන්න ආපු කටවල් වලින්ම ඕකටත් උත්තර දෙන්න පුලුවන්නෙ උන්ට....ඉන්න ලස්සන විතරක්....අපරාදෙ ප්‍රිෆෙක්ට්ලා ටික පරක්කු උනානම් කියලා දෙනවා උන්ට ඉතින් අපි.....ගහගෙන තුවාල කරගෙන ඔෆිස් එක ඉස්සරහ උන්නත් මොකද අරුන්ට ගැහුවා මදියි කියලමයි මට හිතුනා

ඒත් එක්කම ස්පෝට් බෑග් එකකුත් එල්ලගෙන රශේන් අයියා ඔෆිස් එක ලග උන්න ලක්ශිත අයියලා ලගින් නැවතුනේ ඒ බැල්ම මේ පැත්තට වැටිලා තියනකොට.....එදා සිද්ධියෙන් පස්සෙ මම එයාව දැක්කෙ සතියකට පස්සෙ උනත් මොකද හරිහැටි  හේතුවක් නැති උනත් මම කලේ එයා බලන් ඉන්නකොටම අහක බලාගත්තු එක

" හරි මේ පලවෙනි සහ අවසාන වතාවට වෙන්න ඕන හරී.....හැබැයි පුතෝ ආයම මෙහෙම දෙයක් නිකමට හරි වෙලා තිබුනොත් එවෙලෙට මෙහෙම නිකන් අත අරින්නෑ මං තොපි එකෙක්ව....ඔක්කොමලව පට්ට ගහනවා.....අනික උබලා ආය මේ පන්තියේ ලමයිට මොනවාහරි කියලා තිබුනොත් බලාගමු......අද ඉදන් සතියක් තොපි සස්පෙන්ඩ්......මී හරක් වගේ කා කොටාගන්නවා.....ස්කෝලෙට වෙන කැලල ගැන හිතන්නෑ.....ආය එනකොට දෙමව්පියො එක්කන් එන්න ඕන.....දැන් යනවලා "

ප්‍රින්සිපල් එහෙම කියනකොට අපි කට්ටිය ඔලුව වනාගෙනම එන්න ආවා....හිතුවා වගේම සතියක් සස්පෙන්ඩ්.....ඒකට කමක් නෑ ගැහුවෙ නෑනෙ....ඇරත් සුලු සුලු තුවාල ඇරෙන්න පන්ති දෙකේ කාටවත් එහෙම ලොකු දෙයක් උනේ නැති හන්දම ඔයින් ගියා....දැන් තමා තුවාල වල වේදනාව දැනෙන්නෙ....මගුල ඒකත් දැන් තමා රිදෙන්නෙ.....යසිරුවා ඒ අස්සෙන් කොරගහනවා මම බලාගෙන

අපේ පැත්ත බලන් උන්න රශේන් අයියා දිහත් එක පාරක් විතරක් බලපු මම එන්න ආවා....යසිරු අනිත් පැත්තෙන් යන්න යනකොට පසන් අයියා හන්දා මම අකමැත්තෙන් උනත් පසිදුව දාලා ආවා.....නොකිව්වට පසිදුගෙ හිතේ මොකක්හරි පසන් අයියා ගැන තියෙන්න ඕන....අවුරුදු ගානක්ම මා එක්ක එකට හිටපු යාලුවව මට තේරෙන්නැද්ද....මම කියන්නෑ පසිදුගෙ හිතේ පසන් අයියා ගැන තියෙන්නෙ ලව් ෆීලින් එකක් කියලා....අඩුම ඇක්ට්‍රෑක්ෂන් එකක් හරි....ඔය මොකක්හරි මට හිතාගන්න බැරි අපේ එකා මොකද පසන් අයියා දැක්ක තැන පුප්පන්නෙ කියලා

මම උන්නෙ හෝල්ට් එකේ....ආයම බස් එකක් එන්න තව විනාඩි පහලවක්වත් යාවි.....ඔය ඔක්කොම පැත්තකින් තියන්නකො ගහපුවා කෙසේ වෙතත් කාපුවගෙ රගේ දැනෙන්නෙ දැන්....වම් අතේ වැලමිට ලග උඩ හම සීරිලා ගිහින් තියනකොට සුදු දිග කලිසමේ එක කකුලක මඩ පැල්ලමක් තිබුනා.....ශර්ට් එකේ උඩ බොත්තම කැඩිලා ගිහින් තියනකොට ඒකත් ඕනවට එපාවට යට කරගත්තු මම තුවාල වෙලා තියන අතේ ලේන්සුව ගැටගැහුවා

ඒත් එක්කම ආපු BMW එකක් බස් ස්ටෑන්ඩ් එක ලග හෝන් එකක් ගහන ගමන් නතර කරනකොට ආවෙ කවුද කියලා දන්නවා උනත් මොකද මම කලේ ඇහුනෙ නෑ වගේ අහක බලාගත්තු එක උනත් පිටිපස්සෙ දොර ඇරපු රශේන් අයියා කාර් එකෙන් බිමට බහිනවා ඇස් කොනට මම බලාගෙන

" වීද්වාන් නගින්න "

" ඕන නෑ දැන් බස් එක එයි......අයියා යන්න මම එන්නම්......කරදර වෙන්න එපා"

" බස් එකක් ආවත් ඔයාට දැන් ඔහොම යන්න පුලුවන්ද......මුරුන්ඩු නොවී නගින්න "

