Back
/ 47
Chapter 6

🌼 Chapter 06 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

මම උන්නෙ අපේ හවුස් එකේ හදපු බැජ් ටික ළමයිට බෙදන ගමන්.  ප්‍රිෆෙක්ට් බැජ් එකේ හැඩේට හදාපු වටේට රත්තරන් පාටින් ගානට දිලිසෙන කුඩු ගිහින් තියන හවුස් එකේ නම එක්ක ලස්සන ආට් එකක් එක්ක අන්තිමටම කහ පාටින් බේබි රිබන් පටියක් ගියපු බැජ් එක ඇත්තටම තනි වචනෙන් කිව්වොත් පට්ට....ආට් එකේ අයියලාගේ වැඩ තමා.... හවුස් එකෙන් එලියට ගියපු මම බැජ් ටිකත් අතේ තියාගෙන හෙව්වෙ පසිදු කෝ කියලා....ඇතුලෙ ඉන්න කට්ටියට දුන්නට මොකද මෙතන නැති ස්කෝලෙ තැන් තැන්වල ඉන්න එවුන්ටත් දෙන්න එපෑ....කොහමත් හොයාගෙන නම් යන්න බෑ කට්ටිය දන්නවනෙ බැජ් තියෙන්නෙ හවුස් එකේ කියලා....එන එන අයට මෙතන ඉදන් දෙන්න තමා තියෙන්නෙ....පසිදුටයි මටයි බැජ් දෙකක් සාක්කුවට දාගත්තු මම බැලුවෙ අපේ හවුසස් දිහා. හැම හවුස් එකක් ඉස්සරහින්ම ඒකෙ පාට තියන කොඩියක් ගහලා....

පිට්ටනියෙ කෙලවරටම වෙන්න තිබුනෙ අපේ කැලණිහවුස් එක....අපේ හවුස් එක මොනරෙක්....ඊට එහා පැත්තෙ තියන මහවැලි එක යුධ ටැංකියක්....ඊටත් එහා පැත්තෙන් තියන නිල්වලා එක නැවක්.....එහා කෙලවරේ තියන වලවේ එක ටජ්මහලක්...ඇත්තටම කියන්න වචන නෑ තරග කෙසේ වෙතත් හදලා තියන හවුසස් ටික නම් ගින්දර....කොහමත් ඕවා ඩිසයින් කරන්නෙ ආට් සෙක්ශන් එකේ කට්ටියනෙ.....එයාලා තමා ඉතින් ස්කෝලෙ ඕනම උත්සවයකට සැරසිලි හදන්නෙ....අනිත් අය ඩිසයින් කරපු විදියටම ඒ හවුස් එක හදන්න හුගක් මහන්සි වෙනවා. මොකද පුවක් කදන් උන ලී කීයක් කියලා ඕනද එක හවුස් එකකට

දැනටමත් දොළහ මාරට විතර ඇති...හවස තුනට පටන් ගන්න ස්පෝට් මීට් එකට කට්ටිය ලෑස්ති වෙන්නෙ අද ඊයෙක ඉදන් නෙවෙයිනෙ. ළමයි වගේම ටීචර්ලා පිට්ටනිය පුරාවටම එහෙ මෙහෙ දුවන්නෙ හරි හදිස්සියට....ටීචර්ස්ලාගෙ එහෙම ලස්සන   බලන්න ඕන...එයාලා මේකප් දාලා අලුත්ම සාරි ඇදලා ඉන්නකොට සර්ලත් ඉතින් නලුවො වගේ....අපේ හවුස් එකේ ඉන්න ප්‍රදීපා මිස් මේ බැජ් ටික ඇගේ නොගහන්න දැනටමත් එහෙනම් මම අනිත් ඒවටත් රිංගලා. පිට්ටනියට එන තැනම ටිකක් එහාටවෙන්න ලොකු හට් එකක් ගහලා බැලුම් එහෙම එල්ලලා සරසලා තියෙන්නෙ ආරාධිත අමුත්තන්ට

" කොහෙද ඕයි හිටියෙ.....මම හෙව්වා "

" අරුන් දෙන්නව බලලා ආවා.....මොකද ඔය බැජ් ටික අතේ තියන් කරන්නෙ බෙදන්න කිව්වද "

" ඔව් බන් බලහන්කො.....අනිත් හවුස් වලට ගියෙත් නෑ බලන්න "

