Back
/ 22
Chapter 17

16 කොටස

මේඝාම්බර | ᴏɴɢᴏɪɴɢ

" ඉතින් යකෝ මං කොහොමද දන්නෙ කියහන්කො විහස් අයියා බලන් ඉන්නො කියලා.. "

ඒකා විතරක්නම් මැදැයි බලන් හිටියෙ.. අර ගොම්බිලි පරාණෙත් හිටියනෙ.. දැන් ඌ මොන කුණු කතාවක් කියයිද දන්නෑ මට මේ බේසික කෑල්ලගෙ වැඩ නිසා.. ඇයි ඉතින් ඌත් දකින්න ඇතිනෙ මූ අරකිගෙන් මොනවහරි ගන්නො.. මට තරහයි යකෝ දැන් මුන් ඔක්කොම එක්ක..!

" හා දැන් උබට එපාද අයිස්ක්‍රීම්..? එපානම් නිකන් ඉදහන් මට දෙකක් කන්න බැරි නෑ.. "

නිසිනුවා අයිස්ක්‍රීම් කවරෙ දික් කරන් ඉදිද්දි මං ඌව ගනන් නොගෙන ඔරවන් හිටියා නිසා ඌ එහෙම කිව්වා.. මූ බලහන්කො..! මෙහෙමයි ඉතින් මොනව වුණත් දුන්න දේනෙ.. අනික මුන්ටද යකෝ දුන්නෙ..!? මටනෙ ඒකි දුන්නෙ මූ පැනලා ගත්තට..

" ආ මේ මේ.. මට දුන්න එකනෙ උබ පැනලා ගත්තෙ.. "

මං එහෙම කියලා නිසිනුවගෙ අතේ තිබ්බ අයිස්ක්‍රීම් කවරෙන් අයිස්ක්‍රීම් එකක් අරගත්තා අනික් පක්කු දෙන්නා මොකක්ද එකට හිනාවෙද්දි.. අනේ ඉතින් මට පකද..!!

" මුගෙත් හෙන කැටයම්නෙ බං තියෙන්නෙ.. "

" සිරාවටම හොදේ.. "

අරුන් මට අරව මේවා කියද්දි මං ඇහුන්නෑ වගේ අයිස්ක්‍රීම් එක කකා හිටියා.. ඇගේ වදින්නෑනෙ ඉතින්..

" මේ යමන් අපේ ගෙදර.. උබලා ළගදි ආවෙත් නෑනෙ.. "

" පොඩ්ඩක් ඉදහන්.. ඔක්කෝටම කලින් අම්මට කෝල් කරලා කියන්නෝනි අද හවස ක්ලාස් නෑ කියලා.. "

අයිස්ක්‍රීම් ටික කාලා ඉවර වුණාම නිසිනුවා උන්ලයි ගෙදර යන්න කතා කරාම මං එහෙම කියලා අම්මට කෝල් එකක් ගත්තා.. නැත්නම් දැන් අර යකා හිතන් ඉන්නෙ මං ක්ලාස් කට් කරලා රවුම් ගහනො කියලනෙ.. දැනටම ඒක අම්මගෙ කනේ තියලනම් මං ඉවරයි.. ඒ නිසා ඔක්කෝටම කලින් අම්මට කියලා ඉන්නෝනි ක්ලාස් නෑ කියලා..

" හෙලෝ අම්මෙ.. මේ අද හවස කොමස් ක්ලාස් නෑ හොදද.. ඒ හින්දා මං නිසිනුවලයි ගෙවල් පැත්තෙ ගිහින් එන්නම්.. "

" __ "

" හරි හරි අනේ..! "

" __ "

" බෑනෙ ඉතින් ඔයා එක්ක කරන්න.. මං තියනවා.. "

මේ අම්මලා එක්කනම් බෑ කරන්න මොකක්වත්.. කියවනවනෙ අනේ..

