Back
/ 47
Chapter 7

🌼 Chapter 07 🌼

ආත්ම ස්පර්ශ 🌼🌼 |COMPLETE|✔️✅️

"  ලා හිරු රැසින් දහසක් මල් පූදින මේ හිමිදිරි උදෑසනේ සුමිහිරි ගීතයකින් ඔබසැම පිනවීමට මේ ආරාධනය  8 -C සහ D පන්තිවල සොයුරන්ටයි....."

අපි උන්නෙ පිට්ටනියෙ.....ස්පෝට් මීට් ඉවරවෙලා දවස් දෙකකුත් ගිහින්....අද සදුදා තව සතියකින් හරියටම විභාග පටන් ගන්නවා....පොඩි පන්තිවලට  ස්පෝට් මීට් එකට කලින් විභාග තියලා ඉවර කරපු හන්දා ලබන සතියෙ කෙලින්ම පටන් ගන්නෙ අපිට....පලවෙනි වාරෙට  පළාතෙන් පේපර්ස් එව්වට මොකද ටීචර්ස්ලට සෙට් නැත්තම් ස්කෝලෙන්ම පේපර්ස් හදනවා....පළාතෙන් දෙන ඒවා වගේ නෙවෙයි ස්කෝලෙන් හදන ඒවා...ආය ඉතින් එරිලා ඇඩිලාම යනවා...ඒවට හැත්තැ පහෙන් උඩ යන්තමට ගත්තත් ඉතින් ඒකත් ඇති

හැම සතියකම සදුදා කියලා කියන්නෙ ප්‍රධාන රැස්වීම තියන දවස....හයේ ඉදන් දහතුන වෙනකම්ම පන්ති පිළිවෙලට පෝලිම් හදලා තියනකොට හැම ලමෙක්ම උන්නෙ අතේ දුරින්...අතේ දුරින් කියන්නෙ ආය තනි කෙලින්...එහෙන්වත් මෙහෙන්වත් පෝලිම් ඇදවෙලා නයා ගිහින් නෑ... ඉස්සරහ එකා ලගට ගියොත් පේන්නෙ ඌව විතරයි....මේක ඇවිත් බෝයි  ස්කූල් එකක් හන්දම බලන පිලිවෙල ඉහටත් උඩින්...හැම පෝලිමක් ලගම තමන්ගෙ පන්තියට අදාල ප්‍රිෆෙක්ට් කෙනෙක් උන්නා

ගාථා කියලත් දැන් විනාඩි කීයක් නම් ගෙවිලා ගිහින්ද....මේ රැස්වීම් දවස් කියන්නෙම මහ එපා කරපු දවස්....උදේ කියලා නෑ ඉර තදට පායලා තිබුනා...උන්නෙ පිට්ටනිය හන්ද වැටිලා තියෙන ඉර අව්වට අපි කරවෙනවා...අම්මපා බොරු කලන්තයක්වත් දාන්න බැරි හැටියක්...සිංහලෙන් කියන පොඩි එකා මයික් එකත් අතේ තියන් සිංදුවක් කියන්න එයාලගෙ පන්තිවලට ආරාධනා කරනවත් එක්කම පොඩි ඇච්චො වගයක් ඇවිත් ස්ටේජ් එක පුරාවටම හිටගත්තා. දැන් ඉන්නෙම බටු ඇට....උන් දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නෑ....හරි මෙහෙමයි ඔහොම කිව්වට මං උසත් නෑ තමයි ඒත් ඉතින් අපේ වයසෙ අනිත් උන් උසයිනෙ පොල් ගස් වගේ

අම්මගෙ සුදු පුතා ඉතින් අම්මා වගේම කොටයි

" මිනිසා සුවදයි මල් සේ

නුවණින් එලියයි හිරු සේ....

පරවී........වැටිලා.....ඒ හිරු මල මේ දෙරණේ...... "

අටේ පොඩි උන් එහෙන් සිංදු කියනකොට මෙච්චර වෙලාම තනි කෙලින් උන්නූ මම එක කකුලකට ඇගේ ඔක්කොම බර දුන්නා....වැටෙන ඉර අව්වට ඇස් හීනිවෙලා ගිහින් තියනකොට සාක්කුවේ තිබුන ලේන්සුව අතට ගත්තු මම නලල කොනකින් ගලාගෙන ගියපු ලුනු රස දාඩිය බිංදුව පිහදැම්මා...මට තේරෙන්නැත්තෙ උදේ රැස්වීම එනවුන්ස් කරන එකාට විතරක් ලා හිරු කිරණක් වැටිලා අනිත් එවුන්ට පිච්චෙන සයිස් එකේ කිරණක් වැටෙන්නෙ ඇයි කියලා....වටපිට බලනකොට අපේ පන්තියට ඩියුටි ඉන්න පසන් අයියා මගෙ දිහා ඇස් හීනි කරන් බලන් ඉන්නකොට එයාට ලා හිනාවක් දුන්න මම ශේප් එකේ ඉස්සරහ බලනගමන් කෙලින් හිටගත්තා...

