Back
Chapter 105

103 කොටස 🤍✨️

නිවාලන්න මා...

"අද ක්ලාස් නෑද ආර්ය ඔයාට?"

"නෑ නේත්‍ර...."

"කාර්තික්! උම්බට දෙනවා මම දැන්!!! යකෝ පිලිවෙලකට පලයංකො පාරෙ"

"යේක කයිශම හිරයිනෙ යප්පා! පූට්ටුව මැද්දට වක් වෙනවනෙ යප්පා!"

"දිවාෂ!"

"ඕ චූචි?"

"අර ගෑනු ලමයා....අර අතන නුග ගහ යට"

"අනේ අයියේ අපි ඉවරයි! මේ.....කාර්තික්.....අපි දෙන්නා හෙන ගේ සීන් එකේ යංද මෙතනින් යද්දි?"

"ඔයාගෙ නේත්‍ර ඉන්නෙ යප්පා"

"ඒක සිරා ලව් එකනෙ බං! මෙතන බොරුවක් කරන නිසා උබට එන්න කිව්වෙ"

"ශරි ශරි.....අයියෝ.....හයිස්කූල් එකේ කෙල්ලෙක්ට එපා කියන්නෙ ඇයි ඩිවාෂ?"

"මගෙ මකරා ගවුම් දැක්කම ඇවිස්සෙන්නෑ අනේ....කලිසම් දැක්කම තමා ගිනි පිඹින්න ගන්නෙ"

"ඩිවාෂට මකරෙක් ඉන්නවා? දෙයියෝ දෙයියෝ"

"තව ටිකක් ලං වෙලා වරෙං කාර්තික්"

පාරෙ ඇතුල් පැත්තට නේත්‍රව ඇදල දැම්ම දිවාෂ ආර්යට නේත්‍ර එක්ක යන්න කිව්ව දිවාෂ කාර්තික් එක්ක ලං වෙලා හිනා වෙවී කතා කර කර යන්න ගත්තා.නිල ඇඳුමෙන් ඉන්න හින්දා අනවශ්‍ය විදියට හැසිරෙන්න නොගිය දිවාෂ ලස්සනට හිනා වෙවී කාර්තික් එක්ක ඇවිදන් යන්න ගත්තෙ ඇස් කොණින් නොදැනෙන ගාණට අදාල ගෑනු ලමයා දිහා බලන ගමන්.

"කාව්‍යා.....අර...."

ගෑනු ලමයගෙ යාලුවෙක් දිවාෂව පෙන්නනවා දිවාෂ දැක්කත් නොදැක්ක ගාණට පපුව කෙලින් තියාගත්තු කොල්ලා ඉස්සරහට ඇවිදන් ගියා.ඔය අස්සෙ නේත්‍රත් ඉස්සරහ බලාගෙන ආර්ය එක්ක කතා කරන ගමන් ඇවිදන් ගියේ තමන් දිහාත් බලන සැලකිය යුතු පිරිසක් ඔතන ඉන්නවා කියලා දන්න නිසා.ලොකු හුස්මක් පහල දැම්ම නේත්‍ර කිසිම ගෑනු ලමයෙක් පිරිමි ලමයෙක් දිහා නොබල ඉස්සරහට ඇදෙද්දි අරහෙන් මෙහෙන් වදින පිරිමි ලමයින්ගෙ චූස් පාරවලුත් නේත්‍රට නෑහුනා නෙවෙයි.කොහොමත් නුවර පාසල් අතරෙ ප්‍රසිද්ධ සිසුන් ටිකක් උනු නේත්‍රලාට දිවාෂලාට ඔය ලැබෙන අවධානෙ සාමාන්‍ය එකක් වෙද්දි නේත්‍රලා හැම වෙලේම ඒක බැල්මකින් ප්‍රතික්ශේප කරලා දැම්මා.

"ඈ නේත්‍ර...."

"ඕ ආර්ය....කියන්න"

"මේ....ඇයි ධර්මෙ පැත්තෙ ඔයාලා නොයා නිමේත්ලාව යැව්වෙ?"

"අර එකපාරක් එහෙ පිරිමි ලමයෙක් මට බෝලෙකින් ගැහුවනෙ....මහ කැත කතාවකුත් මොකක් හරි කිව්වා....සුදුබේබිලා පස්සෙ ඔය ඉස්කෝලෙ අය එක්ක රණ්ඩුවකත් පැටලිලා තිබ්බා...."

"අර එකෙක්ගෙ අතක් කැඩුනු සීන් එකද?"

"ඒ අත කැඩිලා තිබ්බෙ නම් ඇක්සිඩන්ට් එකකින්ලුනෙ....සුදුබේබි ගහලා නෙවේ....සුදුබේබිලා ඔක්කොමල්ලත් එක්ක ගහගෙන ටිකක් තුවාල වෙලා විතරයි වෙලා තිබ්බෙ...අතක් කඩ...ලා....ත්....තිබ්බෙ සුදුබේබි නෙවේ වෙන්න ඇති නේද?"

"දන්නෑ....ආශව අයියට මල පැන්නම දන්නවනෙ....ඔයාට මොනාහරි කරපු එකෙක්නම් අත පොඩ්ඩක් කඩලා එන්න ඇත්තෙ"

"..............."

"එව්වා ඉස්සර කතානෙ අනේ...හිතන්න එපා දැන් ඔව්වා.ඉතින් ඒකද එහෙ නොගියෙ?"

"ඔව්....මම එහෙ යන්න ආසා නෑ ඒ නිසා....ආයෙ ඔව්වගෙ ගිහින් ඒ අය ඉදලා මට මොනාහරි කිව්වොත් අර කොළඹ ඉන්න සුදුබේබි නුවර ඇවිල්ලම පැටලෙනවා මෙයාලා එක්ක....ඒ නිසා ප්‍රශ්න තියෙන තැන් කලින්ම මගාරින එක හොඳයි ආර්ය"

"ඒක ඇත්ත....ප්‍රශ්න උනාට පස්සෙ අපරාදෙ නොකියා කලින්ම ශේපෙ කැපෙන එක හොඳයි තමා"

ආර්යට නිහඬවම ඔලුව හොලවපු නේත්‍ර තමන් හතරදෙනා ආව කිංස්වුඩ් පාසල ලඟින් නැවතුනා.ආර්යයි කාර්තිකුයි ගේට්ටුව ලඟ නැවතෙද්දි නේත්‍රයි දිවාෂයි දෙන්නා පාසලට ඇතුල් උනේ කලින්ම එන බව දන්වලා තිබුනු නිසා.ලගඳිම එලඹෙන ලංකාවෙ තෝරාගත් පාසල් වල ශිෂ්‍යනායකයන්ට පැවැත්වෙන වැඩමුළුවක් සදහා නුවර ප්‍රදේශයේ පාසල් වල ප්‍රධාන නියෝජිතයා වෙලා හිටියෙ ට්‍රිනිටිය.ඒ නිසා අදාල දැනුවත්කිරීම් කිහිපයක් වෙනුවෙන් විදුහල්පති තුමාව හමුවෙන්න වෙලාවක් පාසල් වෙලාවෙන් පසුවට නේත්‍රලා යොදාගෙන තිබ්බා.

සාකච්ඡාව ඉවර කල නේත්‍රයි දිවාෂයි එලියට බහිද්දි පොඩි බීම බෝතලයක් කටේ ගහන් හිටිය ආර්ය බෑගයට අත දාලා තව බීම බෝතල් දෙකක් අරං නේත්‍රටයි දිවාෂටයි විසික් කලා.ඒ දෙක අල්ලගත්තු නේත්‍රයි දිවාෂයි බීම බිබීම ඉස්සරහට ඇදෙද්දි ආර්යත් කියෝ කියෝ කාර්තික් එක්ක ආවා.

"ඈ ඩිවාෂ...."

"ඕ....කියපං"

"අපිට කෝඩිනේටර් කෙනෙක් නෑහ්?"

"ඉන්නවා ඉන්නවා....රකිත අයියයි මහමායා එකේ රකිත අයියලාගෙ පාර එච්පී අක්කයි ඉන්නවා.එයාලත් එයි අපි එක්ක යන්න"

"එහෙනම් කමක් නෑ.....නැට්ටං කේස් යප්පා...."

"ඔව්....මොන!!!"

"ඇයි මල්ලි හැපෙන්නෙ?"

පාඩුවෙ පාර අයිනෙන් ඇවිදගෙන ලගම තියෙන රෙස්ටෝරන්ටයකට ගොඩ වෙලා දවල් කෑම ගන්න ගිය කොල්ලො තුන් දෙනා එක තැන නැවතුනේ ඒ කටහඬ නිසා.හිතලම වගේ දිවාෂගෙ ඇඟේ හැප්පුනු කොල්ලෙක් දිවාෂගෙ ඔලුවට ඇඟිල්ලකින් ඇනලා සවුත්තුව දාද්දි දිවාෂ අතමිට මොලවගෙන හිටියෙ පාරෙදි ප්‍රශ්න ඇති කරගන්න ඕනි නැති නිසා.අනික මේ තමන් කට්ටිය කලින් කතා වුණු ඉස්කෝලෙක සිසුන් පස් දෙනෙක් වීමත් කොහෙන් හරි තමන්ගෙ ඉස්කෝලෙ එක්ක පැටලෙන්න ඔය ලමයි හේතු හදාගන්න බව දැනගෙන ඉදීමත් කොල්ලො හතරදෙනාගෙ නිහඬ බවට හේතු උනා.

"අපි යං....එන්න"

"කොහෙද කොහෙද මල්ලිලා යන්නෙ?"

"මල්ලි නෙවේනෙ හලෝ! ඔයත් මගෙ වයසෙමනෙ නේහ්?"

කොල්ලො හතර දෙනාට යන්න නොදී මග අහුරගෙන ඉන්න විරුද්ධ පාසලේ ඉලන්දාරි ටිකගෙ මූණු දිහා කෙලින්ම බලාගත්තු දිවාෂ ඉස්සරහට අඩියක් තියද්දි ඒ කොල්ලොත් රණ්ඩුවක් ඇදෙන විදියටම සමච්චලේට හිනා වෙවී හිටියා.

"ආ.....අපේ වයසද? ඇඟෙන් පතෙන් හෙන පොඩියිනෙ ඕයි කැ# තේජසක් පෙන්නුවට උඹලා"

"අපේ ලොකු පොඩි අපි බලාගන්නං! නිකං වීදි සුනකයො වගේ පාඩුවෙ පාරෙ යන මිනිස්සුන්ට වාත නොවී ඉදපල්ලකො"

"කවුද හු#තො වීදි සුනඛයො? ඈ!!!"

"ගහන්නද උඹලා!"

"ඔව් ගහන්න තමා! ට්‍රිනිටි කියලා ලොකුද?"

"ලොකුයි තමා!"

ඒත් එක්කම කණ්ඩායමේ ප්‍රධානියා වගේ හිටිය කොල්ලා දිවාෂගෙ කොලරයෙන් අල්ලගනිද්දි නේත්‍ර ඉස්සරහට පැන්නා.

"අපිට ඔයාලා එක්ක රණ්ඩු වෙන්න ඕනි නෑ....අපිට පාඩුවෙ යන්න දෙන්න....මගෙ යාලුවව අතාරින්නකො ටිකක්....අපි කරදර කලේ නෑනෙ ඔයාලට"

"උඹ පලයං පො#නයා!"