" මොකක්ද ඇන්ටි කියන්නෙ..? "

" අරහෙ මෙහේ රවුම් ගහලා අහුවෙන්න එපාලු.. එහෙනම් කෙලින්ම උබලයි ගෙදර යන්නලු.. "

නිසිනුවා අපෙ අම්මා මොකක්ද කිව්වෙ ඇහුවම මං ඉතින් එයා කිව්ව ටික කෙටියෙන් කිව්වා.. හැබැයි දැනටම හෙන රවුමක්නම් ගහලා ඉන්නෙ.. අරූ ඒක අම්මට තාම කියලා නෑ හැබැයි.. හවසට ආවම කියයිද දන්නෑ.. ඊට කලින් ඌව ශේප් කරගන්නත් ඕනි මොකක් හරි කරලා..

" විහස් අයියා කියන්න යන එකක් නෑ බං අපිව දැක්කා කියලා "

" ඒවා කියන්න බෑ යකෝ..! "

අපෙ අයියා එහෙම කේලම් කියන්න නම් යන්නෑ.. හැබැයි කියන්න බෑනෙ ඕවා..

" අඩෝ යකෝ කෝ අර පෙම් හසුන..?

බිනුරයා මතක් කරනකන් මට නිකන්වත් මතක් වුණේ නෑ ඒක ගැන.. සිරාවටම කෝ ඒක..?

" ආ මේ තියෙන්නෙ බඩු..! "

නිසිනුවා සාක්කුවෙන් අරකි දුන්න ස්ටෙප්ලර් කටුත් ගහපු කොල කෑල්ල ඇදල ගත්තම මං ඒක උදුර ගත්තා.. මොනවද දන්නෑ ලියල තියෙන්නෙ..

" මේ පාරෙන් අයින් වෙලා නැවතිලා ඕක දිගෑරපන්.. වාහන එනෝ යකෝ.. "

සුභාෂයා කිව්වම අපි ටිකක් එහාට ගිහින් දෙවැට පාරට වැටෙන තැන තාප්පයක් ගාවින් බයිසිකල් ටික නවත්තලා එතන පාලමට හේත්තුවක් දාගත්තා අරකිගෙ පෙම් හසුන කියවන්න..

" මොන මගුලකටද දන්නෑ ස්ටෙප්ලර් කටුත් ගහලා.. ඉන්න බෑ ඕයි මේ ඇගිල්ලෙත් ඇනුණා කට්ටක්.. "

" කෝ දීපන් බලන්න.. "

අරකිගෙ මගුල් පෙම් හසුනෙ තිබ්බ ස්ටෙප්ලර් කට්ටක් ගලවන්න ගිහින් මගෙ ඇගිල්ලක ඇනුණු නිසා මං බැන බැනම ඒක නිසිනුවට පාස් කරා.. ඌට ඔය කටු ගහන කටු ගලවන වැඩ හොදට පුලුවන්නෙ..

" යකෝ කටු සීයක් විතර තියෙනො..! මේ ගෑනිට පිස්සුද බන්..!? "

නිසිනුවා කටු එකින් එක ගලවන ගමන් කිව්වෙ.. ඌටත් එපා වෙලා මගුලේ කටු ගලවලාම..

" අම්මටසිරි.. අඩෝ චිත්‍ර පොත වගේනෙ බං මේක..! "

කටු ටික ගලවලා නිසිනු ලියුම දිගෑරියාම සුභාෂයා කෑගැහුවා.. මාත් පටස් ගාලා බෙල්ල දැම්මා ලියුමට.. අඩො සිරාවටම මොකක්ද මේ විකාරෙ..! මල් බෝකොල තරු හද හැම මගුලම ඇදලා.. අරකිත් මල සමයමක් නෙ ඒවගේම නැතැයි ලියුමත්..!

" අනේ මට බෑ යකෝ.. කොහොමද මේවා බලන්නෙ..!! "

ඒ අස්සෙ බිනුරයා ලියුම කියවලා මහ හයියෙන් හිනාවෙනෝ.. හිනායන්නෙ නැද්ද බං ඉතින් අර ගෑනි මේ මගුලෙ ලියල තියෙන ඒවා දැක්කම..

