Back
/ 47
Chapter 39

🌼 Chapter 38 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

" උබ මම ඔතනට එනකොට ලෑස්තිවෙලා ඉදපන් ශෙවී හරී......නැත්නම් මම ආවහම තමා ඇදුම් අදින්න ගන්නෙ "

" හා....හා හරි අනේ මට තේරුනා.....ඔයා එන්නවකො මම මේ දැනටමත් ලෑස්තිවෙනගමන් "

" ම්ම්ම්......මම මේ එන්න හදන්නෙ "

" පරිස්සමට එන්න ආශර ඕකෙ ඉගිල්ලෙන්න නම් හදන්න එපා "

" නෑ.......නෑ ඉගිල්ලෙන්න මේකට තට්ටු නෑනෙ ශෙවී.....මම තියනවා "

" ම්ම්ම් "

අවසානයටම ආශරගෙන් ආව කෝල් එක කට්වෙලා යනකොට කනේ රදවන් උන්නු ෆෝන් එක අරන් මම පැත්තකින් තිබ්බා.....ඒකා ඔය කෝල් කරන්නෙ මට ඊයෙ රෑ ඉදන්.....එහෙමට ලොකුවට මිතුරු සමාගමක් නැති හන්දා ආශර කියන්නෙම වචනෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මට හොද යාලුවෙක් වෙනකොට එයාගෙ ගෙදර නොගිහින් මම කොහමද.....අම්මා නම් කිව්වා පරිස්සමට ගිහින් එන්න කියලා....අප්පච්චි උනත් අවුලක් නෑ....කොහමත් මම පොඩි එකෙක් නොවෙනකොට දෙමාපියෝ උනත් එයාලා හැමවෙලාවකම මගෙ නිදහසට ඉඩදීලා පිටිපස්සට වෙලා බලන් උන්නා

නොකිව්වට මොකද මම හොදාකාරවම දන්නවා වැඩි කතාබහක් නැතත් අප්පච්චි මාව තදකරලා අල්ලගෙන ඉන්නවයි කියන එක.......කතා කරන්නෑ කියන්නෙ අපේ අම්මා වගේ කච කච ගාන්නෙ නැති එක......ඒ එයාගෙ හැටි.....අප්පච්චි නම් හැමවෙලාවකම කියන්නෙ මොනා නැතත් අම්මගෙ ටකරන් කටනම් අඩුවක් නැතුව මට ඇවිත් කියලා......එක අතකට එයා එහෙම කියන එකත් සාධාරණයි

ලා ක්‍රීම් පාට අත් දිග ශර්ට් එක ඇදගන්න ගමන් උන්නු මගෙ ඇස් ගිහින් නැවතුනේ කන්නාඩි මේසෙ කොනකට වෙන්න තිබුන ඒ දෙන්නාගෙ පොටෝ එක ලගට

ඒ ඉන්නෙ මේ ලෝකෙ මාව ඕනවටත් වඩා හොදට තේරුන් ගත්ත දෙන්නෙක්.....ඕනම දෙයක් බය නැතුව ගිහින් කියන්න පුලුවන් දෙන්නෙක්.....අහස්.....පිරිමියෙක් උනත් මොකද ඒ උන්නෙ මගෙ ආදරණීය අම්මා ! යශෝධරා කුලේට අයිති ගෑනු පාර්ශව විතරක් නෙවෙයි පිරිමි පාර්ශවත් ඉන්නවා කියලා මට කියලා දුන්නෙ එයා.....ඊට එහා පැත්තෙ උන්නෙ මගෙ අප්පච්චි........අයුල්.......මගෙ ලෝකෙ වීරයා....

