Chapter 4: CHAPTER 4

අවසානයක් නැතිව ආදරය කළෙමි | BL SINHALA SHORT STORY | ✔Words: 35607

🌱

මොකක්ද ආදරේ කියන්නේ..?

කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියාවි a strong feeling of attraction and emotional attachment කියලා. මොකද ගූග්ල් එකේ තියෙන්නේ එහෙම.

ආදරේ කියන දේ ගැන ඒ ඇරෙන්න මම දන්න කෙහෙල්මලක් තිබුණේ නෑ.

සතියකට දවස් දෙකක් විතර මූණ පෙන්නන්න විතරක් ගෙදර රැඳෙන දිසානායක වලව්ව කන්න ආව එකියක්ය කියලා ජීවත් වෙච්ච කාලේදි ලොකු මැණිකෙගෙන් දවස ගානේ බැනුම් අහගත්තු මගේ ආදරණීය අම්මාත් දවස ගානේ ගෙදර ආවත් කතා කරන්න අපොයින්ට්මන්ට් දාන්න වෙන අප්පච්චී කෙනෙකුත් හිටපු මට ඔය ආදරේ කියන අකුරු තුන දැනිලා තිබුණේ නෑ.

ඒත් හිතවත්කමක්, හදවතට උණුහුමක් දීලා මගේ හදවත ගල් වෙන්න නොදී මේ තරම් කාලයක් පරිස්සම් කරගෙන ආවේ මගේ එකම අයියා.

අවුරුදු හතරක් වැඩිමල් වුනාට, මට වඩා පෙනුමින් අවුරුදු හතරක් බාල පාටට හිටපු මගේ අයියා, වෙලාවකට මගේ අම්මයි අප්පච්චීයි වුනා.

එතනින් එහාට සතුට කියන දේ මට දුන්නේ හය වසරේ ඉඳලා එකොළහ වසර වෙනකන් සැරින් සැරේට ගැන්සියට එකතු වෙච්ච යාලුවෝ හය දෙනා.

හය වසරෙදි නිස්සාර, අකිල සෙට් වෙනකොට පිළිවෙලට රනුක, සස්ක, ඩිහේන්, මනුල ඊළඟ අවුරුදු වල එකතු  වුණා.

අප්පච්චී මාත් එක්ක ටිකෙන් ටික කතා කරන්න පටන් ගත්තේ මම ඒලෙවෙල්සුත් ඉවර කලාට පස්සේ.

ඒකත් බිස්නස් ගැන වෙනකොට, මට අයියගේ බර අඩු කරන්න බිස්නස් බාරගන්න වුණා.

බිස්නස් කලා කියනවට වඩා, මම බිස්නස් එන්ජෝයි කලා.

ඉතින් සමහර ගන්න බෑ කියලාම හිතපු ටෙන්ඩර්ස් එකින් එක අපේ අතට එනකොට අප්පච්චි හොටෙල්ස් චේන් එකත් මගේ ඇඟේ ගැහුවා.

කැම්පස් පටන් ගන්න කලින්ම Young Entrepreneur of the Year award එකත් එක්කම අයිලන්ඩ් රෑන්ක් එකක් එක්ක  කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න මාව වෙනදටත් වඩා මිනිස්සු අතරට ගිහින් කියලා තේරුණේ, දිසානායක ෆැමිලි එක ගැන ආටිකල්ස් ලියපු අය අද ආරද් දිසානායක ගැන විතරක් කතාකරනකොට.

"චූටී..."

ඉරිදා රෑ අයියා මාව හොයාගෙන එනකොට මම හිටියේ ඉස්සෙල්ලම කැම්පස් යන්න දේවල් ලෑස්ති කරන අතරේ.

"මගේ චූටි බබාව හෙට අයියා එක්කන් යන්නද?

මගේ උරහිස ළඟට ඉන්න අයියා ඇඳ උඩ වාඩි වෙලා ඉන්න මගෙන් අහනකොට මම හා කියලා ලොකූ හිනාවක් දුන්නා.

මම එපා කිව්වොත් අනිවාර්යයෙන් මුණ නරක් කරගෙන විකාර හිතන්න ගනීවි. ඊට වඩා අයියත් එක්කම යන එක හොඳයි.