ඒත් එක්කම මෙච්චර වෙලාවක්ම අතුරුදහන් උන පසිදු මහවැලි එකෙන් එනකොට ලගට ආපු මල්ලිලා කට්ටියට බැජ් බෙදන ගමන් මම කියෙව්වා. මෙතන හුගක් අය එකහාමාර වෙනකොට ගිහින් ආයම එනවා. ඒත් තව කට්ටිය ඉන්නවා ස්කෝලෙ බාත්රූම් එකෙන්ම ඇදුම් මාරුකරගෙන ඉක්මනට ලෑස්තිවෙන. හුගක්ම ඉතින් අයියලා. ඔය කොහම කලත් ස්කෝලෙ ලමයි ඉන්න ඕන යුනිෆෝම් එකෙන්. ස්කෝලෙ ලමයි ඇරුනම ඕන කෙනෙක්ට කලර්ඩ් එන්න පුලුවන්. අයිස් ක්‍රීම් වෑන් කොත්තු මී වෑන් දැනටමත් පිට්ටනියෙ තැන් තැන්වල නවත්තලා

" ඔය පුතාලා දෙන්නා පොඩ්ඩක් එන්නකො......මේ බීම ටික හවුස් එක ඇතුලෙ ඉන්න කට්ටියට බෙදන්න "

ඒත් එක්කම එතනට ආපු මැඩම් කෙනෙක් බීම බෝතල් දෙන ගමන් අපිව දෙන්නට හවුස් එක ඇතුලෙ ඉන්න අයට දෙන්න කිව්වා. මම බෝතල් ටික ගන්නකොට පසිදු බීම කප් ටික ගත්තා....ඔය කප් ගත්තට මොකද කවුරුත් කප්වල බොන්නෑ බෝතලෙන් බොනවා මිසක්. අතේ තිබුන බැජ් ටික එතනම හිටපු කොල්ලෙක්ට දුන්නු මම පසිදු එක්ක හවුස් එක ඇතුලට ආවා

" අම්මෝ......ගෙනෙන් ගෙනෙන්........ඕක ගේනකම්මයි බලන් උන්නෙ......ආය ඉතින් මැඩම්ලා හදන ඒවා බොන්න පුලුවන් කියලෑ "

ඇතුලට යනකොටම අපිව දැකපු අයියා කෙනෙක් කෑ ගහනකොට ඒ අයියටත් බෝතලයක් දීපු මම අනිත් ඒවත් කට්ටියට දුන්නෙ දුන්න සැනෙන් බෝතල් ටික අතින් අතට පාස්වෙනකොට. ඒත් එක්කම අහේතුවකට මට මතක් උනේ රශේන් අයියව....අද දවසටවත් මම එයාව තාම දැක්කෙ නෑ....සාමාන්‍යයෙන් ස්කෝලෙ හෙඩ්ට එතනින් ගියහම ගේම් කැප්ටන්ට එහෙම හවුස් නෑ....එහෙම බැලුවම එයාලා  හැම හවුස් එකකටම යන්න පුලුවන්....ඒකත් මරු හැබැයි....පසිදු දුන්න බීම එකෙන් උගුරක් බීපු මම කප් එක අතේ තියාගත්තෙ ආයම පසිදුට දෙන්න කියලා හිතාගෙන. ඕවා දැන් බොන්න බෑ

" ඒ සහස් වොලි බෝල් කෝඩ් එක ලගට තව විනාඩි පහකින් වරෙන්.......හවුස් කැප්ටන්ලට පොඩි මීටිමක්......ආයෙ කියන්න එන්න බෑ අනිවා වරෙන් "

" එලම බොසා "

නුපුරුදු ඒත් හුරු පුරුදු සුවදක්.......!!!

ඒත් එක්කම වගේ හුරු පුරුදු සුවදක් නාහෙට දැනෙනකොට අතේ තිබුන බීම කප් එක අතට තද වෙලා ගියේ අහේතුවකට. රශේන් අයියගෙ කට හඩ මට පිටිපස්සෙන් ඇහෙනකොට මමත් එහෙම්මම ඔලුව හරෝලා බැලුවා. එයා කෝට් එක ඇදලා. ස්කූල් යුනිෆෝම් එක උඩින් කෝට් එක ඇදලා ඉන්න රශේන් අයියට තිබුනෙ වෙනමම පෙනුමක්.....මට කියන්න කොහමද මම ඒක විස්තර කරන්න ඕන......එයාට තිබුනෙ වරුවක් උනත් නිවාඩු දාලා බලන් ඉන්න පුලුවන්  කඩවසම් පෙනුමක්. තද නිල් පාට කෝට් එක පැත්තක් පුරාවටම ඒකේක බැජ් බර ගානක්ම වහන් තිබුනා.....කෝට් එකෙන් ඇස් ගත්තු මම හිමිහිට බැලුවෙ ඒ මූන දිහා...