නේත්‍රගෙ කමිස කොලරයෙන් ඇදලා අරං තල්ලු කරපු කොල්ලා කියද්දි නේත්‍රට වැටෙන්න නොදී අල්ලගත්තු දිවාෂ නේත්‍රව කාර්තික්ට ලං කරලා අනික් පැත්ත හැරුණි ගමන් අර කොල්ලගෙ මූණටම පාරක් ගැහුවා.

"කවුද හු#තො පො#නයා!!!! තෝ වෙන්න ඇති හරිහමන් එකක් නැතුව ඉන්නෙ"

"උඹලගෙ හෙන කයිවාරු නෙහ්? උඹලගෙ එකෙක් කාලෙකට කලින් අපේ අයියගෙ අත කැඩුවනෙ....අද උඹලගෙ අඬු කඩවලා යවන්නෙ ඌට උණ ගැනෙන්න!"

"දිවාෂ.....අපි යමු....රණ්ඩු වෙන්න ඕනි නෑ"

"මුන් ඔයාට මෙහෙම බලු කතාවක් කිව්වට පස්සෙත් යමු කියන්න එපා නේත්‍ර! දෙකෙන් එකක් විසඳ...."

"අහා! මූ උඹටත් පු# දෙනවද? ඔච්චර රුදාවක් තියෙන්නෙ?"

"තෝ කිව්වට අහන්නෑ නේද සක්කිලි බල්ලා!!!"

"පුක දෙන එකාට පුක දෙන එකා කියන්නෙ නැතුව....."

"දිවාෂ! ආර්ය! කාර්!!!! එපා!"

නේත්‍ර එකපාරටම කෑ ගැහුවෙ තමන්ට අර කොල්ලා කිව්ව දේත් එක්ක ඉස්සරහට පැන්න යාලුවො තුන් දෙනා නිසා.ඇඟපතින් ටිකක් ලොකු කොල්ලො පස් දෙනෙක් එක්ක හැප්පෙන එක සාමාන්‍ය ඇඟවල් තිබ්බ දිවාෂට ආර්යට දෙන්නට ටිකක් අමාරුයි වගේ පිටට පෙනුනත් ඇත්තටම එහෙම උනේ නෑ.ඇඟේ ප්‍රමාණෙන් ශක්තිය මනින්න බැ කියන දෙ ඇත්තක් කරන ගමන් දිවාෂයි ආර්යයි සැර පාරවල් දුන්නා වගේම කොහොමත් ලොකු ඇඟපතක් තියෙන කාර්තික්ට පාරවල් ගහන එක අමාරු උනේ නෑ.

"අනේ දැන් ඇති.....ඕක නවත්තන්නකො.....දිවාෂ...."

දිවාෂගෙ කට කොණක් පැලිලා ලේ එනවත් එක්කම කලබල උනු නේත්‍ර කොල්ලො අතරින් මැද්දට පනිද්දි නේත්‍රට තුවාල නොවෙන විදියට ඉක්මන් උනු ආර්ය නේත්‍රව එලියට ඇදලා දාලා ආයෙමත් ගහගන්න පටන් ගත්තා.එතනින් එක කොල්ලෙකුත් රණ්ඩුව නවත්තන්න උත්සාහ ගන්නවා දැක්ක නේත්‍ර ඒ කොල්ලට ඔලුව වනන ගමන් තමන්ගෙ යාලුවො ටිකව පැත්තටක ඇදලා ගන්න උත්සාහ දරද්දි අර කොල්ලා යාලුවො දෙන්නෙක්වම පැත්තකට ඇදලා දාලා රණ්ඩුවට නොයන විදියට නතර කලා.

"දිවාෂ ඇති!!!"

කාට නැතත් තමන් කියන දේ අහන බව දන්න දිවාෂට සැර කෙරුව නේත්‍ර දිවාෂව ඇදලා අහකට ගනිද්දි ආර්යත් කාර්තික් එක්ක පස්සට උනේ අනික් පැත්තත් මේ වෙද්දි පසුබාලා හිටිය නිසා.තුවාල වෙලා හිටිය යාලුවො දිහා බලපු පුංචි එකාගෙ ඇස් වල කදුළු පිරෙද්දි ඔලුව කහපු ඉලන්දාරි තුන් කට්ටුව තමන්ගෙ බිම වැටිලා තිබ්බ බෑග අතට අරගෙන එතනින් පිට වෙන්න හැදුවෙ නේත්‍රව බය කලා කියන පසුතැවීම නිසාමයි.

"හහ්! ආශවගෙ පු# ලොවන්නෙ උඹ නේහ්? අයියගෙ අත කඩල තිබ්බෙ උඹට බෝලෙකින් ගැහුව නිසාලුනෙ"

"ඇහුනෙ නෑ වගේ යමු දිවාෂ...එන්නකො....ඔය කියන එව්වා මගෙ ඇඟේ වදින්නෑනෙ...යං"

ආයෙ අතමිට මොලවගත්තු දිවාෂව ඉස්සර කල නේත්‍ර කියද්දි දිවාෂ බැලුවෙ නේත්‍රගෙ මූණ දිහා.අර කොල්ලා කියන කතා නිසා ලැජ්ජා හිතුනත් ඒක පාලනේ කරගෙන බිම බලාගෙන යමු කියන නේත්‍රව දැක්ක දිවාෂගෙ හිත නොසෑහෙන්න බර උනා.තමන් ඇතුලු යාලුවො ටික ඇතුලෙ හුරතලේට හැදෙන ආශවගෙ තුරුලෙ ආදරෙන් පිරෙන නේත්‍ර පිට අයගෙන් මෙහෙම කතා අහගන්න එක ගැන දිවාෂට දැනුනෙ ලොකු වේදනාවක්.

"ආශවත් පු# දෙනවද කොහෙද ක්‍රිකට් කවුන්සිල් එකේ ලොක්කොන්ට! නැත්තං අර ලොක්කගෙ දුවට ### දෙනවා ඇති ඕනි තරං! නැත්තං ලොක්කට අල්ලනවා ඇති! නැත්තං කොහොමද......"

"මොකද්ද තමුන් කිව්වෙ!!!! ආහ්!!!! මොකද්ද ඒ කිව්වෙ!!!! එයා ගැන මොකද්ද කිව්වෙ!!!!"

කට කැඩෙන කතාව කිව්ව කොල්ලා හිතන්නත් කලින් ඒ කොල්ලා තල්ලු වෙලා ගිහින් ලඟම තිබ්බ කොන්ක්‍රිට් කණුවක වදිද්දි දිවාෂ කට ඇරං බලන් හිටියෙ තමන් ලඟ හිටිය නේත්‍ර එකපාරටම අතුරුදන් වෙලා අර කොල්ලගෙ බෙල්ලෙන් අල්ලන් ඉන්නෙ කොහොමද කියන එක.

"එයාට ඔහොම කතා කරන්න කාටවත්ම අයිතියක් නැ!!!"

"අහ්! අහ්ත....අත...ඇර....පං මල්ලි.....මම....වි...විහිලු...."

"මට ඕනි තරම් බනින්න.....කමක් නෑ....එයාට මුකුත්ම කියන්න බෑ ආයෙ!!!"

"මල්ලි.....බ්....බෙල්ල"

"නේත්‍ර හරි....අපි යමු එන්නකො"

දිවාෂ නේත්‍ර ලඟට ලං වුණත් නේත්‍රගෙ සම්පූර්ණ අවධානෙ තිබ්බෙ අර කොල්ලා ලඟ.

"දුක් විඳලා ඒ තැනට ගියේ....ඒක බාල්දු වෙන එක වචනයක්වත් පිට වෙන්න බෑ කිසිම කෙනෙක්ගෙ කටකින්!!!"

"ස්....සොරි ම්....මල්...."

"නේත්‍ර! ඇති...යං!"

නේත්‍රට හයියෙන් තට්ටු කෙරුව දිවාෂ නේත්‍රව පැත්තකට ඇදලා ගනිද්දි අර කොල්ලා බෙල්ලත් අල්ලගෙන එතනම වැටිලා හිටියා.ආර්යයි කාර්තිකුයි උනේ මොකද්ද කියලා හිතාගන්න බැරිව බලන් ඉද්දි දිවාෂ නේත්‍රගෙ තද බැල්ම දිහා බලාගෙනම නේත්‍රව එතනින් එක්කගෙන යන්න හැදුවා.අඩියක් ඉස්සරහට තිබ්බ නේත්‍ර ඒ තද බැල්ම එහෙම්මම තියාගෙන ආපහු හැරිලා අර කොල්ලො ටික දිහා බලද්දි කට්ටියම බය වෙලා නේත්‍ර දිහා බලන් හිටියෙ තමන් එක්ක ගහගත්තු අයගෙන්වත් මෙහෙම දරුණු පෞර්ෂයක් එලියට නාව නිසා.

"එයාට වරදක් වෙන්න බෑ කිසිම කෙනෙක්ගෙන්....සුදුබේබිට කවුරුමහරි කරදරයක් කරපු දවසට ලෝකෙ ඉන්න දරුණුම මනුස්සයෙක් මගෙ ඇඟෙන් එලියට බහින එක කාටවත් නවත්තන්නත් බැරි වෙයි! ඒක මතක තියාගන්න!!!"

.

.

.

.

.

"දැන් ඉතින් උඩ බලියන් ඉදපල්ලා තුන්දෙනාම!!!"

"ස්ස්ස්ස්......"

"සූ සූ නෙවෙයි නේත්‍ර මල්ලි! පණ්ඩිතකං කරගත්තනම් ඉවසන් ඉන්නවා දැන්"

"දැවිල්ලයි....."

"මම ලඟ ආශව ලඟ වගේ හුරතල් කිරිලි නෑ!!! ඒ නිසා ඉන්නයි කිව්වෙ ඔහොම"

"චූචියට බයින්නෙපා තෙවින් අයියේ...."

"ඊලඟට උඹ යුගාන්!!! අයියෙ ගෑවා කියලා මගෙන් බේරෙයි කියලා හිතන්න එපා....ආර්ය!"

"ම්ම්ම්ම්"

"දෙන්නා එක්ක ඔක්කොම පටන් අරං මේ පොඩි එකාවත් ඇදගෙන ගිහින් දැන් හිමිච්චො වගේ ඉන්නෙ!!! ආශව දැනගත්තොත් අපිවත් මරනවා"

".............."

"කෝ තව කොහෙද තුවාල තියෙන්නෙ?"

"මේ මෙතන"

"කෝ......බලනවා නේත්‍ර මල්ලි! මේ මූණෙත් අත් පාරක්නෙ"

"නේත්‍ර රණ්ඩුව බේරන්න හැදුවා විතරයි තෙවින් අයියෙ....බයින්නෙපා එයාට"

"ඊලඟට උඹලා දෙන්නට බේත් දාන්නෙ මම! නාහෙන් ඇඬිලි කූක් කිවිලි නෑ හරි! නේත්‍ර මල්ලි මේ කාගෙන හිටියා වගේ කාගෙන ඉන්න ඕනි....වැරදි කලානම් එව්වට පනිශ්මන්ට් හම්බෙද්දිත් ඉන්න ඕනි සද්ද නැතුව තුන්දෙනාම!"