" කවුද බං මේකි..? සිනෙලි.. උබලයි අයියගෙ කෑල්ලද..? "

" අපේ අයියට දැන් කෑල්ලක් නෑනෙ බං.. කලින් සෙට් වෙලා හිටිය එකියක්ද දන්නෑ.. කොහොමත් ඌට එකක් නෙවෙයිනෙ හිටියෙ.. "

" ආදරෙන් වෙලිලා හිටියලු.. අඩෝ ගැරඩිද බං මුන්..? "

බුදාම්මෝ..! අපේ එකා ඒකිත් එක්ක..? පොඩ්ඩක් හිටාම්..! අඩෝ සිනෙලි කියන්නෙ මහ පගයා පහුගිය කාලෙ සෙට් වෙලා හිටිය කෑල්ලනෙ.. සිරාවටම මට අදුරන්න බැරි වුණා ඒකිව.. නැත්තන් මං කලින් ඒකිගෙ ෆොටෝ එකක් දැකල තියෙනෝත් එක්ක..

" දැන් උබ මේක දෙනවද අයියට..? "

හිනාවෙලා හිනාවෙලා යන්තම් අමාරුවෙන් හිනාව නතර කරන් නිසිනු මගෙන් ඇහුවේ..

" පිස්සුදෝයි.. ඒ ගෑනිව එපා අපේ එකාට..! කෝ දීපම්කො.. "

මං උගෙන් ලියුම අරන් කෑලි කෑලි වලට ඉරලා කුණු ඇළට දැම්මා.. ආවා මෙතන ලියුම් දෙන්න.. හොද එකියක්නම් කමකුත් නෑ.. පේන්න බෑ මට ඕකිව..!

" අඩෝ පව් හැබැයි.. අයිස්ක්‍රීම්නුත් දුන්නා.. "

පල්ලෙහා කුණු ඇළේ පාවෙලා යන ලියුමෙ කෑලි දිහා බලන් සුභාෂයා කියද්දී මං ඌට රැව්වා.. ඌ දන්නෑනෙ ඕකියි අපේ අයියයි අතරෙ වුණ ඒවා.. කොහොම වුණත් මං ඔය ලියුම අයියට ගිහින් දුන්නත් වෙන්නෙ මේ ටිකම තමයි.. ඌ නම් ලියුම බලන්නෙවත් නැතුව විසි කරයි.. දැන් ඔය ඕකිත් මට ලියුම දෙන්න ඇත්තෙ මහ පගයා ඒකිව ගනන් නොගත්ත නිසා වෙන්නැති.. ඉතින් යකො ගනන් නොගෙන ඉන්න නෙවෙයි දෙක තුනක් අනින්න තියෙන්නෙ හොම්බට..! කෙල්ලෙක් කියලා බලන්නෙ නැතුව.. මං වගේ නම් හපලා මරන්නෙ..!!

" ඒ යමු නේ.. අව්වයි ඕයි ඉන්න බෑ.. "

මං එහෙම කියන ගමන් බයිසිකලේ ගනිද්දී අනිත් උනුත් ඔලුව වනලා උන්ගෙ බයිසිල් ටික ගත්තා.. සිරාවටම පට්ට රස්නයක් තියෙන්නෙ මේ දවස්වල..

" අඩෝ ඔන්න එහාට වෙයන්..!!! "

බයිසිකලේ අරන් හැරෙන්නවත් උන්නෑ බිනුරයා කෑගහන් මාව පැත්තකට ඇද්ද පාර මං ගැස්සිලා ගියා.. මොකක්ද ඒ වුණේ..!! මොකෙක්ද එකෙක් බයික් එකක් කැපුවා මගේ පැත්තට..

" ඇස් කටේ දාන්ද ඕයි යන්නෙ..!!! "

මං කේන්තියෙන්ම එහෙම කියලා කෑගහපුවාම අර ආපු බයික් එකේ මෑන් පිටිපස්ස හැරිලා හෝන් එකකුත් ගහන් ගියා.. කෙල්ලෙකුත් පිටිපස්සෙ ඉන්නෝ.. යකෝ ගුවන්ගත වෙන්න වගේනෙ මුන් බයික් වල යන්නෙ..!!