ඒත් ඉතින් එක දිගට එහෙම ඉන්න බැරිම තැන ආය අනිත් කකුලට බර දීලා හිටගන්නවත් එක්කම අපේ මේ නෞකාවේ නියමුවානන් පඩිපෙල නැගලා ස්ටේජ් එකේ හිටගත්තෙ හැමදාම වගේ  අවසානයටම එයාගෙ කතාව කරන්න

" හොදයි මම දන්නවා ඔයාලා ඉන්නෙත් අපහසුවෙන් කියලා ඉතින් මම වැඩිය කතාකරන්න බලාපොරොත්තු වෙන්නෑ....."

ඔන්න පටන් ගත්තා....සර් මයික් එක ගත්තු ගමන් ගත් කටටම කීවෙ වැඩිපුර කතා කරන බලාපොරොත්තු වෙන්නෑ කියලා උනත් මොකද එයාගෙ කතාව ඉවරවෙනකොට හැමදාම ලමෙක් දෙන්නෙක් කලන්තෙ දානවා...

" Look at your pupil book....Page number 34...conjuntion....That mean..."

" මොනාද බං අර මැඩම් කියවන්නෙ....මට නම් මෙලෝ ලබ්බක් තේරෙන්නෑ "

" නොතේරුනාට කමක් නෑ තේරෙනවා වගේ අහන් ඉන්න.....පස්සෙ කියා දෙන්නම්"

" ඉංග්‍රීසි නම් නතින් සුද්දා..හ් "

" උබට නතින් නම් කටවහන් ඉදපන්.....අපිට අහන් ඉන්න ඕන.....ඔය පොත පෙරල ගනින් බං  "

ඉංග්‍රීසිය මැඩම් අච්චු පොත පෙරලන ගමන් කන්ජන්ෂන් කියලා ලොකු අකුරින් බෝඩ් එකේ ලිව්වා...යසිරු කම්මැලිකමට නෝට් පොත පෙරලන ගමන්  මැඩම් මොනවද කියන්නෙ කියලා අහද්දි පස්සෙ කියලා දෙන්නම් කියලා මම ඒකගෙ කටවහනවත් එක්කම ඊලඟට කියවන්න ගත්තෙ මලීෂ....අනිත් පීරියඩ්වල කොච්චර කොහොම කෑ ගැහුවත් ඉංග්‍රීසි පීරියඩ් එකේ අපි උගන්නන වෙලාවට කතා කරන්නෙම නැති තරම්...වෙන මොකවත් හන්දා නෙවෙයි එකක් ඉංග්‍රීසි මැඩම් කියන්නෙ අපේ ෆිට් එක හන්දා....සෙව්වන්දි මැඩම් මාරම හොදයි...ඕනම දෙයක් අඩුවක් නැතුව කියලා දෙනවා...මම මේ සබ්ජෙක්ට් එකට පංති නොයන්නෙත් මැඩම් හන්දා....මොකද මැඩම් කියලා දෙන එක කිසි අඩුපාඩුවක් නැතුව කියලා දෙන හන්දා...දෙන නෝට් එක පවා මාරම නීට්....ස්කෝලෙ ඇවිත් බාස්කට් සබ්ජෙක්ට්  ඇරුනහම මම ආසාවෙන්ම ඉගෙන ගන්නෙ ඉතිහාසයයි ඉංග්‍රීසියි....අපිට ඉතිහාසය කරන්නෙ මයුර සර්....ටිකක් සැර උනාට මොකද සර් පට්ට

මැඩම් බෝඩ් එකේ  ලීව නෝට් එකත් ලියාගෙන දුන්න ඇක්ටිවිටී එකත් කරලා පෙන්නනකොටම පීරියඩ් එක ඉවරවෙන බෙල් එක ගැහුවා....

" කෑ නොගහ මේක හොදට අහගන්න ලබන සතියෙනෙ දැන් විභාගෙ නේද.....ඒකට හොදට පාඩම් කරන්න....ස්පෝට් මීට් මානසීකත්වෙ ඉන්න එපා ඒක දැන් ඉවරයි....මේ අවුරුද්දෙ අග ඕලෙවල්....නටන්නැතිව දැන්ම ඉදන් ඒකට ලෑස්ති වෙන්න.....නැත්තම් එයි මෙතන ලයිට් කනු ටිකක් අරගෙන....ලමයො සතීෂ් ඔය ඩෙස් එක උඩ නැගලා මොකද කරන්නෙ ගුරුවරයෙක් එහෙම ආවොත් පන්තියට......මේ ලගදි විනයබාර සරුත් ඔෆිස් එකේ කියෝනවා ඔයාලගෙ හපන්කම් ගැන.....ලැජ්ජාවෙ බෑ මගෙ සායමත් ඉවරයි........ආ අමතක නොකර කට්ටිය රිපෝට් කාඩ් එක පන්ති නායකයට දෙන්න.......අද ගෙනාපු නැති අය හෙට අනිවාර්යයෙන් ගේන්න ඕන.......මම යනවා දගලලා ඔෆිස් එක ඉස්සරහට ගිහින් අව්ව තපිනවා එහෙම නෙවෙයි ආ වැඩක් නැත්තම් පොතක් බලාගන්නලා විභාගෙනෙ "

" බය වෙන්න එපා මැඩම් අනිත්වා කෙසේ වෙතත් සිංහල අපි ගොඩදානවා ආයෙ නෑ සුපිරියටම.......මැඩම්ව අපි ලැජ්ජ කරනවද අනේ එහෙම  "

" අන්නේකයි......"