කොල්ලො තුන් දෙනාම බිම බලාගෙන ඉද්දි නේත්‍රගෙ ඇස් වල කදුළු පිරිලා තිබ්බා.සුදුබේබිව මේ දැන් ඕනි කියන හැඟීමෙන් පුංචි එකාගෙ හිත පිරිල තිබ්බා.කොහොමත් මේ ටිකේ එක දිගටම සුදුබේබිට එන්න කියලා තනියෙන් කියව කියව රෑට අඬන එක පුරුද්දක් වෙලා තිබ්බ නේත්‍රට මේ වෙලාවෙත් ඕනි උනේ ආශවගෙ තුරුලෙ උණුහුම් වෙන්න.ලෝකෙ මිනිස්සු නපුරුයි කියන්න.සුදුබේබිට කරදර කරයි කියන්න.ඒත් බය වෙන්න එපා කියන්න.නේත්‍ර ලඟ ඉන්නවනෙ කියන්න.නේත්‍ර සුදුබේබිව බලාගන්නව කියන්න.

"දැන් අඬන්නෙ මොකෝ?"

"ස්....සුදුබේබිව ඕනි මට......"

"තමුසෙ ඇඬෙව්වනෙ තෙවින් මගෙ චූචියව....කෝ එන්න මෙහෙට....අඬන්නෙපා නේත්‍ර"

"සු....දු...බේබි ඕනි....සුදුබේබිට කියන්න ඕනි.....සුදුබේබිට පරිස්සම් වෙන්න කියන්න ඕනි"

"ශ්....ශ්....දැන් හැමදේම හරි නේත්‍ර....කෝ....මම ඉන්නවනෙ....අපි ආශවව බලන්න යමුකො ඉක්මනට....ම්ම්ම්"

දිවාෂ නේත්‍රව තුරුල් කරං කියද්දි නේත්‍ර ඉකි ගගහා අඬන්න ගත්තා.ලඟකදි ඉදන් සුදුබේබිට නොහොඳක් වෙන්න යනව වගේ දැනෙන හැඟීම අද උනු සිද්ධිය එක්ක නේත්‍රගෙ හිතට ලොකු බලපෑමක් ඇති කරලා තිබ්බා.හදිසියකට දුවන්න පුලුවන් දුරකවත් තමන්ගෙ සුදුබේබි නොයිදිද්දි පුංචි එකා මෙච්චර කලබල වෙන එක පුදුමයක් නොවුනා වගේම ආශව ගැන විතරක්ම හිතන නේත්‍රට සුදුබේබිට කරදරයක් කියන වචනෙම ඇති ගිනි අරං පිච්චෙන්න.

"කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගන්නකො නේත්‍ර....මගෙ අල්මාරියෙන් ඇඳුමක් ගන්න"

"හ්....හා දිවාෂ....ආර්ය...."

"ඌට බේත් දම්මලා එවන්නම් නේත්‍ර මල්ලි.....ඔයා යන්නකො"

"තෙවින් අයියෙ....."

"ඕ....."

"ඔයාට පුලුවන්නම් හෙට සුදුබේබිව බලන්න මාව එක්කන් යනවද?"

නේත්‍රගෙ වටකුරු ඇස් කදුළු වලින් බර වෙලා තිබ්බා.කලින් වගේ නේත්‍ර ගැන රෝමාන්තික හැඟීමක් නොතිබුනත් තෙවින් නේත්‍රව දැක්කෙ තමන්ගෙම සහෝදරයෙක් වගේ.තමන්ගෙ පුංචි මල්ලි කෙනෙක් ඇස් වල කදුළු පුරවං තමන්ගෙ ඉල්ලීමක් කරද්දි මොන අයියටද ඒක ඉවසන් බලන් ඉන්න පුලුවන්? නේත්‍ර දිහා ටික වෙලාවක් බලන් හිටිය තෙවින් ඔලුව උඩ පහල වැනුවා.

"යං.....මම එක්කං යන්නම්"

"හා අයියෙ.....පිං සිද්ධ වෙනවා ඔයාට"

ඇස් වල කදුළු පිහිද පිහිදම උඩ තට්ටුවට යන නේත්‍ර දිහා බලන් හිටිය දිවාෂ බර උනු හිතකින් තෙවින්ගෙ උරහිසට වාරු වෙද්දි තෙවින් දිවාෂව තමන්ට වාරු කරගත්තා.ටික වෙලාවක් යනකං දිවාෂගෙ ඔලුව අත ගගා උන්නු තෙවින්ගෙන් ඈත් උනු දිවාෂ කුස්සියට යද්දි තෙවින් ආර්යව ලඟට ගත්තෙ බේත් දාන්න.

"දැඟලුවොත් ගහනවා උඹට!"

"රිදෙනවා යකෝ....අයියෙ"

"හරි ශෝක් වෙන්න ටොප් බෝඩ් එක! සීනියර් ප්‍රිෆෙක්ට් වෙන්න ඉන්න එකයි සෙකට්‍රි වෙන්න ඉන්න එකයි දෙකම රණ්ඩුවෙ! බෑන්ඩ් ලීඩර්ත් රණ්ඩුවෙ! උබට අර පොල්ලත් අරං යන්නනෙ තිබ්බෙ රණ්ඩුවට යද්දි"

"අප්පෝ බෑ....ඕකෙන් කෙල්ලන්ගෙ පස්සවල් වලට හෙන අපලයි අනේ....කොහෙන් හරි ගිහින්.....ආ.....රිදෙනවා යකෝ අයියෙ!"

"අපරාදෙ මේ තුන විතරක් ගියේ....තව....."

"කාර්තිකුත් හිටියා....."

"ආ!!!!! මදිපාඩුත් ඉදලා! නිමේත් විතරයි අඩුවෙලා ඉදලා තියෙන්නෙ"

"අපි එද්දි නිමේතුත් ආවා!"

"ආ එහෙනම් ඉස්කෝලෙ වෙන්න ඉන්න ඔක්කොම පෝස්ට්ස් ටික එතන ඉදලනෙ! අඩුවක් වෙලා නෑ! ආඩම්බරයි"

"ආ ආ....රිදෙනවා රිදෙනවා"

"ගුටි නොකා කට වහප් මල්ලි!"

ආර්යට දෙකක් රවපු තෙවින් බේත් දාලා ඉවර කලාම ආර්යත් හෙමීට උඩ තට්ටුවට මාරු උනා.තේ හතරකුත් හදාගෙන අමාරුවෙන් ඇවිදන් ආව දිවාෂ තෙවින්ට තේ එකක් දීලා උඩ තට්ටුවට යන්න හදද්දි තෙවින් දිවාෂව නැවැත්තුවා.

"යුගාන් ඉදගෙන ඉන්නකො.....මම තේ දෙක දීලා එන්නම්"

"පුලුවන්ද?"

"පුලුවන් පුලුවන්....ඔයා මෙතනට වෙලා ඉන්නකො"

දිවාෂගෙ අතින් බන්දේසිය අතට ගත්තු තෙවින් උඩ තට්ටුවට යද්දි නිල ඇඳුම් කමිස්‍ර් ගලවලා දැම්ම දිවාෂ සෝෆාවට හේත්තු උනා.ඊයෙ රෑ ආව දුරකථන ඇමතුමක් ගැන හිතපු දිවාෂ ලොකු හුස්මක් පහල දාද්දි ඒ ලඟින් ඉදගත්තු තෙවින් දිවාෂගෙ ඔලුව අතගෑවා.

"කෝ.....එන්න බේත් දාන්න"

"ම්ම්ම්ම්"

දිවාෂගෙ අතේ තිබ්බ පුංචි තුවාල දෙක සේලයින් වතුරෙන් පිරිසිදු කෙරුව තෙවින් බේත් දාන්න ගත්තා.ඔක්කොමත් එක්ක දිවාෂගෙ තොල් කොණේ තිබ්බ තුවාලෙ පිරිසිදු කරන්න ගත්තු තෙවින්ට නොදැනීම තෙවින්ගෙ අත වෙවුලන්න අරං තිබ්බා.පිරුණු තද රෝස තොල් දිහා බලාගෙනම හිටිය තෙවින්ගෙ හිත තෙවින්ට නොදැනීම හැඟීම් ඔස්සෙ ගමන් කරන්න අරං තිබ්බා.

"ය්....යුගාන්....."

"ම්ම්ම්ම්"

තෙවින්ගෙ හීනි උනු හැඟීම් පිරුණු ඇස් එක්ක තමන්ගෙ හිතත් අමුතු විදියකට නටන්න හදන බව තේරුනු දිවාෂ හෙමීට මුමුණද්දි දිවාෂට නොදැනිම තෙවින්ගෙ හයිය අතක් දිවාෂගෙ පිට කොන්ද හරියෙ තද වෙලා තිබ්බා.

"ක්....කැන් අයි කිස් යූ?"

"බ්....බ්....."

"දිවාෂ......."

දිවාෂගෙ මූණ ලඟටම ලං වෙලා හිටිය තෙවින් ඇස් දෙකත් තද කරලා පියාගෙන පිටිපස්සට උනේ පඩිපෙල බැහැං ආව නේත්‍ර නිසා.කලබල වෙලා වටපිට බලන දිවාෂ දිහා බලන් උන්නු නේත්‍ර අතේ තිබ්බ තේ කෝප්පෙ පෙන්නලා කුස්සිය පැත්තට යද්දි දිවාෂ පපුවට අත තියලා හුස්මක් යවලා තෙවින්ට රවලා කකුලත් පාගගෙන කුස්සිය පැත්තට ගියා.

"යුගාන් අරුන් දෙන්නට දුන්නු වද වලට පඩිසන් මට ගෙවන්න වෙලා වගේ"

.

.

.

.

.

"ආ ආශව"

"කියන්න"

"උඹට සිරාවටම ඩ්‍රින්ක්ස් ගන්න හිතිලවත් නැද්ද?"

"තියෙනවා.....ට්‍රයිත් කලා.....එක පාරින් එපා උනා"

"ඒ මොකෝ?"

"මගෙ ලිමිට් පයිනවා සනුක ඉක්මනටම.....සිහියක් නෑ හරියට එවෙලෙට.....ඒ නිසා බොන්නෑ"

"සිරාවටම?"

"ඔව්....."

"මොනා බිව්වත්?"

"එක ජාතියයි බිව්වෙ....සැර නැතිම එව්වා....ඒත් සෙට් උනේ නෑ"

"එහෙනම් පරිස්සම් වෙයං උඹ"

"ඇයි?"

"මේ ෆීල්ඩ් එක උඹ හිතනවා වගේ සුන්දර නෑ....ස්පෙශලි උබව අල්ලගන්න බලන් ඉන්න අර කෝලම එක්ක....පාටි එකක් වෙලාවෙදි සොෆ්ට් ඩ්‍රින්ක් එකකට හරි මොනාහරි කලවං කරලා උනත් දෙන්න බැරි නෑ"

"ම්ම්ම්ම්"

"ඒ නිසා අවුලක් වගේ හැඟීමක් ආවොත් මගෙ හරි ලියෝන්ගෙ හරි ග්ලාස් එක එක්ක උඹේ එක හැම වෙලේම මාරු කරගනින් ආශවයා....ඒක කෝකටත් හොඳයිනෙ"

"හ්ම්ම්ම්.....එහෙම කරමු"

ආශව ඔලුව වනලා ඉදගෙන හිටිය ඔංචිල්ලාවෙ යකඩ ආසනේට පිට හේත්තු කරගත්තා.කොලඹ අහසෙ ලස්සනට තරු පායලා තිබ්බා.ආශව හිනා වෙවී කල්පනා කලේ නේත්‍ර එක්ක වරු ගණන් තරු ගණන් කරපු දවස් ගැන.ආශවගෙ දඩබ්බර ඇස් වල ලා කදුළු පටලයක් බැඳුනෙ තමන්ගෙ පුංචි ආදරවන්තයාව මතක් උනු නිසා.මොනාහරි කෑමක් අතේ ගුලි කරගෙන තමන්ටත් කවන ගමන් කකා අරලිය ගහ යට බංකුවට වෙලා කකුලුත් පද්ද පද්ද තරු රටා බලන නේත්‍රව මතක් උනු ආශවගෙ පපුවෙන් ආව ඉකිය ආශව නවත්තගත්තා.