" අම්මටසිරි සහිරුකී..!! ඒ සෞම්‍ය අයියා යකෝ..! "

" මොකක්..!! "

" ඔව් බං මං දැක්කනෙ..! "

නිසිනු කිව්වාම මං ආයෙම බැලුවා ඈතින් යන බයික් එක දිහා.. ඒ ගොම්බිලියද එහෙනම්..! ඒත් කවුද යකෝ අර පිටිපස්සෙ වාඩිකරවන් ගිය එකී..! ඌගෙ කෑල්ලද දන්නෑ..

" සෞම්‍ය අයියට කෑල්ලක් ඉන්නවා වගේ නේහ්.. "

" කවුද බං ඒ..? අර උබලට කරාතෙ වලට අලුතෙන් ආව කෝච් ද..? "

" ඔව් ඔව් ඌ තමයි.. "

සුභාෂ් අහපු ඒවට නිසිනු උත්තර දෙද්දී මං හිටියා කටවහන්.. කවුද දන්නෑ සිරාවටම ඒ කෙල්ල.. එදා මං බුක්ශොප් එකේදි දැක්කෙ ඒකිද දන්නෑ.. ශික් මූන පෙනුනෙ නෑනෙ.. මොන මගුලක්ද මේ..! ඒකි කවුරු උනත් මට මොකද එකාතකට.. ගොම්බිලියටම හරියන ගොම්බිලි කෑල්ලක් වෙන්නැති..!

කොහොමහරි ඊටපස්සෙ අපි කොහෙවත් නැවතිලි නැතුව නිසිනුලයි ගෙදර පැත්තට ගියා.. උන්ලයි ගෙවල් තියෙන්නෙ ටැංකි බාලිකාව කිට්ටුව.. ටැංකි බාලිකාව පාස් කරාම තියෙන දෙවෙනි හරස් පාරෙ.. මාත් ඉතින් ඇහැ දාන් ආවා ගර්ල්ස් ස්කූල් එක ගාවින් එද්දි.. යකෝ මේ නිසිනු බේසික කෑල්ලට මාර චාන්ස් එකක්නෙ තියෙන්නෙ කෙල්ලෙක් දාගන්න එහෙම.. ඇයි ඉතින් උදේ හවස ගර්ල්ස් ස්කූල්ස් පාස් කරන්නෙ යන්නෙ.. අපිට නෑනේ යකෝ මෙහෙම චාන්ස්..

" අඩෝ අර බලපන්.. "

කතාවක් දාන් යද්දී එකපාරටම සුභාෂ් මට ඇනලා කොහෙද පෙන්නුවාම මාත් බැලුවා.. අඩේහ්..! ගෙදරක බැල්කනි එකේ ඉදන් කෙල්ලෙක් නාලද කොහෙද තෙත කොන්ඩෙ පිහිදානෝ..

" අඩෝ මේ ටැංකි බාලිකාවෙ එකියක්නෙ.. මට දැකල පුරුදුයි.. "

බිනුරයා කිව්වාම මාත් ඔලුව වැනුවා.. සයන්ස් ක්ලාස් එකටවත් එනවද කියලා මීටර් නෑනෙ..

" ඒ ඒකි සයන්ස් ක්ලාස් එකට එනෝද..? "

" නෑ බං ලිට් ක්ලාස් එන්නෙ.. උබට මතක නැද්ද..? "

නිසිනුවා කිව්වම මං නෑ කියන්න ඔලුව වැනුවා.. සිරාවටම මට ඒකිව දැකලා හුරු උනාට කොහෙදිද කියලා මතක තිබ්බෙ නෑ ඉතින්.. කොහොමහරි අපි බලන් ඉන්නෝ කියලා ඒකි නොදැන කොන්ඩෙ පිහිදපු ටවල් එක අරන් බැල්කනි වැටෙන් දැම්මා වේලෙන්න..