" ඒකම තමා මට තියන එකම බය.....මාව මේ පාර බබලවයි වගේ තමා කට්ටිය "

සෙව්වන්දි මැඩම් ගියා විතරයි අපේ මැඩම් පන්තියට ආවා....රෝස පාට ඔසරියට ගෙඩිය ගහලා අවුරුදු තිස් හයක් වෙච්ච මැඩම් හරි ලස්සනයි....ගෙනාපු සිංහල පොත් ටික කට්ටියට බෙදලා දෙන ගමන් හෑල්ලක් කියවපු ආයම යන්න යනකොට ලමයි ටික කල්ලි ගැහිලා කියවන්න ගත්තා....පෙලක් උන් චම්පිකා මැඩම්ගෙන් ගුටිකන්න වෙනවට දුන්න නෝට් සම්පූර්ණ කරනවා....තවත් සමහරු ලාවට සිංදු කියනකොට ඒ තාලෙටම මගෙ කකුලක් පොලවට වැදුනා....අපේ ක්ලාස් ටීච උන රසිකා මැඩම් ඇත්තටම හොදයි....මොන නාසරානි වැඩේ කලත් මැඩම් හැමදාම උන්නෙ අපේ පැත්තෙ....ලොවි....නෙල්ලි.....රඹුටන් ගේන කාලෙට මැඩම් නොකෑවත් මොකද මැඩම් වෙනුවෙන් දෙන දේ එයා කලේ මුකුත්ම නොකිය හැමදාම අතේ ගුලි කරගත්තු එක....රසිකා මැඩම් සිලබස් එකේ තියන පාඩම්වලට  අමතරව අපිට ජීවිතේ කියාදුන්නා....එහෙම හදවතට දැනුන ගුරුවරු හරි අඩුයි...

" අද චම්පිකා ඇවිල්ලා නෑලු......රිලීෆ් දාලා තිබුනෙ අනෝමා මැඩම්ව......එයා ඉතින් කොහමත් එන්නෑනෙ.......මම දැන් ඔෆිස් එකට ගිහින් ආවෙ "

" එහෙමද ඇති යන්තම් අදවත් කනක් ඇහිලා නිදහසේ ඉන්න පුළුවන් ඒ කියන්නෙ......මැඩම් නෑ කිව්වහම දැනෙන ඒ සනීපෙ........අම්මෝ...හ් "

" මැඩම් නැති උනාට කමක් නෑ කෑ ගහන්න එපා....රිපෝට් කාඩ් ගෙනාපු අය දෙන්නලා "

චමරු මැඩම් නෑ කියාගෙන පන්තියට ආවෙ කෑ ගහගෙන.....ඌ ප්‍රිෆෙක්ට් කෙනෙක්....ඔන්න අපේ නායකයො....උන් ඔහොම නම් ආය ඉතින් අපි ගැන අහලා වැඩක් නෑනෙ.....ඒක අහලා පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය කොල්ලෙක් බොරුවට පපුවත් අල්ලන් කෑ ගහන්න ගන්නකොට ළමයිව නිශ්ශබ්ද කරනගමන් සිතිජ රිපෝට් කාඩ් එකතු කරන්න ගත්තා...දැන් තිබුනෙ විද්‍යාව ඩබල් පීරියඩ්....මලීෂ අනිත් පැත්ත හැරිලා නිදිගන්න හදනකොට යසිරුවා කැඩෙට් රූම් එකට යනවා කියාගෙන ගියා....ඒකටත් ඉතින් විභාගෙ කියලා නෑ ගහක් ගලක් අස්සෙ රිංගන්න තියනවනම්....ඒත් ඉතින් අපේ ස්කෝලෙ කෑඩෙට් ටීම් එක පට්ට.....අනිත් අයත් එක්ක උන්නා උනත් ඒකෙ කොල්ලන්ට තිබුනෙ වෙනම පෞරුෂයක්....හරියට රශේන් අයියට වගේ...මට ඒ අස්සෙන් එයාවත් මතක් උනා......රශේන් අයියා තමා අපේ ස්කෝලෙ කැඩෙට් එකේ කැප්ටන්ට උන්නෙ

එදා ස්පෝට් මීට් එකේ කැඩෙට් ටීම් එක ලීඩ් කරපු එයාට තිබුනෙ එයාටම ආවේනික වෙච්ච පර්සනැලිටි එකක් වෙනකොට වටේපිටේ ඉන්න කෙල්ලො පිස්සු හැදුන එක අහන්නත් දෙයක්ද.....අහල පහල තියන ගර්ල් ස්කෝලවල හුගක් ගෑනු ළමයි රශේන් අයියට ක්‍රෂ් කියන එක ප්‍රසිද්ධ රහසක්....මම කිව්වනෙ එයා ඉන්නෙ වෙනම ලෙවල් එකක...