මට ඉදුරාම කියන්න පුලුවන් එයා ඇවිත්  පිකාසෝටත් මග ඇරුන අපූරු සිත්තමක්......!!!

රෑ අහසක පායලා තිබුන තරු මිලියන ගානක් ඒ ගැඹුරු ඇස් අස්සෙ හිරවෙලා තියනකොට එක මොහොතකට මට ඒකෙන් ගැලවිලා යන්න බැරි උනා......අවදානම් කලාපයක්.....!!! ඇස් උනත් ලස්සන මන්දාගිනියක්ම ඒ අස්සෙ හිර උනාම

" ඒයි රශේනයා.....බීම තියනවා බොනවද උබ "

අන්තිමට ඒ වලව්කාර ඇස් මගෙ ලග තප්පරේකට......දෙකකට නවතිනකොට මම හිනා උනා. ආඩම්බරකම වෑස්සෙන ඒ මූනෙත් පෙනෙන නොපෙනෙන ගානට ලා හිනා රැල්ලක් ඇදිලා මැකිලා යනවා මම බලාගෙන. මේ හැමදේම උනේ ඇහි පිල්ලම් වාර දෙකක වෙලාවක වගේ වෙනකොට ආපයින්ම රශේන් අයියා යන්න හැදුවත් මොකද හවුස් එකේ උන්නු අයියා කෙනෙක් බීම බොනවද අහනකොට යන්න ගියපු රශේන් අයියා නැවතුනා....අර අයියා දිහා බලපු එයා ආයම මේ පැත්ත බලනකොට ඒ ඇස් එකම එක තප්පරේකට මගෙ අතේ තිබුන බීම කප් එකට ගිහින් ආයම වෙන කොහෙදෝ යනවා මම බලාගෙන

පසිදු දිහා බලපු මම අතේ තිබුන බීම කප් එක මේස එතනපු එහා පැත්තෙ තිබුන මේස උඩින් තිබ්බා. මොකද මම ඒක බීලා ඉවර උන හන්දා. කොහමත් මේ වෙලාවෙ ඕවා බොන්න බෑ. එලියට යන්න ගියපු රශේන් අයියා ආයම සැරයක් ඇතුලට ආවා. අපි උන්නෙ ගෑවි නොගෑවි වෙනකොට අර ගනන්කාර වැනිලා සුවද මට ලගින්ම දැනුනෙ මටත් නොදැනිම  මම අහක බලන් හුස්මක් අදිනකොට. මගෙ උරහිසත් ඒ අත් ගොබෙත් අතර පරතරේ හරියටම බැලුවොත් හීන් නූලක් විතර. එයාගෙ පැත්තෙ මේසෙ තිබුන බීම කප් එක රශේන් අයියා අතට ගත්තෙ මම සාක්කුවට අත් දෙකම දාගන්නකොට. උගුරට දෙකට බීම කප් එක හිස් කරපු අයියා ඒක මේසෙ උඩින් තියනගමන් යන්න යනකොට  මම එහෙම්මම පසිදුවට ජැක් එකක් ගැහුවා

සමහරක් කුළුදුල් අවස්ථා තියනවා මන්දගාමීව ස්කිප් කරන්න ඕන.....ඒවා ඇවිත් අතිශය සංකීර්ණ ගනුදෙනු....!

○

○

○

" අපේ වෙස්ටන් බෑන්ඩ් එක පට්ට නේහ් බං "

" ඒවා ගැන ඉතින් කතා කරන්න ඕන නෑනෙ......ඒලෙවල් කරනකොට මාත් ඇප්ලිකේශන් දාන්න ඕන ඕකට "

අපි උන්නෙ හවුස් එකේ....ස්පෝට් මීට් එක පටන් ගන්න ආරාධිත අමුත්තන්ව ගේට් එක ලග ඉදන් වෙස්ටන් බෑන්ඩ් එක ගේන හැටි අපි බලන් උන්නා. ආරාධිත අමුත්තන්ට ඇවිත් උන්නෙ ප්‍රසිද්ධ ක්‍රීඩකයො....නැශනල් ක්‍රිකට් ටීම් එකෙන් පවා ඇවිත් තිබුනා. කට්ටිය ඔක්කොම ඇවිත් ලෑස්තිකරලා තිබුන පුටුවල ඉදගන්නකොට ස්කූල් ටයි එකට සුදු පාට කෝට් එක ඇදගත්තු ප්‍රින්සිපල් ඒ හැමෝටම මැද ඉදන් උන්නා. පිට්ටනිය වටේ තියන පඩි පෙලවල්වල අතරොත්තක් නැතිවම සෙනඟ පිරිලා ගිහිල්ලා. අම්මයි තාත්තයිත් එන්න ඇති යනකොට එයාලව මේ සෙනඟ අස්සෙ හොයාගන්න ගියහම තමා එපා වෙන්නෙ....