"උඹ අවුලකින්ද?"

"ම්ම්ම්....අවුලක් නෙවෙයි....ඉස්සර දවස් මතක් උනා....ඒ දවස් හරි ලස්සනයි සනුක"

"නේත්‍ර මල්ලි එක්ක හිටිය වෙලාවල්ද?"

"හ්ම්ම්.....ඉස්සර නේත්‍ර කන්නෙ මොනාද බාගයක් මට ඉතුරු කරනවා....පවු පොඩි එකා....ජීවිතේට කාලා නැති රස කෑමක් ලැබුනත්,මම එව්වා සිය පාරක් කාලා තියෙන එව්වා උනත් එයා බාගයක් ඉතුරු කරනවා....කෑම බාගෙත් අතමිට මොලවගෙන එයා වලව්වට එනවා.නැත්තං මම එයාලගෙ ගෙදර ගිය වෙලාවට දෙනවා"

"සිරාවටම?"

"හ්ම්ම්.....දානෙ ගේකට ගියත් මේකා බත් එකක් අරගෙන එන්නෙ....සමහර දවස් වලට රෑ දහයට එකොලහට මගෙ දොරට ගහන්නෙ...ඒ ඇවිත් මට කෑම කවලා මිසක් නවත්තන්නෑ....මම දන්නෑ සනුක....ඒ පුංචි හිත එච්චර ආදරයක් මම ගැන කොහොම පුරවං ඉන්නවද කියලා"

"උඹල දෙන්නගෙ කතාව අහන් ඉන්නත් ආසා හිතෙනවා...."

"ඒ නේත්‍ර නිසා....නැත්තං මම ලස්සන මිනිහෙක් වෙන්නෑ සනුක...ඉතින් අපි හුඟක් දවස් වලට රෑට තරු බලනවා...නේත්‍ර දන්නවා එක එක තරු රටා ගැන..එයා එව්වා මට කියලා දෙනවා.....ඒ අස්සෙ එව්වගෙන් අපිට වෙන වෙන රූපත් පේනවා.....නේත්‍ර එවෙලෙටත් එන්නෙ මොනාහරි අතේ ගුලි කරගෙන.නස් නාරං ගෙඩියක් හරි....අපි හුඟක් වෙලා ඉන්නවා එහෙම....හිත නිදහස් වෙනකං කතා කරනවා....ෆියුචර් එක ප්ලෑන් කරනවා"

"ම්ම්ම්ම්"

"නේත්‍ර එක්ක කතා කරන විනාඩියක් කියන්නෙ සැනසීමෙන් පිරුණු කල්පයක් වගේ දැනෙන්නෙ මට....ඇත්තටම.....නේත්‍ර කියන්නෙ හරි පුදුම කොල්ලෙක්.....ආදරේ,සැනසීම හිතේ පුරෝගෙනම ඉපදුණු"

සනුක බලන් හිටියෙ ආශවගෙ දිලිසෙන ඇස් දෙක දිහා.නේත්‍ර ගැන කියන හැම මොහොතකම ආශවගෙ ඇස් වල මතු වෙන දිලිසීම සනුකගෙ හිත කලබල කලා.නේත්‍රව තමන්ට ලැබෙනවනම් කියන බොලඳ හැඟීම සනුකගෙ හිතේ කොණක හරි තිබිච්ච එක ඒකට හේතුවක් උනත් සනුකට අයිතිකරගන්නවාමයි කියන ආත්මාර්ථකාමී හැඟීම තිබුනෙම නෑ.ඒත් සනුක නේත්‍රට ආදරේ කලා.

"එක දවසක් හරි නේත්‍ර මල්ලි එක්ක මට තනියම කතා කරන්න තියෙනවනම්....එක දවසක් පුරාවටම එයාට මගෙ හිතේ තියෙන ආදරේ ගැන කියන්න පුලුවන්නම්....ඒ දවස විතරක් ඇති මට මුළු ජීවිතේම සතුටින් ගෙවන්න"

සනුක තනියම හිතුවෙ අහස දිහා බලන ගමන්මයි.අහසෙ පායලා තියෙන සමහර තරු නේත්‍රගෙ ඇස් වලට සමානයි කියලා සනුකට ඒ වෙලාවෙදි හිතුනා.ඇත්තටම නේත්‍රගෙ ගතිගුණ වගේම රූපෙ පවා එච්චරටම පරිපූර්ණව මැව්වෙ කොහොමද කියලා සනුක කල්පනා කරන්න ගත්තෙ අහසෙ හරිම මැද පායලා තිබ්බ තරුව දිහා බලාගෙන.නේත්‍ර ආශවගෙ කියලා දැනගත්තු දවසෙ ඉදලා  සනුකගෙ අහිංසක පිරිමි හිතේ තිබ්බ එකම හැඟීම උනේ කලින් කිව්ව දේ විතරමයි.

දෙවියො මිනිස්සුන්ගෙ මොන දේ උදුරගත්තත් ඒ මිනිස්සුන්ට එකම එක අවස්ථාවක් හරි දෙනවා තමන් ආසා කරන දෙයක් අත් විඳින්න.දෙවියො සනුක ගැනත් ඒ හැඟීමෙන්ම අනුකම්පාවෙන් බලලා සනුකට ඒ වරම ලබාදුන්නොත්? සනුක ජීවිත කාලෙම සතුටින් ජීවත් වේවි ඒ මතකෙ හිතේ තියාගෙනම.

"සනුක දන්නවද?"

"කියපං"

"මට මේ කණාමැදිරියො දකිද්දි පුංචි කාලෙ මතක් වෙනවා"

"ඒ මොකද්ද? මටත් කියපංකො"

"පුංචි කාලෙ මමයි නේත්‍රයි....."

ආශවගෙ මනස දුවලා ගියේ මීට අවුරුදු ගාණකට කලින් අතීතෙට.වලව්ව දෙකක් කල සුදුබේබි හිටිය කාලෙට.ලොකුම ලොකු කමිස අස්සෙ ගිලුණු හුරතල් පුංචි නේත්‍ර හිටිය කාලෙට.

"සුදුබේබීඊඊඊඊඊඊඊඊඊඊ"

රෑ දහයට විතර දුවගෙන ආව පුංචි පුළුං බෝලයක් සුදුබේබිගෙ ඇඟේ ගැටෙද්දි ගල් බැම්මට හේත්තු වෙලා හිටිය පුංචි සුදුබේබි අර පුළුං බෝලෙව දෑත බදලා අල්ලගෙන තුරුල් කරගත්තා.හරි හරියට සුදුබෙබිගෙ පපුව අස්සට ගුලි වෙලා දැවටුණු පුංචි එකා ටිකකින් කිචි කිචි ගාලා හිනා වෙනවා ඇහුනු සුදුබේබි,පුංචි නේත්‍රව තුරුල්ලෙ තියාගෙනම ඒ බෝල ඇස් වලට එබුනා.

"මොකද බටු ඇටේගේ කිචි කිචිය?"

"සුදුබේබිට නේට්ට නැතුව පාළු හිතිලා.....සුදුබේබිට නේට්ට නැතුව බෑ......සුදුබේබිට නේට්ටව වටිනවා....සුදුබේබි නේට්ටට....."

"ආදරෙයි.....ඇත්ත....මම නේත්‍ර නැතුව පාළුවෙන් එහෙ හිටියෙ"

"නේත්‍රත් සුදුබේබි"

පුංචි කොලු පැටියගෙ තොල් දෙක නොපිට පෙලළුනේ සුදුබේබි නැතිව දුකින් ගත කල දවස් දෙක මතක් උනු නිසා.මහමුදියන්සේ එක්ක කොළඹ ගිය සුදුබේබි දවස් දෙකක් නුවරින් ඈත් වෙලා උන්නු නිසා පුංචි නේත්‍රට සුදුබේබිවත්,සුදුබේබිට නේත්‍රවත් නොසෑහෙන්න මගෑරිලා තිබ්බා.පුංචි කොල්ලගෙ අතින් අල්ලගත්තු සුදුබේබි නේත්‍රව ගල්බැම්ම උඩින් ඉන්දෝලා වලව්ව පැත්තට දුවන්න ගත්තෙ පිලිකන්නෙන් ගෙට ගොඩ වෙන්න හිතාගෙන.මොකද මේ වෙලාව වෙද්දි වලව්වෙ හැමෝම වගේ නින්දට ගිහින් හිටියා.

"ආ නේත්‍ර....මේක දාගන්න"

වලව්ව්ට ගොඩ උනු සුදුබේබි තොප්පියක් අරං ඇවිත් ඒක නේත්‍රගෙ ඔලුවට දාද්දි නේත්‍ර ඇසුත් ලොකු කරං සුදුබේබි දිහා බැලුවා.

"සුදුබේබිට කෝ?"

"මම ස්ට්‍රෝන්ග් නේත්‍රට වඩා මේ පින්න එක්ක.....නේත්‍රට ඉක්මනට හෙම්බිරිස්සාව හැදෙනවනෙ....ඒ නිසා ඕක දාගෙන ඉන්න"

"හා සුදුබේබි....සුදුබේබි ඉදගන්නකො...."

නේත්‍ර කියද්දි ඔලුව වැනුව සුදුබේබි ගල් බැම්ම උඩින් ඉදගෙන නේත්‍රට පින්න නොවැටෙන්න තොප්පිය ආයෙමත් හැදුවා.ආශව පොඩි උනාට ආශවගෙ ආදරේ ඒ කාලෙ ඉදන්ම හරිම ලොකුයි!

"නේත්‍ර ඉස්කෝලෙ ගියාද?"

"ඔව් සුදුබේබි...මම අද සුදුබේබි එනකං බලන් උන්නෙ....අම්මා දැන් ඩිංගකට කලින් ගෙදර ආවමයි කිව්වෙ සුදුබේබි වලව්වට ආවා කියලා....නේත්‍ර දුවං ආවෙත්  ඒකයි සුදුබේබි"

"ඇයි නේත්‍ර? කවුරුහරි ඔයාට මොනාහරි කිව්වද? කියන්න කවුද කියලා"

"නෑ සුදුබේබි.....අර සාහිත්‍ය තරඟෙ....මම කතාවක් ලියලා දැම්මෙ....ඒකෙන් මම පලවෙනියා වෙලා සුදුබේබි"

"අනේ! මම කිව්වෙ....නේත්‍ර තමා කොහොමත් දිනන්නෙ....මට හරි සතුටුයි නේත්‍ර.....හුඟාක් සතුටුයි"

"ඒක තමා මම සුදුබේබි එනකං කාටවත්ම නොකීවෙ මේක"

"නිර්මලාටවත් කිව්වෙ නැද්ද?"

"නෑනෙ සුදුබේබි....."