අපේ වුන් ටිකත් මාත් එක්කම එකම කැම්පස් එකට තේරෙනකොට එකම සබ්ජෙක්ට්ස් කට්ටියම තෝරගෙන තිබුණා.

පතාගෙන ආපු ගැන්සියක්.

උදේ අයියා ඔෆිස් යන්න ලෑස්ති වෙලා එහෙමම මාවත් එක්කගෙන කැම්පස් එකට එනකොට අපේ එවුන් ටිකත් ඇවිත් හිටියා.

"උම්බර්ලා කැම්පස් ගියා කියලා තාම මහ එවුන් නෙමෙයි.. වරෙන්කො වලියක්වත් දාගෙන ගෙදර. හැමෝටම කලින් මමයි උඹලව හම ගහන්නේ.

තේරුණාට මගේ චූටි පැටව්න්ට.."

අයියා කියපු ටික උඩ බල බලා ඔලුව කස කසා අහගෙන හිටපු එවුන් ටිකගේ මූණ අපායට ගහපු පෝස්ටර් වගේ වුණේ එතනින් යන ගමන් හිටපු කෙල්ලො ටිකටත් ඇහෙන්නම මේ සද්ධන්ත එවුන් හය දෙනාට චූටි පැටව් කියනකොට.

මම තොල් හපාගෙන හිනාව නවත්තගන්න අතරේ අපේ එවුන් අයියට දිගට හරහට රවන්න පටන් ගත්තා.

"සලං ගාලා සද්දයක් ඇහුනත සුදු මාත්තයා ඔයාට..

මගේ කාඩ් එක කුඩු වෙච්ච සද්දෙ ඒ.."

රනුක කට ඇද කරගන්නකොට අයියා ඇස් දෙකත් හීනි කරගෙන හිනාවෙන්න පටන් ගත්තා.

මොනා වුනත් මුන් ටික අයියට පන ඇරලා ආදරෙයි. මොකද අයියා වුන්ටත් සැලකුවේ තව පොඩි බබාලා ගොඩකට සලකන විදියට. පේන්නැද්ද චූටි පැටව් ගාගෙන..

"දිස.. හහ්..."

ගේට් එකෙන් ඇතුලේ කැම්පස් එක දිහා බලාගෙන හිටපු අයියගේ ඇස් කඳුළු පිරෙනකොට මම කාටත් වඩා කලබල වුණා.

කැම්පස් මේන් ගේට් එක ඇතුලේ අලුතින් එන ෆස්ට් ඉයර්ස්ලගේ අත් වල රැග් එකක් එක්ක රිබන් ගැට ගහන සීනියර්ස්ලා ගොඩකුත් ඒ පිටිපස්සෙම රොක් වෙලා ඉන්න සීනියර්ස්ලා සෙට් එකකුත් දකිනකොට මං ඒ වටේම ඇස් අරගෙන ගියා.

එකම එක දවසක ඇර ඒ ඇස් වල කඳුළක් දැකලා නැති මට කේන්ති ගියේ ඒ ඇස්වලට කඳුළු දුන්නේ මොකාද දැනගන්න ඕනි හින්දා.. මං දන්න විදියට එකම එකයි හිටියේ එහෙම වුන්.

"කවුද ඌ..?

"චූටි බබා.. මුකුත් නෑ.. කලබල වෙන්න එපා.."

"කවුද ඌ කියපන් අයියේ.."

රනුකත් අයියා ගාවට ඇවිත් අහනකොට අපේ අනික් වුන් ටිකත් කැම්පස් එක ඇතුලේ ගේට් එක ළඟම හිටපු සීනියර්ස්ලා දිහාත් අය්යා දිහාත් බලනකොට එයා බොරු හිනාවක් මූනට ගත්තා.

"බොරුවට හිනාවෙන්න එපා අයියා.."

මම කියනකොට එයා කටත් ඇද කරලා පැත්තක් බලාගත්තා.

"අහන්නකො මැනික් කොටේ.."

මම අයියගේ අත් දෙකින්ම අල්ලගත්තා.