කට්ටිය ඉදගන්නවාත් එක්කම උඩරට නැට්ටුවො ටික ආවෙ දෙපැත්තෙන් බෙර අරගෙන අයියලා හතර දෙනෙක් ඉන්නකොට. හක් ගෙඩිය පිබිනවා එක්කම කට්ටිය නටන්න පටන් ගත්තෙ හරියට නිකන් කාවහරි ආරූඪ උනා වගේ....නැටුමෙ අන්තිම හරියෙ අනිත් කට්ටිය ටිකක් පස්සට ගියෙ එක අයියා කෙනෙක් මැද ඉන්න විදියට....එයාගෙ පටන් ගැන්මෙන් තව දෙන්නෙක්ම එක දිගට කරනම් ගැහුවෙ වටේ කට්ටියගෙ කටවල් පවා ඇරිලා තියනකොට. ඊට ටික වෙලාවකට පස්සෙ සුදු දිග ලස්සන ගවුමක් ඇදන් ඇතීනා දෙවගන පන්දමත් අරන් ආවා. අනේ ඉතින් එයාව දැක්ක අපේ හවුස් එකේ කට්ටියට උන්හිටි තැන් පවා අමතකවෙලා ගියාද කොහෙද....ඇයි ඉතින් එතනත් පැනියනෙ. ඇත්තටම ඇතීනා දෙවගනට හිටපු කෙල්ල මාර ලස්සනයි. කියන්න අඩු පාඩුවක් නැතිම තරම්. කර්ල් කරපු කොන්ඩෙ ඉන ලගට තියනකොට ලා ක්‍රීම් පාට හම ඇදන් උන්නු සුදු ගවුමට කැපිලා පේනවා. පිට්ටනිය පැත්තකින් සන්සුන් රිද්මෙකට මියුසික් එකක් ගියේ ඇතීනා පන්දම අරගෙන ගේම් කැප්ටන් ලගට යනකොට. මම බලන් උන්නෙ පිට්ටනිය මැද උන්න රශේන් අයියා දිහා. ඉර එලියට එයාගෙ හම දිස්නෙ ගහන්නෙ ඒ ගාම්බීරකම තව තවත් ඉස්මතු කරන්න වගේ. හවුසස් හතරෙම ලීඩර්ස්ලා එක්ක රශේන් අයියා පන්දම පත්තු කලේ වෙස්ටන් බෑන්ඩ් එකෙන් මියුසික් එක යද්දි

" මේ ශෙනුල් අර අතන හට් එකේ සුදු ශර්ට් එකට තද දුඹුරු කෝට් එකක් ඇදන් ඉන්න කෙනා පේනවාද උබට "

" කවුද අර ප්‍රින්සිපල්ට එහා පැත්තෙ ඉන්නෙ.....එයාද.....හරියට පේන්නෙත් නෑ බං මට ඈතින්නෙ ඉන්නෙ "

" ඔව් ඔව් එයා තමා "

පසිදු මගෙ අතට තට්ටුවක් දාන ගමන් හට් එක පෙන්නනකොට මමත් ඒ පැත්ත බැලුවෙ මේකා කියන්නෙ කවුරු ගැනද කියලා. ප්‍රින්සිපල්ට එහා පැත්තෙ ඉදන් උන්නු අංකල් කෙනෙක්ව පසිදු පෙන්නනකොට ඈතට හරිහැටි නොපෙනුනත් මම ටික වෙලාවක් බලා උන්නා. එයා හරියට නිකන්.....අනේ මංදා....ඒ අංකල්ව දැක්කහම දැකලා හුරු පුරුදු ගතියක් ආවත් මොකද මට සීයට සීයක් ශුවර් එයාව මම කොහෙදිවත් දැකලා නෑ කියලා. කොහෙ දැකලා තියෙන්නද....ඒ දිහා බලන් උන්නු මම

" ඉතින් "

" ඒ රශේන් අයියගෙ තාත්තලු......එයා ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක්.......මේ පාර ස්පෝට් මීට් එකට වැඩි හරියක්ම ස්පොන්සර් කරන්නෙ  එයාලු "

" එහෙමද "

