Chapter 54: සරලවම!

ප්‍රේමම්!Words: 898

එයා හරි ලස්සනයි,

හිනා වෙනකොට හරිම නිදහස්...

ඒත් ඒ මම එයාගෙන් දකින්න ආස කරපු දේ!

පස්සෙයි තේරුනේ... ඒ මම දකින්න ආස කරපු විදිය!

එයා ලස්සනයි! ඒත් ඒ දිලිසිල්ල මගෙ ඇස්වලම මායාවක් විතරයි!

මගෙ ආදරේ ම ඒ ඇස්වලින් පරාවර්තනය උනාම මම බැදුනා!

ඒ මම බැදුනෙ මගෙ ආදරේ එක්ක....

මම මාවම එයාගෙන් ඈත් කලාමයි දැනුනෙ මට,

ඒ ඇස් ඒ තරම් දිලිසෙන්නෙ නෑ කියල.

ඒත් මං හරි ආදරෙයි! 💙

Dilushi ❤️