කමිසෙ අගම තිබ්බ බොත්තමක් රෝල් කරන ගමන් පුංචි එකා මුමුණද්දි සුදුබේබි නේත්‍රව ලඟට ඇදලා අරං ඒ පිරුනු  මූණ තමන්ගෙ පපුවට තද කරන් නේත්‍ර ලඟින් හමන සුවඳ වින්දා.සුදුබේබි ඒ කාලෙ ඉදන්ම නේත්‍ර ලඟින් එන ගැටපිච්ච සුවඳින් නිවුණා.ඒත් එක්කම ඇස් ඉස්සරහින් පියඹගෙන යන කණාමැදිරියෙක්ව දැක්ක ආශව අත දාලා ඒ සතාව අල්ලගත්තෙ අත් දෙක අස්සෙ තියං සතාගෙන් විහිදෙන එලිය බලන්න.

"මේ නේ.....ආහ්හ්හ්"

"දෙයියෝ!!! කෑවා නේද සුදුබේබි!"

නේත්‍රට කෑ ගැස්සුනේ සුදුබේබිගෙ අත කණාමැදිරියා හැපුවා කියලා තේරුනු නිසා.නේත්‍රගෙන් අවධානෙ ගන්නත් එක්කම සුදුබේබි ඇසුත් හීනි කරං කෙඳිරි ගාද්දි පුංචි නේත්‍ර හොඳටම කලබල උනා.කාලෙකට කලින් අත්තම්මා කියලා දුන්නු කණාමැදිරියො කෑවම ගාන බේත මතක් උනු පුංචි නේත්‍ර ඉක්මනටම ඇස් වල කඳුළුත් පිහිදන් ගල් බැම්මෙන් බිමට පැනලා හිටගත්තා.

"ඇ....ඇයි නේත්‍ර"

"නේත්‍ර දන්නවා බේත සුදුබේබි....."

"මො...අහ්හ්....කටද?"

"කණාමැදිරියො කෑවම....යං සුදුබේබි"

"යං"

බේතවත් මොකද්ද නාහා පුංචි එකාගෙ අතින් අල්ලගත්තු සුදුබේබි බටිටිච්චා පස්සෙන් වැටෙද්දි ඇස් වලින් ගලන කදුළු පිහ පිහම නේත්‍ර වේගෙන් ඉදිරියට ඇදුනා.අත්තම්මා ගමේ නැති උනත් ඒ වයසෙම තලතුනා මිනිහෙක්ට ඉන්නෙ කරෝලිස් වග දැනන් හිටි පුංචි නේත්‍ර සුදුබේබිවත් අල්ලගෙන ගොඩ වැදුනෙ පිලිකන්නට.පොල් වත්තෙ වැඩපල අහවර කරලා රාත්‍රී වැඩමුරේ මුරකාරයට භාර දීලා පිලිකන්නට වෙලා බුලත් විටක් කන ගමන් උන්නු කරෝලිස් ඉක් ඉක්කන්ට නැගිටලා ඉස්සරහට ඇවිදන් ආවෙ ඉකි ගගහා අඬ අඬ ඇවිදන් එන තමන් දන්න අඳුනන පුංචිත්තා නිසා.

"කොලුවො! මොකෝ මේ අඬ.....සුදුබේබි ඇයි මේ?"

"කරෝලිස් අත්තෙ.....අනේ මට අහසට යන පාර කියන්නකො"

කරෝලිස් වගේම සුදුබේබිත් ඇසුත් ලොකු කරං බැලුවෙ පුංචි එකා අඬ අඬම අහන දෙයින් ඇති උනු පුදුමෙ නිසා.පුංචි උන්ගෙ හිත් ගැන හොදට දන්න කරෝලිස් බිම දණ නවාගෙන ලොකු කමිසයක් අස්සෙ ගිලිලා උන්නු නේත්‍ර පොඩ්ඩාව ලඟට ගත්තා.ඒත් එක්කම නේත්‍ර කාටවත් ලං වෙනවට ආසා නැති ඉරිසියාකාරා හිච්චි මුදියන්සෙත් නේත්‍ර එක්කම ඇදිලා ආව එක වෙනම කතාවක්.

"ඇයි කොලුවො අහසට යන පාර අහන්නෙ?"

"සුදුබේබිට බේත් ගේන්න"

"ඒ මොකටද?"

"කණාමැදිරියො කෑවම"

"කණාමැදිරියො කෑවම?"

"ඔව්....අත්තම්මා නේත්‍රට කියලා දුන්නා....කණාමැදිරියො කෑවම හොඳම බේත අහසෙ තරුයි මූදෙ මඩයි කියලා....නේත්‍ර අහසට ගිහින් ඇවිත් ඉක්මනටම මූදට යන්නත් ඕනි කරෝලිස් අත්තෙ....අනේ නේත්‍රට උදව් කරන්නකෝ"

"පුංචි කොලුවෝ......"

කරෝලිස් ආදරෙන් පුංචි එකාගෙ ඔලුව අතගාලා කටේ තිබ්බ හපේ අහකට තූ දාලා ආයෙමත් නේත්‍රලා ලඟට ඇවිත් ඇණ තියාගත්තා.තියාගෙන නේත්‍රගෙ ඔලුව අතගාලා මුල පිරුවෙ කතාබහකට.

"කට වචනෙට එහෙම කිව්වට ඔව්වා ගේන්න අහසටයි මුහුදටයි යන්න ඕනි නෑ කොලුවො"

"ඒනම්?"

පුංචි එකා ඇසුත් ලොකු කරලා අහද්දි සුදුබේබි නේත්‍රගෙ ඔලුව අතගෑවා.සුදුබේබිට ඉක්මනටම බේත් කිරීමේ බලාපොරොත්තුවෙන් පුංචි බට්ටිච්චගෙ ඇස් දිලිසෙන ගමන් තිබ්බා.සුදුබේබි ඔක්කොම පැත්තක තියලා බලන් හිටියෙ නේත්‍ර දිහා.ඒ පුංචි ඇස් තමන් ගැන තියෙන කැක්කුමෙන් දිලිසෙනවා.සුදුබේබිට පුංචි උනත් ඒක තේරුණා.

"ආකාසෙන් තරු ගන්න ආකාසෙට යන්නම ඕනි නෑ කොලුවො....මූදෙ වැලි ගන්න මූදට යන්න ඕනිත් නෑ...වරෙංකො මා එක්ක"

කරෝලිස් කියද්දි ඔලුව යන්තරයක් වගේ වැනුව නේත්‍ර ආශවවත් අතින් අල්ලන් කරෝලිස්ගෙ පස්සෙන් වැටුණා.පිලිකන්න පැත්තෙ තිබ්බ දර මඩුව අස්සට රිංගුව කරෝලිස් මැටි පහනක් අරං එලියට ඇවිත් මුළුතැන්ගෙට වැදිලා ඒකට පහන්තිරේකුයි තෙලුයි දාගෙන එලියට ආවෙ ලුණු පොල්කට්ටත් එක්ක.

"සුදුබේබි මෙහාට ආවනම්......සුදුබේබි කාරි නෑ නේද මම සුදුබේබිව ඇල්ලුවට?"

"................"

"සුදුබේබිට බේත් කරන්නකො කරෝලිස් ආත්තෙ....සුදුබේබි එන්නකො"

"හා නේත්‍ර"

නේත්‍රගෙ එක වචනෙට ඔලුව වැනුව සුදුබේබි කරෝලිස් ලඟින් හිටගනිද්දි අත් දෙක සරොං කෑල්ලෙ පිහිදන් පිරිසිදු කරගත්තු කරෝලිස් නේත්‍ර දික් කෙරුව සුදුබේබිගෙ අත අල්ලගත්තා.

"සුදුබේබි ටිකක් රිදේවි හැබැයි"

"අනේ කරෝලිස් ආතෙ......"

නේත්‍ර ආයෙමත් ඇඬුම්බර උනා.සෑහෙන වෙලාවක් තිස්සෙ උඩට අදින හින්දාදෝ කොහෙද පුංචි එකාගෙ නාහෙ හොදටෝම රතු ගැහිලා තිබ්බා.නේත්‍ර දිහා බැලුව ආශව අත පොඩ්ඩක් නවලා ඒකාගෙ ඒ හැටි මහතක් නොතිබ්බ බාහුව පෙන්නලා නේත්‍රට කිව්වෙ එයා ශක්තිමත් බව.පොඩි පණ්ඩිතයො දෙන්නාගෙ වැඩ කෑලි දිහා බලන් හිටිය කරෝලිස්ට හිනා පහල උනත් පුංචි උන් දෙන්නගෙ බැඳීම ගැන නම් කරෝලිස්ට පවා ආදරේ හිතුනා.

"මෙන්න මෙහෙමයි කොලුවො අහසෙ තරු ගෙනත් බේත් කරන්නෙ"

පහන්තිරේ දල්වගත්තු කරෝලිස් පහන්තිරේ පත්තු නොවුණ අග්ගිස්සෙන් අල්ලගෙන දැල්ල පැත්ත සුදුබේබිගෙ කණාමැදිරියා කෑවා කියලා කිව්ව තැනට හැරෙව්වා.පහන්තිරේ යට හරියෙ ඉදලා ගලාගෙන ආව තෙල් බින්දු දැල්ල තිබ්බ තැනින් ගිනියම් වෙලා දැල්ලෙ කෑල්ලකුත් එක්කම සුදුබේබිගෙ අතට වැටෙද්දි සුදුබේබි ගාණක්වත් නැතුව උන්නත් නේත්‍ර අඬන්න ගත්තා.

"අඬන්නෙපා නේත්‍ර.......මට රිදුන්නෑ"

"ස්....සුදුබේබිව පිච්චෙන්න ඇති"

"නෑ නේත්‍ර.....චූට්ටක්වත් නෑ"

නේත්‍ර අඬද්දි නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව මුමුණද්දි  පුංචි නේත්‍ර හොටු ටිකත් උඩට ඇදලා ඔලුව උඩ පහල වැනුවා.ඊලඟට ලුණු පොල්කට්ට අනික් පැත්ත හැරෙව්ව කරෝලිස් ඒ යටම මිදිලා තිබ්බ හීනි ලුණු මඩ ඩිංගිත්තක් අරං අ‍ර තෙල් වැටුණු තැන ගෑවා.

"අන්න දැක්කද පුංචි කොලුවෝ.....අන්න ඒකට තමා මූදෙ මඩ කියන්නෙ"

නේත්‍ර ඇසුත් ලොකු කරං කරෝලිස් දිහා බලලා ඔලුව වනලා ආශවගෙ ලාවට රතු වෙලා තිබ්බ තෙල් වැටුණු තැන අතගෑවා.

"කරෝලිස් ආත්තාට පිං සුදුබේබිට බේත් කලාට....ඒ වගේම මම කරෝලිස් ආත්තා එක්ක තරහයි හුඟක් කල් යනකං....කරෝලිස් ආත්තා සුදුබේබිට රිද්දුවා"

පුංචි නේත්‍රගෙ ඔය තරහා විලි කෙටි කාලයයි කියලා දැනන් උන්න කරෝලිස් හිනා වෙවී ලුණු පොල් කට්ටත් අරං එතනින් යද්දි සුදුබේබි නේත්‍රව අල්ලන් ජල කරාමෙ ලඟට ගියා.