මම ආයම බැලුවෙ හට් එක පැත්ත. ඒක තමා එහෙනම් මට දැකලා පුරුදු ගතියක් ආවෙ. එයාට තිබුනෙ  රශේන් අයියාගෙ හැඩහුරුකම. අංකල් එතනම එහා පැත්තෙ උන්නු කෙනෙක් එක්ක කතා කකර කර ඉන්නවා පේනකොට ආයම මම බැලුවෙ හය වසරෙ ඇච්චො ටික ගෑස් බැලුන් යවනහැටි.  මුලු අහසම ගෑස් බැලුන් වලින් හැඩවෙලා තියනකොට ඒ ඔක්කොම ඈත අහසෙ ඔහේ පාවෙලා ගියෙ කිසි අරමුණක් නැතිව

ස්පෝට් මීට් එකේ පැය දෙක තුනක්ම ගෙවිලා ගියෙ අන්තිම වගේම හොදම හරියට එනකොට. මෙතන ඉදන් ගෙවෙන තප්පර ඇවිත් ස්කෝලෙ අභිමානය......හවුසස් හතරෙම ලීඩර්සාලා ඉස්සරහ ඉන්න විදියට ලමයි පෝලිම් ගැහිලා පිට්ටනියෙ හිටගත්තෙ පෙරඩ් එකට. ලීඩර්ස්ලට පිටිපස්සෙන් හවුස්වල කොඩි ගත්තු ගත්තු හතර දෙනා ඊට පිටිපස්සෙන් ඉද්දි මුලින්ම උන්නෙ ඊස්ටන් බෑන්ඩ් එක.....

පෙරඩ් එකෙන් පස්සෙ කැඩෙට් ටීම් එක ආවෙ එයාලගෙ වැඩ පෙන්නන්න.....ඒත් එක්කමයි ස්කෝලෙ මීඩියා යුනිට් එකෙන් ඩ්‍රෝන කැමරා ටික උඩ යැව්වෙ. එතන කැමරා පහලවක් නම් තියෙන්න ඇති අඩුම...ඒ හැම  පපුවකම කතුවක්කුවක් හිරවෙලා තිබුනා......කැඩෙට් එක තමා ඉතින් ගැම්ම.......එයාලගෙන් පස්සෙ ආයම පිට්ටනිය අරක්ගත්තෙ වෙස්ටන් බෑන්ඩ් එකේ කට්ටිය......පස්සෙ ඊස්ටන් බෑන්ඩ් එක......ස්කූල් කැඩෙට් එක වගේම ස්කූල් යුනිෆෝම් ඇදගත්තු වෙස්ටන් බෑන්ඩ් එකේම අනිත් එක......වෙස්ටන් බෑන්ඩ් එකේ ඇදුම තද නිල් පාටයි......කැඩට් ටීම් එකේ පාට තද කලු......බලන් ඉන්න දාහක් දෙනා ඉස්සරහ ටීම් හතරම වෙන වෙනම තම තමන්ගෙ දක්ෂතා පෙන්නුවෙ එතන නොහිටියත් එක ස්කෝලෙ අපිට ආඩම්බරයක් වගේම ගැම්මක් හදවතටම දැනෙද්දි.....

ඒත් එක්කම වෙස්ටන් බෑන්ඩ් එකේ ලීඩර් අයියා අතේ තිබුන යශ්ටිය කරකෝලා උඩට දැම්මෙ අපේ ඇස් විතරක් නෙවෙයි කටත් ඇරෙනකොට. හට් එක දිහාම ඇස් රදෝගෙන අඩි ගානක් උසට ගිහින් ආයම පල්ලෙහාට වැටෙන යෂ්ටිය ඔලුවවත් හොල්ලන්නෙ නැතිවම ඒ ග්ලව්ස් දාපු අතකට හිරවෙනවත් එක්කම ඩ්‍රම් ගහන අයියා එක්ක සිම්බල් එක එකම තාලෙට වැදුනෙ අනිත් බෑන්ඩ් තුනත් ඒකටම එකතු  වෙද්දි. එතන ඉදන් ගෙවුන හැම මොහොතක්ම ඇවිත් බලන් උන්නු අය අන්දමන්ද කරන තප්පර....අවසානයටම වෙස්ටන් බෑන්ඩ් එක පුශ්පනාරි ඉදන් අනිත් බෑන්ඩ් තුනත් පපරෙ ගහන්න ගත්තෙ හැමෝගෙම ඇස් එයාලා ලග තියනකොට