"එයා හින්දා නේද මෙහේ නැතුව ඔයා කොළඹ කැම්පස් යන්න ඕනි කිව්වේ.. ම්ම්..

එයා හින්දා නේද අර දවසක්ම ඉකි ගගහා ඇඬුවේ.

එයා හින්දා නේද ඔයාගේ මිස්ට සන්ෂයින් ඔයාට නැති වුණේ.. ම්ම්...?

මම එයාට අතක්වත් තියන්නෙ නෑ. චූටි බබා ප්‍රොමිස්.."

මම දකුණු අතේ ඇඟිලි තුනක් නවලා ප්‍රොමිස් වුනා.

"කවුද ඒ කියලා විතරක් කියන්නකෝ.."

මම අහනකොට අයියා ආයෙමත් ඒ පැත්ත බලලා අපි දිහා බැලුවා.

"නිල්පාට ෂර්ට් එකක් උඩින් දාගෙන ඉන්න එක්කෙනා.."

එහෙමම අයියා යන්න යනකොට අපි ඉක්මනට බැලුවේ ගේට් එක ඇතුල.

මගේ අත මිට මෙලවුනත් මම මුකුත් නොකියම ඒ දිහා බලන් හිටියා.

"ඈ බන් අර මූණ පුරා කොන්ඩේ දාගෙන ඉන්න කොල්ලා ගැන නේද ඔය කියන්නේ?

මොකාද ඌ..?

මොකා වුනත් කමක් නෑ. මට කියලා මරවගන්න තමා හදන්නේ."

"මොකක්ද බන් අයියගේ සීන් එක?

කේන්ති ගිහින් කියවන රනුකට තට්ටු කරන ගමන් නිස්සාර අහනකොට මම රතු වෙච්ච ඇස් වලින් ඌ දිහා බැලුවා.

"ඌ නිසා තමා අයියා ලව් කරපු කොල්ලව අයියට නැති වෙලා තියෙන්නේ.."

මම උන්ට කියන ගමන් බෑග් එකත් එල්ලගෙන ඇතුලට ඇවිත් ඌට මගේ අත දික් කලා.

මොකුත් නොදන්න බබා වගේ මගේ අතේ රිබන් එක බැඳපු ඌ ඔලුවත් බිමට හරවගෙනම යන්න ගියේ මං ඒ ගිය දිහාව බලන් ඉන්නකොට.

🌱

"මට නං ඌව දකිනකොට ලේ රත් වෙනවා අරා. මං උඹ වුනා නං මෙලහකට ඌට හොඳ වැඩක් කරලා.."

පාක් එකේ ඇතුලට වෙන්න බෙන්ච් එකක වාඩි වෙලා ඉන්න එයා දිහා බලන ගමන් රනුකයා දත්මිටි කනකොට මගේ අත් මිටි වුණා.

කැම්පස් ඇවිත් අවුරුදු දෙකක් ගෙවිලා. ඒත් දකින දකින පාරට අපේ ලේ රත් කරන කෙනෙක් අපේම ෆැකල්ටි එකේ හිටියා.

"එදා මගෙ පපුවත් රිදෙන්න ගත්තා ඕඉ අයියගෙ ඇස් වල කඳුළු පිරෙනකොට. යකෝ ඌ තමයි මටත් කට පුරවලා අයියා කියන්න ඉන්නේ. අරා ඇත්තමයි උඹ කරන ඕනි දේකට මං සප් එක දෙනවා."

සස්ක මගේ අතින් අල්ලගන්නකොට මම ආයෙමත් බෙන්ච් එකෙන් නැගිටලා යන්න හදන ඌ දිහා බැලුවා.

මට මතකයි අවුරුදු කීපෙකට කලින් අයියා දවසක් තෙමීගෙන ඇවිත් මාව තද කරලා බදාගෙන අඬපු විදිය.

ඒ ඇස්වල තිබුණේ හැමදේම නැතිවෙච්ච ගානට දුකක් වෙනකොට කඳුළු හිඳෙනකන්ම අඬපු එයා ආයෙමත් මාව බදාගත්තේ 'කවුරු නැති වුනත් මට ඔයා ඉන්නවනෙ චූටිබබා' කියන ගමන්.