දන්නවද මගෙ අප්පච්චි ඉන්නවා නේද එයා ඇවිත් මහ ආදරණීය නුස්සයෙක් ! ආදරේ කප්පරක් තරම් ඒ පපු දාතුව අස්සෙ හංගන් එක අංශු මාත්‍රයක් පෙන්නුවත් මොකද ඇත්තටම එයා ඇවිත් ආදරණීය මනුස්සයෙක්

මම හරි ආදරෙයි ඔයාලට

ඒ දෙන්නාගෙ පොටෝ එක දිහා බලනගමන් මම ලාවට මිමිණුවා.....සමහරවිට එවෙලෙ මගෙ මූනෙ හරි ලස්සන හිනා රැල්ලක් ඇදිලා ඇති.......මම බලන් උන්නෙ කන්නාඩියෙන් පේන මගේම රූපෙ දිහා.....බෙල්ලෙන් ටිකක් පහලට වැටෙන්න තිබුන කොන්ඩ ගස් ටික එකතුකරලා එක මිටකට ගත්තු මම බූල් බෑන්ඩ් එකක් දාගත්තා

බය නැතුව ඕනම දෙයක් අප්පච්චිට කියන්න පුලුවන් කියලා කිව්වට ඇත්තටම මම කොහමද කටක් ඇරලා කියන්නෙ මට කරාබුවක් දාන්න ඕන අප්පච්චියේ කියලා....T56 හයකින් කෙලලා අරීවි මට......ලොකුයි කියලා නෑ එයාලට තාම පොඩියිනෙ......ගැහුවා කියලා මට මානව හිමිකම්වත් යන්න පුලුවන්ද මං අහන්නෙ මගෙම අප්පච්චි ආමි එකේ ඉන්නකොට.....බෑනෙ ! කමක් නෑ ගුටිකන්න හරි දවසක කරාබුවක් දාගන්නවමයි

කන්නාඩියෙන් පේන මගේම රූපෙ දිහා බලන් උන්නු මම මා එක්කම හිනා උනා.....ඔය ඉන්නෙ කොල්ලා හැන්ඩියට......පර්ස් එක පොකට් එකට දාගත්තු මම ආයම සැරයක් ඊයෙ රෑ ලෑස්ති කරලා තිබුන බෑග් එකේ අඩුපාඩු බැලුවා.....නොකිව්වට මොකද මේ ඇවිත් පලවෙනි පාර මම යාලුවෙක්ගෙ ගෙදර නවතින්න යන.....ඇත්තටම පහු උන අවුරුදු දිහා ආයම වතාවක් හැරිලා බැලුවොතින් මට සෙට්වෙන යාලුවෙක් හිටියෙ නැතිම තරම්.....එක්කෙනෙක් දෙන්නෙක්ව ආශ්‍රේ කලත් මොකද මගෙ වයිබ් එකට ගැලපෙන තරම් කෙනෙක් හම්බුන් නෑ......ඒත් ආශර එහෙම නෑ

" කෝ බෑග් එක දීපන් "

" ඕන නෑ මට මේක අරගන්න පුලුවන්......මෙහෙම හිටියට මාත් හෙන ෆිට් කොල්ලෙක් හොදේ "

" හාකො.....එහෙමවත් හිතමුකො "

" හිතන්න දෙයක් නෑ ඒක එහෙම තමා "

මම කිව්වෙ ඇද උඩ තියන බෑග් එක උස්සලා කරට දාගන්න හැබැයි.....ඒත් ඒක එල්ලගත්තට පස්සෙ තමා මට අපරාදෙ කියලා හිතුනෙ......පට්ට බරයිනෙ යකෝ මේක එච්චර දෙයක් දාගත්තෙත් නෑ......බෑග් එකේ බරට උරහිස් රිදෙන්න ගන්නකොට මගෙ කට ඇදවෙලා ගියා.....ආශරට දෙන්න තමා තිබුනෙ.......දැන් ඉතින් මොනා කියලා කරන්නද ඔය සේරෝටම වඩා මගෙ බක පණ්ඩිතකම ලොකුවෙනකොට

" මේ මම නොකිව්වයි කියන්න එපා ආශර හෙමින් පලයන් හරිද.....බැරිනම් කියන්න මම ටැක්සි එකක එන්නම්.....බයික් එක ගත්තහම තමුසෙට තටු එනවනෙ "

" අයියෝ හරි බන් හරි ඔය ටකරම වහගනින්කො ශෙවී...හ් ආව්හ් යකෝව් "

" ටකරම විතරක් කියන්න එන්න එපා මට"