අවසානයටම හොනට් ටික පිට්ටනියට දැම්මෙ වටේ පිටෙන් සූසූසූ~ සද්දයක් ඇහෙනකොට. කලින් යවපු ඩ්‍රෝන කැමරා තාම අහසෙ හතර වටේම තියනකොට මම බලන් උන්නෙ හොනට්වල යන කට්ටිය දිහා. හැම බයික් එකම දෙන්නා ගානෙ උන්නෙ පිටිපස්සෙ හිටපු කෙනා අතේ ස්කූල් ෆ්ලැග් එක තියෙද්දි. ඔතන ඉන්නෙ ස්කෝලෙම කට්ටිය....මගෙ ඇස් රැඳිලා තිබුනෙ ඉස්සරහම තිබුන බයික් එක ලග. ඒක ඩ්‍රයිව් කරන්න උන්නෙ රශේන් අයියා. අත් වලට ග්ලව් දාලා ෆුල් ෆේස් හෙල්මට් එක දාලා උන්නෙ රශේන් අයියා වෙනකොට එහා පැත්තෙ බයික් එකේ උන්නෙ හෙඩ් ප්‍රිෆෙක්ට් ලක්ශිත අයියා. එකම එක තප්පරේකට........එකම එක ගැඹුරු බැල්මක්........රශේන් අයියා ඔලුව ඇල කරලා අපේ හවුස් එක පැත්ත බලලා ආයම ඉස්සරහ බලන ගමන් බයික් එක රේස් කරලා යනවත් එක්කම අනෙත්වත් ඊට පිටිපස්සෙන් ගියේ ස්කූල් ෆ්ලැග් ගහපු ජීප් වගේම කාර් පිටිපස්සෙන් යනකොට. පිට්ටනිය වටේටම වට කීපයක් ගිය කට්ටිය බයික් රේස් කරනගමන් ඉස්සරහ රෝදෙ ඉස්සුවෙ බලන් උන්නු කෙල්ලොන්ගෙ අත් කටට යනකොට....පෙලක් එවුන්ගෙ අත් තිබ්බෙ පපුවෙ.....

මල සමයං

" හොදයි දැන් මගෙ අතේ තියෙන්නෙ ඔයාලගෙ නිවාස ගත්තු ස්ථාන......මේක කියන්න කලින් කියන්න ඕන හැමෝම නිවාසාන්තර තරගය වෙනුවෙන් සෑහෙන්න මහන්සි උනා......පාසලේ ගුරුවරුන් ඇතුලු සියලුම ලමයින්ට මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තූති කරන්න......ඒ වගේම තමා අද කවුරු පලවෙනි ස්ථානය ගත්තත් මතක තියාගන්න ඔයලා ඔක්කොම දැනටමත් දිනලා ඉවරයි කියලා "

ප්‍රින්සිපල් එහෙම කියනකොට අපි හැමෝම අත්පුඩි ගැහුවෙ හරි සද්දෙට.....සර් අතේ හවුසස්වල ලකුනු ශීට් එක තියනකොට හැම කෙනෙක්ම බලන් උන්නෙ ස්ටේජ් එක දිහා. සර් කිව්වා ඇත්ත  අද කවුරු දින්නත් දැනටමත් අපි හැමෝම දිනලා ඉවරයි.....ස්පෝට් මීට් කියන්නෙ හැමදාම ගෙවන ඒකාකාරී ජීවීතෙන් මුදවන්න ලමයි වෙනුවෙන් කරන දෙයක්....ඒකෙන් කරන්නෙ ලමයිගෙ ස්කිල් පෙන්නන්න අවස්ථාවක් දෙන එක වගේම ලමයිට රසවින්දනයක් ලබාදෙන එක.....ඉතින් කවුරු ෆස්ට් ප්ලේස් ආවත් අනිත් අයත් දැනටමත් දිනලා ඉවරයි....මොකද මෙතන ඉන්න හැමෝම තමන්ගෙ උපරිමය කරපු හන්දා

"  හරි ලමයි අපිට දැනටමත් පේනවා ඔයාලා ඉන්නෙ මගෙ අතේ තියන ලකුනු කොලේ ලියවෙලා තියන ලකුණු දැනගන්න  ඕන කුතුහලෙන් කියලා......ලකුනු 468ක් ලබාගනිමින් වලවේ නිවාසය හතරවන ස්ථානයට හිමිකම් කියන අතර ලකුණු 532ක් ලබාගෙන නිල්වලා නිවාසය තුන්වන ස්ථානයේ පසුවෙනවා.......ඉතින් ඔයාලා හිතන්නෙ මීලඟට දෙවන ස්ථානය අරන් ඇත්තෙ කවුද ?? මහවැලි නිවාසයද නැත්තම් කැලණි නිවාසයද ?? "

" මගෙ පපුවත් එක්ක ගැහෙනවා යකෝ.....ඕක කියලා ඉවර කරහන්කො.....රෙද්ද "

