Chapter 32: සමු ගනිමු අප

ප්‍රේමම්!Words: 729

ඉතින් ප්‍රේමිය,

අපි නැවත හිනැහෙමුද? කිසිත් නොවුනා ලෙසට?

ප්‍රේමයේ යදම් මැද,

අපි නැවත හමු වෙමුද?

ඒ පැරණි මුලාවේ මතකයට ඉඩ දෙන්න

ඉතින් ප්‍රේමිය,

අපි තවම එලෙසමද?

අපි වෙනස් වී නැතිද?

දනී නම් පවසන්න

මම සවන් දෙමි ඔබට

ඉතින් මගෙ ප්‍රේමිය,

මේ ලිලී මල නුබට.

සතුටින්ම හිනා වී

උඹ ඉදින් ඉදිරියට

Dil❤️