ආශර මට ටකරම කියනකොට මම කලේ නොක්කාන්ඩුවට ඒ අතක් අරන් හයියෙන් කොනිත්තපු එක.....කොනිත්තපු පාර ඒකගෙ අත රතුවෙලා ගිහින්......කමක් නෑ හොද වැඩේ....ආවා මෙතන

" මේ හෙල්මට් එක දාගන්නවා......පොලිසියෙන් ඇල්ලුවොත් මාමා එන්නෑ බේරගන්න "

ආශර මගෙ පැත්තට හෙල්මට් එක දික්කලේ බයික් එකට නගිනගමන්.....ඒකා දික්කරපු හෙල්මට් එක ඔලුවට දාගත්තු මම බෑග් එකත් එල්ලගෙන බයික් එකට නැග්ගා......අපරාදෙ පැය ගානක් කට්ට කාලා හදාගත්ත කොන්ඩෙ.....ඒත් එක්කම ඒකා බයික් එක මුලු පලාතටම ඇහෙන්න රේස් කරනගමන් ඉස්සරහට ඇද්දුවෙ මම ගිහින් කෙලින්ම ආශරගෙ පිටේ වදිනකොට

මම මුට_

" ආව්....හ් යකෝ ශෙවින් ! "

" ඇයි......මොකද ශෙවින් තමා.......හිමින් පලයන් ආශර.......ඇත්තමයි හයියෙන් ගියොත් ගහන එක ගහනවා මම "

" උබට ගහන්න පුළුවන්නෙ......කට වහගෙන අල්ලගනින්......ඇරත් උබට ගහන්න කෙනෙක් ඉන්නවා "

" මොකක්ද කිව්වෙ ඇහුන් නෑ "

" මුකුත් කිව්වෙ නෑ......හයියෙන් අල්ලගනින් "

පේනේද මුට කියලා කට ගන්න හම්බුන්නෑ පියාඹන්නගත්තා.....ඔය යන විදියට මාවත් ටිකට් නැතුව පාවෙනවා.....පිටිපස්සෙ ඉදන් උන්නු මම අරකට දෝත බදලම දෙක තුනක් දීලා ඇරියෙ ආශර කෑගහනකොට......ඒත් එක්කම ඒකා මොනාද මංදා හෙමිහිට කිව්වත් මොකද මට ඒ කිව්වෙ මොනවද කියලා හරිහැටි ඇහුනෙ නැත්තෙ බයික් එක හුලගත් කපාගෙන යන වේගෙට

අවසානයටම ලොකු ගේට් එකක් ලග නවත්තලා ආශර හෝන් එක ගැහුවෙ ඒත් එක්කම සෙකියුරිටි එකේ අංකල් කෙනෙක් ඇවිත් ගේට් එක අරිනකොට.....ආශර බයික් එක ඇතුලට දාලා නවත්තනකොට මෙච්චර වෙලාවක්ම උඩට අරන් හිරකරන් උන්නු හුස්ම පොද මම පහලට දැම්මා.....සැනසීමයි.......දාගෙන උන්නු හෙල්මට් එකත් ගලෝලා ඒකට දුන්න මම ටිකක්වෙලා ඉස්සරහින් පේන ගේ දිහා බලන් උන්නා.....කියාගන්න හරිහැටි නොතේරෙන හැගීමක්.....මට තේරෙන්නෑ අහේතුවකට මට දැනුනෙ මම කලිනුත් මෙහෙට ඇවිල්ලා තියනවා වගේ ෆීලින් එකක්.....ඇයි මට මේවා හුරුවට දැනෙන්නෙ.....ඒක මමවත් දන්නෑ

" ඕයි ශෙවින් ! "

" ආ...ඕහ් ආශර කියන්න "

" ආශර නෙවෙයි වරෙන් ඇතුලට යන්න මෙතනට වෙලා බලන් ඉන්නෙ නැතුව "

ආශර එහෙම කිව්වෙ මගෙ කරවීමට අතක් යවනගමන් වෙනකොට එයා එක්කම බෑග් එකත් අරන් ගේ ඇතුලට ආවත් මොකද දොරකඩ ලගදි ඇතුලට තිබ්බ මගෙ කකුල් ඉබේටම නැවතුනා......ඒත් එක්කම මගෙ ඇස් ගිහින් නැවතුනේ ගරාදි වැට අල්ලන් උන්නු  රූපෙ ලගට

මොකද ඒ උන්නෙ ආශරගෙ මාමා !