"කෝ නාහෙ දෙන්න නේත්‍ර"

"ආ සුදුබේබි"

නාස් පුඩු දෙකත් ඩිංගක් උඩට කල පුංචි නේත්‍ර ඉස්සරහට නැවිලා නාහෙ සුදුබේබිට දික් කරද්දි සුදුබේබි පුංචි නේත්‍රගෙ හොටු ටික හූරවලා බිමට දැම්මා.ඒ කරලා නේත්‍රගෙ නහය වතුරෙන් පිහදැම්ම සුදුබේබි තමන්ගෙ කමිසෙ උඩට කරලා ඒකෙන් නේත්‍රහෙ නාහෙ වතුර ටික මාත්තු කරලා ආයෙමත් නේත්‍ර එක්ක ගිහින් ගල්බැම්ම පාමුලෙන් ඉදගත්තෙ නේත්‍රව උකුලට අරං.ගල් බැම්මෙ හෙවනැල්ල එක්ක ඒ අන්ධකාරෙ අස්සෙ පොඩි උන් දෙන්නව හැංගිලා ගිහින් තිබ්බා.

"රිදෙනවද සුදුබේබි?"

"නෑ නේත්‍ර....දැන් හොඳ උනා"

"එහෙනම් කමක් නෑ....එතන රතු වෙලා ලාවට"

නේත්‍රගෙ පිරුනු කම්මුලකට අවධානෙ දීගෙන හිටිය සුදුබේබිගෙ කට කොණේ නැගුණෙ හරි කපටි හිනාවක්.

"ඒත් නේත්‍ර...."

"ඇයි සුදුබේබි?"

"අනේ එතන ලාවට දනවා වගේ....."

"ඉන්න සුදුබේබි මම හීතල වතුර....."

"නෑ නෑ....අනේ එතනට උම්මා එකක් දෙන්නකො....එතකොට හොඳ වේවි"

"හා සුදුබේබි...නේත්‍ර ලොකූම ලොකු උම්මා එකක් දෙන්නාම්"

සුදුබේබිගෙ කපටිකම් වලට අපූරුවට අහු උනු නේත්‍ර සුදුබේබිගෙ අත උඩට අල්ලගෙන ලොකුම ලොකු හාදු දීගෙන දීගෙන ගියා.සෑහෙන වෙලාවක් තිස්සෙ තමන්ට හාදු දුන්නු නේත්‍ර මත්තෙම ඇස් අලෝගෙන හිටිය සුදුබේබි ටිකකින් පුංචි එකාව දෝත බදලා තුරුල් කරං අර පිරුණු ලා රෝස කම්මුල් රතු වෙනකං හාදු වලින් පිරෙව්වා.

"ඒ කාලෙ හරි ලස්සනයි සනුක"

"උඹ වාසනාවන්තයි....එයා එක්කම ලොකු වෙන්න පුලුවන් වුණු තරමට"

"හ්ම්ම්ම්"

"උඹ වෙනුවෙන් අහසට යන්න පවා පුංචි කොල්ලා කාලෙ එයා රෙඩි උනා?"

"එයා මම වෙනුවෙන් ඕනිම දෙයක් කරයි සනුක....ඕනිම දෙයක්.ඒ කොල්ලගෙ ආදරේ කොච්චරද කියන්න මමවත් ඒකාවත් දන්නෑ...එච්චරටම ගැඹුරුයි"

සනුකගෙ ඇස් වල ඇඳුනු වේදනාව ආශව දැක්කෙ නෑ.එක්කො ආශව නොදැක්කා වගේ හිටියා.කොළඹ ආකාහෙ හද ලඟින්ම එක තරුවක් පායලා තියෙද්දි තව තරුවක් ඈතට වෙලා හද දිහා බලන් ඉන්න වග ආශව දැක්කා.ඒ තරුව දිහා බලලා අතමිට මොලවගෙන කෝපගත්ත ආශව ඊලඟ ක්ෂණයේම නිවිලා ගියේ හද එලිය වැඩි වෙලා ආශවගෙ මූණට පතිත වෙනවා දැනෙද්දි.

..............................................................................................

"හෙලෝ නේත්‍ර මැණික....."

"සුදුබේබි!!!!!"

"ඔව් රත්තරනේ....මොකෝ කර කර හිටියෙ මගෙ මැණික?"

"නේත්‍ර රොටියක් පුච්චගත්තා සුදුබේබි"

"චූටි කොල්ලා දවල්ට කන්නෙ රොටීද?"

"ඔව් සුදුබේබි.....රෑට වලව්වට ගිහින් කාලා එනව"

"මොකෝ බත් කන්නෑ?"

"අද බත් උයන්න හාල් නා කියලා නේත්‍ර දැක්කෙ දැන් සුදුබේබි...වලව්වෙ කන වෙලාවත් පහු වෙලානෙ....ඒ නිසා ඉක්කන්ට රොටියක් පුච්චගත්තා....ගෙදර තිබ්බා පිටි"

නේත්‍රගෙ අහිංසක කතාබහ ඇහුනු ආශවගෙ මූණ ඇඳිලා තිබ්බෙ ආදරණීය හිනාවක්.ඉක්මනටම මේ පුංචි කොලු පැටියව තමන් ලඟට ගන්න,දෙන්න පුලුවන් උපරිම සැප සම්පත් දෙන්න ආශවට ඕනි උනා.දැන් උනත් ආශවට යම් දේවල් කරන්න පුලුවන් උනත් ආශව තමන්ට නිතර සල්ලි දෙන එකට නේත්‍ර කැමති උනේ නෑ.නේත්‍රට ඕනි උනේ සුදුබේබිට බරක් නොවී ජීවත් වෙන්න.ආශවත් නේත්‍රට හීනමානෙ ඇති වෙන විදියට වැඩ කරන්න අකමැති උනු නිසා කෙලින්ම මේ දේවල් ගන්න කියල සල්ලි නොදී තෑගි විදියට නේත්‍රට ඕනි කරන දේවල් දුන්නා.මොකද නේත්‍රට හයියක් තිබ්බෙ නෑ එයාගෙ සුදුබේබි දෙන තෑගි ප්‍රතික්ශේප කරන්න.

"තව පැය බාගෙකින් විතර මාර ගහ යටට එන්න පුලුවන්ද මැණිකෙට?"

"සුදුබේබි නුවර ආවද!!!! මම පුට්සයිකලේ ඉල්ලන් එන්නම් මැ....."

"එපා එපා.....නේත්‍ර පයින් එන්නකො....අපි දෙන්නා කතා කර කර හෙමීට ගෙදර යං"

"හා සුදුබේබි....නේත්‍ර ඉක්මනට එන්නාම්"

තමන් ඇදන් උන්නු ටී ෂර්ටය දිහා බැලුව නේත්‍ර කල්පනා කලේ මේක ඇදන් යන එක හොඳ මදි කියලා.කොහොමත් ආශව එක්ක ඉන්න හැම වෙලාවකම නේත්‍ර තමන්ගෙ බාහිර ස්වරූපෙ ගැන සැලකිලිමත් උනා.තමන් ඉරුනු ඇදුමක් ඇදන් ගියත් ආශව මුකුත් කියන්නෙ නැති බවත් තමන්ව දෝත බදලා පිලිගන්න බවත් නේත්‍ර දැනන් හිටියා උනත් ආශවගෙ මට්ටම තමන් නිසා පහල යනවා දකින්න නේත්‍ර කැමති උනේම නෑ.

ඒ නිසා ඉස්කෝලෙ දෙයක් තිබ්බත් ආශව එක්ක කොහෙ හරි ගියත් නේත්‍ර තමන්ට තියෙන ඉස්තරම්ම ඇඳුම ඇන්දා.තමන් නිසා සුදුබේබිව ඩිංගිත්තක්වත් බාල්දු වෙනවා දකින්න නේත්‍ර ආසා උනේ නෑ.ඉතින් ආයෙම දඩිබිඩි ගාලා ඇඟ සෝදගත්තු නේත්‍ර ක්‍රීම් පාට කොට කලිසමකට ලා රෝස පාට ටී ෂර්ටුවක් ඇඳගෙන ගියේ කුස්සියට.තමන්ට කන්න හදාගත්තු රොටී දෙක එහෙම්මම ඔතා ගත්තු නේත්‍ර ඒකත් පත්තර කොලේකින් ආවරණය කරගෙන හෙමි හෙමීට ගුරු පාර දිගේ ටවුම පැත්තට ඇදෙන්න ගත්තා.

පැය බාගෙට ටිකක් කලින් මාර ගහ යටට ආව නේත්‍ර හුළගට එහෙ මෙහෙ වෙන තමන්ගෙ කොණ්ඩෙට තරවටු කරන ගමන් මාර ගහට හේත්තු උනා.ඡායාරූප ශිල්පියෙක් ලඟ පාතක උන්නනම් මේ වෙලාවෙ නේත්‍රගෙ දර්ශනේ අනිවාර්‍යෙන්ම කාචෙකට අහු කරගන්න එකේ සැකයක් නොතිබ්බා.

හුලඟට එහෙ මෙහෙ යන ලාවට රැලි කොණ්ඩෙ අතින් හදන ගමන්,එක අතක පත්තර කොලේක එතුව කෑම එකත් තියාගෙන,හරි පිලිවෙලට ගහේ කඳට හේත්තු වීගෙන සුදුබේබිව බලාපොරොත්තුවෙන් හිටි නේත්‍රගෙ මූණෙ තිබ්බ ලස්සන හිනාව එක්ක නේත්‍රව පුදුමාකාර ලස්සනකට පෙනුනා.මාර ගහ එක්කම පිටිපස්සට වෙන්නත් තනිකරම කොළ පාට නිම්නයක් වගේ පෙනෙද්දි ඒ මැද්දෙන් සුදු රෝස පාටට පේන නේත්‍ර එතන අමුතුම චිත්‍රයක් මැව්වා.

ටිකකින් තමන්ගෙ ඉස්සරහ කාරයක් නැවැත්තුවත් නේත්‍ර ඒ දිහා බලන්න මහන්සි උනේ නෑ.නේත්‍ර බලාපොරොත්තුවෙන් උන්නෙ සුදුබේබිව.ඉතින් මෙතනින් වාහන සීයක් ගියත් නේත්‍රට ඒ ගැන ගාණක් තිබුනෙ නෑ.නේත්‍ර බලන් හිටියෙ බස් රථයක් එනකං.

"ආ.....ලස්සන කොල්ලෝ....කවුරු එනකංද ඉන්නෙ?"

"සුදුබේබි!"

නේත්‍ර ඇසුත් ලොකු කරගත්තෙ පහතට උනු ජනේලෙන් පේන සුදුබේබිගෙ මූණ දැක්කම.ඒත් එක්කම වාහනේ දිහා බැලුව නේත්‍ර මුකුත් හොයාගන්න බැරුව ඉද්දි වාහනෙන් බැහැලා යතුරත් අරං ආව ආශව ඒක නේත්‍රගෙ අල්ල උඩින් තිබ්බා.

"අපි දෙන්නගෙ පලවෙනි වාහනේ නේත්‍ර.....අපි දෙන්නා ඒක කොහොමහරි කලා"

නේත්‍රගෙ අතමිට මොලවපු යතුර දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය නේත්‍රගෙ ඇස් වලින් කඳුලු ගලන්න ගත්තෙ සතුටට.