" ආ නංගේ.. රෙදි වනනවා වගේ.. "

සුභාෂයා මගේ කරටත් අතක් දාගෙන මහ පැණි විදියට අර කෙල්ලට කෑගහලා කිව්වා විතරයි ඒකි පටස් ගාලා බැලුවා පල්ලෙහා..

" හායීඊඊඊ.. "

" වරෙන් බල්ලෝහ්..! ඕකිලයි අම්මා අපේ අම්මාගෙ යාලුවෙක්..!! "

බිනුරයා කොමල විදියට අරකිට අතත් වනලා හායි කියද්දී පැත්තක ඉදන් නිසිනුවා බෙරිහන් දෙන්න ගත්‍තා.. ඒ එක්කම අර කෙල්ලත් නිසිනුටත් රවලා අපිටත් රවලා ගස්සගෙන ගියා ගෙට..

" හරිනෙ දැන්..! ඕකි අපේ අම්මට කිව්වොත් තමයි ආතල් එක..! උබලටනම් අවුලක් නෑ.. මං එපැයි යකෝ බැනුම් අහන්න.. "

මෙහෙන් නිසිනුවට මල පැනලද කොහද.. ගෙදරට යනකන්ම උගෙ කච කචේ අහන් ඉන්න උනා ඉතින්.. එකාතකට පව් අර බේසිකයා.. ඌටනෙ කවදහරි මේ හත්වලාම කරගහගන්න වෙන්නෙ.. කියලා වැඩක් නෑ ඉතින් ඒක ගැනනම්..

" ආ සහිරු පුතා කාලෙකින්නෙ.. අනිත් දෙන්නා නම් මං ළගදි දවසකත් දැක්කා.. "

මං නිසිනුලයි ගෙට ගොඩවෙද්දිම නිසිනුලයි අම්මා කිව්වෙ.. මං ඉතින් ඇන්ටිට මල් මල් හිනාවක් දැම්මා හුරතල් විදියට.. එයා හරි හොදයි ඉතින් මට.. ඒ වුණාට බලන්න ඕන නිසිනුවා මොනාහරි බහුබූත වැඩක් කරාම ඇන්ටිගෙ සැර.. පන්න පන්න ගහන්නෙ.. මං හිතන්නෙ නිසිනුටත් අඩු නැතුව ඒ ගති එහෙම් පිටින්ම පිහිටලා තියේ.. පව් දෙයියනේ අර මනුස්සයා.. !! ඕවා නොදැන පිට පොත්තට රැවටිලානෙ ඉතින්.. අවුලක් නෑ ඌ කාගෙන හරි ඉදියි මූත් එක්ක..

" පුතාලා දැන්ම යන්නෑනෙ..? කට්ටියටම උයනවා එහෙනම් හොදද.. "

ඇන්ටි එහෙම කියාගෙන කිචන් එක පැත්තට ගියාම අපි රිංගගත්තා නිසිනුගෙ ගුහාවට.. ඌත් හැබැයි අපිළිවෙල නෑ.. පිළිවෙලට ඉන්නෝ.. හැබැයි ඉතින් උදේ තේ බීපු මග් එකද කොහෙද තාම මේසෙ උඩ..

ඊටපස්සෙ ඉතින් අපි වල් පල් කතා කර කර කාලෙ කෑවා.. පියත්ගෙ අලුත් සින්දුවයි, සදනිගෙ පස්සයි රටේ නැති ඕප දූප සේරම කතා කරලා දවල්ට ඇන්ටි උයපු කෑමත් කාලා හවස පහට විතර වෙද්දී ගෙදර යන්න ලෑස්ති වුණා.. ලෑස්ති වුණාට මොකද යන්න බෑ බෑ වගේ යකෝ..! දැන් අර මහ පගයා ගෙදර ඇවිත් ඇති.. මොනවද යකෝ මං දැන් ඌට කියන්නෙ..! අර කෙල්ල වෙන එකියක් නම් ප්‍රශ්නෙකුත් නෑ.. ඒකත් අර සිනෙලි ගෑනිම උනානෙ මගුල..! ඒක තමයි එහෙනම් ඌට යකා ආවේස වෙලා වගේ හිටියෙ.. කමක් නෑ ඕන මගුලක් වෙන්න කියලා මං ගෙදර ආවා.. බැන්නොත් අහන් ඉන්නෝ.. හැබැයි ඉතින් මට එහෙම ඉදලා පුරුදුත් නෑ..ඒ වුණාට කොහොමහරි ඉවසන් ඉන්නෝ.. ඌ ඕවා තාත්තට කිව්වොත් මට තව බැනුම් අහන්න වෙනෝ නැත්නම්..