" අනේ යකෝ තොපි මාර යක්කුනෙ......බලපන් රිපෝඩ් කාඩ් තියෙන්නෙ දහයයි.....හතලිස් පහක් ඉන්න පන්තියේ පොත් තියෙන්නෙ දහයයිනෙ......විභාග ලියනකොට ගෙනත් දිදී කරදර කරන්න එපා එකෙක්....ඔන්න දැම්ම කිව්වා "

" හරි හරි බං තව සතියක්ම තියනවනෙ.....ඒ හන්දා නැහෙන් නැතුව ඉදපන්කො සිතිජ "

" සතියක් තියා මාසයක් තිබුනත් උබලා ගෙනල්ලා දෙන්නෙ විභාග දවස් වලනෙ.......පෙලක් උන් ඒ ගෙනල්ලා දෙන්නෙත් නෑ......උන්ට රිපෝඩ් කාඩ් ගෙනල්ලා දෙන්න මතක් වෙන්නෙ ලකුනු දාන දවසට "

සිතිජ රිපෝඩ් කාඩ් ටිකත් අරගෙන කියවනවා......ළමයි නම් උන්ට නෙවෙයි වගේ ඉන්නවා.....අනේ ඉතින් අර කිව්වත් වගේ තව සතියක්ම තියනවා ඕක ගෙනත් දෙන්න....දැන් ගෙනත් දුන්නයි කියලා හැඩ බලන්න කියලද ඕකෙ.....කවුරු හරි මගෙන් ඇහුවොත් ඔයා ඔයාගෙ ජීවිතේ කියවලා තියන සංවේදීම පොත මොකක්ද කියලා කතා දෙකක් නෑ මම කියන්නෙ මගෙ රිපෝට් කාඩ් එක කියලා....මොකද ඒක බලන තරම් සංවේදී උනේ නෑ මම එක පොතකින්වත්

" ඒහ් මේ මලීෂ.....ඕයි ගස් හිවලො.....මේ අහපන්කො මායි පසියයි එලියට යනවා.....උබත් එනවද.....පීරියඩ් දෙකක් නිකන් ඉන්න කම්මැලී.....යසිරුවත් කැඩෙට් රූම් එකට ගියා.....ඇහෙනවද බං කියන එක උබට "

" ම්හ්හ්හ්.....පලයංකො වාතයක් නොවී "

" බලපන් උබ නිදන් ඉන්න කැත විතරක්......ලස්සනට නිදියපන්කො......උබලා ස්කෝලෙ එන්නෙ නිදාගන්නද.....නිදාගන්න මෙහෙ එන්නෙ ගෙදර ඉදපන්කො "

" උබෙ ආච්චිට.........ඕයි ශෙනුල් "

" පව් බං "

පසිදුගෙ කරට අත දාගත්තු මම හිනාවෙවී පන්තියෙන් එලියට එන්න ආවා....නිදාගෙන උන්නු මලීෂව අවුස්සන්න ආපු අහිංසක ආසාව මම ඉෂ්ට කරගත්තෙ උගෙ ඔලුවට ටොක්කක් අනිනගමන්....නොහිතපු වෙලාවක ඔලුවට වැදුන පාරටද මංදා ඔලුව උස්සපු මලීෂ පන්තියටම ඇහෙන්න බනින්න ගත්තෙ එයාව අවුස්සපු එකට මට කුරිරු සතුටක් ලැබෙනකොට

" මොකද මේ එලියෙ රස්තියාදු ගහන්නෙ කට්ටිය.....මැඩම් නැද්ද පංතියේ.....මොනවද දැන් තියෙන්නෙ "

" විද්‍යාව මැඩම් "

" කවුද උගන්නන්නෙ.....චම්පිකා මැඩම් නේද.......ඇයි එයා නැද්ද ඇවිත් "

" නෑ මැඩම් "

පංතියෙන් එලියට බැහැලා අඩි දෙක තුනක් ඉස්සරහට එන්න හම්බුන්නෑ දුලීකා මැඩම් හම්බෙනකොට අපිව දැක්ක මැඩම් ප්‍රශ්න පත්තරයක්ම දිග ඇරියා.....මදැයි ඉදලා ඉදලා වෙලාව අල්ලලා එලියට බැස්සා....පය තිබ්බ වෙලාව වැරදිද මංදා....මැඩම් අහන අහන ප්‍රශ්නෙට පසිදු උත්තර දෙනකොට මම ලාවට හිනාඋනා....අපි දෙන්නම බැලුවෙ මෙතනින් පැනගන්න.....මොකද මැඩම් කෙනෙක්ට සෙට් උනා කියන්නෙම ඉතින් මරාලයක් හන්දා