මම තාමත් බලන් උන්නෙ පඩිපෙල බැහැගෙන එන්න හදපු ඒත් මාව දැකලා නැවතුන එයා දිහා බලන්.....ඒ ඇස්වල මොන මොනවදෝ හැගීම් රොත්තක් එකම එක තප්පරේකට ඇදිලා මැකිලා යනකොට මගෙ පපුවෙ පැත්තක් හරි අමුතු විදියට රිදෙන්න ගත්තා.....ඉතින් මේ විනාඩි ගානෙ කීවෙනි වතැවටදෝ මංදා මම නුපුරුදුයි කියලා හිතන් ඉන්න ඒත් මට හුරු හැගීමක් හදටෝම දැනුනා...

අලු පාටට හුරු කලු පාට ඇස් දෙකක්

අර ගනන්කාර වැනිලා සුවද

කෝටි ප්‍රකෝටි ගණනින් හැගීම් හිරවුන අහංකාර බැල්මකට අදත් මම අහු උනා......මුරණ්ඩුකාර හිත මටත් ද්‍රෝහිකම් කරනගමන් අර වලව්කාර ඇස් ඉස්සරහ

වේග රිද්මෙන් ගහෙන්න ගන්නකොට අර අලු ඇස් අයිතිකාරයා දිහා මම බලන් උන්නා

තමන්ගෙන් පිටදාන එක බැල්මකට හදවත සාමාන්‍ය රිද්මයෙන් පිටපන්නෝන ගමන් මොලෙත් එක්ක ට්‍රැක් පන්නන්න ඔයා ඇර ඔය කාටවත් බෑ

ඉතින් දන්නවද ' මැණික '

මං තරමින් ඔයාට ආදරේ කරන්න මම කියන්නෙ  ඔය කාටවත් බෑ....

ඔව්වා ඇවිත් ගන්න හුස්ම පොද පවා පපු කදන් අස්සෙ හිරකරලා දාන බැල්මවල් !

" තරූ යාලුවව ගෙට ගේන්න "

මම ගැස්සිලා ගියා.....එයා දිහා බලන් උන්නු මම ගැස්සිලා ගියෙ ආශරගෙ අම්මගෙ කටහඩට.......කුස්සිය පැත්තෙ ඉදන්ද කොහෙද මැදි වයසෙ ගෑනු රූපයක් අපි පැත්තට හිනාවෙවී එනකොට ආශරගෙ පිටිපස්සට වෙන්න උන්නු මම අඩියක් ඉස්සරහට එනගමන් නැන්දා එක්ක හිනා උනා.....ඒත් එයා මාව දැකලා එක මොහොතකට පුදුම උනාද කොහෙද

" අම්මා මේ ඉන්නෙ අර මන් කිව්ව මගෙ බොක්කෙ ෆිට් එක "

" කොහෙද දරුවො "

" හොදින් ඉන්නවා නැන්දෙ "

" ඔයාලාට මහන්සි ඇතිනෙ යාලුවවත් එක්කගෙන උබට යන්න....මාමා ආවා අද "

" පුදුමයි එයාට මෙහෙ මතක්වෙලා "

මගෙ දිහා පුදුමෙන් වගේ බලන් උන්නු නැන්දට ආශර මාව හදුන්වලා දෙනකොට මම කලේ එයා එක්ක හරි ලස්සනට හිනා උන එක.....ආශරගෙ අම්මා ලගට ඇවිත් හිනාවෙනගමන් ඔලුව අතගානකොට මම එහෙම්මම පඩිපෙල දිහාට ඇස් ගෙනිච්චා......ඒත් එතන තාමත් මම හොයන රූපෙ උන්නෙ නැතිකොට ආශර එක්කම මම උඩට ආවා

" උබ කැමති විදියට හිටපන්.....මම වොශ් එකක් දාන් එන්නම් "

ආශර එහෙම කියනගමන් එතනම දොරත් ඇරගෙන බාත්රූම් එකට යද්දි මම කලේ පොත් මේසෙ ලග පුටුවෙන් බෑග් එක තියනගමන් ඇදෙන් හාන්සිඋන එක.....ඒත් එක්කම මතක් උන දෙයක් හන්දා මම ඉද්දගැහුවා වගේ කෙලින් වෙනගමන් ඇදේ එරමිනියා ගොතාගෙන ඉදගත්තෙ සාක්කුවේ තිබුන පෝන් එක අතට ගන්නගමන්

අම්මට කෝල් එකක් ගන්න ඕන

අම්මගෙ නම්බර් එක ඩයල් කරපු මම පෝන් එකත් කනේ තියාගන්න ගමන් එහෙම්මම ඇදවිට්ටමට හේත්තු උනා.....උපරිම රින්ග්ස් තුනක් නැත්නම් හතරක් යන්න ඇති එහා පැත්තෙන් කෝල් එක ආන්සර් වුනා

" සුදු පුතා "

ගැඹුරු කටහඩක්......ඒ ඇවිත් කොහෙත්ම මගෙ අම්මාගෙ කටහඩ නොවෙනකොට මූනනට වැටුන කොන්ඩ කෑලි දෙක තුනක් අතින් මම පස්සට කලා......ඒ කතා කලේ අප්පච්චි.......ඒ අප්පච්චිගෙ කටහඩ

" අප්පච්චි "

" යාලුවගෙ ගෙදර ගියාද "

" ඔව් මම දැන් ටිකකට කලින් එහෙ ආවෙ.......ඒක කියන්න ගත්තෙ කෝ අම්මා"

" එයා උයනවා_

ඔයා හිරමනේ උඩ නැගගෙනද මේ පොල් බෑය ගෑවෙ මන්දාර......පොල් මිරිකන්න නෙවෙයි ගාලා තියෙන්නෙ අමුඩ වගේ "

අප්පච්චිට කියලා කටගන්න හම්බුන්නෑ එහා පැත්තෙන් අම්මා කෑගහන සද්දයක් ඇහෙනකොට මම පෝන් එක අනිත් කනට මාරුකලේ අප්පච්චි හොද හුස්මක් ඉහලට අදින සද්දෙ ඇහෙනකොට......දැන් අවුරුදු ගානක් තිස්සෙ ඉදන් අප්පච්චි අම්මට පොල්ගානවා.....අර කිව්වත් වගේ එයා ගාන පොල් නම් මිරිකන්න ගන්න බෑ......අප්පච්චි දන්නෙත් පොල් ගාන්න විතරයි.....පව් හැබැයි

" පේනවා නේද උබගෙ අම්මාගෙ කටේ සද්දෙ.......ආමි එකේ උස පුටුවක හිටියත් වැඩක් නෑ බන් මම ඔය කටට බයයි........හැබැයි අපරාදෙ කියන්න බෑ මගෙ පුතා උනාට උබට ගිහින් තියෙන්නෙත් ඒ ටකරමම තමා "

" අනේ මේ තාත්තෙ ! මම අම්මට කියනවා හරිද......එක අතකට හොද වැඩේ "

" උබට මම "

" මම තියනවා.....බායි බායි......අම්මාට කියන්න එයාගෙ සුතු පුතා කතා කලා කියලා හොදේ...හ් ආදරෙයි අලයක් තරම් "

එහෙම කියපු මම අප්පච්චි ආය මුකුත් කියන්න කලින් පෝන් එක කට් කරලා දැම්මා.....ඒත් එක්කම ආශර තුවායත් කරේ දාගෙන එනකොට ඒකාට ලා හිනාවක් දුන්න මම ඇදෙන් බැහැලා ඇවිත් බැල්කනි එකේ අත් වැටට වැලමිට තියනගමන් හේත්තු උනා

ඇස රැදුන රැදුන තැන්වල

මුව මඩල හිනහුනා

ඔබ මතක නැති කරන්නට

මට මතක නැති උනා

රෑ කවුද හිමින් එළැබී

මගෙ කනට මුව තියා

මින්දදගෙ දුන්න මල් හී

පහකැයි කියා ගියා.....//

එහා පැත්තෙ ගෙදරක දාලා තියන සිංදුවක් ලාවට කනට ඇහෙනකොට මටත් හොරාට මගෙ ඇස් පියවිලා ගියා.....ඒ සිංදුව මොන තරම් ලස්සනද......හරිහැටි තෝර බේරගන්න බැරි දහසකුත් හැගීම් හිත අස්සෙ පොරකනකොට මම දරන් උන්නා.....නෑ මං අහන්නෙ සිංදුවකට පුලුවන්ද ඔය තරමටම මනුස්සයෙක්ගෙ ගැබුරටම ගිහින් හැගීම් අවුස්සන්න.....වෙන්න පුලුවන්.....මොකද සමහර සිංදු තියනවා ඒවා ඇවිත් තනිකරම පද පේලි වලට එහා ගියපු දරුණුතම ගනයේ සංවේගයන්

දුක් පැදුර දිගැර අලසව ඇත

හද ගිමන් හලේ

නින්දකට නොවැටි  තැවි තැවි

මුලු රැය පහන් කලේ.....

ඒත් එක්කම මගෙ ඇස් අහේතුවක ගිහින් නැවතුනේ මිදුලෙ අයිනට වෙන්න තිබුන අඹ ගහ යටට වෙලා කෝල් එකක උන්නු එයා ලග.....ආශරගෙ මාමා ! එයා උන්නෙ කෝල් එකක......උඩ ඉන්න මාව එයා නොදැක්කත් මොකද මම එයාව හොදටම දැක්කා.....

කෝල් එක ඉවර උන එයා ඇතුලට එන්න හැදුවත් උඩ ඉන්න මාව   ඒ ඇස්වලට අහුවෙන හැටි මෙතනට මට හොදටෝම දැනුනා

වැසු විමන් පියන් පියවා

රදවනන්න මට හිතයි...

උඩු හිතට වැඩිය ඔබ ගැන

විමසන්නෙ යටි හිතයි.....//

ඇස රැදුන රැදුන තැන්වල

මුව මඩල හිනහුනා

ඔබ මතක නැති කරන්නට

මට මතක නැති උනා....

මිලි තප්පර ගානක බැල්මක් මේ පැත්තට වෙන්න දීපු එයා මුකුත්ම නොවුනා වගේ යනකොට ඒ දිහා බලන් උන්නු මම කලේ ඇස් උස්සන ගමන් නිම්බස් වලාකුලක් දෙකක් විතරක් හිමිහිට පාවෙන අහස දිහා බලපු එක.....එතන බලන්න මුකුත්ම නෑ.....එහෙමයි කියලා මම ඇස් අහකට ගත්තෙත් නෑ

නොස්ටැල්ජික් හැගීමක්......

ආශි..ශ් උබට පිස්සුද.....පාඩුවේ ලබ් ඩබ් ගාන හදවත එක පාරම බාහිර ආතල් දෙන්න ගන්නකොට නෑ මම අහන්නෙ ඉවසනවා කියලා ඔහොමත් ඉවසන්න පුලුවන්ද?

ප්‍රේමය කියන්නෙ සංසාර හුරුවකට.....

ඔයාව දකිනකොට මට හිතුනෙ එහෙම

ඉතින් අර තරුකැට පුරෝගත්තු ගනන්කාර බැල්ම නිකමටවත් හුරුනෑ කියන්න  බෑ.....

අහස් ගව්ගානක් දුර ගියත් ඔයාව දන්නෙ නෑ කියන බොරුව මට කියන්න බෑ....

ඔව් මම ඔය ඇස් ඉස්සරහ  පැරදුනා

දන්නවද,

එදත් මේ වගේම පපු දාතුවට

හෙනගගහා හොදටෝම වහින හවස් වරුවක් !

🌼   ඔන්න මම ආවා.....අද නම් සෙට්ද දන්නෑ.....සමාවෙන්න පරක්කු උනාට.....මේ දවස්වල අසනීප 😑🤌

Share This Chapter