කොහොමහරි මං ගෙදර එද්දි කපිල අංකල් හිටියේ නෑ.. ශිට්..! අංකල් හිටියනම් හරියටම දැනගන්න තිබ්බා මහ පගයා ආවද නැද්ද කියලා.. දැන් ඉතින් මොනව කරන්නද.. බයිසිකලේත් පාක් කරලා මං දොර අරින්න හැදුවම දොර ලොක්..! ඒ කියන්නෙ අරූ ඇවිත් නෑ වගේ තාම.. ඊටපස්සෙ මං මගේ ගාව තිබ්බ අමතර යතුරෙන් දොර ඇරන් ඇතුලට ආවා.. දැන් ඉතින් අරූ එන්න කලින් කාමරේට පැන ගත්තනම් හරි.. මං ඉතින් දඩබඩ ගාලා පඩිපෙළ නැග්ගා..

" ආආආ..!!!!!! "

රූම් එකේ දොරට අත තිබ්බා විතරයි මාව ඇතුලට ඇදිලා ගිහින් දොර වැහුනේ අත්භූත බලයකින් වගේ.. අනේ අම්මේ..!!!!

" තමුසෙ..!!? "

දෙයියනේ මහ පගයා යකෝ..! අඩෝ මූ කොහොමද ඇතුලට ආවෙ..!?

" අයියෙ මේ අහනවකො_ "

" නෑ නෑ මුකුත් අහන්න ඕන්නෑ..! තමුසෙ මං අහන ඒවට උත්තර දීපන්..!! "

මහ පගයා කෑගැහුවම මං කට වහගත්තා.. හැබැයි මූ කෑගැහුවට කටහඩේ කේන්ති ගතියකුත් නෑ.. මූනෙත් රවාගෙන වගේ සීන් එකකුත් පේන්න නෑ.. ඒවුනාට කියන්න බෑ මුගෙ කොයිවෙලාවක වෙස් පෙරලෙයිද කියලා..

" හරි මුලින්ම කියපන්කො තමුසෙ මොකද ක්ලාස් කට් කරේ..!? "

" ක්ලාස් කට් කරේ නෑ අනේ..! අද ක්ලාස් නිවාඩුයිලු.. සර්ට බබා හම්බෙලා.. "

මං ටක් ගාලා එහෙම කිව්වම අයියා ඇහි බැමකුත් උස්සන් මගේ දිහා බැලුවා..

" මං කිව්වෙ මේ සර්ගෙ වයිෆ්‍ට බබෙක් හම්බෙලාලුනෙ.. ඒ නිසා අද ක්ලාස් නිවාඩුයි.. "

" ක්ලාස් නිවාඩු නම් යකෝ උබ මොන මගුලක්ද ඇලවේල්ල පාරෙ කරේ..! කෙලින්ම ගෙදර එන්නෙ නැතුව..!? "

මහ පගයා එහෙම ඇහුවාම මං මුකුත් නොකියා හිටියා.. නිසිනුලයි ගෙදර ගියා කියන්නත් හිතෙනෝ.. කොහොමත් මං ඌට මැසේජ් එකක් දැම්මා නිසිනුලයි ගෙදර යනෝ කියලා.. දැන් මූ අහන්නෙ මං ඇලවේල්ල පාරෙ මොකද කරේ කියලනෙ.. ඇලවේල්ල පාරින්ද නිසිනුලයි ගෙදර යන්නෙ කියලා ඇහුවොත් තමයි මගුල වෙන්නෙ.. ඊට වඩා හොදයි කට පුප වහන් ඉන්න එක..