" දැන් ඔයාලට වැඩක් නැත්තම් මට උදව්වක් කරන්නකො පුතේ......ඔයාලට පුලුවන්ද මේක දහතුන කොමස් එකට ගිහින් මගෙ ක්ලාස් එකට දෙන්න.....එයාලට හවස ක්ලාස් එකට ඕක ප්‍රින්ට් අවුට් ගන්න කියලා ඔෆිස් එකට දෙන්න කියන්න "

" හරි මැඩම්......දහතුන සී නෙ "

" ඔව්.....එහෙනම් ඕක ගිහින් දෙන්න.....පන්තියේ අයියා කෙනෙක්ට දෙන්න "

මම කිව්වෙ අපිට සෙට් උනොත් ඉතින් මරාලයක් තමා....මැඩම් දාගෙන උන්නු කන්‍නාඩියත් හද හද එහෙම කියනගමන් ෆයිල් එකක දාලා තිබුන පේපර්ස් වගයක් දෙනකොට පසිදු ඒක අරගත්තා....දුලීකා මැඩම් තමා දහතුන කොමස් සෙක්ශන් එකේ හෙඩ්....කොමස් ඩේ එකට එහෙම මැඩම් යන්නෙ අඩි දෙක තුනක් උඩින්.....ඔය මොනවා කිව්වත් මැඩම් හරි හොදයි ඉතින්....හැමෝම ඉතින් චම්පිකා මැඩම් වගේ නෑනෙ.....ඔය කිව්වට එයත් හොදයිනෙ....ෆයිල් එක අපිට දීපු මැඩම් යනකොට අපි ඉතින් යූ ටර්න් එකක් ගැහුවෙ කොමස් එකට යන්න....දැන් ඉතින් මංගච්චපන්කො කොමස් එකට

අපේ බිල්ඩින් එකට තව බිල්ඩින් දෙකකට පස්සෙ තියන කොමස් එකට යන්න අපි අරලිය ගහ ගාව තියන පඩි දෙක තුන නැග්ගා.....අරලිය ගහ එක්කම තියන කොණස් එකේ ඉස්සරහ එක දිගට මල් වවලා තියනවා......ඒකෙ විතරක් නෙවෙයි හැම සෙක්ෂන් එකකකම බිල්ඩිම දිගට එලියෙ ලස්සන මල් පැල හිටෝලා තියනවා....මෙහෙම හිටියට අපි ඉන්නෙ මල් වත්තක.....ඇයි ඉතින් කොහෙ බැලුවත් මල්නෙ.....කාලෙකට ස්කෝලෙට එන අපේ අම්මානම් මේ මල් ගස් වලට පිස්සු හැදෙනවා....අම්මා වගේම මමත් ඉතින් මල් පිස්සෙක් හන්දා ස්කෝලෙ තියන මල් ගස් ගෙදර අරන් නොගියම නෙමෙයි ඉතින්....හුගක්ම ඔෆිස් එක ඉස්සරහ ලොකු පෝච්චිවල හිටෝලා තියන බේබි රෝස පැල....කොච්චර කොහොම බැන්නත් යසිරුලත් වෙලාවකට මට ඕවා හොරෙන් කඩාගන්න උදව් කරනවා....දැක්කනෙ එහෙම තමයි ඉතින් යාලුවො ඉන්න ඕන

අරලිය ගහ ලගින් පඩි නැගපු අපි උඩට එනකොට පෙලක් පන්ති වලට උගන්නනවා....අපි දෙන්නා හිමීට උඩ උඩ තට්ටුවට නැගලා කොනේම තිබුන 13 - C කියලා ගහලා තිබුන බෝඩ් එක ලගින් නැවතුනා....මැඩම් කෙනෙක් එහෙම ඉන්නවද දන්නෑ.....ඒත් සද්දයක්වත් නෑ....ඕන එකක් කියලා මම හිමීට පන්තිය ඇතුලට බෙල්ල දාලා බැලුවෙ ඇතුලෙ කවුරුහරි මැඩම් කෙනෙක් ඉන්නවද කියලා බලන්න උනත් මැඩම් කෙනෙක් තියා හරිහැටි ලමෙක්වත් පන්තියේ උන්නෑ....මුලු පන්තියටම උන්නෙ ලමයි පස්දෙනෙක් විතර....මුං දැන් ඒලෙවල් කරන්න නේද ඉන්නෙ මේ අවුරුද්දෙ....මැඩම් කෙනෙක්වත් නැත්තම් පන්තියට වෙලා පාඩම් කරන්න බැරි හැටි...අනිවාර්යයෙන් කට්ටිය කොහෙහරි රෝන්දෙ යනවා ඇති...දුලීකා මැඩම් දන්නවනම් එයාගෙ පන්තියේ ඉන්න පුතාලගෙ කැපවීමේ තරම  හරියට සතුටුවෙනවා. මේ අපි අතේ මුංට වැඩ කරන්න කියලා පේපරුත් එව්වා....යසයි ලොකු අයියලගෙ කැපවීම

" ආ ශෙනුල් මල්ලි.....මොකෝ මේ කවදාවත් නැතුව අපේ පන්ති පැත්තෙ ඇවිල්ලා.....කාවහරි බලන්නද ආවෙ "