" අනේ යකෝ මූත් එතන ඉදන් කුතුහලේ අවුස්සනවනෙ......ඕක කියලා  දැම්මනම් ඉවරනෙ බං ආ නැද්ද "

මලීෂයි යසිරුයිත් උන්නෙ අපි ලග....පෙරඩ් එක ඉවරවෙනවත් එක්කම උන් දෙන්නත් අපේ හවුස් එක අස්සට රිංගනකොට අපි සේරම බලන් උන්නෙ අන්තිම ප්ලේස් දෙක කියනකම්...සුදු පාට කොලයක් අතේ තියන් උන්නු ස්පෝට් මැඩම් තුන හතර ස්ථාන කියන ගමන් අතේ තිබුන මයික් එකත් ටිකක් ඈත් කරලා ළමයි දිහා තප්පර ගානක්ම බලන් උන්නා....මේ ගෙවිලා යන්නෙ තප්පර ගානක් උනත් මොකද ඒක ඇවිත් පැය ගානක් වගේ දැනෙනකොට මම ඇගිල්ලක් කටේ ගහන් නියපොත්තක් හපන්න ගත්තා....අනේ මැඩම් එක්ක බෑ එයා කරන්නෙම අපේ කුතුහලේ අවුස්සන එක වෙනකොට දැනටමත් ඉතුරු උන හවුසස් දෙකේම අයගෙ පපුව එකසිය ගානටනම් ගැහෙනවා ශුවර්....මට එහා පැත්තෙ උන්න මලීෂගෙ අත තදට මිරිකගත්තු මම ආයම මැඩම් දිහා බැලුවා......පපුව ගැහෙන වේගෙ එලියට ඇහෙන්න තරම්....අනේ මගුල මට නම් බෑ...

"  මහවැලි නිවාසය ලකුණු 670ක් ලබාගනිමින් දෙවන ස්ථානයේ පසුවන අතර ලකුනු 823ක් ලබාගනිමින් 2024 නිවාසාන්තර තරගාවලියේ පළමු ස්ථානය ලබාගන්නේ කැලණි නිවාසයි "

" අඩෝ වුත්තෝ අපි දින්නා පකෝ.....අපි දින්නා "

" කොන්ද යකෝ කොන්ද බේසික පුතෝ එහාට පල "

ඉහලට ගත්තු හුස්ම පහලට දානවත් එක්කම පිටිපස්සෙන් ඇහුනෙ අයියලා දෙන්නෙක් කෑගහන සද්දෙ....හවුස් එකේ උන්නු හැමෝම ග්රූප් හග් එකක් දෙනකොට කොහෙදෝ ඉදන් ආපු රශේන් අයියත් ආවෙ හවුස් එකට.....දැන් නම් නවයටත් කිට්ටු ඇති....ස්පෝට් මීට් එක හවස පටන් ගත්තෙම මෙහෙම රෑ ඉවර කරන්න බලාගෙන....රෑට තමා ස්පෝට් මීට් එකත් ලස්සනම....හවුස් වල වගේම පිට්ටනිය වටේටම ලයිට් ඇදලා තියන හන්දා කලුවර කියන එක එච්චර දැනුන්නෑ.....ඒත් එක්කම වගේ අයියලා කට්ටිය මල්වෙඩි පත්තු කලේ ලමයි කට්ටිය සද්දෙන් කෑ ගහද්දි....එක දිගට පත්තු වෙන මල්වෙඩි හන්දා මුලු අහසම පාට වෙලා තිබුනෙ හරි ලස්සනට....ඒත් එක්කම ඩීජේ ප්ලේ වෙනකොට කට්ටියම පිට්ටනිය මැද්දට එකතු උනා