" කට නැද්ද උබේ..!? "

මූ බලහන්කො..! ඔන්න මටත් කේන්ති යනෝ..

" මං ප්‍රශ්නයක් අහපුවම උත්තර දෙන්න බෑ..! අර කොහෙවත් යන පිස්සු හෝන්තු එක්ක පාරවල් ගානෙ කතා කර කර ඉන්න තොට පුළුවන්..!! "

" අනේ මේ අයියෙ..!! මං කතාකරන්න ගියේ නෑ.. ඒකිමයි මං ගාවට ඇවිත් කතාකරේ මගුල..! "

මං රවාගෙන මහ පගයට කෑගැහුවම ඌ එරෙව්වා මට..

" තෝ බබානෙ.. අනේ පලයන් ඕයි..! "

" ඉතින් මං දන්නවද ඒ සිනෙලි කියලා රෙද්ද..!! දන්නවනම් කතා කරන්න යන්නෑ..! අනික ඒකි ආවෙ තමුසෙට දෙන්න කියලා ලියුමක් දීලා යන්න.. "

පුදුම මගුලක් උනානෙ මූ..! එක එක ගෑනු එක්ක කතාවට යන්න මං මොකෙක් කියලද දන්නෑ හිතන් ඉන්නෙ..

" ආ.. ඒ කියන්නෙ උබ දන්නවා ඒ සිනෙලි කියලා..!? හරි.. කෝ දැන් ලියුම..!? "

" කුණු ඇළට විසි කරා.. "

මං ගානක් නෑ වගේ කිව්වෙ අහක බලන්.. නැතුව බැලුවා කියන්නද යකෝ.. අරකි ලියල තිබ්බ ඒවා මූ නොදැන ඉන්න එකමයි හොද.. මලවිකාර පිස්සු මගුල්..!

" නිකන් ඉදපන් බං..! තමුසෙලා ඕක බලලම තමයි විසික් කරන්න ඇත්තෙ.. මං දන්නවනෙ උබලගෙ හැටි..! හරි හරි ඒක කමක් නෑ.. හැබැයි චූටි තමුසෙ රස්තියාදුවෙ ගිය එක නම් තාත්තට කියන්න වෙනෝ..! "

අරූ කිව්වම මං ටක්ගාලා උගෙ පැත්ත හැරුණා.. තාත්තට කිව්වොත්නම් ඉන්න හම්බෙන්නෑ මට..

" උබ තාත්තට කිව්වොත් මං තාත්තට කියනො උබේ කලින් කෙල්ලො ලියුම් කෑලි අරන් උබට දෙන්න කියලා මට කරදර කරනො කියලා.. අනිත් එක උබට තියෙන්නෙ ඇහෙන් දුටු සාක්ෂි විතරයිනෙ.. මං ගාව ඒකිගෙ ලියුමෙන් කඩාගත්ත පොඩි කෑල්ලකුත් තියෙනො.. මං ඒක තාත්තට පෙන්නපු ගමන් දන්නවනෙ වෙන දේ.. ඒ නිසා කටවහන් ඉදපන්..! "

මං කියවගෙන ගියාම ඌ කටවහගත්තා..! මං ගාව ඇති අරකිගෙ ලියුමෙන් කඩාගත්ත කෑල්ලක් නෑ.. මුගේ කටවහන්න ඕනි නිසා මං එහෙම කිව්වෙ.. කොහොමහරි ඉතින් පොර සැලෙන්ඩර්නෙ මං එහෙම කිව්වම.. සහිරු ගැම්මක් තමයි..!