" ආ....නෑ බං අයියෙ මේ....දුලීකා මැඩම් ෆයිල් එකක් දුන්නා ඔයාලට දෙන්න කියලා....ඒක දෙන්න ආවෙ  "

" එහෙමද......කෝ අර ඔයාලා එක්ක ඉන්න   චීනපටස් එහෙම......එයත් ආවාද..... "

" චීනපටස්......ඒ කවුද.......අපිට චීනපටස් කෙනෙක් නෑනෙ අයියෙ "

මම උන්නෙ පන්තියට ඇතුලට ඔලුව විතරක් දාගෙන....පන්තියේ උන්නු කට්ටියත් අන්තිම පේලියේ බත් එකක් ලෙහන් කනගමන් උන්නා....ඒත් එක්කම ඇතුලට ඔලුව දාගෙන උන්නු මාව පසන් අයියා දකිනකොට මගෙ නම කියලා කෑගහුවෙ එතන උන්නු අනිත් අයත් දොර පැත්ත බලනකොට....මගෙ උරහිස උඩින් ඇස් දෙක විතරක් දාගෙන උන්නු පසිදුවගෙ කට ඇදවෙලා ගියෙ එතන උන්නු අයියා කෙනෙක් පසන් අයියට බත් කටක් කවනවා දැකලා....ඕකට මොකට කට ඇදකර ගන්නද අපිත් ඔය ඕන තරම් කවාගන්නෙ....ඒත් එක්කම පන්තියෙන් එලියට එන ගමන් පසන් අයියා චීනපටස් කෙනෙක් ගැන අහනකොට මම උඩ බිම බැලුවෙ එයා කියන චීනපටස් කවුද කියලා

" හායි චීනපටස්......කොහොමද ඉතින්.....උදේ පන්තියට ආවාට මූනවත් බැලුවෙ නෑනෙ ඉතින් "

" මූන බලන්නම කෙනානෙ.....මල විකාර.....මට චීනපටස් කියන්න එපා "

මගෙ කට ඇරුනෙ පසන් අයියා චීනපටස් කියලා තියෙන්නෙ පසිදුට කියලා දැනගත්තහම....එතකොට චීනපටස් පසිදුද....මුල් ටික හිමීට මට ඇහෙන්න විතරක් කිව්ව පසිදු අන්තිම ටික හයියෙන් කියලා දැම්මෙ සාක්කුවට අත්දෙක දාගෙන  උන්නු පසන් අයියගෙ මූනට හිනාවක් එනකොට....ඒ මොකෝ ඒ....ඇරත් අපේ එකාට චීනපටස් කියන්න හේතුව මොකක්ද දන්නෑ....දොරට හේත්තුවක් දාගෙන උන්නු පසන් අයියගෙ අතට දුලීකා මැඩම් දීපු ෆයිල් එක දෙනගමන් පසිදු රැව්වා....මං අහන්නෙ ඒත් ඇයි ??

" ආ ගන්න දුලීකා මැඩම් දෙන්න කිව්වෙ......ඔය පේපර්ස් ටික ප්‍රින්ට් අවුට් අරගන්න ඔෆිස් එකට යවන්න කිව්වා හවස පන්තියට "

" ඇයි ඊයෙ කෝල් කරපු වෙලාවෙ කතා කලේ නැත්තෙ "

" කෝල් කලා ?? ඊයෙ ?? ඒකත් ඔයා මට......විකාරද....මට ආව කෝල් එකක් නෑ"

" ම්ම්ම්ම්......ඊයෙ රෑ ගත්තෙ......ඇයි ආන්සර් කරලා කවුද කියලා ආයෙ තිබ්බෙ"

" ආ එතකොට ඒ ඔයාද.....වෙන වැඩ නැතුවද මට කතා කලේ "

" වැඩ නම් තියනවා......මගෙ කටහඩින්වත් අදුනගත්තෙ නැද්ද කවුද කියලා "

" කට හඩින් අඳුනගන්න ඇයි ඔයා මයිකල් ජැක්සන්ද........පිස්සුනෙ "

" නෙත්සර......"

" .................... "

කලින් ඇරිලා තිබ්බ කටත් වහගෙන මම අහන් උන්නෙ පසන් අයියා කියන දේවල් ගැන....ඊයෙ එයා පසිදුට කතා කලාලු....ඒ මොකටද පසිදුට කතා කරන්නෙ....ඒලෙවල් කරන්න ඉන්න කෙනෙක් නේද මේ....එහෙම මේ රෑට ඔහොම කතා කරනවද....ඇරත් ගෙදර මිනිස්සු මොනා හිතයිද.....අර කිව්වත් වගේ විකාරනේ....පසන් අයියා කියන කියන එකට ගහගන්න වගේ උත්තර දුන්නු පසිදුගෙ කට වැහිලා ගියේ එයාට නෙත්සර කියලා කතා කරපු වෙලාවෙ....පසිදු නෙත්සර එයාගෙ සම්පූර්ණ නම උනත් අපි හැමෝම කතා කරන්නෙ පසිදු කියලා....වැඩිය පාවිච්චි කරන් නැති නමකින් එහෙම කිව්වහම ටිකක් විතර අමුතුයි තමා.....පසිදුට නෙත්සර කියලා කතා කරපු පසන් අයියා ඊලගට මගෙ දිහා බලනකොට එයා කියන්නෙ මොකක්ද කියලා මට නොතේරුනා නෙවෙයි...ඒත් එහෙම දාලා යන්න පුලුවන්ද අනේ මගෙ යාලුවව.....එහෙම මේ දරුවව තනිකරලා යනවද මම

