Chapter 3: CHAPTER 3

අවසානයක් නැතිව ආදරය කළෙමි | BL SINHALA SHORT STORY | ✔Words: 22542

☘️

මේ ලෝකේ තියෙන අමාරුම යුද්ධෙ තියෙන්නේ ඔයා දන්න දේවල් සහ ඔයාගේ හදවතට දැනෙන දේවල් අතරේ.

ඉතින් ඇත්ත නෙමෙයිද? හදවත මොන මොනා සුන්දර කතා පුන පුනා කිව්වත් මම ඇත්ත දන්නවා නෙමෙයිද? ඒ දන්න ඇත්ත නිසා රිදෙනවා නේද?

මම රිසර්ච් එකේ හාඩ් කොපි එකත් සබ්මිට් කරලා එලියට ඇවිත් හොඳ හුස්මක් ගත්තා.

ලෙක්චර්ස් ඉවරයි. අසයින්මන්ට්ස් ඉවරයි.

ලොකුම හිසරදේ - රිසර්ච් එකත් ඉවරයි.

ෆයිනල් එක්සෑම් වල රිසාල්ට්ස් ඇවිත් හැම දෙයක්ම පිලිවෙලට වෙලා කොන්වකේශන් එක තියෙනකොට තව මාස හතර පහක් වත් යාවී.

"රිසර්ච් එක සබ්මිට් කරලා ඉවරද?

මගේ පිටිපස්සෙන් ආපු කටහඬට මගේ මූන හිනාවෙන් පිරෙන්න ඇති.

මම එහෙමම හැරිලා සාක්කු දෙකේ අත් දෙකත් දාගෙන කෙලින්ම මගේ දිහා බලන් ඉන්න එයා දිහාට හැරිලා ගිහින් එයාව තද කරලා බදාගත්තේ එයාගේ පිටිපස්සේ ඉන්න සුපුරුදු යාලුවෝ ගැන්සියටත් හිනාවක් දෙන ගමන්.

ඒ පපුවේ ඔලුව ගහගෙන මම ඔව් කියන්න ඔලුව වැනුවා. ඒ ගමන්ම මගේ අතේ තිබුණු පොඩි මල් කිනිත්ත එයා ඇඳන් හිටපු සුදු ලිනන් ෂර්ට් සාක්කුවේ ගැහුවා.

දැන් ලස්සනයි.

මල් කුමාරයෙක් වගේ.

"අද කොහේද යන්නේ?

සමහරවිට එයා අහන්න ඇත්තේ ගෙවිච්ච දවස් දොළහේම මම එයාවත් එක්කගෙන මේ හැම තැනම ඇවිදපු නිසා වෙන්න ඇති.

අඩුම ගානේ කැම්පස් එක වටේ හරි ගිය හින්දා වෙන්න ඇති.

"අද කොහේවත් නෑ.."

"ම්ම්.. මාත් එක්ක ලන්ච් යමු එහෙනම්.."

අද මට කොහේවත් ඇවිදින්න තරම් සනීපයක් තිබුණේ නෑ, උදේ ඉඳලා දැනුණු  තෙහෙට්ටු ගතිය නිසා.

ඒත් මට යන්න බෑ කියලා කියන්නත් බෑ. ඒ නිසාම මං යමු කියන්න ඔලුව වැනුවා.

"අපේ එකාත් අතාරින්නෑ නේහ් නිස්සා.. මුගේ ඔය ඇටිට්‍යුඩ්ස් හින්දමද කොහෙද අන්ක්ල් අනික් කම්පනි එකත් මූටම ලිව්වේ.."

"රනූ.. ෂටප්.."

නිස්සාර මල්ලි රනූක මල්ලි දිහා බලලා ඔරවන ගමන් කියනකොට රනූක මල්ලි ඇස් රෝල් කරලා එහා පැත්තෙ හිටපු කොල්ලට හේත්තු වුණා.

"තොපි ඕනි රෙද්දක් කරගනිං. මං යනවා."

නිස්සාර මල්ලි යන්න යනකොට රනුක මල්ලිත් ඒ පිටිපස්සේ දිව්වා.

"ඇයි ඒ..?

මම අහනකොට එයා වැඩි ගානක් නැතුව උත්තර දුන්නා.

"උන් දෙන්නට පිස්සූ.."

☘️

"අපි මාළිගාවට යමූ..?

ලන්ච් ගන්න කියලා එයා නුවරටම ඇවිත් ඉන්නකොට මම හදිසියේ ඇහුවා.

"ලන්ච් අරගෙන යමු.."

එයා නුවර ටවුන් එකේම තිබුණ රෙස්ට්‍රෝරන්ට් එකක් ඉස්සරහා වාහනේ නතර කරලා බහිනකොට මමත් ඒ පිටිපස්සෙන්ම ගියේ ඒ අත අල්ලගන්න ආසාවෙන් වුනත් ඒ අත අල්ලගන්න තත්ත්පරයක් තියලා එයා අදත් අත සාක්කුවට ඔබාගත්තා.

උඹට කොල්ලෝ.. ඒ අත අපලයි.

ලන්ච් අරගෙන එළියට ආපු අපි වාහනේත් පාකින් එකේ දාලා මාළිගාවට ආවා.

මේ අපි දෙන්නා ඉස්සෙල්ලාම මාළිගාවට ආවේ.

මම පිච්ච මල් වට්ටියක් එක්ක සුදු නෙළුම් මල් පොකුරක් අරගෙන සල්ලි දෙන්න හදනකොට එයා සල්ලි දුන්නා.

"මම ගන්නම්.."

මට ඕනි වුනේ මගේ සල්ලි වලින් මල් වට්ටියක් අරගෙන දෙන්න. කොහෙද ඉතින් මේකත් එක්ක කරන්න බෑනේ.

"ම්න්.."

ඒ කිව්වෙ මොකක්ද?

හා කියලද බෑ කියලද ?

එයා එහෙමම මට ඉස්සරවෙලා අඩිය තියනකොට මම එයාට කතා කලා.

"ආරද්.."

"ම්න්..?

"ඔයා මේක ගන්න.."

මම එයාගේ අත් වලින් පිච්ච මල් වට්ටිය තිබ්බා.

එයා ආයෙමත් යන්න හැරෙනකොට මම ආයෙමත් එයාට කතා කලා.

"ආරද්.."

"ම්න්..?

'අදට විතරක්.. එක චුට්ටකට විතරක්.. මට ඔයාගේ අත අල්ලගන්න පුලුවන්ද?

මම ඒ අත් දිහා බලාගෙන මුමුනනකොට ඔන්න අර හීනි ඇස් තවත් හීනි වුනා.

එයාට ඇහුනේ නෑ මං කියපු එක.

"ආහ්.. නෑ නෑ මුකුත් නෑ.. යමූ.."

මං එයාවත් ඉස්සර කරගෙන යනකොට මේ වතාවේ එයා මගේ පිටිපස්සෙන් ඇවිදගෙන ආවා.

පිච්ච වට්ටිය ලඟින්ම නෙළුම් මල් එකින් එක අහුරන අතරේ මම සැරින් සැරේ බැලුවේ වැඳගෙන ඉන්න එයා දිහා.

මාළිගාවට ඇවිත් දේවල් ඉල්ලන්න හොඳ නෑ මම දන්නවා. ඒත් මට දෙයක් ඉල්ලන්න කියලා කෙනෙක් නැතිකොට, භාරව ඉන්න දෙවි කෙනෙක්ටවත් ඇහෙන්න කියලා මම මිමිණුවා.

මම දෙවෙනි අවුරුද්දේ ඉගෙනගන්නකොට ආරද් ඉස්සෙල්ලම කැම්පස් එකට අඩිය තිබ්බ හැටි මට මතකයි.

ෆස්ට් ඉයර්ස්ලට කැම්පස් පටන් ගන්නත් සතියකට දෙකකට කලින් තමයි ආරද්ගෙ කැම්පස් ගමන ෆැකල්ටි එක පුරාම ගියේ.

හැමෝම බලන් හිටියේ අයිලන්ඩ් රෑන්ක් එකකුත් දාලා ගවර්මන්ට් කැම්පස් එන කුමාරයා බලාගන්න.

ඒත් එයා ගැන දැනන් නොහිටපු මම එයාව ඉස්සෙල්ලම අඳුනගත්තේ ලංකාදීපේ මුල් පිටුවෙම ආරද් එයාගේ තාත්තත් එක්ක අරගෙන තිබ්බ ලොකු ෆොටෝ එකෙන්.

සුදු ස්කෝලේ ඇඳුමක් අන්දපු අවුරුදු විසි පහක විතර කොල්ලෙක් කියලා මට නම් හිතුණේ.

ඒ මොනවා වුනත් ලංකාවෙන් දෙවෙනි ස්ථානය කියලා ගහපු අකුරු වලට යටින් ලියපු 'ආරද් දිසානායක' කියන නම ඉන්ස්ටග්‍රෑම් වල සර්ච් වෙනකොටත්, ඒ එකව්න්ට් එකේ ෆලෝවර්ස්ලා ලක්ෂ හය පැනලා තිබුණා.

එතනින් එහාට මාත් බලන් හිටියේ කවුරුත් කතා වෙන ආරද් එනකන්.

වෙනදට ලෙක්චර්ස් පටන් ගන්න විනාඩි විස්සකට විතර කලින් කැම්පස් එන මම එයා පළවෙනියට කැම්පස් එන දවසේ උදේම කැම්පස් ගේට් එකෙන් ඇතුලට එන ගමන් හිටියා.

හොඳම දේ තමයි, හරිම අහම්බෙන් වුනත් ෆස්ට් ඉයර්ස්ලට දාපු රිබන් බෑන්ඩ් එක එයාගෙ අතට දාන්න හම්බුණේ මට.

එයාට මතක නැතුවඇති. මොකද එයා මගේ ළඟට එනකොට පහත් කරගත්තු ඔලුව මම ඉස්සුවේ එයා එතනින් ගිහින්, මාත් එලියට ආවට පස්සේ.

ඒ කොහොමහරි... මගේ හිතේ පළවෙනියටම හැඟීමක් ඇතිවෙච්ච මනුස්සයව පරිස්සම් කරන්න දෙවිහාමුදුරුවනේ.

ඔයා මගේ ආයුෂ කොහොමත් අරගෙනනේ තියෙන්නේ. ඒත් එයාව ආරක්ෂා කරන්න. සතුටින් තියන්න.

හෙට අනිද්දගෙන් සිද්ධ වෙන දේවල් වලින් පස්සේ එයාගේ හිතේ කිසිම දුකක්වත් ගිල්ටි ෆීලින් එකක්වත් ඉතුරු කරන්න එපා.

මොකද මම මේ දවස් එනව කියලා දැනගෙනයි හිටියේ. ඉතින් සම්පූර්ණ වැරැද්ද මගේ විතරයි.

මම අත් දෙක එකතු කරලා ආයෙමත් වැන්දා.

එයා එතකොටත් මගේ එහා පැත්තට වෙලා මගේ දිහා බලන් වුන්නා.

"යමුද?

එයා අහනකොට මම ඔලුව වැනුවා.

අපි ආයෙමත් වැව පැත්තට ඇවිදගෙන එන ගමන් ඉන්නකොට අන්තිම වතාවට කියලා හිතලා මම එයාගේ නිදහස් අත අල්ලගන්න මගේ අත ලං කලා.

"ආහ්.."

ඒත් කොහේදෝ ඉඳලා දුවගෙන ආපු පොඩි ළමයි දෙන්නෙක් මගේ ඇඟේ හැපෙනකොට මාව බිමට ඇදගෙන වැටුනා.

"මේවර.."

එයා මාව ඉන ගාවින් අල්ලගෙන උස්සලා කෙලින් කරනකොට මම හිනා වෙවීම නැගිට්ටා.

අනේ අර පොඩි කොල්ලො දෙන්නා බය වෙලා බලන් ඉන්නවා.

"අයියෝ මුකුත් වුනේ නෑ පුතේ. අන්ක්ල් ස්ට්‍රෝන්ග් මේ.."

මම මස් කලදක් නැති බයිසෙප්ස් පෙන්නලා හිනාවෙනකොට ඒ මූනු වල යන්තම් හිනාවක් ඇදුනා.

"දැන් යන්න.. හැබැයි දුවන්න යන්න එපා.. මේ පන්සලක්නේ පුතේ.. තේරුණාද?

කොල්ලෝ දෙන්නා ඔලුව වනලා හිමීට ඇවිදගෙන ඇතුලට යනකොට මම මෙච්චර වෙලා මිටි කරගෙන හිටපු අත දිහා බැලුවා.

වැලි ඇනිලා අත පුරාම රතු වෙලා තියෙනකොට මම අත් දෙක ගසලා දාලා ආරද් පැත්තට හැරුණා.

"යමූ.."

"ම්න්.."

මම එයත් එක්ක එකට අඩිය තියෙන ගමන් හොරෙන් ඒ මූණ දිහා බැලුවා.

චෙක් ලිස්ට් එකේ තව පේලියක් අද කැපෙනවා. මම මගේ කොල්ලත් එක්ක මාලිගාවට ආවා බුදුහාමුදුරුවනේ..

"කවදද කොළඹ යන්නේ..?

"මේ සතියේ.."

"එච්චර ඉක්මනට?

"ඉක්මනට හැමදේම ඉවර වෙන හින්දා ඉක්මනින් ගියා නම් හොඳයි කියලා හිතුණා.."

මම එහෙම කියලා එයා අන්ලොක් කරපු කාර් එකේ දොර ඇරලා නගිනකොට,

"ගිහින් නවතින්නේ?

"නැන්දලාගෙ ගෙදර.."

අම්බෝ ඔය ගෙදර පස් පෑගුවොත් නැන්දගෙ ප්‍රෙසර් නගී කියලා කියන්නද?

"ම්ම්ම්... අම්මලා නුවරනේ.."

ආරද් එයාටම කියාගන්න ගමන් කාර් එක ස්ටාට් කලා.

අනිවාර්යයෙන්ම කොල්ලා හිතන් ඉන්නේ මගේ බෝඩිමේ ඇන්ටි මගේ අම්මා කියලා වෙන්නෝනේ.

ඒකත් හොඳයි එක අතකට.

"හෙට කැම්පස් එනවද?

එයා අහනකොට මම ඔව් කියන්න ඔලුව වැනුවා. හෙට යන්නම එපැයි. නොහිහින් කොහොමද?

"වැඩ ඉවර කරලා කරලා මල් පාර පැත්තේ නුගේ ලගට එන්න.."

"හා.."

මම ජනේලෙන් පහුවෙලා යන පාර දිහාවට ඇස් අරගෙන ආවා.

☘️

ආයෙම මම මේ කැම්පස් එකට එන්නේ කොන්වකේශන් එකට.

මම කියන්නේ - පුළුවන් වුනොත්.

සමහර විට කොන්වකේශන් තියෙන කාලේ වෙනකොට කොල්ලා වෙන ගමනක් ගිහින් ඉඳිවිද කවුද දන්නේ.

මම මූණට හිනාවක් අරගෙන නුගේ පැත්තට අඩිය තිබ්බේ පාර දිගට හම්බෙන මල් එකතු කරන ගමන්.

අද හැදිච්ච මල් කිනිත්ත වෙනදට වැඩිය වෙනස්.

මොකද වෙනදා වගේ පාට පාට මල් නැතුව මට අහු වුනේම එක එක ජාතියේ සුදු පාට මල්.

නුගේ පේන මානේ එනකොට මම මල් ටික එකට බැඳලා මල් කිනිත්ත හදාගත්තා.

මට පේනවා වෙනදා වගේම හිනාවක් නැති මූනෙන් ඉන්න ආරද්ව වගේම, එයාගේ වටේට හිනාවෙලා ඉන්න යාලුවෝ රංචුව.

"ඔන්න අරා උඹේ අඹුව එනවා.."

රනුක මල්ලි හයියෙන් හිනාවෙන ගමන් කියනකොට අනික් අය ඒත් එක්කම හිනා වුණා.

මම අතේ තිබුණ මල් කිනිත්ත එයාට දික් කරනකොට එයා අහක බලාගත්තා.

ඒත් එයා ආයෙම හැරිලා දෙයක් කිව්වා.

"I'm breaking up with you.."

'යෝ.. ඔයා හෙන ස්ට්‍රේට් නෙ අරා..'

'කමෝන් අරා..'

'එක්කෙනෙක් අද පච වෙන්නයි යන්නේ..'

'අඩෝ අඩෝ අයියා බබා අඬයිද දන්නෑ.."

වට පිටාවෙන් එයාගේ යාලුවන්ගේ සද්දේ ඇහෙනකොට මම තව අඩි දෙකක් එයාට ලංවුණා.