" කටවහගන්නෙ බයට කියලා හිතන්න එපා උබ..! අනික ඇහෙන් දුටු සාක්ෂි නෙවෙයි උබලා ඇලවේල්ල පාරෙ ඉදන් කෙල්ලෙක් එක්ක කතා කරනො සෞම්‍ය අයියා ෆොටෝ එකක් ගහලා එවපු නිසයි මං ඉන්ටවල් එකේ එළියට ආවෙ.. "

ටහික්කෙන්න යකෝ..!!! අර පර ගොම්බිලියා මෙහෙම චීත්තයක් කියලා මං හිතුවෙ නෑ..

" ආ මේ තියෙන්නෙ..! "

අරූ ෆෝන් එකෙන් හොයලා ෆොටෝ එකක් පෙන්නුවම මාත් බැලුවා.. යකෝ අපි තමයි ඕයි ඒකෙ ඉන්නෙ..! අනිත් එවුන්ගෙ මූනු නැතත් මගෙ මූන හොදට වැදිලා ඒකෙ.. මහ බලු වැඩනෙ යකෝ මේවා..!!

" පුදුම චීත්තයක්නෙ..! "

" කවුද මේ සෞම්‍ය අයියා..? ඌ එහෙම නෑ යකෝ.. උබලා මොකක්ද එක වගේ කොහෙවත් යන ගෑනියෙක් එක්ක කතා කරනො දැක්ක නිසා තමයි ඌ සෙහදුට පොතක් දෙන්න ආව වෙලාවෙ කියලා තිබ්බෙ අගසස් වගේ එකෙක් දැක්කා කියලා.. සෙහදු ඒක මට කිව්වම මං ඒත් කිව්වා ඌට අද ක්ලාස් කියලා.. ඊටපස්සෙ තමයි මේ අගසස් නේද කියලා ෆොටෝ එකක් එවල තිබ්බෙ.. "

යැයි යැයි තමයි..! ඔක්කොම චීත්ත..! අර ගොම්බිලියටත් ඕන්නැති පකක් නෑනෙ.. දැක්කනම් නිකන් හිටපන්කො ඒවා කියන්න යන්නැතුව..

" හා හා දැන් මෙතනින් ඉවරයි මේක..! කවුරුවත් තාත්තට කියන්නෑ මුකුත්..!

><

" අද ක්ලාස් ඉවරවෙලා රවුම් ගහන්න එහෙම ගියේ නෑනෙ..? කෙලින්ම නිසිනු පුතාලයි ගෙදර නේද ගියේ..? "

" පිස්සුද අනේ..! මං හොද ළමයෙක්නෙ.. "

අම්මා අහපුවම මං හිනාවක් දාලා එහෙම කිව්වා.. මලකෙලියක් වෙන්නෙ ගියපු රවුම දැනගත්තොත්..!

" මට විශ්වාස නෑ..! "

අන්න දැක්කනෙ ඉතින්..

" නෑ නෑ මූ මටත් මැසේජ් එකක් දාලා තිබ්බා..! "

අර යකා ඇවිත් එහෙම කිව්ව පාර අම්මා මුකුත් කිව්වෙ නෑ.. ඉදලා ඉදලා රවුමක් ගහන මාව තමයි විශ්වාස නැත්තෙ.. කෙල්ලො හය හත ලයින් කරපු එකාව හොදයි.. කාට කියන්නද ඉතින් මේවා..

" දැක්කනෙ උබ මොනව කිව්වත් අම්මට විශ්වාස නෑ..! "

අම්මා කිචන් එකට යනකන් ඉදලා අරූ ඇහැක් ගහලා මට එහෙම කියලා අම්මගෙ පස්සෙන් ඌත් ගියා.. පුදුම කෙලියක් වුණානෙ මේක..! කොහෙන් ගියත් ගෙදර බාලයොන්ට තමයි ඔක්කොම කෙනෙහිලිකම්..!! ලොකු එකා හොදයි.. පොඩි එකා අපතයා.. යකාගෙ තියරිනෙ යකෝ..!

┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈⋅┈┈

පරක්කු නොවී ඊළග කොටස දෙන්න බලන්නම්..!

eistrella <3

Share This Chapter