" නෙත්සර "

" ඔය අතගන්න පුලුවන්ද "

" අපි ටිකක් කතා කරමුද.......දැන් ඔයාලට මුකුත් නෑනේද.......රිලීෆ් නම් ඉන්නවද ටිකක් "

" මොකද ඔහොම බලන්නෙ....බැලුවට වැඩක් නෑ මගෙ යාලුවව දාලා මම යන්නෑ......කියන එකක් මාත් ඉන්න තැන කියලා දාන්න.....මොකද එයාට විතරක් විශේ_.....ආ.....ආ....හරි...හරි....ඕකට ඉතින් ඔහොම බලන්න ඕන නෑනෙ.....මම යන්නම්....පසිදු මම යනවා පන....කෙලින්ම පන්තියට යන්න හරිද ......මාත් වටයක් ගහලා යනවා......මෙයා ඔයාට කරදරයක් කලොත් හයියෙන් කෑගහපන් වස්තුවේ ඉන්නෙ කොතනද මම එනවා  "

පසිදු මාවත් ඇදගෙන යන්න හැදුවත් මොකද පසන් අයියා ඒ අතකින් අල්ලගන්නකොට ඒ දිහා තප්පර කීපයක් බලන් උන්න පසිදු ආයම සැරයක් ඒ මූන දිහා බලලා අත ගලෝගත්තෙ බලේට වගේ.....මට තාම තේරෙන්නෑ මෙතන මොකක්ද වෙන්නේ කියලා...මගෙ දිහා බලන් උන්නු පසන් අයියට ඔලුවත් දෙපැත්තට වනනගමන් එයාව තනියම දාලා යන්න බෑ කියලා කියන්න හැදුවත් මොකද එයා මහ අමුතු විදියකට බලන් ඉන්නකොට බෑ කියන්න බැරිකමට පසිදුව දාලා මම එන්න ආවෙ මොනාහරි උනොත් කෑගහන්න කියලා

" ඔහොම ඉන්න.....මාත් එනවා.....මම මොනාට ඉන්නද "

" නෙත්සර......ප්ලීස් "

දහතුනේ කොමස් එකේ පසිදුව අරයා එක්ක තනියම දාලා මම එන්න ආවා....මොනා උනත් මගෙ හිතට හරි නෑ...මොකද අපි හතර දෙනාම උන්නෙ  එකට හන්දා....කොතනකදිවත් ඔහොම එකෙක්ව තනි නොකරපු හන්දා....ඒ තුන්දෙනාම ඇවිත් මගෙ පන.....උන් තුන් දෙනාටම මම හරි ආදරෙයි එක වගේම....එක්කෙනෙක්ව කවදහරි තෝරගන්න කිව්වොත් මම හිතන්නෑ මට එහෙම කරන්න පුලුවන් වේවී කියලා...මොකද ඒ තුනම මම එක සිතින් රන් කරන හන්දා....හොදම යාලුවො අතරෙනෙ අනියම් සබදතා උනත් තියෙන්නෙ....ඉතින් තුන් දෙනාටම එකවගේ ආදරේ කරන මට පුලුවන්ද එහෙම එක්කෙනෙක්ට විතරක් වැඩිපුර ආදරේ කරන්න.....බෑනෙ....බෑනෙ....හීනෙකින්වත් බෑ

" මොකෝ මේ එලියෙ රවුම් ගහන්නෙ "

" මැඩම් ඇවිල්ලා නෑ බං අයියෙ.....පන්තියේ ඉන්න කම්මැලී....ඒ හන්දා රවුමක් දාන්න එලියට ආවා ඉතින්........."

" කෝ උබේ ලිද ලග සංගමේ යාවජීව සාමාජිකයො තුන් දෙනා "

" එකේක අය එකේක තැන්වල.......යසිරු කැඩෙට් රූම් එකට යනවා කිව්වා.....මාත් යනවා එතනට "