"ම්ම්ම් හරී..."

එයාට ඇහෙන්න කියන ගමන් මම යන්තමට හිනාවක් මූණට අරගෙන මල් කිනිත්ත එයාගේ ශර්ට් පොකට් එකකට එබුවා.

එහෙම ලස්සනයි දෙවියනේ.. මගේ මල් කුමාරයා..

"I said - I'm breaking up with you.."

එයාගේ කටහඬ කලින්ටත් වඩා තදින් ඇහෙනකොට මම දැක්කා අපිට දුරින් ඉන්න ළමයි කීප දෙනෙකුත් මේ පැත්ත බලනවා.

කමක් නෑ. මල් පත්තරේ බලන්න මම හිටියට බ්‍රේකප් නිව්ස් එක බලන්න මම මේ කැම්පස් එකේ අදින් පස්සේ ඉන්නෙ නෑනේ.

'ඌ තමුසෙත් එක්ක බ්‍රේකප් වෙනවා කියලා හලෝ කිව්වේ.. කන් ඇහෙන්නැද්ද ඕඉ..'

ආයෙමත් රනුක මල්ලි කියනකොට මම හරි කියන්න ඔලුව වැනුවා.

"Thank you for being with me these whole fourteen days.. It'll be good memories until my.. I mean.. They are good memories.."

මගේ කටින් පිටවෙනකොට වෙනදට හීනි වෙන ඇස් අද රතු වෙලා තිබුණා.

"Didn't you love me?

එයා අහනකොට මම අඩි දෙක තුනක් පස්සට ආවා.

"Did you Love me?

මගේ ප්‍රශ්ණෙන් එයාගේ කට වැහෙනකොට මම ෆෝන් එකේ මීට සති දෙකකට කලින් රෙකෝඩ් වෙලා තිබිච්ච දෙයක් ප්ලේ කලා.

☘️

දොරත් වහලා අඩියෙන් අඩිය කාමරේ ඇතුලට ඇවිදගෙන ආපු මම බෑග් එක ගලවලා ඇඳ උඩට විසික් කලා.

Mutual benefits හොඳටම පාවිච්චි කලේ මමයි ආරදුයි වෙන්න ඕනි.

එයා යාලුවන්ගෙන් බේරෙන්න මගෙන් ආස්කවුට් කරනකොට, මගේ අන්තිම දවස් සතුටෙන් තියාගන්න මම ඒකට කැමත්ත දුන්නා.

මෙතන කවුරුත් හරිත් නෑ වැරදිත් නෑ.

මම ආදරේ කලාට එයා ආදරේ කලේ නෑ.

ආදරේ කරන්නෙත් නෑ.

ඒ මොනවා වුනත් එයාටවත් මටවත් මුකුත් කියන්න බැහැ.

දෙන්නගේ පැත්තෙන් දෙන්නම සාධාරණයි.

මම හිමිහිට නැගිටලා කණ්නාඩිය ගාවට ආවා.

එක්කෝ මම මහ බොරුකාරයෙක්.

කණ්නාඩියෙන් පේන ඒ හිනාවෙලා ඉන්න  මනුස්සයාට මම මේ දැනුත් කිව්වා මම හොඳින් කියලා. මම එහෙම කියනකොට එයත් මට හිනාවෙලා ආපිට ඒකම කිව්වා.

ඒත් අන්තිමේදි මගේ බොරු වලට කන්ණාඩියත් ඉරි තලලා ගියා.

මේ ලෝකේ කිසිම මනුස්සයෙක්ට මට මේ දැන් දැනෙනවා වගේ, තමන් ට කවුරුත් නෑ කියන හැඟීම ඇතිවෙන්න හොඳ නෑ.

දෙවියනේ.. ආරද්.. මං ආදරෙයිනේ.. අනේ මට මැරෙන්න බැ.. මට ඔයත් එක්ක ගොඩාක් කල් ඉන්න ඕනි..

කඳුළු උල්පත් හරි වේගෙන් පිටාර ගලන්න අරගෙන තිබුණා.

මම එක අතකින් පපුව තද කරලා මිරිකගත්තා.

"මට ගොඩක් රිදෙනවා...... ආරද්.."

I was prepared, but it still hurt 💔

☘️

To be continued...

☘️