"මම මොකක්ද කරන්න ඕනි?

මම ආයෙත් හැරිලා අපේ වුන් දිහා බලාගෙනම රනුකගෙන් ඇහුවා.

"යමන්කෝ කවේ පිටිපස්සට.."

අපි ඔඩියයි එහා පැත්තෙ බිල්ඩින් එකයි අතර මැද ගුලට රිංගලා බිත්තියට හේත්තු වුණා.

"අපි ඌටත් අයියා විඳපු දුක දැනෙන්න දෙන්න ඕනි. අරා උඹ ඌත් එක්ක යාලු වෙයන්.."

"අඩෝ නෝ.. ඊට පස්සේ.."

ඩිහේනයා අහනකොට නිස්සා ආයෙමත් රනුක ගාවට ආවා.

"ඒ ඔක්කොටම කලින් උඹලට ඕනි නැද්ද අයියට ඔය බලු වැඩේ කලේ ඌමයි කියලා කන්ෆර්ම් කරගන්න."

"පිස්සුද නිස්සා.. අයියා එදා පෙන්නුවේ මූනේ.. එතන වෙන කවුරුත් හිටියේ නෑනේ.."

"ඒ වුනත් සසා මං කියන්නේ.."

"උඹ කටවහපන් නිස්සා. යකෝ උඹට අයියා ගැන ගානක් නැද්ද?

කට්ටියම පොඩි වෙලාවකට සයිලන්ට් වුනා.

"ඔය දිසස් කාරයා ජෙනරල් එකක්නෙ කරන්නෙ.. ඒ කියන්නෙ මේ සෙමෙස්ට එක උගේ අන්තිම සෙම් එක..

කරන එකක් මේ සති දෙකේ කලොත් තමා.."

"අම්මටසිරි එහෙමත් එකක් නේ. අරා මං කියන එක අහපන්.

උඹ ඔය දිසස් කාරයා එක්ක යාලු වෙයන්. සති දෙකකට.

පුළුවන් තරං උඹේ පැත්තට ඌව නම්මගෙන සති දෙකකින් අතෑරලා දාපන්.

සිම්පල්.."

"මොකක්ද ඒ සද්දේ.."

කට්ටියම කිය කිය හිටපු එක අහන් හිටපු මම වටපිට බැලුවා.

"මොන සද්දයක්ද?

මං අහනකොට මනුලයා ගොං හිනාවක් දුන්නා.

"ආ සද්දයක් ආවෙ නැද්ද.. හේ හේ.. මං හිතුවෙ සද්දයක් ආවා කියලා.."

"පරයෝ මේ සීරියස් කතාවක් අස්සේ රෙද්දක් කරන්න එපා. "

"මං කැමති නෑ මේකට. මනුස්සයෙක්ගෙ ෆීලින්ග්ස් එක්ක උඹලා සෙල්ලම් කරන්න හදන්නේ.."

"උඹ අකමැති නම් පලයන්. මට අපේ අයියා වටිනවා ඔක්කොටම වඩා.."

නිස්සා කියපු දේට රනුකයා කියනකොට මම ලොකු හුස්මක් පහලට දැම්මා.

🌱

"Will you be my Boyfriend..?

කෙනෙක්ගේ ඇස් මේ තරම් හැඟීම් වලින් පිරෙන්න පුළුවන්ද?

මම ඒ සීතල වෙච්ච අතක් අරගෙන ඒ උඩින් රතු රෝස මල් ටික තිබ්බා.

මගේ දිහා තත්ත්පර ගානක්ම රැඳිලා තිබ්බ ඒ මූනේ යන්තමට හිනාවක් ඇදුනා.

"ම්ම්ම්.."

එච්චරයිද? ඒකද උත්තරේ. යකෝ මාව හරියට අඳුනන්නෙවත් නෑ. මේ අවුරුදු දෙකටම පළවෙනි පාරට මේ කතා කලේ. ඒ වුනාට හාං ලු.