රශේන් අයියලා කට්ටිය උන්නෙ අපිට ඉස්සරහට වෙන්න....කන දෙදරන්නම සද්දෙට යන ඩීජේ එකට ලමයි නටන්නෙ සර්ලා ටීචලාත් ඒකට එකතුවෙනකොට....මම ආසම එහෙම.....ස්කෝලෙ මොන උත්සවේ තිබිලා ඩීජේ දැම්මත් හුගක් ටීචර්ස්ලා එනවා ලමයි එක්ක නටන්න.....ලෝක ලමා දිනේටනම් කොච්චර කොහොම උනත් ප්‍රින්සිපල් පවා පිට්ටනියෙ ලමයි එක්ක නටනවා.....මට එහා පැත්තෙ යසිරුවායි පසිදුයි කැඩිච්ච පනුවො දෙන්නෙක් වගේ නටනවා.....මම කියලත් ආය ඉතින් වෙනසක් නෑ.....ගෙදරින් එනකොට ලස්සනට පිලිවෙලකට දික් කලිසමට යට කරගෙන ආපු කමිසෙ මේ වෙනකොට තිබුනෙ කලිසමෙන් උඩ....මේ ඇවිත් අවුරුද්දට එක සැරයක් විතරක් එන ස්පෝට් මීට් එක.....පාඩම් කරනකොට වගේම තමා මේ වගේ වෙලාවටත් ඒ ආතල් එක ගන්න ඕන ඉතින් ලෙසටම.....නැත්තම් ස්කෝලෙ කාලෙනුත් වැඩක් නෑ...ඒත් වෙනදා වගේම පොත් ගුල්ලො ටික පිට්ටනියෙ පැත්තකට වෙලා ඉන්නවා....ඕවා ඉතින් මේ ක්‍රමේට හදන්න බෑ....උන් දන්නෙ ඉගෙනගන්න විතරයි....කිසි රහක් නෑ හරියට නිකන් පතෝල වගේ....අපිට ඉස්සරහින් උන්නු අයියලා කට්ටිය කෑ ගගහා නටනවා....ඒ අස්සෙ ස්කෝලෙ හෙඩ් ප්රිෆෙක්ට් උන්නෙ ඩිපියුටි උන පසිදු අයියගෙ කරේ....අනේ අනේ ස්කෝලෙ අභිමානවත් සිස්සයා නේත ඒ ඉන්නෙ....එයා එහෙමනම් අපි ගැන ආය කවර කතාද

" අම්මේ...හ් ඇති යන්තන්......දැනෙන සනීපෙ.....වෝ...හ් "

ස්කෝලෙ ඉදන් ගෙදර එනකොට දහය විතර ඇති.....ස්පෝට් මීට් ඉවරවෙලා අම්මලව හොයන්න පැය ගානක්ම කට්ට කෑවා....කොහොමින් කොහොමහරි ගෙදර ආපු ගමන් මම කලේ වොශ් එකක් දාගෙන ඇදට පැන්න එක....දවසම අරහෙ මෙහෙ ඇවිදලා මහන්සිය නිවාගන්න වොශ් එකකුත් දාලා ඇදට වැටුනහම දැනෙන ඒ සනීපෙනම් ආය කියලා වැඩක් නෑ....විනාඩි පහක් ඇදේ එහෙම ඉන්නකොට නින්දට ඇස්දෙක පියවෙලායන්න ආවත් මොකද නොටිෆියක් ආව සද්දෙට බලනවද නැද්ද කියලා කල්පනා කරලා ආයම නැගිටලා මේසෙ ලගට ගියෙ මේ වෙලාවෙ මැසේජ් එකක් එව්වෙ කවුද බලන්න....එන්න කලිනුත් උන්න හන්දා අරුන් හතරදෙනා නම් කොහෙත්ම වෙන්න බැරිකොට මම ආපු මැසේජ් එක ඕපන් කලා

රශේන් අයියා.......

ඒ මැසේජ් එක ඇවිත් තිබුනෙ රශේන් අයියගෙන්....තාමත් එයා ඔන්ලයින් ඉන්නවා කියලා පෙන්නනකොට මම බැලුවෙ එයා එවලා තිබුන මැසේජ් එක දිහා....පොටෝ එකක්......ඒකත් අහම්බෙන් වැදුන එකක්.....ඇත්තටම අහම්බෙන් වැදුන එකක්ද....කවුද දන්නෙ....එවපු පොටෝ එක යටින් අහම්බෙන් කියලා එවලා තියනකොට එවලා තියන පොටෝ එකට මගෙ ඇස් නැවතුනා...ඒකෙ තිබුනෙ රෑ මල්වෙඩි පත්තු කල වෙලේ ගත්තු පොටෝ එකක්....රෑ අහස පුරාවටම මල්වෙඩි ඉහිරිලා තියනකොට ඒ අහස දිහා පිරිමි ළමෙක් හරි සාමකාමීව බලන් උන්නු පොටෝ එකක්.....ඉතින් ඒක ඇවිත් අහම්බෙන් වැදුන පොටෝ එකක්ලු.....තප්පරයක්.....දෙකක්......තුනක්ම ඒ දිහා බලන් උන්නු මගෙ මූනෙ ඇදුනෙ හරි ලස්සන හිනාවක්

මොකද ඒ උන්නෙ වෙන කවුරුත් නෙවෙයි මම හන්දා

🌼 ස්තූතියි ඔයාලගෙන් ලැබෙන ආදරණීය වෝට් එකකට.....කමෙන්ට් එකකට💚❤️

Share This Chapter