"මගෙ සුදුබේබි දියුණු වෙනවා....මට සන්තෝසයි සුදුබේබි....නේත්‍රට ඇඬෙන්න තරම් සන්තෝසයි...මගෙ සුදුබේබි එන්න එන්නම ලොකු මිනිහෙක් වෙනවා"

"අපි නේත්‍ර .....අපියි දියුණු වෙන්නෙ"

"ඔ....ඔව්....අපි....නේත්‍රයි සුදුබේබියි"

නේත්‍ර තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුළු පිහිදන ගමන් මුමුණද්දි ආශව නේත්‍රගෙ ඔලුව අතගෑවා.මේ එලිමහනෙ නේත්‍රව වැලඳගන්න බැරි නිසා තමන්වම පාලනේ කරගත්තු ආශව නේත්‍රගෙන් ඈත් වෙලා ගිහින් මගී ආසනේ පැත්තෙ දොර ඇරියා.

"එන්න....."

"සුදුබේබි?"

"මේ සීට් එක මුලින්ම වෙන්න ඕනි ඔයාගෙ....ඒ වගේම හැමදාටම මේකෙ මූලිකත්වෙ තියෙන්නෙ ඔයාට"

ආශව කියද්දි ඔලුව වැනුව නේත්‍ර දොර ලඟට ගියා.ආශවගෙ පපුව හෝස් ගාලා ගියේ ඊලඟට නේත්‍ර කල දේ නිසා.පස්ස විතරක් ආසනෙන් තියාගත්තු නේත්‍ර ඔක්කොටම කලින් කකුල් දෙක එලියට දාගෙන තමන් දාන් උන්නු සෙරෙප්පු දෙක එලියෙන්ම ගලවලා වැලි ගසලා වාහනේ ඇතුලෙන් තියාගත්තා.ආසනේ පොඩි වෙයි වගේ බයෙන් බයෙන් ඉදන් උන්නු නේත්‍රගෙ ඇස් ආසාවෙන් වාහනේ පුරා දුවනවා දැක්ක ආශව හිනා වෙවී ගිහින් රියදුරු අසුනෙන් ඉදගත්තා.

"යං අපි"

"වාහනේ හරවන්නෙ ඇයි සුදුබේබි?"

"මාලිගාවට ගිහින් එමු....නේත්‍රගෙ බාරෙ ඔප්පු කරන්න"

"ස්....සුදුබේබිට මතකයි"

"ඔයා ගැන හැමදේම මතකයි....දවසක මගෙ මතකෙම අමතක වෙලා ගියත් ඔයාව විතරක් හරි මට මතක තියෙයි"

නේත්‍රගෙ පිටිඅල්ලෙන් තමන්ගෙ තොල් තද කල ආශව වාහනේ ඉස්සරහට පදවගෙන යද්දි ටිකකින් නේත්‍ර ආශව දිහා හොරෙන් හොරෙන් බලන්න ගත්තා.

"සුදුබේබි....."

"ම්ම්ම්"

"මේ ඇඳුම....මාලිගාවට....."

"පිටිපස්සෙ තියෙන බෑග් එකේ ඇඳුමක් තියෙනවා ඔයාට.....මම පිංලිඳ හරියෙන් නවත්තන්නම් වාහනේ....ඔයා ඇඳුම මාරු කරගන්න"

"............."

"මම ඇස් වහන් ඉන්නම්.....ම්ම්ම්ම්"

"හා සුදුබේබි"

වාහනේ පිටිපස්සෙ ආසනේට වෙලා ආශව ගෙනත් තිබ්බ අලුත්ම සුදු ඇඳුමට මාරු උනු නේත්‍ර ආයෙමත් ඉස්සරහ ආසනෙන් ඉදගෙන හරි සන්තෝසෙන් වටපිට බල බල යන්න ගත්තා.

"මේ ජාතිය මොකද්ද සුදුබේබි....හරිම ලස්සනයි කාර් එක"

"Honda Civic....නේත්‍රට ලස්සනයිනම් එච්චරයි"

"සුදු පාට ගත්තෙ? හුඟක් පිරිමි ලමයි කලුනෙ ගන්නෙ සුදුබේබි"

"ඔයා ආසම සුදුපාටටනෙ....මම ආසා ජාතියෙන් වාහනේ ගත්තා....නේත්‍ර ආසා පාටින් ගත්තා...."

"නේත්‍රත් වාහනයක් ගන්නවා සුදුබේබි ලොකු වෙලා"

"ඔව් ගන්නම ඕනි...හැබැයි අපි දෙන්නා එකම වාහනෙන් යන තැන් වල යමු....වෙන් වෙලා යන්න බෑ හොදද?"

"හා සුදුබේබි"

"ඔයාගෙ වාහනේත් යමු දෙන්නම....මගෙ වාහනේත් යමු දෙන්නම....ම්ම්ම්"

"ඔව්.....සුදුබේබි නැතුව බෑ මටත්"

ආදරණීය කතාබහක නිරත වෙන ගමන් මාලිගාවට යන්න තියෙන පාරට වාහනේ හරවපු ආශව අහේතුකවම කොළඹ පාරට වාහනේ හරවගත්තෙ දවසක් තෙවින් කිව්ව මල් කඩයක් ගැන මතක් උනු නිසා.

"මෙහෙ කොහෙද සුදුබේබි?"

"එදා අර කොටාව ශේප් කරගන්න තෙවින් ලස්සන බොකේ එකක් අරං ඇවිත් තිබ්බා...මේ හරියෙ කඩයක් කිව්වා....මටත් එතනින් මල් ගන්න හිතුනා නේත්‍ර ඒකයි"

"අර කඩේ වෙන්න ඇති සුදුබේබි....."

"ඔව් නේහ්....ඔයා වාහනේම ඉන්න...මම ගිහින් මල් අරං එන්නම්"

ඉර යාන්තමට බටහිර පැත්තට වෙලා තිබ්බත් තවම නුවර පොලව ගිනියම් වෙලා තිබුණා.වාහනෙන් බිමට බැස්ස ආශව හරිම ලස්සනට හදල තිබ්බ පුංචි මල් කඩේ ලඟට ගිහින් බැලුවෙ කඩේ ඉන්නෙ කවුද කියලා.

"කවුරුත් නැද්......"

"මහත්තයට මොන......"

රෝද පුටුවක් කරකවන ගමන් එලියට ආව අවිහිංසක පාට තරුණයෙක් ආශවව දැකලා එක තැන ගල් උනත් ටිකක් විමසිල්ලෙන් ආශව දිහා බැලුව ඒ තරුණයා ආශව එක්ක හිනා උනා.

"මහත්තයට මොනවද ඕනි?"

"නෙළුම් මල්....."

"ඉන්න මහත්තයා....කීයක්ද මහත්තයා?"

"දහයක්"

රෝද පුටුව කරකව කරකව නෙළුම් මල් තියෙන තැනට ආව තරුණයා නෙළුම් මල් දහයක් අතට අරගෙන මලින් මල පූදවලා එව්වගෙ නටු කඩලා කාඩ්බෝඩ් වට්ටියක් උඩින් ඒ ටික පිලිවෙලකට ඇසිරෙව්වා.

"අපේ මල්ලි නෑ මහත්තයා....නැත්තං වාහනේ ලඟටම ගිහින් දෙන්න තිබ්බා මල්.....මට මෙහෙම එන්න ටිකක් අමාරුයි"

"ඒකට කමක් නෑ....මල්ලි කෙනෙකුත් ඉන්නවද?"

"ඔව් මහත්තයා.....එයා අද ගෙදර....අසනීප වෙලා....අසනීප පිටම එන්න හැදුවට මම තරවටු කරලා ගෙදර නවත්තලා ආවෙ"

"ඕහ්.....මේ ටිකට ගාන කීයද?"

"මල් පහක් දෙසිය තිහයි මහත්තයා....අපි දහයම දෙන්නෙ හාරසිය පනහට...."

"ආ මෙන්න"

"ඉන්න මහත්තයා ඉතුරු සල්...."

"එපා....ඕක තියාගන්න...."

"එපා මහත්තයා එහෙම.....ඉන්න ටිකක්"

"නෑ නෑ....මම ඕක හිතේ සතුටින් දුන්නු දෙයක්.අද මමයි මම ආදරේ කරන කෙනයි කාලයක් බලාපොරොත්තුවෙන් හිටිය හීනයක් හැබෑ කරගත්තා....ඉතින් ඕක තියාගන්න"

"හොඳයි මහත්තයා....මහත්තේලට දවසින් දවස හරියන්න ඕනි....දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි"

"මම යනවා....ස්තූතියි"

හිතේ තිබ්බ සතුටටද කොහෙද ආශව අද ටිකක් දොඩමලු වෙලා තිබ්බා.අනික මෙතන හිටිය පිරිමි ලමයාගෙන් ආශව දැක්කෙ පුදුමාකාර අහිංසක කමක්.රෝද පුටුවකට වැටිලත් හිතේ හයියට සල්ලි හම්බකරන ඒ කොල්ලව දැක්ක ආශවට ඕනි උනේ පුංචි හරි හයියක් වෙන්න.ඉතින් නේත්‍ර විසින් ඔප දාලා තිබ්බ ආශවගෙ හොද පැත්ත අද ඒක කලා.වාහනේට ගොඩ වෙලා නේත්‍රගෙ අත් දෙකට මල් වට්ටි දෙක දුන්නු ආශව නේත්‍ර එක්ක හිනා වුණා.

"යමු"

වාහනේ ගාල් කෙරුව ආශව මුඛ ආවරණයක් නේත්‍රටත් දීලා තමනුත් එකක් දාගත්තා.දෙන්නටම කරන්න දෙයක් තිබ්බෙ නෑ.නිදහසේ හැසිරෙන්නනම් තව ටික කාලයක් දෙන්නටම ඉවසන්න වෙන වග දෙන්නම තේරුම් අරං හිටියා.දලදා මාලිගා භූමියට පය ගැහුව ආශවගෙ අත නිරායාසයෙන්ම නේත්‍රගෙ පුංචි අතක් එක්ක බැඳෙද්දි දෙන්නම එකට බැඳිලා මාලිගාවට ඇතුල් උනා.

ටිකක් මද්දහන නිසා සෙනඟත් යම් ප්‍රමාණෙක අඩුවීමක් තිබිච්ච එක දෙන්නගෙම හිත් වලට සැනසීමක් ගෙනෙද්දි නෙළුම් මල් වට්ටි දෙකත් අරං දෙන්නම ආශවයි නේත්‍රයි දලදා වහන්සේට වන්දනාමාන කරන්න පඩිපෙල් නැගගෙම උඩහට ගියා.දලදා වහන්සේ වැඩ සිටින කුටිය ඇතුලට ආව ආශවයි නේත්‍රයි නෙළුම් මල් ටික මල් ආසනේ උඩින් තියලා වැඳගනිද්දි නේත්‍ර ඇස් වල කදුළු පුරවං දලදා හාමුදුරුවො වැඩ ඉන්න කුටිය දිහා බැලුවා.

"මගෙ සුදුබේබිට තව තවත් දියුනු වෙන්න ආශිර්වාද කරන්න දලදා හාමුදුරුවනේ.....මගෙ සුදුබේබි හැමදාම පරිස්සම් වෙන්න ඕනි"

ඇස් දෙකත් පියාගෙනම එතනින් ඉදගත්තු නේත්‍ර ටික වෙලාවක් වන්දනාවෙ යෙදිලා නැගිටිද්දි ආශවත් නේත්‍ර එක්කම නැගිට්ටා.හෙමින් සැරේ පහලට බැස්ස දෙන්නා මාලිගා භූමියෙ කොණක තිබ්බ පොඩි පඩිපෙලකින් ඉදගනිද්දි ආශව නේත්‍ර දිහා බැලුවා.