එකාතකට පුදුම වෙන්න දෙයක් නෑ. මූ අයියා කැමති වෙලා හිටපු කොල්ලගේ ඇඟේ නගින්න ඇත්තේ ඔය වෙස්මූන දාගෙනම වෙන්න ඇති.

මූ වගේ එකෙක්ට මෙහෙම කරන එකේ වැරැද්දක් නෑ. මේ වැඩේට අකමැත්තෙන් අත ගහපු මම අන්තිමේදි හිතුවා.

මම ස්ක්‍රිප්ට් එකේ විදියටම ඌව ඇදලා තුරුල්කරගත්තා.

අත් සීතල වුනාට මූ ගාව රස්නෙයි.

🌱

හැමදෙයක්ම අපි අතරේ තියාගන්න වුවමනා වුනත්, ඊළඟ දවස වෙනකොට මම මේවරගෙන් ආස්කවුට් කරපු එක මුළු කැම්පස් එක පුරාවටම ගිහින් තිබුණා.

ඊයේ අරගෙන සේව් කරලා තියාගත්තු එයාගේ නම්බර් එකෙන් උදෙන්ම ගුඩ් මෝනින් මෙසේජ් එකක් ඇවිත් තිබුණත් මම ඒක බලලා රිප්ලයි නොකර එහෙමම හිටියා.

මේ මොන විකාරයක්ද? ඒ පාර මැසේජස් වලට රිප්ලයි කරන්නත් ඕනිද?

🌱Kiiytada lec iwara wenne?

☘️12.30 Wewi.

මම දාපු මෙසේජ් එකට ඒ පිටටම රිප්ලයි එකක් ආවා.

මම කැම්පස් එකට ගිහින් පළවෙනි ලෙක්චර් එකට ඉඳලා එළියට ආවෙ අපේ එවුන් ටිකත් මං පස්සෙම එනකොට.

දැනටම එකට ළඟයි තමයි. ඒත් ඔය පොඩ්ඩක් වෙලා බලන් හිටියම මොනා වෙනවද?

මම දැක්කා හෝල් එක ඉස්සරහම බෑග් එකත් තුරුළු කරගෙන ඈතක් බලාගෙන කල්පනාවක ඉන්න එයාව.

එයාගේ පිටිපස්සෙන් හිටගත්තු මං රනුකයාටත් ඇහැක් ගහන ගමන් එයාගේ ඉනවටේ අතක් දාලා මගේ පැත්තට ඇදලා ගත්තා.

එයත් එහෙමම හරි පරිස්සමට මගේ පපුවට තුරුල් වෙනකොට මෙච්චර වෙලා මගේ ඔලුවෙ තිබ්බ සතුට, එක්සයිට්මන්ට් එක නැතිවෙලා ගියා.

එයාගෙන් දැනුණ රස්නේ මාව තත්ත්පරයකට ගල් කරලා දැම්මා.

"අම්මටසිරි අරාට ගිය කලක්.."

රනුවගෙ කටහඬ ඇහෙනකොට මේ ලෝකෙට ආපු මම ඔලුව දෙපැත්තට වැනුවේ මේ ඉන්නෙ මගේ අයියගෙ ඇස් වලට කඳුළු දීපු එකා කියලා මතක් කරගන්න ගමන්.

එහෙමම මම එයාවත් අරගෙන රෙස්ට්‍රෝරන්ට් එකකට ආවෙ එයා වටපිට බලන අතරේ මගේ පස්සෙන් එන ගමන්.

ඒත් වාහනෙන් බහින්න කලින් එයා ඇහුවේ වෙන තැනකට යමුද කියලා.

ඇයි හාමු මහත්තයට මෙතන මදි වගේද දන්නෑ.

ඒ කොහොම වෙතත් එයා ආයෙම ඇතුලට යමු කියන ගමන් වාහනෙන් බැහැලා එලියට ආවා.

එයාගේ ඇස් තිබ්බේ මගේ අත් වල.

ඇයි?

මම මගෙන්ම අහනකොට මට තේරුණා එයාට ඕනි දේ.

මගේ අත් අල්ලගන්න. අනේ යකෝ.