රශේන් අයියා එහෙම කියනකොට මම බලන් උන්නා....මේ දවස්වල වොලිබෝල් තරග හන්දා ස්කූල් ටයිම් එකේ තමයි එයාලට හුගක්ම ප්‍රැක්ටිස් තිබුනෙ....මොකද අගෝස්තු ඒලෙවල් හන්දා ක්ලාස් යන්න පාඩම් වැඩ කරන්න හුගක් දවස්වලට එයාලට හවස නිදහස තිබුනා....කලු බොටම් එකට අත් කපපු බැගී ටී ශර්ට් එක ඇදලා තියනකොට එයාගෙ අත්වල මසල්ස් ඕනවටත් වඩා හොදට ඉලිප්පිලා පෙනුනා....කොහමත් ස්පෝට්ස් කරන අයට ස්කෝලෙ ඇතුලෙ වෙනම ජිම් එකක් තිබුනෙ එයාලගෙ ෆිට්නස් හදාගන්න

රශේන් අයියා කාර් එකේ දොර ඇරලා බලාගෙන ඉන්නකොට එයාටත් රවාගෙනම මම නැග්ගෙ ඔය මොන බයිලාව ගැහුවත් අන්තිමට එයා දිනලා මම පරදින හන්දා....

" ම්ම්ම් මේක ගාගන්න......මරු එකා රණ්ඩුවෙන්න ගිහින් තියෙන්නෙ......ඇගේ හැටි බලනවකො ඕයි තමුසෙගෙ "

" ඕන නෑ මට පුලුවන්_ ඒයි ඒයි ඔය මොකද කරන්නෙ.....ආව්....හ් අනේව් ඉන්න දීපන්කො අයියෙ......රිදෙනවා ඕයි"

එහා පැත්තෙන් කාර් එක ඇතුලට නැග්ග රශේන් අයියා බෑග් එකක් දික්කරනකොට මම බැලුවෙ මොනවද කියලා.....බෙතඩින්......සේලයින්.....ගෝස් කෑලි.....ප්ලාස්ටර්.....මේවා කොයි වෙලේද දන්නෑ ගත්තෙ....ඔය කොහම උනත් මම බොහොම ගරුසරු ඇතුව දුන්න බෙහෙත් ටික එපා කියලා කියන්න හැදුවත් මොකද කොහෙද මට කියලා ඉවරකරන්න බැරි උනේ සීරිලා තිබුන අත ගත්ත අයියා ඒක සේලයින් වතුරෙන් පිහදානකොට

මගෙ අත නිකන් දඩු අඩුවකට හිරවෙලා වගේ.....කොහමත් එයා එක්ක බලනකොට මම කුඩා ජීවියෙක්.....සේලයින් වතුර තුවල වලට වැටෙනකොට මම කෑගැහුවෙ ඉස්සරහ වාහනේ එලවන ඩ්‍රයිවර් අංකලුත් කන්නාඩියෙන් මේ පැත්ත බලනකොට.....මූ තනිකරම හිට්ලර් කෙනෙක්.....මොන තරහක් පිරිමහනවද මංදා....වේදනයි යකෝව්....මම අනිත් අතෙන් ඒ උරහිසට පාරක් ගැහුවත් අත අලු ඇස් වලින් තද බැල්මක් මට දුන්න රශේන් අයියා එතනට බෙතඩින් ගාන්න ගත්තෙ දැනෙන වේදනාවටම යටිතොල දත් අස්සෙ හිරවෙනකොට....බැරිම තැන එයාටත් රැව්ව මම නොක්කාන්ඩුවට අහක බලාගත්තා

" ආයම මේ වගේ මුරන්ඩුකාර වැඩ කරන්න එපා විද්වාන්.....බලනවා ඇදුමෙ හැටි.....මඩ එකයි......සතියක් සස්පෙන්ඩ් නේද කට්ටිය.....අම්මට මොකද කියන්නෙ ගෙදර ගිහින් "

" අම්මට මොනවා කියන්නද ආය......රණ්ඩු උනා කියනවා "

" කකුලෙ තුවාලෙට ගෙදර ගිහින් බේත් දාගන්න.....අම්මා එක්ක බෙහෙත් ගන්න යන්න රෑ වෙනකොට උන ගැනෙයි "

ඒ ඇස් මගෙ ලග නැවතිලා තියනකොට මම කලේ ප්ලාස්ටරයක් ගහලා තිබුන අත දිහා මුකුත් නොකියම බලන් උන්න එක....මම බලාගෙන බර හුස්මක් පාත දාපු රශේන් අයියා ශීට් එකට ඔලුව හේත්තු කරගන්නවා....වෙනසක් නැතිව අදත් ඒ ලක්සරි වැනිලා සුවද නාස්පුඩු අස්සෙන් රිංගනගමන් හදවතේ කුටීර පුරවන්න ගන්නකොට මම එහෙම්මම වීදුරුවෙන් එලිය බලාගත්තා

....ප්‍රේමය උනත් ඉදලා ඉදලා ස්පර්ශ කලේ හදවතේ සියුම්ම මරමස්ථාන වෙනකොට මට කියන්න මල් පිපෙන සෘතුවක් වෙනුවෙන් බලන්  ඉන්න මම ඇත්තටම වැරදිද.....

🌼 අදහසක් කියන්න යන්නලා අනේ....ව්

Share This Chapter