බයෝ  එක පාස්කරලා යනකොටම වගේ ඒකෙන් එලියට ආපු ලක්ශිත අයියා මූනට හම්බෙනකොට එයා මා එක්ක හරි ලස්සනට හිනා උනා.....අම්මෝ ඉතින් ඒ හිනාව....පපුවත් මොකක්ද වෙලා ගියා ඒකටනම්.....ලක්ශිත අයියා හිනාවෙනකොට හරි ලස්සනයි අප්පා....නොකිව්වට ඉතින් එයත් මගෙ එක ක්‍රෂ් එකක්....ලක්ශිත අයියා ඉන්නෙ මගෙ හදවත උඩින්ම....එයාට කෙල්ලෙක් එහෙම ඉන්නවද දන්නෑ....ස්කෝලෙ යන කාලෙ ප්‍රිෆෙක්ට් කෙනෙක්ට ක්‍රෂ් කරලා නැත්තම් වැඩකුත් නෑ ඉතින්....ලක්ශිත අයියා එක්ක ලැජ්ජාවට වගේ හිනාඋන මම එතනම තිබුන කහ මල් ගහේ කොලයක් කඩාගත්තා....අනේ ඉතින් අපේ හෙඩ් ප්‍රිෆෙක්ට්ගෙ ලස්සන....මගෙ පිටට පොඩි තට්ටුවක් දාගෙන ලක්ශිත අයියා යන්න යනකොට එතනම තිබුන ගහට හේත්තුවක් දාපු මම මනෝපාරක් ගහන්න ගත්තා

ලක්ශිත අයියා කවදහරි රටක් දන්න දක්ශ ඩොක්ට කෙනෙක්......දවසක් මම බයික් එක පදින්න ගිහින් ඇක්සිඩන්ට් වෙලා යන්නෙ එයා උන්න හොස්පිට්ල් එකට....එතනදි මට බේත් දාන්න ඉන්නෙ ලක්ශිත අයියා....එයාගෙ කැබින් එකේ මම අර ඇදේ ඉදන් ඉන්නකොට මගෙ නලල පැලිලා එන ලේ වලට බේත් දාන්න අයියා ලගටම එනවා.....අපි උන්නෙ හුස්මක දුරින් වෙනකොට එයාගෙ ඇස් තිබුනෙ ලේ ගලන මගෙ තුවාලෙ....හැබැයි මගෙ ඇස් තිබුනෙ එයා ලග.....මම එක පාරටම ලක්ශිත අයියගෙ ඉනෙන් ඇදලා මගෙ උකුලෙ  වාඩි කරගන්නකොට එයා මගෙ දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නවා....සෝ කියුට්....පස්සෙ මම එයාගෙ මූනට පහත් වෙනවා_See More.....

" තුහ්........තුහ්......ක්හැක්..... "

ගහට හේත්තුවක් දාගෙන උන්නු මම හිනාවෙවී ලක්ශිත අයියා ගැන මනෝපාරක් ගහනකොට මටත් නොදැනිවම ඉස්සලා කඩාගත්තු කොලේ මම කටේ දාගෙන හැපනවා එක්කම මගෙ මූන ඇදවෙලා ගියා....ඒකෙන් මහ තිත්ත රහක් එනකොට ගහ බදාගෙන බිමට කෙල ගහපු මම කෙලින් හිටගත්තා....මොන මල ජරාවක්ද මංදා ඒ.....ඒත් එක්කම එතනින්  පොඩි ඇච්චො දෙන්නෙක් ගියෙ මගෙ දිහා මහ අමුතු විදියට බලාගෙන.....මොකද බලන්නෙ කියලා අහන්න හිතුනත් කටවහන් උන්නෙ උන් එක්ක රන්ඩු කරන්න බැරිකමට....ඕවා ඇවිත් තනිකරම කුනුකානු....මීතොටමුල්ල කුනු කන්ද පරාදයි ආය....අනේ අයියට.....ලක්ශිත අයියා යන්න ගියෙ මගෙ සිහියත් අරගෙන

මෙතනට පිට්ටනිය ලග හන්දා මම එහෙම්මම පිට්ටනියට ආවෙ කොලේ කාපු හන්දා කට තිත්ත වෙනකොට....පිට්ටනියේ පැත්තක තිබුන ටැප් පේලියෙන් හොදට කට හොදගත්තු මම අනිත් පැත්ත හැරුනෙ පන්තියට එන්න යන්න....මොනා උනත් අර තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් නැතුව රවුමක්වත් ගහන්න හිතදෙන්නැ....කට හෝදලා හැරුන මම එන්න ආවත් මොකද එතනම ටිකක් එහාට වෙන්න තිබුන වොලිබෝල් කෝඩ් එක ලග උන්නු හුරුපුරුදු රූපයක් ලග මගෙ ඇස් නැවතුනේ මටත් හොරාට...එතනට යන්න හිතුන හන්දා ඒ පැත්තට මම කකුල තිබ්බෙ පීරියඩ් එක ඉවරවෙන්න බෙල් එක ගහනවා ඇහෙනකොට

" අයියෙ......"

(Pasindu )

(Pasan)

🌼 කොහමද ඉතින්......කාවද දන්නෑ ශෙනුල් දැක්කෙ....අධිමාත්‍රා එකට වඩා දිග කොටස් මේකට දෙන්නම් මම.....🥹🥹🥹

🌼 ස්තූතියි ඔයාලගෙන් ලැබෙන ආදරණීය වෝට් එකකට......කමෙන්ට් එකකට....💚❤️....කමෙන්ට් එකද දෙන්නෙ නවත්තන් නැතිව ලියන්න හිතෙනවා♥️

Share This Chapter