මං ඒක නොදැක්කා වගේ ඉස්සරහට යනකොට මං දැක්කා ඒ මූන පුලුටු වෙලා යනවා. ආවා මෙතන අත් අල්ලන්න.

ඕඩර් එකත් දීලා ඉවර වෙනකොටම වගේ එයා දෙයක් අහන්න ගිහින් නැවැත්තුවා.

මට කන්න කෑම ගේන්නලූ. අනේ ඔව්වට මොනා හරි දාලාවත් ගේවිද දන්නෑ. එහෙමට එකා.

ඒත් තව දවස් ගානක් යනකොට මූව මගේ පැත්තට නම්මගන්න වෙනවා.

මම හා කියන්න උත්තර දුන්නා.

කෑමත් ආවට පස්සේ බෙදාගන්න ගමන් මම ප්‍රශ්ණයක් දෙකක් ඇහුවේ තව මොනවා හරි දැනගන්න පුලුවන්ද බලන්න.

ටීච කෙනෙක් වෙන්න ඕනෙලු. මොන විහිලුවක්ද ඒ?

මට හොඳ මූන පෙන්නන්නනේ මේ ඔක්කොම.

මං ඒ ගැම්මටමයි ස්කෝලෙකට ඇප්ලයි කරලද ඇහුවේ.

ඒත් බලාපොරොත්තු නොවුන විදියට එයා ඔව් කිව්වා. ඒත් කොළඹලු.

මට ඉස්සෙල්ලම මතක් වුනේ එයා මාව දාලා කොළඹ යාවිනේ කියන දේ. ඒත් එක්කම පපුවේ දැනිච්ච රෙදිල්ල නැවතුනේ එයා කෑම වලට සල්ලි දෙන්න පර්ස් එක අදිනකොට.

හරි නම් මෙහෙම වෙන්න බෑනේ. හරි නම් එයා හැම දේටම මගෙන් සල්ලි කඩාගන්න ඕනි.

තව මොනවාහරි එයා ඉල්ලාවි කියලා බලන් හිටියත් එයා අන්තිමට ඉල්ලුවේ එකම එක දෙයක් විතරයි.

අපි දෙන්නගෙ එකම එක ෆොටෝ එකක්.

ඒ පුදුමෙන්ම මම එයාගේ ඉනවටේට අත දාලා එයාව තුරුල් කරගෙන ෆොටෝස් කීපයක් ගත්තා.

එහෙමම පහලට ආපු මම එයා කියපු පාරවල් දිගේ ගියේ එයාගේ ගෙදරට.

ලොකු වත්තක් මැද තිබිච්ච තට්ටු දෙකේ ගෙයක්.

එයා මාත් එක්ක හිනාවෙලා වාහනෙන් බහිනකොට මම එහෙමම වාහනේ හරවගෙන කැෆේ සන් එකට ආවා.

"අඩෝ කොහොමද උඹේ ෆස්ට් ඩේට් එක.."

කැෆේ එකේ කොනක හය දෙනාම වාඩි වෙලා ඉන්නකොට මමත් එතන හිස් පුටුවක වාඩි වුණා.

"සක්සස්.."

ඒ  විතරක්ම කියපු මම ලොකු වීදුරුවෙන් එලිය බලාගත්තා.

මොකක්දෝ කියන්න නොතේරෙන දෙයක් හදවතේ ඒ කොනක ඉඳලා මේ කොනකට ආයෙ අයෙමත් කරක් ගහන ගමන් ඉන්නකොට මම නැගිට්ටේ ඔෆිස් එක පැත්තේ යන්න.

ඇයි දැන් එකට දෙකක්ම බලන්න වෙලානේ.

🌱

ඊළඟ දවසේ ලෙක්චර්ස් ඉවර වෙච්ච ගමන් මම එයාව හොයාගෙන ගියේ ඊයෙ තිබ්බේ නැති උනන්දුවකින්.

ඒ යනකොටත් එයා මට පිටිපස්ස හරවලා තාර පාරේ එහා මෙහා ඇවිදින ගමන් හිටියා. එයාව පහු කරගෙන යන ළමයි එයා දිහා බලලා හොරෙන් මොනාදෝ මිමිණුවත් එයාට ඒවා ගානක් වුනේ නෑ.

"මේවර.."

මමවත් හිතපු නැති විදියට මගේ කටහඬ සොෆ්ට් වෙලා තිබ්බා. හරියට මම අයියට කතා කරන වෙලාවට වගේ.

මගේ පැත්තට හිනාවක් එක්කම හැරුන එයා මට දුන්නේ පුංචිම පුංචි මල් කිනිත්තක්.

මේ කොහෙන්ද? මම කලින් දැකලා තිබුණේ නෑ.

ඒ තියෙන්නේ කැලෑ මල් ලූ. පාර පුරාවට හැමතැනම තියෙන ඒවා දකිනකොට එයාව මතක් වෙහිලූ.

ඇයි එයා ඒක හරි අමුතුවට කියන්නේ?

හරියට ආයේ එයාව දකින්න වෙන්නෙ නැති දවසක් ඒවිය වගේ.

ඊටපස්සේ එයත් එක්ක මම මල් පාර ළඟ බෙන්ච් එකකට ඇවිත් වාඩි වුණේ, අපි වගේම නිදහසේ ඉන්න ආපු කප්ල්ස් කීපයක්ම තැන තැන තිබුනු බෙන්චස් වල ඉන්නකොට.

ඉළඟට එයා බෑග් එකෙන් බත් මුලක් අරගත්තා. බෙන්ච් එක උඩ තියාගෙන හතරට පහට නැමිලා බත් කන්නේ කොහොමද?

ඒ නිසාමයි කන්න බෑ කියලා මම පැත්තකට වුණේ.

ඒත් හිතපු නැති විදියට එයා මට කැව්වා.

අයියාගෙන් පස්සේ මට බත් කටක් කවපු එකම කෙනා.

මං දන්නෙ නෑ ඒ මූන දිහා කොච්චර වෙලාවක් මම බලන් හිටියද කියලා.

එතනින් එහා ගෙවිච්ච දවස් එකින් එක ගෙවුනේ නුවර පුරාම ඇවිදින්න.

එළියේ කොහෙවත් නොගිය දවස්වලට, එයාට අඩුම ගානේ කැම්පස් එක ඇතුලේ කොහේ හරි ඇවිදින්න ඕනී වුණා.

මට වෙලාවකට අමතක වුණා මම මොකක්ද කරන්නේ කියලා.

මට ඇඩික්ට් කරගන්න ආවා වුනාට අන්තිමේදි මම හිතන්නේ මම එයාට ඇඩික්ට් වෙලා හිටියා.

නිස්සා දවස ගානෙම මට මතක් කලා මනුස්සයෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. ඒ මනුස්සයා හොඳ කෙනෙක් වුනත්. නරක කෙනෙක් වුනත්.

ඔය කතාව හින්දම ඌ අපිත් එක්ක හිත හොඳින් හිටියේ නෑ මේ දවස් ගානෙම.

මාළිගාවට ගිහින් වැඳගෙනත් මම කල්පනා කලේ හෙට මම කරන්න යන දේ හරි ද කියලා.

ඒත් ආයෙ ආයෙමත් අයියගේ කඳුළු මතක් වෙන පාරට උණු වෙලා යන්න හදපු හිත ගල් වෙලා ගියා.

ඉතින් නුගේ යටදී මම බ්‍රේකප් වෙන්න ඕනි කියනකොට මගේ බලාපොරොත්තු කඩවුනේ ඒ සන්සුන් මූණ දැකලා.

වෙනදා වගේම හදන් ආපු පුංචි මල් කිනිත්තක් මට දික් කරනකොට වෙනදා වගේ ඒක අරගෙන මගේ ෂර්ට් සාක්කුවට දාගන්නෙ නැතුව මම අහක බලාගන්නකොට, එයාම ඇවිත් ඒ මල් කිනිත්ත මගේ සාක්කුවට දැම්මා.

මූට මං කියන එකක් තේරෙන්නෙ නැද්ද අයිසේ.

රනුවා සස්කයා එක්ක ඩියෝනයා මේකළට ඒවා මේවා කියන්න පටන් ගන්නාකොට මම අත් මිටි කරගත්තේ ඒවා මටත් අහන් ඉන්න බැරි නිසා.

එයා අර අමුතු ඇස් වලින් මගේ දිහා බලනකොට මගේ පපුවත් රිදෙන්න ගන්න නිසා.

"ම්ම්ම් හරී..."

හිමීට වුනත් ඒ කියපු දේ මට ඇහුනා. ඒ කියන්නේ..? ඒ කියන්නේ එයාට ගානක් නැද්ද බ්‍රේකප් එක..?

මං ඒ ඇස් වලින් දැකපු දේවල් වැරදීද..?

"I said - I'm breaking up with you.."

මං ආයෙමත් ඒ මුන දිහා බලලා කෑ ගැහුවා.

'ඌ තමුසෙත් එක්ක බ්‍රේකප් වෙනවා කියලා හලෝ කිව්වේ.. කන් ඇහෙන්නැද්ද ඕඉ..'

රනුකයාගෙ කටහඬ ඇහෙනකොටත් මම ඒ ඇස් අස්සේ මොනවදෝ හොයන ගමන් හිටියේ.

"Thank you for being with me these whole fourteen days.. It'll be good memories until my.. I mean.. They are good memories.."

ඒ කටින් පිටවෙන වචනයක් වචනයක් ගානේ මම එයාගේ හැඟීම් පිරුනු කටහඬ අහන්න බලාගෙන හිටියත් ඒවත් ඒ වචන වගේම සීතල වෙලා තිබුණා.

තමුසේ මට ආදරේ කරලා නැද්ද මේවර.

හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුනා තමුසේ අයියා කියපු ජාතියේ එකෙක් නෙමෙයි කියලා.

මගේ බලාපොරොත්තු විනාස කරලා දාන්න එපා මේවර.

"Didn't you love me?

මම හිත ගල් කරගෙන අහනකොට එයා අඩි දෙක තුනක් පස්සට ගියා.

මම දැක්කා අපේ එවුන් ටික කන්ෆියුස් වෙලා මගේ දිහා බලනවා.

"Did you Love me?

එයා අහනකොට මාව ගල් වුනා.

මම මොනාද කියන්න ඕනි මේවර මගේ ගල් හිත, මගේ අයියගේ ඇස් වලට කඳුළු දීපු එකා නිසාම දිය වෙලා ගිහිල්ලා කියන්නද?

මගෙන් උත්තරයක් නැති තැනම එයා ෆොන් එක අරගෙන ඕඩියො එකක් ප්ලේ කලා.

ඔහොම ඉන්න. මේ පුරුදු කටහඬවල්. මම මගේ වටේට හිටපු එවුන් ටික දිහා බලනකොට උනුත් මගේ දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියා.

""අම්මටසිරි එහෙමත් එකක් නේ. අරා මං කියන එක අහපන්.

උඹ ඔය දිසස් කාරයා එක්ක යාලු වෙයන්. සති දෙකකට.

පුළුවන් තරං උඹේ පැත්තට ඌව නම්මගෙන සති දෙකකින් අතෑරලා දාපන්.

සිම්පල්.."

"මොකක්ද ඒ සද්දේ.."

"මොන සද්දයක්ද?"""

ඕඩියො එක ඉවර වෙනවත් එක්කම මගේ දිහා බලන් හිටපු ඇස් තදින් පියවෙලා ඇරිලා එයා එතනින් ඈතට ඇවිදන් ගියා.

"මාර චාටර් එකනෙ ඕඉ..

ඌ මෙච්චර කල් දැනන් ඉඳලනෙ ප්ලෑන් එක.."

ඩියොනයා කියවනකොට මමත් හැරිලා පාකින් එකට ආවා.

'ආදරෙයි කියලා කියන්න කාට වුනත් පුළුවන්.

ඒත් ඒ හැමෝටම ආදරේ කරන්න තේරෙන්නේ නෑ.

බැඳීම් ඇති කරගන්න කාට වුනත් පුළුවන්.

ඒත් ඒ බැඳීම් රැකගන්න හැමෝටම බෑ.'

🌱

To be continued...

🌱