"නිවී සැනසිල්ලෙ වෙලාවක එමු....අද හදිස්සියේනෙ ආවෙ"

"සුදුබේබි ඒ හදිසියෙම ආවෙ මගෙ ආසාවක් ඉෂ්ට කරන්නනේ"

"ඔව්....නේත්‍රට මුලින්ම යන්න ඕනි කිව්ව මාලිගාවටනෙ....ඒකයි මම කොහෙවත් නොගිහින් වාහනේ අතට ගත්තු ගමන් නේත්‍රවත් දාගෙන මාලිගාවටම ආවෙ"

"මට හරිම සතුටුයි සුදුබේබි.....සුදුබේබිගෙ හීන....."

"අපේ හීන...."

"ඔව්....අපේ හීන එකින් එක ඉෂ්ට වෙද්දි"

"හැමදේම හොඳින් වෙයි නේත්‍ර....මට විශ්වාසයි"

"මටත් සුදුබේබි.....මේ පටන් ගත්තු ගමන සතුටින්ම අපිට ගෙවන්න පුලුවන් වෙයි"

නේත්‍ර කියද්දි හිනා වුනු ආශව නේත්‍රවත් එක්කගෙනම පිටත් වුණේ හෙට අනිවාර්‍යෙන්ම කොලඹ ඉන්න ඕනි නිසා.ආශවයි නේත්‍රයි දෙන්නම හැමදේම හොඳින් වෙයි කියලා හිතුවත්,ඇත්තටම එහෙම වේවිද? හැමදේම හොඳින්? හොඳින් විතරක්?

.

.

.

.

.

"අඩෝ සුපිරි වන්ඩියක්නෙ ආසව බස්සලා තියෙන්නෙ"

"ම්ම්ම්ම්ම්"

"කිරි ටොයියා කෑල්ල....එකපාරම සල්ලි දීලා ගත්තද?"

"ඔව්....ලීසින් දාන එක අපරාදයක්"

"ඔව් ඒක තමා.....අඩෝ කුපිරියක් ඈ....මේක අම්මෝහ්...."

ආශවයි නේත්‍රයි එන ගමන්ම දිවාෂලාගෙ ගෙදරට ආවෙ දිවාෂ පොඩි වැඩකට නේත්‍රට එන්න කියලා පණිවිඩයක් දුන්නු නිසා.හැබැයි ආවට පස්සෙ වැඩේ අමතක උනු දිවාෂ වාහනේ වටේ කැරකෙද්දි තෙවිනුයි ආශවයි ඉස්තෝප්පුවට වෙලා දිවාෂ දිහා බලන් හිටියා.

"ඈ තෙවින්"

"ඕහ්"

"උඹ මෙහෙ බින්න බැහැලද ඉන්නෙ?"

"ඇ....ඇයි?"

"ඇයි අහන්නෙ....බැලුවොත් උඹ මුන්ගෙ ගෙදරනෙ"

"නෑ මේ අද ආවෙ...පාලුයි බං....අයියත් නෑ...උබත් නෑ....දෙනෙතුත් නෑ....ඉතින් මූයි නේත්‍ර මල්ලියි විතරනෙ ඉන්නෙ....නේත්‍ර මල්ලිත් මෙහෙ ඉන්න්වා හුඟක් වෙලාවට.මාත් පොඩි ජෝඩුව එක්ක ගැන්සි ගැහෙනවා"

ආශවගෙයි තෙවින්ගෙයි කතාබහ නැවතුනේ එතනට ආව නේත්‍ර නිසා.එමින් ගමන් ආශව අරගත්තු කේකයෙන් කෑලි හතර නේත්‍ර කපන් ඇවිත් තිබ්බා.කේක් වල සුවඳ එක්ක ඔක්කොම අමතක කරපු දිවාෂ වාහනෙත් දාලා ඇතුලට දුවන් ඇවිත් කේක් කෑල්ලක් කන්න ගත්තා.

"ඒ ආසාවෙ බෑ ආසව....ඒක හෙන ගති නේහ්....පිස්සු වගේ ඕයි"

ආශව බැලුවෙ නේත්‍ර දිහා.වාහන පදින්න නොදන්න නිසා නේත්‍ර අද හිතේ තිබ්බ ආසාවක් හිර කරං ආව හැටි ආශවට මතක් උනා.ඒ නිසාම ගමේ ගුරුපාරට කාරය හැරෙව්ව ආශව නේත්‍රව තමන්ගෙ උකුලට අරං සුක්කානම අල්ලගන්න කියලා තමන් විසින් වාහනය පැදෙව්වා.ඒත් ආශවට පස්සෙ සුක්කානම අයිති උනු මනුස්සයා නේත්‍ර බවට පත් කරවන්න ආශවට ඒකෙන් පුලුවන්කම ලැබුණා.ඒත් එක්කම දිවාෂගෙ කතාව ඇහුනු ආශව දිවාෂ දිහා බලලා හිනා වෙලා යතුර අරගෙන දිවාෂගෙ පැත්තට විසික් කලා.

"රවුමක් දාලා එනවා ගිහින්"

"ඒ...ඒ....ඒම ඕන්නෑ ආසව අයියෙ....මම සිරාවටම ආසා හිතුනු හින්දා කිවේ....මෙහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි"

"එහෙම මගුලක් නෑ දිවාස....තමුසෙ ගිහින් වටයක් දාලා එනවකො ආසාවටත් එක්ක"

"තනියෙන් යන්න බයයි....අලුත් වාහනයක්නෙ"

"තෙවිනා..."

"මම එන්නම් යුගාන් යං"

දිවාෂ උඩ පැන පැන එලියට යන දිහා නේත්‍රත් බලන් හිටියෙ හරිම සන්තෝසෙන්.වෙලාවක් කලාවක් නැතුව වාහනේ ඉල්ලුවත්,වාහනේ එක්කෙගෙන යන්න කිව්වත් කවදාවත් බෑ නොකිව්ව දිවාෂට ආශ්ව කලගුණ සැලකුවෙ ඒ විදියට.හවස අඳුර වැටෙනකංම දිවාෂලාගෙ ගෙදර හිටිය ආශව වලව්වට යන්න පිටත් වෙද්දි වලව්වට එපිට තියෙන අතුරු පාර ලඟින් ආශව වාහනේ නැවැත්තුවා.

"මම යන්නම් සුදුබේබි......රෑට හෙමීට එන්නම් මම නිදාගන්න"

"එනවා නේද?"

"එනවා සුදුබේබි එනවා....නේත්‍ර එනවා"

"බුදු සරණයි මැණිකෙ....මම බලන් ඉන්නවා"

"බුදු සරණයි මගෙ සුදුබේබි..මම ඉක්මනට එන්නම්"

වටේටම වාහනේ තිබ්බ වීදුරු කලු කරල තිබ්බ නිසා කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.ආශවගෙ නලලින් හාද්දක් තිබ්බ නේත්‍ර අතුරු පාර දිගේ දුවගෙන යන හැටි බලන් උන්නු ආශව හිනා වෙවීම වලව්වට වාහනේ ඇතුල් කලා.වලව්වත්තට හරි ආඩම්බරෙන් වාහනේ දැම්ම ආශව දැක්කෙ ඉස්තෝප්පුවෙ උන්නු තමන්ගෙ අප්පච්චියි පුංචි අම්මවයි.

"සුදුපුතා....."

"වාහනයක් ගත්තා....මගෙම සල්ලි වලින්!"

ආශව හිනා වෙලා කියද්දි ලොකු මැණිකෙ හිනාවක් පුරෝගෙන හරි ආසාවෙන් වාහනේ අතගගා වාහනේ වටේටම ගියත් මහ මුදියන්සෙනම් වෙනසක් නැතුව ආශව දිහා බලන් හිටියා.ටිකක් වෙලා බලන් හිටිය මහ්ස් මුදියන්සෙ සමච්චල් හිනාවකුත් එක්ක ආසනෙන් නැගිටලා වලව්ව ඇතුලට යන්න ගිහින් ආපහු හැරිල බැලුවා.

"වාහනයක් ගත්ත පලියට මහ මිනිහෙක් කියල මාන්නෙ පුරෝගන්න එපා සුදුපුතා....ඔව්වා අපිට දූවිලි වගේ"

මහ මුදියන්සෙගෙ වචන එක්ක ආශවගෙ අතමිට මෙලවුණත් ආශව ඉවසුවා.වාහනේ ගැන වර්ණනා කරන ලොකු මැණිකෙට ඇහුම්කන් දෙන්නවත් ආශවට පුලුවන්කමක් තිබ්බෙ නෑ.බර උනු හිතකින් කාමරේට ගිය ආශව කේන්තිය පිට කරගන්නත් එක්ක ඔක්කොම බඩු මුට්ටු පෙරලලා කෑ ගහන්න ගත්තා.ආශවගෙ හිතේ තියෙන හයිය දූවිල්ලක් ගාණකටවත් ගණන් නොගෙන පාච්චල් කරන තමන්ගෙම අප්පච්චිට ආශව වෛර කරන්න පටන් අරං තිබ්බා.දවල් ඉදන් තිබ්බ සතුට නැති වීගෙන යනවා දැනෙද්දි ඔලුව බදාගෙන බිම ඉදගත්තු ආශව දොරේ අගුල විවර කලේ ඒ තට්ටු කිරිල්ලි රටාව අඳුනගත්තු නිසා.

"ස්....සුදුබේබි....."

"නේත්‍ර....ම්...මං...."

"මම ඉන්නවා මගෙ සුදුබේබි.....සන්සුන් වෙන්න...ම්ම්"

නේත්‍රගෙ ආදරබර වදන් එක්ක,නේත්‍ර ලඟින් හමන ගැටපිච්ච සුවඳ එක්ක ආශව තමන්ගෙ ඇස් පියාගත්තා.ආශවව වාරු කරගෙනම බිම තියෙන බඩු මුට්ටු වලින් බේරිලා ඇඳ ලඟට ගිය නේත්‍ර ආශවව තුරුල් කරගෙනම ඇඳෙන් ඇල වෙද්දි තමන්ගෙ අතමිට මෙච්චර වෙලා රැදිලා තිබ්බ ගැටපිච්ච මල් තුන හතර නේත්‍ර අඬ අඳුරෙම අතපත ගාලා ආශවගෙ ඇඳ ලඟ තියෙන ස්ටූලයෙන් තැන්පත් කලා.

නේත්‍ර ගැනම ලියවෙන නිසදැස් වලින් පිරුණු ආශවගෙ දින පොත උඩින් රැදිලා තිබ්බ ගැටපිච්ච මල් මතට නුවර ආකාහෙ පායලා තිබ්බ හඳේ කහ පාට ආලෝකය පතිත වෙලා තිබ්බ වග තමන්ගෙ හද අස්සෙ හැංගිලා උන්නු ආශවට මගෑරිලා තිබ්බා.

...................................................................................................

වචන 5900+❤️

පොඩි චැපක්....මීට වඩා ලියන්න ඕනි උනාට මට නිදිමතයි.

අද එඩිට් කලෙට් නෑමේක....කොරි ඒකට.

වැලන්ටයින් දවසෙම එන්න උන්නට ලියාගන්න බැරි උන් එකටත් කොරි

ඉස්සරහට එන්න තියෙන චැපි ටිකක් විතර ස්ට්‍රෙස් වෙයි❤️

ඒනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter